එළකිරි භූත කොටුව.........

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රොබෝට් අය්යටය් කිම්බුලටය් ගොඩක් පින් මට මේ ගැන පැහැදිලි කරලා දුන්නට. මොන මගුල කරන්නත් කලින් කැළණි විහාරෙටය් ජය ශ්‍රී මහා බෝදියටය් බාරයක් වෙලා ඉන්නවා. අනේ මන්ද බන් ඇය් මිනිස්සු මෙහෙම කරන්නේ කියල. බලමුකෝ අපේ තාත්තගේ යාලුවෙක් හොද කට්ටඩි උන්නාන්සේ කෙනෙක් ගැන කියල තියෙනවා. අයෙත් පාරක් ගොඩක් පින්. හිතේ දුක යන්නත් එක්ක තව කතාවක් දාන්නකෝ රොබෝට් අය්යේ :(:)


    මචන් අපිට තියන ලොකුම පිහිට, ලොකුම සරන බුදුසරන...... ඒකට මුල් තෑන දීපන්.. නොපෙනනෙන යක්කු, කට්ටඩි පස්සෙ ගිහින් හරිගිය පිරිසට වඩා වරද්ද ගත්ත පිරිස බොහොම වෑඩී...


    මගෙ හිතට අල්ලපු එකම තෑනයි තියෙන්නෙ ඔය සම්බන්දව.. ඒ කෑස්බෑවෙ චින්තා කියල ගෑනු කෙනෙක් කරන තෑන.. ආරූඩ වීම් කෑගෑසීම් දේව රූප සුවද දුම් කිසිම දෙයක් නෑ.. නිකම්ම නිකන් ඔෆිස් එකක් වගේ තෑනක්.. ඔසරියක් ඈදගත්ත වෑදගත් නෝන කෙනෙක්.. මේසෙක වාඩිවෙලා ලස්සනට වෑඩේකරනව... උදේ පාන්දර හිරුට පිටුපාල හිටගෙන අපේ හෙවනෑල්ලෙ ඔලුව තියන තෑන කාටහරි කියල ලකුනක් දාල අපේම කකුලෙ පියවර ගාන මෑන ගන්නයි
    තියෙන්නෙ.. විස්තරදෙන්නෙම්.. මට පී.එම් එකක් දන්න
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හූම් කතා එන්නෙ නෑ වගේනෙ.. මම හෙට දිහාවෙ කතාවක් කොටන්නම්... හොදම යාලුවෙක් හිරේවෑටෙන්න යන නිසා වෑඩ ගිඩ ගෑහිල මේදවස් වල.. නුගේගොඩ ඈබුල්දේනියේ මීට ගොඩකාලයකටපෙර (අපේ සියට අවුරුදු 30 විතර වෙලා තියෙන්නෙ සියා අවුරුදු 84 ආයුවලදල මීට අවුරුදු 3 කට කලින් මියෑදුන උන්දෑට පිනි අයිතිවේවා!!!!) වුන සීන් එකක්.. දාන්නම්..

     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මමත් විශ්වාස කලේ නැ කලින් කලින්...මමත් හම්බ ‍අපෝහක භෞතිකවාදියා.......
    නමුත් අත්දැකීම් සමග මෙහෙම දේවල් තියනව කියල තේරුණා......
    තෝ මේ තාම පොල් කට්ටක් පිරෙන්න හුජ්ජ කරගන්න බැරි හිච්චි එකා.....:angry::angry:
    පොර ටෝක් නොදි හිටු.....!!!!:angry::angry::P:baffled:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මේක සිළුමිණේ පලවෙන ලිපි පෙලෙන් . තව දැන්නම් පස්සේ .

    මේ ලිපියෙන් අප ඉදිරිපත් කරනුයේ ඇස්වහ කටවහ පිළිබඳ සිද්ධියකි. මෙවැනි අසාමාන්‍ය සිද්ධීන් පිළිබඳව අප ද ගවේෂණයේ යෙදෙන අතර අඩු තරමින් මෙවැනි අතීන්ද්‍රීය සිද්ධීන් මිනිසා ගේ ප්‍රයෝජනයට ගන්නේ කෙසේද? එසේ ම මිනිසාට අහිතකර වූ අතීන්ද්‍රිය ශක්තීන්ගෙන් ආරක්ෂාවන්නේ කෙසේ දැයි කරුණු සාකච්ඡා කරමින් සිටිමු. මෙවැනි අත්දැකීම් පාඨක ඔබ ළඟ ද තිබෙන්නට පුළුවන. ඒ පිළිබඳව කරුණාකර “මහින්ද විජේතිලක, 248 සිරි සාරානන්ද මාවත, බෝපිටිය, මතුගම’ ලිපිනයට, ඔබේ දුරකථන අංකය ද සහිතව සවිස්තරාත්මකව ලියා එවන්නේ නම් කෘතඥ වෙමි.

    මේ කුරුණෑගල නාගනේ ශ්‍රී සීවලී විහාරාධිපති මාතලේ පඤ්ඤානන්ද හිමියෝ අප සමඟ පැවසූ එවැනි සිද්ධියකි.

    මෙය මාතලේ නාවුල ප්‍රදේශයේ සිදුවූ දෙයක්. මේ පවුලේ ඒ වන විට සිටියේ අම්මයි පුතයි දුවයි. පුතා විවාහ වී බිරියත් සම¼ඟ මහන මැෂින් ;දකක් තියාගෙන ඇඳුම් මැසීමේ යෙදුණා. මේ පුතයි ලේලියි හරිම උත්සාහ වන්තයි. ඒ වගේ ම දැහැමියි. අනුන්ගේ දේවල් හොයන්න කාලය නාස්ති කළේ නෑ. තමන්ගේ පාඩුවේ මැහුම් කර්මාන්තය කර ගෙන ගියා.

    දුවත් විවාහ වී මේ මැහුම් සාප්පුවට අල්ලපු ගෙදර අම්මත් එක්ක ජීවත් වුණා. අම්මා නිතරම ඊර්ෂ්‍යාවෙන්, කුහකකමින්, ජීවත් වූ කෙනෙක්.

    පුතයි ලේලියි දෙන්නගේ උත්සාහය, නිසා ඔවුන්ට පාසල්වල නිල ඇඳුම් මැහීමේ කොන්ත්‍රාත්තු පවා ලැබුණා. දැන් මේ අය මහන මැෂින් අටක් යොදා ගෙන අමතර සේවකයනුත් යොදාගෙන මැහුම් ව්‍යාපාරය පවත්වාගෙන ගියා. මේ අඹු සැමි දෙන්නා සේවකයින් සවස වැඩ ඇරී ගිය පසුවත් රාත්‍රි 12 - 1 වනතුරු වැඩ කළා. ඔවුන් කරන කියන හැම දෙයක් ම අම්මාට කියන්න ඕනෑ. නැත්නම් අම්මට කේන්තියි. අම්මගෙන් මේ අයට ලැබෙන සහයෝගයකුත් නෑ. ඒ වුණාට හැම දෙයක් ම ඇඟිලි ගගහා හාර අවුස්සමින් හොයනවා. මේ වැඩේ පුතාටත් ලේලිටත් හිරිහැරයක් කරච්චලයක්.

    මේ අය දවසක් රුපියල් ලක්ෂ තුනක් ණය වෙලා රෙදි තොගයක් ලොරියකින් ගෙනැවිත් ටේලර් සාප්පුවට බෑවා. එදා ම රාත්‍රියේ ටේලර් සාප්පුව ගිනිගත්තා. මැෂින් අටත් සමඟ ම සම්පූර්ණයෙන් ගිනි ගත්තා. ගින්න නිවා ගන්න බැරි වුණා.

