උඹගේ අම්මා නේද ? මට පෙත්සම ගැහුවේ ?

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ෂික්..මහ කාලකන්නි ගුරුවරු ඉන්නෙ..මිනිස්සුන්ගෙ සල්ලි වලින් කකා මිනිස්සුන්ටම පාට් දානව🤮
     
    • Like
    Reactions: gamerlk

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113


    දශකයකට ඒහා ගිය සිද්දි දාමයක් ..මටත් මේ වගේම දෙයක් වුනා... මේ මගේ කතාව


    මම ගියේ ලංකාවේ ලොකුම කොලඹ ඉස්කෝලෙකට ,ඒ් ගියෙත් ශිෂ්‍යත්වේ පාස් වෙලා,
    මට මතකයි ඒ් කාලේ ඒ් මැඩම්ලා රු.499 ඇඩ්මිෂන් ෆී ඒක විතරයි ගත්තේ. පුදුම සතුටක් තිබුනේ. තාත්තා රු.500 ක් දුන්නට පස්සේ ඉතුරු රුපියලත් අපිට දුන්නා. මට හරිම සතුටුයි.

    මට කාලයක් යනකොට තමයි තේරුනේ පරණ ගමේ ඉස්කෝලෙ දාහෙන් සම්පතයි කියලා. ඉස්කෝලෙට ගිය පලවෙනි දවසේ මට කිව්වේ..පුතේ මේ ඉන්න ගුරුවරුන්ට "ටීචර් ටීචර්" කියන්න ඒපා..අද ඉදන් "මැඩම්" කියන්න පුරුදුවෙන්න කියලා..ඒදා ඉදන් මැඩම් තමයි.. අපරාදේ කියන්න බැහැ ..රත්තරන් මිස්ලා හිටියා..අපිට ගුණ ධර්ම පුරුදු කරපු. ඒ් හැමෝටම පට්ට ආදරෙයි අදටත්

    හත වසර කතාව

    කාලයක් ගියාම මම හත වසරට ගියා. සුදු පාට දිග කලිසමයි, ෂර්ට් ඒකයි ඇඳන් හිටපු සර් කෙනෙක් හිටියා. ඒයා තමයි විනය භාර ගුරුතුමා.ඒක්තරා දවසක් උදා වුනා. හදිසියේම ඒ සර් අපේ පන්තියට ආවා විදුලි වේගයකින්. පන්තියේ හිටිය නසරානි කොල්ලෙක් පන්තියේ නලාවක් හයියෙක් පිඹලා,ඒක පාරටම නලාව ටකස් ගාලා මගේ අතට දීලා මාරු වුනා.අන්තිමට සර් ආපුවම කෙලින්ම මාව බෙල්ලෙන් අල්ලගත්තා..මගේ ඔලුවට ගැහුවා හතර සැරයක් ,කනටත් ගැහුවා .ඒ් ගැහුව පාරට , කන් දෙක නිල් වුනා..තාම මතකයි..මට ඒ්ක සෑහෙන කම්පනයක් ...මම ඇඩුවා..සද්දේ අඩු කරලා..මම අඩ අඩ කිව්වා මම නෙමේ සර් ..මේක කලේ කියලා.

    ඒදා ඉදන් මම පන්තියට නෙමේ.., ඉස්කෝලෙට අඩිය තිබ්බමත් හදවතට දැනුනේ මාරම බයක්..කාලයක් ගියාම අපේ පන්තියේ පන්ති භාර නායකයා "අනුර කුමාර දිසානයක" වගේ පොරක්..මිනිහ‌ට ඔන උනේ මට සාධාරණයක් කර්න්න..මිනිහා සද්ද නැතුව ගිහින් කතාවේ ඇත්ත නැත්ත සර්ට හෙලිකලා...සර් ආපහු ඇවිත් අර ඇත්තට නලාව පිඹපු පොරට කන නිල් වෙන්න ගැහුවා..දැන් ගුටිකාපු ඒවුන් දෙන්නයි.. අඩුම තරමේ ඒ් ගුරුවරයා මගෙන් සමාව වත් ගත්තේ නැහැ...

