වැව්~බැඳි~රජ~රටට~සවාරියක්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැව්~බැඳි~රජ~රටට~සවාරියක්

    වැව් බැඳි රාජ්‍යය කියන්න අනුරාධපුරයට. තවත් නමකින් කියනවා නම් රජරට. ඒ කියන්නේ රජවරුන් රජකළ රට. පසුගිය නිවාඩු දවසක මම රජරට සංචාරය කලා. රජරට ඉතිහාසය ගැන කියවෙන තවත් ත්‍රෙඩ් එකක නෙමෙයි මේ. කැමරාවේ සටහන් වෙච්ච පින්තූර කීපයක් එලකිරියත් එක්ක බෙදාගන්න හිතුනා. සෑහෙන දවසකින් තමා මේ පැත්තට ආවේ.

    :):):)

    මම නැවතිලා හිටියේ තඹුත්තේගම. තඹුත්තේගම තියෙනවා දුටුගැමුණු රජතුමා විසින් කරවපු පැරණි පන්සලක්.

    403044_10150646168686418_603146417_11256139_1692754730_n.jpg


    පන්සලේ නම නල්ලඋලච්චිය රාජ මහා විහාරය. නල්ලඋලච්චිය ගලේ පන්සල කියලා තමා ගැමියෝ කියන්නේ. පන්සලේ තියෙන විශාල ගල් පර්වතයක් නිසා තමා ඒ නම ඇවිදින් තියෙන්නේ.
    මේ පන්සල සම්බන්ධ පුරාවෘත්තයක් තියෙනවා. දුටුගැමුණු රජතුමා එක්තරා අවස්ථාවක අනුරාධපුර සටනේදී පසු බසින අවස්ථාවකදී මේ ගල්තලාව අසල සිටිය "නල්ල" කියන දෙමළ මනුස්සයෙක්, පලා යන රජතුමාට උසුළු විසුළු කරලා තියෙනවා. මේ බව මතකයේ තබාගත් දුටුගැමුණු රජතුමා යුද්ධයෙන් දිනලා ඇවිදින් මේ නල්ල කියන පුද්ගලයා මේ ගල්තලාවේ උල තියලා තියෙනවා. ඉන් පසුව දුටුගැමුණු රජතුමා විසින්ම මේ ස්ථානයේ පන්සලක් කරවලා තියෙනවා. නල්ල උල තියපු පන්සල නල්ලඋලච්චිය පන්සල විදියට නම් කරලා තියෙනවා. ඉතා පැරණි බුදු මැදුරක් පන්සලේ පිහිටලා තියෙනවා. ඒ බුදුමැදුර ඉතා හාස්කම් සහිත එකක් බව මට දැන ගන්නට ලැබුනා.

    මේ තියෙන්නේ පර්වතය උඩට පන්සල පේන විදියයි.
    417417_10150646167451418_603146417_11256133_1054121056_n.jpg


    ඔය පින්තූරය මැද තියෙන්නේ පැරණි බුදු මැදුර. ඒ ඉපැරණු බුදු මැදුර තුල ඡායාරූප ගැනීමට මට හැකියාවක් ලැබුනේ නෑ.
    නල්ලඋලච්චිය පන්සලේ පැරණි වෙහෙර වහන්සේ පර්වතය උඩට පේන්නේ මෙහෙමයි.

    424801_10150646166951418_603146417_11256129_1942778579_n.jpg


    රජරට සාරවත් කෙත්වතු. දකිනකොට මතක් වෙන්නේ බාර්න් බඩී...
    427004_10150646167911418_603146417_11256137_774439720_n.jpg


    ඈතට විහිදී යන තුරුලතා
    420928_10150646168476418_603146417_11256138_1271834525_n.jpg


    ඔයාලා කාටහරි මේ ඉපැරණි හාස්කම් සහිත සිද්ධස්ථානය වැඳපුදා ගන්නට යන්න අවශ්‍ය නම්, බස් රියේ හෝ දුම්රියේ තඹුත්තේගමට යන්න. බස් එකේ යනවා නම් තඹුත්තේගම ඔරලෝසු කණුව ගාවින් තියෙන රැජින මාවතේ කිලෝ මීටර කීපයක් ගිය තැන කොත්මල්පුර හන්දිය හම්බවෙනවා. කොත්මල්පුර හන්දියෙන් එප්පාවල පැත්තට, ඒ කියන්නේ වම් පැත්තට හැරිලා යන්න ඕන. කිලෝමීටරයක් විතර ගියාම නල්ලච්චිය වැව හම්බ වෙනවා. වැව කෙරවලවෙන තැන තමා නල්ලඋලච්චිය පන්සල පිහිටලා තියෙන්නේ.

    කොහොම හරි මගේ සංචාරයේ ඊලඟ දවස ගෙවුනේ අනුරාධපුර පූජානගරයේ සංචාරය කරන්නටයි. පූජා නගරයේ අටමස්ථාන ගැන අනන්තවත් ත්‍රෙඩ් එලකිරියේ පෝස්ට් වෙලා ඇති. ඒ නිසා ඒ ගැන වැඩි විස්ථරයක් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ජායාරූප කීපයක් ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා.

    හැමෝම වගේ අපිත් මුලින්ම ජය සිරිමහා බෝ සමිඳු වැඳපුදා ගන්නයි ගියේ.
    166949_10150646170566418_603146417_11256146_537664158_n.jpg


    431145_10150646171076418_603146417_11256147_1667096339_n.jpg


    393978_10150646171866418_603146417_11256149_2085319496_n.jpg


    පහන්වැට
    419399_10150646172036418_603146417_11256150_737786899_n.jpg


    මෙයා මෙතන ඕප දූප හොයනවා.
    426717_10150646172196418_603146417_11256151_1006027263_n.jpg


    ධම්ම සාකච්ඡා
    420104_10150646172476418_603146417_11256152_1067222478_n.jpg


    ලෝවාමහාපාය
    429133_10150646172791418_603146417_11256154_721302864_n.jpg


    කවුරු හැදුවත් මේක දැන් අපේ.
    424520_10150646173191418_603146417_11256156_1837787565_n.jpg


    ඉස්සරහට ඇවිදගෙන යනකොට රුවන්වැලිසෑය පේන්න ගත්තා.
    395646_10150646175316418_603146417_11256164_692099976_n.jpg


    422680_10150646173366418_603146417_11256157_203807925_n.jpg


    423719_10150646173476418_603146417_11256158_10116457_n.jpg


    421493_10150646176446418_603146417_11256168_811827264_n.jpg


    රුවන්වැලි මහා සෑය.

    407518_10150646175786418_603146417_11256166_486803609_n.jpg


    සෑයේ වාහල්කඩ
    417418_10150646177296418_603146417_11256171_368377669_n.jpg


    427341_10150646177046418_603146417_11256170_482550058_n.jpg


    අපේ ඊලඟ නැවතුම උනේ ලංකාරාමය
    420767_10150646163281418_603146417_11256110_732221795_n.jpg


    ඊට පස්සේ මිරිසවැටියට
    421975_10150646165216418_603146417_11256119_1876658047_n.jpg


    මෙයාගේ වැඩේ නෙලුම් මල් කන එක.
    421642_10150646164006418_603146417_11256114_2132935364_n.jpg


    මිරිසවැටියේ පැරණි ගඩොල් බිත්ති.
    430787_10150646164836418_603146417_11256118_1379082294_n.jpg


    423643_10150646164421418_603146417_11256116_1310951937_n.jpg


    ඕලු, නෙළුම් මාර විදියට මාර්කට්. මලක් 10යි.
    :baffled::baffled::baffled:
    421487_10150646169631418_603146417_11256143_282314686_n.jpg


    427046_10150646169921418_603146417_11256144_2073557893_n.jpg


    අපි ඊගාවට ගියේ ථූපාරාමයට
    397046_10150646163546418_603146417_11256111_2038428840_n.jpg


    ඒ අතරේ වඳුරු පවුලක්. වන් හැපී ෆැමිලි..
    417979_10150646174306418_603146417_11256161_184378646_n.jpg


    එතනින් අපි ගියේ කුට්ටම් පොකුණ, සඳකඩපහන, සමාධි පිළිමය බලන්නයි.
    421698_10150646182541418_603146417_11256193_656693397_n.jpg


    ලෝ ප්‍රකට අනුරාධපුර සඳකඩපහන.
    407341_10150646184656418_603146417_11256201_267357822_n.jpg


    සමාධි පිළිමය.
    431108_10150646182941418_603146417_11256195_558905030_n.jpg


    422614_10150646182726418_2112756292_n.jpg


    ඈතින් පේන්නේ ජේතවනාරාමය.
    425433_10150646177946418_603146417_11256174_1325103061_n.jpg


    ලඟටම ගියා.
    428227_10150646178316418_603146417_11256177_847053149_n.jpg


    ඉපැරණි බුදු මැදුර.
    395213_10150646178846418_603146417_11256180_181776037_n.jpg


    422876_10150646179251418_603146417_11256182_972075353_n.jpg


    දැවැන්ත වාහල්කඩ
    424526_10150646179511418_153464284_n.jpg


    කුසුමට ලංවී රොන් ගන්නා
    418126_10150646175551418_603146417_11256165_824356385_n.jpg


    426556_10150646180246418_603146417_11256186_1353617827_n.jpg


    රුවන්වැලි සෑ රජුන්ගේ සුවිසල් කොත් කැරැල්ල
    426399_10150646180481418_603146417_11256187_1805227944_n.jpg


    සිල් මෑණියෝ
    418220_10150646181226418_603146417_11256191_1822868532_n.jpg


    අභයගිරියට තමා ඊලඟට..
    425472_10150646183596418_603146417_11256198_1009059388_n.jpg


    422227_10150646184221418_603146417_11256200_619937162_n.jpg


    පැරණි ගල් කැටයම්
    423799_10150646183981418_603146417_11256199_364244376_n.jpg


    පට්ට බඩගිනියි.. කන්න මොකුත් බලමු...
    395194_10150646174871418_603146417_11256162_889631959_n.jpg


    අවසානයට ගියේ ඉසුරුමුණියට
    398457_10150646166601418_603146417_11256126_1891203721_n.jpg


    427555_10150646165406418_603146417_11256120_651570125_n.jpg


    ලෝ ප්‍රකට පෙම් යුවල
    423777_10150646165671418_881370657_n.jpg


    සුප්‍රසිද්ධ ඉසුරුමුණියේ ගල් කැටයම්.

    401178_10150646166426418_603146417_11256125_423124430_n.jpg


    430102_10150646166151418_603146417_11256124_1400694120_n.jpg


    මගේ සංචාරයේ දවෙනි දවස එහෙමයි අවසන් උනේ.

    මේ සලකුණ මොකද්ද කියලා අපි හැමෝම දන්නවා.
    406468_10150646187311418_603146417_11256214_2122505014_n.jpg

    ඔය පිටිපස්සෙන් තියෙන්නේ මහවැලියෙන් පෝශනය වෙන තඹුත්තේගම සුවිසල් වෙල් යායක්.

    ගාමිනි දිසානායක කියන්නේ මම ගොඩාක් ගරුකරන පුද්ගලයෙක්. ඒ වගේම තවමත් කොත්මලේ වගේම මහවැලියෙන් ගොවිතැන් කරලා ජීවත් වෙන හැම කෙනෙක්ම ඉතාමත් ගරුකරන පුද්ගලයෙක්.

    එතුමාට වගේම මේ මහවැලි ලාංඡනයටත් මම ගොඩාක් ගරු කරනවා.
    409001_10150646186086418_603146417_11256205_380207193_n.jpg


    මහවැලියෙන් පෝශනය වෙන සුවිසල් වෙල් යාය පැනොරාම ඇසින්.
    428082_10150646166706418_603146417_11256127_898858110_n.jpg


    430942_10150646186521418_603146417_11256208_939819105_n.jpg


    409025_10150646189871418_603146417_11256231_387058749_n.jpg


    කුඹුක්
    420548_10150646190336418_603146417_11256233_1140352659_n.jpg


    අවසානයේ කැමරාවේ සටහන් වෙච්ච ජායාරූප කීපයක් එකතු කරන්නම්.

    420988_10150646168846418_603146417_11256140_1974589145_n.jpg


    431029_10150646191086418_603146417_11256237_665413425_n.jpg


    424243_10150646191801418_603146417_11256242_304674412_n.jpg


    430237_10150646192101418_603146417_11256244_1146844418_n.jpg


    407344_10150646191366418_603146417_11256240_1639368922_n.jpg


    427632_10150646185056418_603146417_11256202_801272416_n.jpg


    430237_10150646192101418_603146417_11256244_1146844418_n.jpg



    මේ තියෙන්නේ නල්ලච්චිය වැව.
    මගේ සංචාරය අවසාන උනේ මෙහෙමයි.

    417168_10150646192986418_603146417_11256250_755824322_n.jpg



     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ෆට්ට මචන් නියමයි
    රෙප් පසුවට 24 යනකම් ඉන්නලු
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නියමයි ලොක්ක
    කාලෙකට පස්සෙ එළකිරි එකට ඇවිල්ල තියෙන්නෙ :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් අනුරාධපුරේ මේ තැන් සියසින් දැකල තියෙනවා
    අපේ මුතුන් මිත්තන්ගෙ විශ්මකර්ම ඉදිකිරීම්
    මනාවට හෙළි වෙනව මේව බලද්දි
    කලින් දැකල තිබ්බත්
    අප සමග සිහිවටනයක් ලෙස බෙදාගත් ඔබට ස්තුතී
    තවත් හොද සංචාරයකට ශක්තිය ලැබේවා
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි මචං
    කලාත්මක පින්තූර ටිකක් තියෙනවා:yes::yes:
    ඒත් එලකිරි ජනතාව උඹෙන් බලාපොරොත්තු වුනේ බැටා කෝච්චි ටුවර් එක:D:D
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Hi Perera.

    Really Superb work. Sri Lankan tourist website wala wath mechara lassana pictures nehe.

    well done work.

    ekak ahanna one. "Kawru hethuwath meka den ape" kiyala pinthoorayak thiyenawa. ey mokaktha?
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    428145_3014635078115_1029705657_32409033_916334308_n.jpg



    මමත් පොඩි ටුවර් එකක් ගියා. ඒ පොටෝ ටිකත් දාන්නම්කෝ....!

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පට්ට
    මොකේද ට්‍රැවල් කරේ?
    මාත් ටික කාලෙකට කලින් ට්‍රේන් එකේ ගිහින් එහෙ නැවතිලා බයික් කට්ටක් හොයන් මුලු අනුරාධපුරේම ඇවිද්දා
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    වෑවයි දාගෑබයි ගමයි පන්සලයි. කොච්චර සුන්දරද..නිදහස්ද.. සෑහෑල්ලුද. මේ මහා කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදිලා රජරට ගෑමියෙක් වෙලා ආගම දහමත් එක්ක ජීවත් වෙන්න තිබ්බා නම්, පාන්දර ඉරත් එක්ක ඈහෑරිලා දුම්දාන කහට කෝප්පයක් බීලා හේනේ කුබුරේ වෑඩට යන්න තිබ්බානම්, හවස ඉර බෑහෑගෙන යන වෙලාවට වෑවු කන්ඩිය අයිනේ කඩ පිලේ වාඩිවෙලා හකුරු කෑල්ලක් එක්ක බෙලිමල් උගුරක් බොන්න තිබ්බා නම්.. ගොම්මන් වෙනකොට පෑලට ගිහින් රජරට සේවයේ පිරිත් අහගෙන නින්දට යන්න තිබ්බානම්.. මා කෙතරම් වාසනාවන්තද