ජීවමාන ධර්මයක් තුළ මළකඳන් වෙන්න එපා…!!!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ජීවමාන ධර්මයක් තුළ මළකඳන් වෙන්න එපා…!!!

    දයාබර යාලුවනේ…
    මිනිසුන් ගේ සිත් පිරිහෙන්න පටන් ගත්තෙ අද ඊයෙ ඉදන් නොවෙයි.. පරමායුෂ අඩුවෙන්න පටන්ගත්තේ යම් කාලයක ඉදන් ද එදා සිටන් ම මිනිසුන් ගේ සිත් ටික ටික පිරි‍හිලා යනවා. කාලය දක්වන්න එහෙම කිව්වත්, ඇත්තෙන් ම කියනවා නම් සිත් පිරිහෙන්න පටන් ගත් දා ඉදන් තමයි,ආයුෂ අඩුවෙන්ට පටන් ගත්තේ.
    ඉතින් අද වෙනකොට මිනිස්සු කෙතරම් නම් පිරිහිලා ද.. සිතා ගන්ටවත් බැරි තරම්. බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය පවා,ආදුනික කෙනෙකුට තොරා බේරා ගන්නට බැරි මට්ටම ම අවුල් කරල දමන්ට තරම් මිනිසුන් පිරිහිලා. විවිද මතවාද,පුද්ගලික අදහස්, යෝජනා චෝදනා,කෙළවරක් නැහැ. මේ සියල්ල මැද්දෙන්,නිවන් මගේ ගමන් කරනවා කියන එක සිතා ගන්නට ත් බැරි තරම් අපහසු දෙයක් හැටියට කෙනෙකුට හිතෙන්න පුලුවනි. ඇත්තෙන් ම ඒක තමයි අමාරු ම දේ.
    ව්‍යාජ අදහස් වලට රැවටෙන්ට එපා…
    යාලුවනේ නිවන් මග වඩනවා කියන්නේ,තම තමන් ගේ ජීවිතය තුළ සිදු විය යුතු දෙයක්. නමුත් බොහෝ දෙනෙක් කරන්නේ,අන් අයට උපදෙස් දි දී ඉන්න එක. එක්කෝ වාද විවාද කර කර ඉන්න එක. ඒකට හේතුව තමයි බෝහෝ දෙනෙකුට,’ඇත්තෙන් ම මේ ධර්මය අවබෝධ කරගන්ට ඕනෑ..’ කියන,සෘජු ඉලක්කය නැති වීම. ‘මේ දුකෙන් නිදහස් වෙන්න ඕනෑ…’කියන සැබෑහැගීම නැති වීම.
    යන්තම් හිත ඇතුළේ එහෙම අදහසක් තියෙන්න පුලුවන්. ඒක ලොකු දෙයක් වගේ පෙනෙන්නත් පුලුවන්. නමුත් කල්පනා කරල බලන්න,ඇත්තෙන් ම තමන් තමන් ගේ දුක නිවා ගන්න තමන් කටයුතු කරනවා ද කියල. එහෙම කරන්නෙ නැත්නම් එ‍්කෙන් පේන්නේ තමන්ට ‘දුකෙන් නිදහස් වෙන්න ඕන’ කියන නිශ්චිත සැබෑ හැගීම නෑ කියන එක යි. හිතේ තිබෙන්නේ ව්‍යාජ අදහසක් පමණ යි.
    ඇත්තෙන් ම මහා දෙයක් කරන්නෙ නැති වුනත්,කෙනෙකුට පුලුවනි නම්,බුදු රජාණන් වහන්සේ ගැන යම් ශ්‍රද්ධාවක් ඇතිවුනා ද,ධර්මය ගැන, සංඝරත්නය ගැන යම් ශ්‍රද්ධාවක් ඇති වුනා ද,ඒ ශ්‍රද්ධාව ම වඩන්ට, ටික ටික හරි දියුණු කර ගන්ට, එයා නිවන් මග වඩන කෙනෙක් බවට පත්‍ වෙනවා.
    කෙතරම් මතවාද ඇති වුනත්,ඒ සේරම මැදින් බුදු රජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන දේවල් වල සත්‍ය නුවණැති කෙනෙකුට නම් තේරුම් ගන්නට පුලුවනි. ඒ ඔසේසේ ම ශ්‍රද්ධාව ඇති කරගන්ටත් පුලුවනි. ඇත්තෙන් ම නුවණ කියන්නෙත් ඒකට යි.
    නිවන් පරතෙරට යන්නේ ඉතා ම සුලු පිරිස යි…
    බුදු රජාණන් වහන්සේ එක් අවස්ථාවක මේ විදියට වදාළා..
    අප්පකා තේ මනුස්සේසු
    යේ ජනාපාරගාමිනෝ
    අථායං ඉතරා පජා
    තිරමේවානුධාවති…
    මේ මිනිසුන් අතරින් නිවන් පරතෙරට යන්නේ ඉතා ම සුලු පිරිස යි. අනෙක් බොහෝ ජනයා සංසාරය කියන මෙ‍‍‍තෙර ම සැරිසරනවා.”


    දයාබර යාලුවනේ,මේ ප්‍රකාශය ම වුනත්, බුදු රජාණන් වහන්සේ ගැන,උන්වහන්සේ වදාළ ධර්මය ගැන ශ්‍රද්ධාව ඇති කරගන්ට ප්‍රමාණවත් නේ ද..? මේකෙ වාද කරන්න කරුණක් තිබෙනවා ද..? මේ දේ කෙතරම් නම් සත්‍යයක් ද..? ඒ ධර්ම පාඨයේ සත්‍ය අපේ ඉදිරියේ ම බබලමින් තිබෙනවා. බොහෝ පිරිසක් ධර්මය පවා අල්වාගෙන වාද කරමින් සිටීම නම් කරන්නේ, නිවන් පරතෙරට යන්නේ ඉතා ම සුලු පිරිසක් කියා බුදු රජාණන් වහන්සේ දේශනා කළදේ කෙතරම් නම් සත්‍යයක් ද..? ඉතින් නුවණැති කෙනෙකුට බෝධි පාක්ෂික ධර්මයක් වන ශ්‍රද්ධාව ඇති කර ගන්නට, මේක සම්මුතිය ද පරමාර්ථය ද කියල හොයන්න අවශ්‍ය නැහැ.
    ධර්මය සුපහන් විලක් වගේ පිරිසිදු යි…
    භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ සත්‍ය පිරිසිදු ජලය වගේ පැහැදිලි යි. ඒ පැහැදිලි භාවය,නිරවුල් භාවය වගේ ම ගැඹුර හැම දහම් පදයකින් ම අපූරුවට විද්‍යමාන වෙනවා. ඒ විද්‍යමාන වෙන ධර්මයේ ගැඹුර දකින්න තිබෙන්නේ සරළත්වය තුළින්. ධර්මය සත්‍යයක් කියන එකතෝර බේරා ගන්න, අමුතු අර්ථකථන අවශ්‍ය නැහැ. බර වචන අවශ්‍ය නැහැ. අනු පරමාණු දක්වා කඩල බලන්න අවශ්‍යනැහැ. ධර්මය ගැන ශ්‍රද්ධාව වඩන්න, නුවණැති කෙනෙකුට නම් මේ ටික උනත් ඇති. ඒ නිසා ම යි එක්තරා අවස්ථාවක,සහම්පති මහා බ්‍රහ්මරාජයා ප්‍රකාශ කළේ, “එක් දහම් පදයක මරු පරදන රහතුන් දහසක් වැඩ සිටින බව.”
    ඒ නිසා කිසි ම විදියකින් වාද විවාද, ආදියට පැටලි පැටලි යන්න එපා. ඒක තමයි සංසාරේ යන ක්‍රමය. එක දහම් පදයක් හරි කමක් නැහැ ඉගෙන ගෙන ඒක තමන් ගේ ජීවිතේට ගලපා ගන්ට බලන්න. ඒ තුළින් ශ්‍රද්ධාව දියුණු කර ගන්න බලන්න. සසරින් එතෙර වෙලා නිවන් පරතෙරට යන සුලු ම සුලු පිරිසට ඇතුළත් වෙන්ට බලන්න. වාද විවාද කර කර කාලය කා දමන,අරයගෙ-මෙයා ගෙ ඇදකුද හොය හොය ඉන්න උදවිය, සංසාරය කියන මෙ‍තෙර ම ඇවිදීවි. ඒක කොහොමටත් හැමදා ම සිදු වෙන දෙයක්. ඒ උදවිය වාද හට ගන්න විවිධ අදහස් පතුරුවමින්, දැනුවත් ව හෝ නො දැනුවත්වඔබවත් මෙතෙරට ම අදින්න උත්සාහ දරාවි. ඒ දේවල් වලට පැ‍ටලෙන්ට එපා. ඒ අයට අනුකම්පාව ම දක්වන්න. නමුත් එයාලවත් කරේ තියාගෙන එතෙරට පීනන්න උත්සාහ කරන්න එපා. ඒ වගේ දෙයක් කරන්න, මෙවැනි යුගයක ඉපදුණු,සුලු පිනක් තියෙන අපි වගේ උදවියට බෑ. එහෙම කරන්න ගියොත් අපිට ත් වෙන්නේ එතෙර නො වීමගදි ම ගිලෙන්න යි.
    අප්පමාදේන සම්පාදේථ…
    අපිට තියෙන්නේ ඉතා ම ටික කාලය යි. ජීවිතේ දිය පිට ඇදි ඉරක් වගේ. හරිම ඉක්මණින් ගෙවිලා යනවා. ඒ ටික කාලයත්,ධර්මය පුරුදු කරන්නෙ නැතිව,”අරක ද හරි මේක ද හරි..” කිය කියා හොය හොයා ඉන්න යෙදෙව්වොත් අපි කෙතරම් නම් අවාසනාවන්ත ද.. ඒ නිසා කාලය නාස්ති කරගන්ට එපා. උතුම් ධර්මයක් තුළමළකඳන් බවට පත් වෙන්ට එපා.
    මෛත්‍රී භාවනාව හෝ ඉගෙන ගෙන,අනිත්‍යභාවනාව හෝ ඉගෙන ගෙන,එක දහම් පදයක් හෝ ඉගෙන ගෙන, ඒක පුරුදු කිරීම පිණිස, කාලය යෙදෙව්වොත් එයා නේ ද ජය ගන්නේ…? එයා තමයි සංසාරය කියන මෙතෙර හැරදමා නිවන් පරතෙරට යන්නේ. එයා තමයි,භාග්‍යවතුන් වහන්සේ ගේ නිය සිලේ පස් ටිකට ඇතුළත් වෙන්නේ, එයා තමයි බුදු සමිඳුන් ගේ අනුශාසනාව කළ කෙනා වෙන්නේ. එයා තමයි ඇත්තෙන් ම සම්බුදු සසුනේ චිරස්ථිතියට දායක වුන කෙනා වෙන්නේ. එයා තමයි සම්බුදු සසුන රැක ගන්න දායක වෙන කෙනා වෙන්නේ. එයා තමයි දිනන්ට දුෂ්කර, අතිශයින් ම දුෂ්කර කෙළෙස් යුද්ධය ජය ගනිමින් මෙලොවින් නික්ම යන්නේ. ඒ වාසනාව ඔබට උදාවේවා..!
    අප්පමාදෝ අමතපදං
    පමාදෝ මච්චුනෝ පදං
    අප්පමත්තා න මීයන්ති
    යේ පමත්තා යථා මතා.
    අප්‍රමාදය අමෘතයට (නිවනට) කාරණය යි (හේතුව යි). ප්‍රමාදය (ධර්මය තුළ) මරණයට කාරණය යි. අප්‍රමාදී උදවිය නොමැරෙන අය වගෙයි. ප්‍රමාදීඅය (ජීවත් වුනත්) මිය ගිය අය වගෙයි.


    සදා සැනසිල්ල වේවා..!!
    තෙරුවන් සරණයි…!!!



    ගත්තෙ මෙතනින්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තෙරුවන් සරණයි…! :)
    1.gif
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    මේ වගේ ත්‍රෙඩ් තමයි දාන්න ඕන මචං, නැතුව මේකේ ඉන්න සමහර අනාත ගොබ්බයො වගේ අනිත් ආගම වලට අපහාස කරන ඒක නෙමෙයි.
    උඹට ලඟදි රෙප් දීලලු
    :(:(:(
    You must spread some Reputation around before giving it to gayankuwait again
     
    • Like
    Reactions: AselaAsanka

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බින්දු;12208117 said:
    nice thread අයියා. රෙප් දෙන්න බෑ ලු :S

    Umbatath ekka mama dunna machn....:yes:

    මෙ දාලා තියෙන සයිට් එකෙ ගොඩාක් ලිපි තියෙනවා වෙලාව තියෙනවානම් කියවන්න :)
     
    Mar 19, 2012
    251
    19
    0
    පරමායුෂ අඩුවෙන්න පටන්ගත්තේ යම් කාලයක ඉදන් ද එදා සිටන් ම මිනිසුන් ගේ සිත් ටික ටික පිරි‍හිලා යනවා.





    yako budu hamuduruwo, jeewath wuneth awurudu 80. e awurudu 2500 kata kalin. eth adath minissu on average 75 jeewath wenawa. ithin monawada uba me kiyana wal baila?

    anika, ubata ai meka, religious thread eke danna bari? ubata one, buddagama thamai loke uthumma agama kiyala, methana inna anith agam wala ayata rida wanna. eka bohoma pahadili.

    uba ohoma prasiddiye buddagama gana katha karala thamai, methana buddagama gana wiwida mathawada issarahata awe. wadak nathi kamata, nikan moda wada karanna epa

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,169
    25,897
    113
    28
    ලොවෙත් නැති තැනක


    yako budu hamuduruwo, jeewath wuneth awurudu 80. e awurudu 2500 kata kalin. eth adath minissu on average 75 jeewath wenawa. ithin monawada uba me kiyana wal baila?

    anika, ubata ai meka, religious thread eke danna bari? ubata one, buddagama thamai loke uthumma agama kiyala, methana inna anith agam wala ayata rida wanna. eka bohoma pahadili.

    uba ohoma prasiddiye buddagama gana katha karala thamai, methana buddagama gana wiwida mathawada issarahata awe. wadak nathi kamata, nikan moda wada karanna epa

    ත්‍රෙඩ් කන්නෙක් පැමිණ ඇත. උත්තර දෙන්න එපා.
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    niyamai machan...niwana kochhara sundarada sehaluda..pulun rodak wage..eta wada sepathak kohenda?? niwanata palawana piyawara lesa siyalla manasin ath harinna.. namuth edineda wadakatuthu atalodahamin kampaa nowi saralawa karagena yanna... bedeem ethi karaganna epaa..
     
    Last edited:
    • Like
    Reactions: AselaAsanka
    Mar 19, 2012
    251
    19
    0
    ත්‍රෙඩ් කන්නෙක් පැමිණ ඇත. උත්තර දෙන්න එපා.




    :lol: thopi hariyata budu wela wage methana kathawa, eth prasnayak ahuwama utthara deeganna baha :lol:






    yako budu hamuduruwo, jeewath wuneth awurudu 80. e awurudu 2500 kata kalin. eth adath minissu on average 75 jeewath wenawa. ithin monawada uba me kiyana wal baila?

    anika, ubata ai meka, religious thread eke danna bari? ubata one, buddagama thamai loke uthumma agama kiyala, methana inna anith agam wala ayata rida wanna. eka bohoma pahadili.

    uba ohoma prasiddiye buddagama gana katha karala thamai, methana buddagama gana wiwida mathawada issarahata awe. wadak nathi kamata, nikan moda wada karanna epa

     
    Mar 19, 2012
    251
    19
    0
    niyamai machan...niwana kochhara sundarada sehaluda..pulun rodak wage..eta wada sepathak kohenda?? niwanata palawana piyawara lesa siyalla manasin ath harinna.. namuth edineda wadakatuthu atalodahamin kampaa nowi saralawa karagena yanna... bedeem ethi karaganna epaa..





    menna niwan gihin apu ekek
    :rofl: