ධර්ම දේශනා.::කාගෙ දේශනාවද හරි ?

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම දේශනා.::කාගෙ දේශනාවද හරි ?

    කුමන ධර්මයක් හරිද ? කුමන ධර්මයක් වැරදිද ?


    මුළු ත්‍රිපිඨකයම කටපාඩම් කලත්, නිවැරදි දැක්ම නැතිනම්, තමන්ට තමන් අවබෝධ කල නොහැක. (මෙහි තමන් යනු රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන යයි.)

    කුමන ශාස්තෲවරයෙකු දෙසූ දෙයක් වේවා, ඒ දෙය තමන් තුළට පිළිගැනීම/නොපිළිගැනීම එකවරම නොකර, ඒ දෙය තමන් තුළින් ම දැක තීරනයක් ගත යුතුය.

    යමෙකුට ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකි ඇයි ?කාගේ, කුමන ධර්මයක් හරිද, කුමන ධර්මයක් වැරදිද ? මේ තමන්ම තමන්ට තෙරුම් කර දිය යුතු කරුණුය. අප අපටම විමර්ශනය කරගත යුතු වෙමු. නමුත් මෙය කිරීමට මෙතරම් දුෂ්කර ඇයි ?

    සත්‍යාවබොධය, සත්‍යාවබෝධය සඳහා වන මගට පිවිසීම සමහරුනට දුශ්කරව, ඔවුන් විවිධ ඇදැහිලි, විශ්වාස වල ඇලී ගැලී ඉන්නේ ඇයි, එහි භයානක කම මොනවාද ?

    අප වටා බොහෝ ධර්මයන් ප්‍රචාරනය කරණු ලැබේ, එකම ධර්මයේ වුවද විවිධ ප්‍රභේධ, විවිධ අයගේ මතයන් ට අප නිරතුරුවම ලක් වන්නෙමු. ඒවායින් වල්මත් නොවී කුමන ධර්ම කරුණු පිලිගන්නෙමුද ?

    • කෙනෙකු ගේ චිත්තාකර්‍ශනීය කථාවට
    • තමන් එල්බගෙන සිටින මතයට ලඟින් යන අදහසකට
    • දන්නා කල් සිට ගෞරව කල කෙනෙක් ගේ වදන් වූ පලියට
    • තමන් ගේ ගුරුවරයෙකු කී පලියට ගුරු ගෞරවයෙන් මේ කියන කියන දේ පිළිගන්නවාද ?

    මෙලෙස සිතන්න: යමෙකු දහම් ලෙස ලෝබ, ද්වේශ, මෝහ යන් දෙසුවා නමෙය අසන්නගේ හිත සුව පිණිස නොවේ. යමෙකු යමක් පිළිගැනීමට පෙර “මෙය පිළිපැදීමෙන් මගේ අකුසලයන් අඩුවේද” කියා සිතන්න.

    සම්මා සම්බුදු රජාණන් වහන්සේ දුටු මේ නිර්වාණ මාර්ගය, තමන් තුළින් අවබෝධ කරගත යුතුය. බලෙන් කාටවත් නිවන දිය නොහැක. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය නොමැති නිවන් මඟක් නැත.

    අප ධර්මය පිළිගන්නට සූදානම් ද ? -
    මඟ නොදැන සිටින විට, මඟ දන්නා කෙනෙකු අපට මාර්ගය කියයි.
    අපට ඒ මඟේ අතරමග ඇති මඟ සලකුණුද පෙනේ
    නමුත් ගමනාන්තයට නොයා, මේ කී මඟ තොරතුරු පිළිගන්නවාද? නැද්ද ? කිය කියා, බල බලා ඉන්නවාද ? ගමන යනවාද ?

    මෙලෙස නිවැරදි අවබෝධයෙන් යමෙක් කුසලය වඩයි ද; ඒ තැනැත්තා මෛත්‍රී, කරුණා, මුදිතා, උපෙක්ඛා තත්ත්වයට (බ්‍රහ්ම විහරණයට ) පත්වූ සිතක් ඇති වේ.
    එවැන්නෙකුට තමන් තුළින් තමා ප්‍රත්‍යක්ශ කරගැනීමෙන් ඇතිවන සුව දායී තත්ත්වයන් 4කි;

    > මම අකුසල් වලින් තරමක් හෝ බැහැර වූ නිසා මගේ ඊලඟ භවයේ සතර අපායක් ගැන බියක් නැත
    > අන් අය ගැන අවෛරී නිසා ඉතා සුවදායී සිතක් ඇති වේ
    > පවු නොකරන නිසා පීඩාවන්ට පත් නොවේ
    > සත්‍යය තුළට යොමුව, අකුසල මැඩ ලූ නිසා ඇතැම් පෙර පවු ක්ෂය වී යනු ඇත

    කාලාම සූත්‍රය ඇසුරෙනි

    2011 අගෝස්තු මස 2 වන දින, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

    දේශකයාණන් වහන්සේ: මහව, කෝන්වැව, පුරාණ ආරණ්‍ය සේනාසනය හා දිඹුල්කිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනයන්හි ප්‍රධාන භාවනා උපදේශක, විනයාචාර්‍‍ය පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

    ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

    තෙරුවන් සරණයි !
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ස්තුතියි..

    sound quality ගැන සමාවෙන්න.. මම මුලදි recording කරන හැටි හරියටම දැනගෙන හිටියෙ නෑ.. පස්සෙ තමයි audio grabber settings ටික හරියට දැන ගත්තෙ.
     
    • Like
    Reactions: Warrior-FX

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    Ven. Diyathalave Piyadassi ධර්ම දේශනා nada????

    දියතලාවෙ පියදස්සී ස්වාමීන්වහන්සේගේ බණක් අහන්න මට තවම බැරි උනා.. (සමහර දවස් වලට බණ රෙකෝඩ් කරන්න බැරි වෙනව.. ඔෆිස් එකේ වැඩක් උදේ පාන්දරම වැටුනොත්.. recording එක මිස් වෙනව... සමාවෙන්න )
    ඒත් මෙන්න මෙතැනින් මට උන්වහන්සේගේ ධර්ම දේශනාවක් ලැබුණා.. තවත් දෙසුම් බොහොමයි.. බලන්න.
    තෙරුවන් සරණයි.


    http://banamaduwa.wordpress.com/d/
     

    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9
    0
    yaluwa, 2012 MARCH 01 වන දින, පෙරවරු 8.00ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි UPLOAD karanne nada ??????????

    තෙරුවන් සරණයි !
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    yaluwa, 2012 MARCH 01 වන දින, පෙරවරු 8.00ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි UPLOAD karanne nada ??????????

    තෙරුවන් සරණයි !

    මචන් මට මාර්තු මාසෙ එක ධර්ම දේශනාවක් වත් record කරගන්න බැරි උනා... මම සෙනසුරාදා වෙනකල් ම office එකේ වැඩ වලට හම්බන්තොට හිටියෙ මචන්.
    හෙට ඉඳල ආයෙ recording පටන් ගන්නයි හිතන් ඉන්නෙ.
    තෙරුවන් සරණයි
     

    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9
    0
    චගු yalwuwa oya gawa geya athema wela api karapu paw ahosi wima ganne ධර්ම දේශනා nada?
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    චගු yalwuwa oya gawa geya athema wela api karapu paw ahosi wima ganne ධර්ම දේශනා nada?

    කෙනෙකු කරනා අකුසල කර්ම යනු කවරේද.. ඒවා අකුසල කර්ම පථ බවට පත්වීමෙන් විපාක දෙන හැටිත් සසර ගමනේ විවිධ ප්‍රතිසන්ධි, ජාති උපදවන ආකාරය ගැන මෙතනින් අහන්න:

    අකුසල කර්‍ම හා ඒවායේ විපාක දීම

    (2012 ජනවාරි මස 4 වන දින, පෙරවරු 8.00 ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.
    දේශකයාණන් වහන්සේ: හම්බන්තොට, උඩමලල, වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති, කම්මට්ඨානාචාර්‍ය, විචිත්‍ර භානික, අතිපූජ්‍ය නාගොඩ සද්ධාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ .)

    අපි කරන පවු හැම එකක් ම අහෝසි කරගන්නට බෑ යාළුවේ. එහෙම වෙන්නෙ අහෝසි කර්ම වර්ගයේ එවා පමණි. යම් කර්මයක් අහෝසි කර්ම වෙන්නෙ තමන් කරගත්ත ඊටත් වඩා බලවත් කුසල් හමුවේ පමණි.
    රහත් භාවයට පත් උන උත්ත්මයන් වහන්සේලා ලඟ පැරණි අකුසල බලවවත්වන්නේ නෑ.. “කීනං පුරාණං නවං නත්ථි සම්භවං” කිව්වේ මේකයි.
    මෙහෙම දෙයක් තියෙනවා : පංචානන්තරීය අකුසල කර්‍ම පවා විපාක දී අවසන් වන කලක් පවුකාරයාට මේ සසරේ උදාවෙනවා.. ඒත් මිත්‍යාදෘෂ්ඨිකයා බොහෝ අකුසල් රැසකරනවා.. ඒ පවු පල දී අවසාන වීමක් ගැන නිත්‍ය බවක් නෑ..

    ඔයා අහන දේ ට බොහොම විස්තරාත්මකව පැහැදිළිකිරීමක් රෙරුකානේ චන්දවිමල මහ නායක හාමුදුරුවන්ගෙ "බෞද්ධයාගේ අත්පොත" ග්‍රන්ථයෙ තියෙනව. මෙතනින් කියවන්න.

    තෙරුවන් සරණයි.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්