    සමාව ගන්න වයසක් , තානාන්තරයක් අදාල නැහැ..ඒ්ක මහත්මා ගතියක්. මම විශ්වාස කරන්නේ ඒක. මම වැරැද්දක් කරලා වත් නැහැ.. මාර අහිංසක චරිතයක්.. නැත්නම් පන්ති නායකයාවත් මට ඒහෙම සාධාරණයක් ගොඩ නගයි කියලා හිතන්න බැහැ..

    ඒදා දවස අවසන් වෙලා ගෙදර ගියාමත් , අම්මට තේරුනා..කතන්දරය..මම කාටවත් ඒ් දේ කිව්වේ නැහැ..අදටත් ඒයාලා ඒ්ක දන්නේ නැහැ. කොටින්ම කිව්වොත් ඒ් දැනුනු බය මට අදටත් ඉස්කෝලේ යන කොට ඒනවා. මනෝවිදයාවේ ඒ දේවල් Disturbance Memory කියලා කියනවලු. අදටත් පිරිසක් , කට්ටියක් ඒක්ක ඉන්න කොට ඒ් බය තියනවා.

    දහය වසර

    මම දහය වසරට ගියා ,මම අවංකවම ආසයි ඉගෙන ගන්න..ඒ් කාලෝ මට මාර ඇම්මක් තිබ්බා,පන්තියේ බැරි වුන්ට උගන්න්න ..මම ඒකෙක් අල්ලාගන බලෙන් වගේ ඉගැන්වුවා..ගණිතය ...ඒ්ත් මම දන්න දේ උපරිමය කියලා දුන්නා

    එක්තරා දවසක්රී ඉංග්‍රීසි මිස් පන්තියට ඇවිත් මුලු පන්තියටම බැන්නා. බැනලා කිව්වා...මෙතන ඉන්න සමහරු මට පෙත්සම් ගහන උන්. දැන් සතුටු ඇති උන්ට. අපි බලාගමුකෝ...ඇය යන විටම මට ඇගිල්ල දික්කරලා ගියා...මාව තක්කු මුක්කු වුනා.අහක යන නයි.හැම ඒකෙක්ම මගේ රෙද්ද අස්සේ ඒන්න හදන්නේ..මට ඒහෙම හිතුනා..

    දවස ගානේ පන්තියේ මට වෙනස්කම් කලා, බැරිම තැන..මම ගියා මැඩම්ව හමුබුවෙන්න.ගිහින් කෙලින්ම කිව්වා..

    "මැඩම් මම කවදාවත් පෙත්සම් ගහලා නැහැ". ඇයි මට මෙහෙම කරන්නේ කියලා ඇහුවා?

    ඒදා මට ඇඩුනා, මොකද , මම කාටවත් පෙත්සම් ගහන්නේ නැතුව ඇයි මට ඒහෙම කලේ ? මටත් සාධාරනය අවශ්‍ය වුනේ 11 වසරෙදී. ඒදා මේ වගේ ස්මාර්ට් ෆෝන් තිබුනේ නැහැ. අපිට කතා කරන්නත් බැහැ.

    උඹගේ අම්මා නේද ? මට පෙත්සම ගැහුවේ ...ඉංග්‍රීසි මැඩම් මගෙන් ඒහෙම ඇහුවා
    හත්වලාමේ අපේ අම්මා....ඔව් අපේ අම්මා ටීචර් කෙනෙක්..මම කවදාවත් ඉස්කෝලේ කිසිම දෙයක් අම්මට කියන්නේ නැහැ. ඒ් නිසා .. මම දන්නවා මගේ අම්මා නිර්දෝශි කියලා. මම ඒහෙම කිව්වා...
    කෝකටත් මම ගෙදර ගිහිනුත් ඇහුවා මේ ගැන..අපේ අම්මා හාන්කවිසියක්වත් මේ ගැන දන්නේ නැහැ.

    හොයලා බලපුවම,ඉස්සර මම ගණන් උගන්වපු කොල්ලා හිනා වෙවී කිව්වා මරු කතාවක්..

