දියඇලි thread

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    110. වර්නගල ඇල්ල

    උස මීටර් 40යි. පිහිටලා තියෙන්නේ ශ්‍රී පාද කුරුවිට එරත්න්න මාර්ගයේ. ඇල්ලට නම වැටෙන්නේ මේ ඇල්ල ගලන් හැලෙන ගල් ප්‍රදේශයේ ගල් වල වර්ණය හේතුවෙන්. ඇල්ලට ඉහලින් පිහිටි කුඩා ජල විදුලි බලාගාරයක් හේතුවෙන් ඇල්ලේ ජලය අඩු වෙන් පෙන්නුම් කරත් වැහි කාලයට මේ ඇල්ල ඉතාම සුන්දර ලෙස දැක බලාගන්න පුළුවන්

    Warnagala+water+fall.jpg


    Warnagala+water+fall1.jpg


    101431914.jpg


    10464257_1755537184679857_8360003528826367313_n.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    2011 පටන් ගත්තු මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරපු සමහර දිය ඇලි වල ෆොටෝ හෝස්ට් කරපු සයිට් වලින් මැකිලා නිසා මම ඒවා ආයේ මේ ත්‍රෙඩ් එකේ ෆොටෝ එක්ක විස්තරත් අප්ඩේට් කරන්න හිතුණා.

    7. දියළුම ඇල්ල.

    මීටර 171 ක් පමණ උසකින් යුත් ලංකාවේ තුන්වන උසම දියඇල්ල වන මෙය (මම ත්‍රෙඩ් එකේ කලින් මේ ඇල්ල ලංකාවේ දෙවන උසම කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒක නිවැරදි වෙන්න ඕනේ ලංකාවේ තුන් වෙනි උසම කියලා), කොස්ලන්ද සානුවේ සිට පහළ ප‍්‍රපාතයට ඇදෙන්නේ සුදු සේලයක් විදිහට. පූනගල ඔයෙන් ඇරැඹෙන දිය කඳ මේ ඇල්ල නිර්මාණය කරන අතර, එහි ජලය කුඩා ඔයට එකතු වී පසු ව කිරිඳිඔයට එක්වෙමින් හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් තිස්සමහාරාම ප‍්‍රදේශයෙන් සයුරට එක් වෙනවා.

    diyaluma-e2808dfall.jpg




    බලංගොඩ නගරයේ ඉදලා බෙරගල මාර්ගයේ කොස්ලන්ද නගරයේ සිට කි.මී. හයක් පමණ දුරින් මේ ඇල්ල බලන්න පුළුවන්.

    ජනප්‍රවාද වල එන විදිහට ඔය දියලුම ඇල්ල වැටෙන්නෙත් ආදරය නිසා කියන එක. ඌවේ ජනප්‍රවාද වල ඒ කථාව එන්නේ මේ විදහට.

    “අතීතයේ පහතරට ගෝත්‍රික කුමාරයෙක්, තමන් ගේ ගෝත්‍රයට අඩු කුලයක කාන්තාවක් එක්ක ආලයෙන් බැඳිලා. ඒ සුරූපී කාන්තාව විවාහ කර ගෙන තියෙනවා. කුමාරයා විවාහ වුණු කත අඩු කුලයේ බව දැනගත්තු කුමාරයා ගේ ගෝත්‍රයේ අනෙක් පිරිස මොකද කළේ…, මේ දෙන්නම තම ගෝත්‍රයෙන්, රැහෙන් පන්නලා දැම්මලු. ඉතින් කුමාරයා තමන්ගේ පෙම්වතියත් එක්ක කන්ද උඩ රටට ගිහින් හුදෙකලාව ජීවත් වෙන්ට හිතාගෙන ගමන ආරම්භ කළාලු. කන්ද උඩරටට යන්ට කුමාරයා තෝර ගෙන තියෙන්නේ පූනාගල කඳු පන්තිය හරහායි.

    ඉතින් කුමරියත් එක්ක මේ පර්වතය පාමුලට ඇවිත්. මේ පර්වතයෙන් එගොඩට යන්ට ක්‍රමයක් නැතිව ළතැවෙමින් ඉන්න අතරේ කුමාරයාට උපායක් පහළ වුණා. පළමුවෙන්ම තමන් කන්ද තරණය කරන්නටත්, දෙවනුව තම පෙම්වතිය වැලක ආධාරයෙන් පර්වතය මුදුනතට ගැනීමට දිග වැල් පොටක් හොයාගෙන පළමුවෙන් ම කුමාරයා අසීරුවෙන් මේ පර්වතය තරණය කළා. පස්සේ පර්වතයේ මුදුනේ ගහක වැල ගැට ගහලා තමනුත් කඹය තරයේ ම අල්ලාගෙන අනෙක් පොට පර්වතයෙන් පහළට දැම්මා.

    කුමරියක් වැල් පොට ඇඟේ දවට ගෙන, කුමාරයා ගේ උදව්වෙනුත් පර්වතය තරණය කරන්ට පටන් ගත්තා. ඇයට ටික දුරයි තරණය කරන්ට හැකි වුණේ. අවාසනාවන්ත ආකාරයට ඒ වෙලාවෙම මහා හුළඟක් හමන්නට විය. කුමරිය වැල් පොටේ පැටලෙමින් ම එහාටත් – මෙහාටත් පැද්දෙන්නට වුණා. ඇයගේ බෙල්ල වැල් පටේ එතුණා, පැටලුණා. බෙල්ල හිරවෙලා කුමාරිය ම්යැදුණා. කුමරියට ආලය කරපු කුමාරයත් දිවි තොර කරගත්තා.

    ආදරය නිසා තමන්ගේ ගෝත්‍රයත් – තනතුරත් අතෑරපු කුමාරයාට දෛවය කරපු මහා සරදම බලාන උන්නු දෙවි කෙනෙක් මේ සිද්ධිය අහලා බොහෝ ම දුකට පත් වුණා. ඉතින් මේ කනගාටුදායක සිද්ධියට මුල් වුණු පර්වතයට එදා ඉඳන් ම අඬන්න අණ කළාලු.

    ඒ අණකිරීමෙන් පස්සේ පුනාගල ඔය දියළුම ඇල්ල විදිහට පහලට වැටෙන්න ගත්තා කියලා තමයි මේ ජනප්‍රවාද කියන්නේ.මේ ඇල්ලට නම වැටිලා තියෙන්නෙත් “දිය හැළුම” කියන වචනේ කෙටි වෙලා ඒක “දියළුම” වෙලා.

    8. දුවිලි ඇල්ල

    බලං‍ගොඩ කල්තොට මාර්ගයේ කිලෝ මිටර්25පමණ ගිය විට දුවිලි ඇල්ලට හැරෙන ස්ථානය හමුවේ.එතැන් සිට තවත් කිලෝ මිටර් කිපයක් ගිය විට දුවිලි ඇල්ල හමුවේ.

    dsc00232.jpg


    බලංගොඩ මැතිවරණ කොට්ටාශයේ බෙල්ලන්ගල රක්ෂිත මායිමේ වලවේ නදියට සම්බන්ධව දුවිලි ඇල්ල පිහිටා තිබේ.කල්තොට මාර්ගයේ බෙල්ලන්ගල ගමෙහි 16වන සැතපුම් කණුව අසලින් වමට හැරී සැතපුම් දෙක හමාරක් වන මැදින් ඇවිද ගොස් දුවිලි ඇල්ලට ලගා විය හැකිය.කල්තොට මැදබැද්ද මාර්ගයේ සිට ඉලුක්පැලැස්සට වම් පසින් ද මෙයට ප්‍රවිශ්ට වන මාර්ගයක් තිබේ. ඉසිර විසිර ගිය දුලි වලාවක් වාසිරෙන දිය බිදු හාත්පස පාවී යයි.සුර්ය රශ්මිය කිරණ මේ ජල දුවිලි වලාව හරහා යමින් මවන දේදුන්නඅතිශය චමත්කාරජනකය. ලංකාවේ ආදිතමයා ලෙස සැලකෙන බලංගොඩ මානවයා සොයා ගැනීම සිදුවුයේ මෙම දිය ඇල්ල ඇශ්‍රිත බෙල්ලන් බැදි පැලැස්ස ග්‍රාමයෙනි .ශ්‍රි ලංකාවේ දක්නට ලැබෙන දුවිලි ඇලි පහෙන් ප්‍රමුඛයා මෙම දුවිලි ඇල්ලයි.අලි දඩයමේ යමින් සිටි ඉංග්‍රිසි ආණ්ඩුකාර වරයෙකු මෙම දිය ඇල්ල සොයා ගෙන ඇති බව ද වාර්තා වේ.මෙම‍ දිය ඇල්ල සමන් දෙවින් විසින් මැව්වක් බව ගැමියෝ විශ්වාශ කරති.

    දුරාතීතයේ විසු එක් රජ කුමරෙකු පරසතුරන් සමග යුධ වැදීමේ දී ඹහුගේ රන් ඇභරණ සගවා ගියේ ඇල්ලේ ගල් කුහරයක බව බවට ජනප්‍රවාධයේ පවතී.දිය ඇල්ල පතිත වන ගැඹුරැ ජලාවාටයේ රන්තෝඩු පැළදි ආදෙක් සහ රන් පුහුලක් ඇති බවටද ගැමියන් අතර විශ්වාසයක් ඇත. වලවේ ගගෙන් උපත ලබන මෙම දිය ඇල්ල උසින් අඩි 131කි.කදු බෑවුන් හා ප්‍රපාත වලින් ගහන මහ වන පෙතක පිහිටි දුවිලි ඇල්ල නැරඹිමට යාමේ දී ප්‍රවේශම් විය යුත්තේ වල් අලින්ගෙනි.පලා පෙලොගුන්ද මෙහි ඇත.දුවිලි ඇල්ල අවට ප්‍රදේශය සබරගමු පළාත් සභාව මගින් පරිසර සංරක්ෂණ කලාපයක් බවට ප්‍රකාශයට පත් කර ඇති අතර වන රක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ද ශ්‍රි ලංකා‍වේ ප්‍රථම ඹෟෂධ භූමිය ලෙස මෙහි අක්කර 300ක භූමියක් වෙන් කර ඇත.බෙල්ලන්ගල රක්ෂිතය මැදින් දුවිලි ඇල්ල වෙත යාමට වැටී ඇති මාර්ගය වාහන ගමන් කළ හැකි ලෙස සකසා ති‍බේ .
    මෙහි අරළු,බුළු නෙල්ලි වැනි ඹෟෂධීය ගුණයෙන් පිරිපුන් ශාක ද සබරගමුවට ආවේණික 'ලෙත් ඩින්සාටේ 'සමනළ වර්ගයද 'ගැලොපර් ඩිකස් බයිකල් කරාටා 'නැමැති සත්ව විද්‍යාත්මක නාමයෙන් හදුන්වන,ශ්‍රී ලංකා‍වට ම පමණක් ආවේණීක හබන් කුකුලා ද මෙම පරිසරය තුළ දැක ගත හැක.

    10. මරේ ඇල්ල හා ගාට්මෝර් ඇල්ල

    මරේ වතුයාය සිරිපා මායිමේ පිහිටා තිබෙන විශේශිත ප්‍රදේශයක්. රජමලේ-සිරිපා මාර්ගය ආරම්භ වන්නේත් මේ වතු මායිමෙන්.මෙම දිය ඇලි දෙක පිහිටා තිබෙන්නේ නල්ලතන්නියේ සිට කි.මී පහක පමන දුරින්. ගාට්මෝර් ඇල්ල ගාට්මෝර් වතු යායේ පිහිටා ඇති නිසා එම නමින් හැඳිනුවද ශ්‍රීපාද ඇල්ල නමින්ද ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

    මේවායේ විශේෂත්වය වනුයේ දිය ඇලි දෙක ඍජුවම මාඋස්සකැලේ ජලාශයට වැටෙන පරිදි නිර්මානය වී තිබීමයි.ඉතා ලඟින් පිහිටි දිය ඇලි දෙකක් ඍජුව ජලාශයකට පතිත වීම ඉතාම දුර්ලභ සොඳුරු දර්ශනයක්.

    ගාට්මෝර් ඇල්ල(වම) සහ මරේ ඇල්ල (දකුණ) එකම රාමුවේ.

    142ugs1.jpg


    11. ඇල්ජින් දිය ඇල්ල.

    උස 25m අඩි 82. පිහිටලා තියෙන්නේ අඹේවෙල ඇල්ජින් තේ වත්තේ. ඇල්ජින් කියන නම වැටුනේ ස්කොට්ලන්තේ ඇල්ජින් කියන නගරයෙන්. මේක හැදිලා තියෙන්නේ දම්බගස්තලාව ඔයෙන්.

    734499_509783689045180_184887101_n.jpg


    13. ගල්දොල ඇල්ල.

    උස 100m අඩි 328. පිහිටලා තියෙන්නේ රක්වාන, රත්නපුර - පැල්මඩුල්ල මාර්ගයේ 82 සැතපුම් කණුව ආසන්නයේ. රක්වාන ගඟේ අතු ශාකවකින් සිංහරාජ වනාන්තරේ සුරියකන්ද නැගෙනහිර බැවුමෙන් ගලා හැලෙනවා.

    mmmakajs.jpg


    15. හඳපාන ඇල්ල.

    උස 23m අඩි 75. පිහිටලා තියෙන්නේ රක්වානේ. රක්වාන ඔය පටන් ගන්නේ මේ දිය ඇල්ලේ උඩ කොටසෙන්. කබරගල හා සිංහරාජ කදු වල උතුරු කොටසේ නිම්නයේ තමයි මේක ගලා හැලෙන්නේ. මහනුවර යුගයේ ඇහැලේපොල නිලමේ තුමාගේ නිධානයක් මේ ඇල්ලේ සඟවලා තියනවා කියලා ජනප්‍රවාදයේ කියනවා.

    4855505-Rakwana_Sri_Lanka.jpg


    16. හුන්නස් ඇල්ල.

    උස 60m අඩි 197. පිහිටලා තියෙන්නේ මහනුවර ඇල්කඩුවේ. මේ ඇල්ලට උඩින් හුන්නස් ෆෝල්ස් හෝටලේ පිහිටලා තිබෙනවා. ලැබුන තොරතුරු අනුව ඉහල සිට ගලාගෙන එන ජල පහර කෘත්‍රිම වැවකට එකතු කරලා ඒ වතුර මේ පර්වතයෙන් ගලා හැලෙන විදියට නිර්මාණය කරන ලද්දක්.

    hunas-falls-hotel-26-11-15-1448602189.jpg


    18. මහකඳුර ඇල්ල.

    උස 102m , අඩි 334. පිහිටලා තියෙන්නේ මහනුවර - රාගල අතර 25 ත් 26 ත් සැතපුම් කනුව අතර. ලඟම පිහිටි නගරය හඟුරන්කෙත. මේ ඇල්ල පෝෂණය වෙන්නේ කටුකැලේ වත්තෙන් ගලා හැලෙන නදියෙන්.

