You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
෴♥ යොවුන් මාරුතේ ♥෴
මිදුල මගේ මේ.. නෑ මේ ඔබගේ..
මිදුල නොවේ..
ඉදහිට ඩිංගක්
අතු ගෑ පමණින්
ඔබගෙ මිදුල නොවේ..
ඔබගෙ මිදුල නොවේ..
ටකරං වහලෙට ඇණ ටින් එකක් හැලෙනව වගේ ඒ මිහිරි වොයිස් එක එන්නෙ කොහෙන්ද බලන්න මං බැල්කනියෙන් එබුනා.. මෙන්න අපේ චමිල බඩා මිදුල අතුගාන ගමන් සින්දු කියනවා..
හිටපංකො.. මං උඹට පෙන්නන්නං මිදුල උඹේද මගේද කියල.. ආයෙ දෙපාරක් හිතුවෙ නෑ.. මං මගේ අතේ තිබුණ වතුර බාල්දිය චමිල දිහාට විසි කලා.. උගේ ඔළුවෙනුයි, කන් දෙකෙනුයි කළු පාටට වතුර වැක්කෙරෙද්දියි මට මතක් උනේ මං ගැහුවෙ ගේ හෝදපු ජරා වතුර කියල..
"යකෝ උඹට.. මං.. ෂික්.. තුහ්.. තුහ්.."
බඩා ඒලියන් බාසාවෙන් මොකක්දෝ හරුපයක් කියන්න හදනවා.. මං පටස් ගාලා කවර් උනා..
"හිරූ.. මොකක්ද බං මේ කරපු නොසන්ඩාල වැඩේ..?"
එන පොට හොද නෑ වගේ.. ඌ ගේ ඇතුළට එන්න කලින් මං එළියට ආවා..
"ආ..නේ.. මචං.. උඹ තෙමිලනේ.. වතුර එක හැලුනෙ උඹේ ඇගටද..?"
චමිල මොනව හරි කියන්න කලින් මං ඉස්සර උනා.. ඌ මගේ දිහා බැලුවෙ උස්සලා පොළොවෙ ගහන සයිස් එකකින්..
"සොරි කිව්වනේ බං ඉතිං.. බිම හෝදන්න පස්සෙන් පස්සට එද්දි කකුල වැදිලා වතුර එක පෙරලුනා.. කවුද හිතුවෙ උඹ යට ඉදී කියලා.."
ගේ පිහදාන්න ගෙනාපු පරණ තුවායක් උගේ අතට දෙන ගමන් මං කිව්වා.. ඌ මොනවද මංදා විදේශ බාසාවකින් මුමුණන ගමන් තුවාය ගත්තෙ උදුරලා වගේ..
"බේබි මොනව උනත් ඒ කරපු වැඩේ නං එච්චර හොද නෑ.."
මං ආපහු ගෙට යද්දි බණ්ඩයියා මගේ පස්සෙන් ඇවිත්.. මිනිහටත් මට වඩා පස්සෙ ආපු අග ලොකු වෙලා..
"මොන වැඩේ ද..?"
මම කිරි සප්පයා වගේ ඇස් දෙකත් ලොකු කරලා අහපු තාලෙට බණ්ඩයියා හිනාව හංගගත්තා.. මං දන්නවා බොරුවට කෑ ගැහුවට මෙයා මට ආදරෙයි කියලා..
"ඔය ඇදුම් ඇදගෙන අර දරුවා පාරෙ යන්නෙ කොහොමෙයි..?"
"හරි ඉතිං ඒකා බස් එකේ යනවයෑ.. මං එක්කනේ යන්නෙ.."
ඔය දෝස් මුරේ අහගෙන ඉන්න බැරි නිසා මං ගෙට රිංගගත්තා.. ඉක්මනට මේ වැඩ ටික ඉවර කරන්න ඕනෙ.. දැන් ඇගටත් හොද ගණන්..
මං පහල තට්ටුව අතුගාලා දූවිලි පිහලා හෝදන්න ලෑස්ති වෙද්දිම බඩා ඇතුලට ආවා.. ඌ මේ ටිකට නාවර පිහදගෙන පරණ ටී ෂර්ට් කබලකටත් මාරු වෙලා..
"ඇග වෙව්ලීම.. බඩයාම.. දෝ පාචනේ.."
පරණ තුවා කෑල්ලෙන් අත පය පිහදන ගමන් ඌ තනියම මුමුණනවා.. මගේ කුණු වතුර නාලා මිනිහගෙ පිස්සු තදවෙලාද කොහෙද.. නැත්තං මේ බඩයන සිංදු කියයිද..
"හිරූ අදට මේ ඇති බං.. දැන්නං මගේ මුළු සර්වාංගෙම රිදෙනවා.."
මූ සුපුරුදු අදෝනාව දාගෙන ඇවිත් දඩාං ගාලා පුටුවකට කඩන් වැටුණා.. මං කොයිකටත් කියල පහත් වෙලා බැලුවෙ පුටුවෙ තත්වෙ දැනගන්න.. අවුලක් නෑ.. තාම කිරි කිරි ගානව විතරයි..
"මොනවද බං, පහල තට්ටුවත් හෝදලා දාලා යං.. එතකොට ඉවරයි නෙ.."
"අපි දෙන්නා විතරක් නැහෙන්නෙ මොකටද..? අරූටත් ටිකක් ඉතුරු කරමු.."
දෙයක් පටන් ගන්න හැදුව විතරයි මුගේ පංගු පේරුව.. ඉතිං කොහොමත තව ඉස්සරහට මුං එක්ක ඉන්නෙ..
"බේබිලා දැන් ගෙදර යන්න.. මං මේ ටික අහවරක් කරල එන්නං.."
අපේ සද්දෙ වත්ත සුද්ද කර කර හිටපු බණ්ඩයියටත් ඇහිලා වගේ.. මනුස්සයා ඉතුරු වැඩ ටික බාර අරන් අපිව නිදහස් කරා..
"දැන් ඉතිං දෙයියනේ බුදුනේ කියලා යමං.. මට ගමකට කන්න බඩගිනියි.."
නාවර පෙරාගෙන බාගෙට තෙමුණු ඇදුම් පිටින්ම අපි දෙන්නා බයික් එකට නැග්ගා.. දැන් නං දෙන්නගෙම ඇදුම් වලින් චාලි සුවද වැක්කෙරෙනවා.. පුසුඹේ බෑ..
"බණ්ඩයියා.. ඔයාව ගන්න මං ආපහු එන්නද..?"
මං ගේ දිහා බලලා හයියෙක් කෑ ගැහුවා.. මිනිහා අපි හින්දා තනියම කටු කන එක හරි නෑනෙ..
"එපා බේබි.. මට බස් එකේ එතෑකි.."
"ආ මේ සල්ලි ගන්න.. බස් වල එන්න බෑනෙ ඔහොම.. ත්‍රීවිල් එකක එන්න.."
මනුස්සයා සල්ලි ගන්නෙ නෑ කියල දන්න නිසාම මං රුපියල් පන්සීයක් පුටුව උඩට විසි කරා.. දැන් ඉතිං කැපෙන්නයි තියෙන්නෙ..
මේ මස් කොත්තුවා පිටිපස්සෙ ඉදගත්තම බයික් එක අද්දන්නෙ අඩ අඩ.. ඌගෙ චූටි ඇග වැඩිය නෑ කිලෝ සීයක් විතර බර ඇති..
"හිරූ.. ඒ ගේ නම් මරු බං.. හරියට ආරණ්‍යකට ගියා වගේ.."
බයිසිකලේ පාරට දාද්දිම ඌ සතුට ප්‍රකාශ කලා.. ඒත් ඉතිං දාහක් කතන්දර අහල ඕක ගන්න මං දීපු ගේම මූ දන්නෑනෙ..
"ඕක ඉල්ලගන්න මං අපේ තාත්තට නොවදිනා වැදුම් වැන්දා.."
"පුදුමයි අන්කල් දෙන්න කැමති උනා.."
"නිකම්ම දුන්නා නෙමෙයි.. ඇග්‍රිමන්ට් එකක් සයින් කරවගෙන දුන්නෙ.."
"පිස්සු හැදෙනවනෙ බං.. උඹ ඔය අරින්නෙ නයෙක් නෙමෙයි නේද..?"
මේකා මේ වෙඩින් එකක් කතා කරනවා.. ඌට නයි ඇරියා කියලා මට ලැබෙන සෙතේ මොකක්ද..?
"ඇත්ත මචං ඇත්ත.. මං මේ කියන්නෙ අමූලික ඇත්ත.."
බඩා එක්ක කයිය දාගෙන එද්දි තප්ප දෝරු සයිස් කෙල්ලෙක් එක පාරටම පාරට පැන්නෙ නැතෑ.. මාත් ඉතිං වැඩ දන්න නිසා එහෙට මෙහෙට කපලා යාන්තං බේරුණා.. තව පොඩ්ඩෙන් බඩුම තමයි..
"බලහංකො කැත නැතුව බැනපු හැටි.. තව පොඩ්ඩෙන් අපි දෙන්නට සදා සොත්ති භවන්තුතේ වෙනවා.."
ඒකිගෙ ඇගේ වැදුනනං අපි දෙන්නට නෙමෙයි ලොතරැයිය ඇදෙන්නෙ මගේ මේ අහිංසක බයිසිකලේට.. මං කොයි එකටත් කියලා බයිසිකලේ පාර අයිනට කරල නතර කලා.. හප්පට සිරි මට සයිඩ් කණ්නාඩියෙන් පේනවා අර කෙල්ලත් ලතා වගේ පැද්දි පැද්දි අපි ළගට එනවා.. යකෝ වරැද්ද කරලත් තව බය නැතුව ළගටම එන හැටි විතරක්.. වලියකට ද කියන්න බෑනෙ.. මං අපේ චමිල බඩා හෙවත් චමිලයා එක්ක බයිසිකලෙන් බැස්සා.. ඒකි අමුතු මෝංගල් පාට හිනාවක් දාගෙන ආවෙ මටද බඩාටද දන්නෑ..
"අනේ සොරි.. හොදේ.. මගෙන් පොඩි මිස්ටේක් එකක් උනේ.."
මොකක්ද බොලේ මේ හරුපෙ..? බයිසිකලේ එළවගෙන ආවෙ මං.. අමාරුවෙන් හැප්පෙන්න නොදී බේර ගත්තෙ මං.. මේ කෙල්ල සොරි කිව්වෙ මට නෙමෙයි බඩාට.. ඌ නං දෙයියනේ කියල ලාමක ටිං ටිං හිනාවක් දාලා ජීවිතේ පළවෙනි පාරට ගෑණු පරාණයක් දැක්ක වගේ කැත නැතුව ඒ ඩෝසරේ දිහා බලන් ඉන්නවා..
"ඔච්චර නපුරු විදියට බලන්නෙපා මෙයා.. ඉතිං මම සොරි කිව්වනේ.."
මගේ ඇගට ලාවට තට්ටුවකුත් දාලා ඒක කියපු තාලෙට මගේ ඇගේ මයිල් සේරම ඉස්මයිල් උනා.. එහෙම නොවුනනං තමා පුදුමෙ.. කෙල්ල තට්ටුව දැම්මෙ මට උනාට බලන් හිටියෙ බඩා දිහා.. මං කොයි එකටත් ඇස් කන් සේරම හායි ගාලා ඇරලා දාලා ඒ මූණට එබුණා.. තේරුණේ.. දැන් තමයි.. මෙයා මේ බොම්බෙ ලුකින් කල්කටා ඩයල් එකක්නෙ.. තේරෙන බාසාවෙන් කියනව නං කෙල්ල වපරයි.. එහෙනං අර කලින් කිව්ව ටික කියන්න ඇත්තෙ මට වෙන්නැති..
"සොරිය බලාගන්න තිබුනා හැප්පුනා නං.."
කෙල්ල මෙච්චර වෙලා බලන් හිටියෙ ඌ දිහා නෙමෙයි කියලා තේරුණ නිසාද මන්දා බඩාට ඩෝං ගිහින්..
"මම පිළිගන්නව ඒක මගේ මිස්ටේක් එකක් කියලා.."
"ඔයාගෙ මිස්ටේක් එක නිසා තව පොඩ්ඩෙන් අපි සේරම බිස්ටේක් වෙනවා.."
මං පොඩ්ඩක් වීර පුරන් අප්පු චරිතෙකට පණ පොවන්න උත්සාහ කලා.. බඩත් මට ඇහැක් ගහලා චියර් පාර දුන්නෙ වැඩේ තව ටිකක් ඉස්සරහට ගෙනියන්න කියලා..
"අපි මේ උදේ ඉදල ෆුල් සමාජ සේවා පාරක් දීලා දිව කට ගිලිලා ගෙදර යනවා.. ඒ අස්සෙ ඔයා මේ.."
මට ඉතුරු ටික කියාගන්න උනේ නෑ.. කෙල්ල මැද්දට පැන්නා..
"අනේ ඉතිං ඔයාලට තිබහ නං අපි මොනව හරි බොන ගමන් කතා කරමුකො.."
අපිට මේ නාදුනන ස්ත්‍රී පරාණයක් එක්ක මොන කතාද..? ඒත් වැඩේ කියන්නෙ අර මැද හරියෙ කියවෙච්ච වචන දෙක තුන නිසා ඒ වාක්‍ය්‍ය නොසලකා අරින්න විදියක් නෑ..
"ඔය තරම්ම කියනව නම් යමුකො.. ඉතිං.."
දැන් වහීද කියලා දැනගන්න උඩ බලනව වගේ ගානකට නැතුව උඩ බලාගෙන චමිලය කිව්වා.. ඌටත් හිතිලා තියෙන්නෙ මට හිතුන දේමද කොහෙද..
"එහෙනං අපි අර පේස්ට්‍රි ෂොප් එකට යමු.."
ළගම තිබුණු කඩයක් පෙන්නලා කෙල්ල කියද්දි මට ඇදන් හිටපු ඇදුම දිහා ආපහු බැලුණා.. නගර සභාවෙ වැඩට ගිහින් වගේ මේ නාවර කිට ගහගෙන කඩයක් ඇතුළට රිංගන්න පුළුවන්යෑ..
"මචං හිරූ.. මගේ නං සන්තකේටම තියෙන්නෙ අර ගේ අස් කරද්දි අහුලගත්තු සත පනහෙ කාසි දෙකක් විතරයි.."
පේස්ට්‍රි ෂොප් එකේ බෝඩ් එක දිහා බලලා චමිලයා හෙමීට කෙදිරි ගෑවා..
"අපි මොකටද සල්ලි වියදං කරන්නෙ..? අපිට ඉන්වයිට් කලේ එයානේ.. ඉතිං එයාම ගෙවයි.."
උගේ අතින් ඇදගෙන මං කෙල්ලගෙ පස්සෙන් කඩේට ගියා.. කෙල්ල කෙලින්ම කවුන්ටරේ ළගට යද්දි මං චමිල එක්ක කොනේම මේසෙන් ඉදගත්තා.. මොකද ඉතිං වැඩිය සෙනග ඉන්න හරියක ඉදගත්තොත් කකා ඉන්න මිනිස්සුන්ට අපිව දැකලා ඔක්කාරෙට එන්න පුළුවන්නෙ..
"ඇග කැත උනාට ඒකිගෙ හිත ලස්සනයි නේද හිරූ..?"
"හිත නෙමෙයි චමී ඒකිගෙ පර්ස් එක ලස්සන ඇති.. ඒකනේ ඔය දාන පාරමිතා පුරන්නෙ.."
"ඒකනං ඇත්ත.. මොනර රැගුම්, සීගිරි බිතු සිතුවම් සේරම පර්ස් එකේ ඇති.. ආස හිතෙනව අප්පා.."
කෙල්ල අපි දිහාට උස්සගෙන ආපු ප්ලේට් එක දැකල චමිලයට කතා කර කර හිටපු වචන ටික ඉස්පොල්ලෙ ගියාද කොහෙද..? ඒකෙ රෝල්ස්, කට්ලට්, පැටිස්, හෝග් ඩෝග්ස් කට කපල එකයි..
"මේ.. මේ.. නංගි මේ සේරම අපිටද..?"
බන්ටි ටික දැක්ක විතරයි මූ මේ ඩෝසරේට නංගි ලු..
"ඔව් අයියා, ඔයාලා කන්න.. මං ඩ්‍රින්ක්ස් අරන් එන්නම්.."
කෙල්ලත් හැරෙන තැපෑලෙන් සහෝදරත්වය ප්‍රකාශ කරලා ආපහු කවුන්ටරේ පැත්තට ගියා.. ඒ පාර ජින්ජර් බියර් තුනක් උස්සන් එනවා.. එයා හිතුවද දන්නෑ අපි ඊ.ජී.බී නැතුව කෑම එපා කියයි කියලා.. මොන පිස්සුද ඊ.ජී.බී තිබුණත් නැතත් අපි කනවා..
"ඉත්..තිං.. ඔයාලා මේ කොහේ ගිහින් එන ගමන්ද..? මොකක්ද අර කියපු සමාජ සේවා වැඩේ..?"
"ආ.. ඒකද..? අපි මේ යාළුවෙක්ගෙ ෂොප් එකක් අස් කරන්න ගිහින් එන ගමන්.."
චමිලයා මොකක්දෝ මන්දා කියන්න කට අරිද්දිම මං ඉස්සර උනා.. නැත්තං මූ පුදපු ගමන් කාපි යකා වගේ අපේ රහස එළිකනවා..
"ඇයි අනේ.. ෂොප් එකට මොනා වෙලාද..? හොරු කඩලද..?"
"හොරු කැඩුවා නං බැරියා.. මේක ඊට වඩා සීරියස් කේස් එකක්.."
මගේ කතාවට බය වෙච්ච පාර කෙල්ල හොග් ඩෝග් බනිස් දෙකක්ම කටවල් දෙකට ගිලල දැම්මෙ නයගරා ඇල්ලෙන් පහළට වතුර ගලාගෙන හැලෙන තරම් වේගෙන්..
"අපේ යාළුවගෙ ෂොප් එකට අල්ලපු බිල්ඩින් එකට ආපු කස්ටමර් කෙනෙක් මේකට රිංගලා කඩේ බඩු ටික පොඩි කරලා.. ඒකෙ තිබුණ වීදුරු බාගයක්ම ඉවරයි.."
මගේ ටොම් පචේට චමිලට කකා හිටපු පැටිස් එකත් හිරවෙලාද මන්දා කැස්සකුත් ඇවිත්..
"ඉතිං එයාව පොලීසියට අල්ලලා දෙන්න එපැයි.. එහෙම අනුන්ගෙ බඩු කඩන්න එයාට තියෙන අයිතිය මොකක්ද..?"
ෆුල් සීරියස් පිට කතාව අහගෙන හිටපු කෙල්ලට තද වෙලාද කොහෙද..? මට නං දැන් හිනා යන්නත් එනවා.. ඒත් ඉතිං අනාගත නළුවෙක් විදියට හිනා වෙලා මේ සීන් එක කට් කරගන්න ඕනෙ නෑනෙ..
"ඇත්තටම කවුද ඒ කස්ටමර්..? අල්ලපු බිල්ඩින් එකේ තියන ෂොප් එක මොකක්ද..?"
කලින් ප්‍රශ්නෙට මගෙන් කිසි ප්‍රතිචාරයක් නැති නිසා කෙල්ල වැදගත් ප්‍රශ්න දෙකක් යොමු කලා.. මෙතන ඉදන් කතන්දර ආතාගෙ චරිතෙ විතරක් ඇක්ට් කලොත් මගේ බඩට හුළං තමයි.. මම කොයි එකටත් පේස්ට්‍රියත් කාලම ඒකට උත්තර දුන්නා..
"උන්ගෙ අල්ලපු බිල්ඩින් එකේ තියෙන්නෙ ඇනිමල් ක්ලීනික් එකක්.. ඉන්ජක්ෂන් විදින්න ගෙනාපු පිස්සු බල්ලෙක් තමයි ඒ ෂොප් එකට රිංගලා තියෙන්නෙ.."
මගේ කතාවට කෙල්ලට හිචිස් ගාලා ටිකිරි හිනාවක් පිට උනා.. මං තව බනිසක් කාලා ඊ.ජී.බී එක අතට ගත්තෙ ගෙදර යන්නත් වෙලාව හරි නිසා..
"ඔයාලා දෙන්නගෙ නම් මොනාද කියලා කියන්නකො.. මගේ නම නයෝමි.."
බලන් යද්දි මේකි හෙන ෆෝවර්ඩ් කැරැක්ටර් එකක්නෙ.. කොල්ලො වෙච්ච අපි අහන්න ඕන දේවල් කෙල්ලෙක් වෙලා මෙයා අහනවා..
"මම අමිල.. මෙයා හිරූ.."
මං නයෝමිට තව නයෙක් අරින්න හදද්දිම අමිලයා ඇත්ත කිව්වා..
"ඉතිං නයෝමි ඔයාගෙ නම කිව්ව වගේම වයසත් කියන්නකො.."
ටිකකට කලින් අපි දෙන්නට කට පුරෝල අයියෙ කියපු නිසා මං නිකමට වගේ ඇහුවා.. වයස කීය උනත් එයා අපිට වඩා වැඩිමල් කියලා නම් මට ෂුවර්..
"මට.. මට.. විසි පහයි.. එතකොට ඔයාලට..?"
මං කිව්වෙ නැද්ද.. මේ සදාදර නයෝ අපිට වඩා අවුරුදු පහක්ම වැඩිමල්..
"අපිට විසි හයයි.."
මටත් කලින්ම අමිලයා ඒක කියද්දි කෙල්ල අපි දෙන්නගෙන් කාගෙ දිහාද මන්දා බලලා පැණි හිනාවක් දැම්මා..
"ඒක තමයි.. මට හිතුණා මං බාලයි කියලා.."
අනේ ඒකිගෙ සිරික්කිය.. අපිට ඔහොම කිව්වට මොකෝ උප්පැන්නෙ තියෙන වයස ඕකටත් වඩා අවුරුදු දෙක තුනක් වැඩි ඇති..
"ඔයා ජොබ් එකක් කරනවද නයෝමි..?"
අපිට කන්න අරන් දීපු නම්බුවටවත් නම කියලා වැදගත් විදියට කතා කරන්න ඕනනෙ.. ඒක නිසා මං එහෙම ඇහුවා..
"නෑ අයියා.. මං කැමති නිලියක් වෙන්න.."
ඒ කතාවට මට උණ්ඩුකපුච්ඡෙනුත් හිනා යන්න ආවට මම බොහොම අමාරුවෙන් නවත්ත ගත්තා..
"ඔයාල දෙන්නා කොහෙද ජොබ් කරන්නෙ..?"
බැංකු පනහක විතර නම් මගේ කටට ගලාගෙන ආවත් මං දුන්නෙ වෙනම උත්තරයක්..
"අපි දෙන්නද..? අපි මේ එළිෆන්ට් හවුස් එකේ වැඩ කරන්නෙ.."
මං කියද්දි කෙල්ලගෙ ඇස් දෙක ලොකු උනා..
"ඒකෙ අයිස්ක්‍රීම් හදනවද..?"
"නෑ අනේ.. අලියන්ට ජංගි මහනවා.."
ඒ පාරනං කෙල්ලට ගිය හිනාවට බනිසෙ තිබ්බ සොසේජස් නහයෙන් ආවද කොහෙද..
"ඒත් ළගදිම ඒකත් නැතිවෙන පාටක් තියෙන්නෙ.."
"ඇයි ඒ..?"
"උන් හැම වෙලාවෙම තෙමාගන්න නිසා දැන් ඒ වෙනුවට පැම්පස් අදින්න තීරණය කරලා.."
හිනාවෙන අතරෙ ප්ලේට් එකේ තිබුණ අන්තිම රෝල්ස් එකත් අතට අරන් කෙල්ල මගේ පැත්තට පුටුව ඇදගත්තා..
"ඔයාලා හරි ජොලි මෙයා.. ඔයාලා එක්ක කතා කරද්දි වෙලාව යනවා දැනෙන්නෙත් නෑ.."
"අනේ නයෝමි.. අපිට නං වෙලාව යනවා හොදට දැනෙනවා.. අපි දැන් යන්න ඕනෙ.. ඔයා යන ගමන් හන්දියෙ ඔරලෝසු කඩෙන් ඔය වොච් එකට අලුතෙන් බැටරියක් දාගන්න.. එතකොට වෙලාව යයි.."
තල් ඉත්තට ඉක්කා වැටෙනව වගේ දඩි බිඩි ගාලා කියෝගෙන ගිය චමිලයා මාවත් ඇදගෙන ෂොප් එකෙන් එළියට ආවා.. අඩුගානෙ මනුස්සකටම කන්න බොන්න දීපුවට ස්තුති කරන්නවත් මට වෙලාවක් තිබුණෙ නෑ..
"යකෝ අපිට කලින් බණ්ඩයියා ගෙදර ගියොත් එහෙම උඹලගෙ තාත්තා අපි දැන්මම ඩිස්චාර්ජ් කරයි.."
චමිලයා කියද්දි තමයි මට ඒ සීන් එක මීටරේට ආවෙ.. බණ්ඩයියට කලින් ගෙදර යන්න ඕන නිසා මං චමිලයවත් දාගෙන විදුලි වේගෙන් ඉගිල්ලිලා ගියා..
Elakiri machan. Thawath niyama kathawak wage. 
යොවුන් මාරුතේ
mama hithuwa car ekak kiyala
passe kiyawanawa
bump
Patta Patta MAcho Ohoma Yan Ohoma Yan...
Niyamayi macho

thawath elakiri kathaawak wage

Digatama daagena yamu.

patta machoo ithuru tikath ikmanata danna
oluwa wekarenda


MAXXA.......................
මගෙයි චමිලගෙයි ගමන කොයි තරම් ඉක්මන්ද කියනව නම් බණ්ඩයියා ගෙදර ඇවිල්ලා නාගෙනත් ඉවරයි.. තාත්තා ඉන්නවද කියලා වටපිට බලලා පේන්න නැති නිසා මං තත්පරේට දෙකට කාමරේට පැන්නා..
"දෙයියනේ.. මේ අපි ගිනි පත්තුවෙලා උන්නෙ.. බේබිලා මෙච්චර වෙලා මකං කෙරුවද..?"
"අපි කිව්වෙ බණ්ඩයියෙ..? තාත්තා ගෙදර ඉන්නවද..?"
උත්තර දෙන එක පැත්තක තියලා මං තව ප්‍රශ්නයක් ඇහුවා.. එයා ගෙදරනං ඉතිං දැන් ඇවිත් ජාතිය අමතයි..
"බේබිලා බය වෙන්න කාරි නෑ.. ලොකු මහත්තය කොහෙද ගිහින්.. බැහෑට මොකෝ බේබි පරක්කු උනේ..?"
අම්මේ.. ඇති යන්තං.. දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවෙ..
"බයික් එකේ පැච් එකක් ගියානෙ බණ්ඩයියෙ.. ඒක දාන්න ගිහින් පරක්කු උනා.."
වට පිට පේන මානයක චමිලයවත් හිටියෙ නැති නිසා මං කටට ආපු එක කියලා දැම්මා..
"ඔබ බොරු මට කිව්වට කාරි නෑ.. ලොකු මහත්තයට එහෙම කියන්නෙපා ඕං.."
පුංචි කාලෙ ඉදලා වාම අතපත ගාලා හදපු බණ්ඩයියා මං බොරු කියද්දි ලේසියෙන්ම දැන ගන්නවා.. ඒත් එයා දන්න බව ඇගෙව්වට කවදාවත් ඇත්ත මොකක්ද කියලා හාර හාර අහන්නෙ නෑ..
මමයි චමිලයි දෙන්නත් ඉක්මනට නාලා කාලා අපේ ඇදුම් අස්කරගත්තා ගෙනියන්න.. අද රෑ ඉදල අපි ඉන්නෙ "සෙවන" කියලා අදුන්වන අපෙ තාත්තගෙ අනිත් ගෙදර.. ගෙයක් කියලා කිව්වට ඒක සොබා දහම අගය කරන හෝටල් වල තියන කොටේජ් එකක් වගේ.. ඒක ශ්‍රී ලංකාවෙ කොළඹ පැත්තෙ තියෙනවා කියලා හිතන්නවත් අමාරු සුන්දර බිම් කඩක්.. ඇත්තටම ඒක ඇතුළට ගියාම ඒ සී රූම් එකකවත් දැනෙන්නෙ නැති සීතල ගතියක් දැනෙනවා..
අක්කර එක හමාරක වත්ත ඇතුලෙ ගලාගනෙ යන විදියට කෘතීමව හදපු දිය පාරෙ තමයි වැඩිපුර ගතිය තියෙන්නෙ.. ගෙයි බිත්ති හදලා තියෙන්නෙ මැටියි ලී කොටයි පාවිච්චි කරලා..
චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වෙච්ච අපේ තාත්තා මේ ගේ පාවිච්චි කලේ දුර පළාත්වල ඉදලා ෂූටින් එන නළු නිළියන්ට නවාතැන් ගන්න.. අපේ ගෙදර ඉදලා 'සෙවන'ට ඒ තරම් ලොකු දුරක් නෑ.. ඒ උනාට විශේෂ හේතු කීපයක් හින්දා මගේ යාළුවො දෙන්නෙකුයි බණ්ඩයියයි එක්ක එහෙ නතර වෙන්න මං තීරණය කලා..
ඉස්කෝලෙ යන දවසවල ඉදලා මගේ ළගම හිටපු යාලුවො දෙන්නා උන චමිලයි, ප්ලූටොයි තමයි මගේ හවුල් කාරයො.. චමිලයා ඊයෙ රෑම මෙහෙ ආවට කුරුණෑගල ඉන්න ප්ලූටෝ එන්නෙ අද හවස කෝච්චියෙ.. මිනිහට ප්ලූටෝ කියන නම වැටුනෙ ප්ලූටෝ හොයාගත්තු ක්ලයිඩ් ටොම්බෝට වඩා ඌ ප්ලූටොට ආදරේ කරපු නිසා.. මිනිහගෙ කාඩ් එක ප්ලූටෝ උනාට සැබෑ නව වෙනුෂ්ක..
"මචං හිරූ.. ප්ලූටෝ එන වෙලාවත් හරියාගෙන එනවා.. අපි ස්ටේෂන් එකට යමු නේද..?"
අපිට බයිසිකලේ ගිහින් ඌව එක්කගෙන එන්න බැරි නිසා බණ්ඩයියට කියලා වෑන් එකේ යන්න අපි සෙට් උනා.. කෝච්චිය කොටුව ස්ටේෂන් එකට එන වෙලාවෙ ප්ලූටෝ අපිට කියලා තිබුණට ඒ වෙලාවටම එතනට යන්න ඕන නෑ.. මොකද ඉතිං මේක ලංකාවනේ..
ඒ කොහොම උනත් මිනිහා අපිට කොටුවට එන්න කියපු වෙලාවට අපි ගෙදරින් පිටත් උනා.. කොටුවට යද්දි පැය භාගයක් විතර පරක්කු වෙලා.. මමයි චමිලයයි ස්ටේෂන් එක පුරාම සක්මන් කරන නානාප්‍රකාර ස්ත්‍රී රූප දිහා බලාගෙන අපේ ප්ලූටෝව හෙව්වා..
"කෝ බං.. මූ තාම ඇවිත් නැද්ද මංදා..?"
"ඌ එන වෙලාවක ඇවිත් කතා කරයිනෙ.. අපි මෙන්න මෙහෙන් ඉදගමු.."
ස්ටේෂමේ බංකුවක ඉදගෙන හිටපු කෙල්ලෙක්ගෙ ඇගේ ගෑවී නොගෑවි ඉදගත්තු චමිල ඒක කිව්වෙ ඇහැකුත් ගහලා.. එතකොටම අර කෙල්ල දිහා බලලා හිනාවකුත් දාගෙන ආපු වෙන කොල්ලෙක් ඒ කෙල්ලගෙ අනිත් පැත්තෙන් ඉදගත්තා..
"අනුන්ගෙ දොදොල් කාලා කට පුච්ච ගන්නෙ මොකටද බං..?"
අර කෙල්ල හිනා කටකුත් අරන් දැන් ආපු බුවා එක්ක කතාවට සෙට් වෙද්දි මං චමිලට හින්ට් එකක් පාස් කලා..
"විහිලුවටවත් කන්න බුල්ටො එකක්වත් නැති මං කට පිච්චෙන්න හරි දොදොල් කෑල්ලක් කන එක වැරදිද හිරූ..?"
පදිංචි වෙලා හිටපු ගේ සුනාමියට කඩාගෙන වැටුණු මිනිහෙක් තමන්ගෙ දුක් ගැනවිල්ල ටී වී එකට කියන තරම් දුක හිතෙන විදියට චමිල ඒක කියද්දි අර කෙල්ලයි කොල්ලයි ඩබලම මූ දිහා බැලුවා.. පව් අප්පා දුකේ බෑ..
"ඒයි.. අර ඉන්නෙ ප්ලූටෝ නේද..?"
අපේ ප්ලූටෝ කැරකි කැරකි ඉන්නවා දැකලා මං පෙන්නද්දි චමිලයා බංකුවෙන් නැගිට්ටා..
"ඌට මොකද බං වෙලා තියෙන්නෙ..? වයින් කරපු කුරුමිණියා වගේ එක තැන කැරකෙන්නෙ.."
"පොරට ෂුවර් එකටම බඹරචක්‍රයක් කැවිලා.. ඒකනේ ඔය දුං දාගෙන කැරකි කැරකි ඉන්නෙ.."
මං ඒක කිය්දදි අර බංකුවෙ හිටපු කෙල්ලට ලස්සන හිනාවක් ගියා.. එතකොටම අහම්බෙන් වගේ අපිව දැක්ක ප්ලූටෝ අපේ ළගට දුවගෙන ආවා..
"යකෝ උඹලා මෙතනට වෙලා පොල් ගානවද..? මං මේ විනාඩි විස්සකට වඩා උඹලව හොයනවා.."
කිරි අප්පොච්චියේ පුදුම හතයි.. ඒ කියන්නෙ කෝච්චිය වෙලාවට ඇවිත්.. ඒත් මට තියන ප්‍රශ්නෙ ඒක නෙමෙයි.. මූ මොන ඉලව්වකට එක තැන කැරකුණාද කියනෙක..
"අද නං කෝච්චිය ට්‍රැෆික් බ්ලොක් නැතුව හුළං බහින්නෙ නැතුව කලින් ඇවිල්ලා වගේ.. හැබෑට මචං ළගදි කෝච්චි පාර පුළුල් කරලා කාපට්වත් දාලද..?"
චමිල ෆුල් සීරියස් මූඩ් එකෙන් ප්ලූටෝගෙන් අහද්දි මිනිහට තදවෙලා..
"යං යං යන ගමන් කතා කරමු.. බණ්ඩයියා එළියෙ බලාගෙන ඇති.."
"පොඩ්ඩක් හිටපංකො.. මගේ බෑග් දෙක අර බංකුව උඩ.."
"යකෝ එතකොට ඔය කරේ එල්ලගෙන ඉන්න බෑග් එක උඹලගෙ ආච්චිගෙද..?"
"ඒක ආච්චි මැරෙද්දි මට දෑවැද්දට දීපු බෑග් එකක්.."
හෙන සද්දෙට ඒක කියපු ප්ලූටෝ දුවලා ගිහින් අනිත් බෑග් දෙකත් උස්සගෙන ආවා.. මූ ඇත්තටම ඇවිත් තියෙන්නෙ සෞරග්‍රහ මණ්ඩලයෙ එහා කොණේ ඉදගෙනද කොහෙද.. නැත්තං මේ තරං බෑග් තොගයක්..
"අත පය හතර වන වන යන්නෙ නැතුව ගනිං මේ බෑග් දෙක.."
ඌ හරියට අපේ බෑග් තනියම උස්සගෙන යනව වගේනෙ ටෝක දෙන්නෙ.. මට තද උනා..
"මේ.. උඹ ප්ලූටෝ උනාට කමක් නෑ.. දෙන්නෙ ක්ෂිරපතයෙන් එළියට විසික් වෙන්න.."
ඉස්කෝලෙ උගන්නපු වචනයක් අල්ලලා මමත් පඩි කතාවක් කිව්වා.. ඌ ඉස්කෝලෙ තාරකා විද්‍යා සංගමයෙ නිකම්ම නිකං සාමාජිකයෙක් උනාට මම ඒකෙ සභාපතිනේ..
වෑන් එකට නැගලා අල ගිය මුල ගිය තොරතුරු කතා කර කර අපි මුලින්ම ගියේ අපේ නවතම නවාතැන හෙවත් 'සෙවන'ට..
"මචං.. හි..රූ..ෂ.. මාවලස්.. ආ.."
ගේට්ටුවෙන් එළියට වාහනේ දාපු ගමන්ම ප්ලූටො උගේ සතුට උපරිමයෙන් ප්‍රකාශ කරා..
"ලංකාවෙ මිනිස්සු කියනව වගේම උඹලගෙ තාත්තට තියෙන්නෙ මාර සුන්දර කලාත්මක ඇහැක්.."
වාහනේ නතර කලා විතරයි ඌ ඒකෙන් බැස්සා නෙමෙයි බිමට පැන්නා..
"මේක නිකං ඇමේසන් වනන්තරේ නයිල් ගග අයිනෙ හදපු මාළිගාවක් වගේ.."
මේකා මේ පඩියා වගේ ප්ලූටො ගැන විස්තර කතා කරාට ඌගෙ සාමාන්‍ය දැනීඹ නිල්.. ඇමේසන් වනාන්තරෙයි නයිල් ගගයි තියෙන්නෙ මහද්වීප දෙකක කියලවත් මේ ගොන් මොලේට මතක නැති හැටි.. අම්මපා මූ මගේ යාළුවෙක් කියන්නත් ලැජ්ජයි..
"බේබි අපි ගිහින් වෑන් එක ගෙදර දාලා එමු නේද..? නැත්තං ලොකු මහත්තයා කෑ ගහයි.."
බණ්ඩයියා මගේ ළගට ඇවිත් කියද්දි ප්ලූටො පැනපු ගමන් විරෝධය ප්‍රකාශ කරා..
"අනේ අයියෙ පිස්සු නං කතා කරන්නෙපා.. මගේ ඇදුම් සේරම මෙතන තියෙනවා.. මං දැන්මම මෙතන නතර වෙනවා.. ආයෙනං කොහේවත් යන්නෑ.."
ඌ ඒක කෑ ගහලා කියපු විදියට ප්ලූටෝ වලට කෙසේ වෙතත් අඩුම ගානෙ බ්‍රහස්පතීගෙන් එහාටවත් ඇහෙන්න ඇති..
"උඹ මලයකා වගේ බෙරිහන් දෙන්න එපා.. අපි ගිහින් ආපහු එන්නෙ බයික් එකේ.. කොහොමත් හතර දෙනෙක්ට ඒකෙ එන්න බෑනෙ.. ඒ නිසා උඹලා දෙන්නම දැන් නතර වෙයං.."
"හිරූ මේ.. මට නං ගෙදර යන්නම ඕනෙ.. අපි බණ්ඩයියව මූ එක්ක ගෙදර නතර කරලා ගිහින් එමු.."
අපේ ගෙදරට යන්න මටවත් නැති තදියමක් මූට තියෙන්නෙ.. මූ කියන විදියට බණ්ඩයියව තියලා ගිහින් වෑන් එක එළවන්නෙ මුගෙ බාප්පද..?
"ඔහොම රවන්නෙපා රත්තරනෙ.. මගේ වටිනා කියන බඩුවක් උඹලගෙ ගෙදර දාලා ආවා.. ඒක ගන්න මං යන්නම ඕනෙ.."
"එතකොට වෑන් එක එළවන්නෙ උඹද..?"
"අනේ මචෝ මට වාහන එලවන්න බෑ කියලා උඹ දන්නවනේ.. ඒත් උඹට පුළුවන්නෙ.."
"යකෝ මට ලයිසන් නෑ.."
"ඈ බං.. උඹ දවසක් කුරුණැගලදි අපේ කොල්ලො සෙට් එකට වෑන් එකෙන් වැඩ කිඩ වගයක් පේන්නුවෙ ලයිසන් නැතුවද..?"
මේ මෝඩ හරකට දෙයක් කියලා පහදන්න බෑ.. වැඩ පෙන්නන්න ලයිසන් එකක් තියෙන්න ඕනයෑ..
"උඹට ඔය තකහනියක් ගෙදර ගිහින් ගන්න තියෙන ගැජමැටික් එක මොකක්ද කියපං.."
"අනේ හිරූෂ.. මචං.. මේකයි.. මේ.. මේ.. මගේ ස්පෙයාපාට්ස් දෙකක් හෝදල දාලා ආවා උඹේ ඇදුම් රැක් එකේ.. ඒ දෙක නැති උනොත් මං අනාතයි මචං.."
"හරි හරි.. අපේ ගෙදර පරණ අඩුවක් තිබ්බා.. මං ඒකෙන් අල්ලලා හරි ඔය ස්පෙයා පාට්ස් දෙක බෑග් එකක දාගෙන එන්නම්.. දැන්වත් දෙයියනේ කියලා හිටපං.."
චමිලයව බලෙන්ව වගේ ගේ ඇතුළට තල්ලු කරලා දාලා මම බණ්ඩයියා එක්ක ගෙදර ආවා.. ඉතුරු වෙලා තිබුණ බඩු ටිකකුත් බෑග් එකේ දාගෙන අම්මටයි, තාත්තටයි වැදලා එළියට බහින්න හදද්දි තාත්තා මාව නතර කරගත්තා..
"සුදු පුතා.. ඔයා මේ කරන්න හදන සෙල්ලටම මගේ වැඩි කැමැත්තක් නෑ.. මං මෙහෙම හරි කැමති උනේ ඔයා දියුණු වෙන්න වගේම හරි විදියට වැඩක් පටන්ගන්න හදන උත්සහය නිසා.."
"තාත්තෙ මං වැරැද්දක් කරන්න යනවා නෙමෙයිනෙ.. මං.."
"ඔහොම ඉන්න.. මං කතා කරලා ඉවර නෑ.. ෆීල්ඩ් එකේ මිනිස්සුන්ට බොරු කරන්න මට බෑ.. ඔයා තැනකට එනකල් රහස රැකගන්න එක ඔයාගෙ වැඩක්.. ඒත් කවුරු හරි මේ ගැන දැනගෙන මගෙන් කෙලින්ම ඇහුවොත් එදාට මං ඇත්ත කියනවා කියලා මතක තියාගන්න.. ඔයා දුනුවිල පවුලෙ නම්බුව ආරක්ෂා කරන්න ඕනෙ.."
ඔය මහලොකු නම්බුවත් බම්බුව වගේ දෙපැත්තම හිස් නේද කියලා අහන්න කටට ආවත් මං තද කරන් හිටියා.. නොවදිනා වැදුම් වැදලා ඉල්ලගත්ත වීෂා එක කැන්සල් කරගන්න ඕනෙ නැහැනෙ..
"මාරසිංහ කියන්නෙ මේ ක්ෂේත්‍රයෙ දැවැන්තයෙක්.. අනික මිනිහා මගේ ළගම හිතවතෙක්.. එයා කීප දවසක්ම මෙහෙ ඇවිත් තියන නිසා ඔයාව අදුනගනීද කියලා මට සැකයක් තියෙනවා.."
එයා කොහොමද මාව අදුන ගන්නෙ.. මාරසිංහ අන්කල් නිතර මෙහෙ ආව ගියත් මට මොකෝ.. මං මෙච්චර කල් හිටියෙ කුරුණෑගලනෙ..
"බණ්ඩාර.. මං ඔයාව මෙයාලා එක්ක නවතින්න යවන්නෙ මෙයාලගෙ ආරක්ෂාවට.. එහෙම උනා කියලා මෙයාලා කරන අනවශ්‍ය වැඩ වලට උල්පන්දම් දෙන්න එහෙම හදන්නෙපා.. ඒ වගේ දෙයක් උනොත් මං මුලින්ම අල්ලගන්නෙ තමුන්ව.."
"නෑ ලොකු මහත්තයා.. මං බේබිලව බලාගන්නම්.."
"මං එහෙ ගියාට ටික දවසකට විතරනේ තාත්තෙ.. අනික මට දවසකට දෙකකට සැරයක් ගෙදර ඇවිත් යන්න පුළුවන්නෙ.."
"පුතාලට ඕනෙ නං දවස ගානෙ මෙහෙන් කෑම එවන්න පුළුවන්.. ඔය කොල්ලො දෙතුන් දෙනෙක්ට තනියම උයාගෙන කන්න බෑනෙ.."
"උයන්න ඕන කරන බඩු සේරම අපි ගත්තා.. අපි උයාගෙන කන්නං තාත්තා.. ඒක ප්‍රශ්නයක් නෑ.."
"එහෙනං මේ සල්ලි ටික දැනට තියාගන්න.. තව ඕනෙ නං මට කියන්න.. අනික නිතරම ෆෝන් එක ඔන් එකේ තියාගන්න.. මං ඔය හරියෙන් යන වෙලාවල් වලට ඔතනට ගොඩවෙලා යන්නං.."
අපිව බලන්න නිතර ආවෙ නැතුවට කමක් නෑ කියලත් මට හිතුණා.. එතකොට අපේ සොමිය නැතිවෙනවනෙ.. සල්ලි ටික අල්ලගෙන හිටපු අතේ ඇගිලි වල මොණරුන්ගෙ නියපොත් ඇනෙන්න ගත්ත නිසා මම ඒ ටික සාක්කුවෙ දාගත්තා..
"මං එදත් කිව්වා මතක ඇතිනෙ.. සෙවන කියන්නෙ හරියට පූජාසනයක් වගේ තැනක්.. ඒකට පුංචි හානියක්වත් කරලා මං නරක මිනිහා කියලා කියන්නෙපා.. ම්හ්.. දැන් එහෙනං දෙන්න එක්ක පරිස්සමට යන්න.."
ඒ වචනෙ පිට උනා විතරයි මං බණ්ඩයියව ඇදගෙන එළියට ආවා.. නැත්තං අමතක උන ඒවා මතක් කර කර තවත් කියවයි..
"අනේ බේබි ගියාම ගේ පාළුවට යයි.."
ගෙදර වැඩට ඉන්න යසෝ අක්කත් ඇස්වල කදුළු පරවගෙන දොර ගාව.. මං එයාගෙත ඔළුව අතගාලා මිදුලට බහිද්දි හොදටම කරුවල වැටිලා.. අපේ මහලොකු චණ්ඩියො දෙන්නා පණ බයේ නගුට පශ්චාත් භාගයෙ ගහගෙන ඉන්නවද දන්නෙ නෑ..
"අපි ඉක්මනට යං බේබි.. අර ළමයි අරහෙ තනියෙම.. තාම ඒ හැටි පුරුද්දකුත් නෑනෙ.."
මං බයික් එක ස්ටාර්ට් කරගත්තා විතරයි බණ්ඩයියත් ඇවිත් එල්ලුණා.. අපි සෙවනට යද්දි හොදටම රෑ වෙලා..
"කොහෙද බං මෙච්චර වෙලා ගියේ.. අපිට පාර බලන් ඉදලම පණ ගියා.."
ඩබල එහෙම කිව්වට මොකෝ අපි ගේ ළගටම ගිහින් හෝන් කරද්දියි දෙන්නා එළියට ආවෙ..
"ඇත්තටම ඇයි හිරූ පරක්කු උනෙ..? දවල් වගේ බයික් එකේ පන්චර් එකක්ද..?"
එහෙනං මං දවල් බණ්ඩයියට කියපු පුංචි බොරුව චමිලයත් අහගෙන ඉදලා.. දවල් ගියපු පන්චර් එක මොකක්ද කියලා මමයි චමිලයයි ඇරෙන්න වෙන කවුරුත් දන්නෑනෙ..
"අපි ගෙදර ගියාම හරි වැඩක් උනානෙ බං.."
මං පුටුවකින් හරි බරි ගැහිලා ඉදගෙන තව නයෙක් අරින්න හැදුවෙ..
"මං ගිහින් කාමරේ ඇතුළට ගියා විතරයි මගෙ පස්සෙන් අපෙ යසෝ අක්කත් කාමරේට ඇතුල් උනා.."
"ඉතිං..?"
ප්ලූටො ඒක ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරලා..
"ඉතිං තමයි.. එයා ඇතුළට ආවා විතරයි හයියෙන් හුස්මක් ගත්තා.. කලන්තෙ දාලා වැටුනා.."
මොකක්ද මේ හරුපෙ තේරුම කියලා අහන්න වගේ බණ්ඩයියත් මගේ පුටුව කිට්ටුවෙන්ම බිම ඉදගත්තා..
"පව් හිරූ.. එයාට සනීප නැද්ද..? අපිට කන්න කියලා එයා කිරි ටොෆි වගයකුත් හදලා දුන්නා.."
චමී පණ දාගෙන ඌගෙ සෝකය ප්‍රකාශ කරනවා.. කතාවෙ ඉතුරු ටිකත් අහපන්කො පුතා.. එතකොටනෙ සොමිය තියෙන්නෙ..
"පස්සෙ අපි කට්ටියම වතුර ගහලා යන්තං සිහිය ගත්තා.."
"ඇයි එයාට ප්‍රෙෂර් වැඩි වෙලාද..?"
චමිලයා ආපහු අහනවා.. මිනිහා කොහොමත් අපේ ගෙදර ආපු දවස් දෙකට යසෝ අක්කත් එක්ක ෆිට් උනා..
"උඹල දන්නවද එයා සිහිය ආපු ගමන් මොකක්ද ඇහුවෙ කියලා..?"
"නෑ..හ්.."
"එයා අහනවා 'බේබි මම මේ ඉන්නෙ කරෝල වාඩියකද..?' කියලා.."
චමිලයයි, ප්ලූටොයි මූණ බලාගත්තා..
"ඒ මොකෝ බං එහෙම ඇහුවෙ..?"
කාරණාව තේරිලා වගේ හිනාව තදකරගෙන බණ්ඩයියා එතනින් නැගිටලා ගියා..
"එහෙම ඇහුවෙ මෙන්න මේක නිසා.."
මෙච්චර වෙලා බෑග් එකේ දාගෙන හිටපු අමිලයගෙ අන්ඩර් වෙයාර් දෙක උගේ ඔඩොක්කුවට විසි කරලා මං කිව්වා.. ප්ලූටොට බකස් ගාලා හිනාවක් යද්දි චමිලයා මහා අනර්ඝ වස්තුවක් හම්බ උනා වගේ පැනපු ගමන් ඒ දෙක තුරුළු කරගත්තා..
"හිරූ මේ ගේ එළියෙන් බලද්දි ඒ තරම් ලොකුවට පේනේනෙ නැති උනාට කාමර පහ හයක් තියෙනවනෙ බං.. තව කෑම කාමරයයි, කුස්සියයි, සාලෙයි.."
ප්ලූටො ආපු ගමන් ගෙයි හැම අස්සකම රිංගලද කොහෙද..? මොනව උනත් මට වගේම අනිත් අයටත් ගේ උපරිම විදියට හිතට අල්ලලා..
"මම නං වැඩිපුරම කැමති බාත් රූම් එකට.. එතතනෙ හොදම කොලිටිය තියෙන්නෙ.. වතුර එන්නෙ මාළුවෙකුගෙ කටෙන්.. වටේම බිත්ති වල දොල ගල් අල්ලලා.. හතර වටේ ජලජ ශාක.. ඒත් උඹලගෙ කලාබර තාත්තට එකක් අමතක වෙලා.."
අපේ වැසිකිලිය ගැන හෙන හෑල්ලක් චමිල කියවගෙ ගියා.. හැබැයි ඌ කියපු සේරම ඇත්ත.. උඩ ෂවර් එක වට වෙන්ඩ බිත්තියට අල්ලලා තියෙන ඩොල්ෆින් මූණ වෙනස්ම කලාවක්.. අපේ රටේ මිනිස්සු බාත්රූම් වල බිත්තියට ටයිල් ඇල්ලුවට අපේ තාත්තා අල්ලලා තියෙන්නෙ එක එක ප්‍රමාණ වල රවුම් ගල්.. ඒත් තාත්තට අමතක උන චමිලයට මතක් උන විශේව කාරණාව මොකක්ද මන්දා..
"කියපංකො ඉතිං අමතක වෙච්ච දේ.."
"නෑ මචං අර මෙව්වා දාන පෝච්චියෙ ඕන වෙලාවක වතුර තියෙනවනෙ.. ඒකට ගප්පි දෙතුන් දෙනෙක් දැම්ම නම් මරු.."
මටයි ප්ලූටොටයි බකස් ගාලා හිනාවක් ගියාට බණ්ඩයියා හෝ ගාලා කල්පනාවක.. එයා සමහර විට මෙව්වා දාන පෝච්චිය මොකක්ද කියලා බලනවා ඇති..
"උඹ කියපු විදියට දැම්මා නං පළවෙනි එකා බාත් රූම් එකෙන් එළියට එද්දි මාළු ටික පණ පිටින් දිව්‍ය ලෝකෙට ගිහින් ඉදියි.."
"ඔය වගේ රසවත් මාතෘකාවක් ඇදිලා එද්දියි මතක් උනේ මචං.. අපි මොනවද අද රෑට කන්නෙ..?"
මේ ගද ගහන කතාවක් අතරෙ ප්ලූටො කැත නැතුව කෑම මතක් කලා..
"අද උයාපිහාගන්න වෙලාවක් නැති නිසා යසෝ කෑම ඔතලා දුන්නා බේබි.. ආං මං කුස්සියෙන් ගිහින් තිබ්බා.."
අපි කයිවාරු ගහද්දි බණ්ඩයියා කෑමරෙඩි කරලත් ඉවරයි.. දෙයියනේ කියලා ඇගපත හෝදගෙන අපි කෑම ටික අතුරුදන් කලා..
"මේකෙ අපිට ඇතිවෙන්න කාමර තියෙනවනේ චමී.. අපි කොහොමද ඒවා බෙදා ගන්නෙ..?"
මං උන් දෙන්නා දිහාම බලලා ඇහුවා.. අදම මේවා ප්ලෑන් කරන්න වෙනවා.. මොකද ඉතිං තව මාස හයක්වත් අපි මෙහෙ ඉන්නෙපැයි..
"බේබිලා තුන්දෙනා උඩ කාමර වල ඉන්න.. මං පහල මැද කාමරේ ඉන්නම්.."
අපි වගේ සත්තු තුන්දෙනෙක් එක්ක ඉන්න බෑ කියල දන්න නිසා බණ්ඩයියා පටස් ගාලා ගන්න තියෙන හොදම තීරණේ ගත්තා..
"මං ඉන්නෙ අර උඩ තියෙන දෙවනි කාමරේ.. අද මම ඒක පණ දාගෙන සුද්ද කරා.."
බඩා කියපු විදියට ඌ කොහොමත් තනි කාමරේක ඉන්න එක හොදයි.. නැත්තං අපිට ඉඩ මදිවෙනවා..
"රයිට්.. එහෙනං මමයි හිරුයි අර ලොකු කාමරේ ඉන්නම්.. හිරූ උඹෙන් ඒකට අවුලක් නෑනෙ..?"
"කිසිම ප්‍රශ්නයක් නෑ මල්ලි.. ෆිට් තමයි.."
මම මහපටැගිල්ල උස්සලා කැමැත්ත ප්‍රකාශ කලා.. කොහොමත් අපි තුන්දෙනා ඉස්කෝලෙදිත් රජතුන් කට්ටුව වගේ එකට හිටියට මගේ නැට්ට වගේ වැඩිපුරම ළගින් හිටියෙ ප්ලූටො..
"එහෙනං දැන් ගිහින් නිදියමු මචං.. හොදටම රෑ වෙලා.. මට හරිම මහන්සියි.."
ඇදුම් බෑග් ටිකත් කාමරේට දාලා ප්ලූටො සරමකට බැස්සා..
"අනේ මචංලා.. නිදියන්න කලින් මට උඹලා දෙන්නගෙන් කාරුණික පොරොන්දුවක් ගන්න තියෙනවා.."
අඩන මූණකුත් අරගෙන චමිලයා අපේ කාමරේට එබුනා.. අපි දෙන්නම ඇස් කන් ඇරගෙන ඌ දිහා බලන් හිටියෙ ඔය කියන වැදගත් පොරොන්දුව අහගන්න..
"හෙට ඉදල අපි තුන්දෙනාගෙම ජීවිත වල අලුත් පිටුවක් පෙරළෙනවනෙ.. ඉතිං ඒ වගේ වැදගත් ලෝකෙකට යන්න හදද්දි උඹලා කරුණාකරලා මට බඩා කියන එක නතර කරලා දිගටම චමී කියලා කතා කරපං.. කොහොමටත් මම මාසයක් යද්දි මේ බඩ අඩුකරගන්නවා.."
හෙට උදේම නැගිටින්නත් ඕනෙ නිසා මුගේ මළ ඇඩියාවට හා කියලා අපි දෙන්නා නින්දට ගියා..
හිතේ තිබුණ ෆන් එක වැඩි නිසාද මන්දා මාව උදේ පාන්දරම ඇහැරුණා.. ඇදේ ඉදලම මං කල්පනා කලේ අද ඉදලා කරන්න තියෙන භාරදූර කාර්තව්‍ය ගැන.. පිටින් බලන කෙනෙක්ට මේක මහා ගොන්කමක් කියලා හිතෙන්නත් පුළුවන්.. ඒත් මං කරන්නෙ මගේ හිතට හරියි කියලා හිතෙන දේ..
ලංකාවෙ අංක එකේ චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්ෂකවරයෙක් වෙච්ච හේමන්ත දුනුවිලගෙ වන් ඇන්ඩි ඔන්ලි පුතා නාට්‍ය හා රංගකලාව ඉගෙන ගන්න වෙනම ක්ලාස් එකකට යනවා කියන එක සමහර විට වැරදි වෙන්නත් පුළුවන්.. පුංචි කාලෙ ටෙලිනාට්‍ය දෙකයි, එක චිත්‍රපටියකයි රගපාලා තිබුණට මං ඊට පස්සෙ සම්පූර්ණයෙන්ම ඉගෙනීමයි ක්‍රීඩා වලටයි යොමු උනා.. තව නිර්මාණ වලට සම්බන්ධ වෙන්න දීගට හරහට ආරාධනා ආවත් මගේ මුරණ්ඩු හිත ඒවට කැමති උනේ නෑ.. කොටින්ම විභාගෙ ඉවර උන ගමන් තාත්තා එයාගෙ ෆිල්ම් එකේ රගපාන්න එන්න කිව්වත් මං ඒකටත් බෑ කිව්වා..
ඒකට හේතුව තාත්තම තමයි.. එයා නිතරම කිව්වෙ ආවට ගියාට රගපාන්නෙ නැතුව ඒ දේ හරියට ඉගෙනගෙන කරන්න කියලා.. ඉස්කෝලෙදි ඒ ලෙවල් වලටත් සයන්ස් කරපු මං රංගකලාව ගැන ඉගෙනගෙනම ෆිල්ඩ් එකට එන්න හිතුවෙ ඒකයි.. තාත්තා තරමටම නැතත් එයාගෙ මට්ටමට කිට්ටු වෙන්න පුළුවන් තත්වෙකට හිටපු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් උන මාරසිංහ සර්ගෙ පංතියට අද ඉදලා යන්නෙ ඒකෙ පළවෙනි පියවර හැටියට..
"මොකෝ බං මේ පට්ට පාන්දර ඇහැරගෙන..?"
ඇද විට්ටමට කොට්ටෙ හේත්තු කරගෙන කල්පනා කර කර හිටපු මගේ දිහා බලලා ප්ලූටො නින්දෙන්ම කිව්වා..
"මොන පාන්දරද මං නැගිටපං.. අද ක්ලාස් එකට ටිකක් කලින් යන්න වෙයි.."
"කෝ බඩා නැගිටලා නැද්ද..?"
"දන්නෑ බං ඌ තාම මේ පැත්තට ආවෙ නෑ.."
මං ඒකට උත්තර දුන්නෙ ඇදෙන් බහින ගමන්මයි.. මාත් එක්කම නැගිට්ට ප්ලූටො ඇදත් අස් කරලා පහළට බැස්සා.. මං කෙලින්ම ගියේ බඩාගෙ කාමරේට.. කිසි අවුලක් නෑ.. ඌ නාලාගිරි හාන්සිවෙලා වගේ දොයි..
"චමී.. නැගිටපං.. හොදටම දවල් වෙලා.."
බඩා කියලා කියවෙන්න ආවත් මං ඊයෙ රෑ කරපු ඉල්ලීම මතක් වෙලා නම වෙනස් කලා.. කොහොමටත් කට්ටිය ඉස්සරහ බඩා කියන එක ටිකක් චාටර් තමයි..
"උඹලා නැගිටලද ඉන්නෙ..?"
මොකක්ද බොලේ ඒ අසත්පුරුෂ ප්‍රශ්නෙ.. මූ හිතන්නෙ මං මේ දොරළග ඉන්නෙ නිදාගෙන කියලද..? හීනෙන් ඇවිදින ලෙඩක් තාම මේ හිරූෂයට හැදිලා නෑ..
"උඹට බැරිනං තව නිදාගනිං.. අපි දෙන්නා බයික් එකේ යනවා.."
ඒක කිව්වා විතරයි චමිලයා දඩි බිඩි ගාලා නැගිටලා ආවා.. ඌ බාත්රූම් එකට රිංගද්දි මම ඇදුම් අයන් කලා.. දුනුවිලගෙ පුතා කියලා හෙළි නොකලත් කොල්ලා ගතියට යන්න එපැයි.. කළු ඩෙනිමයි, අලුයි කළුයි ටී ෂර්ට් එකයිමැදලා රැක් එකට දාලා මමත් උදේම නා ගත්තා..
"බේබිලා ලෑස්ති නං එන්න කන්න. හිස් බඩ යන්න හොද නෑ.."
බණ්ඩයියා දෙයියනේ කියලා උදේම කිරිබත් හදලා.. ඒක කාලා අපි නමෝ විත්තියෙන් පාරට බැස්සා..
"බණ්ඩයියෙ අපි එද්දි ටිකක් පරක්කු වෙයි.. එතකල් ඔයා තනියමනෙ.."
"කාරි නෑ බේබි.. මං කොහොටමත් අද මේ වත්ත පිටිය සුද්ද කරලා දාන්නයි හිතාන උන්නෙ.."
මනුස්සයා කොහොමත් කතා කරන්නෙ ගමේ තාලෙට.. අපි බණ්ඩා කියලා කතා කරත් එයාගෙ ඇත්ත නම බණ්ඩාර.. එයාගෙ බස් වහර අපිට පුරුදු උනාට තාම ප්ලූටොටයි, චමිලටයි වැඩිය පුරුදු නෑ..
"බේබිලා දැන් යන්නෙ කොහොමෙයි..? මේකෙ යන්න බෑ නොවැ.."
මගේ බයික් දණ්ඩ පෙන්නලා බණ්ඩයියා අහද්දි ඒ ප්‍රශ්නෙම මූණෙ තියාගෙන චමිලත් මං දිහා බැලුවා..
"අද පළවෙනි දවස නිසා ත්‍රී විලර් එකක යනවා.. ඊට පස්සෙ දිගටම බස් එකේ.."
"බේබිලා එහෙනං ඉන්න.. මං වීල් එකක් අරං එන්නං.."
"නෑ නෑ බණ්ඩයියා ඉන්න.. අපි පාරට ගිහින් නගින්නං.."
ඒ අහිංසක මනුස්සයා රස්තියාදු නොකර අපි තුන්දෙනා පාර පැත්තට ආවා..
"ඇත්තටම හිරූ උඹ මොකටද ගෙදර ඉන්නෙ නැතුව අපිවත් අරන් මෙහෙ නතර වෙන්න ආවෙ..?"
පාරට බහිද්දිම ප්ලූටො වැදගත් ප්‍රශ්නයක් ඇහුවා..
"අපේ තාත්තා නිතරම කියන්නෙ බං එයාගෙ පුතා හින්දා ෆිල්ඩ් එකට ඇවිත් හරියට යමක් නොකර එයාගෙ නම්බුව කන්න එපා කියලනෙ.. ඉතිං මං දැන් ෆිල්ඩ් එකට එන්න ට්‍රයි කරන්නෙ එයාගෙ පුතා විදියට නෙමෙයි.. ස්වාදීන පුද්ගලයෙක් විදියට.. කොටින්ම මම දුනුවිලගෙ පුතා කියලා කාටවත්ම අගවන්නෙ නෑ.."
"ඒත් බං ඒ මිනිස්සු උඹව අදුනගනියිනෙ.. අනික උඹ කලින් රගපාලත් තියෙනවනෙ.."
"රගපෑවෙ මීට අවුරුදු අටකට දහයකට කලින්නෙ.. ඉතිං කාටවත් මාව වැඩිය නෝට් නෑ.. මේ අඩියියා එක ඔළුවෙ තිබුණ නිසා මං මෑත කාලෙ ෆීල්ඩ් එකේ කාටවත් මූණ දුන්නෙ නෑ.. මිනිස්සු මං ඉන්න වෙලාවකට ගෙදර ආවත් මං හැංගෙනවා.."
"උඹේ නම කිව්වම කවුරුත් දන්නවනෙ උඹ දුනුවිල අන්කල්ගෙ පුතා කියලා.."
"මේ ලංකාවෙ දුනුවිල කියලා කෙනෙක්ට ඉන්නෙ අපේ තාත්තා විතරද බං.. තව ඕන තරම් මිනිස්සු ඇති.."
කතාව අතරෙම ළගට ආපු හිස් ත්‍රීවිල් එකකට අපි කට්ටියම නැග ගත්තා.. මං කටට ඇගිල්ල තියලා මේ කතාව දැන් නතර කරන්න කියන ඉගිය දුන්නා.. නැත්තං මං දුනුවිලගෙ පුතා කියලා මුලින්ම දැනගන්නෙ මේ ත්‍රීවිල් කාරයා..
කොළඹ තියෙන ප්‍රධාන මංසන්දියක තිබුණ ක්ලාස් එට අපි යද්දිත් කෙල්ලො, කොල්ලො පිරිලා.. හැබැයි ඒ අතරෙ පොඩි එවුන් වගේම තරමක් වයසක අන්කල්ලත් හිටියා.. මේ මිනිස්සුන්ටත් රගපාන්න ආසාව එන්නෙ නහින දෙහින කාලෙටමනෙ අප්පා..
"මගේ හිතට නිකං කුරුළු පිහාටුවකින් පවන් සලනවා වගේ දැනෙනවා හිරූ.."
තත්පරේට දෙකට ඇස් දෙක අංශඛ එකසිය අසූවක්ම කරකවපු චමිලයා පටස් ගාලා කියලා දැම්මා.. මූ ආපු ගමන්ම අපෙත් කාඩ් කුඩු වෙනවා..
"ඔයාලා ක්ලාස් එකටද ආවෙ..? එහෙනං අර ෆෝම් එක ෆිල් කරලා ගිහින් සර්ට දෙන්න.."
සුදු පාට ෂර්ට් එකක් ඇදපු මනුස්සයෙක් කියද්දි මං අපේ ඩබල එක්ක ඇතුළට ගියා.. සර් එක කණ්ඩායමකට උපරිමව බදව ගන්නෙ තිහයි කිව්වට මෙතන දැනටමත් පනහක් විතර ඉන්නවා..
අපි තුන්දෙනා ෆෝම් තුන අරගෙන ගිහින් දිග මේසෙ කොනකින් ඉදගත්තා..
"ෂික් විතරක්.. බලපංකො චමී මේකෙ මුලින්ම අහලා තියෙන නොසන්ඩාල ප්‍රශ්නෙ.."
පෑන අරන් පළවෙනිම පේළිය පුරවන්න හදද්දි මට තද උනා.. ඒකෙ මුලින්ම අහලා තිබුණෙ වාසගම, ඊළගට සම්පූර්ණ නම..
"උඹ දැන් මොකද කරන්නෙ..? ඇත්තම ලියනවද..? නැත්තං..?"
"අනේ මන්දා බං.. ඇත්ත ලියලත් බෑ.. බොරු ලියලත් බෑ.."
"ඇයි දැන් මහලොකුවට චන්ඩියා වගේ කිව්වෙ මේ ලංකාවෙ දුනුවිල කියලා ඉන්නෙ අපේ තාත්තා විතරද කියලා.."
"ඇත්තද..? උඹට ෂුවර්ද මං එහෙම කිව්වා කියලා.."
චමිලයා රවලා වගේ මගේ දිහා බලද්දි මං දෙපාරක් හිතන්නෙ නැතුව ඇත්තම ලිව්වා.. ෆෝම් එක සේරම පුරවලා පාඨමාලා ගාස්තුවය එක්ක භාර දෙන්න තිබුණෙ මාරසිංහ සර්ටමයි.. මං සර්ව මීට කලින් හොදට දන්න නිසා අදුරගත්තට සර් මාව අදුරගත්තෙ නෑ.. ඒත් එයා කණා පොල්ලෙන් ගැහැව්වා වගේ ප්‍රශ්න කීපයක්ම ඩෝං ගාලා එල්ල කලා..
"හිරූෂ හේමන්ත දුනුවිල.. ම්.. මේ පුතා මිස්ටර් හේමන්ත දුනුවිලගෙ ඥාතියෙක්ද..?"
මොන ඥාතිකමක්ද මං උන්දැගෙ පුතා කියලා කියන්නත් මගේ කටට ආවා.. ඒත් ඉතිං කැත නැතුව 'නෑ සර්' කියලා මං අහක බලාගත්තා..
"මීට කලින් රගපාලා තියෙනවද..?"
"නෑ සර්.."
"වැඩිපුර කැමති රගපෑම ගැන ඉගෙන ගන්නද.. නැත්නම් අධ්‍යක්ෂණය ගැන ඉගෙන ගන්නද..?"
"දෙකටම කැමතියි සර්.."
මාරසිංහ සර්ගෙන් අධ්‍යක්ෂණය ගැන ඉගෙනගන්න ඇවිත් තියෙන්නෙ දුනුවිල අධ්‍යක්ෂතුමාගෙ පුතා කියලා දන්නවනං සර් මාව මැටි ගහලා එළවනවා.. ඒකෙ ආයෙ කතා දෙකක් නෑ..
"හරි පුතා ගිහින් පංතියෙන් ඉදගන්න.."
මං ගිහින් ඉදගෙන විනාඩි දහයක් පහළවක් විතර යද්දි අනික් කට්ටියත් ආවා.. සර් පංතියට මුලින්ම බදවගන්නෙ තිහයි කියලා කිව්වට අන්තිමේ තිස් පහක් බදව ගත්තා.. පන්තිය පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි කාගෙදෝ මන්දා අඩන කටහඩක් පිටිපස්සෙන් ඇහුණා..
"අනේ සර් මං චුට්ටක් පරක්කු උනා.. මෙන්න මගේ ෆෝම් එක.."
කාගෙද යකෝ ඒ මුක්කං වොයිස් එක.. පිටිපස්ස හැරිල බලපු මට ඇස් දෙක අදහගන්න බැරි උනා.. මේ ඇවිත් ඉන්නෙ ඊයෙ අපිට බලු කපුටු දානයක් දීපු බොම්බෙ නගා හෙවත් සදාදර නයෝ.. එයා පංතිය මැදටම කඩන් පාත් උනේ බලන්නෙ කාගෙ දිහාද කියලා හිතාගන්න බැරි ලුක් එකක් දාගෙන.. ඒත් ඉතිං දැන්නං බලන්න ඇත්තෙ සර් දිහා වෙන්න ඇති..
"දරුවො ඔයා ගොඩක් පරක්කුයිනෙ.. අපි දැන් කට්ටිය බදවගෙන ඉවරයි.."
ඒක කිව්වා විතරයි ඒ කෙල්ලගෙ ස්විට් මූණ බෙරි උනා..
"එහෙම කරන්නෙපා සර්.. මට වෙන ක්ලාස් එකකට බැදෙන්න බෑ.. මට සර්ගෙන්ම ඉගෙනගන්න ඕනෙ.."
"ඉතිං පුතේ දැන් කරන්න දෙයක් නෑ.. ඔයා එහෙමනං අපේ ඊළග කණ්ඩායමට බැදෙන්න.."
නයෝමිගෙ මූණ දකිද්දියි මට තේරුණේ කෙල්ල කරාමෙට අත තියාගෙන ඉන්න විත්තිය.. තව ටිකකින් ටැප් එක අරිනවා කියලා ෂුවර්.. කදුළු පිරුණු ඇස් දෙකෙන් එයා පංතිය වටේම බැලුවා.. හැමෝම හිටියෙ එයා දිහා බලාගෙන..
"අනේ සර් මගෙ යාළුවො දෙන්නත් මේකට ඇවිත්.. එයාලා දෙන්න ඉන්න නිසා මටත් මේකටම එන්න ඕනෙ.."
ඒ පාරනං මේ බතල කෙල්ල බලන් ඉන්නෙ මගෙයි චමිලගෙයි දිහා කියලා මට නිකමට තේරුණා.. දැන් ඉතිං කාපංකො ටිංකිරි..
"කවුද ඔයාගෙ යාළුවො දෙන්නා..?"
සර්ත් හැරෙන තැපෑලෙන් අහද්දි නයෝමි අපි හිටපු ඩෙස් එක පැත්තට ටිකක් ළං වුනා..
"මේ හිරූෂ අයියයි, අමිල අයියයි.."
ඉකේයියා.. මේකි ගමම භක්ෂණය කලා නේද..? ඊයෙ අපිට කන්න අරන් දීලා අද අපි දෙන්නව අමු අමුවෙ කෑවා.. අපේ මේ ගොන් හරකා නම් දෙක කියපු එක තමයි හෙනේට හිටියෙ.. සේරටම වඩා මේ ළමයි තිස් පහකුයි සර්රුයි ඉස්සරහ ලැජ්ජ නැතුව අයියා කිව්වනෙ..
"මොකාද බං මේ කුලප්පු උන ඇතින්න..? උඹලා දෙන්නගෙ පරණ කෑල්ලක්ද..?"
සේරටම හපන් ප්ලූටො අහපු බලු ප්‍රශ්නෙ.. වෙන වෙලාවකනං දනී මූට කරන දේ.. ඒත් මේ තැනේ හැටියට මක්ක කරන්නද..?
"හිරූෂ පුතා.. මෙයාලත් ඔයා එක්ක ආපු කෙනෙක්ද..?"
"අපොයි නෑ සර්.."
මට කලින් චමිලයා හෙමීට කිව්වා.. සර්ට කෙසේ වෙතත් නයෝමිටනං ඒක අගේට ඇහෙන්න ඇති.. එයාගෙ ඇස් වපර උනාට කන් වපර නැතුව ඇතිනෙ..
"හරි හරි ඔය ළමයගෙ ෆෝම් එක මේ මේස උඩ තියලා දැනට පිටිපස්සෙන් වාඩිවෙන්න.. නැත්තං පංතිය පටන්ගන්න පරක්කු වෙනවා.."
කෙල්ලගෙ අදෝනාව ඇලජික් වෙලා සර් ට්‍රැක් එකෙන් පැන්නා.. හොද වෙලාවට පිටිපස්සෙන් වාඩිවෙන්න කිව්වෙ.. නැත්තං දෙන්නා දෙපැත්තේ - ඇතින්න මැද්දේ කියලා මෙතනටම රිංගයි..
"ඔයාලා හැමෝම අනිත් දවසෙ එද්දි බොටම් එකකුයි සැහැල්ලු ටී ෂර්ට් එකකුයි අරන් එන්න ප්‍රැක්ටිස් වලට.. මට සතියට දවස් හතරයි පංති කරන්න පුළුවන් වේනනෙ.. අනිත් දවස්වල මගේ චිත්‍රපටි වල වැඩ තියෙනවා.. වැඩි විස්තර සේරම ඔයාලට දීපු විස්තර පත්‍රිකාවෙ තියෙනවා.."
සර් මූලික කරුණු ගැන උදේ වරුවෙ විස්තර කරලා දුන්නා.. ඒත් දවස ඇතුළත ලොකු ඉගැන්නිල්ලක් නං කලේ නෑ..
"අද කාලෙ කාලෙ ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා නාට්ටි කෑල්ලක දෙකක මූණ පෙන්නගත්තම නළුවො කියලා.. ඒත් පරිපූර්ණ නළුවෙක් බිහි වෙන්නෙ වේදිකාවෙන් කියලා මතක තියාගන්න.. මං ඔයාලට හෙට උගන්නන්සන පටන් ගන්නෙ වේදිකාවෙන්.."
සර් එහෙම කිව්වට අපිට ඒක අලුත් දෙයක් උනේ නෑ.. ඕ ලෙවල්, ඒ ලෙවල් කරන කාලෙ ඉදලම අපේ ගුරුවරු උගන්නන්න පටන් ගත්තෙ වේදිකාවෙන්.. එයාලා ආපු ගමන් කලේ හුණු කෑල්ලයි ෆයිල් ටිකකුයි අරගෙන වේදිකාවට නැගපු එක..
"හෙට ඉදලා උදේ ආපු ගමන්ම ඇදුම් මාරු කරගන්න.. ඔයාලා හැමෝම තමන්ගෙ නම කොලේක ලියලා ඇදුමෙ ගහගන්න ඕනෙ ටික දවසක් යනකල්.. නැත්තං නම් අමතක වෙනවා.. තව.."
හපොයි දෙයියනේ.. අපි මේ ඇවිත් තියෙන්නෙ මොන්ටිසෝරි පන්තියකටද කොහෙද.. නැත්තං පොඩි එවුන්ට වගේ නම ගහගන්න කියයියෑ ඇදුමෙ.. සර් තව.. කියලා ටික්ක වෙලා යනකල් කල්පනා කලා.. ඊට පස්සෙ කියයිද දන්නෑ හොටු පිහදාගන්න ලේන්සුවකුත් එල්ලගන්න කියලා..
"ආ.. තව ඔයාලට ස්වර අභ්‍යාස කරන්න තියෙනවා.. ඒකට පොත් වගයක් ගන්න ඕනෙ.. නම් පොත, මගුල් ලකුණ, ගණදෙවි හෑල්ල, වදන් කවි පොත, බුධගජ්ජය, සකස්කඩය, වගේ පොත් කීපයක් ඕන කරනවා.."
ඒ නම් ටික අහද්දිනං මට හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දැම්මා.. ඊට පස්සෙ ඕවා පාඩං කරන්නත් කිව්වොත් සොරිම තමයි.. දෙන දේ කාලා වෙන දේ බලාගෙන ගෙට වෙලා ඉන්නෙ නැතුව ඉල්ලං කන්න ආවට මේවා හොද පාඩං..
"මචං ඔය පොත් සෙට් එක ගන්න රුපියල් දාහකින්වත් බැරිවෙයි.."
ප්ලූටො මගේ කණට කරල කියපු දේ සර්ට ඇහුණ වගේ ඒකට හරියනම උත්තරේ සර්ගෙන් ආවා..
"ඔය පොත් සේරම එකට එකතු කරපු තනි පොතක් තියෙනවා.. ඒ පොත රුපියල් අසූවක් විතර ගාණකට ගන්න පුළුවන්.."
මං නෝණ්ඩියට වගේ ප්ලූටො දිහා බලද්දි ඌ හිමීට බිම බලාගත්තා.. දැන් ඉතිං ගෙදර යන්න කලින් පලකො නම් පොත හොයාගෙන.. සර් හැබැයි දෙයියනේ කියලා අද පැය එකහමාරක් යද්දි ක්ලාස් එක ඉවර කරා..
