මහසොහොන් බලකාය | Mahasohon Balakaya

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Sri%2Blanka%2BAir%2BForce%2BMi%2B24%2B35%2B%2BHingu%2BAB.jpg


ඵකා වන්ව ඵකපෙළකට හිට ගත්තොත් රට......වටේ
මොකා උඩින් යටින් ගියත් ගල් ගැහුවත් බිම....වැටේ
කොකා පෙන්නමින් නැවතත් ඵයි තව බූරැවො...පිටේ
මකා නොදා රණවිරැ ජය රැකගමු අභිමන.........රටේ
 
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Sri%2Blanka%2BAir%2BForce%2BMi%2B24%2B35%2B%2BHingu%2BAB.jpg


    ඵකා වන්ව ඵකපෙළකට හිට ගත්තොත් රට......වටේ
    මොකා උඩින් යටින් ගියත් ගල් ගැහුවත් බිම....වැටේ
    කොකා පෙන්නමින් නැවතත් ඵයි තව බූරැවො...පිටේ
    මකා නොදා රණවිරැ ජය රැකගමු අභිමන.........රටේ
    :cool::cool::cool:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    අපිට අමතක අපේ ඉතිහාසයෙන් බිදක්.....

    දිනක් අපේ කුංකුණාවේ හිමිට උපාසිකාවකගෙන් ලැබුණේ පැදුරකි. පැදුර පිළිගත් එහිමි පැදුර ආනෙහි තැබූහ. ගතවූයේ දින කීපයකි. පැදුර එළියට ගත් හිමිට දැකගන්නට ලැබුණේ පැදුර පාවිච්චියට ගත නොහැකි තරමට මීයන් කා දමා ඇති සැටියකි. තරහ උපන් හිමි, මීයාට වස් කවියක් කීවේ මෙසේලු.

    ’මද මත් රූසිරි අඟනක් දුන්නා
    පැදුර ගෙනැත් තැබුවෙමි ආනේ
    බැඳගත් වාදෝ දෝ මට නොදැනේ
    මීයා පැදුරට කළ මානේ”

    ”තෙදවත් දේවත බණ්ඩර සුරිඳුට
    කවියක් කියනෙමි මේ මානේ
    අදවත් මීයගෙ තල්ල කඩාගෙන
    පලයන් නින්නාදේ පුනේ”

    වස් කවිය කියා හමාර වූ සැණින් පැදුරු ආනට කොහේදෝ සිට දිව ආ බළලකු එහි ලැග සිටි මීයන් දෙතුන් දෙනාම කා දැමුවේලු.​

    අපිට අමතක අපේ ඉතිහාසයෙන් බිදක්....

    උන්වහන්සේගේ ස්වභාවය නොරිස්සූ අයද වූහ. හතර කෝරළේ ලෙව්කේ දිසාවේ ද මින් එක් අයෙකි. “කුංකුණාවේට මං අඹරන්නංකො හොඳ මට්ටුවක්. මේ ලෙව්කේ දිසාවෙ කවුද කියලා” ලෙව්කේ දිසාව කී කතාවකි ඒ.

    දිනක් හෙතෙම සිය මැදුරෙහි සාංඝික දානයක් පිළිවෙළ කළේ ය. ඊට කුංකුණාවේ හිමියන්ට ද ආරාධනය කළේ ය. එහිමි ද වැඩියහ. එහිමි බලවත් අපහසුතාවයකට පත් කරවීම එහි අරමුණ විය. දානය පිළිගැන්විණි. කෑලිවලට නොකපා තිබූ ලොකු මස් කුට්ටියක් හිමිගේ පාත්‍රයට බෙදූ ලෙව්කේ දිසාව පසෙකට වී බලා සිටින්නට වූයේ ය. දෑතින් ම ගත් විශාල මස් කුට්ටිය දෑතින් ම අල්ලාගෙන මුවපුරා තවරාගෙන දතින් ඉරා කන අයුරු බලා සිටි දිසාවේ කොක්හඬ දී සිනාසී සමච්චල් බැල්මක් හෙළීය.

    ”මේ මොකද අපෙ හාමුදුරුවනේ අද සුනඛ සෙයියාවෙන් ම වළඳන්නේ?” යැයි දිසාවේ හිමිගෙන් විමසූවේ අවට සිටියවුනට ද ඇසෙන සේය. කිසිත් කළබලයක් නොපෙන්වූ එහිමි ගත් කටට ම මෙසේ කීවේලු.

    ”සුනඛයන් දුන් දානෙ සුනඛ විදිහට ම වළඳන්නට එපායැ දිසාවෙ“

    ලෙව්කේ දිසාවගේ මුහුණ කළු වූයේ ය. හිමියන් මට්ටු කරන්නට තිබූ අදහස ද එයින් ම දිසාවේ අත්හැර දැමුවේලු.

    අපිට අමතක අපේ ඉතිහාසයෙන් බිදක්....

    කුංකුණාවේ හිමියන්ගේ පන්සල්වත්ත භව බෝගවලින් ද පිරී තිබිණි. වගාවට කැමැත්ත ඇති එහිමි බොහෝ විට කැත්තේ උදැල්ලේ කාරිය ද තවත් අය එක් ව කළහ. එහෙත් එහිමිගේ සිත් බින්දේ වල් ඌරෙකි. වල් ඌරා තම වගාවන් එක රැයෙන් විනාශ කර තිබෙනු දුටු හිමිගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියහ. එහි දී කී වස් කවිය මෙසේ වීලු.

    ”රටල ගෝනල කඩල කටුවල
    ගහල හිඟුරල කොඬොල වල් අල
    කිතල හිරිතල හබල කුකුළල
    බතල කරටි ද කමින් හබරල
    අමුද කුරහන් මෙනේරී උඳු
    මෑ ද ගොවිතැන් නොයෙක පලවැල
    මෙකල නැතිකළ සතුරු ඌරා
    හෙළන් කලු පැදි යකුනි තෙද බල

    පසුදා හිමිදිරියේ දක්නට ලැබුණේ ඒ වල් ඌරා පන්සල් වැට මායිමේ මැරී සිටි සැටිලු.

    අපිට අමතක අපේ ඉතිහාසයෙන් බිදක්....

    එදවස ගමන බිමන පා ගමනිනි. දිනක් මහනුවරට යාමට යොදුන් තුනක පමණ දුරක් පයින් ම යාමට එහිමිට සිදුවිය. එය දින දෙකක ගමනකි. පළමු දිනයේ රෑ කළුවර වැටෙන යාමයේ අපේ හිමියන් තමන් දන්නා හඳුනන පන්සලකට වැඩියේය. එහි දොරට තට්ටු කළහ.

    ”මේ කවුද? මේ රෑ මොකද?” දොර පියන බාගෙට විවර කළ ඇබිත්තයා ඇසුවේ ය.

    අපේ හිමියන්ගේ වචන උච්චාරණය නාසයෙනි. නැතිනම් එය මුක්කං භාෂාවකි. ඒ උපන් හැටි ය.

    ”ලොහ්කු හාංම්දුරුවො ක්හෝ?” එහිමිගේ කතා විලාශය ඇසූ කොලුවාට හිනාගියේ ය.

    ”අප්පේ-හ් ලො-හ්කු හාංම්දුරුවොහ් බ-බෑරක් ගෙහ්-හුං” ඇබිත්තයා උන්වහන්සේ ගේ කතා විලාශය අනුකරණය කරමින් පිළිතුරු දුන්නේලු. ඉන්පසු දොර වසාගත්තේලු.

    කිසිත් නොදොඩා ආපසු හැරී පැමිණි හිමි නුදුරුව පිහිටි අම්බලමකට ගොඩ වී ගිමන් හැරියහ. හැඳ සිටි සිවුරින් තමන් සිටිනා ස්ථානය වටකොට, අඳනය පිටින් එහි දිගාවූ යේ ය. පසුව පිල්කඩට පැමිණි හිමි පන්සල දෙස බලා සිට මෙසේ කවියක් කීයේලු.

    ”පන්සලේ සිටින දික් බෙරවා දණ්ඩා
    සන්සලේ කරයි සඟ ගණ වන සණ්ඩා
    තුන්කලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා
    පැන්කළේ සේම උගෙ බඩ පුපු රන්ඩා

    ගමන ගොසින් ආපසු පන්සලට වැඩම කළ එහි නායක හිමියන් ගේ දෑස් මහත් විණි. මුව ඇරිණි. පුදුමයට ද බියට ද පත්විණි. ඉදිමී ගියාක් මෙන් වූ කළගෙඩියක් තරම් විශාල ව ගිය බඩක් දරාගත නොහැකිවාක් මෙන් හතරගාතෙන් බිම ඇද වැටී සිටි ඇබිත්ත කොලුවාගෙන් ‘මොකද තට වුණේ?’ යැයි විමසූහ. කොලුවා බලාගත්වන ම ය.

    ”කවුරුත් පන්සලට එහෙම ආවාද බොල?” නායක හිමියන් සැරෙන් ඇසුවේ ය.

    ”ආවා ආවා - නාහෙන් කතා කොරන හාමුදුරුනමක් නම් ආවා - අද රෑ ඉන්ඩ ඇහුවා ම මං බැහැ කියාල දොර වැහුවා.”

    ”මදැයි – විනාශයි. කොහේටද උන්වහන්සේ වැඩියේ?” කියා විමසමින් ම මිදුලට බැසගත් නායක හිමියෝ අඩ අඳුරේම අම්බලම දෙසට ගියහ. ඇතුළට එබී බැලූහ. අම්බලමේ වාඩි වී පසුවන තම හිතවත් හිමියන් දැක වහා දෑත් අල්වා ගත්හ.

    ”සමාවෙන්ඩ - සමාවෙන්ඩ අපෙ හාමුදුරුවනේ. යමු යමු පන්සලට”

    මෙතැන මට හොඳා යැයි කී එහිමියනට යළිත් පින්සෙණ්ඩු වූ නායක හිමියන් ගෞරව පෙරදැරි ව පන්සලට කැඳවා පැමිණියහ.

    ”අනේ අපේ හාමුදුරුවනේ, අර මෝඩ කාලකණ්ණියා මැරේවි. උගෙ බඩ ඉදිමිලා”

    අසල තිබූ කෝටුවක් අතට ගත් කුංකුණාවේ හිමි කෝටුවට මෙසේ කීහ.

    පන්සලේ වෙසෙන දික් බෙරවා දණ්ඩා
    සන්සලේ කරපි සඟගණ රව ටණ්ඩා
    තුන්තලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා
    පින් බලේ ලෙසට උගෙ පණ බේ රන්ඩා

    කෝටුවෙන් බඩට සෙමින් වරක් තට්ටු කළේ ය. මළ මුත්‍ර පිට කර හරිමින් කෙඳිරිලි නඟා අමාරුවෙන් පසුවූ කොලුවා සුවපත් වූවාක් මෙන් නැඟී සිටියේලු.​

    අපේ සිංහලු මහා වංගශය, දීපාවලිය, සද්ධර්මාලංකාරය, සුභාෂිතය ලියන කාලේ........
    ඇමෙරිකාවේ සුද්දෝ ගැහුවේ කණ අස්සන සිංහලුනේ.......

    අපේ සිංහලු ලෝකයම මවිතකල වැව් සොරොව්වු සොයාගත්ත කාලේ.......
    සුද්දො හිටියෙ දුන්නයි ඊතලයයි අරගෙන දඩයම් යුගයේ සිංහලුනේ......

    දෙනෙත් ඇරපියව්..... නොකා නොබී මැරිල වැටුනත් සිංහයා තණ කොල කන්නෙ නෑ.....
    ඒ සිංහයා තමයි අපේ ජාතික කොඩියෙ ඉන්නෙ සිංහලුනේ.....

    එහෙනම් ඇයි මේ විලිලැජ්ජාවක් නැතිව සිංහල කමට නිගා කරන්නෙ...​

    කුංකුණාවේ හිමියන් රාජද්‍රෝහී චෝදනාවලට වරක් සිරගත කෙරුවේලු. එකල උන් වහන්සේ සිංහල ජාතික සටනට සම්බන්ධ ව විසූහ. රටට වී ඇති හෙණය උන් වහන්සේ සිරගත ව සිටිය දී කවියට හැරවූයේ මෙසේය.

    අනේ කූඹින්නේ
    තොපටත් රජෙක් ඉන්නේ
    අපට නැත ඉන්නේ
    ඒ නිසාවෙනි අප තැවෙන්නේ

    රජෙකු ලැබුණෝතින්
    කැවුම් කිරිබත් කංඤඤම්
    පෙරහැර කරංඤඤම්
    සාදුකාරෙන් ගිගුම් දෙංඤඤම්

    සිංහලුනේ වයි දිස් කොලවරි ඩී... ඇහුවද...? පාඩම්ද...? රිංග් ටෝන් එකට දාගත්තද.....?

    එහෙනම් මේ ගීතය අහල ඇතිනේ......? කතාව දන්නවද...? මතකද...? පාඩම්ද..?



    ඇහැලපොලගේ පුංචි පුතා
    මද්දුම බන්ඩාර යන නාමේ
    මද්දුම බන්ඩාර යන නාමේ

    සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා
    එඩිතර හොද පුංචි පුතෙක් ලක් මෑණීට නැති වුනා
    බෝගම්බර නුවර වැවේ හැම වැලිකැටයක් පවා
    ආඩම්බර කදුළු වලින් අප සොකය නිවෙනවා

    ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා
    අම්මා සමග දරු තුන්දෙනෙකුට මරණය හිමි කරා
    සිනා වෙලා අම්මා ආ මද්දුම වීරයා
    මැරෙනා සැටි මම පෙන්නන්නම් අයියන්ඩියෙ කියා
    මම අයියන්ඩියෙ කියා

    යකඩ කඩුව අතට අරන් එන විට රුදු ගාලයා
    මරනෙට බයවී අයියා අම්මා ලගට පැන ගියා
    ඒ රජාගේ කෘර ගතිය ලෙයින් පෙන්නලා
    මද්දුම බන්ඩාරගෙ හිස කඩුපහරින් වෙන් කලා
    කඩුපහරින් වෙන් කලා

    මද්දුම බන්ඩාරගෙ පොඩි පුංචි නංගි දෙස බලා
    වංගෙඩියක දා කොටන්න ඒ රජිදා අණ කලා
    ඒම හිතක් ඒම නැතත් ඉතිහාසෙම නෑ අනේ
    පියාගෙ නම රුක ගන්නට පුංචි පුතෙන් බිහිවුනේ
    පුංචි පුතෙන් බිහිවුනේ

    සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා
    එඩිතර හොද පුංචි පුතෙක් ලක් මෑණීට නැති වුනා
    ලක් මෑණීට නැති වුනා
    සිංහලේට නැතිවුනා
    ලක් මෑණීට නැති වුනා

    අතිශයින්ම සිංහල වන අපේ දේශීය සමාගමකට බදවා ගැනීම සදහා අළෙවිකරණය (Marketing) පිළිබද දැණුමක් (උපාධියක් නම් විශේෂිතය) සහ පළපුරුද්දක් (තිබීම වඩා හොදය) සහිත සොයුරු සොයුරියන් ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. කරුණාකර මෙම ‍පිළිතුර උපුටා දක්වා මෙහි එම ඉල්ලීම කරන්න. තොරතුරු පෞද්ගලික පණිවුඩයක් ලෙස ලැබීමට සළස්වමි.

    මේ මගේ රට
    මගේ මව් රට
    මගේ අම්ම වාගෙ රට බොලව්..............
    මගේ අම්මට මං වාගෙ තව පස් දෙනෙක් හිටියනං
    පර සුද්දට දිනන්න දෙන්නෙ නෑ...........
    තොපිට අපිව පරද්දන්න බෑ බොලව්............
    සිංහලයව පරද්දන්න බෑ බොලව්........
    - වීර පුරන්අප්පු


    වයි දිස් කොලවරිඩී වලට එහා යමක්...


    මාතලේ කැරැල්ල නැතහොත් 1848 ප්‍රථම මහජන කැරැල්ල දියත් කලේ එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර ධූරය හෙබවූ ටොරින්ටන් සාමි වරයාගේ කෲර බදු ප්‍රතිපත්තිය නිසාවෙනි.
    මෙම මාතලේ කැරැල්ල මෙහෙය වූ නායකයන් කිහිප දෙනෙකු විය. ගොංගාලේගොඩ බණ්ඩා, පුරන් අප්පු, දිනෙස් සහ ඩිංගි රාළ ඒ අතරින් සුවිශේෂී විය.

    පුරන් අප්පු
    හෙන්නදිගේ ෆ්‍රැන්සිස්කො ප්‍රනාන්දු නැතහොත් පුරන් අප්පු උපත ලැබුවේ 1812 මොරටුවේ දීය. වයස අවුරුදු 13 දී ඔහු මොරටුව අතහැර රත්නපුරයේ ඔහුගේ මාමා කෙනෙකු වෙත ගියේය, පසුව ඔවුහු ඌව ප්‍රදේශයට සංක්‍රමණය විය. 1847 මුල් කාලයේ දී ඔහු මහනුවර ගුණේපාන ආරච්චි ගේ දියණිය වූ බණ්ඩාර මැණිකේ සමඟ විවාහ විය. පසුව 1848 මාතලේ කැරැල්ල මෙහෙය වීමට සහභාගී වීමේ වරදට බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින් අතඩංගුවට ගෙන 1848 අගෝස්තු 8 වන දා වෙඩි තබා මරා දමන ලදි.

    වීර පුරන් අප්පු (1979)
    1848 මාතලේ කැරැල්ල අනුසාරයෙන් එයට පුරෝගාමී වූ පුරන් අප්පු මූලික කරගෙන 1979 දී අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් වීර පුරන් අප්පු නමින් චිත්‍රපටයක් නිපදවන ලදි. එයට තිස්ස අබේවික්‍රම, ජෝ අබේවික්‍රම, රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා වැනි නළු නිළියන් සහභාගී විය.

    එම චිත්‍රපටයේ එන සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන "බත කා ඉවරයි" යන ගීතය ඉතාමත් ජනප්‍රිය විය.



    (උදව් නිසල88 ගෙන්)

    බත කා ඉවරයි බලමින් උන්නොත්
    ටික කලකින් සිංහල හාලේ
    ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන්
    පන්නන්නට සැරසෙව් රාළේ

    ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි
    බලු කුක්කට මොන බදුද අනේ
    තනේ තිබෙන කිරි ටිකටත් බද්දක්
    ගෙවන්න වේවිද නුදුරු දිනේ

    අනේ මගේ ලමයිනේ අඬන විට
    මොනවද නුඹලට මම දෙන්නේ
    බණේ සිටින දෙවියො අද ඇත්නම්
    සුද්දව හතරට පලනවනේ

    ඇහැළ මහේ සිට නිදහස ඉල්ලන
    පිපී වැනි ගිය මල් පිපුනා
    කඩුවට කොපුවක ඉන්නට කල් නැත
    කන්දේ යුද ගිනි දැල් නැගුණා

    සප්පායම් වී ජාතික ආලෙන්
    කොස් කොටනා කඩු මුව තියලා
    හප්පන්නේ කවදද පර සුද්දන්
    සිංහල පොලොවේ කැති ගහලා

    කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින්
    පෙරමුණකට රැස් වෙන සද්දේ
    කකුළු ලෙසට සුද්දන් කෙළියාවේ
    ටිකකට උතුරන තුරු හොද්දේ

    සිංහල දරුවන් උඩ විසි කරලා
    අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
    පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්
    මාර සෙනඟ මැද යම යුද්දේ

    කෙහෙල් කුරුල්ලන් වාගෙ රුපු හිස්
    අට ඉස් බෙක් විසි වී වැටුනා
    රණ බිම මරණය මියුරුය කියලා
    පුරන් අප්පු සටනට වැදුනා​

    සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා
    එඩිතර හොද පුංචි පුතෙක් ලක් මෑණීට නැති වුනා

    වඳ වී ගිය..... අපේ අභිමානය.....

    crown.jpg

    z_11-Anagariaka.jpg


    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දො මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ,
    ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
    උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා.
    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භේදයක් එපාය කියලා.
    දෙමළයත්, මරක්කලයත්, හබ්බයත්, කොචියත් බෝරකාරයත් එකය කියලා එහෙම කියල උන් ඉංග්‍රීසිය රජ කරවී.
    පන්සල් වටේ පල්ලි කොවිල් හදාවි.
    උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකන් බලාගෙන ඉන්නවා.
    උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදිම මරලා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතකතියා ගනිල්ලා.
    අපේ හාමුදුරුවන්ටත් එදාට උන් ඉනා බේතක් දෙනවා.
    ඊට පස්සේ උඹලාගේ කොල්ලො කෙල්ලන්ට
    ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවී.


    - අනගාරික ධර්මපාලතුමා (1931 එතුමාගේ දින පොතෙනි )

    ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිවැරදිව හදුනා ගමු...

    ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල වේ. මෙම මල තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.
    • රාජකීය උත්සව සදහා අනාදිමත් කාලයක සිට මෙම මල භාවිතා කරනු ලැබීම.
    • උපුල්වන් දෙවිදුන් සමග සම්බන්ධ කෙරෙන පුෂ්පයක් වීම.(මේ දෙවිදුට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාර වී ඇතැයි විශ්වාසයක් පවතී.)
    • බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම.
    • මලේ වක්‍ර වූ පත්‍රවලින් ශුභ සලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම.

    නිල් මහනෙල් හි උද්භිද නාමය පෙරදී Nympheae Stellata වූ නමුදු මෙම මලෙහි වත්මන් උද්භිද නාමය Nymphaea nouchali වේ.

    සිංහලුනේ මේ තමයි නිල් මානෙල් මල.....

    800px-Nymphaea_nouchali_%282%29.jpg


    ජාතික පුෂ්පය ලෙස බොහෝදෙනා වරදවා බාවිතාකරන දම් පැහැති විදේශීය මානෙල් මල
    FLOWER.jpg



    තොරතුරු ගත්තෙ විකිපීඩියා වලින්

    ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය

    TREE1.jpg


    ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නා ගසය. එම ගසේ වැදගත්කම් කීපයක් මෙසේය.

    මංගල, සුමන, රේවත, හා සෝභිත යන සිව් බුදුවරැන් බුද්ධත්වය‍ට පත් වූයේ නාගස් සෙවණේ වීම සහ මෛත්‍රී බුදුන් බුදුබව ලැබීමට නියමිත නා ගස් සෙවනක වීම.

    ඉතා ශක්තිමත් අති දීර්ඝ කාලයක් පවත්නා වෘක්ෂයක් වීම නිසා ඵවන් සවිමත් චිර පැවැත්මක් දේශයටතද ලැබේවා යන පැතුම සංකේතවත් වීම.

    ඉතා සෞම්‍ය පියකරු සුවඳක් වහනය වන මල් පිපෙන රුකක් වීම.

    සර්ප දෂ්ටය ප්‍රධාන රෝගාබාධ රැසකට ප්‍රතිකාර සඳහා ගනු ලබන ඖෂධ පංචාංගයක් සහිත වීම.

    නා ගසෙහි විද්‍යාත්මක නාමය - Mesua ferrea

    ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වළි කුකුළා

    200px-Sri-lanka-junglefowl.jpg


    ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ලෙස වළි කුකුළාවේ. මෙම කුරුල්ලා තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.

    මෙම පක්ෂියා ඉතා අලංකාරවත් වර්ණ කීපයකින් සෑදුනු පිහාටු දරන දැකුම්කලු සතකු වීම.
    ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දේශීය පක්ෂියෙකු වීම.
    ඵඩිතර සටන්කාමී කඩිසර සතකු වීම.
    කුකුළා අරුණෝදය හෙවත් ආලෝකය ඵළඹෙන බව කියාපාන දූතයකු වීම.
    වලි කුකුලාගේ ඉංග්‍රීසි නාමය - Ceylon jungle fowl

    සිංහලකම ගැන අපි එකට නැගී සිටිනවානම් අපි අඩුම වශයෙන්
    අපේ රට ජාතිය ආගම ගැන ටිකක්වත් දැනුවත් වෙලා තිබිය යුතුයි....
    යුද්ධයෙදී පතුරම් තුවක්කු වගේ තමා... වචනවලින් කරන හරඹයකදී ඉතිහාසය පිළිබද,
    අපේකම පිළිබද තොරතුරු තමයි යාළුවනේ ආයුධ වන්නේ....
    ආයුධවලින් ඔබවත් සන්නද්ධ කිරීමේ අරමුනින් තමයි මේ තොරතුරු ඔබවෙත ගෙනආවේ.... ජයවේවා...​

    Sri%2Blanka%2BAir%2BForce%2BMi%2B24%2B35%2B%2BHingu%2BAB.jpg


    ඵකා වන්ව ඵකපෙළකට හිට ගත්තොත් රට......වටේ
    මොකා උඩින් යටින් ගියත් ගල් ගැහුවත් බිම....වැටේ
    කොකා පෙන්නමින් නැවතත් ඵයි තව බූරැවො...පිටේ
    මකා නොදා රණවිරැ ජය රැකගමු අභිමන.........රටේ
    මේ ත්‍රෙඩ් එක මේ තරම් වටින දේවල් වලින්
    මේතරම් ලස්සන දේවල් වලින් පුරවනවට
    ඉතිහාසය ගැන තියීන හැමදේම පෙන්නල හැමෝම දැනුවත් කරනවට
    උබල හැමෝටම ගොඩක් පිං යාලුවනේ
    මගේ මුලු හිතින්ම උබලට පිං දෙනව
    :yes::yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....







































    මේ ත්‍රෙඩ් එක මේ තරම් වටින දේවල් වලින්
    මේතරම් ලස්සන දේවල් වලින් පුරවනවට
    ඉතිහාසය ගැන තියීන හැමදේම පෙන්නල හැමෝම දැනුවත් කරනවට
    උබල හැමෝටම ගොඩක් පිං යාලුවනේ
    මගේ මුලු හිතින්ම උබලට පිං දෙනව
    :yes::yes:
    දැන්ද එන්නේ....... :baffled:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    එකත් කරල ඉවරවුනාම තොගෙ අම්ම ගාවට තමා පොන්නයො අපි එන්නෙ අන්තිමේට
    එපා බන් ඔය අනාතයට රිප්ලයි කරන්න.........
    ඌ ලිදේ පනින්න ඉන්නේ තව ටිකකින්...........:P
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    gaanu wage hambaynta apahasa karanna witharai thopita puluwan. return eka wadeddi, GTRZ ane GTRZ arunwa ban korannako
    :lol::lol::lol::lol:
    හ්ම්ම් උබට ඇයි බන් මේ තරම්ම රිදිල
    දහසක් පියවරුන්ගෙ එකම එක පුතා වුන නිසාද බන්
    දුක් වෙන්නෙපා බන් ලිඳේ පැනපන්

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එදා -
    බත කා ඉවරයි බලමින් උන්නොත් -ටික කලකින් සිංහල හාලේ
    ඉංග්රීඉසි හරකා උඩරට ඉඩමෙන් - පන්නන්නට සැරසෙව් රාලේ

    අද -
    බත කා ඉවරයි සිංහල හාලේ - බාස්මතී ඉහලම මාලේ
    ඉංග්රිඉසි හරකුන් නැතුවට අපේම - කළු උන් නටනව උන් තාලේ