මචන් මම කියපු දේවල් වල වැරදි මොනවත් නැහැ. ආයෙත් කියවලා බලපන්. හිතලා බලපන්. වාතය ඉන්ද්රිය ගෝචර නොවේ කියලා මම කියපු එකේ පොඩි අවුලක් තියෙනවා, නමුත් මා අදහස් කලේ වාතය සියලු ඉන්ද්‍රියන්ට ගෝචර නොවේ කියලා නොවේ, වාතය අපට නොපෙනෙන නමුත් පවතී, එබැවින් නොපෙනෙන දෙවියන්ට ස්කන්ධයක් නැහැ කියා ඔබ තීරණය කලේ කෙසේද? දැන් තේරුණා කියලා හිතනවා.
දෙවෙනි එක මචන් මම කියපු දේ හොඳට කියවලා බලපන්. උඹට තෙරුන් නැත්තම් ආයෙත් අහපන්. මම කියපු දෙවල් වැරදි කියලා කියන්ඩ ඉක්මන් වෙන්ඩ එපා.
මෙනන මම කියපු දේ.
මේකේ තේරුම, Electromagnatic waves ස්කන්ධ රහිත ලෙස සැලකිය හැකියි. මොකද Electromagnatic waves තරංග ස්වරූපයෙන් වගේම particle ස්වරූපයෙනුත් හැසිරෙන නිසා. තරංග ස්වරූපයෙන් හැසිරෙන විට එය ස්කන්ධ රහිත ලෙස සැලකිය හැකියි.
මාතෘකාවෙන් පිට නොයා කෙලින්ම ආයෙත් ප්‍රශ්න මම අහන්නම්.
ඔබතුමා සමීකරණ දෙකක් යොදාගෙන ඔප්පු කරන්ඩ හැදුවා, සර්වබලධරී දෙවියෙක්ට භෞතික ලෝකයට බලපෑමක් කල නොහැකියි කියා. මෙහිදී ඔබ උපකල්පනය කලා දෙවියන්ට ස්කන්ධයක් නොමැත කියා.
(1) එසේ ස්කන්ධයක් නැත කියා උපකල්පනය කලේ කෙසේද?
(2) ශක්තියට ස්කන්ධ ස්වරූපයක් ගත හැකි බව ඔබ ඉදිරිපත් කල අයින්ස්ටයින් සමීකරණයෙන් පැහැදිලියි. එසේ නම් ස්කන්ධයක් නැතිව ශක්තියක් ලෙස පවතින ජීවියෙකුට වුවත් ඔබේ ඉහත පැහැදිලි කිරීම් සාධාරණ නැහැ නේද??
මුලු විශ්වයම මවපු ජීවියෙකුගේ පැවත්ම, ප්‍රථිවියට විතරක් හරි යන සමීකරණ අරගෙන පැහැදිලි කල හැකිද?
ලෝකයේ වන කාලගුණික විපර්යාස ලංකාවේ කාලගුණය දිහා බලා කිව හැකිද? ලංකාවේ කාලගුණික රටා හරියන්නේ මෙහෙට පමණයි.
දැන් සිංහලෙන් දාලා තියෙන්නේ මචන්.
මචන් තරහා වෙන්ඩ එපා උඹේ මේ තර්ක දකිද්දි උඹ physics කරපු එකෙක්ද කියලා මට හිතා ගන්ඩ අමාරුයි. එතකොට භෞතික ලෝකය විදිහට උඹ දකින්නේ අහුවෙන දකින දේ විතරද? අපිට අහු නොවෙන නොපෙනෙන භෞතික දේවල් ඕන තරම් තියෙනවා. Physics පොත් ආයෙත් අරගෙන පොඩ්ඩක් බලපන්.
උඹේ මේ අද්යත්මික භෞතික ලෝක දෙකේ න්‍යායට කිසිම විද්‍යාත්මක පසුබිමක් නැහැ මචන්, තරහා වෙන්ඩ එපා.
බුදුන් සිතේ ස්වභාවයට අනුව විශ්වය කොටස් 31 කට බෙදා වෙන්කර දැක්වූවා. මෙය සිතේ ස්වභාවය අනුව වෙන් කරන ලද්දක් මිසක් ඔබ ඔය කියන පරිදි භෞතික ලෝකයකින් වෙන් කරන ලද්දක් නොවේ. මින් ස්තර දෙකක් පමණයි අපට ගෝචර. මට පෙනෙන විදිහට ඔබ කියන්නෙ මෙම ස්තර දෙකට භෞතික ලෝකය කියා නමක් දී අනිත් ස්තර වලට අනිත් ස්තර වලට අධ්‍යත්මික ලෝකය යයි කියනවා.
ඒකේ වැරුද්දක් නැහැ. නමුත් එම අර්ථකතනයට විද්‍යාත්මක පදනමක් නැහැ.
මචන් උඹ මොනවත් ඔප්පු කලේ නැහැ. ඇත්තටම වුනේ මෙන්න මේ වගේ දෙයක්.
(1)උඹ විශ්වය කෑලී දෙකකට කැඩුවා, අධ්‍යත්මික හා භෞතික ලෝකය ලෙස. මේක උඹ කලේ බුද්ධ දේශනා වලට අනුව. විද්යත්මකව එහෙම කරන්ඩ කිසිම හේතුවක් නැහැ. උඹේ මේ ක්රමයම මුස්ලිම්වරුන් පාවිච්චි කරනවා, ඔවුන් ඒක කරන්නේ කුරාණය කියලා තියෙන නිසා. උඹ කරන්නේ බුදුන් කියලා තියෙන නිසා. මොකද්ද වෙනස?
(2) ඊලඟට උඹ උපකල්පන කරනවා භෞතික කියලා උඹ හදුන්වන ලෝකයේ ඉන්න කෙනෙක්ට පමණයි එම ලෝකයට බලපෑමක් කල හැක්කේ කියා. එම උපකල්පනය කිරීමට හේතුව තමා ඔබේ අනිත් උපකල්පනය, භෞතික නොවන ලෝකයේ සිටින සතෙකුට ස්කන්ධයක් නැත. නමුත් ශක්තියක් ලෙස පවතින දෙයකට වුනත් ස්කන්ධ ස්වරූපයක් තියෙන බව අයින්ස්ටයින්ගේ සමීකරන වලින් පැහැදිලියි. උපකල්පන දෙකටම විද්‍යාත්මක පසුබිමක් නැහැ.
(3) ඊලඟ උපකල්පනය තමා මේ භෞතික ලෝකයේ තියෙන සතෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට ඌව පෙනෙන්ඩ ඕනේ/ අහුවෙන්ඩ ඕනේ. අපට අහු නොවෙන දේවල් භෞතික ලෝකයේ තියෙනවා.
තව වැරදි උපකල්පන ගොඩක් තියෙනවා. ඒත් අදහස පැහැදිලියි.
ඔව් ඒක ඇත්ත Bosonic String Theory වල මාන 26ක් ගැන කතා වෙනවා නේ. මචන් ම කතා කලේ මාන ගැන නොවේ කාලය ගැන. අනික අපි කතා කරන්නේ බුදු දහම ගැනනේ? Theory(තාම ඔප්පු කර නැත ) කතාව නවත්තලා බුදු දහම ගනිමු. අභිධර්මය පොඩ්ඩක් කියවලා බැලුවොත් උඹට තේරෙයි, කාලය කියන්නේ පවතින දෙයක් නොවේ කියා.එය සාපේක්ෂයි, නිරපේක්ෂ නැහැ.