    මේ ගිනි ගැනීම මහා ප්‍රහේලිකාවක් වුණා. පොලිසියට හේතුවක් හොයාගන්න තියා අනුමාන කරන්නවත් දෙයක් තිබුණේ නෑ. එදා හැන්දෑවෙ රෙදි තොගය ගෙනැත් බාපු නිසා වැඩ අධිකවීමෙන් සාප්පුවේ බුදු පහන දල්වා තිබුණේත් නෑ. විදුලි කාන්දුවකට හේතු තිබුණෙත් නෑ. ගින්න හට ගත්තේ කොහොමද කියලා හොයාගන්න විදිහක් නෑ.

    මේ පුතයි ලේලියි දෙන්නා අපේ සේරුදණ්ඩාපොළ අක්කාත් එක්ක මා සොයා ගෙන ආවා. මේ වෙනකොට මම මේ සිද්ධීන් ගැන කිසි දෙයක් දැන හිටියේ නෑ. මේ අය ආවේ නිමිත්තක් බලන්න.

    මම පළමුවෙන් ම මගේ නිමිති ශාස්ත්‍රයෙන් ඇහුවා “මේ අය අහන්නේ ගිනි ගැනීමක් පිළිබඳ නේදැ” යි කියා.

    “එහෙමයි හාමුදුරුවනේ! අපේ ටේලර් සාප්පුවම ඉවරයි. මැෂින් අටයි. ඊයේ රුපියල් ලක්ෂ තුනක් ණය වෙලා ගෙනාපු රෙදි තොගයයි ඔක්කොම ගිනි ගත්තා හාමුදුරුවනේ. අපට උවමනා මේ ගින්න ඇති වුණේ කොහොමද? කියලා දැන ගන්නයි” කියා මේ දෙන්නා අඬ අඬා කීවා.

    මම නැවතත් මේ ගින්නට හේතුව හෙව්වා. “මේ ගින්නට හේතුවක් පෙනෙන්නේ නෑ. හැබැයි දුෂ්ට හිතක චේතනාවක් පේනවා”යි මම කීවා. “එහෙම යම් කිසි දෙයක් සිද්ධ වුණා දැ” යි මතක් කර බලන්නැ” යි මම කීවා.

    ඒ වේලාවේ කල්පනා කරමින් සිටි ලේලිය මෙහෙම කීවා. “ඔව්, හාමුදුරුවනේ! එදා රෙදි තොගය ලොරියෙන් බාලා ගොඩ ගහලා තියෙද්දී අම්මා ආවා එතැනට, “තොපිට හරි ගියා. තොපිට හරි ගියා. තුඞ නොදකින්” කියලා යන්න ගියා” යැයි කීවා.

    මේ දෙන්නා නැවතත් රුපියල් ලක්ෂ එක හමාරක් ණය වෙලා මැෂින් ගෙනැවිත් නැවතත් ටේලර් සාප්පුව පටන් ගත්තා. දැන් මේ දෙන්නාට ළමයෙකුත් ලැබිලා.

    ආයෙත් දවසක් මම රෝගීන් බලන වෙලාවේ පුංචි දරුවෙක් අඬනවා ඇහෙනවා. තොරතෝංචියක් නැතුව අඬනවා. රෝගීන් පෝලිමේ ඉන්දැද්දී මම කීවා අන්න අර අඬන දරුවාව එක්කර ගෙන එන්න කියලා.

    ඇයි මේ දරුවා අඬන්නේ?” යි මම ඇහුවා.

    “අනේ හාමුදුරුවනේ! අද උදේ ඉඳලා දරුවා කිරි බොන්නේ නෑ” යි ලේලිය කීවා.

    “ඇයි කිරි නොබොන්නේ?” මම ඇහුවා.

    “මට අද කිරි එරෙන්නේ නෑ” යි ඇය කීවා.

    මට කාරණේ මතක් වුණා. “ඇයි? අත්තම්මා බලා ඉන්දැද්දි දරුවට කිරි දුන්නාද?” යි මම ඇහුවා.

    “ඔව්! හාමුදුරුවනේ! මම දරුවාට කිරි දෙන කොට අම්මා එතැනට ආවා. බලා හිටියා විතරයි.”

    ම වතුර ටිකක් උණු කරවා කහ මිශ්‍ර කොට බුද්ධ මන්ත්‍රයකින් පිරිත් කොට ඇයට දුන්නා. එයින් පපුව හෝදා ගෙන දරුවාට කිරි දෙන්න කියා. ඒ සැරේ දරුවා පැය බාගයක් විතර එක දිගට කිරි බිව්වා. මම උපදෙස් දුන්නා. එළියේ ඉඳගෙන අනිත් අයට පෙනෙන්න දරුවාට කිරි දෙන්න එපා ය කියා.

    සතියක් ගියේ නෑ. ආයෙත් දවසක් අඬාගෙන ආවා. “අනේ! අපේ හාමුදුරුවනේ! දරුවා අදත් බඩගින්නේ අඬනවා. අද මම කාමරේට වෙලා දරුවාට කිරි පෙව්වා. අම්මා ඇවිත් දොර රෙද්ද මෑත් කර බලලා ගියා විතරයි. කිරි නැති වුණා” යි කීවා.

    මම ඇයට කරුණු පැහැදිලි කළා. දුෂ්ට වෛර සිතුවිලි තියෙන අයගේ සංසාරේ පළි ගැනීම්, කළ අයගේ සිතුවිලි පවා දරුණුයි. දැන් නම් කරන්න දෙයක් නෑ. මේ අවනඩුව විශ්වයට කියන්න.

    විෂ්ණු දෙවියෝ ය කියන්නේ මේ ලෝකය පවත්වාගෙන යන ආරක්ෂා කරන විශ්ව ශක්තියයි. කාටවත් වෛර සිතින් නොවෙයි. ඕනෑම කෙනෙකුට ජීවත්වීමේ අයිතියක් තියෙනවා. මේ නංගීටත් දරුවාටත් දෙන්නාටම ඒ සාධාරණ අයිතිය තියෙනවා. දැන් අර විහාරයට ගිහින් තෙරුවන් වඳින්න. විෂ්ණු දෙවියන්ට මේ අවනඩුව කියන්න. හදවතින් ම කියන්න. අතීතයේ තමන් කල හොඳ වැඩ, පින්කම් මතක් කරමින් පින් දෙමින් කියන්න. කියා එදත් කහ දියර ටිකක් පිරිත් කර පපුවේ ගාන්න දුන්නා.

    ඇයත් කහ දියෙන් පපුව සෝදාගෙන විහාරයට ගිහින් දරුවාට කිරි දෙන ගමන් ම මේ අවනඩුව විෂ්ණු දෙවියන්ට පවසන්න කිව්වා. ගෙදර යන කොට නැන්දම්මා දූගෙ ගෙදර හිරමණය උඩ වාඩි වෙලා පොල් ගාමින් ඉන්දැද්දී හිරමණෙන් වැටිලා අංශ බාධය හැදිලා. අහිංසක පැටවුන්ට දෙවියොත් ආදරෙයි. ඒ වගේ අහිංසකයන්ට පීඩා කරන කොට සොබාදහම දඬුවම් කරනවා යැයි ද පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ.

    මේවා අපට නොපෙනෙන එහෙත් අප අතරම ක්‍රියාත්මක වන ශක්තීන්. මේ වගේ දේවල් තියෙනවා. මේ සිද්ධියත් ඒ වගේ ම දෙයක් යැයි උන් වහන්සේ තවත් කතාවක් පැවසූහ.

