මම,
driving license එක සාක්කුවෙ තියාගෙන,
ගෙදර වාහනේ තිබිලත්,
තාත්තට අම්මට බරක් නොවී,
උදේ හවා පාරෙ බස් එකේ යනවා..
සමහර දවසට පරණ පුශ් බයිසිකලයකට හුලං ගහගෙන,
ටවුමට යනවා,
ඒ මගෙ ආතල් එක.
මොකද ඔය බයික්, කාර් වලට පෙට්‍රල් ගහන්නවත්, ටයර් දාන්නවත්, ඉන්සුවර්න්ස් රෙවුනියු ගෙවන්නවත්,
සල්ලි මා ළඟ නැති නිසා. ඒ තිබුනත් අවශ්‍ය වෙලාවට ඒවා පාවිච්චි කරනවා මිසක් හැමවෙලාවෙම නාස්ති කරන්නෙ නෑ
අනික ඕවයෙ රිපෙයාර් එහෙම ආවම හදලා දෙන්නෙ කවුද? පාට්ස් වල ගණන් එහෙම දන්නවද?
මම සමහර වෙලාවට පයිනුත් යනවා, ඇඟටත් ව්‍යායාමයි
මතක තියාගන්න, ඔය කොලස්ට්‍රොල් එහෙමත් වැඩි දිනපතා වාහන වල ගිහින් පුටුවල ඒසී එකේ වාඩිවෙලා ඉන්න අයට
වාහනයක් ගත්තම, මුල් කාලෙ ආතල්, පහුවෙනකොට තනියෙන් අරහෙ යන්නයි මෙහෙ යන්නයි එලවන්නයි ගියාම එපාවෙනවා.. බයික් එකක නම් තවත් වැඩියි, දූවිල්ලයි වැස්සයි පින්නයි අව්වයි.. අඩුගානෙ බස් එහෙකනම් හෙවනයි වහලයි තියෙනවා
එදා අද වගෙ නෙමෙයි
රටේ මනුස්සයෙක්ට රෝද හතරක් දකින්න ලැබුනෙත් අවුරුද්දට එකපාරක් වගෙ
අපේ දෙමව්පියන් එදා කිලෝමීටර් ගණන් ගම් ගනන් ඇවිදපු මිනිස්සු
ඒ කට්ට කාලා තමයි දැන් සුවෙන් ඉන්නෙ
උඹ අද ඕවා කාගෙන සල්ලි ඉතුරු කරලා හෙට සාර්ථක මිනිහෙක් වෙයන්
බැංකුවක සල්ලි දාලා ඉතුරු කරපං, පොලියත් හම්බවෙනවා
උඹේ යාලුවො අරකටයි මේකටයි වියදම් කරලා නට්ටම් වුනාට පස්සෙ
උඹේ තරම පෙන්නපං..
ඒකත් වියදමෙන් නෙමෙයි..
ඉතිරිකිරීමේ ගුණයෙන්..
මතක තියාගනින්, වියදම් කරන්නාට වඩා රුපියලෙන් රුපියල ඉතුරු කරන්නාට
තමංගෙ බැංකුවෙ මුළු මුදල් ප්‍රමාණය රුපියල් 50,000 වුනත්
බැංකුවෙ මැනේජර් වුනත් තමා එනකොට පුටුවෙන් නැගිටිනවා
කවුරුත් ගරු කරන්නෙ වියදමාට නෙමෙයි, ඉතිරි කරන්නාට
ඒ වගේමයි, කවුරුත් ගරු කරන්නෙ ඔලුව කෙලින් තියාගෙන සිටීමේ හැකියාවටයි
සැලෙන්න එපා..
ඔය එක එකා කියන ඒවට සැලුන නම්;
අපේ රටට යුද්ධෙ ඉවරකරගන්නත් බැරිවෙනවා
යාළුවො උඹට හඳට යන්න රොකට් එකක් හරි ගන්න කියයි
උඹ උඹට ඕනෙ දේ කරපං
කවදාවත් හරි දේ කරන්න ලැජ්ජා වෙන්න එපා මචං
උඹ කරන්නෙ හරි දේ නම් උඹ බිම් බෝම්බයක් උඩ කකුල තියාගෙන හිටියත් ඒක පුපුරන්නෙ නෑ
ඔබට ජය!
