දියඇලි thread

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    8. දුවිලි ඇල්ල.

    උසින් 40m අඩි 131. පිහිටලා තියෙන්නේ ටන්ජන්තැන්න ගමේ බලන්ගොඩ නගරයට කිට්ටුව. වලවේ ගඟෙන් හැදෙන මේ ඇල්ලට දුවිලි ඇල්ල කියන්නේ උඩ ඉඳලා පහලට කඩා හැලෙනකොට දුවිලි වගේ වතුර විහිදෙන නිසා.

    p1010085u.jpg


    p1010082jp.jpg


    p1010071e.jpg


    p1010066zb.jpg


    9. දුන්හිඳ දිය ඇල්ල.

    හැමෝම හොඳට දන්න කියන දිය ඇල්ලක්. උසින් 64m අඩි 210 වන මේ දිය ඇල්ල බදුල්ල නගරයේ ඉඳලා 5km දුරින් පිහිටලා තියෙන්නේ. මෙය හැදිලා තියෙන්නේ බදුලු ඔයෙන්. දුන්හිඳ කියන නම පටබැඳුනේ පහලට වැටෙන වතුර දුමක් විදියට පෙනෙන නිසා. මෙයට පොඩ්ඩක් පහලින් කුඩා දුන්හිඳ දිය ඇල්ලත් බලාගන්න පුළුවන්.


    Dunhinda.jpg


    කුඩා දුන්හිඳ දිය ඇල්ල
    DSC01745.JPG
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    10. මරේ ඇල්ල හා ගාට්මෝර් ඇල්ල

    මරේ වතුයාය සිරිපා මායිමේ පිහිටා තිබෙන විශේශිත ප්‍රදේශයක්. රජමලේ-සිරිපා මාර්ගය ආරම්භ වන්නේත් මේ වතු මායිමෙන්.මෙම දිය ඇලි දෙක පිහිටා තිබෙන්නේ නල්ලතන්නියේ සිට කි.මී පහක පමන දුරින්. ගාට්මෝර් ඇල්ල ගාට්මෝර් වතු යායේ පිහිටා ඇති නිසා එම නමින් හැඳිනුවද ශ්‍රීපාද ඇල්ල නමින්ද ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

    මේවායේ විශේෂත්වය වනුයේ දිය ඇලි දෙක ඍජුවම මාඋස්සකැලේ ජලාශයට වැටෙන පරිදි නිර්මානය වී තිබීමයි.ඉතා ලඟින් පිහිටි දිය ඇලි දෙකක් ඍජුව ජලාශයකට පතිත වීම ඉතාම දුර්ලභ සොඳුරු දර්ශනයක්.

    gartmorefallschitralgam.jpg

    ගාට්මෝර් ඇල්ල(වම) සහ මරේ ඇල්ල (දකුණ) එකම රාමුවේ.

    gartomorefalls2chitralg.jpg

    ගාට්මෝර් ඇල්ල මාඋස්සාකැලේ ජලාශයට වැටෙන අයුරු.

    murayfallschitralgamage.jpg

    මරේ ඇල්ල

    2879026502ebf74dd539z.jpg

    ගාට්මෝර් ඇල්ල
     
    • Like
    Reactions: Mindada hee sara..

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    11. ඇල්ජින් දිය ඇල්ල.

    උස 25m අඩි 82. පිහිටලා තියෙන්නේ අඹේවෙල ඇල්ජින් තේ වත්තේ. ඇල්ජින් කියන නම වැටුනේ ස්කොට්ලන්තේ ඇල්ජින් කියන නගරයෙන්. මේක හැදිලා තියෙන්නේ දම්බගස්තලාව ඔයෙන්.

    elgine.jpg



    12. ගලබොඩ දිය ඇල්ල.

    ලංකාවේ ලස්සනම දිය ඇලි වලින් එකක්. උස 30m අඩි 98. පිහිටලා තියෙන්නේ නාවලපිටියේ ගලබොඩ ප්‍රදේශයේ. ගල්බොඩ ඇල්ල පිහිටා ඇත්තේ කොලඹ බදුල්ල දුම්රිය මාර්ගයේ වන් අතර. කොලඹ සිට පැය 4.30 කින් මෙම ස්ථානයට ලගාවිය හැකි අතර නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට ඇත්තේ පැයක පමන දුරකි. දැනට ලංකාවේ තිබෙන ජලය අතරින් බර(ඝනත්වය) අතරින් ගත් කල ඉතා ඝනත්වයෙන් වැඩිම ජලය තිබෙන ප්‍රදේශය වන අතර ජලයද පානය සදහා (READY TO DRINK) සුදුසු තත්වයෙන් පවතී.

    559522440193ac2dfc92b.jpg


    GalabadaEmain.jpg



    13. ගල්දොල ඇල්ල.


    උස 100m අඩි 328. පිහිටලා තියෙන්නේ රක්වාන, රත්නපුර - පැල්මඩුල්ල මාර්ගයේ 82 සැතපුම් කණුව ආසන්නයේ. රක්වාන ගඟේ අතු ශාකවකින් සිංහරාජ වනාන්තරේ සුරියකන්ද නැගෙනහිර බැවුමෙන් ගලා හැලෙනවා.


    42041835.jpg