~~~~~හිටිවන කවි මඩුව~~~~~

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ~~~~~හිටිවන කවි මඩුව~~~~~

    23292_129465730412032_3115_n.jpg

    :):):):):):):):):):):):)

    අවුරුදු අසිරිය දස අත පැතිරෙන්නයි
    සැම සිත් සතන් සතුටින් ඉපිලෙන්නයි
    තරහ මරහ විගසින් අමතක වෙන්නයි
    හිටිවන කවි මඩුව මෙලෙසින් ඇරඹේන්නයි


    Kavi_Maduwa.png

    එළකිරියේ ඉන්න කවි කාරයෝ සේරටම මම ගෞරවයෙන් ආරාධනා කරනවා කවි පද එකතු කරන්න කියලා
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    වෙන වැඩ නැත්තම් හොදයි අපිට.... :oo:

    මුසල මොසිල්ලා මුලින්ම ඇවිදින්නේ
    වැඩේ අල වෙනබව ද ඉන් කියවෙන්නේ
    වැඩියෙන් වැඩ කුමටද දක්වන්නේ
    දන්නා පචයක් කියල මෙතනින් චුත වෙන්නේ
     
    Last edited:

    kingdewi

    Well-known member
  • හිරු කුමරුන් අද අහසේ හිනැහෙන්නේ..
    වැසි වලාව සැංගී කොයිබද යන්නේ..
    කවු මඩුවට එළකිරි සැම රොක්වන්නේ..
    අවුරුද්දම කවි සිහිලෙන් සමරන්නේ..\\
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif


    මම ආවේ කවි කියන්න.......
    කවි බලලා හිනා වෙන්න.......
    කවි මඩුවම චා කරන්න.......
    ආ මොසිල්ලා එලමවන්න.......
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හිරු කුමරුන් අද අහසේ හිනැහෙන්නේ..
    වැසි වලාව සැංගී කොයිබද යන්නේ..
    කවු මඩුවට එළකිරි සැම රොක්වන්නේ..
    අවුරුද්දම කවි සිහිලෙන් සමරන්නේ..\\

    14.gif


    මම ආවේ කවි කියන්න.......
    කවි බලලා හිනා වෙන්න.......
    කවි මඩුවම චා කරන්න.......
    ආ මොසිල්ලා එලමවන්න.......

    එළකිරි කොල්ලෝ දෙන්නෙක් මේ දැන් ඉන්නේ
    වැඩේ ගොඩ ගන්න ෆුල් ට්‍රයි එක දෙන්නේ
    තව උන් ඉන්නවනම් මෙතනට ගොඩ වෙන්නේ
    කවියක් ගොතා thread එක උඩටම ගන්නේ
    :yes::yes::yes::yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි මඩුවක සුවඳකි යලි.............හමන්නේ
    සිත තුල කවි කරු නැවතත්.........උපන්නේ
    නව අවුරුද්දයි ටිකකින්.............ලබන්නේ
    සැම සත හට සුභ ආසිරි.............පතන්නේ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කවි මඩුවක සුවඳකි යලි.............හමන්නේ
    සිත තුල කවි කරු නැවතත්.........උපන්නේ
    නව අවුරුද්දයි ටිකකින්.............ලබන්නේ
    සැම සත හට සුභ ආසිරි.............පතන්නේ

    හොඳ සෙල්ලම් එළිවන විට කියමින්නේ
    තව කවි කරුවෙක් දැන් ඇවිදින් ඉන්නේ
    සියම්ලුම පැතුම් නෙක ඔබගේ සපිරෙන්න
    සුභ නව වසරකට ආසිරි පිළිගන්නේ
    :love:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එළකිරි කොල්ලෝ දෙන්නෙක් මේ දැන් ඉන්නේ
    වැඩේ ගොඩ ගන්න ෆුල් ට්‍රයි එක දෙන්නේ
    තව උන් ඉන්නවනම් මෙතනට ගොඩ වෙන්නේ
    කවියක් ගොතා thread එක උඩටම ගන්නේ
    :yes::yes::yes::yes:




    14.gif


    කවි මඩුවට එකා දෙකා ගොඩවන්නේ......
