උඹ කියන කතාව ඇත්ත.. අද කාලෙ යථාර්තය බැලුවම සල්ලි නැතිවෙනකොට ප්‍රශ්න වැඩී.. සේරටම පයින් ගහල ආදරේ කරන්න යන අයගෙ ජීවිත ගොඩක් වෙලාවට අසාර්ථකයි.. මොකද ප්‍රශ්න එන්න ගත්තම තමයි තේරෙන්නෙ..
සමහරු හිතන්න පුලුවන් ආදරේ තිබුනොත් ඕනෙම දේකට මූණ දෙන්න පුලුවන් කියල.. ආදරේ අත්‍යවශ්‍ය දෙයක්.. නමුත් ආදරේ විතරක් තිබුනට මදි..
අනික සමහරු හිතන්න පුලුවන් සල්ලි තියෙන කෙල්ලො හරි පණ්ඩිත, සෙල්ලක්කාර, ජීවිතේ ගැන වගකීමක් නැති අය කියලා.. මම හිතන්නෙ මෙතන කතාකරල තියෙන්නෙ එහෙම සෙල්ලක්කාර කෙල්ලො ගැන නෙමෙයි.. එහෙම කෙල්ලන්ට හරියන්නෙ ඒ විදියෙම කොල්ලො.. ඒ උනාට යමක් කමක් තියෙන හොඳ වැදගත් පවුල් වල හොඳ කෙල්ලො ඉන්නවා.. අන්න ඒ වගෙ අය ගැනයි මම කිව්වෙ.. අනික කෙල්ලට සල්ලි තිබුන කියන තමුන් ඒකිට යටත් වෙලා ඉන්න මානසිකත්වයක් කොයි වෙලාවකවත් ඇති කරගන්න එපා.. සමහරු බඳින්න කලින්ම එහෙම හිතන් ඉඳල බැන්දට පස්සෙ නොදැනීම ඒ තත්වෙට පත් වෙනවා.. තමන් දැනගන්න ඕනෙ කෙල්ලව තමන්ට ඕන විදියට හදාගන්න.. අන්න එතකොට පුලුවන් කෙල්ලහෙ සල්ලි වලට යට නොවී ඒව පරිහරණය කරන්න.. ඒකට තමයි කොල්ලෙක්ගෙ පෞරුශත්වය කියන්නෙ..
අනික තමයි මචන් සල්ලි වගේම පවුල් වල ගැලපීමත් තියෙන්න ඕනෙ.. පවුල් පසුබිම් ගැලපෙන්නෙ නැත්තන් එතනත් පසුකාලීනව ප්‍රශ්න ඇතිවෙනව.. අපිට නොතේරුනාට ඉස්සර මිනිස්සු කුලය ගැන හෙව්වෙ ඔන්න ඔය හේතුව නිසා.. කුලය කියන එක අද කාලෙට වැඩිය ගැලපෙන දෙයක් නෙමෙයි.. ඒ උනාට ඒක ඉස්සර කාලෙ පවුල් වල ගැලපීම ගැන ප්‍රධාන මිම්මක්.. මොකද මිනිස්සු කරපු රැකියා පවා තීරණය වුනේ කුලය මත.. අද කාලෙ කුලය වෙනුවට බලන්න ඕනෙ පවුල් පසුබිම.. අම්ම තාත්ත මොකද කරන්නෙ, නෑදෑයො කොහොමද, අන්න ඒ වගේ දේවල්.. ඒව හරියට ගැලපුනේ නැත්තන් කවුරු මොනව කිව්වත් කසාදෙන් පස්සෙ ප්‍රශ්න ඇතිවෙන එක ශුවර්.. මොකද දෙන්නගෙ අදහස් ගැලපෙන්න දෙන්නගෙම පවුල් පසුබිම එකවගේ වෙන්න ඕනෙ.. දෙන්න එකට තැනකට ගියාම හැසිරෙන හැටි, කන බොන හැටි, එක එක දේවල් වලට වියදම් කරන හැටි, දෙන්නගෙ ආකල්ප, මෙන්න මේ වගේ දෙවල් නොගැලපෙනකොට ප්‍රශ්න ඇතිවෙන එක වැඩී.. ගොඩක් වෙලාවට පවුල් පසුබිම් එකවගේ නං මේ වගේ ප්‍රශ්න ඇතිවෙන එක ගොඩක් අඩුයි..
දැන් ගොඩක් එවුන් කියයි අපිට කොහෙන්ද එහෙම කෙල්ලො කියලා.. එහෙම කෙල්ලො ලබාගන්න නං තම තමන්ගෙ උත්සාහය සහ කැපවීම තියෙන්න ඕනෙ.. තමන්ට මහා ලොකු රස්සාවක් නැති උනත් තමන්ගෙ පෞරුශත්වය හරියට හදාගෙන තියෙනව නම්, ඕන තැනක චකිතයක් නැතුව හැසිරන්න පුලුවන්නම්, තමන් යමක් කරන්න පුලුවන් කෙනෙක් කියන එක අනිත් අයට තේරෙන විදියට ඉන්නවනම් හොඳ කෙල්ලෙක් හොයාගන්නව කියන එක එච්චර ප්‍රශ්නයක් නෙමේ..
මම ගොඩාක් වෙලාවට දැකල තියෙනව සමහර කොල්ලො රස්තියාදුකාරයො වගේ ගිහින් හොඳ වැදගත් කෙල්ලන්ගෙන් අහල, කෙල්ල බෑ කිව්වම කෙල්ලට බැන බැන යනවා.. ගොඩක් කොල්ලො තේරුම් නොගන්න දෙයක් තමයි වැදගත් කෙල්ලො කැමති වැදගත් විදියට ඉන්න කොල්ලන්ට කියන එක.. ඒ වගෙ කෙල්ලො බලන්නෙ කොල්ලගෙ බාහිර පෙනුමට වඩා කොල්ලගෙ හැසිරීම සහ පෞරුශය..
මම මේ කියපු දේවල් හැමෝටම හරියන්නෙ නැතිවෙන්න පුලුවන්.. මම මෙතන කියල තියෙන්නෙ මගේ අදහස.. මම කියපු දේවල් වලින් කාටහරි වැඩක් උනා නම් මටත් සතුටුයි..