ඉගෙන ගන්න රට ගිහින් අමාරුවෙ වැටෙන හැටි...

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
ඉගෙන ගන්න රට ගිහින් අමාරුවෙ වැටෙන හැටි...



pic_studyAbroad.gif


YouTube එකේ දැකපු මේ වීඩියෝ එකත් එක්ක මේ ලිපිය ලියන්න හිතුනා. මේ ගැන මීට අවුරුදු කීපයකට කලින් එලකිරි අඩවියෙත් ලිපියක් මම දැම්ම මතක විදියට. අපේ ලංකාවෙ උසස් පෙළ ඉවර වෙනවත් එක්කම බොහෝ කොල්ලො කෙල්ලන්ට හැදෙන ලෙඩක් තමයි ඉගෙන ගන්න රට යන්න ඕනි කියන එක. උන්ගෙ කටේ තියෙන ලොකුම වචන සෙට් එකක් තමයි " මෙහේ ඉදල හරි යන්නෙ නෑ " කියන එක.


ඔතනදි කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් හොඳට සල්ලි තියෙන... රට යවල උගන්නන්න පුළුවන් දෙමව්පියන්ගේ දරුවන් එක කොටසක්. අනික සාමාන්‍ය සමාජයේ එදිනෙදා වියදම් කොහොමහරි සපයගෙන ජීවත්වන දෙමව්පියන්ගෙ දරුවන්.


මේ ලිපිය ලියවෙන්නෙ ඒ දෙවැනි කොටසට අදාල දරුවන්ගෙ අවධානය පිනිසයි.


* ලංකාවෙ උසස් පෙළ සමත් උනත් විශ්ව විද්‍යාල සඳහා තේරෙන්නෙ සීමිත පිරිසක්. ඉතිරි කොටසට තියෙන අවස්ථා අල්පයි.


* ANC, ACBT, SLIIT, NIBM, CINEC, OCU සහ තව පුද්ගලික ආයතන කිහිපයක් තිබුනත් ඒවායේ මිල ගනන් බොහෝ සමාන්‍ය පවුල් වල ළමයින්ට දරා ගැනීමට අපහසු වෙනවා. ( SLIIT සහ NIBM නම් සාපේක්ශව අඩු මුදලක් අය කලත් )....


* මුදල් ගෙවා ඉගෙන ගෙන එලියට ආවම රැකියාවක් පිළිබඳ තියෙන අවිනිශ්චිත බව.


* පොඩි කාලේ ඉදන් ඉන්ජිනේරුවෙක්... ඩොක්ටර් කෙනෙක් වෙන්න ඔනි කියන මතය නිසා කාර්මික විද්‍යාල හෝ වෙනත් ඒ ආකරයේ සමාජයේ ඉහලින් පිළිනොගත්ත රැකියා පුහුණුවන්ට ඇති අකමැත්ත.


* අනික පොඩි කාලේ ඉදන් ඔලුව වැටිල තියෙන රට හීන සහ මෙහේ ඉදල හරියන්නෙ නෑ කියන වදන නිසා බොහෝ ළමයින් සහ දෙමව්පිය ඉගෙන ගන්න රට යන්න ඕනි කියන තැන ට එනවා.



උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වෙන්න කැමති අයට පත්තර පිටු ගනන් පිරෙන්න දැන්වීම් තියෙනවා. ඕස්ට්‍රේලියාව... එක්සත් ජනපධය...රුසියාව... ඉන්දියාව.. සයිප්‍රසය... තව අහල නැති රටවල් වල පවා නා නා ප්‍රකාරයේ විශ්ව විද්‍යාල ( කඩ ?? ) වලට ළමයින්ට යන්න පුළුවන් මේ දැන්වීම් දාන ආයතන හරහා. ඔන්න ඔය ආයතන වෙත ළමයි සහ දෙමව්පියන් යොමු වෙනවා ඉහත හේතු මත.


එහෙම ගියහම ඒ ආයතන වලින් අඳිනවා චිත්‍රයක් දෙමව්පියන්ට සහ ළමයින්ට... සුර ලොවක් මැවිල පේන්න.


Part time රැකියා කරන්න පුළුවන්... ඒ කරලා තමන්ගේ වියදම් සහ විශ්ව විද්‍යාලයට.. පාසලට.. ගෙවන්න ඕනි Course fees ගෙවන්න පුළුවන්... ඉතිරි කරල ලංකාවටත් සල්ලි එවන්න පුළුවන්.. ආදී වශයෙන් බොහොම ලස්සන චිත්‍රයක් අඳිනවා. ඉතින් රට යන්න පොඩි හරි ආසාවක් තියෙන කෙනෙක් උනත් කොහොම හරි ඉගෙන ගන්න රට යන තැනට පත්වෙනවා ඒ සුරංගනා කතාවත් එක්ක.

මූලික වියදම් සහ පළමු වාරයේ course fee එක ගෙව්වෙම ප්‍රමානවත් එතනින් පසු සියළුම වියදම් Part time job කරල හොයා ගන්න පුළුවන් කියන් පට්ට පල් බොරුව විශ්වාස කරලා අපේ කට්ටිය ඔන්න රට යන්න සූදානම් වෙනවා.


වීසා ගන්න නම් තමන්ට රට ඉන්න කාලෙට අවශ්‍ය වියදම් සහ course වලට යන මුදල ( Australia වට නම් මෙය වසර 4 ක උපාධියක් සඳහා ලක්ශ 100 කට ආසන්න මුදලක් ) තමන්ට වියදම් කරන්න පුළුවන් බවට immigration එකට පෙන්නන්න ඕනි. එතනදි ඔය කිවූ බොහෝ ආයතන නා නා ප්‍රකාර හොර වැඩ කරනවා. පත්තරේ අරන් බැලුවත් දැකල ඇති මුදල් පෙන්නීම යම්කිසි මුදලකට කරල දෙනවා කියල දැන්වීම්. ඉතින් ඒ වැඩේ ලක්ශ 5 - 6 ක් අරගෙන කරල දෙන වැඩෙත් ඔය ඒජන්ත වරු බාර ගන්නවා. වීසා අරන් දීල රට යනකන් ඔවුන් ඔබට උදව් කරනවා.. කිසිම අවුලක් නොවෙන්න. ප්‍රශ්නෙ තියෙන්නේ


* ඔවුන් ඔබට ඇඳල පෙන්නපු චිත්‍රය අමූලික බොරුවක් බව රටට පය ගැසූ මොහොතේම ඔබට වැටහීම.


* ඔබ ඉගෙන ගන්න ආපු විශ්ව විද්‍යාලය.. එක ලංකාවෙ AL ටියුශන් පන්තියක් වැනි පොඩි ආයතනයක් පමනක් බව තේරුම් යාම.


දැන් තමයි සිහින ලොවෙන් අවදිවන කාලය... ඉන්න හිටින තැන් වලට.. කෑම බීමට... ගමන් වියදම්.. මුදල් ඕනි... ඒත් කෝ රැකියා... ???


නීතිය අනුව එන කෙනෙක්ට නීතියට අනුව වැඩ කල හැක්කේ පැය 20ක් පමණයි සතියකට... කෙනෙක් ඔය පැය 20 වැඩ කරල ඉහත වියදම් සියල්ල සපායගෙන මාස 6 කින් එන එකට මුදල් එකතු කරන්න හිතනවානම් එය සුදු සිහිනයක් පමණයි.


මම ඉන්න රටේ නම් සාමන්‍යන් සතියකට හවුලේ වාසය කලත් නවාතැන් වලට අඩුම ගනනේ $ 100 ක් වත් ඕනි කරනවා.. කෑම බීම වලට තවත් $ 50 ක් වත්.. ( ?? ) .. ගමන් වියදම්... බිල්... තව $ 50 ක්.. එදිනෙදා අනෙකුත් වියදම්... පොත් පත්.. සහ ඒ දේවල්.. කොහොම සතියකට $ 250 - 300 ක් වත් ඕනි වෙනවා... හුඟක් රැකියා වල ගෙවන්නේ මම දන්නා ආකරයට $ 12 - 15 ක් අතර මුදලක්.. ඔබ හොරෙන් වැඩ කරනවනම් එය $ 10 ක් වෙන්න පුළුවන්.. ඉතින් ඔබට පැය 20 ක් වැඩ කරල ඔබගේ වියදම යන්තම් හොයා ගත්තත්... course fees කොහොමද ඔබ හොයන්නේ ????

හොරෙන් තව පැය 20 ක් වත් ඒ කියන්නේ සතියකට පැය 40 - 50ක් ඔබට වැඩ කරන්න වෙනවා.. ඉගෙන ගන්න ගමන් පුලුවන්ද කියල හිතල බලන්න..

Course fee college එකකට $ 6000 - 7000.. University එකක නම් $ 10000 - 13000 අතර වෙනවා semester එකකට.


රැකියාවක් සොයා ගැනීම ලෙහෙසි කටයුත්තක් නෙමෙයි.. බොහෝ දෙනා Cleaning job වල නියලෙනවා. බොහොමයක් එවැනි රැකියා පාන්දර එහෙමත් නැත්තම් මහ රෑ තියෙන්නේ... සීතලේ කට්ට කාගෙන කරන්න වෙන්නේ... ලංකාවෙ ඉද්දි කන කෑම් පිඟාන හෝදපු නැති එවුන් අවසානයේ වැසිකිලි පිරිසිදු කරන තත්වයට පත් වෙනවා. මම ඒ රැකියාවන් පහත් කිරීමක් නෙවෙයි කරන්නේ.. ඒත් එවැනි දේවල් බලාපොරොත්තුවෙන් මෙහි කිසි වෙකු එනවායැයි මා සිතන්නේ නැහ.

එහෙත් එවැනි රැකියාවක් හොයා ගැනීමත් ලෙහෙසි කරුණක් නොවෙයි.. course fee හොයා ගැනීමට පැය 20 ඉක්මවා වැඩ කිරීමට සිදු වෙනවා..කවුරු හරි වැරදිලවාත් immigration එකට ඔත්තුව දුන්නොත් කෙලින්ම ගෙදර...


ඒ වගේම ඔබ හොරෙන් වැඩ කරන බව දන්න විට ඔබට ගෙවන්නේ සුලු මුදලක් වෙන්න පුළුවන්.. මාසයක් විතර වැඩ අරන් සල්ලි නොදී ඉන්න අවස්ථා සුලබයි...


ඉඩම් විකුණා... උගස් තියල.. හීන මවන් එන ඔබ අන්ත අසරණ වෙනවා..


ඒ වගේම ඔබ එන අධ්‍යාපන ආයතනය පෙට්ටි කඩ සහතික නිකුත් කරන ආයතනයක් නම් ඔබ ලබන සහතිකයට ඇති වටිනාකම ????


පසු ගිය කාලේ එවැනි පෙට්ටි කඩ ජාතියේ අධ්‍යාපන ආයතන බොහොමයක් ඕස්ට්‍රේලියානු රජය විසින් වසා දැමුවා. ඒවායේ සිටි ළමයින්ට ඔවුන් ඉගෙන ගත් ( ඇත්තටම මොනවද ?? ) දේවල් වලට කිසිම පිළිගැනීමක් නෑ...ඔබ නිදි මරන්.. දුක් විඳල... හම්බු කරන සල්ලි ගෙවන්නේ කවුරුවත් පිළිනොගන්නා සහතිකයකට නම් ඒකේ තේරුම කුමක්ද කියල හිතල බලන්න...