    කවියක් කියා අප සිත සනසා ගන්නේ......
    අවුරුදු අසිරිය සැම තැන පැතිරෙන්නේ.......
    අපි නම් ඉතින් online අවුරුදු කන්නේ......
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මතකද ඔබට එලකිරි ඉතිහාස...........පොත
    කඹ ඇදි සෙල්ලමක් තිබුනා ඒකේ........වත
    යලි අරඹන්නලු පිරිසගෙ මෙවර...........සිත
    අමුතු කිකක් එන්නේ දැන් මගේ..........ගත
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    14.gif


    කවි මඩුවට එකා දෙකා ගොඩවන්නේ......
    කවියක් කියා අප සිත සනසා ගන්නේ......
    අවුරුදු අසිරිය සැම තැන පැතිරෙන්නේ.......
    අපි නම් ඉතින් online අවුරුදු කන්නේ......

    photo.php

    කුමටද සොයුර ඒ ගැන ඔබ දුක් වන්නේ
    කැවිලි මේසයම පිරි ඉතිරී යන්නේ
    කැමති අයුරකින් ඔබේ දිව පිනවාගන්නේ
    නැකත ලබනාතුරු බිඳුවක් ඉවසන්නේ
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කවි මඩු වලට ගොඩවී නැත මීට පෙර
    පොඩ්ඩක් බයයි වගේ මගේ යටි සිතට
    සියලු සතට සුබ පතමින් අව්රුද්දට
    ඔන්න මමත් ආවා කවි කියන්නට
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    photo.php

    කුමටද සොයුර ඒ ගැන ඔබ දුක් වන්නේ
    කැවිලි මේසයම පිරි ඉතිරී යන්නේ
    කැමති අයුරකින් ඔබේ දිව පිනවාගන්නේ
    නැකත ලබනාතුරු බිඳුවක් ඉවසන්නේ


    14.gif


    මා නැත කිසිදා එලෙසින් .........................දුක්වෙන්නේ
    පුතා පුතා අප්පච්චී .................................... මොරදෙන්නේ
    "අවුරුද්ද දවසෙවත් අයියෝ.........................මෙහෙ එන්නේ"
    දැන්ම යන්න බෑ නැකතට මම ............................යන්නේ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කවි මඩු වලට ගොඩවී නැත මීට පෙර
    පොඩ්ඩක් බයයි වගේ මගේ යටි සිතට
    සියලු සතට සුබ පතමින් අව්රුද්දට
    ඔන්න මමත් ආවා කවි කියන්නට

    බයවීමට නම් කුමටද හේතු
    මෙය කවි මඩුවකි එක්වන හිතවත්තු
    මැනවින් ගොතා එන පැත්තට ගහපු
    ඕවත් වැඩ ද නලියට අපේ කණු දාපු
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    නිතරම සිටිමි ඔරලොසුව දෙස හෑරිලා
    ගෙදරට ගත්ත බඩු ටික මේසයෙ පිරිලා
    යන්නට බලාගෙන සිටිනා ඉක්මන්කරලා
    වරුවක් office වෑඩ කට්ටිය කියපල්ලා
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    14.gif


    මා නැත කිසිදා එලෙසින් .........................දුක්වෙන්නේ
    පුතා පුතා අප්පච්චී .................................... මොරදෙන්නේ
    "අවුරුද්ද දවසෙවත් අයියෝ.........................මෙහෙ එන්නේ"
    දැන්ම යන්න බෑ නැකතට මම ............................යන්නේ
    :yes::yes::yes::yes:
    නම අඬගසයි මවුපිය දෙපලත් මාගේ
    අවුරුදු දවසේවත් විසුමක් නැහැ වාගේ
    අපි වැනි පුතුන් නැති විට මේ අවකාශේ
    සතුටින් අඩක් අඩුවෙයි අද අවුරුද්දේ
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අවුරැද්දක් ගත වී නව අවුරැදු එන්නේ
    සිතේ ඇති තරහ මහර අමතක කරපන්නේ
    කිරි මුට්ටියෙන් කිරි ඉතිරෙන විලසින්නේ
    එන අවුරැද්ද රටටම එලකිරි වෙන්නේ
     
    Last edited: