මොකද උනේ හින්දුනද කවි පද උඹලාගේ
වරෙන්කො බන් අඩේ මේ පැත්තේ
කව්රුත් දැන් එන්න ආයෙ ආයෙ
කියමු කවි පද ගොතල ආයේ
sahathika aththaමෙච්චර වෙලා නියමෙට ගිය මේ...........නූල
කන්න හදන්නේ උබ මක්................හින්දාද
වල් කවි නොදා උබෙ ඔය මහ ගොන්.....කමට
නොගියොත් යවනවා අපි මේ........කවියෙන්ම
යන්නට අවසරයි කොල්ලනෙ වෙන්න සමා
ඔලුව රිදෙනවා අදනම් දවස පුරා
කවදත් මගේ ලෝකය යැයි කටක් පුරා
කීමට හැක්කේ එලකිරි එකේ අපිට තමා









පැන්තරයා ඉල්ලුයේ................බම්පියකී
මේ ත්රෙඩ් එක බලන නෝනා මහතුන්ට
කීමට දෙයක් ඇත මැනවින් අහගන්ට
මුල සිට අගට බලලා රස විදගන්ට
බම්පියකින් වත් මට සහයක් දෙන්ට
අපි දෙන්නේ ඌ හට හොද සප්........එකකී
මොකද හිතේන්නේ ඒ ගැන මගේ.......සකී
හිතුවද ගෙතෙයි කියලා මේ මෑක්සා......කවී
ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා


පසුවී වුවද දැකගන්නට ලැබුනෙ මට
ආසයි ජොයින් වෙන්නට මම මෙතැන් සිට
හොඳ හොඳ නූල් තිබුනත් මෙහි විටින් විට
මේ නූල නම් රැක ගත යුතු මතක් කොට
හෙළ ගති සිරිත් වල පල්ලට යන විලසේ
හෙළ කවියාද වියැකී යන බව පැවසේ
රැක ගන්නනම් එය සකිසඳ හෙට දවසේ
අද අපි කවි ගොතමු මේ අයුරින් රිසි සේ
![]()
පැන්තරයා ඉල්ලුයේ................බම්පියකී
මේ ත්රෙඩ් එක බලන නෝනා මහතුන්ට
කීමට දෙයක් ඇත මැනවින් අහගන්ට
මුල සිට අගට බලලා රස විදගන්ට
බම්පියකින් වත් මට සහයක් දෙන්ට
අපි දෙන්නේ ඌ හට හොද සප්........එකකී
මොකද හිතේන්නේ ඒ ගැන මගේ.......සකී
හිතුවද ගෙතෙයි කියලා මේ මෑක්සා......කවී
අනිවා මචන් මා හිතුවෙත් නැ මෙලෙස
මේ විදියට මෙය යයි කියල උඩට
පැන්තරය තවමත් පාරේද කොහෙද
වරෙන් යකෝ අපි ඉන්නවා මග බලාන
ඔන්න මමත් කවි විස්සක් දැන්..............ගෙතුවා
ගෙතුවේ කෙලෙසදැයි කියලා මට............සිතුනා
යාලුවො සිටී නම් මේ වාගේ..................අගනා
ගොතනෙමි තවත් කවි වැල් පද මම..........අගනා
ඇත වැඩ ගොඩ ගැසී ඔලුවද ගිනි__ගන්නේ
කුනු ඇඳ රෙදිද මට සුර පුර සුවඳ__ගෙනේ
කීමට කවි සිතුනද ගොතල_______පනේ
සිදුවේ යන්නට කෙරුමට වැඩ___ගොන්නේ