එළකිරි භූත කොටුව.........

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113



    අද මගේ නිදහස් දවස කෑවට තොට් බැන්නේ අර මර්වින් ගොයියා පාර්ලිමේන්තුවේදී එකෙක්ට බැන්න වචන සෙට් එකෙන් බව කරුණාවෙන් සලකන්න:shocked::angry::angry:......

    "තෝ වගේ මෝ...... මූ.....":lol::rofl:

    ඈ බොල ගොබිලෝ!!! උඹ ඔක්කෝම කියවෙවුවනම් මේ අහවල් එකද???? oio:lol:




    http://www.elakiri.com/forum/showthread.php?p=11762455#post11762455


    මේක හොයන්න කාපු කට්ටක්:angry:............. තූ තෝ!!!!:lol:


    :frown:රොබොට් අයියා

    :eek:රොබා අය්යට පින් සිද්ද වෙවා..
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    පට්ට අත්දැකීම:shocked:........මොන මගුලට ඒ හාදයව බේස්මන්ට් එකේ වළදැම්මද දන්නෑ:growl::growl:...... අන්තිමට කියන්න තියෙන්නේ යකා වුනත් හොඳ තාත්තකෙනෙක් කියල:D:rofl:......

    භූත කොටුවට දෙන සහයෝගයට ස්තූතියි:love:

    :frown:රොබොට් අයියා.....

    උඹනම් කියයි රෝබා,
    එදා ඉඳන් අද වෙනකන් වෙන එවුන්ට බලෙන්නම් පොවන්න යන්නේ නැ,
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    අවරුදු ගණනක් දුක් වින්දෙමි

    මේ කියන්න යන දේට මුල පිරෙනුයේ මම ඔ/එල් කරන කාලයයි.:rolleyes::rolleyes:
    සති ගනනක් තිස්සේ එකතු වෙලා තිබුණු ගණන් වගයක් හදල ඉවර කරනවා කියන පිවිතුරු චේතනාවෙන් :lol::lol: ගණන් පොත ත් අරගෙන මම කෑම මේසයට වෙලා ගණන් හද හදා හිටියා. මේ කියන දේ තේරුම ගන්න පුළුවන් වෙන්න දල සටහනක් මම අමුණලා එවන්නම්:D:D

    මෙහෙම පාන්න්දර
    2 විතර වෙනකල් වැඩ කළා. ලාවට සුළං රැල්ලක් එනවා දැනුනා. මම නිකමට හැරිලා බැලුවා අංක 1 කියන දොර රෙද්ද හුලඟකට ඉස්සිලා සුදු පාට ඇදගත්තු කෙනෙක් ඉස්සරහට යනවා දැක්කා.:no::no::no::no:
    ඇත්තම කිව්වොත් මට කැ ගහන්නවත් බැරි උනා:growl::growl:

    එදා අපේ ගෙදරට අම්මගේ නංගි(පුංචි අම්මා) උඩ තට්ටුවේ නිදාගෙන හිටියා. පුංචි අම්ම හයියෙන් කැ ගහගෙන නැගිට්ටා.කොහොම හරි කට්ටියම නැගිටලා පුංචිට වතුර ටිකක් එහෙම ඉහල ටික වෙලාවක් යනකොට පියවි සිහියට ආවා.:rolleyes::rolleyes: එයත් දැකල ඇද ගාවින් කව්දෝ යනවා. මට වැඩේ මීටර් උනා. කව්රු හරි ආව නම් ආපු කෙනා තරප්පු පෙළ උඩින ගිහින් තියෙන්නේ.:baffled::oo:
    මට නම් හොදටම සුවර් එ ගිය කෙනාට තිබුනේ අපේ සීයාගේ හැඩහුරු කම.:oo:

    කොහොම හරි එ සිද්දිය එතනින් ඉවර උනා වගේ. මාස 7 ,8ක් යනකල් විශේෂයක් උනේ නැ. හැබෙයි මේ කාලේ අතරේ අපේ අම්මගේ පොඩි විශේසත්වයක් දැක්ක. :(මම ගන්න ඒවා තියෙන තැන් මට සාමාන්‍යයෙන් මතක නැ. ඒවා ගැන අම්මගෙන් ඇහුවාම හරියටම කියනවා. තව දෙයක් අපේ අම්ම කව්රු හරි ගැන දෙයක් කිව්වහම අයෙ ඉතින් බලාගෙන ඉදල කිව්වා වගේ:P:P (අපි වගේ උන්ට එකත් හරි වදයක් කියල උබල දන්නවා නේ:love::love:)

    මේ කියන්න යන දේ පටන් ගත්තේ අර විදිහට මාස 8 ක් විතර ගියාට පස්සේ:angry::angry::angry::angry:

    එතකොට මම ඒ/එල් පන්තියේ. උබල දන්නවා නේ ඉතින් මුලින් මුලින් උනත් ඒ/එල් පන්ති වල ඉන්ටවල් එකෙන් පස්සේ ඉන්නේ නැති බව.එහෙම පන්ති වලින් කට්ට පනින හැම දවසකම පහුවෙනිදාට අම්ම හැම දේම බලාගෙන හිටිය වගේ කියනවා:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මමත් ඉතින් මොන මොනවා හරි කියල ශේප් වෙනවා:(:(

    දවසක් රැ මම සින්දුවක් කියන්න යනකොට මට ඇහුනා අම්ම හීනෙන් කතා කරනවා. මල කෙලියයි :oo::oo: අම්ම කාගෙන්දෝ මොනවද අහනවා. ටිකක් වෙලා අහගෙන ඉන්නකොට අම්ම අහන ඒවාට එයාට උත්තර ලැබෙනවා වගේ කතා විලාශයෙන්.මම කාමරය ඇතුලට ගියා. අම්ම කතා කරන්නේ හීනෙන්.මම ගියා කියලවත් අම්ම දාන්නේ නැ.:dull::dull:

    මට කියන්න බැරි උනා අපේ සියා නැති වෙලා එතකොට අවරුදු 8ක් විතර ඇති. අම්ම හිටියෙත් සියා නැති වෙනකොට හිටපු කාමරේ.

    මම මේ සිද්දිය ශේප් එකේ තාත්තට කිව්වා. මමයි තාත්තයි මේ ගැන බලන්න ගියා තැනකට.එතන හිටපු මනුස්සයා කිව්වා
    "ගෙදර පිටිපස්සේ තියෙනව කිරි ගහක් එක හිටප්වපු එක්කෙනා දැන් නැති වෙලා. ඒ ගහට අරක්ගෙන ඉන්නවා, ගෙදර ඉන්න ප්‍රාණියෙක් ගෙන් යැපෙනවා"
    කියලා.
    මෑන්ස් මොනවද කුප්පි වගයක් දුන්නා ගේ හතර කොනේ එල්ලගන්න කියලා.:(
    අපිත් ගෙනල්ල එල්ලුවා. පහුවෙනිදා බලනකොට ගෙදර වටේ එල්ලලා තිබුණු කුප්පියක යි වත්තේ හතරේ කොනේ එල්ලලා තිබුන කුප්පියකයි අඩිය පිපිරිලා.ඇතුලේ තිබුණු ඒවා බිමට වැටිලා. කොහොම හරි ඒ වෙච්චි දේවල් (කරදර)එකක් වත් අඩු උනේ නැ:angry::angry::angry:
    වැඩිපුරම කරදර උනේ මට. මගේ හොර ඔක්කම මාට්ටු වෙනවා.
    මෙහෙම මම අවරුදු දෙකක් විතරම දුක් වින්දා..:dull::dull:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මෙයාව මට්ටු කරපු හැටි ඊලග කතාවක ලියන්නම්....

     

    Attachments

    • plan.png
      plan.png
      10 KB · Views: 345
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113


    dj ice cold
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    උඹ මට දාපු පලවෙනි රෙප්ලයි එක :P
    එල එල ඉක්මනට කතාවක් දාපන් කෝ :)
    ගමන සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කන්නෝ :D



    http://www.elakiri.com/forum/showpost.php?p=11817370&postcount=500

    http://www.elakiri.com/forum/showpost.php?p=11817650&postcount=503

    රොබොටාට කින්ඩි දමා පලක් නැත!!!!:D:P එතකොට මේ උඹේ ආච්චිද මට රිප්ලයි කළේ???:love::love::rolleyes::P

    මචන්, මොනමහරි ප්‍රශ්ණයක් අහල තියෙනවනම් උත්තරය දන් නෑ නම් "දන් නෑ" කියල හරි රිප්ලයි කරල ඇති;).......ත්‍රෙඩ් එකේ මම වැඩියෙන්ම කරල ඇත්තේ ප්‍රශ්ණ වලට උත්තර දෙන එකයි සහයෝගයට බම්ප් එකක් හරි අත්දැකීමක් හරි දාපු උන්ට ස්තූතිකරන එකයි:yes:.......... ඉතින් නාමිකව නොවුනත් උඹටත් ස්තූතිකරල තියෙනව..... හැම බම්ප් එකටම තනි තනියෙම රෙප්ලයි කලොත් ත්‍රෙඩ් එක චා වෙනව:(................

    මචන්, උඹ මොනවත් හිතන්න එපා.... මම මේ ඇවිත් තියෙන රිප්ලයි වලට
    ත් කීදෙනෙක්ට ලියන්නද කියල කල්පණාකරන්නේ.........:confused::confused:මුන්ගේ සහයෝගය දෙගොඩ තලා ගිහින්:love::love::cool::)..... ඉතින් රොබොට් අයියා ෆුල් රිලෑක්ස්;):rofl:.....


    ඒක නෙමෙයි, කො මේ අලිපැටියයි කිඹුලයි???
    කාලෙකින් දැක්කෙනෑ......... කට්ටියට බූත කොටුව එපාවෙලාද
    ත් මන්ද????:baffled::(


    ආ කට්ටියගෙන් තව පොඩි දෙයක් අහන්න හිටියේ......... හොඳට සිංහල දන්න කෙනෙක් මේකට උත්තර දෙන්න........
    මේකෙ නම එන්න ඕන "
    භූත කොටුව"ද "බූ කොටුව"ද??:confused:
    මට හිතෙන්නෙම "බූත කොටුව" කියල:rolleyes:...... එහෙම වුනොත් ත්‍රෙඩ් එකේ නම වෙනස්කරන විදියත් කියපියෝ;)...........


    :frown:රොබොට් පැටිය..... (තාම ඉපදිල දවසයි)

    භූත කොටුව:nerd:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කතා දාපු හැමෝටම බඩපුරා ස්තුතියි. මහන්සිවෙලා කොටලා කොටලා කතාවක් දාන එළකිරි කොල්ලන්ට ස්තුතියි කියලත් මදියි වගේ. ඔය rep ද මොනවද දෙන්නේ කොහොමද කියලනම් දන්නේ නැහැ කොල්ලනේ.:oo: කොටලා අහක්වෙලා එලකිරියට කොපි කරලා දන්නා විතරයි මමනම් දන්නේ. :(2008 ඉඳන් එළකිරියේ උන්නට රොබෝට් අයියගේ බූත කොටුව හින්ද තමයි මෙහෙමවත් සිංහල කොටන්න පුරුදු උනේ. බූත කොටුවේ කතාවක් දාන්න ඕන හින්දම සිංහල කොටන්න පුරුදු උනා. රොබෝට් අයියට ඉතින් පින්. අපේ බූත කොටුව නැගල යන එක ගැන ටිකක් විතර අකමැති උන් ඉන්නවද මන්ද.:( අපේ බූත කොටුවේ සාමාජිකයෝ ඔක්කොම සිහියෙන් හිටපියව්.:frown: කොක්කට ආවට එක්කවත් කොක්කට යනවහෙම නෙවෙයි මචන්ලා .:no: ඉවසීමෙන් කටයුතු කරපල්ලා. කවුරු කොක්කට කමෙන්ට් දැම්මත් තොපි එහෙම කොක්කට රිප්ලයි ලියන්න එපා. :no:අන්තිමේ දන්නෙම නැතුව බූත කොටුව off topic ගිහින් ගහ මරාගන්න වෙනවා.:growl: බූතකොටුවේ විනය බොහොම ඉහලයි. පිටු 100 ක් ඉදිරියට රොබෝට් අයිය ප්‍රමුක අපි හැමෝම යක්කු බූතයෝ පෙරේතයෝ එක්ක බොහොම සුහදව කරන් ආපු බූත කොටුව තව බොහෝ කලක් එළකිරියේ සහයෝගෙන් ඉදිරියට ඇදෙන්න ඕන. :)අපේ බූත කොටුවට වින කටින්න පිල්ලි එන්න ඉඩ තියෙනවා. කල්පනාවෙන් වැඩ කරපල්ලා. :no:
    රොබෝට් අයිය ප්‍රමුක බූත කොටුවටත් , බූත කොටුවට ලියන බම්ප් දාන බලන හැමදෙනාටම ජය වේවා.:love::love::love:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කතා දාපු හැමෝටම ස්තුති. ඇත්තටම මේව අපිට කතාවක් උනාට ලියන කෙනාට අත්දැකීමක් වෙච්ච දේවල්නෙ.ඒ හින්ද "කතා" කියන එකත් අසාධාරණයි වගේ. මම පුද්ගලිකව අත් විඳලා නැති උනත් ඉස්සර අපේ ආච්චිලා කියන විස්තර අනන්තයි අප්‍රමාණයි, අපේ ආච්චිලගේ ගම බද්දේගම. තනිකර හොල්මන් භූත ගුහාව :baffled:

    දැන් උනත් ඒ පැත්තෙ හැන්දෑව වෙද්දී හරිම ගුප්ත ගතියක් තියෙනව. පොඩි කාලෙ නම් එහේ යන්නත් මම වැඩිය කැමති නෑ. ඒ ගුප්ත බව හින්දම. වශී ගුරුකම්, නිධාන කතා, බලි තොවිල්, හැදී හූනියම්, කතා අනන්තයි අප්‍රමාණයි. ඒවා මේ කට කතා නෙමෙයි අපේ අච්චිලම අත්විඳපු ඒවා. ඒව මට දැන් පිළිවෙලකට කියාගන්න තරම් මතකයක් නෑ. ඒක හින්ද මේකෙ දාන්න විදියක් නෑ :baffled:

    තොවිල් පවිල්, තෙල් සාත්තු, බහිරව පූජා, ආරක්ෂා වගේ දේවලට නම් මම සහභාගී වෙලා තියෙනව. ඒවයේ තියෙන පොඩි පොඩි විජ්ජාවලුත් දැකල තියෙනව. මෝල් ගහ අතේ තියන ඉද්දි ඉබේ පැද්දෙන ඒව, කුල්ල ඩාන්ස් කරන ඒව වගේ :P ඇයි ඇවිදින කනප්පු :rofl:

    ඒව නම් මාර අත්දැකීම්. මන සාමාන්යෙන් ඕව දිහා බලන්නේ මූ මේ කරන්නෙ බොරුවක්ද කියලයි. ඒත් අපේ අතට ම දීල ඕව කරවද්දී කොහොමද ආතල් එක :P

    මං දැක්ක මේකෙ මේ අත්දැකීම් බෙදාගනිපු අපේ සහෝදරයන්ගේ රෙප් කපල ගිහින් කට්ටියක් ඇවිත්. ඒවට සැලෙන්න එපා. ඔය මිනිස්සුන්ට අභියෝගයක් කරොත් වරු තුනෙන් අත පය කොර වෙන්න ගුරුකමක් කරල පෙන්නනම් කියල ඔය එකෙක් වත ඒ වගේ අභියෝගයක් භාර ගන්න එන්නෙ නෑ :lol: උන්ගේ හිතෙත් දෙගිඩියාවක් තියෙනව. මෙතන නිකං පොරවල් කියල පෙන්නන්න. තවත් එකෙක් හෑල්ලුවට ලක් කරන්න තමයි ඔයවගේ වැඩ කරන්නෙ.

    ඒ හින්ද භූත කොටුවෙ හොල්මන් කරන අපිවගේ මලපෙරේතයන්ට භූත කතා ලියල දොලපිදේනි දෙන කට්ටඩියන්ගේ රෙප් කපන්නෙ නැතුව මේවට අකමැති නම් නොබල හිටපල්ලා කියන එකයි මගේ නම් ඉල්ලීම :nerd::frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුරු හරි දන්නවද හිල්ඩා කුමාරිගේ කතාව?:dull::dull::dull:

    කොහොමද රජෝ ඒක පාරම තමන්ගේ යාළුවා දිව මීටර් 10ක් දික් කරලා ලයිට් ඒක ඕෆ් කරාම. :dull::dull:අනික ලයිට් ඒක ඕෆ් කලේ නැතිනම් පැනල එන්නත් තිබ්බා කාමරෙන්. ඒත් ලයිට් ඒක ඕෆ් කරපු නිසා කරුවලේම තමන් ළඟ හොල්මනක් ඉන්නවා කියල දැනුනම.:lol::lol::lol:

    සොරි වෙන්න ඕන පැත්ත පලාතේ ආවෙ නැතුවට දවස් ගානකින්........දන්නව නේ ඉතිං පවුල් පන්සල් වල බර..........
    ඉස්‍ලේලාම රොබට් අයියට සුබ උපන් දිනක් වේවා........!!! මේහේ ආව වෙලාවක අම්මපා සෙට් වෙන්න බලං ඉන්න එකෙක් උඹ.

    හිල්ඩා කුමාරි ගේ කතාව..........ඒවං මේ සුතං ඈ...............!!!!!!!
    පේරාදෙණිය කුම්පස් එකේ කලින් හොස්ටල් ලැබිල තියනව දැන් වගේම සියළු ම ශිෂයාවන්ට. අළුතින් ආව නැව ආවාම කෙලින් පළමු දවසේ ඉදන් හොස්ටල්. ඒ කාලෙ එක රෑම් එකක එකයි ලු. පස්සේ, මේ කතාව වෙන දවස් වෙද්දි එක රූම් එකක් දෙන්නෙකුට දීල තියනව. අළුතින් ආපු කෙල්ලො දෙන්නෙක් එක රූම් එකක නතර වෙලා, කයියක් එහෙම දාල දැන අදුන ගෙන නිදා ගන්න යන්න හදන කොට එක කෙල්ලෙක් අනික් කෙල්ලට කියල තියනව "ඔයා එහෙනම් ලයිට් එක ඕෆ් කරන්න" කියලා. ස්විච් එක තිබිල තියෙන්නේ ඒ කෙල්ල ගේ ඇදට හරියට ම පරස්පරව. අර කෙල්ල දිව අඩි ගානක් දික් කරලා ස්විච් එක ඕෆ් කලාලු. අනිත් කෙල්ල මර හඩ දීල කෑග හපු පාරට හැමෝම දුවං ආවත් අර කාමරේ වෙන කෙනෙක් හිටිය බවට සාධකයක් වත් නෑලු.
    ඔය සිද්ධිය වුණ හිල්ඩා ඔබේසේකර ශාලාවේ ඒ කාලේ හිටියේ කෙල්ලෝ. නමුත් අපි යන කාලෙ හිටියෙ කොල්ලෝ. හිල්ඩා කුමාරි කියන්නේ ඔය කොල්ලෝ දාපු නමක්. ඒකි ව පේන්නේ මූනට නෙවෙයි ලු. කණ්නාඩියෙන්. පොරවල් බාත් රූම් එකේ දත් මැද මැද හරි රැවුල කපමින් හරි ඉන්න කොට තමන් පිටිපස්සෙන් සුදු ඇදගත් කෙල්ලෙක් පෙනවලු, නමුත් පස්ස හැරිල බැලුවම කවුරුවත් නෑ...........!!!!!
    මේ කෙල්ල හොස්ටල් එකේ ම එල්ලිලා සියදිවි නසා ගත්ත කෙල්ලෙක් ගේ අවතාරයක් කියල තමා කියන්නේ.........!!!!!
    නමුත් අර දිව එළියට දාපු කෙල්ල වෙන එකක් කියල තමා කියන්නේ. ඒකි ඉස්සරවෙලාම කැම්පස් එනකොට ඒ එන බස් එක ඔය ගෙලි ඔය හරියෙදි පෙරලිලා මැරිච්ච කෙල්ලෙක් ලු. අළුත් නැව එද්දි ඒ එක්කම ඒකිත් කැම්පස් එනව කියල තමා කියන්නේ.............!!!!!!!
     
    • Like
    Reactions: DemonAkalanka

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    රොබෝට් අයියේ වැදී යක්කු කියල ජාතියක් ඉන්නවලු නේද ?
    දැකලනම් නැහැ හැබැයි මම අත්දැකලා තියනවා . මේක උනේත් නුවර එලිය ටිකක් පාලු පැත්තක. ඉස්කෝලේ නිවාඩුවකට යාළුවොත් එක්ක නිවාඩුවකට ගියපු අපේ සෙට් එක දවසක් අපි දර කඩන්න කියල කැලේට ගියහම අපිට ඇහෙනවා තවත් කට්ටියක් අපි ඉන්න තැනට ඉස්සරහින් මොනද මොනාද කියවනවා . ඒ වචන පැහැදිලි නැහැ හැබැයි හොදටම තෙරෙනේව මොනවදෝ කතා කරනවා . දෙමලත් නෙමෙයි සිංහලත් නෙමයි . ඉතින් අපිත් දර එකතු කරන ගමන් ඉස්සරහට ගියා කව්ද මේ කට්ටිය බලන්න . එත් හම්බුනේ නැහැ . නමුත් අපි කයිය ගගහ ඉන්නකොට අයෙත් ඇහෙනවා උන් කතා කරනවා . අපි අයෙත් යන්නව කව්ද බලන්න එඅත් කරුවත් හම්බෙන්නේ නැහැ . කොහොම හරි අපි සැහෙන දුරක් ගිහිල්ල තිබුන උන්ගේ සද්දේ පස්සෙන්. පස්සේ අයෙත් හැරිලා ගෙදර එන්න අවා . එනකොටනම් අපු පාරෙන් නෙමෙයි අවේ . කොහේදෝ තෙවත්තක් මැදින් ගිහින් ඉන්න උන්ගෙන් පර අහගෙන ගෙදට්ට අවේ . ගෙදර යට මේක කිව්වම සිය කෙනෙක් කිව්වා . ආ ඔය වැදී යක්කු . කැලෑවට එන මිනිස්සුන්ව අතරමන් කරන්න ඔහොම කරනවා කියල . අපිට ඕක ගානක්වත් තිබ්බේ නැහැ . (ඒ දවස්වල ඉතින් ඉස්ස්කොලේ යන කලේ හැමදේම විද්‍යාත්මකව බල්ලනනේ පුරුදුවෙලා හිටියේ) . සමහරුනම් කාලෙදිම කිව්වේ ඔය අපේ සද්දේම දොන්කර දෙනවා කියල . නමුත් අපි කතා නොකරම ඉන්නකොටත් අපිට ඔය කටහඩවල් ඇහුන . කැලේ ගස් අතරින් හුලග හැමනකොටත් ඔයවගේ වෙන්න පුළුවන් . මේකේ තිරනකක් දෙන්න මට පුළුවන් කමක් නැහැ . සමහර විට එහෙම ජාතියක් ඉන්නත් පුළුවන්. අහම්බෙන් වගේ මේක මතක් උන නිසා බුත කොටුවේ කොටන්න හිතුන .