කතාව ටිකක් දිගයි තමයි... ඒත් පුළුවන්නම් කියවන්න....
මචන්ලා මම කියන්න යන්නේ මට ඊයේ පෙරේදා වෙච්ච සිරා සීන් එකක් ගැන.
මගේ යාලුවෙක්ගෙ කාර් එකක් අරගෙන මම පොඩි ගමනක් ගියා. ඒත් යන්න කලින් මගෙ යාලුවා කිව්වා කාර් එකේ පෙට්රල් අවුලක් තියෙනවා
පරිස්සමෙන් යන්න කියලා. (බාල පෙට්රල් වලට අහුවෙච්ච කාර් එකක්) මම ඒක වැඩිය හිතට ගන්නෙ නතුව මම මගේ ගමන ගියා.



මගේ වැඩේ කරගෙන ආයිත් යාලුවට කාර් එක දෙන්න, යාලුවගෙ ගෙදරට යන ගමනෙදි තමයි අමයතක කරපු පෙට්රල් අවුල සිද්ද උනේ.

කිව්වා වගේම පෙට්රල් නැතිව කාර් එක නැවතුනා. යාලුවගේ ගෙදරට කිලෝමීටර් 12ක් විතර යන්නත් තතියෙනවා.
ඒ වෙලාවට ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ හිතෙන දේවල්....





කරුමෙ කියන්නෙ ෆෝන් එකේ බැටරි බැහැලා ඕෆ්. පෙට්රල් ශෙඩ් එකට තව කිලෝමීටර් 8ක් විතර තියනවා කියලා මතකයකුත් තිබ්බා.
රෑ 11යි වෙලාව. බස් යන්නෙත් නෑ ඒ වෙලාවෙ. අනුන්ගෙ නිසා කාර් එක දාල යන්නත් බයයි. මම සුනාමියට අහුවෙලා වගේ පැය එකහාමාරක් විතර බලන් හිටියා.
වාහන දෙකක් ගියා. ඒ එක බූරුවෙක් වත් නැවැත්තුවේ නෑ.



නියම කතාව පටන් ගන්නේ මෙතන ඉඳන්.....
මම දැක්කා ඈත ත්රීවීල් එකක් එනවා. මොකක් හරි කරලා පෙට්රල් ශෙඩ් එකට යන්න නවත්තගන්න ඕන කියලා හිතා ගත්තා.
මාර සීන් එක කියන්නෙ මම නවත්තන්න කලින් ත්රී වීල් මෑන්ස්ම පාරට අයින් කරලා නවත්තලා මන් ගාවට ආවා. මම බය උනා.


දැන් කාලෙ වෙන දේවල් ඇහුවම තේරෙනවනේ..........
මෑන්ස් මං ලගට ඇවිත් ඇහුවා "මහත්තයා මොකක්හරි අවුලක්ද කියලා". මම බය හංග ගෙන සීන් එක කිව්වා.
මෑන්ස් කිව්වා "මහත්තයා එහෙනම් කාර් එක ලග ඉන්න, මම ශෙඩ් එකට ගිහින් පෙට්රල් ටිකක් අරන් එන්නම් කියලා".
ඒ වගේ වෙලාවක එහෙම උදවුවක් ලැබුනම හිතෙන්නෙ මොනවද..... විශේෂයෙන් ත්රී වීල් එලවන මනුස්සයෙක්ගෙන්.
කිව්වා වගේම මනුස්සයා ගිහින් පෙට්රල් අරන් ආවා.
වෙලාවෙ හැටියට කරපු උපකාරෙට මම ගමන් වියදමත් එක්ක වැඩියෙන් මුදලක් දෙන්න හදනකොට
දන්නවද යාලුවනේ ඒ මනුස්සය කියපු කතාව......
"අනේ මහත්තයෝ, මම මේ අද දවසෙ ගාන හොයාගෙන ගෙදර යනකොට, කාර් එකත් තියාගෙන මහත්තයා මෙතන ඉන්නකොට හිතුන මහත්තයා
කරදරේක කියලා. ඒකයි නවත්තලා උදව්වක් කරලා යන්න ආවෙ. නැතුව මහත්තයගෙන් ගානක් කඩාගන්න අදහසකින් නෙමෙයි."
මට ඒ වචන හිතගන්න බෑ අදටත්......



වෙන මිනිහෙක් නම් දුන්න ගානට වැඩිය තව කීයක් හරි ඉල්ලයි. මම සල්ලි දෙන වෙලවේ ඒකත් හිතාගෙන හිටියේ.
ඒත් උදේ ඉදන් දවස පුරාම ත්රීවීල් එක එලවලා ලැබෙන ගාන ගැන තෘප්තිමත් වෙන මනුස්සයෙක්......



අපේ මිනිස්සු දෙන පඩිය මදී කියලා පාරවල් ගානෙ උද්ගෝෂන කරණ කාලෙක මෙහෙම කතාවක්....



අපි කොච්චර ත්රීවීල් එලවන මිනිස්සුන්ට බ්නිනවද... ඒත් මෙහෙම මිනිස්සුත් ඉන්නවා කියලා මොහොතක් හිතුවද...?
මේ වගේ හිත හොද මිනිස්සු තව කොච්චර සමාජෙ ඇත්ද...
අදටත් මම එදා ඒ ත්රීවීල් මනුස්සයා කියපු කතාව ගැන හිතනවා.......
කියවලා නිකම්ම යන්න එපා. අනිත් අයටත් කියවන්න බම්ප් පාරකුයි, පුළුවන්නම් හිතට එන අදහස් කමෙන්ට වලට පෙරල්ලා යන්න.



Mr.Mafia