    මේ මඩඋල්පත ප්‍රදේශයේ කෙනෙකු සම්බන්ධ සිද්ධියක්. ඔහු රැකියාව වශයෙන් කළේ සිඟා කෑම. බස් නැවතුම් පොළේ “අනේ නෝනා! අනේ මහත්තයා! මේ අන්ධයාට පිනට යමක් දෙන්න. කුසගිනි නිවාගන්න පිනට යමක් දෙන්නැ”යි ඔහු අන්ධයෙක් විදිහට හිඟා කෑවා. ඔහු ඇත්තටම අන්ධයෙක් නොවෙයි. දෑස් පියාගෙන අන්ධයෙක් විදිහට හිඟා කෑවා. බස් රථයක් ආපු හැටියේ බස් එකට ගොඩ වෙනවා. මේ විදිහට අවුරුදු ගණනාවක් හිඟා කෑවා. පාන්දර ගෙදරින් එනවා. හැන්දෑවට අන්තිම බස් එකේ ගෙදර යනවා. ගෙදර අඹුදරුවන් පෝෂණය වුණේ මේ ආදායමෙන්. ඔහුගේ බිරිය මේ ස්වාමියා දෙන මුදල් අර පරෙස්සමෙන් පරිහරණය කළා. දරුවන්ට ඉගැන්නුවා.

    මෙහෙම අවුරුදු විසි දෙකක් ම මේ මනුස්සයා අන්ධයෙක් විදිහට හි¼ඟා කෑවා. ගමෙන් තරමක් ඈත බස් නැවතුම් පොළේ හිඟා කෑවා. දැන් ලොකු පුතාට වයස අවුරුදු විසි දෙකයි. හොඳ රස්සාවකුත් කරනවා.

    තාත්තේ! දැන් තාත්තා දුක් විඳින්න ඕනෑ නෑ. මට පුළුවන් පවුලෙ අයට කන්න අඳින්න දෙන්න. දැන් තාත්තා ගෙදර නවතින්න. තවත් දුක් විඳින්න උවමනා නෑ” යි ලොකු පුතා කීවා. අම්මාත් කීවා.

    ඒත් තණ්හාවක තරම. ලැබෙන ආදායම නතර කරන්න ලෝබයි. මේ මනුස්සයා දිගටම හිඟා කෑවා. තවත් අවුරුදු දෙකක් ගත වුණා. ඊළඟ පුතාත් මේ විදිහට ම රස්සාවකට ගිහින් තාත්තාට හිඟා කෑම නතර කරන්න කියා කීවා.

    ඒත් මේ මනුස්සයා ඒ කීම ඇහැව්වේ නෑ. මේක තමයි අසීමිත තණ්හාව. හිඟා කෑම රස්සාවක් වශයෙන් කරගෙන ගියා.

    ඇත්තට ම මොකද වුණේ. මේ මනුස්සයා ඉබේම ඇත්තට ම අන්ධයෙක් වුණා. දැන් ඇත්තටම අන්ධයෙක්. තවමත් හි¼ඟා කනවා.

    සොබා දහම විශ්ව ශක්තිය ඉතාම සාධාරණයි. සුළු සුළු කපටිකම්වලින් ජීවත් වෙන්න උත්සාහ කරන කොට විශ්ව ශක්තිය හිනාවෙවී බලා ඉන්නවා. සීමාව ඉක්මවා යන විට දඬුවම් කරනවා.

    අපේ පියවි ඇසට නොපෙනෙන එහෙත් අප අසල ම ක්‍රියාත්මක වන බොහෝ දේවල් තියෙනවා. ඒවා පිළිබඳ උගතුන් ගේ බුද්ධිමතුන් ගේ අවධානය යොමු වීම අඩුයි.

    ඒ වගේ අප දන්නා ගුරුවරියන් හිටියා. පවුලේ අය ගෙනා යෝජනාවක් අනුව විවාහ වුණා. මේ ස්වාමි පුරුෂයා බොරු කාරයෙක්. තමන්ගේ නිවස අවට තිබුණු ඉඩකඩම් මේවා මගේයි පෙන්වා බොරු කියා තමයි විවාහ වුණේ. ගුරුවරියගේ ගෙදර අයත් රැවටුණා බෑණාට හොඳට ඉඩකඩම් දේපල තියෙනවා ය කියා ඉඩකඩම් දේපල තියෙන නිසා ටැක්ටරයක් හා ලොරියක් දෑවැද්දටත් දුන්නා.

