සුන්දර ගීයක ඇරබුම,..

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    කොච්චරනම් ආදරය කලත් අපි බලපොරොත්තුවන විදියටම ජීවිතය ගලාගෙන යන්නෙ නෑ.. හිතන්න අපි හැමදාම උදේට ගුවන්විදුලියෙන් අපි අහනව ඔබේ පැතුම් ඉටුවන සුභම සුබ දවසක් වේවා..! කියල... ඒත් අපි හිතන පතන විදියටම දවස ගෙවෙනවද....? ආදරයත් එහෙමයි අපි අවංකව ආදරය කරනවානම් කරන්නෙ ආයෙ වෙන්වීමක් ගැන හීනෙන්වත් දකින්නෙ නැතිව... කොතරම්නම් අපි සිහින මාලිගා හදනවද...? මුලින්ම ඇය ව හමුවන විදිය...? හමු උනාම හැසිරෙන විදිය...? සම්බන්ධය ගලාගෙන යද්දි ඇය නිසා අපි වෙනස් වෙන විදිය...? කොතරම් නම් සුන්දරද....? සැබැවින්ම ආදරයෙන් වෙලුනොතින් උදේ නින්දෙන් අවදිවූ විගසම අපේ සිහියට එන පලමු වෙනි සිතුවිල්ල තමයි... ඇය.

    මේ වගේ සිය ජීවිතය දෙවැනි කරල ආදරයක් කරල, ඒ ආදරය බිදිල ගියොත් ඇතිවන හැගීම් වචනයට පෙරලන්නෙ කොහොමද...? හිතාගන්නවත් බෑ... ඒත් සිය ආදරවන්තිය තමාව තනිකලාම... තමාව දමා ගියාම... යාළුවො සමාජය ඉස්සරහ බොරුවට දුකක් නෑ වගේ ඉන්න පුළුවන්.. බැරි උනත් කොහොමහරි ඉන්නවා... හිතයටින් ගිණි ගොඩක් හංගගෙන ඉන්නවා... නමුත් අපි මොහොතකට හෝ තනි උනොතින්නම්.... වස බෝතලයක් දෙනවනම් රස කර කර උනත් බීගෙන බීගෙන යන්න පුළුවන්... මේක බොලද කමක් නෙමෙයි.. ඇයට තිබෙන ආදරයේ ප්‍රබලකම.. ඇය නැතිවීමෙන් දැනෙන තනිකමේ වේදනාවේ ප්‍රබලකම. ඒ වේදනාව, තනිකම දරාගන්න හරිම අමාරුයි...

    දකින දකින තැන්වල පෙනෙන්නෙ ඔබේ රූපය... හැම සිදුවීමක්ම ඔබ හා ඉබේම ගැලපෙනවා... කොතරම් මතක නැති කරන්න උත්සාහ කලත් කොහොමද දෙවියනේ මතකනැතිකරන්නෙ... ඔන්න හිතාගන්නව ආයෙ ඔබව මතක්කරන්නෙ නෑ කියල... මොහොතයි හොරෙන්ම හෙමින් හෙමින් ඔයා මගේ සිහියට ඇවිත්... ඇස්කෙවෙණි ලගට කදුලක් එන්න හදනකොට හෝ හයියෙන් කෑ ගහල අඩන්න හිතෙනකොට තමා මතක් වෙන්නෙ මම ආයෙත් ඔයාව සිහිකරනව නේද කියල....?

    ඇස රැදුන රැදුන තැන්වල මුව මඩල හිනහුනා
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    මගේ හදවත අසරණවෙලා.... තනි වෙලා... මේ පාලු හදවත නැමති අම්බලමේ දුක නැමති පැදුර එලල තියෙනවා... ඒත් මට එහි නිදියන්න බෑ... මට දුක එපා... ඔයා නැතිව බෑ මට.. ඒ නිසා මම නිදියන්නෙ නෑ.... ඔයා ගැනම සිතමින් මම මුළු රෑම ගෙවන්නම්... මේ රැය කියන එක ලෝකයට උදා නොවෙනවනම්... මට ගෙවාගන්නම ආමාරු කාලය මේ රාත්‍රිය... සිතුවිලිවලට නිදහසේ දුවන්න පුළුවන්නේ... සිතුවිලිත් මාව රිද්දන්නද කොහෙදො දුවන්නෙ ඔයාව සොයාගෙනමයි.... ඒ නිසා මම නිදන්නෙ නෑ... කමක් නෑ... මම නිදන්නෙ නැතිව වේදනා විද විද හරි ඉන්නව.... වෙන මොනව කරන්නද... හිත් තියෙන්නෙ රිදෙන්න නේ.. ඔහේ රිදුනදෙන්...

    දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන්හලේ
    නින්දකට නොවැටි තැවි තැවි මුලු රැය පහන්කලේ.

    සිතුවිල ගලනවා ඉවරයක් නෑ... ඔයාව සිහිවෙනවා කෙලවරක් නෑ... මතක ගලාගෙන එනවා අවසානයක් නෑ.... මේ හැම එකකින්ම මගේ ගලන කදුළුවල නිමක් නෑ... ඒ අතරෙදි මට මගේ කණට සියුම් දෝංකාරයක් වගේ හඩක් ඇහෙනවා... මොනවද කියන්නෙ... කවුද ඒ කතාකරන්නෙ... ඔයාද වෙන කවුරුවත්ද...? ඒ හඩ කොහෙන් ආවත් ඇත්ත එයා කියනදේ ඇත්ත... එයා කියනව අනංගයා විදපු මල් හී අපතේ ගියානේද කියලා...? අනංගයාටත් බැරිවෙලා අපි දෙන්නව එක් කරන්න... ඒ තරමටම මම පෙර ආත්මයේ පවක් කරල ඇති... මම එහෙම හිතාගෙනවත් හිත හදාගන්න උත්සාහ කරන්නද...?

    රෑ කවුද හෙමින් එලැඹී මගේ කනට මුවතියා
    මින්දදගෙ දුන්නෙ මලිහී අහකැයි කියා ගියා ..
    .

    ඉතින් කලින් කිවුව වගේ අනංගයාටත් බැරි උනා, මල් හී අපතෙ ගියා කියල හිතාගෙන හිත හදාගන්න මම උත්සාහ කලත් එයත් හරියන්නෙ නෑ වගේ... මේ වේදනාව කොහොමද මම විදින්නෙ... වෙලාවකට හිතෙනවා මුළු ලෝකෙන්ම සැගවිලා යන්න... උඩුහිත නම් මම කියන විදියට අහගෙන නිහඩව ඉන්නවා... ඒත් යටිහිත මට පාලනය කරන්න බෑ... මගේ යටි හිත ඔයා හොරකම් කරල... හරියට පොඩි දරුවෙක් අම්මව සොයනව වගේ... ‍මගේ යටි හිතත් හැම තත්පරයකම ඔයාව විමසනවා... මම මොනව කරන්නද..? මේ ලොකෙන්ම සැගවෙන්න ඕන.. නැතිනම් ඒත් මේ ලෝකෙන්ම සැගවෙන්න ඕනි... ඒත් ඔයාට තිබෙන ආදරයම එයට බාධාවක් වෙලා...

    වැසු විමන් පියන් පියවා සගවන්න මට හිතයි
    උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටිහිතයි

    හරිම අහින්සක විදියට තමාව දමා ගිය ආදරවන්තිය වෙනුවෙන් අඩා වැටෙන දුක්වෙන ගීතයක්. මේ ගීතයේ තිබෙන විශේෂතා දෙකක් තමයි, අංශු මාත්‍රයකුදු සිය ආදරවන්තිය ගැන අහිතක් හිතන්නෙනෑ.. තනිවම ඉතාම අසරණ ලෙසට තනිවෙලා දුක්වෙනව... අනිත් කාරණය තමයි ගීතයටත් එහා ගිහින් සංගීතය අඩා වැලපෙනවා.. මෙහි එන බටනලා වාදනය සහා වයිලීන් ගිටාර් වාදන අපේ ඇටමස් ලේ නහර විදගෙන යනවා හරියට හී සැරයක් වගේ... අපේ යාළුවො කියවල බලල අදහසක් දෙන්න හොදේ...

    ඇද රැදුන රැදුන තැන්වල මුව මඩල හිනහුනා
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන්හලේ
    නින්දකට නොවැටි තැවි තැවි මුලු රැය පහන්කලේ.

    රෑ කවුද හෙමින් එලැඹී මගේ කනට මුවතියා
    මින්දදගෙ දුන්නෙ මලිහී අහකැයි කියා ගියා ...

    වැසු විමන් පියන් පියවා සගවන්න මට හිතයි
    උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටිහිතයි......

    මේ විරහව තනිකම උරුම පෙම්වතුන්ට විතරක් නෙමෙයි... මේ දුක ගැහැණු පිරිමි දෙපක්ෂටම පොදුයි... පිරිමෙයෙක් ඉහතින් සදහන් කල විදියට හරිම අහින්සක විදියට අඩා වැටෙද්දි... ආදරෙන් පැරදුන ප්‍රේමවන්තියක් දුක්වෙනව මුළු ලෝකයම වේදනාවෙන් ගිගුම් දෙන ලෙසට...

    නිදිවර්ජිතව තම අහිමිවූ ආදරේ නාමයෙන් දුක්වෙන ඇය පාළු සීත රාත්‍රියෙන්, නිසලව සිටින ගස් කොලන් වලින්, තරු කැට වලින්, අදුරු අහසින්, මිලාන වූ සදෙන් , පිළිතුරු දෙන්න බැරි ප්‍රශ්ණයක් අහනවා.....

    “ අනේ ඔයාලගෙන් කවුරු හරි මට කියන්න... මගේ සිත ඔහුගේ සුසුම සොයනවා, ඔහුගේ දෙනෙත් සොයනවා... මට තේරෙන්නෙ නෑ... ප්‍රේමය කියන්නේ මොකද්ද මට තේරෙන්නෙ නෑ... ඔයාලවත් මට කියල දෙන්න. මෙහෙම දුක්විදීම ප්‍රේමයද...? ”

    මේ පාළු සීත රාත්‍රියේ ...
    කියා දෙන්න රහසින්...
    ප්‍රේමය නම් කිමැයි කියා....

    පට්ට ඈ.........
    11.gif
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    amoo atha aruna tika serma kiyewwa.. eka yaye kaka wati kiyana sinduwa nam mama asama movie song ekak.. aney mey thread eka issarahata aran yana siyaluma denatama pin.. mey dawas tie wada wadi nisa wadiya mey pathtata enna bari una.. ELA ELA digatama karagena yamu
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මෙසේ දෙදෙනා රටවල් දෙකක හිටියත් ලියුම් මගින් දෙදෙනා තම අදාරය දිගටම ගෙනියනවා... මේ අතර තරුනිය කෙතරම් ලියුම් ලියුවත් තරුනයා ගෙන් ලියුම් ලීවීම ක්‍රමයෙන් අඩුවී ගොස් නෑවතීම යනව..

    ඈ හිත අඩනව.. පුලුවන් තරම් අඩනව නොකා නොබි ඉන්නව ඈයව අස්වසන පියා පවසන්නෙ ඔහු එරටින් කාන්තාවක් සමග සම්බන්දයක් පටන් ගත්බව තමන්ගේ මිතුරෙකු මාර්ගයෙන් දෑන ගත්බවයි..

    තරුනයා කෙරෙහි දෑඩි කෝපයක් හා පිලිකුලක් තරුනියගේ හිතේ හටගන්නව.. ඒ අවසත්තාවෙන් ප්‍රයෝජන ගන්න මුදලාලි මහත්තයා තමන්ට ගෑල පෙන පවුලකින් කෑනෙක්ව ඈට යෝජනා කරනව ඈ ත් ප්‍රේම වන්තයයාගෙන් පලිගන්න ඊට කෑමතිවෙනවා..

    මුදලාලි මහතාත් ඉක්මනින්ම විවාහයේ කටයුතු ඉවරකරල දානව ඒ.. ඔහුගේ හිතේ යම් බයක් තියන නිසා .. අර තරුනයා කිසියම් හෝ මොහොතක නෑවත සියරට පෑමිනෙයි කියල..

    මෙසේ කාලය ගත වෙද්දි.... අර තරුනයා ලන්කාවට පෑමිනෙනව.. ඈවිත් පෙම් වතිවය සොයනව.. ඈ කසද බෑදල.... මොහු කෙසේ හෝ ඈ සමග කතා කරන්න අවස්තාවක් ලබාගෙන ඈගෙන් අසනව ඈයි තමාට මෙහෙම කලේ කිය්ල .. තරුනිය ඔහුට බෑන වදිනව...

    නමුත් තරුනයා දිවුරමින් ප්‍රකාශ කර්න්නෙ තමන් ඈට ලියූ බවත් ඈගෙන් පිලිතුරු නොලෑබුනු බවත් .. කෙසේ හෝ දෙදෙනාටම තේරෙනව මුදලාලි මහත්තයා ඔහු එවන ලිපි හන්ගා ඈතිබව ..
    නමුත් දෑන් ඈ කසාද බෑදල.. ඔහු ඈගෙන් නික්මෙනව...

