Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අර්බුද මැදින් යුරෝපීය වෙළඳ පොළවල් නැගිටියි

    යුරෝපයේ අර්බුදයට පත්ව ඇති රටවල් ගොඩගැනීමට යූරෝ කළාපයේ නායකයින් එක්වනු ඇතැයි ඇතිවී තිබෙන නව බලාපොරොත්තු හමුවේ ඇමරිකාවේ හා යුරෝපයේ කොටස් වෙළඳ පොළවල් ඉහළ නැග තිබේ.

    මේ බව බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන අතර මෙවැනි තත්ත්වයක් තුළ යුරෝපීය මහ බැංකුවට ඉතාලිය හා ස්පාඤ්ඥය ගොඩගැනීම සඳහා කටයුතු කිරීමට හැකිවනු ඇතැයි කොටස් වෙළඳ පොළ ආයෝජකයින් විශ්වාසය පළකර ඇත.

    මේ අනුව, Dow Jones දර්ශකය සියයට 2.6 කින් ඉහළ ගොස් ඒකක 11,523.01 ක්වී තිබෙන අතර S&P 500 දර්ශකය සියයට 2.9 කින් ඉහළ ගොස් ඒකක 1,192.57 ක්වී තිබේ.

    මේ අතර, යුරෝපයේ FTSE සියයට 2.8 කින්ද, ජර්මනියේ Dax සියයට 4.6 කින්ද, ප්‍රංශයේ Cac සියයට 5.4 කින්ද ඉහළ ගොස් තිබෙන අතර මෙම කොටස් දර්ශකයන් ඉහළ යාමට ප්‍රධාන ලෙසම බැංකු හා මූල්‍ය ආයතනවල කොටස් මිල ගණන් විශාල ලෙස ඉහළ නැගීම බලපා ඇත.

    මේ අතර, ආසියානු කොටස් වෙළඳ පොළවල්ද ඉහළ නැග ඇත.

    යූරෝ කළාපයේ සියළු රටවල ණය වර්ගීකරණය පහළ දැමීමට හේතුවනු ඇතැයි මූඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය විසින් අනතුරු හැඟවීමෙන් පසුවද කොටස් වෙළඳ පොළවල මෙම ඉහළ නැගීම කැපී පෙනේ.


    http://vimasuma.com/index.php?optio...icle&id=3613&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    පුවර්ස් RAM Holdings කොටසක් ගනී

    ජාත්‍යන්තර ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ණය වර්ගීකරණ ආයතනය විසින් RAM Holdings Berhad සමාගමේ කොටසක් මිලදී ගැනීමෙන් පසුව RAM Rating (Lanka) සමාගම නව ප්‍රාග්ධන වෙළඳ පොළ උපකරණ හඳුන්වා දීමට සූදානම් වේ.

    RAM Holdings Berhad (RAM) සමාගමේ සියයට 4.9 ක් වන කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය කටයුතු කර තිබේ.

    2005 වසරේ සිට මෙරට ක්‍රියාත්මක වීම ඇරඹුණු RAM Rating (Lanka) සමාගම RAM Holdings Berhad සමාගමට පූර්ණ අනුබද්ධ සමාගමකි.

    2004 වසරේ සිටම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය හා RAM එක්ව වැඩ කටයුතු කර තිබෙන බව සඳහන්ය.


    http://vimasuma.com/index.php?optio...icle&id=3612&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අද CT DFN වුනත් හරියට වැඩ කලේ නෑ, මගෙ සෙලින් ඕඩර් එකක් දාන දාන පාර රිජෙක්ට් වුනා, වෙලාවට ඕඩර් එක ප්‍රොසෙස් වෙලා :love:

    සමහර වෙලාවට 40ට ගන්න හිතන එක ගන්න වෙන්නේ 45ට.45ට ගත්තට පස්සේ ඔන්න ආපහු බහිනවා
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    සමහර වෙලාවට 40ට ගන්න හිතන එක ගන්න වෙන්නේ 45ට.45ට ගත්තට පස්සේ ඔන්න ආපහු බහිනවා
    මගෙ නම් වෙලාවට ඕඩර් එක ප්‍රොසෙස් වෙලා, නැත්නං ලිද පමනයි :lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අද දින කොටස් කීපයක් පිලිබද විස්තර

    Untitled-7.jpg

    Bro... me SOFTWERE eka kohomada hoya ganne??:(? thiyenavanam link eka diyankooo...
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    අම්මෝ මචන් අනිත් අයට shares ගන්න හරි විකුනන්න හරි recommend කරන එක හොඳ වැඩක් නෙවෙයි ... මට මේ ඊයේ පෙරෙදත් නරක නාමයක් ගන්න උනා යාලුවෙක්ට shares recommend කරලා .....:no:.:(..
    mathakaine man CTBL gena kiyala una wede:angry:
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    today

    Top Gainers

    GREG.W0002`N 26.60
    ar_up_w.gif
    24.40 GREG.W0003`N 24.74
    ar_up_w.gif
    24.50 GREG.W0006`N 24.21
    ar_up_w.gif
    23.10 CLPL.W0013`N 24.17
    ar_up_w.gif
    15.50 TANG.N0000`N 23.31
    ar_up_w.gif
    90.00 CLPL.W0014`N 22.50
    ar_up_w.gif
    15.50 GREG.N0000`N 21.02
    ar_up_w.gif
    55.50
    Top Losers

    TSML.N0000`N -15.54
    ar_down_w.gif
    54.90 NAMU.N0000`N -5.48
    ar_down_w.gif
    70.00 ARPI.N0000`N -4.17
    ar_down_w.gif
    115.00 CABO.N0000`N -4.16
    ar_down_w.gif
    107.00 NDB.N0000`N -4.00
    ar_down_w.gif
    120.00 SMLL.W0020`N -3.97
    ar_down_w.gif
    14.50 HAYL.N0000`N -3.87
    ar_down_w.gif
    365.00
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ණය සීමා ලිහන බලාපොරොත්තු මැද කොටස් පොළ ඉහළට

    කොටස් තැරැව්කාර සංගමයේ නියෝජිතයින් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පසුගියදා පැවති සාකච්ඡා වලින් පසුව නියාමකයා විසින් ණය සීමා පිළිබඳ නීති ලිහිල් කරනු ඇතැයි ඇතිවූ සැකය හමුවේ කොළඹ කොටස් වෙළඳ පොළ ඉහළ නගී.

    මේ අනුව, අද සමස්ත මිල දර්ශකය ඒකක 67 කින් ඉහළ ගොස් ඒකක 6,087.40 ක්වූ අතර මිලංක මිල දර්ශකය ඒකක 26 කින් ඉහළ ගොස් ඒකක 5,273 ක් විය.

    මීට පෙර අඩු මට්ටමක පැවති වෙළඳ පොළ පිරිවැටුම අද රුපියල් බිලියන 2.0 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    අද දිනයේ පිරිවැටුම සඳහා ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 481 කින් දායකවී තිබෙන අතර කොටසක් රුපියල් 4.30 කින් අඩුවී රුපියල් 170 ක්වී තිබේ.

    මේ අතර, HVA Foods සමාගමේ පිරිවැටුම රුපියල් මිලියන 153 ක් වෙද්දී කොටසක් රුපියල් 2.40 කින් ඉහළ ගොස් රුපියල් 41.60 ක්ද Environmental Resources කොටසක් රුපියල් 2.60 කින් ඉහළ ගොස් රුපියල් 42.60 ක්ද වී ඇත.

    Colombo Land සමාගම රුපියල් මිලියන 88.9 ක පිරිවැටුමක් ජනිත කරද්දී කොටසක් රුපියල් 3.20 කින් ඉහළ ගොස් රුපියල් 54.80 ක්වී තිබේ.

    පසුගියදා ජනාධිපතිවරයා මුණ ගැසුණු කොළඹ කොටස් තැරැව්කරුවන් ඉල්ලා තිබෙන්නේ මහ බැංකුව හා සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් පනවා තිබෙන ණය සීමා පිළිබඳ නීති ලිහිල් කරන ලෙසයි.


    http://vimasuma.com/index.php?optio...icle&id=3622&catid=50:puwatharthika&Itemid=56