(මෙහෙම දෙයක් උනොත්,,,,,,,,,,)
ජිවිතේ ලබන්න පුළුවන් හැමදේම තමන්ට තිබිලත් තවත් මොකක්දෝ අඩුවක් තියනවා කියල කෙනෙකුට හිතෙනවා
එහෙම ඉන්නකොට එයාට අහම්බෙන් ආදරයක් මුණ ගැසෙනවා
ටික කලකින් එයාටම තේරෙනවා තමන්ගේ ජිවිතයේ තිබුන අඩුව සැබෑ ආදරයක් මුණ නොගැසීම කියල
දැන් තමන් සොයා සොයා හිටිය ඒ ආදරය තමන්ට ලැබී තිබෙනබවත් එයාට තේරෙනවා,,,,,,,,,,,
ඔහොම ටික කලක් ගත වෙනකොට එයාලට සෑම පෙම්වතුන්ටම වගේ මුහුණ දෙන්ඩ වෙන පොදු ප්‍රශ්න ගොඩ ඇතිවෙනවා
සාමාන්‍යයෙන් ඇතිවන පොදු ප්‍රශ්න වලින් ඔබ්බට ගිය කාරණාත් එතන තියනවා(පෙම්වතිය සිය දිවි නසා ගැනීමට තැත් කිරීම වගේ)
ඔය ගැටුම් අතරේ තනිවෙන පෙම්වතා ගොඩක් අසරණ වෙනවා(මට මෙතන ලියා විස්තර කල නොහැකි තරම්)
කොච්චර අසරණ වෙනවාද කියනවානම්...පෙම්වතාට සිදු වෙනවා රෝහලේ සයනයමත සිහිසුන්ව වැතිර සිටින සිය පෙම්වතියගේ හිසට අත තියා ඇය අතහරින බවට පෙම්වතියගේ දෙමාපියන්ට දිව්රා පොරොන්දු වීමට.....
යලි යථාතත්වයට පැමිණෙන පෙම්වතියට සිය දිවිහිමියෙන් ආදරය කල පෙම්වතා තමන්ට ද්‍රෝහී උන බව වැටහෙනවා
පෙම්වතිය මුළු පිරිමි සංහතියටම වෛර කරන්ඩ පටන් ගන්නවා......
සිය හිත හද ගැනීමටත් පෙම්වතාගෙන් පලිගනිමත් ජිවිතයේ අරමුණ කරගන්නා ඇය (වැඩිදුර අද්‍යාපනයටයි කියා) මව්බිම හැරදා විදේශගතවෙනවා
පෙම්වතා සිය පාලු අදුරු ලොවතුල තනිවෙනවා,,,,ආදරයේ වේදනාව,,බිහිසුනුබව ඔහු හොදින්න්ම අත්විදිනවා
වසර කිහිපයක් ඇවෑමෙන් පෙම්වතියට පෙම්වතා තමන්ට ද්‍රෝහී උන සැබෑ හේතුව සැලවෙනවා
ඇය ඔහුව හමුවීමට ඔහු හා වචනයක් දොඩමලු වීමට සැහෙන වේදනා විදිමින් උත්සහගන්නවා
එත් පෙම්වතියගේ දෙමාපියන්ට පෙම්වතියගේ හිසට අත තියා ඇය අතහරින බවට දිව්රා පොරොන්දුඋණු ඔහු පෙම්වතිය මගහරින්නේ දරාගත නොහැකි දුකකින්.............
අද ඇය සිය පෙම්වතා කාසමගින් හෝ අතිනත ගන්නාතුරු සුසුම් හෙලමින් බලාසිටිනවා,,,,,,,,,,
ඔහු සිය පෙම්වතිය කාසමගින් හෝ අතිනත ගන්නාතුරු සුසුම් හෙලමින් බලාසිටිනවා,,,,,,,,,,
..........පුලුවන්නම් පහදා දෙන්න සහෝදරයා මෙහි අවසානය කුමක්ද...........