ඡායාරූපකරණය ඉගනගනිමු. part 4

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඡායාරූපකරණය ඉගනගනිමු. part 4

    1වන කොටසට මෙතනින්
    2වන කොටසට මෙතනින්
    3වන කොටසට මෙතනින්

    කලින් ත්‍රෙඩ් එකේ සඳහන් කළ පරිදි මේ ත්‍රෙඩ් එකේදි අපි කැමරාව හා බැඳුනු ප්‍රධාන දේවල් ටිකක් ගැන කතා කරමු.

    ISO Speed
    සරළව කිව්වොත් ISO Speed කියන්නෙ ආලෝකයට කැමරාවේ ඇති සංවේදී බවයි. සාමාන්‍ය ඩිජිටල් කැමරා වලත් අපිට බොහෝවිට ISO අගය වෙනස් කිරීමේ හැකියාව ලබා දීල තියනවා. සාමාන්‍යයෙන් දහවල් කාලයේ ඡායාරූපයක් ලබාගැනීමේදී ISO අගය 100 ප්‍රමාණවත්. සවස් කාලයේ ආලෝකය අඩු අවස්ථාවක්නම් ISO අගය 400 පමණ අවශ්‍ය වෙනවා. රාත්‍රී කාලයේ නම් ISO අගය 800, 1600 වැනි විශාල අගයන් ලබා දිය යුතු වෙනවා.
    isospeed.jpg


    Aperture
    කැමරාවේ කාචය හරහා එන ආලෝකය පාලනය කරන සිදුර තමයි Aperture යනුවෙන් හඳුන්වන්නේ. එම සිදුර වැඩිපුර ඇරුනොත් ආලෝකය වැඩිපුර ඇතුලට පැමිනෙනවා. එවිට ඡායාරූපය ආලෝකමත් වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් ඇරුනු විට ඡායාරූපය අඳුරු වන අතර අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ඇරුනොත් ඡායාරූපය Aperture වීමක් සිදු වෙනවා.
    පහත රූපයෙන් ඒපිලිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට ඔබට හැකිවනු ඇත.
    aperture.jpg


    Exposure
    මෙය Lux Seconds වලින් මනිනු ලබයි. කැමරාවේ shutter එක ඇරී තිබෙන කාලය සහ Aperture එකේ size එක මත මෙය වෙනස් වෙයි.

    Shutter Speed
    ඡායාරූපයක් ගැනීමේදී shutter එක ඇරී වැසීමට ගතවන කාලය Shutter speed යනුවෙන් හඳුන්වයි. එය මනිනු ලබන්නේ තප්පරයකින් කීයෙන් කොටසක්ද යනුවෙනි.

    පහත ආකාරයේ ඡායාරූප ලබාගැනීමට Shutter speed එක බොහෝ අඩු අගයක් දිය යුතු වෙනවා.ඒවා හඳුන්වන්නේ long exposure photography යනුවෙනි.
    shutter-2.gif


    තවත් ත්‍රෙඩ් එකකින් අපි කැමරාවේ ඇති විවිධ modes ගැන කතා කරමු.

    ඔයාලගෙ කමෙන්ට්ස් නැති වුනොත් මට ත්‍රෙඩ් දාන්න එපා වෙයි. මොකද ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මට මේකෙන් ලැබෙන ආත්ම තෘප්තිය. ඉතින් කමෙන්ට් එකක් දාල යන්න.


    part 5
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යකෝ මම දැන් නේ මේ ත්‍රෙඩ් ඔක්කොම දැක්කේ.. එල වැඩක් සුපුන්..
    rep denna balu ban , lagadi dunnalu.. :(
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    mmee frames ganen kiyanne mokakda 10M kiyala ehema thiyenne
    CONTINUOUS ekak thienne eka mokakda

    CONTINUOUS එකක් කියන්නෙ, එක දිගට ඉතා වේගයෙන් ඡායාරූප කිහිපයක් ගෙන ඒවා එක් ඡායාරූපයක් ලෙසින් ඉදිරිපත් කිරීමයි. උදාහරණයක් ලෙස පහල ඡායාරූපය බලන්න. ඒකෙ frames ගානෙන් කියන්නෙ එක දිගට කොපමණ ඡායාරූප ප්‍රමාණයක් ගන්නවද කියන එක.
    photography-motion
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Macchan ube tread eka mama kiyaweva pattatama thiyanawa
    machan mam hoda cam ekak gena ganna hithenawa so mata me model eka set vuna
    used ekak mata poddak balala kiypanko hodaida kiyala
    me model eka danna kattiyeama plzzzz...

    Model eka..
    Canon EOS 600D (EOS Rebel T3i / EOS Kiss X5)


    http://www.dpreview.com/products/canon/slrs/canon_eos600d
    me link eke features tika thiyanawa

    කණගාටුයි සහෝදරයා, කැමරා වර්ග ගැන නම් මගේ දැනුමක් නෑ. :( මේකෙ features බැලුවම නම් කැමරා එක හොඳයි වගේ, පොඩි අඩුවකට තියෙන්නෙ Image stabilization නැති එක විතරයි. අනිත් features නම් ගොඩක් හොඳයි. tripod එකක් පාවිච්චි කරනව නම් Image stabilization නැති එක ප්‍රශ්නයක් වෙන එකක් නෑ.