මම මේ දවස් වල කම්මැලිකමේ ගෙදර ඉන්න එක තමයි කරන්නෙ. දොළහට කිට්ටු වෙන්න සැර බඩගින්නක් ආව. දවල්ට කන්න කලින් වැඩියි. ඒත් වෙන දෙයක් ඇත්තෙත් නෑ. පස්සෙ බලනකොට ඉදිල වැඩි වෙච්ච කෙසෙල් ගෙඩි වගයක් තියනව. ඩොන්ගලේ ගහල නෙට් එකේ බැලුව රෙස්පි ටිකක්, මොනව හරි හදන්න පුළුවන්ද බලන්න. කන්න බෑ කියල විසිකරන්නත් බෑනෙ. ඊට පස්සෙ තමා මේක අහුඋනේ.
ටක් ගාල හදාගන්න පුළුවන්. කිසි අමාරුවක් නෑ. වැඩි දෙයක් ඕනෙත් නෑ. දෙන්නෙක්ට ඇති. බඩත් පිරෙනව. උදේට කන්න වෙලාව නැත්තං, මේවයින් වීදුරු දෙකක් ගහල යන්න. ඒ ඇති.

ඕනෙ කරන දේවල් ටික
ඕං එහෙනම් හදාගන්න හැටි.
ලොකු දෙයක් කරන්න නෑ. මේ ඔක්කොම කරන්න පුළුවන් මිනිත්තු දෙකෙන්. මුලින්ම කෙසෙල් ගෙඩිය ලෙලි ගහල පොඩි කෑලි වලට කපාගන්න. ඊට පස්සෙ මේ ටික බ්ලෙන්ඩර් එකට දාගන්න (Blender එක නැතුව නම් හදන්න බැරි වෙයි මම හිතන්නෙ). ඊට පස්සෙ එළකිරි කෝප්ප දෙකයි, වැනිල බින්දු දෙකකුයි, සීනියි (කෙසෙල් වල සීනි තියන හින්ද සීනි දාන්න ඕනෙම නෑ. මම නම් දැම්ම. මේස හැන්දක්, එක හමාරක් දැම්මම නම් හොඳටම ඇති) බ්ලෙන්ඩරේට දාගන්න. ඊට පස්සෙ, අයිස් කැට ටික පොඩි කෑලි වලට කුඩු කරල බ්ලෙන්ඩරේට දාගන්න (නැත්තං බ්ලෙන්ඩරේ කුඩු වෙයි. කිව්වෙ නෑ කියල නම් කියන්න එපා) ඊට පස්සෙ ඉතිං තප්පර 30ක් 40ක් බ්ලෙන්ඩ් (කෑලි ඉතුරු වෙන්නෙ නැති වෙනකන්) කරල බොන්න ගන්න පුළුවන්.
කට්ටිය හදල බලල කොහොමද කියන්නකෝ. මමත් මේ ෆස්ට් ටයිම් හැදුවෙ. මට නම් අල්ලල ගියා. රෙප් එකක් දීල ගියාට අවුලක් නෑ

- කෙසෙල් ගෙඩියක් (ඕනෙම ජාතියක් අවුලක් නෑ)
- එළකිරි කෝප්ප දෙකක් (පිටි කිරි උනත් අවුලක් නෑ)
- අයිස් කැට පහ හයක්
- සීනි (අවශ්‍ය නම්)
- වැනිලා බින්දු දෙක තුනක් (මේකත් ඕනෙ නම් තමයි)
ඕං එහෙනම් හදාගන්න හැටි.
ලොකු දෙයක් කරන්න නෑ. මේ ඔක්කොම කරන්න පුළුවන් මිනිත්තු දෙකෙන්. මුලින්ම කෙසෙල් ගෙඩිය ලෙලි ගහල පොඩි කෑලි වලට කපාගන්න. ඊට පස්සෙ මේ ටික බ්ලෙන්ඩර් එකට දාගන්න (Blender එක නැතුව නම් හදන්න බැරි වෙයි මම හිතන්නෙ). ඊට පස්සෙ එළකිරි කෝප්ප දෙකයි, වැනිල බින්දු දෙකකුයි, සීනියි (කෙසෙල් වල සීනි තියන හින්ද සීනි දාන්න ඕනෙම නෑ. මම නම් දැම්ම. මේස හැන්දක්, එක හමාරක් දැම්මම නම් හොඳටම ඇති) බ්ලෙන්ඩරේට දාගන්න. ඊට පස්සෙ, අයිස් කැට ටික පොඩි කෑලි වලට කුඩු කරල බ්ලෙන්ඩරේට දාගන්න (නැත්තං බ්ලෙන්ඩරේ කුඩු වෙයි. කිව්වෙ නෑ කියල නම් කියන්න එපා) ඊට පස්සෙ ඉතිං තප්පර 30ක් 40ක් බ්ලෙන්ඩ් (කෑලි ඉතුරු වෙන්නෙ නැති වෙනකන්) කරල බොන්න ගන්න පුළුවන්.
කට්ටිය හදල බලල කොහොමද කියන්නකෝ. මමත් මේ ෆස්ට් ටයිම් හැදුවෙ. මට නම් අල්ලල ගියා. රෙප් එකක් දීල ගියාට අවුලක් නෑ

Last edited:
balamu hadala passe.... mona kiri da demme umba ???

වෙලාවක බලන්න ඕනෙ හදලා 