Future of Sri Lankan Underworld

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ගෝනවල සුනිල්ගෙන් පටන් ගෙන

    සොත්ති උපාලි
    news6.gif

    වම්බොට්ටා
    iss-17-2.jpg


    ධම්මික අමරසිංහ
    spotlightpic.1.a.jpg


    බැදදගානෙ සංජීව
    2Q==


    ඕල්කට්
    images


    ෆාජි
    Z
    p1-faji.jpg



    පොට්ට නෞෆර්
    images


    ආනමාලු ඉමිටියාස්
    Z

    images



    චින්තක අමරසිංහ , කලු අජිත්, මොරටු සමන්, දෙමටගොඩ කමල්, කිඹුලා ඇලේ ගුණා, තෙල් බාලා , ප්‍රින්ස් කොලම් , ධනුශ්ක ,
    නෙලුවේ ප්‍රියන්ත , කඩුවෙල වසන්ත, ආමි රොෂාන් , උස කුමාර ආදි 70 , 80 , 90 දශක හා පසුගිය දශකයෙ මුල් භාගයෙ පාතාල
    ලොව හෙල්ලු බොහොමයක් අද වන විට මිය ගොස් ඇත. සමහරුන් අතුරුදන් වී ඇත. සමහරුන් හිරගෙදර සිය ජීවතයෙ අවසාන කාලය
    ගත කරයි. පාතාල ලොව ගෝඩ් ෆාදර් කිරුල දිනු නාවල නිහාල් හට සිදු වූ දෙය ඔවුන්ගෙ සගයන්ද නොදනි.
    nawala.jpg


    මෑතකදි පාතල ලොව තුල සිදු වූ අදුරු අතීතයන් නැවතත් කරලියට පැමිණෙන්නෙ පාතාල ලොව ප්‍රබල චරිත වූ නේවි අසංක ,
    නේවි රුවන් පොලීසියට ආයුධ පෙන්වීමට ගොස් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වීම හේතුවෙනි . දිගු කාලයක් පොලිස් ඇසට වැලි ගසා
    පාතාලෙ කෙරුම් පෙන්නු කරාටෙ ධම්මිකද අතුරුදහන්ය.

    නේවි රුවන්
    n3er.jpg


    නේවි අසංක
    188319_154942814566473_100001522669207_330560_6033628_n.jpg


    කරාටෙ ධම්මික

    Dammika.jpg


    අයිස් මංජු

    images


    නෙලුවේ ප්‍රියන්ත

    294056543priyantha.jpg


    ---------------------------------------------------------------------
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    දැන් සිතිය යුත්තෙ ලංකාවෙ පාතාල ලෝකයෙ අනාගතය කුමන අයුරින් දරුණු විය හැකිද යන්නයි.පොලොන්නරුවෙ පොඩි විජේලා ,
    මරදානෙ චොප්පෙලා , අග්ගොන චන්දරේලා මෙන් නොව අද සිටින සොත්ති උපාලිලා ඉතා දරුණුය. ගමක් බිය කරගෙන සිටි චන්ඩිගෙන්
    පැවතගෙන ආ සංස්කෘතිය පාතාලය බවට පත් වී මුලු රටටම පිළිලයක් විය.කඩු , ඩප්පි ඉතා ඉක්මනින් තුවක්කු, බෝම්බ විය. ජාවරම් වලින්
    පෝෂණය වීමට තැත දැරු පාතලය මෙන් නොව පසු කලෙක බලයට පාතලයේ ලොක්කන් සටන් කලේය. කසිප්පු නොදීම් නිසා කලහ කර
    ගැනීමට ගිය කැලණියේ ඩයස් , හෝටලයක් නිසා මැරුම් කෑ ඉතාලි ජගත් එවාට හොද උදාහරණය. පාතාලයට ජාතිවාදයද සම්බන්ධ වුණි.
    සුදාකරන්ගෙන් දෙමල පාතාලයක් ඇරඹුණි. එය ඉවසාගත නොහැකිව කුඩු නූර් , ෆාජි ,ආනමාලු ඉමිටියාස් මුස්ලිම් පාතාලයක් ඇතිකර දෙමල
    පාතාලය විනාශ කලේය. මුස්ලිම් පාතලය අවසානය සිදු වූයේ ප්‍රින්ස් කොලම්ගෙන් ඇරඹි සිංහල පාතාලය හේතුවෙනි.


    මොරටු සමන් දැන් මොරටුවේ නැත. මොරටු සමන්ගෙ ඉතාම සමීප පාතාලෙ සාමාජිකයෙකු වූ " සුදු මල්ලි " දැන් ඉතාලියෙ ජීවත් වේ.
    ඔහු ඉතාලි කාන්තවාක් විවාහ කරගෙන සිටියි. දැන් මොරටුවට සමන් නැති අඩුව පිරිමහන්නට ලසන්ත නැමත්තෙකු කුරුමාණම් අල්ලයි.ගංජා හා
    මත්කුඩු ඔහුගේ ජාවාරමයි.රත්මලානෙ එකල පාතාලයෙ සිටි කෙරුමෙකු වූයෙ උස කුමාර නැමැත්තායි.දෙහිවල ජගත් ඝාතනය කරමින් කරලියට
    පැමිණි ඔහුත් පොලිසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ගොස් මැරුම් කෑවේය. දැන් මත්කුඩු ජාවරම සමගින් රත්මලානට පාතාල සංස්කෘතිය
    නැවත බෝ කිරිමට උත්සහ කරන්නෙ කුඩු රාජාය.

    බොරැල්ලෙ ඔල්කට් කුරුණෑගලදී මිය ගියේය. ඔහුගෙ මාමා තම නෑදෑ පුතුගෙ හා දමිත නැමති ඕල්කට්ගේ සමීපතමයා
    ගෙ පුරසාරම් දොඩමින්
    ඉතාලියෙ ජීවත් වේ. කුඩු නිලංග , කිතුල්වත්තෙ හාමු මෙන්ම අම්මාන් නැමැත්තන් දැන් බොරැල්ලේ සිට පාතාල ලොව අකුරු කියවමින්
    සිටියි.භාරත ලක්ෂ්මන් මහතාගෙ ඝාතනයෙන් තවත් පාතාලයන් ගැන තතු හෙලි වෙති . බස් චූටිගෙ ගෝලයෙකි වන වැල්ලම්පිටියෙ හැරිසන්
    ඉතා ඉක්මනින් පාතාල ලොව ඉහලට යන චරිතයක් බවට පත්ව ඇත. කරාටෙ ධම්මික අතුරුදහන් වුවත් ඔහුගේ ගෝලයන් වූ පාන් අනුර ,
    මංජු , තිලංක, කුඩු ගැමුණු , දිනහේවා, නොන්ඩි අජිත් මේ අතරින් ප්‍රධානය.

     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ෆාජිගෙ සෙවන යටතේ මාලිගාවත්තෙ රජ කල මාමස්මිටත් වැඩ වැරදෙමින් පවතී. ඒ ජලාශ පාරෙ චිප්පේද කුඩු ජාවරම රැගෙන කොලඹට පැමිණ
    ඇති නිසාය.ඔහු අවි ජාවාරමද සිදු කරයි.බ්ලුමැන්ඩල්හී ප්‍රින්ස් කොලම්ට අවසානය ලගා වුයේ ශ්‍රිලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ තරගයක් නරඹන
    අතරතුරේදිය.බ්ලුමැන්ඩල්හි සංජිව තවමත් බන්ධනාගාරයේය. මට්ටක්කුලියෙ ගල් සම්පත් හා නුවන්ලා පාතල ලොව අදුරට දැන් හුරුවෙමින් පවති.
    කොම්පඥ්ඥවීදියෙ මැක්සිත් එසේමය. අංගොඩ දාබරේ , බිත්තර චමින්ද , සිංහපුර දීප්ත තවත් පිරිසකි.

    කඩුවෙල වසන්ත මිය ගියත් කඩුවෙල වාසල තවමත් පාතල ලොව සැගවූ චරිතයක් ලෙස ජීවත්වේ.මිනී 35කටත් අධික සංඛයාවකට
    වගකිවයුතු නදුන් නැමැත්තා දරුණු පාතාල නායකයා සිටින්නේ ඉතාලියේය.
    ඔහු ඉතාලියේ ඉතා සාමකාමි ජීවිතයක් ගතකරන අතර
    ඉතාලි ශ්‍රි ලාංකිකයන් විසින් පවත්වන උත්සහ වලට පවා සහභාගිවේ. ෆේස්බුක් වෙබ් අඩවියේ පවා සිටියි. එහෙත් ඔහු කවුද කියා හරියටම
    දන්නෙ ඔහුත් සමග සාද වලට සහභාගිවන පිරිස සහ ඔහුව ලගින් ඇසුරු කරන තරුණ පිරිසයි.මාතර සුමිත් , දෙවුන්දර චමත් , උනාකූරුවේ ශාන්ත ,
    මාතර සෙල්ල , මදුශ් , තරුදු , බද්දේගම ප්‍රසන්න , බාබර් රංග , චමින්ද දැන් දැන් දකුණේ පාතාලයට අත පොවා ඇත. රත්ගම මදුර විදේශ
    ගතව සිටියත් ඔහුගෙ කටයුතු මෙහෙය වීමට බුස්සේ ලලිත් සිටී.

    මොවුන් සියල්ලගේම ප්‍රධාන ජාවරම මත්කුඩුය. එමෙන්ම කුලි මිනීමරුවන් මෙන කටයුතු කරන අතර කප්පම් ගැනීමද සිදුකරයි. අනාගතයේදීත් සොත්ති උපාලිලා බිහිවිය හැකි නිසා එය නැවත්වීමට දැන්ම පටන් කටයතු කල යුතුය.

    නොසැලෙයි
    දිවි මකුළු ඇස නොසැලෙයි
    නළියයි
    අඳුන් දිවි නිය පහුර නළියයි
    උකුසු ඇසට නොපෙනී
    මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි
    මොන නීතියද මේ
    මිනිස් වනාන්තරේ

    සඳ එළියේ
    දිව්‍ය ලෝකෙන් පාවී
    කුණු කසළ වැටි වැටී
    නිවි නිවී යයි ගිනිදැල් අපායේ
    කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ

    විනිසුරු අසුනේ
    සත් පුරුෂ ප්‍රාණේ
    කළු රෙද්දෙන් ඔතලා
    අපරාධය හෝ ඝාතකයා හෝ
    විනිවිද නොපෙනේ

    නීති පොතේ ඉන්ද්‍රජාලේ
    ඝාතකයා - මිනීමරන්නේ - තිරිසනා
    විනිසුරුවා - නඩු අසන්නේ - මිනිසා
    මුනිවරයා - සමාව දෙන්නේ - දෙවියෝ




    --------------------------------------------------------------

    Written by Eighty
    Elakiri.com
    2011 \12\ 10

    captureuun.jpg

     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    නියම විස්තරයක් මචන් ලස්සනට කියවන්න ආස වෙන විදිහට ලියල තියෙනවා +++:cool:
     
    • Like
    Reactions: eghty