මහසොහොන් බලකාය | Mahasohon Balakaya

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
317870_10150345016609193_48628770_n.jpg
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අපිට අමතක අපේ ඉතිහාසයෙන් බිදක්.....

දිනක් අපේ කුංකුණාවේ හිමිට උපාසිකාවකගෙන් ලැබුණේ පැදුරකි. පැදුර පිළිගත් එහිමි පැදුර ආනෙහි තැබූහ. ගතවූයේ දින කීපයකි. පැදුර එළියට ගත් හිමිට දැකගන්නට ලැබුණේ පැදුර පාවිච්චියට ගත නොහැකි තරමට මීයන් කා දමා ඇති සැටියකි. තරහ උපන් හිමි, මීයාට වස් කවියක් කීවේ මෙසේලු.

’මද මත් රූසිරි අඟනක් දුන්නා
පැදුර ගෙනැත් තැබුවෙමි ආනේ
බැඳගත් වාදෝ දෝ මට නොදැනේ
මීයා පැදුරට කළ මානේ”

”තෙදවත් දේවත බණ්ඩර සුරිඳුට
කවියක් කියනෙමි මේ මානේ
අදවත් මීයගෙ තල්ල කඩාගෙන
පලයන් නින්නාදේ පුනේ”

වස් කවිය කියා හමාර වූ සැණින් පැදුරු ආනට කොහේදෝ සිට දිව ආ බළලකු එහි ලැග සිටි මීයන් දෙතුන් දෙනාම කා දැමුවේලු.​
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අපිට අමතක අපේ ඉතිහාසයෙන් බිදක්....

උන්වහන්සේගේ ස්වභාවය නොරිස්සූ අයද වූහ. හතර කෝරළේ ලෙව්කේ දිසාවේ ද මින් එක් අයෙකි. “කුංකුණාවේට මං අඹරන්නංකො හොඳ මට්ටුවක්. මේ ලෙව්කේ දිසාවෙ කවුද කියලා” ලෙව්කේ දිසාව කී කතාවකි ඒ.

දිනක් හෙතෙම සිය මැදුරෙහි සාංඝික දානයක් පිළිවෙළ කළේ ය. ඊට කුංකුණාවේ හිමියන්ට ද ආරාධනය කළේ ය. එහිමි ද වැඩියහ. එහිමි බලවත් අපහසුතාවයකට පත් කරවීම එහි අරමුණ විය. දානය පිළිගැන්විණි. කෑලිවලට නොකපා තිබූ ලොකු මස් කුට්ටියක් හිමිගේ පාත්‍රයට බෙදූ ලෙව්කේ දිසාව පසෙකට වී බලා සිටින්නට වූයේ ය. දෑතින් ම ගත් විශාල මස් කුට්ටිය දෑතින් ම අල්ලාගෙන මුවපුරා තවරාගෙන දතින් ඉරා කන අයුරු බලා සිටි දිසාවේ කොක්හඬ දී සිනාසී සමච්චල් බැල්මක් හෙළීය.

”මේ මොකද අපෙ හාමුදුරුවනේ අද සුනඛ සෙයියාවෙන් ම වළඳන්නේ?” යැයි දිසාවේ හිමිගෙන් විමසූවේ අවට සිටියවුනට ද ඇසෙන සේය. කිසිත් කළබලයක් නොපෙන්වූ එහිමි ගත් කටට ම මෙසේ කීවේලු.

”සුනඛයන් දුන් දානෙ සුනඛ විදිහට ම වළඳන්නට එපායැ දිසාවෙ“

ලෙව්කේ දිසාවගේ මුහුණ කළු වූයේ ය. හිමියන් මට්ටු කරන්නට තිබූ අදහස ද එයින් ම දිසාවේ අත්හැර දැමුවේලු.
 
  • Like
Reactions: sanath ekanayake

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අපිට අමතක අපේ ඉතිහාසයෙන් බිදක්....

කුංකුණාවේ හිමියන්ගේ පන්සල්වත්ත භව බෝගවලින් ද පිරී තිබිණි. වගාවට කැමැත්ත ඇති එහිමි බොහෝ විට කැත්තේ උදැල්ලේ කාරිය ද තවත් අය එක් ව කළහ. එහෙත් එහිමිගේ සිත් බින්දේ වල් ඌරෙකි. වල් ඌරා තම වගාවන් එක රැයෙන් විනාශ කර තිබෙනු දුටු හිමිගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියහ. එහි දී කී වස් කවිය මෙසේ වීලු.

”රටල ගෝනල කඩල කටුවල
ගහල හිඟුරල කොඬොල වල් අල
කිතල හිරිතල හබල කුකුළල
බතල කරටි ද කමින් හබරල
අමුද කුරහන් මෙනේරී උඳු
මෑ ද ගොවිතැන් නොයෙක පලවැල
මෙකල නැතිකළ සතුරු ඌරා
හෙළන් කලු පැදි යකුනි තෙද බල

පසුදා හිමිදිරියේ දක්නට ලැබුණේ ඒ වල් ඌරා පන්සල් වැට මායිමේ මැරී සිටි සැටිලු.
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අපිට අමතක අපේ ඉතිහාසයෙන් බිදක්....

එදවස ගමන බිමන පා ගමනිනි. දිනක් මහනුවරට යාමට යොදුන් තුනක පමණ දුරක් පයින් ම යාමට එහිමිට සිදුවිය. එය දින දෙකක ගමනකි. පළමු දිනයේ රෑ කළුවර වැටෙන යාමයේ අපේ හිමියන් තමන් දන්නා හඳුනන පන්සලකට වැඩියේය. එහි දොරට තට්ටු කළහ.

”මේ කවුද? මේ රෑ මොකද?” දොර පියන බාගෙට විවර කළ ඇබිත්තයා ඇසුවේ ය.

අපේ හිමියන්ගේ වචන උච්චාරණය නාසයෙනි. නැතිනම් එය මුක්කං භාෂාවකි. ඒ උපන් හැටි ය.

”ලොහ්කු හාංම්දුරුවො ක්හෝ?” එහිමිගේ කතා විලාශය ඇසූ කොලුවාට හිනාගියේ ය.

”අප්පේ-හ් ලො-හ්කු හාංම්දුරුවොහ් බ-බෑරක් ගෙහ්-හුං” ඇබිත්තයා උන්වහන්සේ ගේ කතා විලාශය අනුකරණය කරමින් පිළිතුරු දුන්නේලු. ඉන්පසු දොර වසාගත්තේලු.

කිසිත් නොදොඩා ආපසු හැරී පැමිණි හිමි නුදුරුව පිහිටි අම්බලමකට ගොඩ වී ගිමන් හැරියහ. හැඳ සිටි සිවුරින් තමන් සිටිනා ස්ථානය වටකොට, අඳනය පිටින් එහි දිගාවූ යේ ය. පසුව පිල්කඩට පැමිණි හිමි පන්සල දෙස බලා සිට මෙසේ කවියක් කීයේලු.

”පන්සලේ සිටින දික් බෙරවා දණ්ඩා
සන්සලේ කරයි සඟ ගණ වන සණ්ඩා
තුන්කලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා
පැන්කළේ සේම උගෙ බඩ පුපු රන්ඩා

ගමන ගොසින් ආපසු පන්සලට වැඩම කළ එහි නායක හිමියන් ගේ දෑස් මහත් විණි. මුව ඇරිණි. පුදුමයට ද බියට ද පත්විණි. ඉදිමී ගියාක් මෙන් වූ කළගෙඩියක් තරම් විශාල ව ගිය බඩක් දරාගත නොහැකිවාක් මෙන් හතරගාතෙන් බිම ඇද වැටී සිටි ඇබිත්ත කොලුවාගෙන් ‘මොකද තට වුණේ?’ යැයි විමසූහ. කොලුවා බලාගත්වන ම ය.

”කවුරුත් පන්සලට එහෙම ආවාද බොල?” නායක හිමියන් සැරෙන් ඇසුවේ ය.

”ආවා ආවා - නාහෙන් කතා කොරන හාමුදුරුනමක් නම් ආවා - අද රෑ ඉන්ඩ ඇහුවා ම මං බැහැ කියාල දොර වැහුවා.”

”මදැයි – විනාශයි. කොහේටද උන්වහන්සේ වැඩියේ?” කියා විමසමින් ම මිදුලට බැසගත් නායක හිමියෝ අඩ අඳුරේම අම්බලම දෙසට ගියහ. ඇතුළට එබී බැලූහ. අම්බලමේ වාඩි වී පසුවන තම හිතවත් හිමියන් දැක වහා දෑත් අල්වා ගත්හ.

”සමාවෙන්ඩ - සමාවෙන්ඩ අපෙ හාමුදුරුවනේ. යමු යමු පන්සලට”

මෙතැන මට හොඳා යැයි කී එහිමියනට යළිත් පින්සෙණ්ඩු වූ නායක හිමියන් ගෞරව පෙරදැරි ව පන්සලට කැඳවා පැමිණියහ.

”අනේ අපේ හාමුදුරුවනේ, අර මෝඩ කාලකණ්ණියා මැරේවි. උගෙ බඩ ඉදිමිලා”

අසල තිබූ කෝටුවක් අතට ගත් කුංකුණාවේ හිමි කෝටුවට මෙසේ කීහ.

පන්සලේ වෙසෙන දික් බෙරවා දණ්ඩා
සන්සලේ කරපි සඟගණ රව ටණ්ඩා
තුන්තලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා
පින් බලේ ලෙසට උගෙ පණ බේ රන්ඩා

කෝටුවෙන් බඩට සෙමින් වරක් තට්ටු කළේ ය. මළ මුත්‍ර පිට කර හරිමින් කෙඳිරිලි නඟා අමාරුවෙන් පසුවූ කොලුවා සුවපත් වූවාක් මෙන් නැඟී සිටියේලු.​
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අපේ සිංහලු මහා වංගශය, දීපාවලිය, සද්ධර්මාලංකාරය, සුභාෂිතය ලියන කාලේ........
ඇමෙරිකාවේ සුද්දෝ ගැහුවේ කණ අස්සන සිංහලුනේ.......

අපේ සිංහලු ලෝකයම මවිතකල වැව් සොරොව්වු සොයාගත්ත කාලේ.......
සුද්දො හිටියෙ දුන්නයි ඊතලයයි අරගෙන දඩයම් යුගයේ සිංහලුනේ......

දෙනෙත් ඇරපියව්..... නොකා නොබී මැරිල වැටුනත් සිංහයා තණ කොල කන්නෙ නෑ.....
ඒ සිංහයා තමයි අපේ ජාතික කොඩියෙ ඉන්නෙ සිංහලුනේ.....

එහෙනම් ඇයි මේ විලිලැජ්ජාවක් නැතිව සිංහල කමට නිගා කරන්නෙ...​
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුංකුණාවේ හිමියන් කිව් කවියක්...........

    කුංකුණාවේ හිමියන් රාජද්‍රෝහී චෝදනාවලට වරක් සිරගත කෙරුවේලු. එකල උන් වහන්සේ සිංහල ජාතික සටනට සම්බන්ධ ව විසූහ. රටට වී ඇති හෙණය උන් වහන්සේ සිරගත ව සිටිය දී කවියට හැරවූයේ මෙසේය.

    අනේ කූඹින්නේ
    තොපටත් රජෙක් ඉන්නේ
    අපට නැත ඉන්නේ
    ඒ නිසාවෙනි අප තැවෙන්නේ

    රජෙකු ලැබුණෝතින්
    කැවුම් කිරිබත් කංඤඤම්
    පෙරහැර කරංඤඤම්
    සාදුකාරෙන් ගිගුම් දෙංඤඤම්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කුංකුණාවේ හිමියන් රාජද්‍රෝහී චෝදනාවලට වරක් සිරගත කෙරුවේලු. එකල උන් වහන්සේ සිංහල ජාතික සටනට සම්බන්ධ ව විසූහ. රටට වී ඇති හෙණය උන් වහන්සේ සිරගත ව සිටිය දී කවියට හැරවූයේ මෙසේය.

    අනේ කූඹින්නේ
    තොපටත් රජෙක් ඉන්නේ
    අපට නැත ඉන්නේ
    ඒ නිසාවෙනි අප තැවෙන්නේ

    රජෙකු ලැබුණෝතින්
    කැවුම් කිරිබත් කංඤඤම්
    පෙරහැර කරංඤඤම්
    සාදුකාරෙන් ගිගුම් දෙංඤඤම්

    නියම කලු සිංහලයෙක්...... :):):):)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිංහලුනේ වයි දිස් කොලවරි ඩී... ඇහුවද...? පාඩම්ද...? රිංග් ටෝන් එකට දාගත්තද.....?

    එහෙනම් මේ ගීතය අහල ඇතිනේ......? කතාව දන්නවද...? මතකද...? පාඩම්ද..?



    ඇහැලපොලගේ පුංචි පුතා
    මද්දුම බන්ඩාර යන නාමේ
    මද්දුම බන්ඩාර යන නාමේ

    සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා
    එඩිතර හොද පුංචි පුතෙක් ලක් මෑණීට නැති වුනා
    බෝගම්බර නුවර වැවේ හැම වැලිකැටයක් පවා
    ආඩම්බර කදුළු වලින් අප සොකය නිවෙනවා

    ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා
    අම්මා සමග දරු තුන්දෙනෙකුට මරණය හිමි කරා
    සිනා වෙලා අම්මා ආ මද්දුම වීරයා
    මැරෙනා සැටි මම පෙන්නන්නම් අයියන්ඩියෙ කියා
    මම අයියන්ඩියෙ කියා

    යකඩ කඩුව අතට අරන් එන විට රුදු ගාලයා
    මරනෙට බයවී අයියා අම්මා ලගට පැන ගියා
    ඒ රජාගේ කෘර ගතිය ලෙයින් පෙන්නලා
    මද්දුම බන්ඩාරගෙ හිස කඩුපහරින් වෙන් කලා
    කඩුපහරින් වෙන් කලා

    මද්දුම බන්ඩාරගෙ පොඩි පුංචි නංගි දෙස බලා
    වංගෙඩියක දා කොටන්න ඒ රජිදා අණ කලා
    ඒම හිතක් ඒම නැතත් ඉතිහාසෙම නෑ අනේ
    පියාගෙ නම රුක ගන්නට පුංචි පුතෙන් බිහිවුනේ
    පුංචි පුතෙන් බිහිවුනේ

    සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා
    එඩිතර හොද පුංචි පුතෙක් ලක් මෑණීට නැති වුනා
    ලක් මෑණීට නැති වුනා
    සිංහලේට නැතිවුනා
    ලක් මෑණීට නැති වුනා
     

    Mozilla

    Well-known member
  • නියම කලු සිංහලයෙක්...... :):):):)

    :nerd: ඒ හාමුදුරුවෝ ගැන මේකේ පොතක් දල තිබ්බා කව්රු හරි..මං එක සැරයක් එක බැලුවා..තව සැරයක් බලන්න ආසයි..පුලුවන්ම් ලින්ක් එක හොයපන්කෝ..මත හෙව්වා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අතිශයින්ම සිංහල වන අපේ දේශීය සමාගමකට බදවා ගැනීම සදහා අළෙවිකරණය (Marketing) පිළිබද දැණුමක් (උපාධියක් නම් විශේෂිතය) සහ පළපුරුද්දක් (තිබීම වඩා හොදය) සහිත සොයුරු සොයුරියන් ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. කරුණාකර මෙම ‍පිළිතුර උපුටා දක්වා මෙහි එම ඉල්ලීම කරන්න. තොරතුරු පෞද්ගලික පණිවුඩයක් ලෙස ලැබීමට සළස්වමි.
     

    Mozilla

    Well-known member
  • අතිශයින්ම සිංහල වන අපේ දේශීය සමාගමකට බදවා ගැනීම සදහා අළෙවිකරණය (Marketing) පිළිබද දැණුමක් (උපාධියක් නම් විශේෂිතය) සහ පළපුරුද්දක් (තිබීම වඩා හොදය) සහිත සොයුරු සොයුරියන් ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. කරුණාකර මෙම ‍පිළිතුර උපුටා දක්වා මෙහි එම ඉල්ලීම කරන්න. තොරතුරු පෞද්ගලික පණිවුඩයක් ලෙස ලැබීමට සළස්වමි.

    :(