Room නීතිය +18

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කව්ද බෝයි;12373985 said:
    උබට මොන්ගල්ද?
    යකො දෙන්නගෙම වයස තිනව නම් පොලිcඉයට එතනින් එහට දෙයක් කරන්න බැහැ ඒක මානව අයිතිවසිකමක්
    kella rape kara kiwwoth ithin case e wage kellekuta love karana eka p ekek wenna ona ehema kiyana kellek bawa dana ganne nathi wenna

    ha.. ehenam pala..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සිර ලව් කරන දෙන්නෙක් රූම් එකට යන එකේ වරදක් නැ නේද? දෙන්නට දෙන්නා ආදරෙයි නං. මොකක්‌ ද තියෙන ගැටලුව?

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කව්ද බෝයි;12371268 said:
    අඩු ගානෙ කොල්ලෙක් කෙල්ලෙකුට අහැක් ගැහුවත් අඩි ගානක් දුර ඉදන් ලව් කරත්, අතින් ඇල්ලුවත් බලන්නෙ වපර ඇහෙන්
    මේ මෝඩ හන මිටි අදහස් සමජෙන් නැති කරන්න ඕන
    හුගක් වෙලවට මෙහෙම බනින ඩයල් තරුන කලෙ මුකුත් කරගන්න බැරි උන නිස දැන් ඉන්න උන්ට ඉරිසිය කරනවා

    ඔව් ඔය කතාව මම නාකි පොරකගේ කටින්ම ඇහුව..
    ඌ කිවුවේ "අපේ කාලේ අපි මේක (දන්නවනේ) මොකටද තියෙන්නේ කියල දන්නේ නෑ , ඒත් දැන් ඉන්න උන් කරන වැඩ දැක්කම අපිට ඉරිසියයි බොලව්" කියල:angry::angry::angry:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔව් ඔය කතාව මම නාකි පොරකගේ කටින්ම ඇහුව..
    ඌ කිවුවේ "අපේ කාලේ අපි මේක (දන්නවනේ) මොකටද තියෙන්නේ කියල දන්නේ නෑ , ඒත් දැන් ඉන්න උන් කරන වැඩ දැක්කම අපිට ඉරිසියයි බොලව්" කියල:angry::angry::angry:
    :lol:
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    machan mage kallata 17i mata 24i... api denna rooms wala natuwa wena paraks wala hari wena kohe hari couples inna tanaka idala hari inna eka case da ban ??
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කව්ද බෝයි;12374138 said:
    mata room ona naha kello 10 denek ekka unath eka para inna puluwan mage apartment eke,
    mama kiwwe meke attha thathwe kiyanna meke mul page eka balapan eke hariyata athi mata thawa sathiyak dipan mama nithi serama waganthi no ekkama dannam
    yako meka arabiya neme
    ahinsakayonta policiya part danawa

    nithiya pathen unnta balayak na ehema balawaskara wennathi kellage kamathen yana ayawa allanna.. polisiyata sakai nam unta balaya tiyanawa demaupiyan kadawala prashna karanna.. nathan unta kohomath ehema karanna aitiyak na.. :yes::yes:
     
    Mar 21, 2012
    119
    8
    0
    ගෙදර
    nithiya pathen unnta balayak na ehema balawaskara wennathi kellage kamathen yana ayawa allanna.. polisiyata sakai nam unta balaya tiyanawa demaupiyan kadawala prashna karanna.. nathan unta kohomath ehema karanna aitiyak na.. :yes::yes:
    **
    lankawe godak hana miti adahas wadi bn me wage dewal nisa rate asahana karayo bihi wenawa couple ekak pare athin allagena giyath wapara ahena balanne
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කව්ද බෝයි;12374291 said:
    **
    lankawe godak hana miti adahas wadi bn me wage dewal nisa rate asahana karayo bihi wenawa couple ekak pare athin allagena giyath wapara ahena balanne

    :yes::yes::yes:


    පෞද්ගලික ලැගුම්හල් හා පොලීසියේ භූමිකාව


    දඹුල්ල ප‍්‍රදේශයේ පුද්ගලික ලැගුම්හල් සම්බන්දයෙන් දියත් කරන ලද සෝදිසි මෙහෙයුමක් පිළිඹදව ප‍්‍රශංසාත්මක ලිපියක් පසුගිය ඉරිදා දිනෙක (2011.12.11) ලංකාදීප පුවත්පතේ දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස නම් පුද්ගලයෙකු විසින් පල කොට තිබුණි. දඹුල්ල පොලීසිය විසින් අදාළ සෝදිසි මෙහෙයුම දියත් කරන ලද්දේ ඔවුන් විසින්ම පසුගිය ඉරිදාවක එම පුවත්පතේම පළ කරන ලද යම්කිසි හෙළිදරව් කිරීමක් පාදක කරගෙන බව ලියුම්කරු සදහන් කරන්නේ යම්කිසි ආඩම්බරයකින් බවද පෙනුණි. ඊට අමතරව පසුගිය ඉරිදා (2011.12.18) දිනද ලැගුම්හල් හා වෙනත් රහසිගත ස්ථාන කරා යන පෙම්වතුන් හා අනෙකුත් ලිංගික සතුට සොයන්නන් පිළිබද දීර්ඝ ගවේශනාත්මක ලිපියක් පළකර තිබුණි. මෙහිදී මෙම ලිපි වල ලියුම්කරුවන් විසින් ඉස්මතු කරන ලද්දාවූ කාරණා සුචරිතවාදී සමාජ දෘෂ්ටිකෝණයෙන් සාධාරණ බව පෙනී ගියද මේ සම්බන්දයෙන් නෛතික දෘෂ්ටි කෝණයෙන්ද විග‍්‍රහයක් ඉදිරිපත් කිරීම උචිත යැයි මට හැගුණි.
    මෙහිදී මෙම ලිපි දෙකම සම්පාදනය වී ඇත්තේ ලැගුම්හල් කරා ලිංගිකත්වය යන අරමුණින් යන සියල්ලන් කෙරෙහිම විරෝධාකල්පයකින් බව පැහැදිලිය. මූලික වශයෙන් මෙහි අරමුණ වී ඇති මෙම අපචාර වලට ගොදුරු වන්නාවූ පාසල් දරු දැරියන් ගලවාගැනීම ඉතා උතුම් අරමුණක් බවට මෙම ලියුම්කරුටද විවාදයක් නැත. සදාචාරමය වශයෙන් ගත්කල අනාචාරයේ හැසිරෙන්නන් හා බාලවයස්කාර පෙම්වතුන් සාකච්ඡුාවෙන් බැහැර කරන්නේ නම් ඉහතකී කාණ්ඩ දෙකටම අයත් නොවන පෙම්වතුන්ට මෙහිදී යම් අසාධාරණයක් සිදුවී ඇත. පෙම්වතුන්ට පෙම්වතුන් ලෙස සිටීමට අයිතියක් ඇත. බාලවයස්කරුවකු නොවන ඕනෑම අයෙකුට තමා කැමති අයෙකු සමග ලිංගිකව හැසිරීමටද අයිතියක් ඇත.
    මෙම පෞද්ගලික ලැගුම්හල් සහ එ්වායේ ලැගුම්ගන්නා පුද්ගලයන් සම්බන්දයෙන් පොලීසියට ක‍්‍රියාත්මක විය හැකි යම් වපසරියක් ඇත. සමාජයේ ආරක්ෂාව උදෙසා එම වපසරිය තුල ක‍්‍රියාත්මක වන පොලීසිය සමාජයේ ආරක්ෂාව උදෙසාම එම වපසරිය ඉක්මවා යාමෙන් වැළකිය යුතු බව මෙම ලියුම්කරුගේ හැගීමයි. සදාචාරය වැනි කාරණා සම්බන්දයෙන් පොලීසියේ ක‍්‍රියාකාරිත්වයට යම් බුරුලක් දිය යුතු බවද ඇතැම්හු විශ්වාස කරති. පොලීසිය ඇතැම් අවස්ථා වලදී තම සීමාවන් ඉක්මවා ක‍්‍රියාකිරීමට පෙළඹෙන්නේ ඇතැමුන් සාධාරණීකරණය කරන “බුරුල” ප‍්‍රයෝජනයට ගනිමින් බව සැලකිය යුතුය. අගුලාන සිදුවීම, දොම්පේ සිදුවීම, කටුනායක නිදහස් වෙළදකලාපයේ සිදුවීම වැනි අවාසනාවන්ත තත්වයන් පොලීසිය එම “බුරුලෙන්” ප‍්‍රයෝජන ගත් අවස්ථා සදහා මෑත කාලීන උදාහරණ වේ.
    මෙහිදී ලැගුම්හල් සම්බන්දයෙන් පොලීසියට ක‍්‍රියාත්මක විය හැකි වපසරිය තීරණය වන්නේ ඒ සම්බන්දයෙන් පවත්නා විවිධ නීතිරීති මගිනි. ඒ සම්බන්දයෙන් වර්තමාන සමාජයේ පුරවැසියන්ට පමණක් නොව, ඇතැම් පොලිස් නිලධාරීන්ටද පැහැදිලි අවබෝධයක් නොපවතින බව සමාජ සිදුවීම් ආශ‍්‍රයෙන් ප‍්‍රත්‍යක්ෂ වේ. එබැවින් පොලීසියේ නිශ්චිත සීමාව කුමක්ද යන්න පිළිබදව හරියාකාර අවබෝධයක් මහජනයාට ලැබිය යතුය.
    ප‍්‍රධාන වශයෙන්ම ගණිකාවාස පනත යටතේ ලැගුම්හල් වල සිටින්නන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙම පනතේ 02 වගන්තිය ප‍්‍රකාරව ගණිකාවාසයක් පවත්වාගෙන යාම, කළමනාකරණය කිරීම, කළමනාකරණය සදහා ක‍්‍රියාකිරීම හෝ ආධාර කිරීම කරන්නෙකු වරදකරු වන්නේය. එ අනුව මේ පනත යටතේ ලැගුම්හලක සිටින්නන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ දෙදෙනාගෙන් කාන්තාව අදාළ ලැගුම්හලේ සේවයේ නියුතුව සිටින්නියක් නම් පමණි. යම් පුද්ගලයෙක් එම ලැගුම්හලට පරිබාහිරයෙන් කාන්තාවක් රැගෙන ගොස් ඇය සමග ලිංගික කාර්යයේ යෙදේ නම් එයට බාධා කිරීමට පොලීසියට බලයක් නැත. සිරිනිමල් එදිරිව හලාවත පොලිස් පරීක්ෂක සහ තවත් අය (2001 ශ‍්‍රී ලංකා නව නීති වාර්තා, පිටු අංක 29) හීදී මේ බව දක්වා ඇත.
    යම් පුද්ගලයෙකු ලැගුම්හලක බාලවයස්කරුවකු සම`ග රැදී සිටින්නේ නම් ජාතික ළමාරක්ෂක අධිකාරී පනත යටතේ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහිදී එම පුද්ගලයාට චෝදනා එල්ලවන්නේ බාලවයස්කරුවකු ලිංගික අපයෝජනයට ලක්කිරීම හේතුවෙනි. ඉහත කී පාසල් සිසු සිසුවියන් සම්බන්ද තත්වය මෙම කාරණාව යටතට අයත් වේ. මෙම නීතියට ගරු කිරීමක් වශයෙන් බොහෝ ලැගුම්හල් වලට පුද්ගලයන් ඇතුළු කරගැනීමේදී හැදුනුම්පත පරීක්ෂා කිරීමක් සිදුකරන අතර අවුරුදු 18ට අඩු පුද්ගලයන් දෙමාපියන් හා තම පවුල සමග නොසිටින බව පෙනී යන්නේ නම් කාමර ලබාදීම ප‍්‍රතික්ශේප කරන ලැගුම්හල් හිමියන් කොතෙකුත් සිටිති. එසේ වුවද ඉහත ලිපි වල දක්වා ඇති ආකාරයෙන්ම පටු ලාභ ප‍්‍රයෝජන හා වාසි අරභයා බාලවයස්කාරයින්ට ලැගුම්හල් සේවාව සපයන පුද්ගලයන්ද සිටින බව සත්‍යයකි. ඒ සම්බන්දයෙන් ක‍්‍රියා කිරීමට ප‍්‍රමාණවත් නීතිරීති පවතී.
    යම් පුද්ගලයකු ලැගුම්හලක නොව වෙනත් ඕනෑම ස්ථානයක රැදී සිටියදී සිදුකරනු ලබන පරික්ෂා කිරීමකදී තමාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අසමත් වේ නම් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහෙත් මෙසේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවක චෝදනා ගොණු කළ හැක්කේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත් වීම සම්බන්දයෙන් පමණක් වේ. ලැගුම්හල තුල ලිංගික ක‍්‍රියාවක යෙදුණේද යන්න මෙහිදී අදාළ කරුණක් නොවේ. නමුත් බොහෝ අවස්ථා වලදී සිදුවන්නේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත්වීම යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ලිංගික ක‍්‍රියාවක යෙදීම සම්බන්දයෙන් සැකකරු වෙත දැඩි සේ අවවාද කොට මුදාහැරීමය. හදිසි නීතිය ක‍්‍රියාත්මක වූ පසුගිය සමයේ බොහෝ ලැගුම්හල් වැටලීම් කලේද, ඒවායේ රැදී සිටි ”ජෝඩු” අත්අඩංගුවට ගත්තේද පසුව “දැඩිසේ අවවාද කොට” මුදාහරින ලද්දේද මෙම න්‍යාය යටතේය. කෙසේ වෙතත් හදිසි නීතිය හෝ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ ලිංගික වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නෛතික වශයෙන් ප‍්‍රශ්න කළ හැකි තත්වයකි.
    යම් අවස්ථාවක යම් කාන්තාවක් සම`ග ලැගුම්හලක හෝ වෙනයම් ස්ථානයකදී ලිංගික ක‍්‍රියාවේ යෙදෙන්නේ ඇගේ කැමැත්තට පටහැණිව නම් දණ්ඩ නීති සංග‍්‍රහයේ 363 වගන්තිය යටතේ එන ස්ත‍්‍රී දුෂණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙහිදී ප‍්‍රබලතම කාරණය වන්නේ අදාළ ස්ත‍්‍රියගේ කැමැත්තයි. ඇගේ කැමැත්ත ඇය කැමැත්ත දීමට හැකි අවස්ථාවක, එනම් හොද සිහිබුද්ධියෙන් පසුවන අවස්ථාවක ලබාගත්තක් විය යුතුය. අදාළ කාන්තාව බාලවයස්කාරියක් නම් මෙම කැමැත්ත පිළිබද කාරණය බල නොපායි.
    විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් තවත් විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් සමග ලිංගික කාර්යයේ යෙදීම, එනම් අනාචාරය ශ‍්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ වරදක් නොවේ. අනාචාරය යනු දික්කසාදයේදී නඩු නිමිත්තක් සපයන්නාවූ කාරණයක් පමණක් වන අතර මෙවන් අවස්ථාවකදී පොලීසියට භූමිකාවක් නොමැති බව අවධාරණය කල යුතුය. කිසි`දු අවස්ථාවක අනාචාරයේ හැසිරීම හෝ අනියම් ලිංගික සබ`දතාවයක් නිසා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත.
    එබැවින් යම් පුද්ගලයන් දෙදෙනෙකු, ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ බාලවයස්කරුවකු නොවන අවස්ථාවකදී, අදාල කටයුත්තට දෙදෙනාගේම කැමැත්ත ඇති අවස්ථාවකදී, දෙදෙනාගෙන් අයෙකු සේවයේ යෙදෙන ගණිකාවාසය තුල ලිංගික කාර්යය සිදු නොකරන අවස්ථාවකදී කිසිම හේතුවක් නිසා ලිංගික වරදක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත. එමෙන්ම තම අනන්‍යතාවය සනාථ කිරීමට සමත්වන, වරෙන්තු නොකරන ලද පුද්ගලයෙකුද එසේ අත්අඩංගුවට ගත නොහැක. එසේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13(1) වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වේ.
    වර්තමාන තරුණ පරපුර මෙසේ ලිංගික තෘප්තිය සොයා අහුමුලූ ගැන්නීමෙහි වගකීම භාරගත යුත්තාහු වැඩිහිටියෝමය. පෙම් යුවලක් ආසන්නයේ සිටින විට ඔවුන්ගේ සෑම අංග චලනයක් පාසා නිරීක්ෂණය කිරීමේ පුරුද්දක් අපේ වැඩිහිටියන්ට ඇත. අතින් අල්ලාගෙන සිටීම වැනි අහිංසක ක‍්‍රියාවක් දෙස පවා ඇතමුන් බලන්නේ වපරැුසිනි. ප‍්‍රසිද්ධ සමාජයේ ප‍්‍රතික්ශේප වන්නන්, ගැරහුමට ලක් වන්නන් තමන්ගේම ලෝක තුල මුළුගැන්නීම ලිංගිකත්වය තුලදී පමණක් නොව අනෙකුත් සෑම සියළු සමාජ ක‍්‍රියාවලියක් තුලදීම අත්දැකීමට ලැබෙන සමාජ සංසිද්ධියකි.
    කුරුණෑගල නගරයේ වර්තමාන තත්වය මෙය වටහා ගැනීමට මනා උදාහරණයකි. කුරුණෑගල නගරයේ වර්තමානයේ පෙම්වතුන්ට නිදහසේ කතාබහ කිරීමට හෝ ස්ථානයක් නොමැත. රජපිහිල්ල උද්‍යානයේ පෙම්වතුන්ට රැදී සිටීමට ඉඩ නොදෙයි. වැව රවුමේ බංකු වෙන්ව ඇත්තේ විශ‍්‍රාමික වයෝවෘද්ධ මහත්වරුන්ට හා රාජකාරීමය කටයුතු සදහා නගරයට පැමිණෙන්නන්ට කල් මැරීම සදහා ය. ඇතුගල ප‍්‍රදේශය දැන් පෙම්වතුන්ට සපුරා තහනම් කලාපයකි. කුරුණෑගල බස් නැවතුම්පලේ හෝ වෙළද සංකීර්ණයේ හෝ පෙම් පිළිසදරක යෙදී සිටීමට කිසිදු පෙම් යුවලකට ඉඩක් නැත. කුරුණෑගලදී නිදහසේ පෙම් පිළිසදරක යෙදීමටනම් එක්කෝ ඇවිද ඇවිද කතා කල යුතුය. නැතිනම් තමාගේම කියා වාහනයක් තිබිය යුතුය. එවිට එය මග නවත්වා සුළු වේලාවක් නිදහසේ කතා කළ හැකිය. තමාගේම කියා වාහනයක් ඇත්තේ තරුණ පෙම්වතුන්ගෙන් කීයෙන් කී දෙනාටද? ඉදින් එසේ සදාචාරවත් ලෙස තම පෙම් සබදතාව පවත්වාගෙන යාමට ඇති ඉඩකඩ අවුරා ඇති කල පෙම්වතුන් ඉබේම තල්ලූ වන්නේ කාගෙන්වත් කරදරයක් නැති, කාටවත් කරදරයක් නැති, පෞද්ගලිකත්වය උපරිමයෙන් රැකෙන ලැගුම්හල් කරා නොවේද?
    සමාජයක පැවැත්මට සහ අනන්‍යතාවයන් ආරක්ෂා කර ගැනීමට සදාචාරවත් බව හා සංස්කෘතිය වැදගත් සාධකයන් වන බව සත්‍යයකි. එසේ වුවද සංස්කෘතිය, සදාචාරය වැනි පුද්ගලබද්ධ කාරණාවන් සම්බන්දයෙන් නීතියට ක‍්‍රියාත්මක විය හැකි යම් සීමාවක් පවතී. එසේ සීමාවක් පනවා ඇත්තේද මානව සමාජයේම සුබසිද්ධිය උදෙසා බව අමතක නොකළ යුතුය. එබැවින් සදාචාරය සුරක්ෂිත කිරීමෙහිලා ආගමික හා සිවිල් සංවිධාන සතු වගකීම පොලීසිය වෙත ආරෝපණය කොට පොලීසියේ යකඩ අතින් සදාචාරය සුරක්ෂිත කරවාගන්නට යාම ආනුශංගික ගැටළු රාශියකට අත වැනීමක්ම වන්නේය.
     

    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    ammata udu mara thread eka ban pissu hadei
    hoda thread ekak ara 1st page eke thibuna eka hari Padada nithiya yatate
    e kiyala thibuna dewal hari ehema awulak wenna giyoth call karapan H R walata
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    machan mage kallata 17i mata 24i... api denna rooms wala natuwa wena paraks wala hari wena kohe hari couples inna tanaka idala hari inna eka case da ban ??

    PLZ GIVE YOUR ADVICES ...
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    machan mage kallata 17i mata 24i... api denna rooms wala natuwa wena paraks wala hari wena kohe hari couples inna tanaka idala hari inna eka case da ban ??

    PLZ GIVE YOUR ADVICES ...
    oka mehemai.
    epa karapu police karayanta oka athi.
    kellata 18k na ne.
    aran gihin gedawarata kiyawi.
    gedarin ena aya dannawanam, eyala saddayak dammanam patta.
    mokada ape rate love karanna wayasak kiyala na.
     

    ScrewBalls

    Banned
    Dec 31, 2011
    82
    12
    0
    වයස 18ට අඩුනම් මොන කෙහෙම්මලක් කරත් කමක් නෑ.නමුත් 18ට වැඩි අය තමන්ගේ කැමත්තෙන් කාමරේක ඕන දෙයක් කරන්න ඕනී.එහෙම නැත්නම් ලංකාවේ ඉපදෙන අයගේ පයි පොඩි කාලේම කපලා දාන්න තියෙන්නේ.ඒක තමයි වඩාත්ම හොඳම දේ.
    ලංකාවේ ඉන්න ධනවත් පවුල් වල අය උන්ගේ ලමයින්ට වයස 17-18 වෙනකොට ලස්සන කෙල්ලොසෙට් කරලා දීලා උන් එක්ක ජොලි කරන්න ඕන තරම් නිදහස දෙනවා. බලපන් යෝෂිතලා, රෝහිතලා,නාමල්ලා ගන්න ආතල් එක. එතකොට කෙහෙලියගේ කොල්ලා, මාලකලා ගන්න ආතල් එක.මේ අපේ සාමන්‍යය කොල්ලන්ට ශිෂ්නේ තියාගෙන අතේ කරන්න කියලා ආන්ඩුව කියන්නේ.අනේ හුකේ.
     
    Mar 21, 2012
    119
    8
    0
    ගෙදර
    වයස 18ට අඩුනම් මොන කෙහෙම්මලක් කරත් කමක් නෑ.නමුත් 18ට වැඩි අය තමන්ගේ කැමත්තෙන් කාමරේක ඕන දෙයක් කරන්න ඕනී.එහෙම නැත්නම් ලංකාවේ ඉපදෙන අයගේ පයි පොඩි කාලේම කපලා දාන්න තියෙන්නේ.ඒක තමයි වඩාත්ම හොඳම දේ.
    ලංකාවේ ඉන්න ධනවත් පවුල් වල අය උන්ගේ ලමයින්ට වයස 17-18 වෙනකොට ලස්සන කෙල්ලොසෙට් කරලා දීලා උන් එක්ක ජොලි කරන්න ඕන තරම් නිදහස දෙනවා. බලපන් යෝෂිතලා, රෝහිතලා,නාමල්ලා ගන්න ආතල් එක. එතකොට කෙහෙලියගේ කොල්ලා, මාලකලා ගන්න ආතල් එක.මේ අපේ සාමන්‍යය කොල්ලන්ට ශිෂ්නේ තියාගෙන අතේ කරන්න කියලා ආන්ඩුව කියන්නේ.අනේ හුකේ.

    :D