ඒ නිසා ඔබ ඉගෙන ගන්න රට යන්න අදහස් කරනවානම් ඔය ඒජන්සි කරුවන් විශ්වාස කරන්න එපා.. යන අදහස් කරන රට ගැන අන්තර්ජාලයෙන් සොයා බලන්න. ඔවුන්ගේ ආගමන විගමන නීති... ඔබ යන්න අදහස් කරන අධ්‍යපන ආයතනය පිළිගත් ආයතනයක්ද... එහි රැකියා අවස්ථා ගැන... වියදම් කොහොමද... ඒ සඳහා ඇති නිල වෙබ් අඩවි මගින් සොයා බලන්න. දන්න කෙනෙක් ඒ රටවල් වල ඉන්නවනම් ඔවුන්ගෙ අසා බලන්න...සෑම ඒජන්සියක්ම මේ වගේ නොමඟ යවන්නේ නෑ... ඒත් බහුතරයක් එහෙමයි


මගේ පුද්ගලික අදහස නම් ඔබගේ උපාධිය යම් හැකියාවක් තියෙනම් ලංකාවෙම අවසන් කරන්න... ඉන්පසු සොයා බලා ඔබගේ එතනින් ඉහල ඉගෙනීම් වලට රට යන්න.. මොකද ඔබට එවිට පිළිගත් රැකියාවක් කරන ගමන් ඔබේ අධ්‍යාපන කටයුතු නිම කල හැකි නිසා. ඒත් හොඳට හොයල බලල...


මේ සම්බන්ධව ඇසූ නෑදැ සහ හිතවත් කිහිප දෙනෙක්ට ඉගෙන ගැනීම සඳහා රට යෑම සහ එහි ඇති අඳුරු පැත්ත ගැන මම දන්නා දේවල් කියන්නට ගොස් අවසානයේ අහගන්න ලැබුනේ " ඕකුන්ට යන්න හොඳයි.. අපේ ළමයි යනවට ඉරිසියාව නේ.. " යන කතාව නිසා මම මේ සම්බන්ධ කිසිවෙකුට පුද්ගලිකව කතා නොකිරීමට තීරනය කලේ මීට වසර ගනනාවකට පෙරය. ඒත් උදේ දැකපු ඉහත වීඩියෝව නිසා මේ බ්ලොග් සටහන තැබීමට තීරනය කලෙමි.

පහත වීඩියෝ වේ වූ එම තරුණයන්ගේ අදහස් කිහිපයක්..


" ලංකාවෙ ණය වෙලා... ලංකාවට සල්ලි යවන්න හිතාගෙන බොරුවට මෙහේ එන්න එපා..."

" මේක ඇවිල්ල සුන්දර ලෝකයක් නෙමෙයි... මෙහේ ආවනම් ගොඩ තමයි කියල හිතුවට වැඩක් නෑ... මෙහේ ඇවිල්ල කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ.."

" මේ වගේ රටකට එනවනම් හොඳ විශ්ව විද්‍යාලයක බලල එන්න... නැතුව ඒජන්ත වරුන්ගේ සුරංගනා කතා වලට රැවටිල අහිංසක දෙමාපියන්ගෙ සල්ලි වියදම් කරල මෙහේ එන්න එපා කියල ඉල්ල සිටිනවා.. "



ඒ වගේම බැලුම්ගල ඉදිරිපත් කල වැඩසටහනක් තමයි මේ.. ඒත් ඔය ඉගෙන ගන්න කියල අහිංසක ළමයි සයිප්‍රස් පටවපු තවත් කෙරෙන සෙල්ලමක් ගැන තමයි...



කෙනෙක් එකක් විදියට දාපු මේ ලින්ක් එකත් ලිපියට අදාල නිසා ඇතුලත් කලා. ඔබ යෑමට අදහස් කරන විශ්ව විද්‍යාලය ( University ) ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ජාත්‍යන්තරය පිළිගන්න ආයතනයක් ද යන්න මෙන්න මේ ලින්ක් එක දිගේ ගිහින් පරික්ශා කරන්න පුලුවන්.

මේ ලිපියට ඔබගේ අදහස්.. අත්දැකීම... බලාපොරොත්තු වෙනවා... වගේම පුළුවන්නම් මේක ශෙයා කරන ලෙසත් ඉල්ලා සිටිනවා... ලිපිය නැතත් ඉහත වීඩියෝ දෙකවත්.. මේ ලිපිය නිසා එක්කෙනෙක් හරි අමාරුවෙ වැටෙන එකෙන් ගැලවෙනවනම් සතුටුයි... ඒකයි.



SOURCE :::: http://palaamalla.blogspot.com.au/2012/01/blog-post_29.html
 

bartict

Member
Jul 18, 2008
257
39
0
මචන් ඇත්තටම බොහොම වටිනා thread එකක්. සමහර දෙමවුපියෝ රට උන ගහපු දරුවන් හින්ද ජීවිත කාලයක් උපයල ගත්තු ගෙවල් දොරවල් පවා නැති කරගෙන කුලී කාමර වල මැරිච්ච වෙලාවලුත් තියනවා. ප්‍රශ්නේ මචන් සමහරුන්ට රට උන ගහපුවාම කට්ට කාල ආපු එකෙක් ඔලුවෙන් හිටගෙන කියන ඇත්ත දේ උනත් තේරෙන්නේ නැහැ ගිහිල්ල අනාගන්නකන්ම. rep +
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,900
    1
    9,700
    113
    Gampaha

    ලංකාවෙ ඉද්දි කන කෑම් පිඟාන හෝදපු නැති එවුන් අවසානයේ වැසිකිලි පිරිසිදු කරන තත්වයට පත් වෙනවා.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    " ඕකුන්ට යන්න හොඳයි.. අපේ ළමයි යනවට ඉරිසියාව නේ.. "
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    BUMP
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    වටිනා කියන පොස්ට් එකක්. මන් ඉන්නේ සින්ග්ග්පුවේ මන් නන් කෙලින්ම අවේ රැකියාවට. මෙහෙ මට ගොඩක් ලනක්වේ කට්ටිය සෙට් උනා මේ වගේ බොරුවලට රැවටිලා අපු.

    සින්ගපුරුවේ තියෙන polytechincs කියල collage 5 ක් මෙවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. මේවා gov එකට සම්මබන්ද නිසා මේවල ඉගෙන ගන්න අයට සීමිත පැය ගානකට රැකියාවක් කරන්න පුළුවන්. මේ වලට යන්න ගොඩක් ලොකු වියදමක වගේම හොද qulification තියෙනත් ඕනේ.

    ගොඩක් ලංකවේ ඉන්න agent ල මේක වාසියට අරගෙන සින්ගපුරුවේ ඉගෙන ගන්න ගමන් රැකියාවක් කරන්න පුළුවන් කියල කට්ටිය එවනවා. මෙගේ නිතිය අනුව privte collage, campuse වල ඉගෙන ගන්න අයට රැකියා කරන එක තාහනම්. අහුඋනොත් ගෙදර යවන්නේ හිරෙ දලා නේතන් දඩ ගහල. අයෙත් ජෙවිතේට සින්ගපුර් ඇවිල්ලත් ඉවරයි. එක නිසා මොකා කොහොම කිව්වත් ටිඅකක් හොයල බලල කරන දෙයක් කරන්න.

    මෙහෙ ඉගෙන ගෙන ඉවර වෙලා රැකියාවක් හොයාගන්න එකත ලොකු ගේමක්. මෙහෙ collage , university නන ඒමට. එත මෙහෙ gov ඒකෙන පිලිගන්න ඒවා තියෙන්නේ බොහොම ටිකියි. ඒ වලින් ඉගෙන ගත්ත අයට නන් මෙහෙ රැකියවක් හොයාගන එක මාරුවක් නෙමේ.

    එක නිසා මෙහෙ එන්න කලින්. එන collage, uni එක පිළිගත්ත එකක්ද කියල හොයල බලන එක ඔයාලගේ වේඩක්. අනික ඉගෙන ගන්න ගමන රැකියවල කරන්න නං එන්න එපා. අමරුවේ වෙනටනව. මන් දන්නා ගොඩක් ලංකවේ අයට එහෙම උනා.

    ඉගෙන ගන්න සල්ලි නැතිව වෙස කමේ යන ලංකවේ කෙල්ලොත් මෙහෙ ඉන්නවා.

    එන්න කලින් හොයල එන්න. ඇවිත් අමාරුවේ වෙටෙන්න එපා..

     
    Last edited:

    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    වටිනා කියන පොස්ට් එකක්. මන් ඉන්නේ සින්ග්ග්පුවේ මන් නන් කෙලින්ම අවේ රැකියාවට. මෙහෙ මට ගොඩක් ලනක්වේ කට්ටිය සෙට් උනා මේ වගේ බොරුවලට රැවටිලා අපු.

    සින්ගපුරුවේ තියෙන polytechincs කියල collage 5 ක් මෙවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. මේවා gov එකට සම්මබන්ද නිසා මේවල ඉගෙන ගන්න අයට සීමිත පැය ගානකට රැකියාවක් කරන්න පුළුවන්. මේ වලට යන්න ගොඩක් ලොකු වියදමක වගේම හොද qulification තියෙනත් ඕනේ.

    ගොඩක් ලංකවේ ඉන්න agent ල මේක වාසියට අරගෙන සින්ගපුරුවේ ඉගෙන ගන්න ගමන් රැකියාවක් කරන්න පුළුවන් කියල කට්ටිය එවනවා. මෙගේ නිතිය අනුව privte collage, campuse වල ඉගෙන ගන්න අයට රැකියා කරන එක තාහනම්. අහුඋනොත් ගෙදර යවන්නේ හිරෙ දලා නේතන් දඩ ගහල. අයෙත් ජෙවිතේට සින්ගපුර් ඇවිල්ලත් ඉවරයි. එක නිසා මොකා කොහොම කිව්වත් ටිඅකක් හොයල බලල කරන දෙයක් කරන්න.

    මෙහෙ ඉගෙන ගෙන ඉවර වෙලා රැකියාවක් හොයාගන්න එකත ලොකු ගේමක්. මෙහෙ collage , university නන ඒමට. එත මෙහෙ gov ඒකෙන පිලිගන්න ඒවා තියෙන්නේ බොහොම ටිකියි. ඒ වලින් ඉගෙන ගත්ත අයට නන් මෙහෙ රැකියවක් හොයාගන එක මාරුවක් නෙමේ.

    එක නිසා මෙහෙ එන්න කලින්. එන collage, uni එක පිළිගත්ත එකක්ද කියල හොයල බලන එක ඔයාලගේ වේඩක්. අනික ඉගෙන ගන්න ගමන රැකියවල කරන්න නං එන්න එපා. අමරුවේ වෙනටනව. මන් දන්නා ගොඩක් ලංකවේ අයට එහෙම උනා.

    ඉගෙන ගන්න සල්ලි නැතිව වෙස කමේ යන ලංකවේ කෙල්ලොත් මෙහෙ ඉන්නවා.

    එන්න කලින් හොයල එන්න. ඇවිත් අමාරුවේ වෙටෙන්න එපා..


    Thank you for sharing what you know about Singapore. :yes:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    සහතික ඈත්ත මචන්
    …අපි මෙහෙම කිව්වම උන් හිතනව ඊරිසියවට කියනව කියල