යාළුවනේ.... මට දැන ගන්න උවමනා වෙලා තියෙනවා, මෙදා සෑරේ, කතරගම දේවාලයේ, අළුත් අවුරුද්දේ මුල්ම පූජාව තියෙන වේලාව......!!

මෙදා සැරේ අප්‍රේල් 13 වෙනිදා 12:56 PM ඉදන් අප්‍රේල් 14 වෙනිදා 01:44 AM වෙනකම්, පුණ්‍ය කාලය නිසා, ඒ වෙලාවට කතරගම දේවාලේ වහලා කියලා තමා ආරංචිය. දැන් මට දැන ගන්න ඕනා, ඊට පස්සේ, මුලින්ම, කතරගම දේවාලේ, මුල්ම පූජාව තියෙන්නේ කීයටද කියලයි......??

කතරගම පැත්තේ ඉන්න, අපේ එළකිරි යාළුවෙක් මට මේ ගැන හරියටම හොයලා කියන්න පුලුවන්ද.....??

මොකද මම මේ ගැන හොයලා බැලුවට, තවම හරියටම හරි විස්තරයක් ලැබුනේ නෑ......
සමහරු කියනවා (අපේ තරි අංකල් එහෙම
) උදේ 6ට තමා මුල්ම පූජාව කියලා.......
තවත් අය කියනවා, අළුත් අවුරුද්දේ මුල්ම පූජාව නිසා, පෙරහැරක් එහෙම ගිහිල්ලා, උදේ 10ට විතර තමා මුල්ම පූජාව තියෙන්නේ කියලා....
කතරගම මහජන බැංකුව පැත්තෙන් ආරංචි කරලා ඈහුවහම කියනවා, පෙරහැර ගිහිල්ලා එහෙම, කීයට පූජාව පටන් ගනීද කියන්න බෑ කිව්වා කියලා......
මම අපේ අබාන්ස් එකේ කෙනෙක්ට කියලා හොයලා බැලුවහම, තවත් කතාවක්...... 

දැන් මට ඕනා මේක හරියටම දැන ගන්න.......
2001 විතර ගියාට පස්සේ, තවම කතරගම ගියේ නෑ......
ඉතින් ඒ නිසා, මට හරියටම මේ ගැන දැනගෙන යන්න ඕනා.....

කවුරුහරි මට මේ ගැන හොයලා දෙන්න...... ස්තූතියි.....



