ඔන්න මගේ ලොකු අම්මට වුන දෙයක් තමයි මම මේ කියන්න යන්නේ.
මේකේ කතා නායිකාව මගේ ලොකු අම්මා. ඒ කියන්නේ මගේ අම්මගේ අක්කා. දැන් වයස 74 විතර ඇති.ඉස්සර එයා ඉපදිලා දවස් පහක් හයක් යනකොට සිද්ධ වෙච්ච දෙයක් තමයි මේ.
ඔන්න දැන් එයා ඉපදිලා දවස් පහක විතර, ඒ දවස් වල ගෙදරට බබා බලන්න කට්ටිය ගොඩක් එන නිසා ඒ ගොල්ලොන්ට කාමරය දීල ආච්චියි සීයයි රෑ නිදියගෙන තියෙන්නේ සාලේ. ඉතින් දැන් බබයි (දැන් කාලේ මගේ ලොකු අම්ම) එයාගේ අම්මයි(මගේ ආච්චි) තාත්තයි(මගේ සීය) රෑ සාලේ නිදි.
එකපාරටම මගේ ආච්චිට , ඒ කියන්නේ මේ කතා නායිකාවගේ අම්මට රෑ ඇහිලා තියෙනවා සීයාගේ කටහඬින් කව්දෝ කියනවා, "ළමය අහකට ගන්න, ළමය අහකට ගන්න" කියලා.
ඉතින් මගේ ආච්චි ඇහැරිලා වටපිට බලලා, එත් සීයා ගොරව ගොරව බුදි ලු, ඒ සීයා නෙවෙයි ලු කතා කලේ.
ඉතින් ආච්චි පුදුම වෙලා. ඊට පස්සේ ආච්චි පොඩ්ඩක් ආයෙත් වටපිට බලනකොට මේ බබාගේ ළඟ ලොකු සර්පයෙක් පෙණය පුප්පගෙන ඉන්නවලු මේ බබාට දෂ්ඨ කරන්න.
ඉතින් ආචිචි ඉක්මනට බබාව පැත්තකට අරන්. ඊට පස්සේ ගෙදර කට්ටිය එකතුවෙලා සර්පයාව මරලා. ඉතින් ආච්චි පස්සේ සීයාගෙන් ඇහුවම "ඔයා මට කතා කලාද?" කියල , සීය කිව්වලු "නෑ පිස්සුද මම මේ බුදියගෙන නේ හිටියේ මම එහෙම එකක් කිව්වේ නෑ " කියලා.
දැන් හොඳම එක ඕක නෙවෙයි. ඊට පස්සේ අවුරුදු පහකට විතර පස්සේ මගේ සීය ගිහින් තියෙනවා සාස්තරයක් අහන්න. මේ සාස්තර කාරය එකපාරටම කියල තියෙනවා, "මෙන්න මේවගේ සිද්ධියක් වුනා නේද? මහත්තයාගේ ළමයෙක්ට සර්පයෙක් දෂ්ඨ කරන්න ගියා නේද?" කියල අහල?
සීය පුදුම වෙලා. ඊට පස්සේ ඒ මිනිහ කියල , "ආරච්චි මහත්තයෝ, ඒ තමයි හුනියන් දෙයියෝ, උන්නාන්සේ තමයි ඒ නෝනට කතා කරලා තියෙන්නේ" මහත්තයට ඒ දෙවියන්ගේ බැල්ම තියෙනවා." කියල.

රොබොට් අයියා......
*(ඉන් ද ක්ලබ් සත පනහ රිංටොන්)

හොඳවෙලාවට අක්කල වැඩට ගියේ