දරුවා කාගේද?

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels


දරුවා කාගේද?

“ඇයි රොෂාන් උඹේ මූණ මැළවිලා? ඇයි මොකක්වත් කරදරයක් වත්ද?” චමිල ඇසුවේ තම මිතුරු රොෂාන් හමුවීම සඳහා ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට ගොඩ වූ අවස්ථාවේදී ය.

“එහෙම දෙයක් තමයි බං. මං තාත්තා කෙනෙක් වෙන්ඩයි යන්නෙ.” රොෂාන් පිළිතුරු දුන්නේ ද පසුතැවීම පිරුණු බිඳුණු හඬකිනි.

“උඹ මාර බඩුවක් නෙ. යකෝ උඹ සන්තෝස වෙන්ඩ ඕන එකේ මොකද මේ මූණ එල්ලගෙන? චමිල කීවේ සිනාසෙමිනි.

“තාම කුමාරි ඒක දන්නෙ නෑ බං” රොෂාන් පිළිතුරු දුන්නේ තම බිරිඳ ඒ කිට්ටුව සිටින්නාක් මෙන් වටපිට බලමින් හෙයිනි.
:sorry:
:sorry:
:sorry:



විසඳුම

ඈ බං සෝමවතී, උඹ අද තවත් ජෝග්ගුවක් කඩලා නේද?’ කුස්සියට ආ දීපානි ඇසුවේ අතුගාමින් සිටි මෙහෙකාරිය දෙස රවා බලමිනි.

’කමක් නෑ නෝනා, ඒකෙ අලාබෙ මගෙ පඩියෙන් කපා ගන්න.’ හිතුවක්කාර ගැහැනියක වන සෝමාවති තම ස්වාමි දුව දෙස නොබලාම කීවාය.

’උඹට මාසෙකට ගෙවන්නෙ රුපියල් හත්සිය පනහයි. ඔය ජෝග්ගුව මහත්තයා පිටරට ඉඳලා ගෙනා එකක්. ඒක රුපියල් දාහකට වඩා වටිනවා.’ දීපානි තරහින් කීවාය.

’ඉතින් නෝනා, මගෙ පඩිය එක්දාස් පන්සීයක් කරලා ඒකෙන් ජෝග්ගුවේ අලාබෙ කපා ගන්නකො. ඉවරයිනෙ.’ සෝමාවතී කීවාය.
:cool:
:cool:
:cool:



දෙවියන් අයැදීම

අයෝමා තම පුතාගේ කාමරය අසලින් යන විට පුතාගේ හඬ ඇසී කාමරයට එබිකම් කළ විට දක්නට ලැබුණේ කතරගම දෙවියන් ඉදිරියේ වැද වැටී මොනවාදෝ මුමුණන තම පුත්‍රයායි’.

‘අනේ දෙවියනේ නේපල්ස් නගරය ඉතාලියේ අගනුවර කරන්න’ මේ විදියට කිහිප සැරයක් කියමින් දොඩවන තම පුත්‍රයා අසලට ගිය අයෝමා,

“මොකක්ද පුතේ ප්‍රශ්නය” යි ඇසුවාය.

“අනේ අම්මා මම ඊයේ ටෙස්ට් එකට ලිව්වේ ඉතාලියේ අගනුවර නේපල්ස් කියලයි’ ඒක එහෙම වෙන්න කියලා මම දෙයියංගෙන් ඉල්ලුවා” යි දරුවා කීවේය.
:nerd:
:nerd:
:nerd:



ඌ කන්නෙම පලතුරුනෙ

ඉරිදා පොළට ගිය පියදාස ගෙදර ආවේ එළවළු, මස්, මාළුවලට අමතරව හොඳින් ඉඳුණු ලොකු පැපොල් ගෙඩියක් ද රැගෙනය.

දිවා ආහාරයෙන් පසු ළදරු වියේ පසුවූ තම පුත් මංජුල පැපොල් තීරුවක් අනුභව කිරීම ප්‍රතික්‍ෂෙප කරනවා දුටු හෙතෙම පුතු හට මෙසේ කීවේය.

පුතා, කෑම කාලා හැමදාම පලතුරක් කන්න ඕනෙ. විශේෂයෙන් පැපොල්. අනික ඉදුණු පැපොල් හරිම රසයි. ඒ වගේම ගුණයි. පුතා දන්නවද පලතුරු කෑවාම ඇඟපත රන්වන් පාට වෙනවයි කියල.

මොන බොරුද තාත්තෙ. වවුලො කන්නෙම පලතුරු නේ. ඒත් එක වවුලෙක් ඉන්නවද රත්තරන් පාට? පුතා පිළිතුරු දුන්නේය.
:baffled:
:baffled:
:baffled:



ලියුම් ලැබෙන පිළිවෙළ

මාටින් පොලීසියට ගියේ තම අල්ලපු ගෙදර පදිංචි ජේමිස්ට විරුද්ධව පැමිණිල්ලක් කිරීමටය. ඔහුගේ පැමිණිල්ල සටහන් කර ගැනීමට සැරසුණු පොලිස් නිලධාරියා ඔහු දෙස බලා මෙසේ කීය.

කියනවා බලන්ඩ තමුන්ට ලියුං ලැබෙන පිළිවෙළ?

තමුන්නාන්සෙලට ලැබෙන පිළිවෙළටම තමයි. පියුං මහත්තයා ගෙදරටම ගෙනත් දෙනවා. මාටින් බයාදු ලෙස සිනාසෙමින් පිළිතුරු දුන්නේ ය.
;)
;)
;)



එයා එල්ලිලා

අම්මේ මගෙ අතින් වහලෙට හේත්තු කරලා තිබුණු ඉණිමඟ පෙරළුණා. ඉක්මනට ඇවිත් ඒක කෙළින් කරලා දෙනවද? තම කුඩා පුතු කෑ ගසා කියනවා චාන්දනීට ඇසුණි. ඈ සිටියේ දිවා ආහාරය පිළියෙල කරමිනි.

මම කුස්සියෙ වැඩක් පුතා. තාත්තට කියන්නකො ඒක කෙළින් කරන්න කියල. චාන්දනී සිටි තැනම සිට උස් හඬින් කීවාය.

තාත්තට ඒක කරන්න බැහැ අම්මේ. එයා ඉන්නෙ වහලෙ එල්ලිලා. පුතා පිළිතුරු දුන්නේය.
:eek:
:eek:
:eek:



මේ අපේ තාත්තා

චරිත්ට දවසක් දා පාසල් යන්ඩම බෑ කියල හිතුණා. පන්ති භාර ජයසිංහ ටීචර් නියම කළ ගෙදර වැඩ ඔහු සම්පූර්ණ කරලා තිබුණෙත් නැහැ. කාගෙන් බේරුණත් ජයසිංහ ටීචර් ගෙන් බේරෙන එක බොරු. මඳක් කල්පනා කළ චරිත් විදුහලේ දුරකථන අංකයට කතා කළා.

“හලෝ, හය ‘බී’ පන්තියේ චරිත්ට අද සනීප මදි. ඒ හින්දා එයාට අද ඉස්කෝලෙට එන්න පුළුවන් කමක් නැහැ. කරුණා කරලා මේ පනිවුඩේ හය ‘බී’ පන්තියේ ජයසිංහ ටීචර් ට දෙනවද?’ චරිත් ටිකක් බැරෑරුම් හඬක් ආරූඪ කරගෙන කිව්වා.

අහම්බෙන් වගෙ ටෙලිෆෝනයේ අනික් කොනේ හිටියේ ජයසිංහ ටීචර්. “කවුද ඔය කතා කරන්නෙ” ජයසිංහ ටීචර් සැකෙන් ඇහැව්වා.

“මේ අපේ තාත්තා කතා කරන්නෙ” චරිත් කිව්වා.
:oo:
:oo:
:oo:




රීපෝස්ට් නම් සොරිවෙන්න ඕන.
දැකලා තියනවනම් දැකල නැති අයට බලන්න බම්ප් එකක් වත් දෙනවලු නේ.
:rolleyes:
පුලුවන්නම් අර උඩින් දකුනු පැත්තේ තියන KARMA ඔබල කම්මෙන්ට් එකක් දෙන්න.
;)

 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට සිදුවීම් නෙ බොල
    මම මේවා අදමය් දැක්කෙ
    තව මේ වගේ සෙට් එකක් ලැබුනොත් අනිව මතක් කරල අපි එක්ක බෙදා ගනින්
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පට්ට සිදුවීම් නෙ බොල
    මම මේවා අදමය් දැක්කෙ
    තව මේ වගේ සෙට් එකක් ලැබුනොත් අනිව මතක් කරල අපි එක්ක බෙදා ගනින්
    set unoth aniwaryen dannam