Re Tharuwak Wee Mage Loke

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    niyamai
    m105.gif

    digatama liyanna :yes: keep up the good work :cool:
    rep added ;)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගූඩ් මෝනින් පැටියෝ ඔය තවම දොයිද? අනේ නැගිටින්නකෝ රත්තරන්..... දිලිනි මාව නැගිට්ටවනකන් කිසිම හැල හොල්මනක් නැතුව සනීපෙට නින්ද ගිය කවදාවත්ම නැතුව, ආත්ම ගානක ඉඳන් පතාගෙන ආව ඒ ලස්සන සුරංගනාවී මගේ ලඟින් ඉන්නවා දැනෙන කොට තවත් මොකට මන් නිදි මරන්නද? නිදි මරාගෙන මන් මොනවා ගැන හිතන්නද?
    මම නැගිටලා ඉන්නේ මණික කෝ එන්න මෙහාට ටිකක් තුරුල් කරගන්න, මගේ පුංචි කෙල්ල උදේම නැගිටලා මොකෝ මේ ආ?
    එහෙම තමයි හොඳ බිරිඳක් උනාම නිවාඩු දවසට උදේම නැගිටලා මහත්තයට කන්න දෙයක් හදල එය නැගිටින කොට ඔක්කොම ලෑස්ති කරලා තියන්න ඕනේ,
    අනේ අනේ මගේ කෙල්ල ගැන මන් දනන්වනේ, එකනේ මන් මෙච්චර ආදරේ පැටියෝ ඔයාට,

    අපෝ අපෝ මේ කම්මැලි කොල්ලෝ දැන් නැගිටිනවා බොරු චාටු කතා කිය කියා තවත් නිදාගන්න තමයි ඔය ලෑස්ති වෙන්නේ, නැගිටලා උදේට කාල ලස්තිවෙන්නකෝ බබා අපි අද එලියට යමු, මට තියනවා ඔයාට සුබ ආරංචියක් කියන්න, මට එක කියනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ, එත් මෙහෙම කියන්න බේරී නිසා කොහොම හරි ඉවසන් ඉන්නවා,

    ආ ආ... මොකද්ද ඒ පාර කෙල්ල උදේම බටර් පාර දාල ගානකට විදින්න වගේ යන්නේ නේද? හි හි හි .....

    අනේ යන්න සමී ඔයා හරි නරකයි මන් කවදාවත් එහෙම ඔයාට කරදර කරලා තියනවද? කවදාවත් ඔයාගෙන් මන් සල්ලි ඉල්ලලා තියනවද?

    හරි හරි බබා මන් විහිළුවක්නේ කලේ, හරි හරි දැන් ඕකට මූණ එල්ලගන්න ඕනේ නෑ, කියන්නකෝ මොකද්ද කියන්න තියෙන්නේ කියල......
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බෑ බෑ බෑ බැමයි....කියන්නෙම නෑ නෑ නෑ..... අයි මාට එහෙම කීවේ මන් කොච්චර ආදරේද ඔයාට, ඔයාට මන් කියන්න හැදුවේ ඔයා ගොඩක් ආස කරන දෙයක්, ඔයා හැමදාම මගෙන් ඉල්ලුව දෙයක් එත් බලන්න ඔයා මගේ මූඩ් ඔක්කොම නැති කලා මූකලන් බස්සා.....

    මොකක්, කවුද යකෝ මූකලන් බස්සා ආ.....

    වෙන කවුද යකෝ උබනේ හු හු හු හු ......

    කෙල්ල ඔහොම ඉන්නයි කීවේ දුවන්නේ නැතුව, මේකිගේ කට දැන් වැඩියි.......

    හු හු හු හු හු අල්ලයි මාව.....

    උබව කෙල්ලේ අල්ල්ලගත්තේ ගොඩක් කාලෙකට කලින්,

    හරි හරි කොහොම හරි ඇදෙන බස්සා ගත්තනේ, දැන් ඉතින් හොඳ ළමය වගේ ගිහින් වොෂ් එකක් ගෙන ලෑස්තිවෙලා පල්ලෙහාට එන්න බබා කෙම කන්න.

    මෙකිනම් මහා පිස්සු කෙල්ලෙක්, මටම ලැබුන නිසා හොඳයි, මේකිව නැති උනානම් එහෙම මට මොනවා වෙයිද දන්නේ නෑ......මටම කියාගන්න ගමන් වොෂ් එකක් දාගන්න බාත්රූම් එකට ගිය, එත් මට තාම හිතාගන්න බෑ මෙයා මොනවා ගැනද මේ කියන්න හදන්නේ කියල, කමක් නෑ එක්කෝ ඕන දෙයක් අද ඉරිදා දවසේ ගිහින් ටිකක් ඇවිදලා එනවා, කෙල්ලත් පවුනේ මුළු සතියම ගෙදරට වෙලා තනියම් ඉන්නවනේ,
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ආ වඩින්න බේබි මහත්තය පහත මාලයට, ඇවිත් වාදී උනානම් ඔය ඉඩ තියන හත් අට පොලකින්ම,

    පොඩි එකී අද කාටනම් බොහොම වැඩයි මොකද මේ වෙනස?

    වෙනස කියන්නම් මගේ මහත්තයෝ, මගේ දෙයියට නොකිය මන් මේ වෙනස වෙන කාටද කියන්නේ? මාව අද එක්කන් යන්න රත්තරන් මාලිගාවට, මට බුදු හාමුදුරුවෝ ඉස්සරහ ඔයාට කියන්න දෙයක් තියනවා, ඊට පස්සේ වල බෝධියට ගිහින් බාරයක් වෙන්නත් ඕනේ,

    මට තේරෙන්නේ නෑ දිලිනිටාද මොකද්ද මේ වෙලා තියෙන්නේ කියල, එත් බයක් හිතෙන්නේ නැත්තේ සතුටෙන් ඉන්න නිසයි, කමක් නෑ උදේම මාලිගාවට ගිහින් බුදුන් වන්දාම හරිම පින් සුවදක් මුළු දවසෙම තියනවා,
    හරි මගේ පැටියෝ දැන් කන්නකෝ ඔයා, කාල ඉවරවෙලා ලස්සනට සුරංගනාවියක් වගේ ඇදගන්න, මාලිගාවට උදේම ආව යට හිතෙයි උදේම දේවතාවියක් බුදුන් වදින්න ඇවිත් කියල,

    අනේ මන් එච්චර ලස්සන නෑ මහත්තයෝ, එත් මගේ මහත්තය කියනවනම් මන් එහෙම හිතාගන්නම්..

    සුදු සල්වාර් එකකුත් ඇදගෙන සුදු නෙලුම් මල් වට්ටියකුත් අතින් අරන් දිලිනි මාලිගාවට යන පාරේ ඇවිදන් යනකොට පුදුම ලස්සනක් තියෙන්නේ, ඇත්තටම දේවතාවියක් වගේ පින් පාටක් එයාගේ මූනේ තියෙන්නේ, මාලිගාවේ පිවිසුම් දොරටුව ගාව නැවතුනු දිලිනි මන් දිහා බලපු විදිය මට දරාගන්න බැරි උන, ඒ තරම් ආදරයක් මට දරාගන්න බෑ, මේ කෙල්ල මට මෙච්චර ආදරේ කරන්නේ අයි කියල මට හිතාගන්නවත් බෑ, මාලිගාවේ ප්‍රධාන දොර ගාවදි මගේ අතින් අල්ල ගත්තු දිලිනි ,

    මොනාද මගේ මහත්තයෝ ඔච්චර කල්පනා කරන්නේ, මන් දැන් දිගටම බලාගෙන ආවේ ඔය එනකන්ම කල්පනා කර කර අවේ,

    එහෙම විශේෂ දෙයක් නෙවෙයි රත්තරන්, මන් කල්පනා කලේ මගේ කෙල්ලට ඇස වහක් කට වහක් වදියිද කියල,

    අනේ ඔන්න ඉතින් පටන් ගත්ත... යමු එන්න තේවාව පටන් අරන් මන් හිතන්නේ හීල් දානේ පූජා කරනවා ඇති, අපි ඉක්මනට ගියොත් පූජාවට ඇත ගහන්න ලැබෙයි, එන්නකෝ ඉක්මනට,

    අපි දෙන්න වැඩ සිටින මාලිගය ගාවට ගිහින් අරන් ආව නෙලුම් මල් ටිකයි පිච්ච මල් ටිකයි පූජා කරන්න හදන කොට, එතන හිටිය කෙනෙක් පිච්ච මල් ටික ඉල්ලා ගත්තේ ඇතුලට පූජා කරන්න කියල, දිලිනිට ඒ සිද්දියෙන් ගොඩක් සතුටයි, මන් දන්නේ නෑ එය මේ මොනාටද සැරසෙන්නේ කියල, නමුත් ඒ උන සිද්දියෙන් එයාට ගොඩක් ලොකු ශක්තියක් ලැබුන බවක්නම් මූනේ තිබ්බ,

    දැක්ක නේද මහත්තයෝ අපි කොච්චර වාසනාවන්තද? අපි ගෙනාව මල් වට්ටිය එයාල ඉල්ලා ගත්ත ඇතුලට පූජා කරන්න කියල, මටනම් දැන් හොඳටම විස්වාසයි එය ගොඩක් වාසනාවන්තයි කියල, ඔය වගේම රත්තරන්..

    එයා......මොකද්ද මේ දිලිනි කියන්නේ?
    කවුද දිලිනි එයා කියන්නේ? මට ඔයා කියන දෙයක් තේරෙන්නේ නෑ, අනේ දැන්වත් කියන්නකෝ ඔයා මේ මොනවද කියන්නේ කියල?

    අනේ මගේ මහත්තයෝ කලබල වෙන්න එපා, මමත් මේක දැනගත්තේ ඊයේ උදේ, මට ඔයාට එවලේම කතා කරලා කියන්න හිතුන එත්, මට ලොබ හිතුන එහෙම කියන්න, එකයි අද උදේම ඔයාව එක්කන් මාලිගාවට අවේ,
    මගේ දෙයියෝ ඔය නිසා මන් අම්ම කෙනෙක් වෙලා...ඔයාගේ පැටියෙක් මේ බඩට ඇවිත් රත්තරනේ........


    උදේ පාන්දර සුපුරුදු ඝන්ටාර poojawath සමග උඩ විසි වෙලා ඇහැරුණු මට අපේ අක්කව මරණ කන්න හිතුන, දෙයියනේ මන් මෙච්චර වෙලා දැකල තියෙන්නේ හීනයක්, එත් ඒ හීනේ හෙනයක්ම වෙයිද? මට තිබ්බ තරහට මන් අක්ක ගෙනාව තේ එක නොබීම මූනවත් නොබලා බාත්රූම් එකට රින්ගගත්ත, මට ඇහුන අක්ක බැන බැන යනවා උදේම මොන මල යකෙක් වැහිලඩ් දන්නේ නෑ කියල.....
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    onna kastiyata kiyawanna thawath tikak dammooo. maawa maran kanda hadanne nathuwa kiyawala commentuwak kotala yanna, heki ikmanin ithuru tika liyanawa machanla, comment watinawa, eken thamayi liyanna shakthiya labenne,

    comment karana hemotama godak sthuthiyi,