එළකිරි භූත කොටුව.........

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :baffled::baffled::baffled:

    හිල්ඩා කුමාරිව ඇත්තටම දැකල නැද්ද කවුරුහරි???? :eek:
    දැකපු අය ගොඩක් ඉන්නවා බන් අපෙ ජුනියර් බැජ් එකෙ මල්ලි කෙනෙකුත් දැකලා තිබ්බා:shocked: උ දවසක් විතර ගල් බමුනා වගෙ උඩ බලාගන හිටියා බය වෙච්ච පාර:baffled::baffled:
    මිනිහා දැකලා තියන්නෙ රැ1 ට විතර සුදු ඇදගත්ත ගැනු ලමයෙක් නිකන් පාවෙලා වගේ යනවා මූට එක පාරටම කරන්න දෙයක් හිතාගන්න බැරි වෙලා:no: පස්සෙ මිනිහා දුවල ගිහින් කාමරේට රිංගගන:(
     
    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    දඩබ්බරයා;12052621 said:
    ඒ මගුල නෙමේ බන්..රුචිරට මොකද උනේ කියපන්කො..වැඩේ දිගටම ගියද...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මාස හයක් විතර කරා බන් ........එක හරි ගියේ නෑ.
     
    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    ඔන්න ඉතින් කාලෙකට පස්සේ තවත් අත්දැකීමක් බෙදා ගන්න හිතුනා.:Dසොරි වෙන්න ඕනේ රොබට් අයියා .......කාලෙකට පස්සේ ආවේ.කොහෙද වැඩත් එක්ක.අද ඇවිල්ලා ඉතින් ඔක්කොමගේම කතා කියෙව්වා.පට්ට කතා ටික. ඔන්න එහෙනම් තවත් අත්දැකීමක්.:shocked:

