යකා ඇන්ඩ් D Theory

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සමයං ලෝකේ... සමයං කාලේ... සමයං විදිහට හැදිච්ච.. සමයං ඩයල් ආස්සරේ කරපු... සමයං පොරක් විදිහට ඔන්න මං පටං ගත්තා යකා ඇන්ඩ් ඩී තියරි..

    ඉස්සෙල්ලම කියන්ඩ එපැයි... මටත් ලොකු ආසාවක් තිබුනා මෙගා නූලක් දාන්ඩ...
    හැබැයි ඉතිං මෙගා මෙගා කිය කිය පටං ගත්තට පිටු 10ක් යද්දි ඒක ඩව්න් වෙනවා... වට් ටු ඩූ ඉතිං නරක කලට....:baffled:
    මේකත් එහෙම වෙයිද මන්දා... :dull::dull::dull:
    ඒත් කමක් නෑ ඔන්න මේකත් පටං ගන්නවා... :rolleyes:
    සැ.යු-
    (ඔය උඩිං කියපු ටික කිව්වෙ බොලාට බලලා හිනා වෙන්ඩ නෙවෙයි... මේකටත් කෙල වෙලා ගියොත් ඒක කොපි පේස්ට් කරලා අලුත් නූලක් පටං ගන්ඩ ලේසි නිසා හරිය... :rofl:)


    ඔන්න ඉතිං යකං මායි එම් සී එක පැත්තෙ රවුමක් දාගෙන යද්දි පට්ට පොශ් කෑලි දෙකක් එනවා ඉස්සරහට.... පාරෙ කෙල්ලෙක් යද්දි ඇහැක් ඇරලා වත් බලන් නැතුව..ඇස් දෙකම ඇරං.. දිව පූට්ටු කරං බලන යකා මුං දෙන්නව ගිලින්ඩ ව‍ගේ බලං හිටියෙ නැතෑ....
    ඒක දැක්ක ලමිස්සියො දෙන්නත් රවාගෙන ගස්සගෙන පද්දගෙන ගියෙ නැතැයි...
    අඩෝ... කව්ද බං අර....
    මාර ලුක් එකක් නෙ බං....
    කොහෙං ආපු ටොනික්ස්ලා ද බොල ඒ.....

    යකාගෙං ප්‍රස්න කෝටියයි....
    යමං බං... අමතක උනාද.. මේ කොළඹ....

    ඉතිං යකෝ හරි කෙලියක් නෙ... ඇයි කොළඹ කියලා උං අලි පශ්චාතයෙන්ද... :angry:
    යකාට මල.....
    ඉතිං .... තෝ හත් අවුරුද්දකිං නාලා නෑ වගේ... ඇගේ හැටි බලපං...
    අනික තොගෙ පාට බලපං....
    යකෝ .... යකෙක් උනත් ඉන්ඩ එපැයි පෙනුමකට.....
    තෝ හිතං ඉන්නෙ.... මගෙ ඇදුමක් ඇදගෙන සෙන්ඩ් බෝතලයක් ඔලුවෙ හලා ගත්තම මනුස්ස පෙනුම එනවා කියලද ගොනෝ.... :frown:
    මටත් මල... ඇයි යකෝ.. පාරෙ යන මිනිස්සු මොනවා හිතනවා ඇතිද.. මේ යකා පාර මැද ඩෙගා නටද්දි......

    ඔහොම නවතිනවා....
    ඔහොම නවතිනවා....... පිටිපස්සෙං සද්දයක්...

    හුටා... පොලිස් ...
    8.gif


    ස...ස.....ස....ස... මෙ... ඇ..ඇ....ඇ...යි.. සර..සර්....

    තමුසෙලා මොකද අයිසෙ මේ මහ පාරෙ බෙරිහං දෙන්නෙ ? :baffled::angry:

    නෑ.. සර්.. මේ යකා... නෑ.. සර් මේ.. මගෙ යාලුවා.... ට... බ... බ... බඩේ.....
    බ.. බ...බ..ඩේ රුදාව..... :baffled:

    ආ......... මූද ...

    (පොලිස් අයියා යකා දිහා ඊටිං ලුක් එකක් දැම්මා... මං දැනගත්තා බඩු පැකට් තමයි කියලා.... )

    හ්ම්.... ගන්නවලා බලන්ඩ අයි ඩී.. දෙන්නගෙම....

    හුටා.... :baffled::baffled:
    යක්කුන්ට කොහෙද හැදුනුම්පත්....

    ස ස ස ස ..... සර්... මේ අපේ නෑදෑ කෙනෙක්....
    දඹානෙං ආවෙ.... අයි ඩී එකක් නම් නෑ සර්.... :dull:

    මොකක්... අයිසෙ.... තමුසෙ හිතුවද මං තුම්පනේ කියලා.. අහ් ? :frown:
    (පේන්නෙ නං ඒ වගේ තමයි... :oo: )
    අයිසෙ... දැං අපිට නැති ෆැසිලිටීස් වැද්දංට තියෙනවා.... උංගෙ ෆින්ගර් ප්‍රින්ට් එක බලලා හොයන්ඩ පුලුවං පොර දැං ඉන්නෙ කොයි පෙනේ ඇතුලෙද කියලා... :rofl:

    අම්මද සයිමොං කිව්වලු.... සර් දන්න දේවල්.... මෙච්චර වෙලා යකඩ වැටට හේත්තුවක් දාං හිටිය යකත් ආවා මොකක්ද ඒ හරුපෙ කියලා බලන්ඩ.....

    හ්ම්........ අයි ඩී නෑ නෙ..... යමං දෙන්නම පොලිසියට.....

    පොලිසිය කිව්වෙ කොහෙද? යකා අහපි.... :baffled:
    ආ..... උඹ බබා.... :angry:
    යමංකො පොලිසියට දෙන්නම.......
    ---------------------------------------------------------------------

    මදැයි අයිස්ක්‍රීමක් කන්ඩ එම් සී ආවා... :dull:


    යකා කව්ද?, මං කව්ද ?, මේ හරුපෙ මොකක්ද.... ?

    ඊලග කොටසින් බලාපොරොත්තු වන්න...
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාවද ලඟදි බයිට් කලේ ? :D
    එකෙක් ව මතක් තර ගන්ඩයි අමාරු... :rofl::rofl:
    සමහර විට ලිදෙං ගොඩ ආපු එකෙක් වෙන්ඩ ඇති.. ;)

    මං යනවා බොස්... ඉතුරු පාට් එක ලියන්න ඕනෙ.. :rofl: