අපේ කාලයේ ජාතියේ වීරයා කවුද

අපේ කාලයේ ජාතියේ


  • Total voters
    37
  • Poll closed .

siripala

Member
Oct 10, 2006
2,869
442
0
අපේ කාලයේ ජාතියේ වීරයා කවුද

අපේ කාලයේ ජාතියේ වීරයා කවුද ?
 

siripala

Member
Oct 10, 2006
2,869
442
0
අදහස් ප්‍රකාශ කරන්න සිල්යාලු දෙනාටම අය්තියක්‌ තියනවා. හබි කාටවත් බැන වදින්න එපා කුණුහරුප පාවිච්චි කරලා.
 

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඔව මචන් දැන් වීරයෝ වෙලා ඉන්න අරන්තල්වේ ගාතකයෝ.



QUOTE=ගල්පාත මහත්තයා;11503840]මහින්ද රාජපක්ෂ, කේ.පි, කරුණා වැනි අය තමා විරයෝ...
ඕන්න මමත් දැන් දේශප‍්‍රේමින්
:lol::lol::lol::lol::lol:[/QUOTE]
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රබාකරන් මැරුනේ නැත්නම් කරුන වගේ ඌටත් මන්ත්‍රී පට්ටමක් දීල වරදට සමාව දෙයි..:rolleyes::rolleyes:

    ඇයි ඒක බෙල්ලෙ වැල දාගෙනද මැරැනේ :lol::lol::lol: මුන් මාර කතා කියන්නෙ :lol::lol::lol:
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    ගල්පාත මහත්තයා;11503840 said:
    මහින්ද රාජපක්ෂ, කේ.පි, කරුණා වැනි අය තමා විරයෝ...
    ඕන්න මමත් දැන් දේශප‍්‍රේමින්
    :lol::lol::lol::lol::lol:


    ;);) දේශප්‍රේමී ජනතාවනි අපි...මට නම් නිකම් පිස්සු වගේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතික විරය කවුද කියල අන්න අරහේ ඇමරිකාවේ,බිතාණ්‍යයයේ, කැනඩාවේ,ස්විඩනෙයේ දෙමල කොටිටික තෝරනව තරගෙට සුද්දගෙ පෙත්සමට අත්සන් කරකර :lol::lol::lol:
    දෙමල කොටින්ගෙ ජාතික වීරය ෆොන්සේකලු :lol::lol::lol: මම නමි ඔව දන්නෙ නැ,කොටින්ගෙ ජාතික වීරය,අපෙත් වීරය උනොත් හරි නැ නේද?:rolleyes::P:P:lol:
     
    Last edited:

    rarara

    Banned
    Oct 20, 2011
    892
    73
    0
    ගරු කියන එක දෙන්න ඕන සරත් ෆොන්සේකා වගේ උතුම් අයට...අපේ අවාසනාවට ප්‍රබාකරන් මැරුවේ...ප්‍රබාකරන් මැරුවේ නැත්තම් ==

    #) ජෙනරාල් තුමා හිරේ යන්නේ නෑ.
    #) මේ සිද්ද වෙන දැවැන්ත සංවර්ධනයට ප්‍රබාකරන්වත් පාර්ලිමේන්තුවට අරන් රට දියුණු කරන්න තිබ්බා....(කරුණාගේ පස්ස ඉබින මුන්ට , ප්‍රබාගේ පස්ස කජ්ජක්ද ))

    මේ ඉන්නේ ඉබ ඉබ ...


    IMG_7519-in3-600-3.jpg
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    සියයට 40කට වැඩි ජන්ද ප්‍රමාණයක් ලබාගත් විපාක්ෂික ජනාධිපති අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව දේශපාලන පළිගැනීමක් වශයෙන් සිරගත කරනු ලැබ ඇති රටවල් කීයක් ලෝකයේ තිබේ ද? එකම එකකි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ශ්‍රී ලංකාව ය.

    රාජපක්ෂ පාලනයේ ආදර්ශයක් වන මියන්මාරය නොහොත් බුරුමය එවැනි එක් රටක් ලෙස පැවැතුණි. එසේ නමුත් අන්තර් ජාතික බලපෑම් හමූයේ විපක්ෂ නායිකා අවුන් සාං සුකීට නිදහස දීමට හමුදා පුන්ටාවට දැන් සිදු වී තිබේ. තවත් එවැනි රටක් නම් අර්ධ අඥාදායකත්වයක් පවත්නා බෙලරුසියාවය. එහි ප්‍රධාන විපක්ෂ නායකයා ජීවිතාරක්ෂාව පිණිස රට හැර ගොස් තිබේ. පුටින්ගේ රුසියාවද ජනාධිපතිවරණ අපේෂකයින් බොරු චෝදනා මත සිරගත කිරීම කලාවක් ලෙස වර්ධනය කර ඇති රටකි. පාකිස්තානයේ හිටපු අගමැති සුල්පිකාර් අලි බූතෝ එරට හමුදා පාලකයින් විසින් සිරගත කරනු ලදුව එල්ලා මරා දමන ලද්දේ ද දේශපාලන හේතූන් මත ය. එසේ නමුත් ජනාධිපතිවරණයෙහි සිය ප්‍රධාන ප්‍රතිවාදියා දේශපාලන හේතූන් මත සිරගත කරනු ලැබ ඇති ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියා ගන්නා කිසිදු රටක් අද ලෝකයේ නැත.
    එවකට පාලක රාජපක්ෂවරුන් විසින් ලෝකයේ දක්ෂතම හමුදාපතිවරයා වශයෙන් හඳුන්වන ලද්දාවූ සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූයේ නම් මෙලෙස සිරගත නොවනු ඇති බව සිය හෘද සාක්ෂිය හමූයේ නොපිළිගන්නා කෙනෙක් ශ්‍රී ලංකාවේ සිටිය නොහැකි ය.
    සරත් ෆොන්සේකාට එරෙහිව නගන ලද චෝදනාවන්හි සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් එම චෝදනා ඉදිරිපත් කරන ලද්දේත් දඩුවම් කරන ලද්දේත් දේශපාලන පළිගැනීමක් වශයෙන් බව අවිවාදිත ය. එවැනි දේශපාලන පළි ගැනීමක් හුදු පුද්ගලයකු පිළිබඳ ප්‍රශ්ණයක් නොව රටක දේශපාලන ක්‍රියාවළිය පිලිබඳ ප්‍රශ්ණයක් බවට පත් වෙයි. කෙටියෙන් එවැනි ක්‍රියා මාර්ගයක් මගින් පෙන්නුම් කැරෙන්නේ නීතියේ පාලනය වෙනුවට දේශපාලනඥයින්ගේ හිතුවක්කාර පාලනය ආදේශ වීමය.
    සරත් ෆොන්සේකා සිරගත කරනු පිණිස අධිකරණ ක්‍රියාවළිය හැසිරවූ අන්දම ද විශ්වසනීයත්වයෙන් තොර ය. ඔහු පිළිබද යුද්ධාධිකරණ නඩු විභාග කරන ලද්දේ ඔහු විසින්ම දඩුවම් කරන ලද යුද නිලධාරීන් විසිනි. කුප්‍රසිද්ධ සුද කොඩි ඝාතනය පිළිබඳ නඩුව විභාග කරන ලද ප්‍රධාන විනිසුරුවරියගේ දියණියගේ විවාහ මංගල්‍යයේ එක් සාක්ෂිකරුවකුවූයේ ජනාධිපතිවරයායැයි කියනු ලැබේ. එම විවාහ මංගල්‍ය පැවැතියේ එම නඩුව විභාග කැරෙන අතරතුර ය. දැන් එම ජායාරූප පවා ප්‍රසිද්ධ වී තිබේ. විපක්ෂනායකවරයා විසින් පවසා ඇති පරිදි සරත් ෆොන්සේකා නිවැරදිකරු කරමින් වරාවැව විනිසුරුවරයා සිය කාර්යාලීය පරිඝනකයේ ලියන ලද නඩු තීන්දුව පෙරදින රාත්‍රියේ දී මකා දමා තිබුණි. සාමාන්‍යයෙන් බහුතර තීන්දුවට විරුද්ධ තීන්දුවක් ඇති විට එය අධිකරණයේ ප්‍රකාශ කිරීම සිරිත වන නමුත් වරාවැව විනිසුරුවරයාට එම අවස්ථාව ලැබුනේ ද නැත.
    සරත් ෆොන්සේකා සිරගත කිරීම පිළිබඳ සමස්ත ක්‍රියාවලිය විසින් පෙන්වන්නේ නීතියේ පාලනය වෙනුවට දේශපාලනඥයින්ගේ පාලනය ආදේශ වීමත් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ අවිශ්වසනීයත්වයක් ඇති වීමත් ය.
    මේ වනාහී සරත් ෆොන්සේකාට පමණක් අදේශ වන අවනීතියක් නොවේ. සරත් ෆොන්සේකාට විරුද්ධ රාජපක්ෂ පාලනය විසින් දියත් කර ඇති දේශපාලන පළිගැනීම් වලට සහාය දැක්වූ පිරිස් පවා දැන් එම අවනීතියෙන් පීඩා විදිති. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතකයිනට රාජ්‍ය අනුග්‍රහය ලැබීමත් නිදැල්ලලේ සිටීමට ඉඩ ලැබීමත් නීතියේ පාලනය බිදවැටීමේ එක් විපාකයකි. පා.ම. සුමන්දිරන් විසින් පෙන්වා තිබූ පරිදි පාඩු ලබන ආයතන යැයි රජය කී පමණින්ම එම ආයතන පිළිබඳ නිසි විමසීමක් නොකොට නිශ්චිත ආයතන පවරා ගැනීම සඳහා වූ දේපළ පවරා ගැනීමේ පනත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කිරීම අධිකරණ ක්‍රියාවළිය දේශපාලනීයකරණය වීමේ නිදසුනකි. ඇත්ත වශයෙන්ම නම් මෙම අවනීතික පාලනය ශ්‍රී ලංකාවේ මහා ජනයාට පැහැදිළි කිරීමට ප්‍රබලතම සහ සරළතම උදාහරණය විය හැකිව තිබුණේ ශ්‍රී ලකාවේ නිවෙස් ගත නමක් ඇති ජනාධිපති අපේක්ෂක වූ ෆොන්සේකා ය.
    එවැනි මර්දනයකට මුහුණ දී සිටින සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පමණක් සිදුවන තවත් අපූරු සිදුවීමක් තිබේ. එනම් රාජපක්ෂ පාලනයට එරෙහිව ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකා ඉදිරිපත් කිරීමට මූලිකත්වය ගත් දේශපාලන බලවේග විසින් ඔහු පමණක් නොව මෙම අවනීතික ක්‍රියාදාමයට විරුද්ධ වීමද අතහැර දමා තිබීමය. එවැනි වෙන අන් රටක් ද නැත.
    එජාප නායක රනිල් වික්‍රමසිංහ සුදු කොඩි ඝාතන නඩුව දා සිය මංත්‍රිවරුන්ගේ රුස්වීමක් කැදවා අධිකරණයට නොයෑමට පොටක් පාදා ගත්තේ ය. එනයින් එජාපයේ රනිල්වාදී පිළ රටම බලා සිටි අධිකරණ තීන්දුව ගැන උනන්දුවක් පෙන්වූයේ නැති තරම් ය. 2010 ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා ඉදිරිපත් නොවී රනිල් වික්‍රමසිංහ තරඟ කළේ ඔහු කුජීත වන්නට හොඳටම ඉඩ තිබුණි. රනිල් බේරුනේ ෆොන්සේකා නිසා ය. සරත් ෆෙපාන්සේකාට දෙන ලද දඩුවම විසින් සංකේතවත් වන අවනීතිය රනිල් වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රයට එන්නේ පක්ෂයේ අභ්‍යන්තර අර්බූද උත්සන්න වී සිය නායකත්වයට තර්ජන එල්ල වන විට පමණ ය.
    සරත් ෆොන්සේකා දේශපාලනයට ගෙන ඒමේ ගෞරවය තමන්ට ලියා ගත් ජනතා විමුක්ති පෙරමුණ දැන් ඔහු සහමුලින්ම වාගේ අතහැර දමා තිබේ. සුදුකොඩි ඝාතන නඩුව දා ජවිපෙ, ෆොන්සේකාට සහාය දැක්වීමට අධිකරණයට නොයෑමට තිරණයක් ගත්තේ ඒ අනුව ය. ඒ පංති සහයෝගිතා දේශපාලනයට එරෙහිව ජවිපෙ වාම ප්‍රවණතාවය විසින් දියත් කර ඇති බලපෑමට ප්‍රතිචාරයක් ලෙස ය. 1977 දී සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතීන් අහිමි කිරීමට ජවිපෙ ජේ.ආර්.ජයවර්ධන ආණ්ඩුවට සහය දුන්නේ ය. (ඒ ජේ. ආර්. ජයවර්ධනම අවසානයේ දී ජවිපෙටත් ඒ හැන්දෙන් ම බෙදුවේ ය.) එවැනි ඉතිහාසයක් ඇති ජවිපෙ කෙරෙන් සරත් ෆොන්සේකාට අද සහායක් අපේක්ෂා කළ නොහැකි ය. ඔවුන්ගේ වෙබ් අඩවි නරඹන විට පෙනෙන්නේ ෆොන්සේකා සිදුවීම නිකම්ම සාමාන්‍ය සිදුවීමක් ලෙස ඔවුන් සළකන බවයි.
    අනෙක් අතට රාජ්‍ය නොවන මානව හිමිකම් ආයතන බොහොමයක් දැක්වූයේ ද ඒ හා සමාන ආකල්පයකි. සරත් ෆොන්සේකාගේ මානව හිමිකම් ගැන කතා කිරීමෙන් තමන් කිළිටුවනු ඇතැයි ඔවුන් අතරින් අයෙක් කල්පනා කරන්නට ඇත. මෑත දී පැවැති එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවේ ශ්‍රී ලංකාව පිළිබඳ සැසිවාරයට දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන 12ක් විකල්ප වාර්තා ඉදිරිපත් කල නමුත් ඉන් එකක හෝ සරත් ෆොන්සේකා සිරගත කිරීම සහ බන්ධනාගාරයෙහි දී අවශ්‍ය පහසුකම් නොසැළසීම සඳහන් කර තිබුනේ නැත. එනමුත් එම වාර්තා අතර යුද්ධ අපරාධ සාකච්ජාවට ගැනීමට යෝජනා කළ වාර්තා ගනනාවක් ම තිබුණි. එල්ටීටිඊ සැකකරුවන්ගේ මානව හිමිකම් පිළිබඳ කතා කරන පරිද්දෙන් ම ජනාධිපති අපේක්ෂකයා වීම නිසා අවනීතියට ලක්ව ඇති ෆොන්සේකා ගැන කතා කිරීම ද අවශ්‍ය බවට මානව හිමිකම් ව්‍යාපාරය තුළ පිළිගැනීමක් නැති වීම කණගාටුදායක ය.
    මෙම ආකල්පය පැහැදිළි කැරෙන අපූරු කතාවක් තිබේ: තමාට අල්ලස් ලෙස පුද පඩුරු රැගෙන එන පුද්ගලයිනට අමතක නොවන පාඩමක් ලෙස ඒ ද්‍රව්‍ය අධෝ මුඛයට රිංගවිය යුතු යැයි නියෝග කළ රජතුමා සිංහාසනයේ සිට එම වධයට පැමිණවෙන පිරිස් විදවනු බලා සතුටු වෙමින් සිටියේ සෙමර සළන පරිවාර ස්ත්‍රීන්ගේ සෙවනේ ය. අල්ලස් ලෙස ආනමාලු කෙසෙල් ගෙන ආ රාජ සභිකයකු වේදනාවෙන් කෑ ගසන අතර ම සිනහසෙනු දුටු රජතුමා වහාම වධකයා නතර කළේ ය. සභිකයාගේ සිනහවට හේතුව අසන ලෙස ඝෝෂකයාට නියෝග කළේ ය. ලද මද අස්වැසිල්ලෙන් සිහි එළවාගත් සභිකයා මෙසේ කීවේ ය. ‛‛පස්වාන් දහසක් බුදුවන්න දේවයන් වහන්ස මා සිනාසුණේ ඔබට නොවේ. පුද පඩුරු අල්ලස් ලෙස අන්නාසි මුළක් රැගෙන එන මහ වාසළ මුදළිතුමාට වෙන්න යන අබැද්දිය සිහිවෙලයි.’’ මෙම ආකල්පය ඇත්ත පුවත්පතෙහි කළමනාකාර කර්තෘ එස්. ජී.එස්. රත්නවීර කාළකන්නි ප්‍රිතිය ලෙස නම් කර තිබුණි.
    සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් සමහර වත්මන් පාලනයෙන් බැටකන යම් යම් පිරිස් කල්පනා කරන්නේත් එසේ ය. ‛ අපට මෙහෙම උනා නම් ඌට එහෙම උනාම මොකද?’ කියා අසනවා වැනි ය. හමුදා නායකයාව සිටි ෆොන්සේකා සිරගත කරනු දක්නට ලැබීමෙන් ඔව්හු කළකන්නි ප්‍රිතියක් භුක්ති විදිති. සිර ගතව ඇති දෙමළ සටන්කාමී පිරිස් ද සිතනු ඇත්තේ එළෙස ය. එමගින් ඔව්හු සිරිමා බණ්ඩාරනායක ප්‍රජා අයිතිවාසිකම් නඩුවෙහි දී ජවිපෙ කළාක් මෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළිබඳ මූලික සිද්ධාන්ත අමතක කරති.
    මෙම ලියුම්කරු එල්ටීටීඊ යුද්ධ භාවිතය මෙන්ම ශ්‍රී ලංකාණ්ඩුවේ යුද්ධ භාවිතය ද පිළිගන්නේ නැත. එපමණක් නොව එම පාර්ශවයන් දෙකෙහෙිම ප්‍රධානීන් මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් වගකිය යුතු යැයි ද විශ්වාස කරයි. එනමුත් එම කණ්ඩායම් දෙකම ගැන කටයුතු කිරීමේ දී එක හා සමාන මානව හිමිකම් ප්‍රවිශ්ඨයක් තිබිය යුතු යැයි ද ලියුම්කරු කල්පනා කරයි.
    ප්‍රජාත්‍රන්ත්‍රවාදය අහිමි වන්නේ කාගේ ද යන්න නොව අප සළකා බැලිය යුත්තේ අහිමි කැරෙන අයිතීන් මොනවා ද සහ ඊට හේතූන් මොනවා ද යන්න ගැන ය. වත්මන් රාජ්‍ය පාලනයේ වෛරයට හේතු වී ඇත්තේ සරත් ෆොන්සේකාගේ යුද්ධ භාවිතය නොව ජනාධිපතිවරණ දේශපාලන භාවිතය බව අප අමතක නොකළ යුතු ය. එමෙන්ම එම අවනීතියට එරෙහිව සටන් නොකර මානව හිමිකම් රැකගත නොහැකි බව ද මතක තබා ගත යුතු ය.
    වත්මන් ශ්‍රී ලංකා දේශපාලනයේ එක් ඛේදවාචකයක් නම් විවිධ බලවේගයන්ට තනි තනිව සහ වෙන්ව වෙන්ම නමුත් සහයෝගයෙන් ක්‍රියා කල හැකි පොදු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් නැති වීමයි. 2010 මහා මැතිවරණයෙන් රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලැබුණේ ද එවැනි පොදු අරමුණක් විපාක්ෂික බලවේග අතර නොතිබූ නිසා ය. 17 වන සංශෝධනය කුණු කූඩයට ගොස් ස්වාධීන කොමිෂන් සභා සහ ජනාධිපති ධුරය දැරීමේ වාර දෙකක සීමාව අහෝසි වී යෑම මගින් අපි ඊට වන්දි ගෙවූයෙමු. එසේ නොවුයේ නම් මේ ගතවනු ඇත්තේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අවසාන ධූර කාලය යි. එදා මෙන්ම දැන් සරත් ෆොන්සේකා සම්බන්දයෙන් ද පොදු ප්‍රජාතන්ත්‍රවාදී වේදිකාවක් නැත. ප්‍රජාතන්ත්‍රවාදය මැඩලීමේ කදිම නිදසුනක් ලෙස ෆොන්සේකා සිරගත කරනු ලැබීම යොදා ගැනීමට ශ්‍රී ලංකාවේ සියළු විපාක්ෂික බලවේග අසමත් විය.
    අභ්‍යන්තර බල අරගල විසින් කා දමමින් ඇති ජනතා විමුක්කි පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය යන දෙපාර්ශවය ම විසින් දැන් අතහැර දමනු ලැබ ඇති සරත් ෆොන්සේකා තවදුරටත් රාජපක්ෂ පාලනයට දේශපාලන තර්ජනයක් නොවේ. ඔහු තර්ජනයක් විය හැකිව තිබුනේ මහා මැතිවරණ සමයෙහි ය. ඇත්ත වශයෙන්ම නම් සිරගතව සිටින ෆොන්සේකා සිරගෙදරින් පිටත සිටින ෆොන්සේකාට වඩා රාජපක්ෂ පාලනයට තර්ජනයකි. ඊට උදාහරණයක් නම් විසි වසරකට සිර ගත කරන ලද ලදුව ජනාධිපති සමාව ලද මාධ්‍යවේදී තිස්සනායගම් ය. ඔහු සිර ගතව සිටියේ නම් ඇතිවිය හැකිව තිබූ උද්ඝෝෂන කිසිවක් අද නැත. තිස්සනායගම් ජනමාධ්‍යයේ ද නැත.
    මෙම තත්ත්වය යටතෙහි ජනාධිපති රාජපක්ෂ විසින් දේශපාලන පොදු සමාවක් දී සරත් ෆොන්සේකා නිදහස් කළ හොත් එක ගල් පහරකින් කුරුල්ලන් ගනනාවක් ම බිම වැටෙනවා ඇත. මව්බිම හි කාර්‍ය භාරය එය ලෙස දකින ෆොන්සේකාවාදී දේශපාලනඥයින් ද දැන් සිය වර්ණය පෙන්වමින් සිටිති. අවසානයේ දී කියන්නට සිදුවනු ඇත්තේ බෙරේ පළුවකුත් නැත. ගහපු පදයකුත් නැත කියා ය.
     

    rarara

    Banned
    Oct 20, 2011
    892
    73
    0
    ජාතික විරය කවුද කියල අන්න අරහේ ඇමරිකාවේ,බිතාණ්‍යයයේ, කැනඩාවේ,ස්විඩනෙයේ දෙමල කොටිටික තෝරනව තරගෙට සුද්දගෙ පෙත්සමට අත්සන් කරකර :lol::lol::lol:
    දෙමල කොටින්ගෙ ජාතික වීරය ෆොන්සේකලු :lol::lol::lol: මම නමි ඔව දන්නෙ නැ,කොටින්ගෙ ජාතික වීරය,අපෙත් වීරය උනොත් හරි නැ නේද?:rolleyes::P:P:lol:

    උබනම් මහින්දගේ පුතෙක්ද දන්නේ නෑ..වැරදියට හිතන්න එපා මචන්...එක උබේ මතය ..අපි ගහගෙන වැඩක් නෑ....එල...එක උබේ කැමැත්ත
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගල්පාත මහත්තයා;11503840 said:
    මහින්ද රාජපක්ෂ, කේ.පි, කරුණා වැනි අය තමා විරයෝ...
    ඕන්න මමත් දැන් දේශප‍්‍රේමින්
    :lol::lol::lol::lol::lol:

    සිරාවටම ජාතික වීරයෝ තුන් දෙනෙක්ගේ නම් මෙතන නැ.
    කේප් ,කරුනා , පිල්ල්යාන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබනම් මහින්දගේ පුතෙක්ද දන්නේ නෑ..වැරදියට හිතන්න එපා මචන්...එක උබේ මතය ..අපි ගහගෙන වැඩක් නෑ....එල...එක උබේ කැමැත්ත

    ඔකේ වැරදියට කියපු කැල්ල නොකියම හිටියනමි ඉවරයිනේ :lol::lol: අනික මම කිසිම වැරදිකතාවක් කියුවෙ නැ මම කියල තියෙන්නෙ ඇත්තනේ:rolleyes::rolleyes:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    සියයට 40කට වැඩි ජන්ද ප්‍රමාණයක් ලබාගත් විපාක්ෂික ජනාධිපති අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව දේශපාලන පළිගැනීමක් වශයෙන් සිරගත කරනු ලැබ ඇති රටවල් කීයක් ලෝකයේ තිබේ ද? එකම එකකි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ශ්‍රී ලංකාව ය.
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔකේ වැරදියට කියපු කැල්ල නොකියම හිටියනමි ඉවරයිනේ :lol::lol: අනික මම කිසිම වැරදිකතාවක් කියුවෙ නැ මම කියල තියෙන්නෙ ඇත්තනේ:rolleyes::rolleyes:

    මම මෙවට උත්තර දිලා ඉවරයි එකේක් නෑ එවා වැරදි කියන්න නිකන් උබත් අතේ ඇගිලි රිදවගන්න එපා මචන් වැඩක් නෑ :frown:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මෙවට උත්තර දිලා ඉවරයි එකේක් නෑ එවා වැරදි කියන්න නිකන් උබත් අතේ ඇගිලි රිදවගන්න එපා මචන් වැඩක් නෑ :frown:

    ඒකත ඇත්ත තමයි ජානවල වැරදි අපිට හදන්ඩ බැනේ :yes::yes::lol: