"කුඩු" නමක් දෙන්න බැරි කතාවක්........

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    "කුඩු" නමක් දෙන්න බැරි කතාවක්........

    "කුඩු" නමක් දෙන්න බැරි කතාවක්........

    d4r%20%28800%20x%20223%29.jpg

    "මේක තමයි තැන"
    ඒ, මා පිටුපසින් හිදුවගත් මෝටර් සයිකලයෙන් අදාල ස්ථානයට ලගාවූ මගේ යහළුවාගේ හඩය. විවෘත වූ ද්වාරයෙන් හිස යොමු කලෙමි. එය තරමක් විශාල සෘජුකෝණාශ්‍රාකාර කාමරයක් විය. කාමරයකටත් වඩා ශාලාවක් යනුවෙන් එය හැදින්වීම නිවැරදිය. එක් පසකින් පමණක් පියන් තුන හතරකින් යුත් ජනෙලයක් හැරදමා තිබුනි. ශාලාව මධ්‍යයේ විදුලිපංකාවක් පැවති අතර යන්තමින් පැවති අදුර මැකීමට මෙන් ශාලාවේ දෙපස විදුලි බුබුළු දල්වා තිබිණි.
    "වරෙංකො යන්න" මිතුරා ඉස්සර විය. "මචං....කවුද මේ... යාළුවෙක්ද?" ඔහු තරුණයෙකි. "ඔව්. මගේ යාළුවෙක් එක්ක ආවා" ඔහුගෙන් ඉවත්වී යාළුවා පසුපස යමි. අප දෙදෙනා තවත් කණ්ඩායමක් පසුකරමින් ගමන්කලේ මගේ මිත්‍රයාගේ මිත්‍රයා සිටි දෙසටය.
    "හා... මොකද පරක්කු?" "පොඩ්ඩක් පරක්කු උනා මචං මූ එනකං හිටියා" ඉන්පසු සුපුරුදු හදුනාගැනීම්ය. "බීපං සිගරට් එකක්" ඔහු මාදෙසට සිගරට් පැකට්ටුව යොමුකරයි. ඉන් එකක් ගෙන දෙතොලේ රදවා ගතිමි. "ඉදා මට පරක්කු වෙනවා" නාදුනන මිත්‍රයා මගේ මිතුරාට යමක් දෙමින් පිටව යයි. ඒ තුල කඩදාසි ගුලි දෙකකි. ඉන් එකක් ඇගිල්ලක් තරම් විශාල වූ අතර අනෙක කුඩා විය. "උඹටත් නිකං වේලි වේලි ඉන්න බෑනෙ ඒකයි මේක ගෙන්නගත්තෙ" මා ඔහු දුන් පැකට්ටුව දිගහරින අතර ඔහු පසුම්බියෙන් ඊයම් කඩදාසියක්ද මේසය මත තිබූ පත්තර පිටුවකින් කොටසක්ද කඩාගෙන එයින් යමක් සාදමින් සිටී. මේ අතර මගේ අතැගිලි කඩිනමින් ක්‍රියා කරමින් මාහට ඇවැසිදේ නිපදවන්නට වීමි. "මචං කවදාවත් ඩස්ට් එකට සෙට්වෙන්න හොද නෑ නවත්තගන්න බැරිනං" ඊයම් පත්‍රය මතට දැමූ ඉතා කුඩා ගුලියක් වමතට ගනිමින් ඔහු පවසයි. මා මාගේ අතේ ඇති වැඩ අවසන් කලදෙය මුවට තබා දල්වාගතිමි. මේ අතර මාගේ මිත්‍රයා ඊයම් පත්‍රයට යටින් දැල්වූ ගිණිකූරක් අල්ලා මුවෙහි රදවාගත් පත්තරපිටු බටය ඊට ලංකරමින් සිටී. ක්‍රමයෙන් ඊයම් පත්‍රය මත ඇති කුඩා ද්‍රව්‍යය දුම් පිටකරමින් ඒ මේ අත ගමන් කිරීමට පටන්ගැනීමත් සමග ඊට අනුරූපී ලෙස දකුණතෙහි ඇති ගිණිකූරද මුවෙහි රදවාගත් බටයද ඒ දෙසට මෙහෙයවන්නේ යාන්ත්‍රිකව මෙනි. තත්පර කිහිපයක ඇවෑමෙන් කාර්ය අවසන්වූ අතර ඒ ක්ෂණයකින්ම ගිණිකූර ගෙන සිගරැට්ටුවක් දල්වාගති.
    ශාලාවේ විවිධ තැන්වල මේස පුටු මත නැගුනු විවිධාකාර තරුණයින් ඔවුන්ගේ ලෝකවල ආශ්වාදය විදිමින් සිටී. ඉදහිට නිහඩතාවය බිදී ගියේ පිටතින් පැමිණියෙකුගේ හඩකිනි.
    "උඹට ඕක නවත්තන්න පුළුවන්ද" ඒ මගේ ප්‍රශ්නයයි. "පුළුවන්, ඒත් හැමෝටම බෑ. ඒකයි මම උඹට කිවුවෙ කවදාවත් මේකට පුරුදුවෙන්න එපා කියල" "මොකක්ද ඕකෙයි මේකෙයි තියන වෙනස" "දැං උඹ සිගරැට් බොනවනේ, ජොයින්ට් එකත් ගහනවනේ ඔයදෙකේ ආතල්එකේ වෙනස උඹ දන්නවනේ. ඒවගේ තමයි මේකත්. එහෙම විස්තර කරන්න බෑ" "ඇයි උඹ ඩස්ට්එක ගහන්න ගත්තෙ" ඔහු මදක් කල්පනා කරයි, "මට ඕන උනා ඒක කොහොමද කියල බලන්න, එච්චරයි. උඹ දන්නවනේ අපි කොච්චර ජොයින්ට් ගැහැව්වත් මම තනියම ගහන්නෙ නෑ කියලා. ඒකට මට පාලනයක් තියනව. මේකත් මම දහදොලොස් වතාවක් කරල නවත්තනවා" ඔහු කියයි.
    "උඹට පුළුවන්නං කියපං කුඩු ගහපු එකෙක් අදුරගන්නෙ කොහොමද කියල" මම කල්පනා කරමි...."නිදිමත ගතියෙන් වගේ ඉන්නවා" "නෑ, ඒක ජොයින්ට් වලත් තියනවනේ, ඒක නෙවෙයි කුඩු ගහල ඉන්නකොට නහය කසන්න ගන්නවා.හරියට දෙදරණ බස් එකක හිටගෙන යනකොට නහයඅග කසන්න ගන්නෙ , අන්න ඒවගේ."
    "හරි එහෙනං කියපං අළුවලින් කොහොමද අදුරගන්නෙ ඒක සිගරට් අළුද ජොයින්ට් අළුද කියල" "ඒක නං මම දන්නවා, සිගරට් අළු හුලගට යන්න බලනව.ගුලියක් වගේ රෝල්වෙනවා. ජොයින්ට් අළු වැටුනතැන තියනවා.හරියට ගොමගොඩක් වගේ"
    "හරියට හරි, අපේ ළමයෙක් කවදහරි අමුතු විදියට ඉන්නවනං අපට පුළුවන් ඌ ගහල ඉන්නෙ ජොයින්ට්ද අරක්කුද කුඩුද කියල කියන්න"
    "ඒ ළමයි හිටියොත්නෙ, මේ ගහන ගැහිල්ලට ළමයි හදාගන්න පුළුවන්වේවිද කවුද දන්නෙ?" .
    "අන්න අර ඩයල්එක දිහා බලපන්" සුදු පැහැති ටී ෂර්ට් එකක් හා කළුපැහැත් ඩෙනිම් කලිසමකින් සැරසුනු අවුල්වගිය හිසකෙසින් යුත් තරුණයෙකු ඇසින් පෙන්වමින් ඔහු සෙමෙන් කියයි.
    "මේකෙන් වෙන හාණිය පෙන්නන්න පුළුවන් ලෝගෝ එකක් තමයි ඕක" "ඇයි, කවුද ඒ.." "මචං ඕකා ...... ලග හිටියෙ සෙකට්‍රි වගේ, ඌට කෝල් එකක් ආවම ෆෝන් එක දෙන්න වගේ වැඩ තමයි මූ කලේ. අපි දෙන්නම එක දවසෙ ඉස්සෙල්ලම ඩස්ට් එක ගැහුවෙ. මම සතියකට වගේ සැරයක් ගහනකොට මූ ඩේලි ගැහුව, දැන් ජොබ්එක කරන්නෙත් නෑ. මුලදී හොදම බඩු අරගෙන ගැහැවුවෙ අනිත් එවුන්ටත් දීල, දැං මූ යන්නෙ අමාරුවෙන්. තව ටිකක් කල් ගියාම මූ වැල්වල වනල තියන රෙදි හොරකං කරන ගානට එන්නත් පුළුවන්. පේනව නේද මේකෙ හාණිය" කුඩුගැහීමේ ආදීනව කියාදෙමින් මිතුරා දිගටම දොඩමළුය,
    "උඹ දන්නවද සිගරට් වලයි බියර්වලයි හාණියෙ වෙනස?" හේ තවත් මාතෘකාවකට මුලපුරයි. "ඒ කියන්නෙ" "ඉස්සෙල්ලම බියර්එකක් බොන එකා ඊලගට බොන්නෙ අරක්කු. ඌට යන්න පුළුවන් උපරිම දුර තමයි අරක්කු. ඒත් සිගරට් එක බොන එකා ඊට පස්සෙ ජොයින්ට් ගහනව, ඊට පස්සෙ ඈෂ් ගහනව, ඊට පස්සෙ කුඩුයි කොකේනුයි ගහනව.අරක්කු ඩේලි ගහන එකෙකුට බාගයක් ගානෙ ගැහුවත් රුපියල් පන්සීයකින් හයසීයකින් ෂේප් වෙන්න පුළුවන්. ඒත් ඩේලි කුඩු ගහන්න සෙට් උනොත් දවසකට රුපියල් එක්දාස් පන්සීයක්වත් යනව අඩුම ගානෙ.ලග තියන සල්ලි ඉවරඋනාම ගෙදරින් සල්ලි දෙන්නෙ නැතිවුනාම අම්ම තාත්ත හරි විකුණල කුඩු ගහන්නමයි හිතෙන්නෙ."
    "හොරකම් කරන්නෙත් ඒකනෙ" "හ්ම්. මුං හොරකං කරන්නෙත් අමුතු විදියකට. උඹ දන්නවද?" "නෑ. කොහොමද?" "මෙහෙමයි සික්එක ගහල ඉන්නකොට මොකක් හරි උස්සන්න පුළුවන් දෙයක් දැක්ක කියල හිතපංකො. මුං ඊට පස්සෙ යන්නෙ ඒක විකුණගන්න පුළුවන් කියල හිතෙන ඩයල් එකක් ලගට. ගිහිල්ල ඌට ටෝක දෙනවා, ...... බඩුවක් තියනවා ගන්නවද ගන්නවනං කීයටද කියල. ගාන කතා කරගත්තට පස්සෙ තමයි භාන්ඩෙ උස්සන්නෙ"
    "මරුනෙ" "ඔව් ඒවගේ ඩයල් තමයි ඉන්නෙ. එක කුඩ්ඩෙක් කරපු වැඩක් කියන්නං. ඌ දැකල තියනව එලවළු කඩේක පොල්ගෙඩි වගයක් තියනවා. මූ මොකද කලේ ඊට අල්ලපු තේ කඩේ මුදලාලිගෙන් අහනව පොල් ගෙඩි ටිකක් තියනව කීය ගානෙ ගන්න පුළුවන්ද කියල. ගාන කතා කරගෙන මූ එලවළු කඩේට ගිහිල්ල කියනව, මම එහා පැත්තෙ තේ කඩේ වැඩ කරන්නෙ, මුදලාලි කිව්වා මේ පොල්ටික ගේන්න කියල. එලවළු කඩේ මුදලාලිත් විශ්වාසෙට සල්ලි නොගෙන පොල්ටික දෙනවා. අන්තිමට මූ සල්ලි ටිකත් අරගෙන පොල් තිබුන බෑග් එකත් එලවළු කඩේට දීලයි මාරුවෙන්නෙ. බලපං දෙන ගේම්"
    "ඒකත් හොදයි තමයි" "හුගක් විට මෙතෙන්ට ඉස්සෙල්ලම එන එවුන් එන්නෙ සෙට් එකකුත් එක්ක. ඊට පස්සෙ ටික ටික තන්යම ගහන්න පටන් ගන්නවා. ජොයින්ට් එකක් ගහනකොට බෙදාගෙන ගැහුවට ඩස්ට් එක ගහන්නෙ තනියම. මොකද තමන්ගෙ වියදම තමංම හොයාගන්න ඕන නිසා"
    "අර අතන ඉන්නඑකා බලපන්" මිතුරා යලිත් ඉගි කරයි "ඌ ඔය බලං ඉන්නෙ සල්ලි නැතුව. ෂොට් එකක් කාගෙන් හරි ලැබෙනකං. ඔයවගේ එවුන් ඉන්නව මේවගේ තැන්වල. අනිත් එවුන්ට කෙලගහන්න සොපින් බෑග්එක පවා මුං අල්ලනවා"
    "මෙතෙන්ට බඩු එන්නෙ කොහොමද" "මේව තියෙන්නෙ හෙනම රහසිගතව.දැං බලපං ගමක තියන කසිප්පු පොට් එක ගමේ පොඩි එකාගෙ ඉදල දන්නවා. ඒවගේම ඕන කෙනෙකුට බොන්නත් පුළුවන්. ඊලගට ජොයින්ට් විකුණන තැනක් ගත්තොත් ලේසියෙන් ගන්න බෑ දැනගත්තත්. ඩස්ට් එක ඊටත් වැඩිය අමාරුයි. ෂුවර් කස්ටෙක් දහපාරක් විතර රෙකමන්ඩ් කරාම තමයි දෙන්නෙ"
    "හරි මේවා කොහෙන්ද?" "උඹට කිවුවොත් පුදුම වේවි. උඹලයි ඔ‍ෆීස් එකට මෙහා තියන බෝගහ ලගින් පොඩි පාරක් තියනවනේද?" "ඔව්" "ආන්න ඒ පාරෙ තමයි තැන තියෙන්නෙ" "නෑ..." "මම එක දවසක් ගියා ඒකයි දන්නෙ" "දපි යමුද?" "හා" අදුර ගලා එමින් පවතී. ශාලාවට පිවිසෙන්නවුන්ද වැඩිවෙම්න් පවතී. ඔවුන් සියල්ලෝම තාරුන්‍ය දියකරහැරුමට අදුරට පෙම්බදින අයයි.

    Source : රාජ්ගෙ නවාතැන

    Code:
    http://raj1st.blogspot.com
    _______________________

    හිතන්න යමක් මේ කතාවේ අතුලේ තියෙනවා කියල දැනුන නිසයි share කරේ.. - GihanD4R:yes:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කුඩු කියන්නෙ මහා විනාශයක මුලක්
    සුදු පාට ඔය කුඩු බිවුවම අමුතුම ශක්තියක් එනව ඒ උනාට ජීවත් වීමේ කාලය වෙනදටත් වඩා වේගයෙන් අඩුවෙනවා.ඕව ගහන තැනක ඉන්න හොදත් නෑ මොලේ කර වෙනවා
    හොද ලිපියක් බෙද ගැනීම ගැන සතුටුයි.
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    කුඩු කියන්නෙ මහා විනාශයක මුලක්
    සුදු පාට ඔය කුඩු බිවුවම අමුතුම ශක්තියක් එනව ඒ උනාට ජීවත් වීමේ කාලය වෙනදටත් වඩා වේගයෙන් අඩුවෙනවා.ඕව ගහන තැනක ඉන්න හොදත් නෑ මොලේ කර වෙනවා
    හොද ලිපියක් බෙද ගැනීම ගැන සතුටුයි.

    'Mal' baba speaks :P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කුඩු කියන්නෙ මහා විනාශයක මුලක්
    සුදු පාට ඔය කුඩු බිවුවම අමුතුම ශක්තියක් එනව ඒ උනාට ජීවත් වීමේ කාලය වෙනදටත් වඩා වේගයෙන් අඩුවෙනවා.ඕව ගහන තැනක ඉන්න හොදත් නෑ මොලේ කර වෙනවා
    හොද ලිපියක් බෙද ගැනීම ගැන සතුටුයි.

    ශක්තියක් එන්නෙ කොහේද බන්. ඒක බොරු මම දන්න විදියටනම් ඇඟට පන නැති වෙනවලු.
    :dull::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ශක්තියක් එන්නෙ කොහේද බන්. ඒක බොරු මම දන්න විදියටනම් ඇඟට පන නැති වෙනවලු.
    :dull::dull:
    කුලී වැඩ කරන උන්ට ඕව නැතුව වැඩ කරන්න බැහැලුනෙ
    මම දැකපු සීන් එකක් නිසයි කිව්වෙ පොඩිම ශෝපින් බෑග් එකකට හෙනම පොඩ්ඩක් තමයි ඕවා විකුණන අය දෙන්නෙ තරහකට කියනව නෙවෙයි ගොඩක් මුස්ලිම් අය තමයි ඔය කුඩු වෙළදාම කරගෙන යන්නෙ

    උදා :- රාගම ලොකු සීයා.පොඩි සීයා ඇතුලු පිරිස ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කුලී වැඩ කරන උන්ට ඕව නැතුව වැඩ කරන්න බැහැලුනෙ
    මම දැකපු සීන් එකක් නිසයි කිව්වෙ පොඩිම ශෝපින් බෑග් එකකට හෙනම පොඩ්ඩක් තමයි ඕවා විකුණන අය දෙන්නෙ තරහකට කියනව නෙවෙයි ගොඩක් මුස්ලිම් අය තමයි ඔය කුඩු වෙළදාම කරගෙන යන්නෙ

    උදා :- රාගම ලොකු සීයා.පොඩි සීයා ඇතුලු පිරිස ;)

    :yes::yes: රාගම සීයලට වැඩේ දුන්න නේ ? මොකද්ද හෙන කේස් එකක් ගියෙ !
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    කුඩු කියන්නෙ මහා විනාශයක මුලක්
    සුදු පාට ඔය කුඩු බිවුවම අමුතුම ශක්තියක් එනව ඒ උනාට ජීවත් වීමේ කාලය වෙනදටත් වඩා වේගයෙන් අඩුවෙනවා.ඕව ගහන තැනක ඉන්න හොදත් නෑ මොලේ කර වෙනවා
    හොද ලිපියක් බෙද ගැනීම ගැන සතුටුයි.

    amuthu sakthiyak.:confused: super man wage :P

    'Mal' baba speaks :P

    :rolleyes:

    ශක්තියක් එන්නෙ කොහේද බන්. ඒක බොරු මම දන්න විදියටනම් ඇඟට පන නැති වෙනවලු.
    :dull::dull:

    :yes::yes: ow ita passe full delusnal scn thama :rolleyes::P

    කුලී වැඩ කරන උන්ට ඕව නැතුව වැඩ කරන්න බැහැලුනෙ
    මම දැකපු සීන් එකක් නිසයි කිව්වෙ පොඩිම ශෝපින් බෑග් එකකට හෙනම පොඩ්ඩක් තමයි ඕවා විකුණන අය දෙන්නෙ තරහකට කියනව නෙවෙයි ගොඩක් මුස්ලිම් අය තමයි ඔය කුඩු වෙළදාම කරගෙන යන්නෙ

    උදා :- රාගම ලොකු සීයා.පොඩි සීයා ඇතුලු පිරිස ;)

    shoping bag wala kudu:nerd::nerd:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕවට දේශපාලුවෝ පොලිස් කාරයෝ උදව් කරනව බං. මේ මට උනත් දැන් හංදියට ගියොත් කුඩු විකුණන එවුන් කවුද තියෙන්නෙ කොහෙද ගහන්නෙ කවුද කියන විස්තර ටික විනාඩි 5 කින් දැනගන්න පුළුවන්. එතකොට පොලිසියෙ ඉන්නෙ බබාලද? උන් ඕව දන්නෙ නෑ? බොරු කතා මචං. ඕව ගෙන්නන එක බෙදා හරින එක නවත්තන්න බෑ කරන්න තියෙන්නෙ පුළුවන් තරම් දැනුවත් කරල කොල්ලො ටික බේරගන්න එක විතරයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕවට දේශපාලුවෝ පොලිස් කාරයෝ උදව් කරනව බං. මේ මට උනත් දැන් හංදියට ගියොත් කුඩු විකුණන එවුන් කවුද තියෙන්නෙ කොහෙද ගහන්නෙ කවුද කියන විස්තර ටික විනාඩි 5 කින් දැනගන්න පුළුවන්. එතකොට පොලිසියෙ ඉන්නෙ බබාලද? උන් ඕව දන්නෙ නෑ? බොරු කතා මචං. ඕව ගෙන්නන එක බෙදා හරින එක නවත්තන්න බෑ කරන්න තියෙන්නෙ පුළුවන් තරම් දැනුවත් කරල කොල්ලො ටික බේරගන්න එක විතරයි.
    :yes::yes::yes:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    කුලී වැඩ කරන උන්ට ඕව නැතුව වැඩ කරන්න බැහැලුනෙ
    මම දැකපු සීන් එකක් නිසයි කිව්වෙ පොඩිම ශෝපින් බෑග් එකකට හෙනම පොඩ්ඩක් තමයි ඕවා විකුණන අය දෙන්නෙ තරහකට කියනව නෙවෙයි ගොඩක් මුස්ලිම් අය තමයි ඔය කුඩු වෙළදාම කරගෙන යන්නෙ

    උදා :- රාගම ලොකු සීයා.පොඩි සීයා ඇතුලු පිරිස ;)
    උඹලෑ පැත්තේ සොපින් බෑග් වලට දෙන්නේ?
    කැපෙන් නැතුව ඇති නෙ?:P:P