    "මචං මම උඹේ නම දාලා ඉංග්‍රීසි මැඩම්ට පෙත්සමක් ගැහැව්වා. "
    " ඔකිව මට පේන්න බැහැ"

    මට පට්ටම අවුල් ඒදා..ඒ්ත් ඒහෙම කියපු ඒකත් හොඳට ගියා..නැත්නම් මට අද වෙනකන් දැනගන්න තිබුනේ නැහැ..ඒදා ඒ් දේ කවුරු කලාද කියලා..අද වනතුරුත්ම මම දන්නේ නැහැනේ.. ඒහෙම හිතලා හිත හදා ගත්තා

    දහතුන් වසර

    දැන් මම 13 වසරට ගියා, අපි වාණිජ කලේ . මම වැටුනේ නසරානි පන්තියකට , මට මතකයි අලුත් අවුරුද්දට අපි බුලත් අතයි..බිස්කට් ටින් කේක් පෙට්ටි ගෙනියනවා..

    අපේ අම්මත් ටීචර් කෙනෙක් කවදාවත් ඒයාට ළමයි කිසිම දෙයක් දීලා නැහැ . අලුත් අවුරුද්දට ...දීපු දේවලුත් ඒයාලා අතරේ බෙදලා දෙනවා..ලමයින්ම ගෙනලල්ලා ලමයින්ම කනවා..

    ඒ්කට අපේ ඉස්කෝලේ..කදු ගනන් බිස්කට් පෙට්ටි... කේක් පෙට්ටි...

    "අනේ මොකට මේවා ගෙනාවද කියලා"

    මැඩම් ඒ්වා ගෙදර අරන් යනවා...අවුරුද්දෙන් පස්සේ ලෙඩක් දායි කියන බයට ලමයි ගෙනත් දෙනවා.
    රාජ්‍ය සේවකයන්ට අල්ලස් දෙන්න පුරුදු කලේ අපිට ඉස්කෝලේ යන කාලේ , දෙම්පිය‌ෝ සහ ගුරුවරු.මම ඒ්ක බය නැතුව කියනවා. අපි ඒයාලට දෙන හොදම අල්ලස තමයි ..පොලවේ පය ගහලා ජීවත්වෙලා, රටට වැඩක් කරන මිනිහෙක් වෙන ඒක.

    ඒදත් ස්මාර්ට් ෆෝන් තිබ්බේ නෑහැ අපිට ..කොන්දකුත් තිබ්බේ නැහැ . උසස් පෙල විභාගය කිට්ටු වෙන් කොටම ලමයි ටිකකට විතරයි ඉගෙන්නුවේ අපේ ගුරුවරු...කැම්පස් යයි කියලා ටාගට් තියන අයට විතරයි ඉගෙන්නුවේ ...අනිත් ඒවුන් අතහැරලා දැම්මා..මම ඉස්සර සංගම් වල වැඩ කරනවා..ඉතින් මාවත් හලපු ලිස්ට් ඒකේ තිබ්බේ...උඹ මීඩියා කර කර ඉදපන් ..උඹට කැම්පස් යන්න ලැබෙයි කිව්වා..මට තාමත් මතකයි ඒ්ක..

    අවසාන වාර පරීක්ෂණයේදී අම්මාව ගෙනල්ලා, ජරා විදියට බැන්නා..ඔයාගේ පුතා මාර ගොනෙක් කිව්වා ! මාව ඉස්සරහ තියන් අම්මට පේන්න කිව්වේ .! අම්මා ඇඩුවා..ඒදත් මට කොන්දක් තිබ්බේ නැහැ..ස්මාර්ට් ෆෝන් නම් තිබ්බා ඒ කාලේ ,ඒ්කේ ස්විච් ඒක ඔබලා කැමරා කරන්න තරම් හියයක් ගටක් තිබ්බේ නැහැ. අද වගේ !

    අපිට.සියයට 80 තියෙන්න ඔන ඇඩ්මිෂන් දෙන්න ...කිව්වට හැමෝටම A/L ඇඩ්මිෂන් දුන්නා.. තනිකරම බොරුව ....ටියුෂන් ගිහින් ආතල් ඒකේ ඉගෙන ගත්ත උන්ටත් ඒදා ඇඩ්මිෂන් ලැබුනා..අපි ගෙබ්බයෝ වගේ Class කට් කරන් බයට ගියා ඉස්කෝලේ ...දැන් අපි හැමෝම ඒක බෝට්ටුවේ...සමහරු කැම්පස් ගියා ....

    අනික අපිට ඒකවුන්ටස් කරන්න දැම්මේ ආර්ට් ඒකේ ඉන්න සර් කෙනෙක්..ඒ් අසාධාරණකම් නිසා,අපි හුගක් ක්ලාස් ගියා...අන්තිමට ඇඩ්මිෂන් නැති වෙයි කියන බයට ඉස්කෝලේ ආවා...

    ඉස්කෝලෙන් අවුට් වුනා

    දැන් ඉස්කෝලෙන් අවුට් වුනා....ඒ්ත් අවුරුදු ගානක් ගිහින් ආපහු ඉස්කෝලේට ගියා..මොනව උනත් මගේ ඉස්කෝලේනේ...

    ගුරුවරු මොනව කරත්, ඒයාලා අපේ හොදටනේ කරන්නේ කියලා හිත හදාගන ,13 වසරේ පන්ති භාර ගුරුතුමිය ගාවට ගියා, ඒදා මම හීනෙකින්වත් හිතපු නැති දෙයක් වුනා...

    මගේ ආත්මය, ඇණ ගහලා බිත්තියට හේත්තු කලා.ඒදා ලමයි පන්තියේ 45 ක් විතර හිටියා..මාව ඉස්සර තියාගන මගේ පන්ති භාර ගුරුතුමිය මගේ චරිතය දිග ඇරියා..මම දැන් ඉන්නේ පන්තියේ හැමෝම ඉස්සරහ හිටගෙන.

    "මේ ඉන්‌නේ අහවලා..මෙයා ඉතින් ඒ්ලෙවල් මගේ පන්තියේ හිටියේ" ..වැඩක් කලේම නැහැ..
    " මීඩියා යුනිට් තමයි හිටියේ....ඉතින් කැම්පස් යන්න බැරි වුනා..."
    "හොද ජොබ් ඒකකුත් නැහැ ..."
    "දැන්වත් මොලේ පෑදිලා වැඩ කරන්න .මේ වගේ වෙන්නේ නැතුව"

    මට වැහි නැති හෙනයක් කඩන් වැටුනා වගේ ...මම බිම බලා ගත්තා..ඒදා දැනුන ලැජ්ජාව..මීට කලින් සමාජයේ කවදාවත්ම මට දැනිලා නැහැ ..

    මම ඒදායින් පස්සේ කවම කවදාවත් ඉස්කොලේ දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ...බස් ඒකේ යනකොට මට ඉස්කෝලේ පේනන ගන්වා..හැම දෙයක්ම මැවි මැවී පේනවා ,දරුවන්ගේ පර්සැනැලිටි ඒක අමු අමුවේ මරා දමන ගුරු ඝාතකයෝ අදටත් සමාජයේ ඉන්නවා.

    ඒත් තමන්ගේ අනන්‍යතාව හෙලා නොකර, තම වැටුප පවා කැප කරලා , දරුවන්ගේ අනාගතය ලස්සන කරන්න දගලන , ගුරු පියවරුත් , මව්වරුනුත් ඉන්නවා...හැමදේකම කලු සුදු දෙපැත්තක් තියනවා. මේ කලු පැත්ත විතරයි.

    ඒ් නිසා සුදු පැත්ත කවදාවත් ඉස්මතු වෙන්නේ නැහැ ..ඒ්ක තමයි ඇත්ත..ඒහෙමයි කියලා කලු පැත්ත පෙන්නන්නනේ නැතුවත් ඉන්න බැහැ .

    සාධාරණය ඉල්ලා , හැඩු කදුලින්, ලෝකයෙන් ඉල්ලන්නේ ඒකම දෙයයි...

    ඒ් ඉගෙනගන්න

    ස්මාර්ට් ෆොන් , ෆේස් බුක් ලයිව් නැත්නම් මේවා හැමදේම ගැඹුරු පාතාලයේ මියයන ජීවිත.

    දයාබර ගුරුවරුනි, මේ ඇස් ඇරෝපු තරුණයා සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙම හැරවුම් ලක්ෂයක්.

    - කතෘ අඥාතයි


    Synopsis: I'M A VICTIM !!!
     
    • Haha
    Reactions: Nidarshana_k

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Ohoma huttawal wenawa bun, maatth loku iskolekata giyaa scholarship pass welaa, kalin giyeth honda school ekakata.
    Mama sport ekak karaddi aluth iskole eake kollek ekka practice enne natuwa podi case ekak giyaa. Dannawane damaharu prefectship eka ganna boruwata practice ekawa sports wala. Oakata anam manam wela principal ape Mmata enna kiwwa. Ammata pattamala panala giye niwadu daala iskoleta yanna unu nisaa.
    Maawa office eken eliye thiya kattiya ammata hena deshanaawak denawa. Matath laawata ahenawa. Amma eka paararatama maa panala kiwwa, "dan mekata mata monawatada enna kiwwe? Oyagollo hari deyak karanna. Lamayawa sport eken hari an karanna. Oanenam liyumak liyala denna mama lamayawa iskolen hari ain karagannm kiyala. Mata yannam kiyamma giya. Mama sathiyak askole arila winaya bhaara ekaage office ekata gihin athsan karala yanna unaa.

    Kalin iskole honda eka kiwe eake hita 5wasare teacher apita iaskolen passe payak da dekak da igannuwa sathiyata dawasak da koheda. Satha pahak gatthe naa. Eawagen thamaa man goda giye. Wayasaka mis kenek. Patta.🙏
     
    • Like
    Reactions: siri_ayya

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපේ ඉස්කෝලෙ හිටියා සුපිරි ඩයල් දෙක තුනක්. හැබැයි සෙක්ශන් හෙඩ් එකා නම් අමුම චාටර් ඩයල් එකක්. ඌ ටියුශන් කාරයෙක්.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ අප්පච්චිට ඔහොම සීන් එකක් වෙලා නොකරපු වරදකට කණට ගහලා පන්තියෙන් එලියට දාලා... 1980 මුල් ගණන් වල ඒ ලෙවල් කාලේ. පන්තිය ඉවර වෙලා සර් එලියට එද්දි අප්පච්චි අත දිග ඇරලා උගේ කණට ගහලා. විනය පරික්ෂණයක් තියලා සති දෙකක් පන්ති තහනම් කරලා. ඊට පස්සේ මොකෙක්වත් හොයන්නේ බලන්නේ නැතිව ටෝක් කරන්නවත් ඇවිල්ලා නෑ. අප්පච්චි මටත් ඔය කතාව පොඩි කාලෙ ඉඳලා කිව්වේ උඹත් එහෙම හැදියන් කියලා. එච්චරයි. වැරද්ද වෙන තැන කට පියන් ඉන්න එපා, ගැහුවොත් අත දිග ඇරල ගහපන්.

    meka hoda advice ekak newey - (gahuwoth teacherta kiyanna, eth barinam principle ta kiyanna, gedara awilla kiyanna, e okkoma karala hari yanne nathnam react karanna)

    matat ohoma ape piya kiyala mama 1 wasren patan aran 11 wasarata enakan hama eka ekkama wali
    hamadama office eka issaraha guti kanawa. kollonta gahanawa
    mage yaluwongen 50% wada math ekka hoda na unta karapuwata hina wela dan hitiyath bokke pit ekak na
    me widiya continue karawanna epa
    adatat unge hith wala owa tiyenawa
    kollonge kan wala mal gahala oluwa wana wana sindu kiyanna natanna kiwwa
    mal walata ena mi masso aran shirt assen pitata danawa aninna
    rubber pati walin widinawa ekekge eye ekatat waduna
    payya eliyata aran ate gahanna kiyanawa salli uduragannawa unge kama eka kanawa
    kollo kollo fight karawanawa
    apoo ban patta chora dan matak weddi
     
    • Haha
    Reactions: Nidarshana_k