ඉන්දියාවේ මහාරාජා වරුන් සමග කා බී තිබුනත් ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් යනු රාජ කුමාරිකාවක්ද? රැකියාව බේරා ගැනීම සඳහා ඇයට ගරු සරු දැක්වීමට ඔබනම් සූදානම් ද?
සිංහලයන්ව පාගා ගෙන සිටි ලන්දේසීන්ගේ වැඩවසම් යුගය අවසන් වෙලා වසර දෙසීයක් පමණ වෙනවා. එදා ලන්දේසි ආක්රමණික පාලකයා තම වඳුරු හමුදාව සමග පාරේ යද්දී පෙර මග එන සිංහලයාගේ බෙල්ලට බයිනෙත්තු තියා කාණුවට බස්සවපු විධියට, අදත් ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් ලා අහිංසක සිංහල ගැමියන්ව බිය කරමින් ගරු සරු බලාපොරොත්තු වෙනවා. ලන්දේසි ආක්‍රමණිකයාට ගරු නොකළ සිංහලයාට මැරුම් කෑමට සිදු වුනා සේ අද ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් ලාට ගරු නොකරන සිංහලයන්ට ඉතාමත් නිර්ලජ්ජී ලෙස පයින් ගසා රැකියාවෙන් දොට්ට දමනවා.
අර අහිංසක සේවිකාවන් දෙදෙනාගේ පවුල් වලට කන්න අඳින්න දෙන්නේ කවුද? අඩ නිරුවතින් චිත්‍රපට වලට පෙනී සිටින ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් නැමැති නැට්ටුක්කාරියගේ ඊනියා ගෞරවය වෙනුවෙන් අහිංසකයින්ව බිල්ලට දෙන අබාන්ස්, ඔබ ගැන අපට ලැජ්ජයි.
අබාන්ස්, මේකද සිංහල අලුත් අවුරුද්දට සිංහලයාට දුන්න අවුරුදු තෑග්ග? මේ අසාධාරණයට විරුද්ධව නැගී සිටිමු.
පහත දැක්වෙන්නේ වැලිසර අබාන්ස් වෙළඳ සැලේ දුරකථන අංක.
+94 112981335
+94 114818904
+94 114818905
Mobile: +94 773707622
ප්‍රධාන කාර්යාලය
+94 112565251 - 60
අබාන්ස් ප්‍රධාන කාර්යාලයේ ඊමේල් ලිපිනය. (complaint resolution system)
[email protected]
ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 10.00 ත් රාත්‍රී 10.00 ත් අතරතුර එම දුරකථන අංක වලට ඇමතුමක් ගෙන, හෝ ඊමේල් එකක් යවා අසාධාරණ ලෙස සේවිකාවන් දෙදෙනෙක්ව රැකියාවෙන් දොට්ට දැමීම ගැන ඔබගේ විරෝධය පළ කරන්න. දුරකථන ඇමතුම් සහ ඊමේල් දිගට හරහට ලැබෙද්දී ජැක්ලයින්ගේ හිවල් නාදයට වඩා ඔබගේ සිංහ නාදය බලවත් වේවි.
ඒ අහිංසකාවියන් දෙදෙනාටත් අපත් සමගම එකම වෙලාවකදී සතුටින් නැකතට කිරිබත් කෑමට හැකි වුවහොත් ඒ මොහොතේ ඔවුන් විඳින නිරාමිස ප්‍රීතිය, ජැක්ලයින්ගේ ඊනියා ගෞරවය මෙන් මිල කළ හැකි වේවිද?
අවුරුදු සමයේ කෲර ලෙස මහ පාරට විසි කළ ඒ ගම්බද අහිංසකාවියන් දෙදෙනාගේ පවුල් වල අනාගතය අවිනිශ්චිත වී ඇති මේ මොහොතේ, ඔබ දක්වන සහයෝගය මත ඔවුන්ට නැවතත් රැකියාව ලැබුනොත්, එය මේ අවුරුදු සමයේ ඔබ කරගන්නා මහා පුණ්‍යකර්මයක් වේවි.
Source