2011 පවුලේ අයවැය යෝජනා

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    2011 පවුලේ අයවැය යෝජනා

    මෙම ලිපිය උපුටා ගන්න ලද්දේ http://reargate.blogspot.com/2010/11/2011.html




    (පැහැදිලි කිරීමකි - මා ලියන බොහෝ කතා වල ප්‍රධාන කතා නායිකාව ඔබ වන හෙයින් ‘ගරු කතානායකතුමිය’ යනුවෙන් ඇමතීමට අවසර දෙන්න.)

    ගරු කතානායකතුමියනි,
    නුදුරු අනාගතයේදී අප පුංචි පවුල, අප ඡන්ද කොට්ඨාශයේ ආශ්චර්යය බවට පත් කිරීමත්, මා සහ ඔබතුමිය විසින් කසාදයට පෙර සිටම සැලසුම් කල සහශ්‍රක සංවර්ධන අභියෝග ජය ගැනීමත් අරමුණු කොට මා විසින් සකස් කරන ලද 2011 අප පවුලේ අයවැය යෝජනා මාලාව මෙසේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරමි.



    baton-rouge-family-photographer-kiss.jpg


    ආදායම්
    සාමාන්‍ය ක්‍රමයට පටහැණිව යමින් 2011 වසරේ අප පවුලේ අය වැය පරතරය පළමුව ඉදිරිපත් කරමි.
    පවුලේ ආදායම් - සාමාන්‍ය වාතාවරණය තුල 2011 වසරේ අප පවුලේ මාසික ආදායම රු. 19500/- කට නොවැඩි විය හැකිය. එයින් නිවාස ණය වාරිකය රු. 6000/- ක්ද, මෙම වර්ෂයේ ලබාගත් පාරිභෝජන ණය වාරිකය රු. 2200/- ක්ද අඩුකල විට රු. 11300/- ක මුදලක් අතට ලැබෙනු ඇතැයි උපකල්පනය ‍කෙරේ.

    වියදම් - (පවත්නා උද්ධමන අනුපාතිකය මත මාසිකව)

    ආහාර පාන සඳහා (ලෙව කෑමට ප්‍රමාණවත් පරිදි) - රු. 8900/-
    කිරිපිටි (පොඩි එකාට පමණි) – 820/-
    සනීපාරක්ෂාව සහ රූපලාවණ්‍ය - 900/-
    සෞඛ්‍ය (ඔබතුමියගේ සහ දරුවාගේ පමණි) - රු 800/-
    බලශක්තිය (විදුලිය+භූමිතෙල්) - රු. 1100/-
    ජලය - රු. 600/-
    සන්නිවේදන (දුරකථන+අන්තර්ජාල) - රු. 1800/-
    ප්‍රවාහන (පෙට්‍රල්) – 3000/-
    ආරක්ෂාව (උපත් පාලන පෙති) - රු. 90/-
    සේවා ස්ථානයේ ටිකට් පොත්/යාචකයින්/සමිති සමාගම් - රු. 600/-
    මගුල් ගෙවල්/මළ ගෙවල්/දානෙ ගෙවල් සහ ඥාති/මිතුරන්ගේ අතුරු ආන්තරා - 2000/-
    අධ්‍යාපන (දරුවාගේ පමණි) - රු. 1500/-
    විනෝදාත්මක (ඩී.වී.ඩී ‍2 යි/ගල් බාගයයි/පොත් 1යි/සිරිකත පත්තර 4යි/බින්දු පත්තර 4යි) – 1320/-
    ඇඳුම් - අනපේක්ෂිතයි.
    වෙනත් අනපේක්ෂිත වියදම් (යතුරු පැදියේ පැච් යාම/ ඉන්ෂුවරන්ස් නැතිව පොලිසියෙන් ඇල්ලීම/ නිවසේ උපකරණ හානිවිම/ මහ මගදී දරුවා සෙල්ලම් බඩු ඉල්ලීම///... වැනි) - රු. 1500/-

    අපේක්ෂිත මුළු වියදම - රු. 24930/-
    එම නිසා ඉදිරි වර්ෂයේ සාමාන්‍ය මාසික අයවැය හිඟය - රු. 13630/-

    ගරු කතානායකතුමියනි,
    ඉදිරි වර්ෂයේ සෑම මාසයකම මෙම අයවැය හිඟය සීයට හැත්තෑවකින් හෙවත් රුපියල් 9541/- කින් අඩු කිරීමට සහ, අප පවුලේ ස්ථාවර භාවය ආරක්ෂා කර ගැනීම සඳහා පහත සඳහන් ආර්ථික ප්‍රතිසංස්කරණයන් යෝජනා කර සිටිමි.

    1. කිරිපිටි සීමා කෙරේ. මින්මතු ටී.වී එකේ පෙන්වන පරිදි පුරවා හැඳි දෙකක් දැමීම තහනම්ය. එමෙන්ම දැනට කරන ඉඳහිට හෝ මස් මාංශ අනුභවය නවතා දැමීමට යෝජනා කරමි.:rofl:
    2. ඇඳුම් සේදීම අවම කිරීම සඳහා එක ඇඳුම අමාරුවෙන් හෝ දින තුනක් ඇඳිමට යෝජනා කරමි. ගෙදර සිටින විට හැකිතාක් ඇඳුම් අඩුවෙන් සිටීම උචිතයි. අපේ වැසිකිළියට යන්නේ අප පමණක් බැවින් වැසිකිළිය පවිත්‍ර කිරීමට අළු යොදා ගත හැකිය. ෆෙයානස් ක්‍රීම් වැද්ද නොගන්නා අතර දත් මදිනු ලබන්නේ දිනකට එක් වරක් පමණි.:confused:
    3. මින් මතු අසනීප වලදී ආණ්ඩුවේ ඩිස්පැන්සරියට යාමට හිත හදා ගන්නා මෙන් යෝජනා කරමි.:rolleyes:
    4. බලශක්තිය පිරිමැසීම සඳහා සියළු කාමර වලට එළිය වැටෙන පරිදි එක් බල්බයක් වහල මුදුනේ එල්වනු ඇත.:dull:
    5. ජල භාවිතය අවම කෙරේ. නෑම සඳහා දින තුනකට වරක් ජලය සලාක ක්‍රමයට නිකුත් කෙරේ.:oo:
    6. මින් පසු එක එකාගේ මිස් කෝල් වලට කතා කිරීම තහනම්ය. අන්තර්ජාල භාවිතය සීමා කෙරේ. තෝරාගත් බ්ලොග් 10 ක් දිනපතා බැලීමට මා හට අවසර ඇති අතර මෙම බ්ලොගයට මාසිකව දාන පෝස්ට් ගණන දෙකකට සීමා කෙරේ.:frown:
    7. පුෂ් බයිසිකලය නැවත භාවිතා කිරීමේ හැකියාව සොයා බැලේ.:baffled:
    8. ආරක්ෂක වියදම් ඉහල නැංවිමට යෝජනා කරමි. මේ තත්වයේ හැටියට වැරදිලාවත් තවත් එකෙකු බඩට ආවොත් :P වහකන්ඩ වෙන බැවින් පෙති අවසන්ව ඇති හදිසි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම පිණිස කොණ්ඩෝම සංචිතයක් පවත්වා ගැනීම පිණිස රු 100/- ක ප්‍රතිපාදන වෙන් කෙරේ.
    9. නිවසේ ඉදිරි පස දොර වසා තැබීමට යෝජනා කරමි. එයින් අනවශ්‍ය යාචකයන් හා පිංපත්තර කරුවන් වාරණය කෙරේ.:dull:
    10. දුරකථනය නිතර විසන්ධි කොට තබනු ලැබේ. එමගින් ඥ‍ාති මිත්‍රයන්ගේ හදිසි චාටර් වලට කර උර දීම අවම වේ. එමෙන්ම ඔවුන් අතේ දුරින් තබා ගැනීමද වැදගත්ය.:rofl:
    11. විනෝදාත්මක පිරිවැය සම්පූර්ණයෙන් කපා දමනු ලැබේ. මුදල් වියදම් වන ‘මත’ට තිත තබන අතර නිකන් ලැබෙන ‘මත’ සුළු පමණ අකැප නොවේ. විනෝදය පිණිස අයි.ටී.එන් නිව්ස්, ලයිව් ඇට් එයිට්, ඉරා අඳුරු පට :lol: වැනි විනෝදාත්මක වැඩසටහන් වලට හුරු විය යුතු අතර පබළු/අමන්දා වැනි ටෙලි නාට්‍ය කෙරෙහි ඇති අපුල ඉවත් කර ගැනේ.:baffled: දරුවාට කුරුම්බැට්ටි වලින් කරන සෙල්ලම් ඉගැන්වීමට යෝජනා කරමි. :confused:
    ගරු කතානායකතුමියනි,
    ඉහත ප්‍රතිසංස්කරණ මගින් අප පවුලේ අය වැය පරතරය ඉලක්ක කල පරිදි පහත හෙළිය හැකි වනු ඇත. එහෙත් ඉදිරියේදී ඇතිවිය හැකි ආශ්චර්යමත් හදිසි උද්ධමන තත්වයන්හිදී මෙම ක්‍රියාමාර්ග සාර්ථකත්වයක් නොපෙන්වන්නේ නම් ගත හැකි හදිසි ආරක්ෂණ පියවරක් ඇති අතර, ඒ සඳහා පෙර සූදානමක් ලෙස නිකම් ඉන්නා වේලාවට ඔබගේ ශරීරයට කම්බි ඇණ, ඇල්පෙනෙති ආදීය ඇතුලත් කරගැනීමෙන් අදාල වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලමි.

    ගරු කතානායකතුමියනි,
    ඇත්ත වශයෙන්ම අපගේ සහශ්‍රක සංවර්ධන අභියෝග සහ ආශ්චර්යමත් පුංචි පවුල වැනි අනගි සංකල්ප මෙම අයවැය යෝජනාවලිය සකස් කිරීමේදී අමතක කොට නැත. 2012 වසරේදී එම ඉලක්ක සපුරා ගැනීම උදෙසා, 2011 වසරේදී පණ ගැට ගසා ගැනීම පමණක් මෙම යෝජනාවලියේ අරමුණ වන්නේය.
    අපිට සුබ අනාගතයක්!
    ප/ලි - සෝපොත්තා වගේ ඉන්න දරුවාට ඉඳ හිට හෝ චීස් කෑල්ලක් දෙකක් දීම පිළිබඳව ඔබ මෙයට පෙරද මා සමඟ සාකච්ඡා කර ඇත. එහෙත් ඒ සඳහා ඉහත වැය ශීර්ෂයන්ගෙන් කපා දැමීමට ඉතිරිව ඇත්තේ ආරක්ෂක වියදම් පමණි. දරුවාගේ පෝෂණය ගැන සිතා ඔය කාර්යය සදහටම නවත්වා දැමීමට අපට හිත හදා ගත හැකිනම්, රජය බලාපොරොත්තු වන ආකාරයටම නිරෝගී පුෂ්ඨිමත් දරුවෙකු සමාජයට දායාද කිරීමට අප දෙදෙනාටම හැකි වනු ඇත.:rofl::confused:
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇඩෙනවා ඔයි
    මේක උඹද ලිව්වේ
    අනේ අයියෝ පිස්සු කොර බන්
    අරක්ෂක වියදම් කපන්න එපා
    උඹට මැරෙන්න හිතෙයි:lol:
    පොඩි එකාට චිස් ගන්න මම හරි සල්ලි දෙන්නම්:yes::)

    පට්ට පට පට
    ඉයේ බර්ත්ඩේ පාටියට රෙප් බෙදලා තාම මට රෙප් දෙන්න බෑලු:(
    එත් මේකටනම් පස්සේ හරි රෙප් දෙනවා:yes:
     
    • Like
    Reactions: tharakato

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    ඇඩෙනවා ඔයි
    මේක උඹද ලිව්වේ
    අනේ අයියෝ පිස්සු කොර බන්
    අරක්ෂක වියදම් කපන්න එපා
    උඹට මැරෙන්න හිතෙයි:lol:
    පොඩි එකාට චිස් ගන්න මම හරි සල්ලි දෙන්නම්:yes::)

    පට්ට පට පට
    ඉයේ බර්ත්ඩේ පාටියට රෙප් බෙදලා තාම මට රෙප් දෙන්න බෑලු:(
    එත් මේකටනම් පස්සේ හරි රෙප් දෙනවා:yes:

    අපෝ නැහැ බන් මම බැඳලා නැහැ. තාම පොඩි එකා :P

    මේක ලියපු එකාගේ බ්ලොග් ඒක තමයි උඩින්ම දැම්මේ :)

    මම ලිව්ව නම් ආරක්ෂක වියදම් වලට තමයි වැඩිම ගාන යන්නේ :yes::lol:

    රෙප් වලට thanx
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    කලින් කියවලා තියෙනවා..නියෙමට ලියලා තියෙනවා..:yes:;)
    ඔය 2011 ලියපු එක..2012 එකට තවත් වියදම් අධ්ක වේයි....;)
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    කලින් කියවලා තියෙනවා..නියෙමට ලියලා තියෙනවා..:yes:;)
    ඔය 2011 ලියපු එක..2012 එකට තවත් වියදම් අධ්ක වේයි....;)

    කෝ තාම 2012 ට එකක් ලියල නැනේ :)
     
    • Like
    Reactions: pavithra_uk

    yasasrd

    Member
    Mar 9, 2007
    5,962
    20
    0
    In elakiri
    ආරක්ෂක වියදම් ඉහල නැංවිමට යෝජනා කරමි. මේ තත්වයේ හැටියට වැරදිලාවත් තවත් එකෙකු බඩට ආවොත් වහකන්ඩ වෙන බැවින් පෙති අවසන්ව ඇති හදිසි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම පිණිස කොණ්ඩෝම සංචිතයක් පවත්වා ගැනීම පිණිස රු 100/- ක ප්‍රතිපාදන වෙන් කෙරේ.
    :D :D epic..lol