වාරියපොල ශ්‍රී සුමන්ගල හිමියන්........!!!

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    වාරියපොල ශ්‍රී සුමන්ගල හිමියන්........!!!

    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....



    220px-Ven_Wariyapola_Sumangala_Thero.jpg


    බමුණු කොටුවේ රාලහාමිගේ කිරිහාමි උපත ලැබුවේ
    කුරුනැගල දිස්ත්‍රික්කයට අයත් වාරියපොල නමැති ග්‍රාමයේදීය.
    ඔහුගේ පියතුමා ගේ නම වූයේ හේරත් මුදියන්සේලාගේ බමුණු කොටුවේ රාල ය.

    උපත ලබා මේ මහ පොලව මත පය ගසා
    දැණුම් තේරුම් තියෙන කාලයෙහි පටන්ම මොහු
    රට ජාතිය ආගම සුරැකීම යන උත්තරීතර සිතුවිල්ලකින් හෙබිව
    සැමවිටම ක්‍රියා කලේ පිරිසිදුවූ උතුම් මනසින්ය.

    පසු කාලයකදී මොහු
    අස්ගිරි පාර්ශවයේ සියම් නිකායේ හි වාරියපොල ශ්‍රී සුමන්ගල හිමි නමින්
    පැවිදි බවට පත්වූයේය,ශ්‍රී සුමන්ගල හිමි උපසම්පදා වී නොබෝ කලකට පසු
    අස්ගිරි පාර්ශය්වයේ අනුනායක ස්වාමීන්වහන්ස ලෙස පිදුම් ලැබුවේය.වාරීයපොල,
    සයිලතලාරාමයෙහි මහනායක ස්වාම්න් වහන්ස ලෙස කටයුතු කලේද මේ කාලයේදීමය
    සුමන්ගල හිමිගෙන් පසු මෙම සයිලතලාරාමය නම් වූයේ ශ්‍රී සුමන්ගල පිරිවෙන රජමහා විහාරය ලෙසය.

    1815 සිටි සිoහල රජු බ්‍රිතාන්‍ය ජාතින් හට
    ගිවිසුම් පත්‍රයක් ලබා දුන් අතර එහි වුයේ රටේ පාලනය ඔවුනට පත් කරන ගීවීසුමකි.
    මෙම ගිවීසුමට අස්සන් යෙදීම සිදුවී ඇත්තේ දළදා මාලිගයේදීය,ගිවිසුම අස්සන් කිරීමට පෙර
    එම ස්තානයට පැමීණි බ්‍රිතාන්‍ය සොල්දාදුවෙකු අප ජාතික කොඩිය පහලට හොවා බ්‍රිතාන්‍ය කොඩිය ඉහලට එසවුවේය,

    rev-wariyapola-sumangala.jpg


    වහා එයට විරුද්ද වුන සුමන්ගල හිමියන් බ්‍රිතාන්‍ය කොඩිය පහලට හොවා නැවත සිoහ කොඩිය එසවූයෙ උන්වහන්සේගේ උදාරවූත් උත්තරීතරවූත්
    ජාතික ආලය විදාහාදක්වමිනි.

    ***************************************
    390px-Flag_of_Ceylon.svg.png

    අප රටෙහී අවාසාන රජු බාවිතා කල සිoහ කොඩිය
    **********************************************

    1818 දී බ්‍රිතන්‍යයින්ගේ කෲර වූ පාලනයට
    විරුද්දව වීර මොණර විල කැප්පැටිපොල දිසාවේ උතුමානන් කැරැල්ලක් ආරම්බ කලේය
    Veera-monarawila-keppetipola-disawe1.jpg


    වීර මොණර විල කැප්පැටිපොල දිසාවේ උතුමානන්
    ***************************************
    එතැන් පටන් එම කැරැල්ලට සහයෝගය දේමී යන වීර උදාර උත්තරීතර පරමාර්තයෙන් යුතුව
    ශ්‍රී සුමන්ගල හිමි එම කැරැල්ලේදී, කැප්පැටිපොල දිසාවේ උතුමානන් හට තම් සහයෝගය පල කලේය
    දළදා මාළිගයේ රඳවා තබා තිබූ ධාතුන් වහන්සේ වඩම්මා හිඟුරක්කෙත ප්‍රදේශයේ සඟවා තැබුවේ තම ආගම ජාතියට ඇති මහ
    ත් වූ බක්තිය නිසාවෙනි,
    ඉන්පසුව ධාතුන් වහන්සේ කැරැල්ලේ නායක කැප්පැටිපොල උතුමනන් හට ප්‍රදානය කලේය.

    කෙසේ වෙතත්
    1818 නොවෙම්බර් මාසයේදී
    බ්‍රිතාන්‍යයින් විසින් සූමන්ගල හිමිනම සොයා ගන්නා අතර,ධාතුන් වහන්සේද නැවත දළදා මාළිගයට වැඩම්වු වෙය,
    එයින් නොබෝ කලකට පසු කැරැල්ලද අවසන් වූ අතර,බ්‍රිතාන්‍ය කෲර පාලකයන් විසින් සුමන්ගල හිමියන්ට
    රාජ්‍යද්‍රෝහියකු ලෙස හන්වඩු ගසා යාපනයේ ප්‍රදේශයේ සිරගත කල ඇත.
    නොයෙක් වාර්තාවන් වලට අනුව 1821 අප්‍රේල් මස 13න් වනදා ආණ්ඩුකාර තීරනයක් මත
    ශ්‍රී සුමන්ගල හිමි නිදස ලබා ඇති බවට පැවසේ..................!

    ශ්‍රී සුමන්ගල් හිමි වැනි
    උතුම් ජීවිත ජාතියේ පිනට පහල වූ නිසාවෙන්
    අපි අදටත් අප රටේ නිදහස් ව නිදහස බුක්තිවිඳිනවා ඇති....!

    ඔබ සැමට තෙරුවන් සරණයි...!




     
    Last edited:

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    එළකිරි පොස්ට් එකක් මචන්... මේ වීරයෝ එදා සටන් නොකලා නම්... අපිට අද රටක් නැති වෙන්න තිබුණා..
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මෙහෙම පොස්ට් එකක් මේකේ දැන් දකින්නත් අමරුය්..
    වචන නැ විස්තර කරන්න...
    බෙදා ගත්තට ස්තුතිය් සහෝ....


    PROUD TO BE A SRI LANKAN :D
     
    • Like
    Reactions: C$K

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නියම පොස්ට් එක සහෝදරයා..
    හැමෝටම ගොඩක් වැදගත් ..
    බොහොම ස්තුති අපිත් එක්ක බෙදා ගත්තට....
     
    • Like
    Reactions: C$K

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මෙවන් වීර පරපුරකින් පැවත එන සිංහලයෙකු වීම ආඩම්බරයකි.........:)
    මෙවැනි දෑ බෙදා ගන්නවාට ස්තූතියි.....:cool:
    මෙවැනි දෑ තව තවත් මෙහි පළවීම ද අවශ්‍යයි..:yes:
     
    • Like
    Reactions: C$K

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    එළකිරි පොස්ට් එකක් මචන්... මේ වීරයෝ එදා සටන් නොකලා නම්... අපිට අද රටක් නැති වෙන්න තිබුණා..

    මෙහෙම පොස්ට් එකක් මේකේ දැන් දකින්නත් අමරුය්..
    වචන නැ විස්තර කරන්න...
    බෙදා ගත්තට ස්තුතිය් සහෝ....


    PROUD TO BE A SRI LANKAN :D

    :yes::yes::yes:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මෙහෙම පොස්ට් එකක් මේකේ දැන් දකින්නත් අමරුය්..
    වචන නැ විස්තර කරන්න...
    බෙදා ගත්තට ස්තුතිය් සහෝ....


    PROUD TO BE A SRI LANKAN :D
    ගොඩක් ස්තූතී සහෝදරයා..!

     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ජාතියේ පිනෙන් පහලවූ මෙවන් උතුම් යුග පුරුෂයින් නිසා අද අපි
    හිස ඔසවා සිටින්නෙමු.
    ඔවුන් හට නමස්කාර වේවා!
    වැදගත් ලිපියක් මිත්‍රයා..
    රෙප්++++