    ඒත් විවාහයෙන් පස්සෙ ඇයට සිද්ධ වුණේ ස්වාමියා බීමත් ව ඇවිත් කරන තාඩන පීඩනවලට මුහුණ දෙන්න. නිතර අඬ දබර වුණා. පහර දුන්නා. ඒත් ඇය ඇගේ වැදගත්කම තියාගෙන ඉවසුවා. ඇය ගෙදරින් එනවිට ගෙනා සාරි අට විතරයි ඇයට තිබුණේ. මේ මිනිහා සාරියක් පවා අරගෙන දුන්නෙ නෑ.

    ඇය මේ සියල්ල ඉවසාගෙන උදේ පාන්දරින් නැගිට ඉවුම් පිහුම් කොට පාසලට යනවා. අන්තිමේ මේ මිනිහා කිසි දවසක දියුණු නොවන බව වටහාගෙන “මේ මිනිහා නම් හැදෙන මිනිහෙක් නම් නොවේ” යි යන නිගමනයට ඇවිත් තමන් ගෙ පාඩුවේ ඉවසීමෙන් කටයුතු කළා. අන්තිමේ මිනිහා අසනීප වුණා. මේකත් මගේ ම කරුමය යැයි සිතූ ගුරුවරිය ඔහුට කවා පොවා සාත්තු සප්පායම් කළා. කවන්න පොවන්න ළඟට ගියත්, කවා පොවා අවසන් වුණා ම කෙහෙවල්ලෙන් අල්ලා ගෙන ඇයට පහර දෙනවා.

    සමහර දාට ඉස්කෝලෙට යන කොට උදේ පහරදීම් වලින් මුහුණ ඉදිමිලා. මේ ඉස්කෝලෙ ඉන්න ඉංග්‍රීසි ටීචර් බොහොම අහංකාරයි. අනුන්ට අපහාස උපහාස කරනවා. “ආ... අදත් උදේ පාන්දර ගුටි කාලා තියෙනවා” කියලා හිනාවෙනවා. අනිත් අය සමඟත් කියා හිනා වෙනවා. ඒත් ගුරු මණ්ඩලයේ අනිත් අය මේ දුක් විඳින ගුරුවරියට අනුකම්පා කළා. ඇගේ ප්‍රතිපත්ති වලට ගෞරව කළා.

    දවසක් ස්වාමියාගේ පහරදීම් වලට ලක් වූ ගුරුවරිය පාසලට එද්දී “මොකද ඔයාගෙ මූණ ඉදිමිලා” කියලා ඉංග්‍රීසි ටීචර් නොදන්නවා වගේ ඇහුවා.

    “ඔයාට ඕනෑ දෙයක් හිතාගන්න” කියා අහිංසක ගුරුතුමිය කීවා.

    එදා ඉංග්‍රීසි ටීචර් ගෙදර යන කොට යතුරු පැදිය අනතුරකට ලක් වී කකුල කැඩී රෝහල් ගත කළා. මාස තුනක් පමණ දුක් විඳ ඇය දැන් නැවතත් පාසල් එනවා. හැබැයි ඉතාම කැත නොන්ඩියක් ඇයට තියෙනවා. කකුල සනීප වුණත් නොන්ඩියි.

    “ඔයා සීමාව ඉක්මවලා අර මිස්ට හිනා වුණා. අපහාස කළා. ඒකට දඬුවම තමයි ඔය” යැයි අනිත් ගුරුවරු ඇගේ මූණටම කිව්වා. යැයි ද පඤ්ඤානන්ද හිමියෝ කීහ.

