ගුරුතුමිය පළමු ශ්‍රේණියේ ළමයින්ට කතාවක් කියමින් සිටියාය...
ඔන්න දරුවනේ දවසක් පුංචි ඌරු පැටියෙක් ගෙදරකට ගිහින් "අනේ මට ගෙයක් හදාගන්න පිදුරු ටිකක් දෙන්න " කියල ඒ ගෙදර හිටපු පුංචි ළමයෙකුගෙන් ඉල්ලුව .හොදයි කියන්න පුලුවන්ද ඒ ළමය මොකද්ද කිවේ කියල...
පන්තියේ එක ළමයෙක් ඇත එසවිය...
හොදයි සරත් කියන්න බලන්න
"අම්මේ අම්මේ මෙන්න ඌරු පැටියෙක් කතා කරනවෝ " කියල පුදුමයෙන් කියන්න ඇති...
*********************
ප්‍රශ්න සීයකට පිළිතුරු ලිවීම සදහා දෙන ලද ප්‍රශ්න පත්තරයකට රුපියල් 100 ක් අමුණ යටින් මෙසේ ලිය තිබිණ..
"අනේ සර් එක හරි උත්තරයකට රුපියල ගැනේ සර්ට තියෙනවා..මව පාස් කරන්න"
සතියකට පසු රුපියල් 94 ක ඉතුරු සල්ලිද සමග පිළිතුරු පත්‍රය නැවත ඒවා තිබුණි...
*********************
සිරිපාල එදාද පාසල් පැමිණියේ පැය බාගයක් පමා වීය..පන්තියට ඇතුළු වන විට ගුරුතුමිය ඔහු නතර කොට මෙසේ ඇසුවාය.
"මොකද අදත් පරක්කු"
"අනේ ටීචර් අපේ ඉස්කෝලේ ගාව වයසක සීය කෙනෙක් පාරේ එහා පැත්තට පන්නන්න ගිහින් පරක්කු වුනේ..."
"එක බොහොම හොද වැඩක්.. එත් ඇයි පැය භාගයක්ම පරක්කු වුනේ..."
"මේ... මේ ...ටීචර් ඒ සීය බෑම කිව්වනේ එහා පැත්තට යන්න.මම පුදුම වාදයකින් තම එහා පැත්තට ඇදගෙන ගියේ"
*********************
එදා ගණිතය පාඩමට උගන්වමින් සිටයේ දශම ගණන්ය..
"හොදයි නිමල් කියන්න බලන්න 110.7 , 89.4, 215.4 , 99.2 එකතු වුනාම උත්තරේ?"
"රේඩියෝ චැනල් "
*********************
පන්තියේ ගණිතය පාඩම උගන්වන වෙලාවයි..ගුරුතුමිය ආශාන්ගෙන් ප්‍රශ්නයක් ඇසුවාය...
"අපි හිතමු මිනිස්සු අට දෙනෙක් එකතු වෙලා අඩි විස්සක් දිග අඩි හයක් උස තාප්පයක් දවස් හයකින් හදල ඉවර කල කියල.ඒ වැඩේ කරන්න මිනිසුන් තුන් දෙනෙක්ට කොච්චර කාලයක් ගතවේවිද?"
"විනාඩියක් වත් යන්නේ නැනේ ටීචර්"
"මොනවා කොහොමද එහෙම වෙන්නේ"
"අර අට දෙන ඉවර කරපු තාප්පේ පස්සේ අපු තුන් දෙන මොනවා හදන්නද?"
*********************
භූ ගෝලය උගන්වන කාල පරිච්චේදයයි
"දුමින්ද මේ ලෝක සිතියමේ ඇමරිකාව පෙන්නන්න "
ගුරුතුමිය කිවේය..පන්තිය ඉදිරියට ආ දුමින්ද කළු ලෑල්ල අසල එල්ල තිබු ලෝක සිතියම මත ඇගිල්ල තබා නිවැරදිව ඇමරිකාව පෙන්වීය...
"හොදයි දැන් කමල් කියන්න පුලුවන්ද ඇමරිකාව හොයා ගත්තේ කව්ද කියල?"
"ඕක අහන්නත් දෙයක්ද ටීචර්..දැන් මුළු පන්තියම දැක්කනේ දුමින්ද ඇමරිකාව හොයාගන්නවා"
නිමි.



