මනුස්සකම...

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
කතාව ටිකක් දිගයි තමයි... ඒත් පුළුවන්නම් කියවන්න....

මචන්ලා මම කියන්න යන්නේ මට ඊයේ පෙරේදා වෙච්ච සිරා සීන් එකක් ගැන.
මගේ යාලුවෙක්ගෙ කාර් එකක් අරගෙන මම පොඩි ගමනක් ගියා. ඒත් යන්න කලින් මගෙ යාලුවා කිව්වා කාර් එකේ පෙට්‍රල් අවුලක් තියෙනවා
පරිස්සමෙන් යන්න කියලා. (බාල පෙට්‍රල් වලට අහුවෙච්ච කාර් එකක්) මම ඒක වැඩිය හිතට ගන්නෙ නතුව මම මගේ ගමන ගියා. :):):)
මගේ වැඩේ කරගෙන ආයිත් යාලුවට කාර් එක දෙන්න, යාලුවගෙ ගෙදරට යන ගමනෙදි තමයි අමයතක කරපු පෙට්‍රල් අවුල සිද්ද උනේ. :eek:
කිව්වා වගේම පෙට්‍රල් නැතිව කාර් එක නැවතුනා. යාලුවගේ ගෙදරට කිලෝමීටර් 12ක් විතර යන්නත් තතියෙනවා.
ඒ වෙලාවට ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ හිතෙන දේවල්....:oo::baffled::eek::sorry::growl:
කරුමෙ කියන්නෙ ෆෝන් එකේ බැටරි බැහැලා ඕෆ්. පෙට්‍රල් ශෙඩ් එකට තව කිලෝමීටර් 8ක් විතර තියනවා කියලා මතකයකුත් තිබ්බා.
රෑ 11යි වෙලාව. බස් යන්නෙත් නෑ ඒ වෙලාවෙ. අනුන්ගෙ නිසා කාර් එක දාල යන්නත් බයයි. මම සුනාමියට අහුවෙලා වගේ පැය එකහාමාරක් විතර බලන් හිටියා.
වාහන දෙකක් ගියා. ඒ එක බූරුවෙක් වත් නැවැත්තුවේ නෑ.:growl::growl::growl:

නියම කතාව පටන් ගන්නේ මෙතන ඉඳන්.....
මම දැක්කා ඈත ත්‍රීවීල් එකක් එනවා. මොකක් හරි කරලා පෙට්‍රල් ශෙඩ් එකට යන්න නවත්තගන්න ඕන කියලා හිතා ගත්තා.
මාර සීන් එක කියන්නෙ මම නවත්තන්න කලින් ත්‍රී වීල් මෑන්ස්ම පාරට අයින් කරලා නවත්තලා මන් ගාවට ආවා. මම බය උනා.:shocked::shocked::shocked:
දැන් කාලෙ වෙන දේවල් ඇහුවම තේරෙනවනේ..........
මෑන්ස් මං ලගට ඇවිත් ඇහුවා "මහත්තයා මොකක්හරි අවුලක්ද කියලා". මම බය හංග ගෙන සීන් එක කිව්වා.
මෑන්ස් කිව්වා "මහත්තයා එහෙනම් කාර් එක ලග ඉන්න, මම ශෙඩ් එකට ගිහින් පෙට්‍රල් ටිකක් අරන් එන්නම් කියලා".
ඒ වගේ වෙලාවක එහෙම උදවුවක් ලැබුනම හිතෙන්නෙ මොනවද..... විශේෂයෙන් ත්‍රී වීල් එලවන මනුස්සයෙක්ගෙන්.
කිව්වා වගේම මනුස්සයා ගිහින් පෙට්‍රල් අරන් ආවා.
වෙලාවෙ හැටියට කරපු උපකාරෙට මම ගමන් වියදමත් එක්ක වැඩියෙන් මුදලක් දෙන්න හදනකොට
දන්නවද යාලුවනේ ඒ මනුස්සය කියපු කතාව......
"අනේ මහත්තයෝ, මම මේ අද දවසෙ ගාන හොයාගෙන ගෙදර යනකොට, කාර් එකත් තියාගෙන මහත්තයා මෙතන ඉන්නකොට හිතුන මහත්තයා
කරදරේක කියලා. ඒකයි නවත්තලා උදව්වක් කරලා යන්න ආවෙ. නැතුව මහත්තයගෙන් ගානක් කඩාගන්න අදහසකින් නෙමෙයි."
මට ඒ වචන හිතගන්න බෑ අදටත්......:oo::oo::oo:
වෙන මිනිහෙක් නම් දුන්න ගානට වැඩිය තව කීයක් හරි ඉල්ලයි. මම සල්ලි දෙන වෙලවේ ඒකත් හිතාගෙන හිටියේ.
ඒත් උදේ ඉදන් දවස පුරාම ත්‍රීවීල් එක එලවලා ලැබෙන ගාන ගැන තෘප්තිමත් වෙන මනුස්සයෙක්......:):):)
අපේ මිනිස්සු දෙන පඩිය මදී කියලා පාරවල් ගානෙ උද්ගෝෂන කරණ කාලෙක මෙහෙම කතාවක්....:nerd::nerd::nerd:
අපි කොච්චර ත්‍රීවීල් එලවන මිනිස්සුන්ට බ්නිනවද... ඒත් මෙහෙම මිනිස්සුත් ඉන්නවා කියලා මොහොතක් හිතුවද...?
මේ වගේ හිත හොද මිනිස්සු තව කොච්චර සමාජෙ ඇත්ද...
අදටත් මම එදා ඒ ත්‍රීවීල් මනුස්සයා කියපු කතාව ගැන හිතනවා.......

කියවලා නිකම්ම යන්න එපා. අනිත් අයටත් කියවන්න බම්ප් පාරකුයි, පුළුවන්නම් හිතට එන අදහස් කමෙන්ට වලට පෙරල්ලා යන්න.:):):)

Mr.Mafia

sapperjaya

Member
Feb 8, 2012
56
1
0
ඇත්ත තමයී මචං..ලංකාවෙ ගොඩක් මිනිස්සු කවදාවත් ලද දෙයීන් සැනසෙන්න දන්නෙ නෑ,තව ඉල්ලනවා.....
මටත් ඔහොම දේවල් වෙලා තියෙනවා....
කවදාවත් දැකලා නැති කතා කරලා නැති මිනිස්සු මම අමාරුවේ වැටුනම හිතා ගන්න බැරි විදියේ උදවු කරනවා....
මම නම් ඒ විශ්වාස කරන්නෙ දෙවිවරු කියලා.....මනුස්ස වෙස් අරන් ඇවිත් මට උදව් කරා කියලා....
මිනිස්සු තමයි දෙවිවරු වෙන්නෙත්,යක්කු වෙන්නෙත්..ඒ දෙක බවට පත් වෙන්නේ මිනිස්සු කරන දේවල් වලට අනුවයී.....
thaks 4 share this story with us....
:yes::yes::yes::yes:
 
ඔබගේ අදහස් වලට ස්තූතී යාළුවා...
 
madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    me wage kattiya machan rate godak innawa.api eyalata garu karanda one..eth hakiyawata adu padiyak deela thallu walin job walata giyapu un hakiyawath,sudusukamuth nathuwa wadi padi gannakota ekata wiruddawa picketing karana ayata banindath epa...e minissu kagahanne wiyadama dara ganda baruwa..

    bump.
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඇත්ත තමයී මචං..ලංකාවෙ ගොඩක් මිනිස්සු කවදාවත් ලද දෙයීන් සැනසෙන්න දන්නෙ නෑ,තව ඉල්ලනවා.....

    මෙන්න මේක තමා බං හෙනේ!!!!

    පාලකයාගේ ඉඳන් බහුතරය ඔහොම තමා!!!!

    :(:(:(

    වටිනා කතාවක් අපත් සමඟ බෙදාගත්තාට Mafia සහෝට ස්තූතියි!!!

    රෙප් දෙන්න බෑලූ!!!!

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    me wage kattiya machan rate godak innawa.api eyalata garu karanda one..eth hakiyawata adu padiyak deela thallu walin job walata giyapu un hakiyawath,sudusukamuth nathuwa wadi padi gannakota ekata wiruddawa picketing karana ayata banindath epa...e minissu kagahanne wiyadama dara ganda baruwa..

    bump.

    ඔව්.... පිළිගන්නවා ඒ කතාව...
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot

    මෙන්න මේක තමා බං හෙනේ!!!!

    පාලකයාගේ ඉඳන් බහුතරය ඔහොම තමා!!!!

    :(:(:(

    වටිනා කතාවක් අපත් සමඟ බෙදාගත්තාට Mafia සහෝට ස්තූතියි!!!

    රෙප් දෙන්න බෑලූ!!!!

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අපේ මිනිස්සු දෙන පඩිය මදී කියලා පාරවල් ගානෙ උද්ගෝෂන කරණ කාලෙක මෙහෙම කතාවක්....:nerd::nerd::nerd:

    හොද මිනිස්සු ඉන්නවා නැත්තේ නැහැ, ඒ වගේ මිනිස්සු දකින්නත් අපි පිං කරලා තියෙන්න ඕනේ,:yes: ඔක්කොමත් හරි මචන් ඔය උඩින් තියෙන ටික මට දිරෙව්වෙ නැහැ :no:
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    හොද මිනිස්සු ඉන්නවා නත්හේ නැහැ, ඒ වගේ මිනිස්සු දකින්නත් අපි පිං කරලා තියෙන්න ඕනේ,:yes: ඔක්කොමත් හරි මචන් ඔය උඩින් තියෙන ටික මට දිරෙව්වෙ නැහැ :no:

    මේ කතාව කිව්වේ ලොකු පඩි අරන් ඒත් පඩි මදී කියලා කෑ ගහන අයට.......