    ශ්‍රී ලන්කාව තුල බිහිවූ අග්‍රගනයේ ගායයෙකු වන මිල්ටන් මල්ලවාආරච්චි මහතාන්.. ගීත ගායනයට පිවිසෙන්නෙ ඔය විරහ වේදනාව මතින්... හොදට අහන්න ඔහුගේ සෑම ගීයකම ඔය විරහව ගෑබ් වෙලා තියානව...
    මෙමෙ හේතුව මත අදික ලෙස මත් පෑන් වෙත නෑබුරු වන එතුමානෝ ඉතාම කෙට් කලදී මෙලොවින් සමු ගන්නව.. ඒ තමාගේ පෙම්වතියට අයත් රෝහලේදිම ඈ ඉදිරිපිට දීම වීම දයිවයේ සරමක්ද??

    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
    යලි ඔබ සවනේ නොරැඳී නොඇසී
    සුළඟේ මිලින උනාවේ....
    :confused::confused::confused:
     
    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මුලින්ම මේ ත්‍රෙඩ් එක ආරම්භ කිරීම සම්බන්දයෙන් අපේ ධනුශ්ක සහෝදරයාට තුති පුද කරන අතර මෙය නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාමට තම යතුරු පුවරුව වෙහෙසවන කිඹුල් සහෝදරයා, සස්ලිට් මගේ මිතුරා ඇතුලු සියලුම විචාරකයන්ට මගේ හද පිරි ප්‍රණාමය........... :yes::yes::D

    මංමුළාවූ සමණලියකගෙනි පාර අසා තිබුණේ.....

    ජීවිතේ ලස්සනම කාලය මොකක්ද කියල මගතොටේ හමුවන ඕනෙම කෙනෙක්ගෙන් ඇහුවොත් දෙන එකම පිළිතුර තමයි යොවුන් කාලය සරලව කිව්වොත් කොලු/කෙළි වයස. ඉතින් ඔය කියන වයසෙදි ආදරය කියන මහ ලොකු ප්‍රහේලිකාව හැමෝගෙම ළපටි හිත්වලට වයිරස් එකක් වගේ එන එක බොහොම පොදු ධර්මතාවයක්......

    ඉතින් ඔය කියන අතරෙදි අසම්මත ආදරයන් ඇතිවෙන එකත් බොහොම සරල දෙයක්. තමන්ගේ පවුල් ඒකකයේ ආකල්ප, සමාජ වටපිටාව, ඇසුරු කරන මිතුරන් වැනි කාරණා මත ඒ ලස්සන යොවුන් කාලය අපතේ දැමූ මිනිසුන් අනන්තයි... නමුත් අපට අසම්මත ආදරයන් සාධාරණීකරණය කරන්න බැරිද????????

    මේ තරුණයාත් යම් යම් හේතූන් මත ජීවිතේ වරද්දා ගත් කෙනෙකු බව රචකයා තමන්ගේ මුල් පද කිහිපයෙන්ම රසිකයාට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන බව පැහැදිළියි.
    නන්නත්තාර වි කිසිම අරමුණක් නැතිව සිටින අතරෙදි තමයි ඔහුට මේ අසම්මත ආදරය, කෙටියෙන්ම කිව්වොත් මේ සුරූපී නිරුවත් ගැහැණිය අත වනන්නෙ.

    මං මුළාවී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ..
    මං මුළාවූ සමණලියකගෙනි
    පාර අසා තිබුණේ....

    ගණිකාවකගේ ජීවිතය තුළ නිශ්චිත අරමුණක්, ඉලක්කයක් හෝ දැකීමක් නොමැති බව ඇය හා යෙදුණු සංවාදයෙන් පසුව ඔහු තේරුම් ගත් බවත් එබැවින් තමන්ගේ අනාගත මාවත මලින් සැරසීමට ඇය අසමත් වේවි යන ආදරය මුසු විසල් බියක් තරුණයාගේ සිත තුළ හටගත් බවත් රචකයා පවසයි.

    ඇයත් නොදන්නිය ඇය යන මාවත
    උන්හිටි තැන් මතකයෙ අඩමානය..
    පාර කියන්නේ කෙළෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය..

    ඒත් කොහොමද මම ඔයාව අමතක කරන්නෙ????? මගේ රස්තියාදුකාර ජීවිතයට ආදරය පින්තාරු කලේ ඔයා..... මෙවැනි සිතුවිළි සමුදායකින් තාරුණයාගේ සිත කැලඹීමට පත්වූවත් අවසානයේ ඔහු තීරණයකට එළඹෙන බව අවසාන පද පෙළින් දැකගත හැකිවේ.

    මට ඔයාගෙ ආදරය වගේම ඔයාවත් ඕනෙ... මං ඔයා කවුද කියල ලෝකෙන් හංගං ඉන්නම් හැමදාටම... හැබැයි ඔයා මට පොරොන්දුවක් වෙන්න ඕනෙ....... ඔයා ඔය කාළකණ්නි රස්සාව අත් අරින්න ඕනෙ.

    එහෙම වුණොත් මෙච්චර කල් අපි දෙන්නම ගෙවපු නිසරු ජීවිත වලින් එළියට ඇවිත් අපි දෙන්නටම අලුත් පුංචි ලෝකයක් හදාගන්න එක ලොකු දෙයක් නෙමෙයි රත්තරං...........

    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූවේ ඇයිදැයි නොකියමි
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමනද අද මෙතැනින් නිමි....

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949

    මුලිනම ඔබව අපේ විචාර පවුලට සාදරයෙන් පිලිගන්නව.. දිගටම අපත් සමග රෑදි.. මෙවෑනි හරවත් විචාරයන් අප වෙනුවෙන් පල කරනු ඈතයි විශ්වාස කරනව...

    ඔබට ජය
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඈත්තටම යාලු ඔය අතීතය මට අදටත් ගොඩක් වේදනාවක් දෙනව.. ඒත් මම ඒ වේදනාවට ආදරය කරනව.. මොකද ඒ වේදානව ඈතුලේ... කියාගන්න බෑරි රසයක් තියන නිසා සහෝදරය....

    මමත් පිස්සෙක් වෙන්න තිබුනා.. එහෙම නෑත්නම්.. බේබද්දෙක් වෙන තිබුන.. එහෙමත් නෑත්නම් සිය දිවි නසාගන්න තිබුන.. මගෙ රත්තරන් අම්ම , තාත්ත දෙන්න , මගෙ නන්ගි , අයියා.. අහෙම තප්පරයම මාත් එක්ක නොසිටියනම්.. ඔවුන් මාව පුදුම විදිහට බලාගත්ත ඒකාලෙ...

    ඒත් එක්කම .. මතක් කරන්න ඕනෙ... අදමගෙ ආදර වන්තිය වෙලා ඉන්න.. කෙනා.. ඒයා අපි දෙන්නගෙම හොදම යාලුවෙක්.. එයා මාව ගොඩක් තෙරුම් ගත්ත.. අදටත් ඒයා දන්නව මම ආදරය කරන්නෙ එයාගෙ යාලුවට කිය්ල වෑඩියෙන්.. මට වචනය්ක් වත් කියන්නෙ නෑ හෑම මාසයකම 13 වෙනිද.. එය මාත් එක්කම පන්සල් ගිහින්.. මොනාම හරි පිනක් කරල ලබන ආත්මෙදිවත් මගෙ පලමු
    පෙම් වතිය මගෙ වෙන්න කියල ප්‍රර්තනා කරනව

    මට උඹ ගැන ඉරිසියයි සහෝ. මටත් උඹට වගේ දෙවන පෙම්වන්තියෙක් ලැබුනනම්. මාව තේරුම් ගන්න හැකියාවක් එයාටත් තිබුනනම්......
    :(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං ඔන්න මට තේරෙන විදියට වැඩේට බහින්නම්..මොකද මම ගැඹුරු අර්ථවත් ගීත සමාලෝචනය කරන අයෙකු නොවන බැවින්..

    තම පාළුව කාන්සිය මගහරවා ගන්න මුහුදු වෙරළට යන තරුනයෙකුට ඉර අවරට යන හැන්දෑවක තමන්ගේ සිතේ සිටි සිහින කුමරිය හමු වූ බවක් තමයි මේ ගීතයෙන් කියවෙන්නේ.... :D:D

    ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී,
    ඈ මට හමුවූවා.....
    සුපිපුණු වනමල් සුවඳ හමද්දී,
    ඈ මට හමුවූවා.....
    ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී....

    රන්කේඳි දහරින් පෙරි පෙරි ඉතිරී....//
    හිරු අවරට ඇදුනා..
    පාළුව තනිකම රජයන විටදී....//
    ඈ මට හමුවූවා....

    සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී....//
    රහසක් මට කීවා..
    සුදු-මුදු වැල්ලේ සිටියදී තනිවී....//
    ඈ මට හමුවූවා....

    ඇවිලුනු ගිනිදැල්....//

    11.gif
    තෑන්ක්ස් මචං.... ඔය ලියලා තියෙන්නෙ නියමෙට... :)
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඉතාලියේ සිට පැමිණි තරුණයෙකු තමා දහසකුත් දුක් විඳ උපයාගත් මුදලින් තමන්ගේ කියල උත්සවසාලාවක් අරම්භකරනවා.කලය කෙමෙක් ගෙවියද්දී එක් දිනක රාත්‍රි කාලය වෙන්කෙරෙනවා මංගල්‍යය උත්සවයක දෙවෙනි දිනය සඳහා.

    මේ තරුණයත් තමන්ගේ උත්සවසාලාවක් වැඩකටයුත් වෙනුවෙන් එදින පැමිණෙනවා..ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ එහෙත් කාලයක් තමන්ගේ මුලු ලොකයම වු ඒ සුන්දර ඇස් ඔහුට සඳ එළියෙන් පෙනෙනවා..ඔහුට දැනෙන්නේ ඒ ඇස් ඔහුට සඳඑළිය ඇවිදින්න කතා කරනවා වගේ..ඔහුට හිතෙනවා ලඟට ගිහින් වචනයක් ඇත් එක්ක කතා කරන්න.ඒත් ඔහුට ඒකට අවසර නෑ..මේ කිසිම දෙයක් නොදන්නා කෙනෙකු දැමු මාලයක් ඇගේ ගෙලේ පලඳල...

    ඔව් ඇය දැන් ඔහුට අයිති නෑ,,ඇය දිහා බලනවා නම් බලන්න වෙන්නේ හොරෙන්.නැවැති ඇතැයි සිතූ කාලය කොතරම් නම් ඉක්මනට ගෙවියනවාද..ඔහු දුටු මුළු විශ්වයම ගෙනල්ල ඔහු ඉදිරියේ තැබුවත් මේ සිදුවන සිදු වීම් ඔහුට හිතා ගන්න බෑ..ඔවුන් දෙදෙටම පමණක් රහසක් වු දේවල් තව දුරටත් රහසක් මද ?? වරක් ඇය ආඩම්බරෙන් ඇගේ රතුපාට සාරිය දිහා බලා පවසන්න උත්සාහ කලේ ඇය වැරැද්ද නිවැරදි කරගත් බවද ?? ඒ එක බැල්මකින් ඇය පැවසිමට උත්සහා කල දේ තේරුම කරගැනීමට නොහැකිව ඔහු මුළු රාත්‍රිය ලතවිල්ලේන් ගෙවී යයි..

    පින්පාට ඇස් එක්ක - රන්පාට සඳඑළිය
    ඇවිදින්න රහසින් කතා..
    සපුරාම තහනම්ද - මේ මොහොත අද්දරට
    අතුරන්න සෙවනැලි රටා..
    පිනි සීත උදුරන්න - ළඟපාත දැවටෙද්දි
    දඟකාර සුළඟක් හමා..
    මේ හාදකම් මොටද - නන්නාදුනන සුළඟ
    කරගාව කෙහෙරැලි වටා..

    හොරැහින් බලා
    රතුපාට සාරිය දිහා
    ආඩම්බරේ...
    නිල් දෑස දෝරේ ගලා
    කොච්චර හෙමින් ආව කාලයද මේ
    හැල්මේ දුවයි හතිදමා

    විශ්වය නෙලා
    මා ගාව තැබුවා වගේ
    අදහන්න බෑ...
    කිමිදෙන්නෙ රහසක් ලොවේ
    බැල්මක ලියා තියෙන පද පේළියේ
    සිරගතව මම රාත්‍රියේ
    පින්පාට ඇස්......

    මේ ගීතය විචරයට තොරතුරු ලබාදුන් chamira85 සහෝදරයට ස්තුතියි වන්ත වැඩ අතර මෙහි අඩුපාඩු පෙන්නා දෙන මෙන් අපේ අනිත් සොයුරන්ගෙන් එල්ල සිටිනවා..
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මුලින්ම මේ ත්‍රෙඩ් එක ආරම්භ කිරීම සම්බන්දයෙන් අපේ ධනුශ්ක සහෝදරයාට තුති පුද කරන අතර මෙය නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාමට තම යතුරු පුවරුව වෙහෙසවන කිඹුල් සහෝදරයා, සස්ලිට් මගේ මිතුරා ඇතුලු සියලුම විචාරකයන්ට මගේ හද පිරි ප්‍රණාමය........... :yes::yes::D

    මංමුළාවූ සමණලියකගෙනි පාර අසා තිබුණේ.....

    ජීවිතේ ලස්සනම කාලය මොකක්ද කියල මගතොටේ හමුවන ඕනෙම කෙනෙක්ගෙන් ඇහුවොත් දෙන එකම පිළිතුර තමයි යොවුන් කාලය සරලව කිව්වොත් කොලු/කෙළි වයස. ඉතින් ඔය කියන වයසෙදි ආදරය කියන මහ ලොකු ප්‍රහේලිකාව හැමෝගෙම ළපටි හිත්වලට වයිරස් එකක් වගේ එන එක බොහොම පොදු ධර්මතාවයක්......

    ඉතින් ඔය කියන අතරෙදි අසම්මත ආදරයන් ඇතිවෙන එකත් බොහොම සරල දෙයක්. තමන්ගේ පවුල් ඒකකයේ ආකල්ප, සමාජ වටපිටාව, ඇසුරු කරන මිතුරන් වැනි කාරණා මත ඒ ලස්සන යොවුන් කාලය අපතේ දැමූ මිනිසුන් අනන්තයි... නමුත් අපට අසම්මත ආදරයන් සාධාරණීකරණය කරන්න බැරිද????????

    මේ තරුණයාත් යම් යම් හේතූන් මත ජීවිතේ වරද්දා ගත් කෙනෙකු බව රචකයා තමන්ගේ මුල් පද කිහිපයෙන්ම රසිකයාට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන බව පැහැදිළියි.
    නන්නත්තාර වි කිසිම අරමුණක් නැතිව සිටින අතරෙදි තමයි ඔහුට මේ අසම්මත ආදරය, කෙටියෙන්ම කිව්වොත් මේ සුරූපී නිරුවත් ගැහැණිය අත වනන්නෙ.

    මං මුළාවී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ..
    මං මුළාවූ සමණලියකගෙනි
    පාර අසා තිබුණේ....

    ගණිකාවකගේ ජීවිතය තුළ නිශ්චිත අරමුණක්, ඉලක්කයක් හෝ දැකීමක් නොමැති බව ඇය හා යෙදුණු සංවාදයෙන් පසුව ඔහු තේරුම් ගත් බවත් එබැවින් තමන්ගේ අනාගත මාවත මලින් සැරසීමට ඇය අසමත් වේවි යන ආදරය මුසු විසල් බියක් තරුණයාගේ සිත තුළ හටගත් බවත් රචකයා පවසයි.

    ඇයත් නොදන්නිය ඇය යන මාවත
    උන්හිටි තැන් මතකයෙ අඩමානය..
    පාර කියන්නේ කෙළෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය..

    ඒත් කොහොමද මම ඔයාව අමතක කරන්නෙ????? මගේ රස්තියාදුකාර ජීවිතයට ආදරය පින්තාරු කලේ ඔයා..... මෙවැනි සිතුවිළි සමුදායකින් තාරුණයාගේ සිත කැලඹීමට පත්වූවත් අවසානයේ ඔහු තීරණයකට එළඹෙන බව අවසාන පද පෙළින් දැකගත හැකිවේ.

    මට ඔයාගෙ ආදරය වගේම ඔයාවත් ඕනෙ... මං ඔයා කවුද කියල ලෝකෙන් හංගං ඉන්නම් හැමදාටම... හැබැයි ඔයා මට පොරොන්දුවක් වෙන්න ඕනෙ....... ඔයා ඔය කාළකණ්නි රස්සාව අත් අරින්න ඕනෙ.

    එහෙම වුණොත් මෙච්චර කල් අපි දෙන්නම ගෙවපු නිසරු ජීවිත වලින් එළියට ඇවිත් අපි දෙන්නටම අලුත් පුංචි ලෝකයක් හදාගන්න එක ලොකු දෙයක් නෙමෙයි රත්තරං...........

    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූවේ ඇයිදැයි නොකියමි
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමනද අද මෙතැනින් නිමි....

    මචං ලස්සනට පද ගලපල තියෙනවා..දිගටම මේ වගේ ගීත විචාරත් සමග අපිත් එක්ක එකතුවයි කියල හිතනවා..ඔබට ජය...:D:D
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    [FONT=&quot]මේ අපට දුර පියෙකු ගැනය.......[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අව්වේ මුතු ඇට වපුරා.................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අව්වේ මුතු ඇට වපුරා - ඒ මුතු පනමට හරවා[/FONT]
    [FONT=&quot]අපේ කුසේ ගිනි නිවලා නුඹ කුස ගින්නේ[/FONT]
    [FONT=&quot]ඉද හිනැහෙන්නේ අපෙ අප්පච්චී[/FONT]
    [FONT=&quot]නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී..................[/FONT]

    [FONT=&quot]අපා දෙපා සිව්පාවුන් - ගෙන එන විණ වළකන්නට[/FONT]
    [FONT=&quot]සනසා නුඹ අප වටකර දඩු වැට වෙච්චී[/FONT]
    [FONT=&quot]මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී............[/FONT]

    [FONT=&quot]ජීවිතයේ බඹර හෙලේ - පැණි හොයලා රූටන්නේ[/FONT]
    [FONT=&quot]හිත හයියට කළ වැල් පොට වරපට වෙච්චී[/FONT]
    [FONT=&quot]විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී..............[/FONT]

    [FONT=&quot]සුභාවිත ගීතයේ ඉදිරියෙන් ම වැජඹෙන පිය ගුණ ගීත දෙකක් මා විස්වාස කරන අයුරින් පවතින බව මම ඔබට එම ගීත දෙකෙහි මුල් තැන තිබෙන ගීතය වන “දරු දුක උහුලා” ගීතය පිළිබද රස මං සොයාගිය ලිපියෙහි පැවසූයෙමි. මේ එවන් ගීත අතලොස්සේ දෙවන තැන ඇති යයි මා විශ්වාස කරන ගීතයයි. මේ ගීතය මදක් අපෙන් දුරස් වූ අත්දැකීමක් ගෙන එන නිසා දෝ හෝ රසවිදීමට යම් බාධාවක් ගෙන එයි. එනිසා ම මෙම හුය කියවන අපේ සාධු ජනයා ගේ පහන් සංවේග පිණිසම මේ ගීතයේ පසුබිම සහ රසවින්දනය පිළිබද මගේ අදහස මෙසේ මෙහි හොවමි.[/FONT]

    [FONT=&quot]ගීතය ලියවී ඇත්තේ අ‍පට මදක් දුර වූ භූ මානව අර්ථයකින්ය. ගීතයට ප්‍රස්තූතය වන්නේ නුවර කලාවියේ වියළි කටුක පරිසරයක සිය සුතඹුවන් වැර වෑයමින් රකිනා පියෙකු පිලිබදවය. ඒ පියා අප මේ ගෙන්දම් පොළවේ දකින පියා සේම සිය දරුවන් වෙනුවෙන් අප්‍රමාණ වූ කැපකිරිම් කරමින් දහඩිය වගුරුවයි.[/FONT]

    [FONT=&quot]අව්වේ මුතු ඇට වපුරා - ඒ මුතු පනමට හරවා[/FONT]
    [FONT=&quot]අපේ කුසේ ගිනි නිවලා නුඹ කුස ගින්නේ[/FONT]
    [FONT=&quot]ඉද හිනැහෙන්නේ අපෙ අප්පච්චී[/FONT]
    [FONT=&quot]නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී..................[/FONT]

    [FONT=&quot]නුවර කාලාවියේ ගැමියන් ගේ ප්‍රධාන ජීවිකාව මහපොලෙව සමග හරි හරියට ඔට්ටු වෙමින් කෘෂිකර්මයෙහි යෙදීමය. රචකයා මේ කාෂ්ඨ පොලව සමග ඔවුන් කරන ගණුදෙනුව පලමු පදයෙන්ම ගෙන හැර පාන්නේ තම අප්පච්චී අව්වේ තම දහඩිය මුතු ඇට වපුරන බව කියමිනි. කොතරම් මනරම්, හදවතෙහි ගැඹුරෙහිම ඇනෙන උපමාවක් ද මේ. අප්පච්චි අවුවේ වපුරන මුතු ඇට, අස්වැන්න ලෙස ගෙන පනමට හුවමාරු කරයි. නමුත් ඒ “පනම” වචනයේ අර්ථයෙන් ම “පනමකි”, එනම් සොච්චම් මුදලකි. රචකයා නුවර කලාවයේ ගොවියන් ගේ සදාකාලික අර්බුදය වන අස්වැන්න කුණු කොල්ලයට විකිණෙන ඛේදවාචකය මෙයින් මොනවට ඉදිරිපත් කරයි. මා මෙම රචනය අප සුභාවිත ගීයෙහි පිය ගුණ ගී අතර මුල් පෙලක රදවන්නේ පළමු පද දෙකෙන් ම පමණක්, පියෙකු ගේ වෙර පමනක් නොව සමාජ අසාධාරණය ද තත්ත්වාකාරයෙන්, අතිශෝක්තියෙන් තොරව රසික මනස තුළ ගින්නක් කොට අවුලවන මේ දක්ෂ-පක්ෂ භාවය නිසාමය. මෙසේ සියලු ම අසාධාරණකම් හමුවේදීත් තම දහඩිය වෙනුවෙන් ලබන සොච්චමින් ඔහු තම දරුවන් ගේ කුසගිනි නිවාලයි. නමුත් ඒ සියළු ම දෙනා ගේ කුස් පිරවීමට තරම් පමන නැත. එනිසා ම මේ අප්පච්චි කුසගින්නේය. නමුත් ඔහු කුසගින්නේ හිද වුවද තම දරුවන් ගේ කුස් පිරවෙනු බලා හිනැහෙයි. තම කුසගිනි දාරක ප්‍රේමයේ මහිමය නිසා ම ඔහුට නොනැගේ. සොයුරනි, බහුතරයක් අප පියවරුන් මේ අප්පච්චී පසුපස සිටින බව ඔබට පෙනෙන්නේද?[/FONT]

    [FONT=&quot]අපා දෙපා සිව්පාවුන් - ගෙන එන විණ වළකන්නට[/FONT]
    [FONT=&quot]සනසා නුඹ අප වටකර දඩු වැට වෙච්චී[/FONT]
    [FONT=&quot]මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී............[/FONT]

    [FONT=&quot]දරුවන් හට එන ආපත්ති-විපත්ති වලින් උන් වලකාලීමට මේ අප්පච්චි, නුවර කලාවියේ හේනක් වටා දැඩිව බදින දඩු වැටකට රචකයා උපමා කරයි. ඒ දරුවන් හට “අපා-දෙපා-සිවුපා” සියලු ම “සතුන්” ගෙන් වන විපත්ති වලට රැහැණිවය. මේ සමාජය මහ කැලයක් ලෙස දකින රචකයා, එහි සතුන් ගෙන් වන විපත් ගැන නිතොරව ම සෝදිසියෙන් සිටින තම පියා මේ මහා සමාජ වනයට ඇස් මානාගෙන හිදින බව දක්වන්නේ, පියෙකු ගේ ආරක්ෂාව තරම් අන්අස්වැසිල්ලක් දරුවන් හට නැති බව පසක් කරදෙමිනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ජීවිතයේ බඹර හෙලේ - පැණි හොයලා රූටන්නේ[/FONT]
    [FONT=&quot]හිත හයියට කළ වැල් පොට වරපට වෙච්චී[/FONT]
    [FONT=&quot]විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී..............[/FONT]

    [FONT=&quot]මේ පියා පුරන්නේ බෝසත් වරුන් බුද්ධත්වය පතා කරන වීර්යය පාරමිතාව බව ය රචකයා පවසන්නේ. ඊට ඔහු යොදනා උපමාව වර්ණනාවිෂයක්‍රාන්තය. ජීවිතය බඹර හෙලක් බව ඔහු කියයි. බඹරුන් වද බදින්නේ මහා ගිරි කුළු ප්‍රපාත වලය. මේ බඹර වද වල බඹර පැනි ගැරිමට යන්නෝ උස් ගිරි පව්වේ උඩ සිට තනි වැල් පොටකින් එල්ලී පහලට රූටති. බඹර කපන්නා ගේ එකම වහල සහ පිලිසරණ මේ වැල්පට ම පමනි. මේලෙස ජීවිතය අනතුරේ හොවා බඹර කපන්නෙකුට තම අප්පච්චි උපමා කරන රචකයා, ඔහු ගේ එකම රැකියාව වන ගොවිතැන, දුර්වල කළ වැල් පොටක් බදු එකම ජීවිකාව, හයිය හත්තිය ඇති මීමුන් ආංබාං කරන වර පොටකට පෙරලා ගෙන ඇති බව කියන මේ පද දෙක, අප තුල ඇති කරන්නේ අප පියවරුන් ගැන අප හද තුළ ඇති අප්‍රකාශිත සෙනෙහසට විරේචකයක් නොවේද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පිය සෙනෙහසක් පිලිබදව මෙතරම් අර්ථරූපී, භාවරූපී රචනයක් ගෙන ආ විශිෂ්ටතම ගේය පද රචකයෙකු වන මහින්ද දිසානායකයන් ගේ පුත් ගයාමන් දිසානායකයන් හට ද, පොහොසත් සංගිතයක් මේ ගීයට ලබා දුන් අභාවප්‍රාප්ත ගුණදාස කපුගේ සහෘදයාණන් හටද, ගීතය ගයන ක්‍රිෂාන්ත එරන්දක හටද සුභාවිත හෙළ ගීතයේ ප්‍රගමනය ප්‍රාර්ථනා කරන ඔබ අප සැම ගේ ප්‍රණාමයද, පිං පෙත් අනුමෝදනාවද විය යුතු බව හගිමි.[/FONT]

    මචං මේ ඔයා බාවිතා කරන වචන නිසා ගීතවල වටිනාකම් තවත් දෙගුණ තෙගුණ වෙනවා..ඔබ අපිට හයියක්..
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    කොච්චරනම් ආදරය කලත් අපි බලපොරොත්තුවන විදියටම ජීවිතය ගලාගෙන යන්නෙ නෑ.. හිතන්න අපි හැමදාම උදේට ගුවන්විදුලියෙන් අපි අහනව ඔබේ පැතුම් ඉටුවන සුභම සුබ දවසක් වේවා..! කියල... ඒත් අපි හිතන පතන විදියටම දවස ගෙවෙනවද....? ආදරයත් එහෙමයි අපි අවංකව ආදරය කරනවානම් කරන්නෙ ආයෙ වෙන්වීමක් ගැන හීනෙන්වත් දකින්නෙ නැතිව... කොතරම්නම් අපි සිහින මාලිගා හදනවද...? මුලින්ම ඇය ව හමුවන විදිය...? හමු උනාම හැසිරෙන විදිය...? සම්බන්ධය ගලාගෙන යද්දි ඇය නිසා අපි වෙනස් වෙන විදිය...? කොතරම් නම් සුන්දරද....? සැබැවින්ම ආදරයෙන් වෙලුනොතින් උදේ නින්දෙන් අවදිවූ විගසම අපේ සිහියට එන පලමු වෙනි සිතුවිල්ල තමයි... ඇය.

    මේ වගේ සිය ජීවිතය දෙවැනි කරල ආදරයක් කරල, ඒ ආදරය බිදිල ගියොත් ඇතිවන හැගීම් වචනයට පෙරලන්නෙ කොහොමද...? හිතාගන්නවත් බෑ... ඒත් සිය ආදරවන්තිය තමාව තනිකලාම... තමාව දමා ගියාම... යාළුවො සමාජය ඉස්සරහ බොරුවට දුකක් නෑ වගේ ඉන්න පුළුවන්.. බැරි උනත් කොහොමහරි ඉන්නවා... හිතයටින් ගිණි ගොඩක් හංගගෙන ඉන්නවා... නමුත් අපි මොහොතකට හෝ තනි උනොතින්නම්.... වස බෝතලයක් දෙනවනම් රස කර කර උනත් බීගෙන බීගෙන යන්න පුළුවන්... මේක බොලද කමක් නෙමෙයි.. ඇයට තිබෙන ආදරයේ ප්‍රබලකම.. ඇය නැතිවීමෙන් දැනෙන තනිකමේ වේදනාවේ ප්‍රබලකම. ඒ වේදනාව, තනිකම දරාගන්න හරිම අමාරුයි...

    දකින දකින තැන්වල පෙනෙන්නෙ ඔබේ රූපය... හැම සිදුවීමක්ම ඔබ හා ඉබේම ගැලපෙනවා... කොතරම් මතක නැති කරන්න උත්සාහ කලත් කොහොමද දෙවියනේ මතකනැතිකරන්නෙ... ඔන්න හිතාගන්නව ආයෙ ඔබව මතක්කරන්නෙ නෑ කියල... මොහොතයි හොරෙන්ම හෙමින් හෙමින් ඔයා මගේ සිහියට ඇවිත්... ඇස්කෙවෙණි ලගට කදුලක් එන්න හදනකොට හෝ හයියෙන් කෑ ගහල අඩන්න හිතෙනකොට තමා මතක් වෙන්නෙ මම ආයෙත් ඔයාව සිහිකරනව නේද කියල....?

    ඇස රැදුන රැදුන තැන්වල මුව මඩල හිනහුනා
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    ස්තුතියි සස් උබට ගොඩාක් පින්. හිතන්න එපා කවදාවත් උබලව අමතක කරලා කියලා.කාර්යාලයේ කාර්ය්‍ය බහුල තත්වයක් නිසා මේ දවස්වල මේ පැත්තේ එන්න බැරි උනත් උබල කරන මේ මහගු මෙහෙය මැරුණත් අමතක නැ.
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    යාළුවනේ පැරණි ගීත නිධාන කතා, විචාර ගොඩාක් තියෙනව දෙන්න.... ටිකෙන් ටික දෙන්නම්.... ඒත් මම මගේ කලින් පෝස්ට් එක වගේම අදත් අරන් ආවෙ අළුත්, සීනිබෝල, චාටර්... වැඩකට නැති ගීතයක්.....

    ඇයි ඒ වගේ ගීතයක් අරගෙන ආවේ කියල අපේ යාළුවො හිතනව ඇති නේද...? හේතුව තමයි යාළුවනේ මේ ගීතය අසන විටදි පේරාදෙණිය සරසවියේ 2003-2004 අධ්‍යයන වර්ෂයේ සිසුන් ගොඩාක් සංවේදී වෙනව.... ගීතය නෙමෙයි... මම ඔයාලට මේ කියන සත්‍ය කතාව හොදින් කියවන්න..... කියවලා අවසන් වෙලා දැනෙන දේ කියන්නකෝ...... එහෙනම් මෙන්න කතාව....

    2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල... අපේ යාළුවො දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවියෙ.... ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්......

    පේරාදෙණිය විද්‍යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා... කාඩ් එක තමා බොනපාට්... මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්....

    ඉතින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආපු මේ බොනපාට් සරලවම කියනවනම් පට්ටම සංවේදී... පට්ටම මීටරයක්... ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න.... ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි... ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි... අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ...... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව.... කොහොමද උපාධියෙ තත්වය යාළුවනේ)

    පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්‍ය උනේ නෑ... මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්.. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්‍ය උනේ නෑ... ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න... කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත.... ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග... ඇයටත් කාඩ් එකක් තියෙනව... එය තමයි සොබනි. ඇයත් පොල්ගහවෙලමයි... ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත....

    යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්.... ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්‍රියයි... අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි බාශාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු.. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට... ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම.... ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල.... ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා.....

    මුදල් ප්‍රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්.... කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්... අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට... සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි....

    නමුත් ඔබ දන්නවද සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා.... හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්‍ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් අපි දකින විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි.... ඒත් සොබනි බොනපාට්ව අතෑරියා... කොහොමද දෙවියනේ මේවගේ දෙයක් වෙන්නෙ.. නමුත් එහෙම දෙයක් උනා... බොනපාට් තනිවුනා... ඇය ඔහු තනිකලා....

    නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්... ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ... පෙන්නුවෙත් නෑ.... නමුත් සම්බන්ධය නවත්වලා.... බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න... සරසවියෙ ඇවිදින්න... නමුත් ඇය ඔහු අතෑරලා.... ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා.... ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා.... ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි... ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්‍රයන්වත්... ඔහුගේ රූමවත් දන්නෙ නෑ... සොබනි ඔහුට බූට් එක තියල කියල... ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා....

    ගෙදර හුරතලේකට හැදුනු බොනපාට්ට ආයේ මේ දුක දරාගන්න නම් ලේසිනම් නෑ යාළුවනේ... ඔහු දුක විදින්න, විදවන්න තියෙන උපරිම විදියට උත්සාහ කලත් මේ දුක ඔහුට දරාගන්න බෑ..... ඔහු ගත්ත තීරණයක්..... අනාගත සුපිරි විද්‍යාඥයා විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට.... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට... වැඩක් නෑ... ඇය අසංවේදීයි.. ඇයට බොනපාට්ගේ හදවත දැනෙන්නෙ නෑ... ඔහු කරන්න යනදේ ගැන වැටහීමක්වත් සංවේදීතාවයක්වත් නෑ....

    උනදේ කියාගන්නත් බෑ යාළුවනේ.... සරසවි සිසුන්ට බොනපාට්ව මුණ ගැහුනේ ඊට දින දෙකකට පසුව... යාළුවනේ ඩෙනිම් කලිසමත් නිල් ඉරි ටීෂර්ට් එකත් ඇදගෙන මුනිං අතට මැරිල ඉන්නව අපේ අනාගත භූගර්භ විද්‍යාඥයා ගල් තලාව මත....

    ඔහු මිය ගිහින් තියෙන්නෙත් බොලද විදියට නෙමෙයි... ඔහුගේ මියයාම, ඔහුගේ දුක, වේදනාව ගැන විවිධ ඉගි කිරීම් සදහන් කරමින් ඔහු සටහනක් පොතක ලියල තිබුණ.... නමුත් ඔහුගේ බුද්ධියෙන් දෙන ඉගි තේරුම් ගැනීම ඉතා අපහසුයි... ඇයි ඔහු ඉගි විතරක් දුන්නෙ ... මිය යන්න හේතුව සරලවම කියන්න තිබුනනේ... ඇයි ඔහු එහෙම නොකිව්වෙ.... සොබනිට නොදැනුනාට ඔහු ඒ තරම් සොබනිට ආදරෙයි.... සොබනි නිසා මැරුණ කිවුවොතින් සොබනිට වෙනදේ ඔහු දන්නව.... ඉගිවලින් දුන් පණිවිඩය අපිට නොතේරුණාට සොබනිට හොදටම වැටහෙන්න ඇති.....

    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
    අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
    අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

    මට දැනෙන විදියට රජෙක් වගේ මුළු විශ්ව විවිද්‍යාලයපුරා ප්‍රචලිත වෙලා සිටි බොනපාට්, සොබනිලගට ගිහින් කියන්න ඇති.... එන්න අපි යමු කෝච්චියෙ ගමේ වෙනද වගේ කියල... කොතරම් නම් ඉල්ලීම් කරන්න ඇත්ද ඔහු සොබනි ලග වැද වැටිල....

    මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
    ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
    සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
    ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන

    දුක දරාගෙන ඉදල ඉදල බැරිම තැන මැරෙන්න තීරණය කරපු අපේ මේ බොනපාට් අන්තිම මොහොතෙදිත් කෝල් එකක් අරගෙන තියෙන්නෙ සොබනිට.... මොනව කියන්න ඇත්ද..? අඩ අඩා ආදරේ ඉල්ලන්න ඇති නේද...? මගේ කදුලු බිදු වැටෙන්න නොදී එන්න සොබනි ආයෙත්... කියන්න ඇති නේද...? දෙවියනේ මේ තරම් සියුමැළිද කළුගල් කියල සින්දු ලියපු රටේ දැන් කියන්න තියෙන්නෙ මේ තරම් රළු ඇයිද හදවත් කියල.... ‍

    නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
    ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
    ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
    බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම

    ගීතය අහන්න අත්‍යාවශ්‍ය නෑ... අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න... හැබැයි මෙහෙදී මම එක දෙයක් සදහන් කරන්න ඕන... සොබනි දැන් හොදින් ජීවත් වෙනවා.. ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවා... ඒ නිසයි මෙහි සියළු නම් සදහන් කලේ නැත්තෙ... අනික මට මෙහිදී හිතට වැදුණු දෙයක් තියෙනවා.... ඒ තමයි ඔහුගේ හොදම යාළුවෙක් කියපු කතාවක්....

    මේ යාළුව බොනපාට්ගේ මලගෙදරට සහභාගී වුනේ නෑ... ඇයි කියල ඇහුවම ඔහු දීපු පිළිතුරෙත් හිතන්න දෙයක් තියෙනවා... අම්ම තාත්තගෙ එකම ලෝකය කෙල්ලෙක් නිසා බොනපාට් නැති කරගත්තෙ ඌ,ඌ ගැන වටිනාකමක් නැති නිසා.... ඉතින් ඌට ඌ වටින්නෙ නැත්නම්... එහෙම එකෙක් මට කෙහොමත් වටිනාකමක් නෑ. ඒ නිසා මම මලගෙදර යන්නෙ නෑ......

    සිතන්න ඉඩ තියල සමුගන්නවා සස්ලිට්.....

    මචන් මේක ඇත්තටම මේ ගීතයේ නිධාන කතාවද ?

    මේ ගීතය ලියල තියෙන්නෙ කව්ද ?

    මචන් පොඩි දෙයක් කියන්නම් මමනම් මේ ගීතය සීනී බෝල ගීතයක් විදියට දකින්නෙ නෑ.