    11538006_1605456506401813_7741290873830417600_n.jpg


    19. කුරුඳු ඔය දිය ඇල්ල. (මතුරට ඇල්ල)

    ලංකාවේ දෙවැනි උසම දිය ඇල්ල. උස 189m , අඩි 620. පිහිටලා තියෙන්නේ නුවර එළිය දිස්ත්‍රිකයේ, කඳපොල කූඩූගල වනාන්තරේ. පෝෂණය වන්නේ කුරුඳු ගඟෙන්. මෙය මහවැලි ගඟට එකතු වෙනවා.

    xcrcih.jpg


    12151_475878649118175_1937922229_n.jpg




    Code:
    [url]http://www.silumina.lk/2012/09/16/_art.asp?fn=av12091615[/url]

    20. ලක්ෂපාන දිය ඇල්ල.

    ලංකාවේ 8 වෙනි උසම දිය ඇල්ල. උස 129m , අඩි 676. ලෝකෙන් 625 වන උසම දිය ඇල්ල. ලක්ෂපහන නම හැදුනේ පහන් ලක්ෂයක් දැල්වීමට හැකියාව ආරුඩ වීමිනේ. ගැමියන් අතර "වැද්දා සිටි ඇල්ල" කියලත් කියනවා. ඉතිහාසයේ බුධුරජහාණන් වහන්සේ ලංකාවට වැඩම කර ශ්‍රී පදයට යන අතරතුර උන් වහන්සේගේ සිවුර මෙම ස්ථානයෙන් මසාගත්තා කියලත් සඳහන් වෙනවා.

    5394_1024x1024_2013-07-25-11-21-52.jpg


    පිහිටලා තියෙන්නේ නුවරඑළියේ අඹගමුව කෝරලේ, ගිනිගත්හේන ප්‍රාදේශීය කොට්ටාශයේ. බලන්න යන්න පුලුව්වන් හැටන් මස්කෙළිය පාරෙන්. පෝෂණය වෙන්නේ මස්කෙලි ඔයෙන්. ලක්ෂපහන විදුලි බලාගාරය මෙමගින් ලැබෙන ජලයෙන් මෙගා වොට් 50 ක විදුලිය නිපදවනවා. මේ අවට ලක්ෂපහන, පතන, කිරිවනේලිය, මුරුත්තතැන්න, කොටලෙන, හුණුගල හා බැලුම්ගල ගම්මාන පිහිටලා තියනවා.

    21. ලවර්ස් ලීප් (Lovers Leap)

    උස 30m , අඩි 98. පිහිටා තිබෙන්නේ නුවරඑළියේ. නම පට බැඳුණේ දඩයමේ ගිය රජ කුමාරයෙක් අතරමන් උනාට පස්සේ මේ අවට ජීවත් උන ලස්සන ගැහැණු ළමයෙක් හමු උනා. පසුව මේ දෙන්න වෙන් කරන්න බැරි තරමටම ආදරෙන් බැඳුනා.

    මේක නොරිස්සපු කුමාරයාගේ තාත්තා එයාගේ හේවායෝ දාලා මෙයාලව හෙව්වා. අන්තිමට මෙයාලා මේ දිය අල්ල ළඟට ඇවිත් වෙන කොහෙවත් යන්න බැරි නිසා දෙන්නම අත් අල්ලාගෙන මේ ඇල්ලෙන් වැටිලා මැරුනලු.

    nuwara-eliya-lovers-leap.jpg


    lovers-leap-falls-nuwara-eliya.jpg


    Code:
    මගේ ලවර්ස් ලීප් සංචාරක සටහන - http://www.elakiri.com/forum/showthread.php?t=1667548

    24. නක්කාවිට ඇල්ල

    උස 100m , අඩි 328. පිහිටලා තියෙන්නේ දැරණියගල. පෝෂණය වෙන්නේ මහගල් ඔයෙන්. හින්ගුරංගල කන්දේ බටහිර බැවුමේ ගල්තලාවේ තමයි මේ ඇල්ල ගලා හැලෙන්නේ.

    2i76btc.jpg
     
    • Like
    Reactions: Sri_Sampath

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    කලින් දාපු දිය ඇලි වල විස්තර පින්තූරු එක්කම අප්ඩේට් කිරීම. දෙවනි කොටස

    25. නානුඔය දිය ඇල්ල.

    උස 60m , අඩි 197. පිහිටලා තියෙන්නේ නානුඔය. පෝෂණය වන්නේ උඩරදැල්ල හා බඹරකැලේ ඔය වල් වලින් හැදෙන නානුඔයෙන්. ගලාගෙන හැලෙන ජලය මේ ඇල්ලේ පඩිපෙල් 25 ක් මතින් පහලට කඩා හැලී කොත්මල් ඔයාටත් එතනින් මහවැලි ගඟටත් එකතු වෙනවා.

    P1100867.JPG






    26. ඕළු ඇල්ල

    උස 200m. පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ අමනාවෙල ග්‍රාමසේවා වසමේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙවැනි උසම දිය ඇල්ල. කොටස් හතරකට කඩා හැලෙන මේ ඇල්ල වැටෙන ස්ථානය ඕළු දොළ කියලා කියනවා. පසුව වී ඔය එක්ක එකතු වෙන මේ ජලය යටියන්තොට සමන් දේවාලය අසලින් කැළණි ගඟට එකතු වෙනවා. මේ ඇල්ලෙන් මේ අවට ගොවි ජනපද ගොඩකට ජල පහසුකම් සපයනවා.



    27. පුන්ඩළු ඔය දිය ඇල්ල. (දුන්සිනානේ ඇල්ල)

    උස 100m , අඩි 328. පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, පුන්ඩළුඔය දුන්සිනාන් හා ෂයින් තේ වතු අතර මැද. පෝෂණය වන්නේ පුන්ඩළු ඔයෙන්. ගලාගෙන යන ජලය කොත්මලේ ඔයට එකතු වි කොත්මලේ ජලාශයට එකතු වෙනවා. මේ ඇල්ල මැද කුඩා හින්දු කෝවිලක් ඉදි කර තිබෙනවා. ඉහල කොත්මලේ විදුලි බලාගාරය නිසා මෙයට ලැබෙන ජල ප්‍රමාණය සැහෙන අඩු වෙලා තියනවා.



    6940288986_abd0cedbde_b.jpg

    පින්තූර අයිතිය පැතුම් ජයසේකර

    35. රිකිල්ලේ ඇල්ල.

    උස 30m , අඩි 98. පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටියේ. රිකිල්ල කියන නම වැටුනේ ගසක අත්තක හැඩයක් ගන්න නිසා. පෝෂණය වෙන්නේ හුනසල්දෙනිය කන්දෙන් එන දොළ පහරකින්.

    Rikille%20Ella%20Waterfall.jpg


    39. දෙවතුර ඇල්ල. (තේ වතුර ඇල්ල)

    උස 72m , අඩි 236. පිහිටලා තියෙන්නේ මහනුවර නුවරඑළිය මාර්ගයේ රම්බොඩ කිට්ටුව. ප්‍රධාන මාර්ගයට පෙනෙන්නේ 10m පමණ ඇල්ලේ සුළු කොටසක් විතරයි. මාර්ගයේම නුවර එළිය දෙසට තව 4km පමණ ගියහම මුළු දිය ඇල්ලම දැක බලා ගන්න පුළුවන්. පෙරේටස් තේ වත්ත සහ තේ කම්හල පිහිටා තියෙන්නේ මේ ඇල්ල උඩින්. ගලාගෙන යන ජලය කොත්මලේ ජලාශයට එකතු වෙනවා.

    11-Devathura-Fall.jpg




    40. දෙහෙන ඇල්ල.

    උස 74m , අඩි 242. පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ, වේවැල්වත්ත, වේවැල්දොළ, පහලගම හා අමුණුගම ග්‍රාමයන් අතර. පෝෂණය වෙන්නේ "ගස්ලබු" කුඩා ඔයෙන්. මේ ඔය පසුව දෙහෙන දොළ බවට පත් වෙලා මේ ඇල්ලෙන් වැටිලා බඹරකොටුව ගඟට එකතු වෙනවා. වැහි කාලවලට මේ ඇල්ල අවට මීදුමෙන් පිරෙනවලු. මේ ඇල්ලේ සද්දේ ඇල්ල පෙනෙන්න ඉස්සර වෙලා ඇහෙනවලු.

    DSCF6462_edited.JPG




    41. මොචා ඇල්ල.

    මෙය දැකගන්න පුළුවන් වෙන්නේ වැසි කාලෙට විතරයි. දැන් මේ පළාතට ගියොත් මේ ඇල්ල හොඳට බලාගන්න පුළුවන් වෙනවා. මෞසකැලේ ජලාශය අශ්‍රිතව මොචා තේ වත්තේ තමයි මේක පිහිටලා තියෙන්නේ. මේ ලඟින්ම ගාට්මෝර් ඇල්ල, මරේ ඇල්ලත් පිහිටලා තියනවා. මස්කෙළිය සිට අප්කොට් දක්කවා යන අතර තුර මේ ඇල්ල බලාගන්න පුළුවන්.

    10865318656_370f468f15.jpg


    52. වී ඔය ඇල්ල.

    උස 20m , අඩි 65. පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, යටියන්තොට සිට 13km දුරින් පිහිටි මලල්පොල, වී ඔය රබර් වත්ත ආශ්‍රිතව. බෝම්පෙපොල වනාන්තරයෙන් ගලාගෙන එන කුඩා දොළ පහරවල් කීපයකින් සැදෙන මේ ඇල්ල වී ඔයට එකතු වෙනවා.

    11641839536_f6c5abbc25.jpg


    53. කටුබූල ඇල්ල (කඩියන්ලෙන ඇල්ල).

    උස 8m , අඩි 26. පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, නාවලපිටිය, තලවකැලේ ප්‍රධාන මාර්ගයේ (B317) කඩියන්ලෙන නගරයේ කටුබූල වතුයායේ. කොටස් තුනකට කඩා හැලෙන මේ ඇල්ල ලංකාවේ ලස්සනම ඇලි වලින් එකක්.



    110772714.jpg


    54. මාකෙළි ඇල්ල.

    උස 10m , අඩි 32. මනාලියකගේ වෙල් එකක් සේ දුරට දිස්වෙන මේ ඇල්ල පිහිටලා තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ, මතුගම - අගලවත්ත මාර්ගයේ ලත්පඳුර, මොල්කාව මාර්ගයේ. ගලාගෙන යන ජලය කුඩා ඔයට එකතු වි කැළණි ගඟට එකතු වෙනවා. කුකුලේ ගම ව්‍යාපෘතිය නිසාවෙන් මේ ඇල්ලේ සුන්දරත්වය කෙමෙන් කෙමෙන් අභාවයට යන තත්වයක් උදා වෙලා තියෙනවා.

    54802254.jpg


    65. පන්ඩි ඔය දිය ඇල්ල.

    උස 45m , අඩි 147. නම වැටුනේ මේ ඔයේ ඉන්න "පන්ඩි" කියන ඔයේ විරුද්ධ පැත්තට පිහිණන මාළු ජාතියක් නිසා. ඇල්ල පෝෂණය වන්නේ බත්ගුරුල කන්දෙන් පටන් ගන්න පන්ඩි ගඟෙන්. පන්ඩි ගඟ කළු ගඟට එකතු වෙනවා. පිහිටලා තිබෙන්නේ රත්නපුර, වේවැල්වත්තේ බිබිල කියන ගම්මානයේ.

    66. පීස්ස ඇල්ල.

    උස 45m , අඩි 147. නම වැටුනේ "පීස්ස" කියන වචනයෙන්. ආදී කාලේ දුටුගැමුණු රජතුමා මේ ඇල්ල තමාගේ වඩු කාර්මිකයෝ, පෙදරේරු කරුවන්ට මේ ස්ථානයේ එක්රැස් කරලා ඔවුන් හමු වෙලා ඉදිකරන, ඉදිකරන්න නියමිත වෙහෙර විහාර ගැන සාකච්චා පැවැත්වුයේ මෙතන කියලයි සඳහන් වෙන්නේ. එකයි මේ අල්ලට පීස්ස නම වැටුනේ. ලුණුගල කන්ද මුදුනෙන් පටන්ගන්න උල්පතකින් තමයි මෙය පෝෂණය වෙන්නේ. ඉඩෝර කාලෙටත් මේ ඇල්ලෙන් වතුර කඩා හැලෙනවා. වැසි කාලේ මේ ඇල්ල කොටස් දෙකකට ගලනවා. මේ ඇල්ලේ ජලය 5km ක් පමණ උන ඇලමාර්ගයකින් මේ අවට අක්කර 20 ක පමණ වගාවන් වලට ජලය සපයනවා. මේ ඇල්ල පිහිටලා තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, පස්සර ගොවි කොලනියේ පීස්ස ගම්මානයේ.

    1.JPG


     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    67. බාල මාල ඇල්ල.

    උස 32m , අඩි 104. පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කහන්ගම ප්‍රදේශයේ. කොටස් 3 කින් සමන්විත වෙනවා. ඇල්ල පාමුල 6m ගැඹුර පොකුණක් පිහිටලා තිබෙනව

    balla-mala-ella.jpg


    68. අහුපිණි ඇල්ල (අසුපිණි ඇල්ල)

    උස 30m , අඩි 98. පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ. මේ ඇල්ල මහා ඔයේ කොටසක්. ඇල්ලේ ඉහල කොටස අයිති වෙන්නේ උඩුවෙල ග්‍රාමසේව වසමට. මේ ඇල්ලේ පාමුල පොකුණේ දිය නෑමට නුසුදුසුයි කියලා කියනවා. ගම්මු කියන විදියට ආදී කාලේ ඉතා ලොකු බලවතෙක් තමාගේ අශ්වයා සමගම ඇල්ලෙන් පැනලා සියදිවිනසා ගත්තලු. ඒ හේතුවෙන් මේ ඇල්ල බියකරු ස්වභාවයක් ගන්නවා. සමහර දවස් වල විනාඩි 15 ක පමණ ඇඟ කිලිපොලා යන සද්දක් මේ ඇල්ලෙන් එනවලු. මේ සද්දේ අහුනොතින් මාස දෙකක් ඇතුලත මිනිස් බිල්ලක් මේ ඇල්ල ගන්නවලු. ආදී කාලේ මේ ඇල්ලෙන් සතර කෝරලේ හා පරණ කුරු කෝරලේ මායිම් වෙන් කෙරුනලු.

    61401694.jpg




    69. අරදුණු ඇල්ල.

    උස 30m , අඩි 98. නම හැදිලා තියෙන්නේ මේ ඇල්ල දුන්නක හැඩයක් ගන්න නිසාලු. පුරාණයේ වළගම්බා රජු ඉන්දීය ආක්‍රමණ වලින් බේරීම සඳහා මේ ඇල්ලේ ගුහාවක සැඟවිලා හිටියා කියලා ජනප්‍රවාදයේ කියවෙනවා. මේ ඇල්ලේ උමගකින් අනික් පැත්තෙන් පස්සර රජමහ විහාරයට යෑමට හැකි උනාලු. දැනට මේ ඇල්ල වියළි කාලයේදී පමණක් දැක බලාගන්න පුළුවන් වෙනවා මොකද මේ ඇල්ල උඩින් තිබෙන තේ වත්ත ආශ්‍රිතව තිබෙන විදුලි බල උත්පාදන යන්ත්‍ර වැඩ කරන්නේ නැති කොට. ඇල්ල පිහිටලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ, පස්සර මැතිවරණ කොට්ටාශයේ මඩොල්සිම ප්‍රදේශයේ. ඇල්ල පෝෂණය වෙන්නේ ලොග්ගල් ඔයෙන්.