    මතුගම මහින්ද විජේතිලක
     

    33000W

    Member
    අපේ ගෙදරත් මොකද්ද හුනියමක් කරලා කියල දැන් ටික දවසකට කලින් ලොකු තොවිලයක් තිබුන. අර හරක් ඔලුවක් එහෙම දෙකට මැදින් පළල , කපුවැව මල මිනියක් වගේ කරේ තියාගෙන එලියට උස්සන් ගිහින්. මතක් වෙනකොටත් බයය්. ඒ උනාට කිසිම වෙනසක් උනේ න. කරදර එහෙම්මය්. කපුවා බොරු කරද කියලත් හිතෙනවා. එත් ඒ යක මර සිර ටෝල්ක් දීල වැඩේ පටන් ගත්තේ. සල්ලිත් ගොඩක් ගිය. රොබෝට් අය්යේ මොනවද බන් නීච කුල බන්දන කියන්නේ ? එහෙම හුනියම කරහම මොකද වෙන්නේ ? මේ හුනියම නැති කරගන්න මොකද කරන්න ඕනේ ? මම අහල තියෙනවා කනත්තකට ගිහින්ලු මේ බන්දනේ කපන්ඩ ඕනේ . මට මේ ගැන කිසිම අදහසක් න. පින් සිද්ද වෙය් ඔබතුම මේ ගැන දන්නා දෙයක් හරි අවවාදයක් හරි දෙනවනම් කියනවද ? ගොඩක් පින් :(:love:

    මචන් උබ කරදරේක වැටිලා ඉන්න නිසා කියන්නම්:D:D. කොලබ ඇබිලිපිටිය main road එක අයිනෙ ඉන්නව යකා හාමුදුරුවො කියල බුවෙක්. මිනිහ හෙන වැඩකාරය:yes::yes:. අපිත් වැඩ වගයක් කරගත්ත නිසා කියන්නෙ. සන්කපාලෙට ටිකක් විතර මෙහායින්.ඇබිලිපිටිය බස් වල වැඩ කරන උන්ගෙන් අහපන් ගොඩක් අය බුවා දන්නව.රත්නපුරේ මැණික් කාරයො මිනිහගෙන් තමයි වැඩ කරවන්නෙ.වැඩ නම් නියමයි. පුලුවන්නම් උගේ ලගට යන්න. මලයාලම් කාරයෙක්. හැබැයි ගෙදරට හොරෙන් උබ මොනව හරි කරනවනම් මම කියන්නෙ උබ අම්මලත් එක්ක යන්න එපා. ඕකා බලාගෙන හිටිය වගේ කියනව.සිගරට් බීපුව කෙල්ලොන්ගේ සීන් එහෙම. මමත් දවසක් අම්මලත් එක්ක ගියා මිනිහ හම්බවෙන්න පණ්ඩිතය වගේ. මගේ මුණ දිහා බලල මිනිහ කියපි මේකා මහ මනමාලයා කියල.ඊට පස්සෙ මගේ කොළ බොක්කෙ ඉදන් ඇදල ගත්ත.ඒව ඕන නෑ:P:P:P:P (එදා විතරක් නෙමෙයි නුවර දළදා මාලිගාව ලග ඉන්න දෙමල ගෑනු ටිකකගෙන් සාස්තරයක් ඇහුව. උනුත් ඕක මට කිවුව).අම්ම ඉන්න තැන කිවූවෙ. මට පොලව පලාගෙන යන්න හිතුන. මම ඊට පස්සෙ මිනිහව හම්බ වෙන්න ගියේ නැහැ. ඒත් අම්මල ගියා. කියල තිබුන දේවල් කරපු දේවල් ඔක්කොම හරි ගියා. මචං ගිහින් වැරදිලාවත් හරි ගියේ නැත්නම් මට බනින්න එපා:sorry::sorry::sorry:. උදවුවක්‌ කරන්න හැදුවෙ.:(:( දැන් බලන්න එපා මම ගියේ නැත්තෙ මොකද කියල. මම ඕව විස්වාස කරනව. ඒත් මම කැමති නැහැ මගේ වාසනාව සුරේක දාල බෙල්ලෙ එල්ලගන්න. මට මොනව හරි හම්බඋනොත් හරි හොදට ඉගෙන ගත්තොත් හරි ඒකෙ ගෞරවය සුරේකට බාර දෙන්න මම කැමති නැහැ:no::no::no:. මගේ කාමරේත් හොල්මන් සීන් වගයක් තිබුන. ඒත් මම සුරයක් දැම්මෙ නැහැ. ඒක ගැන පත්තිනි මෑණියො අරූඩ වෙන කෙනෙක් ගෙන් ඇහුව. ඒක ටිකක් දිග කතාවක්. පස්සෙ ඒ කතාවත් දාන්නම්.
     
    • Like
    Reactions: Capak Gamuthe
    රොබට් අය්යේ උම්බනම් පට්ට පට පට පොරක්:D:D:D:D:D:D........උම්බල වගේ අය අඩුයි.....
    එලකිරි එකේ උම්බ ඉන්න එකත් එල....
    :yes::yes::yes:

    මීට දහ අට පැනලත් චූ:dull::oo: කරන්න අම්ම එක්ක එලියට යන..:P:P ඇල්බට් ලොක්කා:P:P:P
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    හීතලයි යකෝ!!!!

    භූත කොටුව ඇදන්යන ඔක්කෝටම ඇඟ හිරිවැටිලා යන්න....මෙන්න මගෙන් අයිස් මිටක්..........:rofl::rofl: රොබොටා:frown: සිය පවුලත් එක්ක:love::love: දුරු රටක අයිස් පදිමින් ආතල් ගනිමින් ඇත;)..... ඉතින් මේ දවස් ටිකේ රොබොට් අයියාගේ:frown: කතා නැත........ බෙල්ල කඩාගන්නැතිව ගෙදර ආවොත් ආයෙ වැඩේ කරගෙන යන්නම්:rolleyes:.....

    අත්දැකීම දාල භූත කොටුව වලපල්ලට නොයා තියාගන්න ඔක්කෝටම හදවතින්ම තුති:love::love:...........


    ඉක්මනින්ම :growl:"කොබෙයි බොක්කේ ගුරුකමින්":growl: සෙට්වෙමු............



    :frown:රොබොට් අයියා......
     
    භූත කොටුව ඇදන්යන ඔක්කෝටම ඇඟ හිරිවැටිලා යන්න....මෙන්න මගෙන් අයිස් මිටක්..........:rofl::rofl: රොබොටා:frown: සිය පවුලත් එක්ක:love::love: දුරු රටක අයිස් පදිමින් ආතල් ගනිමින් ඇත;)..... ඉතින් මේ දවස් ටිකේ රොබොට් අයියාගේ:frown: කතා නැත........ බෙල්ල කඩාගන්නැතිව ගෙදර ආවොත් ආයෙ වැඩේ කරගෙන යන්නම්:rolleyes:.....

    අත්දැකීම දාල භූත කොටුව වලපල්ලට නොයා තියාගන්න ඔක්කෝටම හදවතින්ම තුති:love::love:...........


    ඉක්මනින්ම :growl:"කොබෙයි බොක්කේ ගුරුකමින්":growl: සෙට්වෙමු............



    :frown:රොබොට් අයියා......
    කොබෙයි බොක්කේ ගුරුකමින් set wemu.....:dull::dull:
    WAITING...... WAITING....:rolleyes::rolleyes::yes::yes::yes:
    මීට දහ අට පැනලත් චූ:dull::oo: කරන්න අම්ම එක්ක එලියට යන..:P:P ඇල්බට් ලොක්කා:P:P:P
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම අද තමයි කොටුවට ආවේ. අඩේ !!! මේවා ඇහුවම පිස්සු හැදිලා ආයේ හැදෙනවා. පට්ට පහර
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    රෝබොටෝ පරිස්සමින් ගිහින් අතල් එකක් අරන් වරෙන්.. උබ කතාවක් දානකන් අපි බලන් ඉන්නවා. මම දන්න කතා නම් නෑ බෙදා ගඳ . තම මෙහෙම සින් වෙලා නෑ දෙය්යන්ගේ පිහිටෙන්. දන්න අය දහල්ලකෝ :growl: