එළකිරි භූත කොටුව.........

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මැක්සා කතා ටික මචං..උඹ සිංහල ටයිප් කරන්නෙ මොකේද?
    මෙන්න මේක දාගනින් මචං..කොහේ වත කොපි පේස්ට් කර කර දඟලන්න ඕන නෑ..


    http://www.google.com/ime/transliteration/

    කෙලින්ම කොටාගෙන කොටාගෙන යන්නයි තියෙන්නෙ language එක english>සිංහල>english මාරු කරන්නත් පුළුවන් ctrl+F12 වලින්. දිගටම ලියන්නෝ....

    හොල්මන් කොහෙද අපි එතන ;)


    ස්තූතියි මචන් ලින්ක් එකට...... මම පාවිච්චිකරන්නෙ කලම්බො යුනිවසිටියෙ සයිට් එක...... ගූගල් ට්‍රයක් දාල බලන්නම්.........

    වෙලාව හරි වගේ නේද කතාව දාන්න???


    :frown:රොබොට් අයියා......
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ස්තූතියි මචන් ලින්ක් එකට...... මම පාවිච්චිකරන්නෙ කලම්බො යුනිවසිටියෙ සයිට් එක...... ගූගල් ට්‍රයක් දාල බලන්නම්.........

    වෙලාව හරි වගේ නේද කතාව දාන්න???


    :frown:රොබොට් අයියා......

    යුනිවසිටියේ එක කොපි කර කර ඉන්න ඕනනේ මචං. ඔකේ එහෙම එකක් නෑ. ඕනෑම තැනක සිංහලෙන් ඩිරෙක්ට් කොටන්න පුළුවන් :rofl:

    තාම වෙලාව මදි..තව පැය 2.30 වත් ඉමු නේද? :rofl:
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    මේකත් පේරාදෙණිය campus එකේම සීන් එකක්..මේවා බලල campus එන්ඩ ඉන්න එවුන් බය වෙනද එපා හරි ද..මේක දැනට අවුරුදු 4 කට විතර කලින් වුනු සිද්දියක් එක්ක සම්බන්ධයි..ඉස්සෙල්ල ඒ කතාව කියන්නම්...මේකේ සමහර විට පොඩි වෙනස්කම් ඇති..මේ අතීත කතාව වෙලා තියෙන්නේ මම මෙහෙට එන්ඩ කලින්..කට්ටියගෙන් අහගත්තු ටික තමා මේ...බයිලා ඇති.මෙන්න කතාව..

    මිට අවුරුදු 4 කට කලින් කොල්ලෙක් එනවා uni එකට..faculty එක ඕන නෑ මචන්ලා..අපි මුට රවී කියල කියමුකෝ...(රවී කියන්නේ මගේ රූමා...මූ දන්නවනම් උගේ නම මේකට ගත්ත කියලා මූ මාව කනවා..;))...හරි හරි..මම වටේ යනවා වැඩිනේ...ඔන්න කතාවට සෙට් වෙමු...අවුරුද්දකට පස්සේ එනවා මුන්ගේ junior batch එක..මුත් හා හා පුරා කියල set කරගන්නවා කෙල්ලෙක්ව junior එකෙන්...love එක නැගල යනවා ලස්සනට අවුරුදු 3 පුරාවටම...දන්නවනේ ඉතින් මේ හීතලේ love කරන්ඩ ගියාම.:love::love::love:..ආයේ වෙන වැඩක කරන්ඩ වෙලාවක් නැනේ...;);)...කොමින් කෝම හරි කොල්ල campus out වෙනවා...කොල්ල senior batch එකේනේ...ඒත් කෙල්ල ඉන්න නිසා මූ නිතර campus එනවා යනවා...ජුන්නොන්ගේ room වල ඉන්නවා...එහෙම අවුලක් නෑ...කෝම හරි කෙල්ලගේ අවුරුදු 4 ත් ඉවර වුණ...convocation එකත් ලං වුණා,..කොල්ලත් බොහොම අසාවෙන් ලැස්ති වුණා තමන්ගේ කෙල්ලගේ ජිවිතේ ලස්සනම දවසක් වෙනුවෙන්...දවස කීපෙකට කලින් ඇවිල්ල අඳුරන ජුන්නෝ සෙට් එකක් එක්ක නතර වුණා...කලින් දවසේ රෑ, ඇඳුම එහෙම මැදල කල් ඇතුව සුදානම් වෙලා convocation එකට ගියා..තමන්ගේ ජිවිතේ අනාගත සහකාරී උපාධි සහතිකය ගන්න මොහොතේ මුට අනිවා කඳුලක් එන්ඩ ඇති...එච්චරට මූ ආදරෙයි කෙල්ලට...එක තේරෙයි තව ටිකකින් උඹලට...කෝම හරි හවස දෙන්න අත් අල්ලාගෙන campus එකේ ඇවිදිනවා..ජිවිතේ ලස්සනම කාලයක් ගෙවිලා ගියපු මේ ලස්සන පරිසරය අයෙ විඳින්ට වෙන්නේ නැති නිසා වෙන්ඩ ඇති...කෙල්ලගේ මුණ කළු වෙලා..කොල්ල හිතුවේ ඒ campus එක දාල යන දුකට වෙන්ඩ ඇති කියල..ඒත් කෙල්ල එකපාරටම අත අතාරිනවා...ඔහේ හිස් අහස දිහා බලාගෙන මේකි කියනවා
    "අපි ගැලපෙන්නේ නෑ රවී...මට ඔයත් එක්ක ජිවත් වෙන්න බෑ..අපි මේක නතර කරමු කියල..."


    අරූට පුක හපාගන්න හිතෙන්න ඇති ....තව කතා යන්න ඇති..ඒත් අන්තිමට වුනේ අරකි මුව අතාරපු එක තමා...මු කෙලින්ම එන්නේ room එකට...අවුලක් පෙන්න නැතුව ඇති කොල්ලෝ ටිකට..කෝමත් දන්නවනේ convocation දවසට ඉතින් කෙලින් ඉන්න එකෙක් නෑනේ...;)..කෝමින් කෝම හරි මු එලි උනාම කොල්ලෝ set එකටත් " යන්නම් මල්ලිලා " කියල පිටත් වෙනවා....ඒත් මචන්ලා හවස අරු හිටපු room එකේ කොල්ලෝ දෙන්නට ආරංචි වෙනවා මූ කෝච්චියට පැනල කියල....:(:(:(...දවස් ගානක් එක ඇඳේ වැටිලා පිස්සු කෙලලා උදේ පාන්දර යන්නම් කියල ගියපු එකාගේ මිනිය අඳුනගන්න නුවර hospital එකට යන්න වෙන්නෙත් මුන් දෙන්නට මචන්...:(:(...කොල්ල හිතේ අමාරුවට මචන් දිවි නහගෙන...කෙල්ලට call කරලා...මම මැරෙනවා...තොට ඇහෙන්ඩ ඕන ම මැරෙන සද්දේ කියල මූ phone එකත් cut නොකරම තමා ඉඳල තියෙන්නේ..කෙල්ල පස්සේ කියල තියෙනවා hone එකේ සද්දෙත් ඇහුණා..phone එක විසි වෙන සද්දෙත් ඇහුන කියල...කෝම හිටින්ඩ ඇත්ද තමන් අවුරුදු 4 ආදරේ කරපු එකා තමන් හන්ද මැරෙන සද්දේ ඇහෙද්දී...ජිවිත කාලෙම වද දෙන්ඩ ඇති නේද...එහෙමද උඹල හිතන්නේ...යකුනේ...එකී මේ ලඟදි marry කරාලු...පුක උඩ දාගෙන දිවි නහගෙන love කලාට අරුට හම්බුනු කජ්ජ තමා ඕක....

    ඕක තමා මචන් අතීත කතාව...දැන් උඹල බලනවා ඇති කොහෙද යකෝ හොල්මන් කෑල්ල කියල...ඒක තමා කොල්ලනේ මේක....මේක නම් වෙලා මාස 2 ක්වත් නෑ...දන්නවනේ ඉතින්...මේක වෙන campus වගේ නෙවේනේ...ඇති තරම් ඉඩ..උඩ පේරාදෙණිය දිහාට යන්න යන්න...බලු බල්ලෙකුත් නෑ...දන්න එවුන් දන්නවා...මෙහෙ තියෙනවා කොල්ලනේ ගල් බංගලාව කියල pot එකක්..බංගලාවක් තමා..මරු තැන....ඔය මා කිව උඩහ පැත්තට වෙනඩ තියෙන්නේ මේක...කෝම හරි කොල්ලෝ සෙට් එකක් sir කෙනෙකුත් එක්ක set වෙලා දවසක් මහා රෑ..බීල අතල් එකක් ගන්න මරු තැන...hostel වලිනුත් ඈතට වෙන්ඩ තියෙන්නේ...වෙන මනුස්ස පුලුටකුත් නෑ...මුන් බීල රෑ 1,2 වෙනකන්...දැන් ඔතන ඉන්න එකෙක් කියනවලු උට බටයක් ගහන්න ඕන කියලා...ඒත් එකෙක් ගාවවත් බඩු නෑ...මූ දැන් මහා රෑ පේරාදෙණිය town එකේ night කඩේට යන්දලු සුදානම.. මහ රෑ අර පාලු පාර දිගේත් ඇවිත් campus 1 ක හරහාත් ගිහින් කිලෝ මීටර් 4 ක් විතර පයින් යන්ඩයි මුගේ සුදානම...කොම ද දෙකක් දාගත්තම අපේ කොල්ලන්ගේ පුරුෂ ශක්තිය...මටනම් ඔය මුසල පාරේ දවාලකවත් තනියෙන් යන්න මොකදෝ වගේ...බයකට එහෙම නෙවේ...:P:P...

    කෝම හරි මූ එනවලු පයින් දැන්...අයෙ මචන් ගල් බංගලාවේ ඉදල building තියෙන හරියට එනකන් බලු බල්ලෙක් නෑ..පාලු පාර..ගස් ගොම්මන...ගෙයක්වත් නෑ...මුට මොන සිහියක්ද ඉතින්...එනවා නෙවේ එවෙනවලු...කෝම හරි මුට මඟින් බුවෙක් සෙට් වෙලා..කොහෙන් ආව ද දන්නෙත් නෑ...කෝමත් මේ යකාට vc හම්බුනත් අදුනගන්ඩ බැරි තරමට වැදිලනේ..මොන මගුල උනත් මෙහෙ පුරුද්ද තමා දැකල නැති එකෙක් හම්බුනොත් කව්ද කින්ද මන්ද කියල අහනවා...මෙහෙ මචන් ගේට්ටු දාල අනම්මනම් වැටවල් නෑ...එ හින්ද ඕන පිට එකෙක්ට එන්ඩ පුළුවන් ඇතුලට...ඒ හින්ද කෝමත් දැකපු නැති දෙන්නෙක් meet උනොත් විස්තර කතා කරනවා...මුත් ඉතින් වෙරි මර ගතේම අරුත් එක්ක කතාවට වැටිලා...

    "කව්ද මචන් උඹ.කොහෙද ඉන්නේ...මොකක්ද faculty එක..මම මේ පේරාදෙණියට යනගමන්..." කියා කියා කියවනවලු අපේ එකත්...

    අරුත් ඉති කතා කර කර එනවලු මුත් එක්ක..

    "මමනම් දැන් අවුට් මල්ලි...කාලෙකින් අවේ මේ පැත්තේ..මට ඒ කලේ මෙහෙම girl කෙනෙක් හිටියා මල්ලි...අපි ගොඩාක් ආදරෙන් හිටියේ .." කියා කියා අරූ කියවනවලු...

    කෝමත් ඔය වෙද්දී කොල්ලෝ අතරේ කතාවක් ගිය රවී අය්යා හොල්මන් කරනවා කියල...මුත් එක දන්නවා...ඒත් කොහෙද මේ හු##නට සිහියක් නැනේ ඕක මතක් වෙන්න...අහ්හ් තව දෙයක් කොල්ලනේ...මූ එන්නේ අපේ එකාට ටිකක් පිටිපස්සෙන්ලු...අඩි දෙක තුනක් විතර...කෝම ඕම හරි මුට ටිකක් විතර බයත් හිතිලා ටි‍ක වෙලා යද්දී..කෝකටත් මූ පය ඉක්මන් කරලා ඇවිල්ලා....ඒත් අරුත් ඒ වේගෙන්ම එනවලු...කෝම හරි කොල්ලනේ මූ ආවලු කිරිහල ලගට..දන්නා එවුන් දන්නවා...නොදන්නා එවුන්ටත් කියන්ඩ ඕනනේ..කිරිහල කියන්නේ මචන්ලා campus එක ඇතුල වගේ තම..අර පාලු හරිය ඉවරයි...පාලු හරිය කිවේ කැලේ හරිය ඉවරයි..hostel building අනම් මනං තියෙන හරිය...එහෙත් පාලුයි තම..ආයේ මොකාද බන් ඔය වෙලාවට ඉන්නේ...කෝම හරි කිරිහල ගාවදි මූ හැරිලා බලල...මෙච්චර වෙලා කියව කියව ආපු එකා ආගිය අතක් නෑලු,...මේ දැන් ටිකකට කලින් කියව කියවා හිටපු එක...ඒ පාරනම් මූ පොඩ්ඩක් බය වෙලා...ඒත් මූ හිතල උගේ වැඩකට යන්න ඇති..මුට ගානක් නැතුව ඇති කියල...හිතා ගනිල්ලකෝ සුඋර් එකේ තරම....කොහොම වැදිල්ලක් වදින්ඩ ඇත්ද...:D..මොන දේ උනත් ටිකක් විතර අවුල් ගියපු නිසා මූ බට ගන්න යන ගමන නවත්තල අපහු යන්න තීරණය කලාලු...අර පාරේ යන්න ටිකක් බය නිසා වෙන පාරකින් අපහු ගල් බංගලාවටම යන්න තමා මුගේ තීරණය..මොන රට හරකෙක්ද කියල බලහල්ලකෝ...මොන කරන්ඩද ඉතින්...දෙකක් දාගත්තම අපි උනත් ඔහොමනෙ...;)...ඔතන කිරි හල ලගම තියෙනවා මචන්ලා security head office එක..එතනින් උඩට නැගල පන්සල ගාවින් ගිහිල්ල අර කලින් පාරටම වැටුනෙකි...පන්සල කීවට එකත් උඩට වෙන්ඩ තියෙන්නේ..ඒ පැත්තෙත් බලු බල්ලෙක් නෑ...සමහර විට අපේ එකාට හිතෙන්ඩ ඇති පන්සල ගාවින් යන එක කෝකටත් ඇගට ගුණයි කියල...දැන් ඉතින් මූ යනවලු පඩි පෙළ නැගගෙන...ටික දුරක් ගිහින් බලද්දී ඔන්න ඉන්නවලු අපේ යාළුවා අයෙත් අපේ එකා පිටිපස්සෙන්:shocked::shocked::shocked:...

    "අහ්හ් මල්ලි,..මොකෝ පේරාදෙණියට ගියේ නැද්ද " කියල හිනාවෙලා අහනවලු

    ...කෝමත් උගේ බය හිතෙන ගතියක් තිබිලම නෑ...පන්සලට පොඩ්ඩක් උඩින් වෙන්ඩ වගේ තියෙනවා කොල්ලනේ " චූ වංගුව " කියල එකක්....ආයේ හොල්මන් වලට නම් දරපු තැන..හෙන වන්ගුවක් තියනවා ඔතන...කෝම හරි අපේ විරයත් ඔය හරියට එද්දී ගැස්සිලා ඉදල තියෙන්නේ ටිකක්..මූ අහල

    "අය්යේ ඔය තාම නම කිවේ නෑනේ...මට මතක නෑනේ ඔයාව..අපිට senior batch එකක කීවට දැකල පුරුදු ගතියක් නෑනේ " කියල...

    මුටත් කටයි පුකයි වහ්ගෙන ඉන්ඩ බෑනේ.:growl::growl:.එතකොටම මචන්ලා අර මෙච්චර වෙලා පිටිපස්සෙන් අපු එකා ආතල් එකේ දුවගෙන වගේ ඇවිත් පාරේ මුගේ ඉස්සරහින් හිටගත්තලු..ඒ කරලා අත් දෙක දෙපැත්තට දාලා මූ යටිගිරියෙන් බෙරිහන් දෙන්න ගත්තලු

    "ඇයි යකෝ..තොපිට මව මතක නැද්ද...මම රවී යකෝ..මම රවී.." කියල...

    ඔන්න එතකොට තම අපේ වීරයාගේ වෙරි බින්දුවටම හිඳිලා තියෙන්නේ...අර සද්දේ මචන්ලා කන ඇතුලේ කීරි ගාන්න ගත්තලු...ඉවසගන්න බැරි තරම් වේදනාවක්ලු දැනුනේ කන් දෙකට..මූ එහෙමම කන දෙක අත් වලින් වහගෙන පාර මැද්දේ වාඩි වෙලා....අපේ සහපිරිවර සිහිය එහෙම ටිකක් ඇවිල්ල මුව හොයාගෙන එන කොටත් අපේ එකා පාර මැද්දේ ඉඳගෙන ඉන්නවලු...


    පොඩි පොඩි වෙනස්කන් ඇති..ඒත් ඇත්ත කතාව....මොකද මේක මේ ලගදි ඇහිච්ච කතාවක්...raviගේ room එකේ ඉඳල අර මිනිය අඳුනගන්න ගියපු අයියෙක්‌ මේ ලඟදි ආවා...එතකොට මේ කතාව ඇහුනේ...මම නිදිමර ගාතේ හිටියේ...

    ලිවට පස්සේ ඇති දේකුත් නෑ වගේ බන්...ඔන්න ඔහේ දානවා...අද රූම් එකෙත් නෑ කව්රුත්...මේවා ලීවා වගේ නෙවේ..කොමද අද රෑ ඇඳ ගාව හිටගෙන හිටියොත් dial එක.."මල්ලි..මම රවී මල්ලි " කීවොත්....
    .:shocked::shocked::shocked:

    ado mara seen eka ban...
    hawasa 6 n passe innath bayay wage:angry::angry::P:baffled::baffled::baffled:
    8.gif
    8.gif
    8.gif
    8.gif
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    කාලෙකටපස්සෙ පොඩි නිවාඩුවක් හම්බවුනා:cool:........ මේව කොටන්න නිවාඩු විතරක් ලැබිල බෑ.... :love:හාමිනේ ගෙදර නැතිවෙන්නත් ඕන......... :love:පොඩි එකා නිදාගන්නත් ඕනෙ.......... ඕන් එහෙනම් දෙන්නටම තෑන්ක්ස් කරල......මැරිච්ච :love::love:අම්මටත් පින් දීල වැඩේ පටන්ගත්ත........

    ආත්තම්මා කොළඹ ඇවිත්......



    මේ සිද්දිය කියන්න ඉස්සෙල්ල පොඩි හැඳින්වීමක් කරන්න හිතුන......... මේ සිද්දියට සම්භන්ද අම්මන්ඩි අපේ පුන්චිඅම්ම:no:........ හොඳ පවුල් පසුබිමකින් පැවත එන අපේ අම්මගෙ එකකුස උපන් බාලම නංගි වුනාට ඒකිනම් දෙකටම නැති බොන්ඩියෙක්........ පුන්චිඅම්ම ගැන එහෙම කියන්න හේතුව මේ අම්මන්ඩි හැරුනත් ලෙඩක්..... බැලුවත් ලෙඩක්...... දකින දකින හොඳ නරක හැම එකාටම හදි හූනියන් කරකර මේ අද්බූත දේවලින් උපරිම වින්දනයක් ලබන කෙනෙක්....... වෙන එකක් තියා තමුන්ගෙ අම්ම තාත්තත් බන්දවල ගේම් දෙන කෙනෙක්:no::no:..........
    අපිත් මේ නොපෙනෙන ලෝක එක්ක ගනුදෙනු කරන්න ප්‍රධානම හේතුවක් වුනේ අපේ පුන්චිඅම්ම........ ඒකි ප්‍රසිද්දියේ යුද්ධ ප්‍රකාශකරල අපිට ගේම් දෙනව......... වෙන මොනවත්ම හින්ද නෙමෙයි..... තියෙන ඉරිසියාවට:no::no:.......

    ඇත්තටම මේකිට පොඩි ප්‍රශ්ණයකුත් තිබුන....... උපතින්ම මේකිගෙ කකුලක පොඩි කොටගතියක් තිබුන..... ඉතින් ඇවිදිනකොට නොන්ඩිගහනව........ මේ හේතුවෙන් ගෑනිට මගුල්තුලාවක් කරගන්නබැරි ගැටලුවක් වුනා......ඉතින් ඒ අමාරු ඔක්කෝම ඇරියෙ අනුන් පිටින්...........

    .......................................

    ඕන් එහෙනම් කතාව...............

    මගේ :love::love:අම්ම දකුනෙ හොඳ පවුල්පසුබිමකින් පැවත එන්නියක්... කොහොමහරි අම්මට ලැබුනු ගුරුපත්වීම් හා ඒ සමගම තාත්තත් :love::love:සෙට්වීම නිසා දෙන්න කොළඹ පදින්චියට පැමිනිය........ ඔයකාලෙ වෙනකොට අම්ම, අම්මගෙ සහෝදර සහෝදරියො, දෙමවුපියො ගැන බොහොම කලකිරීමෙන් හිටියෙ..... ඒකත් ඔවුන්ගේ කොළඹ පදින්චිය ස්තීර කරන්න හේතුවුනා.......

    අපි කොළඹ ජීවත්වෙන කාලයේදී පුන්චිඅම්මට බලගතු ආරූඩයක් පැමිනිල තියෙනව:growl:......... රෑ මද්දහනේ පරලවෙලා විවිධ කතා කියන...... විවිධ ගුරුහරුකම් ලබාදෙන මේ ආරූඩය ඔවුන් සිතුවෙ දේව ආරූඩයක් කියල:no:........ ඒත් එය අපේ සොයාබැලීම් වලට අනුව පවුලින් පලිගන්න ආපු බලගතු මලපෙරේත දිශ්ටියක්:growl:........... ඉතින් අම්මගෙ පවුලෙ කට්ටිය මේ ඕපපාතික දේව ආරූඩය කියන කියන පදේට නටන්න ගිහින් විනාශ වුනා.......... ආච්චියි සීයයිත් අකාලයේ මියෑදුන........... සහෝදර සහෝදරියො පහුවෙලා හරි සත්‍ය තේරුම් අරගෙන පවුලෙන් ඈත්වුනා........... සහෝදර සහෝදරියන් දහදෙනෙක් හිටියත් පුන්චිඅම්ම අක්කර 20-30 ගානක දේපොල වස්තුව ඔක්කෝම හොර රහසේ දේවාරූඩය පිහිටින් ලියවගෙන............. තනියෙන් බුදුවෙන්න පෙරුම්පිරුව:frown:.........

    ඔය හැලහැප්පීම් අතරතුර පුන්චිඅම්ම දේවාරූඩයෙන් අපි පස්සෙත් පන්නන්න ට්‍රයිකලා:baffled:....... මොකද කාල දාන්න ඉතුරුවෙලා තිබුන එකම පවුල අපේ පවුල විතරයි.......


    මගේ :love::love:රත්තරන් අම්මට මොන ආරූඩයක් නොතිබුනත් හොඳ දැක්මක් හා ඉවක් තිබුන......... අම්ම මුන් හැරෙනකොට දන්නව මොකාටද එන්න කියල....... ඉතින් වැඩි ආරක්ශාවට මොනම හේතුවක් නිසාවත් අම්මගෙ පවුලේ කට්ටිය ගෙට ගන්න එපා කියල සම්මතයකට පැමිනිල තිබුන..........

    කාලය ගෙවීගෙන යනව........

    අපේ පවුලට කරදර දැනෙනකොට අම්ම තාත්ත ඒ පිළිබඳව හොයාබලන්න හොඳ දෙමළ :nerd:සාමිකෙනෙක් හොයාගෙන හිටිය..... මිනිහ දකුනු ඉන්දියාවෙන් මෙහෙට ආපු පට්ටම වැඩකාරයෙක්....... ඉතින් පවුලේ කරදර, එකදිගට ප්‍රශ්ණ එනකොට අම්මල සාමි බලන්න ගියාම සාමි හැමවෙලාවෙම කකුල කොට ගෑනියෙක් ගැනමයි කියන්නෙ........ අම්මත් ඉතින් අහින්සක හොඳ එක, කොච්චර
    පට්ටම වැඩකාරයෙක් හොයාගෙන තිබුනත් කවදාවට එයා පුන්චිඅම්මගෙන් පලිගන්න එකට එක කරන්න ගියේ නෑ...... හැමවෙලේම කලේ පොඩි වියදමක් දරල කරදරයට අවශ්‍ය ප්‍රතිකර්ම කරගන්න එක පමනයි:dull:.............

    ඔය අතරතුර පුන්චිඅම්ම කසාදබැන්ද හොඳ මුදලාලිකෙනෙක්.:love:......... අක්කර ගානක දෙමවුපිය උරුමය විකුනලදාල කට්ටිය කිරිබත්ගොඩින් සුවිශාල නිවසක් මිලයට ගත්තා........ නීරෝගී දරුවො තුන්දෙනෙකුත් හදාගෙන ගොඩක් සුකෝපබෝගී ජීවිතයක් ගතකලා:cool:..........

    අම්මත් හරි කැමතිවුනා පුන්චිඅම්ම පවුලක් පන්සලක් වුන එකට.........ගොඩක්ම සතුටුවුනේ කසාදයෙන් පස්සෙ එයා කරන්ගිය අද්බූත දේවල් වලින් ඈත්වීම ගැනයි:rofl:........



    (මේඅතරතුර අපේ දෙමවුපියන්ගේ තිබුන අසාමාන්‍ය පුරුද්දකුත් කියන්න ඕන........ මගේ දෙමවුපියො එයාලගෙ දෙමවුපියො නැතිවුනහම ඒ අයගැන සොයාබලන්න යම් ස්ථානයකට යනව........ එතනදී මළගිය පරානකාරය කපුමහත්තයට ආරූඩ කරගෙන මැරිච්ච කෙනා සමග ඩිරෙක්ට් කතාකරන්න හම්බවෙනව:baffled:..... ඒක හරි අද්බූත ස්තානයක්..... මැරිච්ච කෙනාගෙ හඬින් ඒ අදාල කෙනාගෙ සුපුරුදු වාග් විලාශයෙන් අදහස් හුවමාරුකරගන්නව........ අම්මගෙ අම්ම (ඒ කියන්නෙ අපේ ආච්චි ) පරලොව ගියාට පස්සෙ කල කතාබහේදී ආච්චි මොන පින්කමක් කලත් ගොඩදාන්න බැරි ඉතා දරුණු :growl:යක්ශණියක්:growl: වී ඇතිබවට හොයාගන්න පුලුවන් වුනා..... ඒත් අපිට හෝ අපේ පවුලට එයාගෙන් කරදරයක් නැතිබවත් පවසල තිබුන.......)


    බේරගන්න බැරිවුනත් අම්ම
    අම්මපුලුපුලුවන් විදියට දාන මාන දීල ආච්චිට පින් පැමිනෙවුව...... මොන යකා වුනත් තමුන්ගෙ ආදරනීය අම්මනේ.......

    කාලය ගෙවිල යනව......... අපිත් ලොකුමහත් වෙනව....... දවසක් කට්ටිය ඉස්කෝලෙ යන්න උදේපාන්දර ගේට්ටුවෙන් එලියට බහිනකොට එකපාරටම කට්ටියගෙ පපුව නැවතුන:shocked::shocked::shocked:...........

    (අපේ ගේට්ටුව අමානෝ ශීට් දාපු අදින ගේට්ටුවක්.... ඒකෙ ලේසියට රිංගල යන්න පොඩි දොරකුත් තියෙනව.... මට මේකින් කියන්න ඕනවුනේ ගේට්ටුවේ දොර අරිනකන් අපිට එලියෙ කිසිදෙයක් පේන්නෙ නෑ කියල )

    ඉස්කෝලෙ යන්න තියෙන හදිස්සියට අම්ම ගේට්ටුවෙ දොරින් පැන්නගමන් අඩිය තිවුවෙ කොන්ක්‍රීට් ස්ලැබ් එක උඩ ඉතාම ලස්සනට ගොඩාක් වෙලා අරන් දාස්පෙතිය කානේශන් වගේ මල්පෙති වලින් හදල තිබුනු
    රවුමක් (මේක මල්වඩමක් නෙමෙයි ඒ විදියට මල්පෙති පොලවෙ දාල හදපු ලොකු රවුමක්) උඩට.......:shocked: හොඳට විපරම් කරල බැලුවහම ඒ මල් රවුම උඩ දෙහිගෙඩි, ලෝහ රූප, අලු, ඇටකෑලි, පාට වැලි, පබලු ආදී වූ ගොඩක් දේවල් තිබුන...... වත්ත ඇතුල විපරම් කරද්දි විසික්කරපු බිත්තර, තඹ සුරුන්ඩු ගහපු දෙහිගෙඩි, ආදී ගොඩක් දේවල් හොයාගන්න පුලුවන් වුනා....... :no::no:

    ඒක දැකල කට්ටියටම පොංගල් වගේ........ තාත්ත මළපැනල ඔක්කොටම පයින් ගහල විසික්කරල දැම්ම......:)

    ආයෙත් කරදර පටන්ගත්ත........

    අපිට මේ සීන් එක මොන බල්ල කරාද කියල හිතාගන්න බැරිවුනා...... මම දවස් ගනන් පොලු තියන් ගේට්ටුව ලඟ රැකගෙන හිටිය..... වෙන එකක් තියා මාත් එක්ක කාමරේ සැපට නිදාගන්න බල්ලවත් ගේට්ටුවෙ ගැටගැහුව අහුවුනොත් හුKවල අරින්න..........:frown:

    ඔයාතරෙ සුදු රෙද්දක් පොරවගත්තු වයසක ගෑනියෙක් ගෙදර හොල්මන්කරන්න ගත්ත:growl:....... මේකි මහරෑට ඇඟට පනින්න වගේ ඇවිත් නැතිවෙලා යනව:shocked:........... කොහොමහරි මම මේකිව දෙපාරක් දැක්ක අම්ම එක්ක ඇඳේ නිදන් ඉන්නව:growl::growl:....... මම කිවුවෙනැතතත් අම්මත් මේකිව දැකල තියෙනව............. වැඩේ පත්තුවුනේ අක්ක මේ හොල්මන දැකල බයවෙලා කෑගැහුවහම:shocked:........

    ඔය සිද්දි නිසා අම්ම අසනීප වුනා....... ඒක සාදාරනයි..... ඒවගේ දෙයක් එකපාරටම මූනදුන්නහම මොන හයිය හිතත් කඩන්වැටෙනව......... කොහොමහරි අපි මේගැන හොයන්න තීරණය කලා......:frown:

    කෝකටත් පිහිටට ඉන්න :nerd:සාමි බලන්න අවුරුදුගනනාවකට පස්සෙ යන්නවුනා........

    බඩු මාට්ටු...........:eek:

    කකුල කොර ගෑනිගෙ වැඩක්....... වැඩේ ක්‍රිමිනල්....මේපාර එළ කට්ටඩියෙක් හොයාගෙන අත්තම්මව:growl: බන්දල හෙන ජිල්මාට් එකක් දාල (සාමි අත්තම්ම ගැන දැනන් හිටියෙ නෑ.....) ආයෙ ගැලවීමක් පේනතෙක් මානෙ නෑ (ඈ යකෝ මේ බොන්ඩි තමුන්ගෙ අම්මව මේ පාහරවැඩවලට යොදාගෙනනෙ:angry:......පුදුම ලෝකයක්.....)

    සාමි කියපු විදියට මේපාර අපිට ගැලවීමක් නෑ..... අම්ම මරලදාන්නත් තාත්තගෙ ඔලුව අවුල්කරන්නත් අපේ අනාගතය අඳුරුකරන්නත් අපේම ආච්චිට බාරකරල:growl::growl:...... සාමි කියපු දේවල පොඩි පොඩි වෙනස්කම් තිබුන නිසා අපි මළ උන් ගෙන්නන තැනට ගියා.......

    අම්ම ගහයි පොල්ගෙඩියෙන්!!!
    ආච්චි යකාවෙලා:growl::growl:....... කට්ටඩිය ආරූඩෙ ගත්තගමන් අම්මගෙ බෙල්ලට පැන්න:shocked:....... බෙල්ල කන්න ට්‍රයි එක.... තාත්ත කට්ටඩියව ඇදල අරන් විසික්කරල දැම්ම....... මගෙ තාත්ත යකාට වඩා යකා කියල දැනගත්තෙ එදා තමයි;)....... කොහොමහරි එදා කට්ටඩියගෙ ඔලුව බිත්තියෙ වැදිල වැඩේ දෙල්වුනා...... මූ ලේත් පෙරාගෙන තොපිව තියන් නෑ මම තොපිව තියන්නෑකියල කෑගහනව........ කොහොමහරි දිස්ටිය ගියාට පස්සෙ අරූට ඩිස්පැන්සරියෙන් බෙහෙතුත් දාල අතට ගානකුත් දීල ශේප් කරල ගෙදර ආව;).........

    දැන් වැඩේ ටක්කෙටම ශුවර්:rolleyes:.... ආච්චිට මුලින් ඔය වගේ වෛරයක් තිබුනෙ නැතිනිසා මෙතන මොකක් හරි ජිල්මාට් එකක් තියෙනබවත් සාමි කියපු දේ ඇත්තක් තියෙනබවත් ඔක්කෝටම තේරුනා........

    අම්ම තාත්ත නිවාඩුවක් බලල හැකි විගහින් සාමි හම්බවුනා..... සාමිට මේක ගලවන්නම බැරිලු:no:..... යැකෝ වැඩකාරයත් බෑ කියනකොට කාගෙ සරණක්ද........ මරන් මැරෙමු කියල තාත්ත කිවුව:angry:..... ටිකවෙලාවකදි සාමි පොඩි යෝජනාවක් ගෙනාව......

    නෝනල පවු පින් හින්ද හැමදාම කලේ මේ ගෑනිගෙ කරදරවලදි ඒව කපල දාල පැත්තකටවෙන එකනෙ..... මට කොහොමත් නෝනගෙ අම්මව ගලවන්න බෑ...... හැබැයි මේ කරපු දේ අනික්පැත්තට හරවල කරපු එකාට කෙලවන්න පුලුවන්..... පවකුත් නෑ.... කැමතිද???
    තාත්ත උඩින්ම කැමතිවුනා:lol:.... අම්ම අහින්සකයි...... කරකියාගන්න දෙයක් නැතිනිසා කැමතිවුනා:sorry:.......

    සාමි දන්නව අපි ගොඩක් පාඩුවෙ ඉන්න මිනිස්සු කියල..... මිනිස්සු තව මිනිස්සුන්ට කෙලවන්න කියල සල්ලි දෙද්දි අපි හැමදාම සල්ලි දුන්නෙ අපිව බේරගන්න කියල විතරයි..... ඒකනිසා ඒ මනුස්සය අපේ පවුලගැන හරි පැහැදීමකින් හිටියෙ:yes:......... තාත්තට අඩුම කුඩුම ටික ගෙනත්දෙන්න කියල, ගනනක් කියන් නැතිව සන්තෝසෙන් දෙන් ගානකට වැඩේ කරලදෙන්න පොරොන්දුවුනා;)......

    ඊලඟ සතියවෙනකොට වැඩේ කරල ඉවරවුනා....... ගෙදර හතරමායිමට දාන්න පුලුවන් උපරිම ආරක්ශාව දැම්ම....... එවපු පිල්ලිය උන්ටම කරකැවුව....... පස්සෙ සාමි කිවුව ආයෙත් මේපැත්තෙ එන්න ඕන නෑ...... ආයෙ කවදාවත් කාටවත් අපිට කරදරයක් කරන්න බෑ කවුහරි මොනවහරි කලොත් ඒ විදියටම උන්ට ඒ තෑගි හම්බවෙනව කියල:)........ ආයෙත් කිවුව මේ නොන්ඩිගහන ගෑනි අම්ම මැරෙන්න ඉස්සෙල්ල අම්මගෙ කකුල්දෙක ලඟට එනව කියල:P...............


    !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ආ......... දැන් ඉන්ටවල්......... පොඩි එකාගෙ කෑම වෙලාව........ අද මමයි බේබි සිටින්......... පස්සෙ කොටන්නම් ඉතුරුටික.......

    !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


    දැන් තමයි හොඳම හරිය:growl:......... අපේ ප්‍රශ්ණ නැතිවෙලා ගියා.....අවුරුදු ගනනාවක්ම කිසිම සද්දයක් බද්දයක් නැතිව ගෙවිල ගියා......... පුන්චිඅම්මල ගැන කිසිම ආරන්චියක් ලැබුන් නෑ...... ඒත් එකපාරටම පොඩිමාම ගෙදරට කඩා පාත්වුනා:baffled::eek:....... මිනිහ ඉන්නෙ නුවර....... පුන්චිඅම්ම හම්බෙන්න ඇවිත් යමින්ගමනෙ අම්මවත් බලන්න ඇවිත් *(අම්මගෙ පවුලෙන් ගෙදරට ගත්ත එකම එකා පොඩිමාම විතරයි ) මූ රෑ කෑම මේසෙදි මාරකතාවක් කිවුව.:oo::oo:......

    පුන්චිඅම්මගෙ දුවෙක්ට ආච්චි වැහිලලු:growl::growl:........ සිද්දිය මෙහෙමයි වෙලාතියෙන්නෙ.......

    ඒ කෙල්ල එතකොට හයේ පන්තියෙ විතර ඇති උදේ පාන්දරින්ම ඉස්කෝලෙ ගිහින් (ඔක්කෝටම ඉස්සෙල්ල ගිහින් තියෙන්නෙ ) පන්තියට යනකොට ඒකිගෙ පුටුවෙ ආච්චි වාඩිවෙලා ඉඳල:growl::growl:...........තරහින් බලන් ඉඳල එකපාරටම ඇඟටකඩන්පැනල:growl::growl:...... කෙල්ල බයවෙලා ගෙදර දුවල........... ගේට්ටුව ලඟදිම අම්මට කියල ආච්චි ඇඟට පැන්න කියල සිහිනැතිව වැටිල:baffled:........

    කෙල්ල අවුට් ගිහින් (ඇත්තටම පවු.... පවුලෙ හිටිය ලස්සනම කෙල්ල ) කෙල්ලට ආත බූත නෑලු.... සිහියක් පතක් නෑලු...... කෙල බේරෙනවලු...... හයියෙන් හිනාවෙනවලු...... හෙලුවෙන් නටනවලු:baffled:........ වැඩක් නෑ කතාකරල....... කෙල්ල මහරෑට පිස්සු කරනව වැඩියිලු..... මහ රෑට හීනෙන් ගේ පුරා ඇවිදිනවලු...... දවස් කීපයක් හීනෙන්ම ඇවිත් මහ උන් දෙන්නගෙ බෙල්ල මිරිකන්න හදල:no::no:...... බේරගන්න බැරිතැන රෑට කෙල්ලව කාමෙරේ දාල දොර ලොක් කරල නිදාගන්නවලු. දවසක් කාමරේ ලොක් කරන්න අමතක වෙලා රෑ එකට විතර කෙල්ල ගෙදරින් පැනල ගිහින්:nerd:........... මහ උන් දෙන්න රත්වෙලා හැමතැනම හොයල අන්තිමට ගෙවල් ලඟ පාලු සොහොනක් උඩටවෙලා හිනාවෙවී ඉන්නවලු:growl::growl:.........

    ආයෙත් දවසක් යතුර හොරෙන් අරන් පැනල ගිහින් ගෙවල් ලඟ කනත්තකටවෙලා ඉඳල:growl::growl:..........
    බේරගන්න බැරිතැන පුන්චිඅම්ම කෙල්ලගෙ දොර ඉස්සරහ ඇඳක් දාගෙන නිදාගන්නවලු:baffled:

    හම්මේ අනුන්ට ගිනිදීල තමුන්ට පත්තුවෙනකොට තියෙන සනීපේ...............:baffled::baffled:


    සිද්දිය ගොඩදාන්න පුන්චිඅම්ම බලි තොවිල් නාඩගම් ඔක්කෝම කරන්න අරන්. ඒ අවුරුදු 3-4ට තිබිච්ච වාහන, මාලිගාවක් වගේ තිබුන ගෙදර ආදී වූ සියලු දේ විකුනල කෙල්ලව ගොඩදාන්න:(....... මනුස්සය ලක්ශගානක සීට්ටුවක් පටන් අරන්, සීට්ටුවට හිටිය කට්ටිය පොල්ලක් තියල ඒක බේරන්න කඩ ඔක්කෝම උගස්කරල ඒවත් සින්න වෙලා:baffled:.......
    (සීට්ටු කේස් එක මටනම් තේරුන් නෑ, මාම කිවුවෙ එහෙමයි, මම දන් නෑ......)

    කොහොමහරි පවුලට ඇපත් නෑ.....:no::no:

    මාම කියන විස්තර ඇහෙනකොට ඇඬෙනව......... මේ ඔක්කෝම අපිට වෙන්න තිබුන ඒව......... කොහොමහරි කට්ටිය රජමැදුරුවල ඉඳන් තමුන්ගෙම උන්ට නිකරුනේ ගිනිදීල නැට්ටටම නට්ටම් උනා....:baffled:

    කාලෙ තවත් ඉස්සරහට යනව...... අපි ඒ පවුලගැන හිතින් දුක්වුනාට අපිට කරන්න කිසිම දෙයක් නෑ.... පවුත් නෑ....... උන් දුන්න ගිනිවලින් උන්ම පිච්චුන....... ගෑනිට කවුරු මොනව කරාද මොනව වුනාද කියලත් හිතාගන්න බැරිවුනා මොකද ඒකි ගොඩක් මිනිස්සුන්ට කරදරකලා.... ඒත් දැනන් හිටිය පත්තුවුනේ එයාගෙම බෝම්බයක්ම බව...........:nerd::nerd:


    කාලය යනව........ අපි රස්සාවලට යනව......නිවාඩුදවසක ගෙදර ගේට්ටුවට කෙනෙක් ගහනව ඇහුන.......... අම්ම ගියේ බලන්න.........:shocked:

    ආදරනීය පුන්චිඅම්ම :growl::growl:අපි බලන්න ඇවිත්........
    බලන්නම නෙමෙයි.... හිඟමන් ඉල්ලන්න........ කෝටිගනන් සල්ලි තිබිල....... දෙමවුපිය උරුමය තනියම කාබාසිනිය කරල....... අම්මගෙ කකුල්දෙක ඉස්සරහ හඬා වැටුන:baffled:..............
    අනේ අක්කේ අපිට හොඳටම කෙලවෙලා තියෙන්නෙ...... පවුලම ඉවරයි........ දරුවගෙ ඔලුව විකාරවෙලා අනිත්උන් දෙන්න නන්නත්තාර වෙලා.......... ඉන්න හිටින්න තැනක් නෑ දැනට කුලී කාමරයක ඉන්නෙ....... ඒක අස්සෙ මගේ ඇස්දෙක පේන්නෙ නැතිව යනව..... කාචදෙකක් දාගන්න සල්ලි නෑ......... බුදු අක්කේ....... අපිව බේරගන්න........:oo::oo:

    මොනවකරන්නද???? අපේ අම්මල තිරිසන්නු නෙමෙයි...... මොකාටත් පිහිටවෙනව......... අපි දන්න කන්ටෑක්ස් වලින් ගෑනිට ඒදවස්වල තිබුන හොඳම කාච දෙකක් දාල ඔපෙරේශන් එකෙන් පස්සෙ වැඩි දුර යන්න හොඳනැතිනිසා ගෙදර තියන් සාත්තුකලා:nerd:...........

    අම්මන්ඩි සතියක් සැපට හිටිය.... ඊටපස්සෙ මේකිගෙ පාහරකමට වත්තෙ හතරකොනේ ගාටනව...... කෝකටත් අම්ම ගෑනිගෙ වැඩගැන හොඳ සිහියෙන් හිටියෙ:frown:........

    ඒකාලෙ සාමි දීල තිබුන කලුවර ලීයෙන් කරපු බලගතු කාලි මෑනිගෙ රුවක්:).......... සාමි කියල තිබුන ඒක ගෙදර ඉස්සරහ තියන්න කවුරුහරි පවුලට විපතක් කරන්න හැදුවොත් එයාට මේ පිලිමෙන් පොඩ්ඩක් අනතුරු ඇඟවෙනව කියල;)......

    මේකි පිලිමෙ දිහා හොඳට බලල ලොකුඅක්කේ මේ මොකක්ද මේ???? කියල ඇහුව:shocked:.......... අම්ම ටිකක් බයවෙන්නත් එක්ක මේ පිලිරුවේ බලය අතිනුත් දාල විස්තර කලා......... අන්තිමට කිවුව..... එක එක බල්ලො බැල්ලියො අපේ පවුලට එක එක අනවින කොඩිවින කරල තිබුන.......... අපි කරල තියෙන වැඩවලින් එක දහයවෙලා හම්බවෙන්නෙ......... කරපු උන්ට දැන් ඇපත් නෑ කියල......... :growl::growl:ගෑනිගෙ ඇස් උඩගියා:shocked:..... එයාගෙ අහින්සක ලොකුඅක්කගෙන් මේවගේ කතාවක් අහන්න කවදාවත්ම එයා හිතන් හිටියෙ නෑ............. අම්මෝ අක්කේ අපිනම් ඕව කරන් නෑ.......
    අපිනම් ඕවට නෑ.........මේක මහ බලගතු දෙයක් බව බලපුගමන් තේරෙනව කියල මාරුවෙලා ගියා:baffled:....... ගෑනි ඊලඟ දවසෙම ගෙදර යන්න ලෑස්තිවුනා........... යනකොට අම්මට කියලගියේ අක්කෙ අපිට මේ පලදුන්නෙ අනුන්ට කරපු දේවල් තමයි කියල:no:..........


    ආහ්....... කියන්න බැරිවුනා.......
    ගෑනි එනකොට අපිට සීනි පැකට් එකක් අරන් ආවෙ...... ඒත් මේකි යනකොට හොරෙන්ම ඒ සීනි පැකට් එක අරන්ගිය......... අම්ම සීන් එක දැකල තියෙනව....... සල්ලි නැති එකාට අපේ ගේ ඇතුලෙ කැරකුනහම රුපියල් තුන්හාරදාහක්වත්, රත්තරන්බඩු ටිකක් අතගාගෙන යන්න පුලුවන්එකේ දන්න උන් කියපල්ල ඇයි ඒකි ඒව මොනවත් ගන්නෙ නැතිව අපිට දීපු සීනි පැකට් එකම හොරකම් කලේ කියල????:confused:


    ඒ කෙල්ල පවු තමයි...... ඒත් අපිට කියල කරන්න දෙයක් නෑ..... ගොඩදාන්න ගිහින් මළපැනල ඉන්න ආච්චි අපේ ලඟට ආවොත් බඩුම තමයි:growl::growl:...... අනික ඒ ගෑනි හොට බිම ඇනිලත් හැදෙන් නෑ.... දැක්කනෙ සීනි ගොට්ටෙ සීන් එක....... ඉතින් අපිට ඕකිට උදවු කරල ඉල්ලන් කන්න ඕනෙම නෑ:no::no:

    උඹලට කියන්නතියෙන්නෙ මේ දේවල් උඹලගෙ ජීවිතවලට ලන්කරගන්න එපා කියල............. කොච්චර උඩදාගෙන අනුන්ට කෙලෙව්වුවත් කවදහරි උඹලට නොදැනිම උඹලට කෙලවෙනව..........:nerd:

    එතකොට ඉතින් උඩබලාගෙන "මේ "ගෝට්" බ්ලෙස් මී" තමයි කියන්න වෙන්නෙ.......


    තව එකක් පස්සෙ දාන්නම්..........

    May GOAT bless you all.........


    :frown:රොබොට් අයියා
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    ස්තූතියි කට්ටියටම.......... ඕව කියවනකොට චූන් වුනාට.....ඔය සිද්දි වෙනකොට බොක්ක කූල්වෙලා ආශ්වාදෙ දෙකොනින් යනව........... ඇත්තටම විදියක් නෑනෙ මේව ඒ විදියටම දාන්න..... ෆිල්ම් එකක්ම ගහන්න වෙයි පොඩ්ඩක් හරි ෆීල් එක ගන්න........ ඒත් ඒක තමුන්ට වෙනකොට තියෙන සනීපෙ උඹල කවද ලබන්නද??? අර මම දාපු ලින්ක් එකෙත් පට්ට සීන් එකක් තියෙන්නෙ....... කියවපල්ල.......

    ආච්චිගෙ රෙද්ද රෙඩි..... යක්කු ගස්නගිනවෙලාවට දාන්නම්.........

    රොබොට් අයියා

    ඉස්සරනම් ඔය වැනි කථා කියවනකොට ජලභීතිකාව මටත් තිබුණා. ඇත්තටම පෞද්ගලිකව එහෙම අත්දැකිම් දැන් ඒකත් තුරන් වෙලා.:oo:

    ඔන්න දැන් පොඩ්ඩකට ඉස්සරවෙලා 8 වන පිටුවෙ කතාවක් කියවලා දැම්මා. පට්ට සීන් එකක්නෙ එකනම් :shocked:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඇයි ඒකි ඒව මොනවත් ගන්නෙ නැතිව අපිට දීපු සීනි පැකට් එකම හොරකම් කලේ කියල????

    :baffled:

    දියවැඩියාව වත්ද? එහෙම අය සීනි කනවා වැඩියිනෙ :rolleyes:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    බුදු අම්මේ මේක මාවැලක් වගේ දිගයිනෙ රොබොට් අයියා :frown:


    DJnet
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 3,835
    Join Date: Apr 2007
    Location: අන්තර්ජංජාලය



    Today, 12:08 PM

    Quote:
    Originally Posted by scylla4444
    ලංකාවට බිංකරුවල වැටිලදෝ????? ආච්චිගෙ කතාව ගොඩක් දික්වෙනව...... උඹල කියවයිදත් මන්ද?? ලංකාවෙ ටෙලිනාට්ටි වගේ කෑල්ල කෑල්ල දාන්නද?? :confused: ඇගේ වෛරය වගේ ගෙඩිය පිටින් (සොරි සොරි..... ගෙඩි දෙක පිටින්) දාන්න ද????:D:D


    :frown:රොබොට් අයියා.......


    රෑ වෙලා දාන්න ගෙඩි දෙක පිටින් ම... :cool::cool:


    :lol:ඔය උඩ ඉන්න එකාට බැනපන්...... ඌ තමයි කිවුවෙ ගෙඩි දෙක පිටින් දාන්න කියල........... (.)(.):lol:


    මේවගේ අද්බූත කතා කෙටිකරන්න බෑ මචන්...... එහෙමවුනාම කියවන එකාට පුන්චි පුන්චි ප්‍රශ්ණ මතුවෙනව...... උදාහරනෙකට, මම මේ කතාවෙ වැඩකට නැති අපේ ගේට්ටුවෙ විස්තරයක් දැම්ම..... හේතුව නැත්නම් අහයි උඹේ අම්මට ඇස්පේන්නෙ නැද්ද ගේට්ටුව ඉස්සරහ බිම දාල තියෙන මල්වඩම පාගන්න..... බොරු දාන්න එපා බං කියල......:no:

    මේ කතා පොඩ්ඩ වැරදුනොත් තඩි බොරු විදියටයි ප්‍රසිද්ද වෙන්නෙ.... (*_මම දැකල තියෙනව එලකිරියෙම මේ වගේ කතා පින්තූරත් එක්කම දාල කට්ටිය ඌට කුනුහර්පෙනුත් බැනල දාල තිබුන ත්‍රෙඩ් එකක්......) ඉතින් මේ සත්‍ය සිදුවීම් හරි පරිස්සමින් පැහැදිලිව ලියන්න ඕනෙ.... කතාව දික්ගැස්සුනාම අමිහිරි වෙන්න පුලුවන් ඒත් කියවල සතුටුවෙනවට වඩා මට මේ හැම කතාවකින්ම උඹලට යම් පනිවිඩයක් දෙන්න ඕන......;)

    අනික මේ ත්‍රෙඩ් එක 7721ක් හිට්කරල තියෙනව ඒ බලපු එකෙක්වත් මේව බොරු කියල මෙතන ඩෙනා නටන් නෑ....... (ඒකෙන් කියන් නෑ උඹල මේව පිලිගන්නව කියල......) ඒත් මෙච්චර විසිට්ස් තිබිලත් මේව බොරු කියල තර්ක කරන්න උන් නැතිවීම මට හරි පුදුමයක්......):rolleyes:

    පස්සෙ පොඩි කතාවකින් සෙට්වෙමු...............

    :frown:රොබොට් අයියා......
     
    • Like
    Reactions: c gate

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    එල රොබට් අයියා එල ..
    11.gif
    අර රජතුමාගේ සීන් එකත් ඉක්මනට කියන්න..:)


    චූ කරන්න බාත් රූම් යන්නත් බයයි බයයි වගේ දැනේ :rolleyes: , ඔන්න ඔහේ ජනේලෙන් එලියට දමමි.:P හුටා ඒ කියලා කොහොමද ජනේලේ අරින්නේ :sorry: බාත් රූම් එකටම යමි :dull:.. හෙට නාවොත් මගේ නම්බර් එ
    දන්න උන් කෝල් කරලා " හොල්මන් සීන් එකකට බය වෙලා , නූලක් දාන්න " කියලා ගෙදර අයට කියපියව් . :oo:


    :frown:අලි පැටියා......
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    :baffled:

    දියවැඩියාව වත්ද? එහෙම අය සීනි කනවා වැඩියිනෙ :rolleyes:


    හි...හි....:lol: මේ උඹ අද ඔක්කෝම කතාටික කියවනවද?? :confused:හෙමින් සැරේ කියවපන්.......

    එනිවේ නයිස් ගෙස් මචන්...... ඒත් වෙච්ච සිද්දීන් හා එයාගෙ ඉතිහාසය බලනකොට එයා කෑම වලට යම් යම් දේ කලවම්කරල එක එක මතුරපු විශ කන්න දෙන්න හරි හපනි.......... මොන දේ කලත් මොන මැතිරිල්ල කලත් කොහොමින් හරි බල බිඳගන්න පුලුවන්..... ඒත් දෙයක් කැවුනොත්නම් පුතේ බඩුම තමයි...... උගුරෙන් පහලට දාගන්න පහසුව නෑ වමාරන්න ගියාම......මොකද මේ ජීවම් කල විශ ඇඟේ තැන්පත් වෙලා කවදහරි හොයාගන්න බැරි ලෙඩ හැදෙනව...... මම ඔය ගැන කතාවකුත් ලියල ඇති.......:dull:


    ඔය සීනි ගොට්ට ගැන අපේ පවුලේම මතය, පුන්චිඅම්ම තවත් අන්චියක් අදින්න ගෙනාපු දෙයක් විදියට....... මේකි අම්මගෙන් ගෙදරට දාල තියෙන ආරක්ශාව හා ඒ නිසා හදි හූනියන් කරන උන්ට වෙන හානිය අහල උන්ට තවත් කෙලවෙයි කියල බයටම තමයි ඕක අරන් මාරුවෙලා ගියේ........

    මට කියපන්, උබ උඹේ ජීවිතේට ගෙදරකට ගෙනත් දීපු සීනිගොට්ටක් වගේ සුලු වටිනාකමක් තියෙන දෙයක් ආයෙත් හොරෙන් අරන් ගිහින් තියෙනවද???? :confused:අනික සතියකින් ගෙදරයන ගෑනිට සීනි මොකටද??

    ඕක තමයි අපිට තියන සැකය......

    අනික අපි ඔය සීන් හොඳට පාස්කරල තියෙන්නෙ....... කවුරුහරි මොනව හරි කනජාතියක් ගෙනාවොත් ඒක උන්ටමයි කවන්නෙ....... ඉතුරු ටික පුද්ගලය ගියපු හැටියෙ එලියට විසික්කරල දානව...... අඩුගානෙ ගෙදර බල්ලටවත් කන්න දෙන් නෑ (බල්ල කියුවට ඌ අපි ඔක්කෝගෙම පන :love::love: )......... කොච්චර රස කෑමක් වුනත් කාගන්න බැරිවුන හිතේ අමාරුව යන්නත් එක්ක ඒජාතියෙම කෑමක් කඩෙන් අරන් ඇවිත් කට්ටියත් එක්ක සන්තෝසෙන් කනව :):)

    :frown:රොබොට් අයියා.......
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    එල රොබට් අයියා එල ..
    11.gif
    අර රජතුමාගේ සීන් එකත් ඉක්මනට කියන්න..:)


    චූ කරන්න බාත් රූම් යන්නත් බයයි බයයි වගේ දැනේ :rolleyes: , ඔන්න ඔහේ ජනේලෙන් එලියට දමමි.:P හුටා ඒ කියලා කොහොමද ජනේලේ අරින්නේ :sorry: බාත් රූම් එකටම යමි :dull:.. හෙට නාවොත් මගේ නම්බර් එ
    දන්න උන් කෝල් කරලා " හොල්මන් සීන් එකකට බය වෙලා , නූලක් දාන්න " කියලා ගෙදර අයට කියපියව් . :oo:


    :frown:අලි පැටියා......

    එළ එළ බි#ජ ගැටගහගෙන ලයිට් දාන් නිදාගනින්........හෙට චූකරන්න බැරියැ....... රජකතාව සති දෙකක් විතර ලියල අප්ලෝඩ් කරනකොට කෙලවුනා..... ආයෙ ලියන්න බෑ....... අනික පස්සෙ කල්පනාවුනා ඒක එහෙම වෙච්ච එක හොඳයි කියලා...... මොකද ඒක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජෙක්ට මම වගේ පඟරනැට්ටෙක් කරන අපහාසයක් කියල.......... ඉතින් ඒ කතාව මාත් එක්කම වැලලිලා ගියදෙන්..........

    :frown:රොබොට් අයියා...............
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    හි...හි....:lol: මේ උඹ අද ඔක්කෝම කතාටික කියවනවද?? :confused:හෙමින් සැරේ කියවපන්.......

    එනිවේ නයිස් ගෙස් මචන්...... ඒත් වෙච්ච සිද්දීන් හා එයාගෙ ඉතිහාසය බලනකොට එයා කෑම වලට යම් යම් දේ කලවම්කරල එක එක මතුරපු විශ කන්න දෙන්න හරි හපනි.......... මොන දේ කලත් මොන මැතිරිල්ල කලත් කොහොමින් හරි බල බිඳගන්න පුලුවන්..... ඒත් දෙයක් කැවුනොත්නම් පුතේ බඩුම තමයි...... උගුරෙන් පහලට දාගන්න පහසුව නෑ වමාරන්න ගියාම......මොකද මේ ජීවම් කල විශ ඇඟේ තැන්පත් වෙලා කවදහරි හොයාගන්න බැරි ලෙඩ හැදෙනව...... මම ඔය ගැන කතාවකුත් ලියල ඇති.......:dull:


    ඔය සීනි ගොට්ට ගැන අපේ පවුලේම මතය, පුන්චිඅම්ම තවත් අන්චියක් අදින්න ගෙනාපු දෙයක් විදියට....... මේකි අම්මගෙන් ගෙදරට දාල තියෙන ආරක්ශාව හා ඒ නිසා හදි හූනියන් කරන උන්ට වෙන හානිය අහල උන්ට තවත් කෙලවෙයි කියල බයටම තමයි ඕක අරන් මාරුවෙලා ගියේ........

    මට කියපන්, උබ උඹේ ජීවිතේට ගෙදරකට ගෙනත් දීපු සීනිගොට්ටක් වගේ සුලු වටිනාකමක් තියෙන දෙයක් ආයෙත් හොරෙන් අරන් ගිහින් තියෙනවද???? :confused:අනික සතියකින් ගෙදරයන ගෑනිට සීනි මොකටද??

    ඕක තමයි අපිට තියන සැකය......

    අනික අපි ඔය සීන් හොඳට පාස්කරල තියෙන්නෙ....... කවුරුහරි මොනව හරි කනජාතියක් ගෙනාවොත් ඒක උන්ටමයි කවන්නෙ....... ඉතුරු ටික පුද්ගලය ගියපු හැටියෙ එලියට විසික්කරල දානව...... අඩුගානෙ ගෙදර බල්ලටවත් කන්න දෙන් නෑ (බල්ල කියුවට ඌ අපි ඔක්කෝගෙම පන :love::love: )......... කොච්චර රස කෑමක් වුනත් කාගන්න බැරිවුන හිතේ අමාරුව යන්නත් එක්ක ඒජාතියෙම කෑමක් කඩෙන් අරන් ඇවිත් කට්ටියත් එක්ක සන්තෝසෙන් කනව :):)

    :frown:රොබොට් අයියා.......


    ඔව් එක දිගටම කියවලා දැම්මා, මොකද වෙනස් විදියක අත්දැකීම් ටිකක්නෙ :yes: අනෙක මෙවැනි පෞද්ගලික අත්දැකීම් හැමෝම බෙදාගන්නවත් බෝහෝ වෙලාවට අඩුයිනෙ අන්තර් සමාජයෙදි.

    කරන කලට පව් මීරිය මී සේ!!:oo::no:

    මේ වගේ කථා මමත් කුඩා කලෙදි ඇහැව්වා තරමක භීතියක් චකිතයකුත් තිබ්බා. කාලවත් සමගම කාර්‍යය බහුල ජීවිතයත් සමගම එම මතකයන් සිතේ යටපත් වෙලා. මේවායෙ සත්‍ය අසත්‍යතාව ගැන නවීන විද්‍යාව සමග ගලපල තරකකරලා උරගාල බලන්න මමනම් කැමති නැහැ. ඒත් අහලා කියලා දැන ගන්න හරි කැමතියි. අනික් අතට විද්‍යාවෙන් සොයාගෙන තියෙන්නෙ දේට වඩා සොයාගන්න තියෙනදේ වැඩියි කියලා මට හිතෙන්නෙ?

    වෙලාව තියෙන හැටියට තියෙන අත් දැකීම් බෙදාගන්න ඉතින් දිගටම ලියමු හොදේ. :D
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    තියන කික් එකට office යන්න කලින් බලන්න ආව,,
    දැන් ලැස්ති වෙන්නත් එපැයි?

    එල එල රොබට් අයියා,, සුපිරි,,,