    මගේ තාත්තා ඒ කාලේ හිටිය හොදම වැඩ කාරයෙක්.ඒ කියන්නේ තාත්තා හැම වැඩක්ම වගේ දන්නවා.වඩු වැඩ,මේසන් වැඩ,ඉලෙක්ට්රික් වැඩ,යකඩ වැඩ වගේ එකී මෙකි නොකී හැම දෙයක්ම වගේ.එත් තාත්තා යකඩ වැඩ තමා රස්සාවක් හැටියට කලේ.:yes:තාත්තා අපිව ලොකු මහත් කළේ ඒ රස්සාවෙන් තමා.ඉතින් ඉස්සර තාත්තා හැමදාම වගේ වැඩ කරනවා.වැඩපලෙත්,වැඩපලෙන් පිටත්. වැඩකට පිටට ගියත් තනියම තමයි ගියේ.
    එක දවසක් නිවාඩු දවසක් සෙට් වුන මට.එදා තාත්තටත් වැඩක් තිබුන.ජනෙල වගයකට දැල් වගයක් අල්ලන්න.දවල් 3 ට විතර ඇති.තාත්තා යන්න බඩු ටික ලෑස්ති කරනවා.ඉස්සර මට තාත්තා එක්ක යන්න තියෙනවා කිව්වොත් ඊට වැඩ දෙයක් නෑ.තාත්තා එච්චර කැමති වුනේ නෑ මාව ගෙනියන්න.එත් අම්ම කිව්වා කොලුවා ගෙදර නිකන් ඉන්න එකේ ගෙනියන්න කියල.වැඩට යන්න ඒ කාලේ තාත්තට තිබුන පොඩි ත්රී විල් කට්ටක්.දැන් දෙන්නම නැගල ගියා.ඉතින් ගියේ කැලණිය පැත්තට. පොඩි පාරවල් වලින් හරවල හරවල ගියා.දැන්නම් ඉතින් කරකවල අත අරිය වගේ.:rolleyes::rolleyes:ගෙයක් තිබුණා benz කාර් එකක් නවත්තල තියෙන.:nerd:හැබැයි ගෙදරනම් මහා මුසල පාටක් තිබ්බේ.:baffled:තට්ටු දෙකක් තිබුණා.හැබැයි පරණ වලව්වක් වගේ.
    අපි ගියාම ටිකක් මැදි වයසේ ලංසි නෝනා කෙනෙක් ආවා.ආ ආවද එක හොදයි අපි අද රෑ London යන්න හිටියේ.හා හා වැඩේ ඉවර කරමු කියල එයා කියල ගෙට ගියා.තාත්තත් වැඩි කතා බහක් නැතුවම බඩුත් අරගෙන ඇතුලට ගියා.මත ඉතින් අඩුවක් මිටියක් උස්සන් පස්සෙන් ගියා.:Pගියේ උඩ තට්ටුවට.පොඩි බයක් එහෙම දැනුණා ඒ ගෙදර හැටියට.:baffled::baffled:එත් තාත්ත හිටිය හින්ද මන් උඩට ගියා.ඒ උඩ තට්ටුව නිකන් කිසිම තේරුමක් නැතිව හදපු එකක් වගේ.ඉඩ අඩුයි.මුලු වැඩියි.:confused:දවල් වුනත් මාර අන්ධකාරයක් තිබ්බේ.:baffled:
    කාමරේ කොනේ තව දොරක් තිබුණා.දොරක් කිව්වට උලුවහුව විතරයි.දොර රෙද්දක් දාල තිබ්බේ.එකේ මොනවද කියල ඉතින් බලන්න ගියේ නෑ. තාත්තා මොනාද අමතක වෙලා වාහනේ දාල ඇවිල්ලා.මගෙන් ඇහුව පුතා පල්ලෙහට එනවද කියල.මොන හේතුවක් හින්දද දන්නේ නෑ මන් කිව්වා ඉන්නම් කියල.වෙන වෙලවකටනම් මන් ඒ වගේ ඇහුවම පැනල යන්නේ.ඉතින් තාත්තා ගියා මන් තනි වුණා.:baffled:ඉතින් මන් වට පිට බල බල හිටිය.:shocked:එකපාරටම අර කාමරේ දොර රෙද්ද කවුරු හරි අතින් ඈත් කල වගේ ඉස්සිලා තිබුණා විනාඩියක් විතර.:shocked::shocked:හුලගක්වත් නෑ.දැන් මන් හොදටම බය වෙලා.කකුල් වෙව්ලනවා.පස්සේ එක පාරටම දොර රෙද්ද පල්ලෙහට වැටුන.මන් බය වෙලා දුවන්න හැරෙනකොටම තාත්තා පිටි පස්සේ.එයත් දැකල සිද්දිය.මට කිව්වා පහලට ගිහින් වාහනේට වෙලා ඉන්න කියල.එහෙමම පැය කලකට විතර පස්සේ තාත්තා ආවා.ගෙදර ඇවිල්ලා රෑ කද්දී තමයි අම්මටත් සිද්දිය කිව්වේ.ඒ නෝනගෙන් තාත්තා අහල.එයා තාත්තට කියල කිසි ගානක් නැතුව ආ ඔයත් අපේ තාත්තව දැක්කද කියල.:oo::baffled::shocked:

    මෙන්න මේකයි අතීත කතාව.ඒ නෝනගේ තාත්තා ලොකු මුදලාලි කෙනෙක්.දරුවන්ව රට යවල උගන්නල.දරුවෝ එහෙම සැටල් වෙලා.අම්ම මැරුණම තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ.ඊට පස්සේ දරුවෝ මෙයාව රට එක්කන් යන්න හදල.එත් මෙයා දේපල වලට ආසාවේ ගිහිල්ල නෑ.අම්ම මැරිලා අවුරුදු දෙකකට පස්සේ මෙයත් මැරිලා.දැන් ඉතින් ඒ ගෙදරම ඉන්නවලු.:baffled::baffled:ගොඩක් අය දැකල තියෙනවලු.ඉන්නවා කියලත් දන්නවලු.එත් කාටවත් කරදරයක් නෑලු.එයාගේ favouritema place එක අර කමරෙලු.අර කාමරේට යන එක තමයි මන් දැකල තියෙන්නේ.:baffled:තාත්තත් දැකපු හින්ද හොදට ගියා.ඔන්න ඕකයි කතාව.
    හොල්මන කෙසේ වෙතත් මාව එක්කන් යන්න කියපු අම්මම තාත්තට තහංචි දැම්ම මාව අරන් යන්න එපා කියල.:rolleyes::confused:
     
    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    කලු පූසා;12030733 said:
    Kunuharupa kiyanakota un yanawa kiyala math ahala thiyenawa... tharaha karayekge ge issarata gihin hondata kegahala u gemata awoth kiyanna one merichcha kenek passen awa kiyala :rolleyes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    දැකපු අය ගොඩක් ඉන්නවා බන් අපෙ ජුනියර් බැජ් එකෙ මල්ලි කෙනෙකුත් දැකලා තිබ්බා:shocked: උ දවසක් විතර ගල් බමුනා වගෙ උඩ බලාගන හිටියා බය වෙච්ච පාර:baffled::baffled:
    මිනිහා දැකලා තියන්නෙ රැ1 ට විතර සුදු ඇදගත්ත ගැනු ලමයෙක් නිකන් පාවෙලා වගේ යනවා මූට එක පාරටම කරන්න දෙයක් හිතාගන්න බැරි වෙලා:no: පස්සෙ මිනිහා දුවල ගිහින් කාමරේට රිංගගන:(

    ඌට තිබ්බේ හිල්ඩා කුමාරි ලඟට ගිහින් පොඩ්ඩක් ආගිය තොරතුරු විමසන්න. :rolleyes::rolleyes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔන්න ඉතින් කාලෙකට පස්සේ තවත් අත්දැකීමක් බෙදා ගන්න හිතුනා.:Dසොරි වෙන්න ඕනේ රොබට් අයියා .......කාලෙකට පස්සේ ආවේ.කොහෙද වැඩත් එක්ක.අද ඇවිල්ලා ඉතින් ඔක්කොමගේම කතා කියෙව්වා.පට්ට කතා ටික. ඔන්න එහෙනම් තවත් අත්දැකීමක්.:shocked:

    මගේ තාත්තා ඒ කාලේ හිටිය හොදම වැඩ කාරයෙක්.ඒ කියන්නේ තාත්තා හැම වැඩක්ම වගේ දන්නවා.වඩු වැඩ,මේසන් වැඩ,ඉලෙක්ට්රික් වැඩ,යකඩ වැඩ වගේ එකී මෙකි නොකී හැම දෙයක්ම වගේ.එත් තාත්තා යකඩ වැඩ තමා රස්සාවක් හැටියට කලේ.:yes:තාත්තා අපිව ලොකු මහත් කළේ ඒ රස්සාවෙන් තමා.ඉතින් ඉස්සර තාත්තා හැමදාම වගේ වැඩ කරනවා.වැඩපලෙත්,වැඩපලෙන් පිටත්. වැඩකට පිටට ගියත් තනියම තමයි ගියේ.
    එක දවසක් නිවාඩු දවසක් සෙට් වුන මට.එදා තාත්තටත් වැඩක් තිබුන.ජනෙල වගයකට දැල් වගයක් අල්ලන්න.දවල් 3 ට විතර ඇති.තාත්තා යන්න බඩු ටික ලෑස්ති කරනවා.ඉස්සර මට තාත්තා එක්ක යන්න තියෙනවා කිව්වොත් ඊට වැඩ දෙයක් නෑ.තාත්තා එච්චර කැමති වුනේ නෑ මාව ගෙනියන්න.එත් අම්ම කිව්වා කොලුවා ගෙදර නිකන් ඉන්න එකේ ගෙනියන්න කියල.වැඩට යන්න ඒ කාලේ තාත්තට තිබුන පොඩි ත්රී විල් කට්ටක්.දැන් දෙන්නම නැගල ගියා.ඉතින් ගියේ කැලණිය පැත්තට. පොඩි පාරවල් වලින් හරවල හරවල ගියා.දැන්නම් ඉතින් කරකවල අත අරිය වගේ.:rolleyes::rolleyes:ගෙයක් තිබුණා benz කාර් එකක් නවත්තල තියෙන.:nerd:හැබැයි ගෙදරනම් මහා මුසල පාටක් තිබ්බේ.:baffled:තට්ටු දෙකක් තිබුණා.හැබැයි පරණ වලව්වක් වගේ.
    අපි ගියාම ටිකක් මැදි වයසේ ලංසි නෝනා කෙනෙක් ආවා.ආ ආවද එක හොදයි අපි අද රෑ London යන්න හිටියේ.හා හා වැඩේ ඉවර කරමු කියල එයා කියල ගෙට ගියා.තාත්තත් වැඩි කතා බහක් නැතුවම බඩුත් අරගෙන ඇතුලට ගියා.මත ඉතින් අඩුවක් මිටියක් උස්සන් පස්සෙන් ගියා.:Pගියේ උඩ තට්ටුවට.පොඩි බයක් එහෙම දැනුණා ඒ ගෙදර හැටියට.:baffled::baffled:එත් තාත්ත හිටිය හින්ද මන් උඩට ගියා.ඒ උඩ තට්ටුව නිකන් කිසිම තේරුමක් නැතිව හදපු එකක් වගේ.ඉඩ අඩුයි.මුලු වැඩියි.:confused:දවල් වුනත් මාර අන්ධකාරයක් තිබ්බේ.:baffled:
    කාමරේ කොනේ තව දොරක් තිබුණා.දොරක් කිව්වට උලුවහුව විතරයි.දොර රෙද්දක් දාල තිබ්බේ.එකේ මොනවද කියල ඉතින් බලන්න ගියේ නෑ. තාත්තා මොනාද අමතක වෙලා වාහනේ දාල ඇවිල්ලා.මගෙන් ඇහුව පුතා පල්ලෙහට එනවද කියල.මොන හේතුවක් හින්දද දන්නේ නෑ මන් කිව්වා ඉන්නම් කියල.වෙන වෙලවකටනම් මන් ඒ වගේ ඇහුවම පැනල යන්නේ.ඉතින් තාත්තා ගියා මන් තනි වුණා.:baffled:ඉතින් මන් වට පිට බල බල හිටිය.:shocked:එකපාරටම අර කාමරේ දොර රෙද්ද කවුරු හරි අතින් ඈත් කල වගේ ඉස්සිලා තිබුණා විනාඩියක් විතර.:shocked::shocked:හුලගක්වත් නෑ.දැන් මන් හොදටම බය වෙලා.කකුල් වෙව්ලනවා.පස්සේ එක පාරටම දොර රෙද්ද පල්ලෙහට වැටුන.මන් බය වෙලා දුවන්න හැරෙනකොටම තාත්තා පිටි පස්සේ.එයත් දැකල සිද්දිය.මට කිව්වා පහලට ගිහින් වාහනේට වෙලා ඉන්න කියල.එහෙමම පැය කලකට විතර පස්සේ තාත්තා ආවා.ගෙදර ඇවිල්ලා රෑ කද්දී තමයි අම්මටත් සිද්දිය කිව්වේ.ඒ නෝනගෙන් තාත්තා අහල.එයා තාත්තට කියල කිසි ගානක් නැතුව ආ ඔයත් අපේ තාත්තව දැක්කද කියල.:oo::baffled::shocked:

    මෙන්න මේකයි අතීත කතාව.ඒ නෝනගේ තාත්තා ලොකු මුදලාලි කෙනෙක්.දරුවන්ව රට යවල උගන්නල.දරුවෝ එහෙම සැටල් වෙලා.අම්ම මැරුණම තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ.ඊට පස්සේ දරුවෝ මෙයාව රට එක්කන් යන්න හදල.එත් මෙයා දේපල වලට ආසාවේ ගිහිල්ල නෑ.අම්ම මැරිලා අවුරුදු දෙකකට පස්සේ මෙයත් මැරිලා.දැන් ඉතින් ඒ ගෙදරම ඉන්නවලු.:baffled::baffled:ගොඩක් අය දැකල තියෙනවලු.ඉන්නවා කියලත් දන්නවලු.එත් කාටවත් කරදරයක් නෑලු.එයාගේ favouritema place එක අර කමරෙලු.අර කාමරේට යන එක තමයි මන් දැකල තියෙන්නේ.:baffled:තාත්තත් දැකපු හින්ද හොදට ගියා.ඔන්න ඕකයි කතාව.
    හොල්මන කෙසේ වෙතත් මාව එක්කන් යන්න කියපු අම්මම තාත්තට තහංචි දැම්ම මාව අරන් යන්න එපා කියල.:rolleyes::confused:
    :baffled::baffled::P
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මං කලින් දවසක කිව්වා මං පස්සේ ආත්මයක් ආපු කතාවක් කියනවා කියලා. ඒත් වැඩ අස්සේ ඒක කරන්න බැරි උනා. හැබැයි මං මුලින්ම කියනවා මේක බය හිතෙන කතාවක් නම් නෙමේ. ඔන්න එහෙනම් පටන් ගත්තා.

    මේ සිද්ධිය මට දැනෙන්න ගත්තේ මං 10 වසරේ විතර ඉද්දි. ඒ කාලේ මං ගෙයින් එලියට බහින ඕනම වෙලාවක අල තම්බද්දි එන ගඳ වගේ ගඳක් එන්න ගත්තා. හැබැයි මේක කවම දාවත් ගේ ඇතුලට ආවේ නෑ. මං කොහෙ හරි යන්න හැදුවත් ගෙඩර ඉදන් අඩි 10ක් විතර ගුරු පාරක් තියනවා ඒක ඉවර වෙනකන් ඔය ගද එනවා. මහ පාරට ගියහම ඒ ගඳ එන්නේ නෑ. මං කොහේ හරි ගිහින් එද්දිත් හරියටම ගුරු පාරට ඇතුලු උන තැන ඉදන් ඒ ගඳ එනවා ගේ ඇතුලට යනකන්ම. පවුලේ අය එක්ක කොහේ හරි ගිහින් ආවත් අපි වාහනෙන් බැහැපු ගමන් ඔය ගඳ එනවා. ඒක අනිත් අයටත් දැනෙනවා. හැබැයි මේ අල තම්බන ගඳ අනිත් අයත් දැනෙන්න මං එතන ඉන්න එක අනිවාර්ය උනා.(දැන් පුළුවන්නම් කියපල්ලා මගේ ගඳ කියලා. යකෝ මං හ්හැමදාම නාන මිනිහා.) කවුද ඉතින් ඔහොම එකක් ගනන් ගන්නේ. අපි හිතන්නේ ලඟ ගේක අල තම්බනවා කියලනේ.

    ඔහොම කාලයක් ගත වුනා. ඒ අතරේ මං එක පාරක් Bike එකනුත් වැටුනා. ඒක උනෙත හරි අමුතු විදියකට. යාළුවෙක් හම්බෙන්න හංදියට ගියේ. මං යද්දි ඌ හංදියට ඇවිත් හිටියා. මිනිහ දැකලා Slow කරල උගේ යද්දි එක පාරම Bike එක Accelerate උනා. ඒක උනේ මං දන්නේ නැතුවම. ඊට පස්සේ Bike එක නිකන්ම හැරුනා යාළුවා පැත්තට. දැන් Bike එක කෙලින්ම යන්නේ යාළුවා පැත්තට. කරගන්නම දෙයක් නැති තැන මං වැටෙන්නම ඇල කලා Bike එක. යාළුවා බේරුනා මං වැටිලා. ලොකූ තුවාල නොවුනත්. පොඩි තුවාල ගොඩාක් උනා. හොද වෙලාවට එදා පරණ අවුරුද්ද දවසක්. වැඩිය කට්ටිය නෑ පාරේ. නැත්නම් ලැජ්ජාවේ බෑනේ. කොහොම හරි ගෙදර ඇවිත් ඔහේ හිටියා.

    මට හොද වෙලත් ටික දවසක් ගියාට පස්සේ එක දවසක් සාස්තර කියන තැනකට අම්මගේ යාළුවෙක්ගේ තනියට අපේ අම්මත් ගියා. එයාගේ තනියට මමත් ගියා. අම්ම ඕවා වැඩිය විශ්වාස කරන්නේ නෑ. දැන අපි දේවාලේ ඇතුලට ගියා විතරයි ඇතුලේ හිටිය පොර ඔය ගැත්තා පස්සේ මල ගියා ආත්මයක එනවා. අපි හිතුවේ අම්මගේ යාළුවට කිව්වයි කියලා. බලද්දි කියලා තියෙන්නේ මට.

    මෙයා සාස්තර කියන්නේ ආත්මයක් ආරූඞ කරගෙන. ඒ ආත්මය ජීවිතේට මස් මාලු නොකාපු මැරිච්ච පූසාරි කෙනෙක්ලු. දැන් අර අම්මගෙ යාළුවා කැලේ මේකා අපේ ගෙදර යන හැටියි, ගෙදරයි විස්තර ඔක්කොම කියනවා. ඊට පස්සේ කිව්වා ලඟදි හිතාගන්න බැරි විදියට රිය අනතුරක් උනා නේද කියලා. කාලා වරෙන්කෝ. අපිත් ඉතින් ඔව් කිව්වා. ඊට පස්සේ තමා ඒ මගේ පස්සෙන් එන ආත්මය ගැන කියන්න ගත්තේ.

    ඒ ආත්මේ අවුරුදු සියගානක් පරණ ආතමයක්ලු. අපි ඉන්න ඉඩම ඇතුලු මුලු ඉඩම් යායම එයාගෙලු.(ඒ කාලේ තියෙන්නේ කෙලවර පෙන්නේ නැති තරම් ලොකු ඉඩම් නේ.) මෙයා ඒ ඉඩම් ගැන තන්හාවෙන් මැරිලා යක්ෂ ආත්මෙක ඉපදිලාලු. ඉක්මනට මොනවා හරි කලේ නැත්නම් මගේ ජීවිතේට උනත් අනතුරක් වෙන්න පුලුවන් කිව්ව. මගේ ලේ හොල්ලන්න බලාගෙනමයි ඉන්නේ කිව්වා. අපේ ගේ ඇතුලට නොඑන්නත් මං මෙච්චර කාලයක් හරි බේරෙන්නත් හේතුව මං හැමදාම බුදු පහන තියන එකයි කිව්වා.

    කොහොමින් හරි එයා කිව්වා එයාව එලවන්න බෑ. කරන්න පුලුවන් දේ තමා ශ්‍රී මහා බෝධිය ලඟට පින් ගන්න යවන එක කියලා. ඒ කට කරන දේවල් ගෙදර කරන්න බෑ කියලා අපේ වත්තේ අට කොනෙන් පස් අරන් එන්න දිනයක් කිව්වා. එදාට අපේ කාටවත් ගෙදර ඉන්න එපා කිව්වා. ඔන්න ඉතින් කිව්ව දවසේ පසුත් අරන් ගියා. පස් දේවාලේ ඉඩමේ අට කොනේ තියලා වැඩේ කරන් ගියා. කඩවර පූජාව එහෙම තියලා අර යක්ෂණියට පූජාවට තට්ටුවේ බඩු තිබ්බා. හැබැයි ඒ හැම දෙයක්ම මට කියල ඉඳුල් කරලා තමා තිබ්බේ. දැන් රෑ 12ට විතර ඇති. වෙනසක් දැනුනොත් කියන්න කියලා යක්ෂණී ගෙන්නන්න පටන් ගත්තා. මගේ ඉස්සරහ තමා දැන් තට්ටුව තියෙන්නේ. මෙන්න බං ටික වෙලාවක් යද්දි මට දැනෙනවා උරහිස උඩ මොකෙක් හරි ඉන්නවා වගේ එන්න එන්නම බර වැඩි වෙනවා. තව ටික වෙලාවක් යද්දි මට කොන්ද කෙලින් තියන් ඉන්න බැරි තරම් බර වැඩි උනා ගත්තා. මගේ අම්මා මාව හයියෙන් අල්ලන්. පැය භාගෙකින් විතර පස්සේ එක පාරම දේවාලේ පොර හරි දැන් බැහැලා කිව්ව තැනට පලයන් කිව්ව විතරයි එක පාරම උර හිසට දැනුන බර නැති උනා. පස්සේ අම්මල කිව්වා ඒ වෙලාවේ අම්මලට හෙල්ලෙන්නවත් බැරි වෙන්න අඟවල් හිර උනා වගේ උනා කියලා.

    කොහොම හරි වැඩේ ඉවර වෙද්දි පාන්දර තුනයි. එච්චර කල් ඕවා විශ්වාස කරපු නැති මම එදා ඉදන් නම් ඒවා විශ්වාස කලා. මං මුලින් කිව්ව වගේ මේකට බය හිතෙන්නේ නම් නෑ. ඒත් මං සිරාවටම අත් දැකපු දෙයක් මේක. අහ් තව එකක්. අර දේවාලේ පොර කිව්වා කඩවර දෙවියන්ට(වෙලාවකට යක්ශයෙක්) ඕනම යක්ශයෙක් යටයි කියලා. ඒකලු මේ වගේ වැඩ වලදි මුලින්ම උඩින්ම කඩවර දෙවියන්ට තට්ටුවක් තියන්නේ.
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ගැට කිඹුලා;12074443 said:
    මේකට දාන්න තිබ්බෙ පච කොටුව කියලා බන්:lol:

    වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්
    :yes::yes:
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    මං කලින් දවසක කිව්වා මං පස්සේ ආත්මයක් ආපු කතාවක් කියනවා කියලා. ඒත් වැඩ අස්සේ ඒක කරන්න බැරි උනා. හැබැයි මං මුලින්ම කියනවා මේක බය හිතෙන කතාවක් නම් නෙමේ. ඔන්න එහෙනම් පටන් ගත්තා.

    :D
    11.gif
    11.gif
     
    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    ගැට කිඹුලා;12074443 said:
    මේකට දාන්න තිබ්බෙ පච කොටුව කියලා බන්:lol:

    ගැටයෝ කට වහන් හිටපන්කෝ .......:angry::oo:
     
    aockandy

    Member
    Feb 11, 2012
    24
    1
    0
    මේක කෙරන්න නම් අනිවා 18 පිරෙන්න ඕනේ.තව බෑන්ක් account එකක් ඕනේ.ඇත්ත නමෙන්ම account හදාගන්න.ඕනේ අය ඉන්වනම් මේ ලින්ක් එක බලන්න.

    goo.gl/ntF1U

    virus spam මොකුත් නැ.බය නැතුව බලන්න.මම එහනම් ගියා.bye