"හිරූෂ අයියෙ.. ඔයාලා කොහේටද යන්නෙ..? මමත් එනවා ඔයාලා එක්ක යන්න.."
කාලා වරෙන්කො ඉතිං.. මේ සදාදාර නයෝමිගෙන් කිසි ගැලවීමක් නැති පාටයි..
"අනේ සූටි නංගි.. අපි යන්නෙ ඔයා යන පැත්තට නෙමෙයි.. බොරලැස්ගමුව පැත්තට.."
චමිලයි, ප්ලූටොයි දිහා බලලා ඇහැක් ගහන ගමන් මං කිව්වා.. මෙන්න යකෝ ඒ පාර මේකි මගේ අතකත් එල්ලුනා..
"ඉතිං ෂෝක්නෙ.. මමත් යන්නෙ ඒ පැත්තට තමයි.."
අයියෝ යෝ යෝ කිව්වලු.. මගේ කටට ආවෙත් මාර නමක් තමයි.. මහ ලොකුවට කිව්වට මොකෝ බොරලැස්ගමුවට යන්න ඕන විදියවත් මං හරියට දන්නෙ නෑ..
"නංගි මේ බොරලැස්ගමුවට කිව්වට බොරලැස්ගමුවටම නෙමෙයි අපි ඉන්නෙ ඊට චුට්ටක් එහා.."
මේ මර උගුලෙන් බේරුනේ නෑ කියලා දැන දැනම චමිලයා තව තුරුම්පුවක් ගැහුවා..
"කොයි හරියෙද..?"
"මේ.. මේ පාදුක්ක හරියෙ.."
ඒ පාර කෙල්ලගෙ අර අමුතු තාලෙ ඇස් දෙක තවත් ලොකු උනා..
"කමක් නෑ.. මං එන්නං හන්දියට යනකල්.."
අනේ දෙවියනේ මීට වඩා හොදයි කතුරු මුරුංගා ගහකට නැගලා හරි ජීවිතේ චකබ්ලාස් කර ගන්නවා..
"අපි යන්නෙ අනිත් පැත්තට නංගි.. අපිට සර් අර කිව්ව වදන් කවි තියෙන පොත හොයාගන්න ඕනෙ.."
ඒ පාර නං පොල්තෙල් ඩිංගක් උලාගත්ත නිසා කොහොල්ලා ගුලිය ගැලවුනා..
"කොහෙන්ද බං ඒ මළ ඇණේ හොයාගත්තෙ..? මාර නට් එකක්නෙ.."
ප්ලූටො සුපුරුදු ප්‍රශ්නෙ අහ්දදිම චමිලයා කතාව මාරු කලා..
"අර බොරලැස්ගමුවට චුට්ටක් එහා පාදුක්ක හරියෙ කියද්දි මට කතාවක් මතක් උනා.."
"කියපංකො බලන්න ඔය මහලොකු කතාව.."
ඔන්න ඉතිං චමිලයා රැල් බුරුල් කරලා කතාව පටන් ගත්තා..
"ඔන්න ලංකාවෙ මිනිහෙකුයි ඇමරිකාවෙ මිනිහෙකුයි ප්ලේන් එකේදි සෙට් වෙලා තමන්ගෙ රටවල් ගැන පම්පෝරි ගහන්න පටන් ගත්තලු.. ඒ අතරෙ ඇමරිකාවෙ මිනිහා ලොකු කමට කිව්වලු අපේ රටේ තියෙනවා අහසෙ ගෑවෙන්න තරම් බිල්ඩින් එකක් කියලා.."
"හ්ම්.."
"එතකොට ලංකාවෙ මිනිහා කිව්වලු ඇත්තද..? එච්චර උසද කියලා.. ඒ පාර සුද්දා ටිකක් සද්දෙ බාල කරලා කිව්වලු නෑ ඉතිං අහසෙ ගෑවෙනවා කිව්වට එච්චරම නෙමෙයි ඊට චුට්ටක් පහළට වෙන්න කියලා.."
"ඉතිං..?"
චමිලයා අරින ඕන බේගලයක් ප්ලූටො පටස් ගාලා ගිලිනවා.. ප්ලූටොගෙ ඉතිං කෑල්ල ඇහුණා විතරයි චමිලයා ඒ ගැම්මෙන්ම ඉතුරු ටික කිව්වා..
"ඊට පස්සෙ ඒකා අහලා ලංකාවෙ මිනිහා කිව්වලු දන්නවද, අපේ රටේ මිනිස්සු කෑම කන්නෙ නහයෙන් කියලා.. ඔන්න ඉතිං සුද්දා අහනවලු ඇත්තද කියලා..? නහයෙන් කන රටකුත් තියෙනවද..? මං දන්නෙ නෑනෙ කියලා.. එතකොට සුද්දා වගේම සැර බාල කරලා ලංකාවෙ එකා කිව්වලු නෑ ඉතිං නහයෙන් කිව්වට නහයෙන්ම නෙමෙයි ඊට චුට්ටක් පහළින් කියලා.."
ඔන්න ඉතිං කතාව ඉවර වෙලා චමිලයා අපි දෙන්නගෙම මූණු බැලුවා.. අපි හිනාවෙනවද කියලා දැනගන්න.. ඌව නග්ගන්න හිතාගෙන අපි දෙන්නා ගානකට නැතුව හිටියා..
"ඉතිං..?"
ඒ පාර ඉතිං කියලා ඇහුවෙ මං.. ඔන්න අපේ බඩාට අසූහාරදාහට නෙමෙයි අසූපන්දාහට විතර ජුවල් නැග්ගා..
"ඉතිං කියලා අහන්නෙ යකෝ කතාව ඉවරයි.."
"ආ ඉවරද..? ඒ කියන්නෙ අපි හිනාවෙන්න ඕනද..?"
"නෑ එපා.. අඩපං.."
ඒකටනං මටයි ප්ලූටෝටයි එක සැරේ හිනා ගියා.. කතාවෙන් කතාව අපි හන්දියටම ආවා..
"මචං ඇත්තටම අර පොත හොයාගන්න යනවද..?"
"ඔව් නේද චමී.. ආයෙ මොකටද කතා අහන්නෙ..? තව වෙලාවත් තියෙනවනෙ.. පොඩි රවුමක් දාලා බලමු.."
අපි ඒ හරියෙ තිබුණ පොත් කඩ කීපයකම බැලුවට සර් කියපු ජාති සේරම එකට තියෙන තනි පොතක් හොයාගන්න බැරි උනා..
"හිරූ ඕක අර මලලසේකර ඩික්ෂනරිය, නැත්තං පන්සිය පනස් ජාතකය විතර තඩි පොතක් වෙන්න ඇති නේද..? ඇයි බං පොත් හය හතක එකතුවක්නෙ.."
"මලලසේකර ඩික්ෂනරියෙ සයිස් පොතක් දෙයි මේන් කියලා රුපියල් අසූවකට.."
චමිලයටත් වෙලාවකට එන්නෙ සිරා බෆලෝ අදහස්..
හැබැයි උගෙ අදහස හිරු දුටු ඕඩික්ලොන් බිදක් සේ බොද වෙලා ගියේ ඊළග කඩේ ඔය කියපු පොතම පිටු හැටකට විතර ගන්න පුළුවන් උන නිසා..
"පව් බං බණ්ඩයියා හෝ ගාලා වත්තෙ වැඩ ඇති දැන්.. මනුස්සයට උයන්න වෙලා තිබුණද දන්නෑ.. අපි බත් අරන් යමුද..?"
මං කාරුණික යෝජනාවක් ඉදිරිපත් කරලා ඒක සභා සම්මත කර ගත්තා.. ගෙදර යද්දි බණ්ඩයියා උයලා තිබුණත් ඉතිං නාස්තියක් වෙන එකක් නෑ..
පොඩි රවුමක් එහෙම දාලා කෑමත් අරන් අපි ගෙදර යද්දි බණ්ඩයියා වත්ත බාගයක්ම එළකිරි වෙන්න සුද්ද කරලා.. අපිත් කාලා බීලා එයාට පොඩි සප් එකක් දීලා ඉතුරු ටිකත් ඉවර කලා.. දැන්නෙ අප්පා සෙවනෙ එළිය පේන්නෙ..
"හිරූ මේ පොන්ඩ් එකේ නිල් මානෙල් පිපිලා ගතියට තියෙන එකේ අපි මාළු ටිකක් ගෙනත් දාමුද..?"
ඊයෙ ටොයිලට් එකේ පෝච්චියට මාළු දැම්මනං ගති කියපු එකා අද පොන්ඩ් එකට මාළු දාන්න කතා කරනවා.. මූ සමහර විට ගිය ආත්මෙ සාරි ගප්පියෙක් නැත්තං හැට්ට ගප්පියෙක් වෙලා ඉන්න ඇති.. ඒකනේ ඔය තරම් මාළුන්ට ආදරේ..
"හරි හරි.. අපි හෙට අනිද්දා දිහාට කාෆ්ලා ටිකක් ගෙනත් දාමු.."
"ආ බේබි.. උදේ ලොකු මහත්තයා කොහෙද යන ගමන් සුපු පාට ෆෝන් එකක් ගෙනත් දීලා ගියා.."
"මොකක්ද බණ්ඩයියෙ සුදු පාට ෆෝන් එක..?"
මං ඇහුවෙ ඒ කතාව තේරුම් ගන්න බැරි නිසා.. මේ මනුස්සයා ෆෝන් එකත් විස්තර කරන්නෙ හරියට ගෑණු ළමයෙක් විස්තර කරනව වගේනෙ..
"ඇයි බේබි අර උඩ තට්ටුවෙ දොර ගාව තිබුණ ෆෝන් එක.. අන්න ඒක දීලා ගියා හදිස්සියකට ඕන උනොත් තියාගන්න කියලා.."
මේ මිනිහා මේ අමාරුවෙන් විස්තර කරලා තියෙන්නෙ ගෙදර තිබුණ 'කුරු කුරු ලස්' ෆෝන් එකනෙ.. ඒ කිව්වෙ අපේ සී.ඩී.එම්.ඒ එක.. ඕක තාත්තා දීලා යන්න ඇත්තෙ අපේ හොර අල්ලන්න වෙන්න ඇති.. ඒත් ඉතිං මේ බෝ පැල වගේ ඉන්න අපි හොර වැඩ කරනවයෑ අල්ලන්න..
"කෝ දැන් ඒක..?"
"ආං මම බේබිලගෙ කාමරේ ළගින් හයි කරලා දැම්මා.."
ඒ කතාවට මගේ විතරක් නෙමෙයි අපේ චමිලයගෙයි, පූටෝගෙයි මූණත් බෙරි වෙලා ගියා..
"දැන් කළුවරත් වෙනවා.. බේබිලා ගොහින් ඇගපත හෝදගෙන එන්න.."
බණ්ඩයියගෙ කටින් වචනෙ පිට උන ගමන් අපේ ශරීර හොරා හෙවත් චමිලයා පටස් ගාලා ගෙට රිංග ගත්තා..
පහුවෙනිදා උදේම අපි සුපුරුදු වෙලාවටම එළියට බැස්සට ගියේ බස් එකේ.. ඒත් බස් ගමන මට නං එක දවසින්ම එපා උනා. කෙනෙක් ලොකු කමට කියලා හිතුවට ඒකට එකම හේතුව උනේ පුංචි කාලෙ ඉදලා මට බස්වල ගිහින් පුරුද්දක් නැති එක..
"මොකෝ බං මේ කෙල්ලෙක් වගේ රතු වෙලා..?"
දාඩිය දාලා චප්ප වෙච්ච මගේ මූණ දැකලා චමිලයට හිනා.. මට හිනා උනාට උන් දෙන්නගෙත් කන් දෙක පිටි පස්සෙන් දොල පාර ගලාගෙන යනවා..
"හිරූ අර බලපං ඉස්සරහ.."
අමාරුවෙන් බෙල්ලත් හරවලා චමිලයා පෙන්නපු දිහා බලද්දි මං දැක්කෙ ඇස් දෙක පිනා යන දසුනක්.. උරහිස් දෙකට ලස්සන බෝ දෙකක් ගැටගහපු ලා කොළ පාට ගවුමක් ඇදගෙන ඉන්න චාමි කෙල්ලෙක්.. එයාගෙ මූණත් හැබැයි දෙයියනේ කියලා මගේ වගේම රතු වෙලා තිබුණා..
"මේ.. පැණි හැලිල්ල පැත්තකට තියලා වරෙන් බහින්න.."
ප්ලූටොගෙ අදෝනාව කණ ගාව ඇහෙද්දි මං පාත් වෙලා වට පිට බැලුවා.. බස් එක ෆුල් ඒ සී පිටින් ක්ලාස් එක ළගටත් ඇවිත්.. අපි තුන්දෙනා අපේ අතපය හතර හොයාගෙන යාන්තං බැහැ ගත්තා.. මෙච්චර වෙලා දාපු දාඩිය එක හුළං පාරකින් නිවිලා ගියේ අර ලස්සන කොළ පාට බබාත් බස් එකෙන් බහිනවා දැක්කට පස්සෙයි..
"මල්ලි.. මාරසිංහ සර්ගෙ ඩ්‍රාමා ක්ලාස් එක තියෙන්නෙ මේ පාරෙ නේද..?"
කොළ බබා ඒ කැත නැතුව මල්ලි කියලා කතා කලේ අපි තුන්දෙනාට නේද..? අනේ කාලේ වනේ වාසා කිව්වලු.. ඊයෙ අවුරුදු විසි පහක ඇතින්නක් අයියෙ කිව්වා.. අද අවුරුදු දහ අටක සයිස් බෝනික්කෙක් මල්ලි කියනවා.. අපරාදෙ උදේ රැවුල කැපුවෙ කියලා මට හිතුණා.. අඩු ගානෙ රැවුලවත් තිබුණනං මෙයා අයියෙ කියයිනෙ..
"අපිත් යන්නෙ ඒ ක්ලාස් එකට තමයි.. ඔයා ඊයෙ ආවෙ නෑ නේද..? ළමයි බදවගෙන ඉවරයි.."
මං පොඩි පොර ටෝකක් දීලා බැලුවා.. මොන.. කෙල්ල ඒක අධෝ මුඛයෙන් ගිහ හුළං බෝලයක් තරමටවත් ගණන් ගත්තෙ නෑ..
ප්ලූටො, චමිල එක්ක ටිකක් හෙමින් ඇවිදගෙන යන අතරෙ කෙල්ලගෙ රූපෙ රස විදිනවා.. තනි කරලට ගොතලා පිට මැද්දට දාලා තිබුණ ඉත්තෑකූරු කොණ්ඩෙ එයා ඇවිදින තාලෙට දෙපැත්තට පැද්දෙනවා.. ඒක දැකපු ගමන් හදවත ඊටත් වඩා තාලෙට පැද්දෙන්න ගත්තා..
"නංගි ඊයෙත් පරක්කු වෙලා ආපු ළමයිව සර් බදවගත්තෙ නෑ ඉඩ නෑ කියලා.. ඔයාට ඉතිං සොරිම තමයි.."
චමිල උගේ දේහධාරී පුස් නාම්බු ශරීරෙ ඉස්සරහට දාලා කෙල්ලට සද්දයක් දැම්මා.. ඒත් මේකි ජොල් ඇගට බය උනේ නැති පාටයි..
"මං ගිය සතියෙ සර්ලගෙ ගෙදරට ගිහින් රෙජිස්ටර් උනේ.. ඊයෙ එන්න වෙන්නැති නිසා.. සර් මට අද ඉදලා එන්න කිව්වා.."
"එහෙමනං බබෝ නම ලියපු කොල කෑල්ලකුයි හොටු පිහින්න ලේන්සුවකුයි ඇගේ ගහගෙන සර් එනකල් වාඩි වෙලා ඉන්න.."
මමයි චමිලයි විතරක් මේ ඉටි රූපෙ එක්ක කතා කරන එකට ඊරිසියා හිතිලද කොහෙද ප්ලූටොත් සිය කටහඩ අවදි කරා..
අපි තුන්දෙනා අළුත් නගා එක්ක පංතියට යද්දි නයෝමි අපි ඊයෙ හිටපු ඩෙස් එකට වෙලා ඉදගෙන ඉන්නවා.. අපි හතරදෙනාව දැකලා එයාට නැගිටලා ඉස්සරහට ආවා..
"මේ කවුද මේ..?"
නයෝමි ගැන මේ වේදදි දන්න නිසා හිතාගන්න පුළුවන් බලාගෙන ඇත්තෙ මේ ගෑණු දරුවා දිහා වෙන්න ඇති කියලා.. කෙල්ලගෙ ලස්සන දැකලා ෂුවර් එකටම නයෝමිට ඊරිසියා හිතෙන්න ඇති..
"මේ අපේ නංගි කෙනෙක්.."
"මෙයා ඊයෙ ආවෙ නෑනෙ.. අද අලුත් ළමයිව ගන්නෙ නෑ.."
ඊයෙ සර් නයෝමි එළවගන්න හැදුවා වගේ අද නයෝමි මේ ළමයව එළවගන්න හදනවා...
"මචං මේ දෙන්නට නිවාඩු පාඩුවෙ පැත්තකට වෙලා ආශ්‍රය කරන්න කියලා අපි ගිහින් චේන්ජ් එකක් දාගමු.."
ප්ලූටො අපිවත් ඇදගෙන පිරිමි ළමයින්ගෙ ඩ්‍රසින් රූම් එක පැත්තට ගියා.. ඒක ඇතුළෙ හිටපු එකා දෙන්නා එනවා ටී ෂර්ට් වල නම් ගහගෙන.. මැදැයි අවුරුදු විස්සකුත් උනාට පස්සෙ ආපහු මොන්ටිසෝරි යන්න උනා..
අපි ඇදුම් මාරු කරලා කැත නැතුව නම් ටිකත් ඇදුමෙ ගහගෙන අනිත් පිරිමි ළමයින්ව ටිකක් ආශ්‍රය කරලා බැලුවා.. සමහරු තාම ඉස්කෝලෙ යන අය.. සමහරු අවුරුදු හතලිහෙ, පනහෙ විතර අන්කල්ලා.. අපේ වයසටම කිට්ටු කොල්ලො තුන් හතර දෙනෙකුත් පංතියෙ හිටියා..
ස්ත්‍රී පාර්ශවය ගත්තහම ආන්ටිලා තුන් දෙනෙකුයි පොඩි නංගිලා කට්ටියකුයි, කෙල්ලො පස් හය දෙනෙකුයි වගේ පිරිසක් තමයි හිටියෙ.. මේ කට්ටිය වැඩි දෙනෙක් ඇවිත් තියෙන්නෙ රගපාන්න තිබුණ ආසාවට.. රගපාන්න ඉහටත් උඩින් අවස්ථා ලැබිලා ඒවා බාර නොගෙන රගපෑම් ගැන ඉගෙන ගන්න ආපු මැට්ටෙක්ට හිටියෙ මං විතරයි..
"ඒයි චමී මේ අර අපි එක්ක ආපු කෙල්ල නේද..?"
මිස් නයෝ එක්ක චේන්ජ් කරගෙන ලා රෝස පාට ටී ෂර්ට් එකකුයි කළු පාට බොටම් එකුයි ඇදගෙන හිටියෙ ඒ කොළ පාට ගවුම ඇදගෙන හිටිය බෝනික්කිම තමයි..
"හිරූ.. කෙල්ලගෙ නම සමාධි.."
එයාගෙ ටී ෂර්ට් එකේ තිබුණ නම ප්ලූටෝ අපිටත් ඇහෙන්න කියෙව්වෙ මහා ලොකු සොයාගැනීමක් කරා වගේ.. අපිත් අකුරු දන්නවා මල්ලි.. අපි තුන්දෙනා සමාධියි, නයෝමියි ළගට ගියා..
"සමාධි.. මේ අයියලා මගේ යාළුවො.."
නයෝමි අපිව පෙන්නලා කියද්දි සමාධිගෙ ලස්සන නිල් පාට ඇස් දෙක නළලටම ගියා.. මේකි මේ දවස් දෙකකට කලින් අපිව අදුරගෙන, යන යන තැන වර්චස් කරනවා..
"මෙයාල අයියලද..?"
"ඔව් මෙයාලට වයස විසි හයයි.."
සමාධිගෙ ප්‍රශ්නෙට හැරෙන තැපෑලෙන් උත්තර ලැබිලත් ඉවරයි..
"ඔයාට වයස කීයද නංගි..?"
මෙතන හිටපු හැමෝටම දැනගන්න ඕනකම තිබිලත් හිතේ තියාගෙන හිටපු ප්‍රශ්නෙ ප්ලූටො ඇහුවා..
"මට විසි එකයි.. මං ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ ඒ ලෙවල් කලේ.."
හපොයි දෙයියනේ.. මොකක්ද මේ වෙච්ච නස්පැත්තිය.. අවුරුදු දහ අටක් විතර ඇති කියලා හිතාගෙන ආශ්‍රය කරන්න ගත්තු කෙල්ල අපිට වඩා අවුරුද්දක් වැඩිමල්.. ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බ උනා විතරයි ප්ලූටො මිඩ්ල් එක ගැලවුන බැට්ස්මන් කෙනෙක් ක්‍රීඩාගාරයෙන් යනව වගේ හෙමීට එතනින් කැපුණා..
"මචං සර් එනවා.."
කවුදෝ කොල්ලෙක් කෑ ගහලා කියද්දි අපි නැගිටලා ක්ලාස් එකෙන් ඉදගත්තා.. සර් ආපු ගමන්ම ඇහුවෙ ඊයෙ ගේන්න කියපු පොත ගෙනාවද කියලා..
"අපි ගෙනාවා සර්.."
පංතියෙ ළමයි වැඩි පිරිසක් කොහොම හරි පොත හොයාගෙන තිබුණා..
"ගේන්න බැරි උන අය අත උස්සන්න.."
සර් ඒක කිව්වා විතරයි රබර් බෝලයක් වතුරෙන් උඩට එනවා වගේ නයෝමි හෙමීට නැගිට්ටා..
"සර් පෝත් සේරම හොයාගන්න බැරි උනා.. නම් පොත විතරයි ගෙනාවෙ.."
"කෝ බලන්න ඒක.."
කෙල්ල බෑග් එක ඇරලා ටිකක් ලොකු සයිස් පොතක් එළියට ගත්තා.. ඊට පස්සෙ ගිහින් අත් දෙකෙන්ම අල්ලලා සර්ට දුන්නා..
"මොකක්ද දරුවො මේ..? අලුත උපන් බබාලට නම් දාහක්.."
පිස්සු හැදෙයි.. මේකි මේ උණ විකාරෙන්ද කොහෙද ගෙනත් තියෙන්නෙ පොඩි එවුන්ට දාන නම් පොතක්නෙ.. සර් පොතේ නම කියවද්දි පංතියෙ සේරම ළමයින්ට බකස් ගාලා හිනාවක් ගියා.. කොටින්ම කියනව නං සර්ටත් හිනාව නවත්තගන්න බැරුව ගියා..
"නම් පොතේ තියෙන්නෙ බබාලගෙ නම් නෙමෙයි පුතේ.. ලංකාවෙ නගරවල පූජනීය ස්ථානවල නම්.."
නයෝමිගෙ චූටි මූණ රතු වෙලා යද්දි කෙල්ල කාගෙවත්ම මූණු බලන්නැතුව ගිහින් ඉදගත්තා. උදේ පැයකට වඩා සර් ළමයින්ව තියාගෙන ව්‍යායාම කලා.. බඩ අඩු කරගන්න කියලා දීපු ඒවානං හරිම උනන්දුවෙන් අහගෙන හිටියෙ අපේ චමිල බඩා.. ඌ කොහොමටත් බඩ අඩුකරගන්නවා කියලා ප්‍රසිද්ධ මාධ්‍යයකට කියලනෙ තියෙන්නෙ.. ඒත් ඒ කියපු ව්‍යායාම අපි කරපු තරම් පහසුවෙන් චමිලට, නයෝමිට එහෙම කරගන්න බැරි උනා.. ඒකට හරස් උනේ උන්ගෙ බඩවල්ම තමයි..
ඊට පස්සෙ ව්‍යායාම හම්බ උනේ කටට.. සර් හැමෝම රවුමට බිම වාඩි කරලා පුළුවන් උපරිමයෙන් ශබ්ද නගලා පොත කියවන්න දුන්නා.. ගසම.. පස්ගම.. අරත්තන.. කියලා අපි කෑගහද්දි හෝල් එකේ ජනෙල් පවා හෙළවෙන්න ගත්තා..
"ෂිට්.. මීට වඩා හොදයි බං රෑට වහලෙ උඩ පැදුරක් එලාගෙන තරු දිහා බලන් ඉන්නවා.. දැන් ඉතිං පාඩං කරපංකො කවි.."
පංති ඉවර වෙලා පාරට බැස්සා විතරයි ප්ලූටො ඌගෙ සුපුරුදු අදෝනාව පටන් ගත්තා..
"උඹ වහලෙ උඩට වෙලා බඩ උලාගෙන හිටියට උඹේ සුපෙම්වතිය පියවි ඇහැට පේන්නෙ නෑ මචං.."
"ඇයි ඔයාට මේ කට්ටිය ප්ලූටො කියන්නෙ..?"
උදේ ඉදලා අපේ කතා අහගෙන හිටපු සමාධි ප්ලූටොගෙන් වැදගත් ප්‍රශ්නයක් ඇහුවා.. ඇත්තනේ ඉතිං.. මූ පැය හයක් විතර යනකල් වෙනුෂ්ක කියලා ඇගේ ගහගෙන හටියට අපි නිකටමවත් ඒ නමින් කතා කලේ නෑනෙ..
"ඒ මගෙයි ප්ලූටොගෙයි තියෙන අකලංක, අමරණිය, සද්ගුණවත්, පිවිතුරු, ප්‍රජාතාන්ත්‍රික, ස්වෛරී ප්‍රේමය නිසා.."
පොර ආයෙ නෑ බොක්කෙන්ම උත්තර දුන්නා.. හැබැයි ඒ කියපු වචන ටික පාඩං කරගෙන තියෙන්නෙ දේශපාලන රැස්වීමකදිද කොහෙද..
"ඒත් ප්ලූටො දැන් සෞරග්‍රහ මණ්ඩලයට අයිති නෑ නේද..?"
"මේ හලෝ ඕනෙ නැති කතා අහන්නෙපා හරිද..? කවුරු ප්ලූටෝව පිටමං කලත් ඌ තාම මගේ හිතේ ගැඹුරුම තැනක නිදන් වෙලා ඉන්නවා.. මං පොරව එහෙම ලේසියෙන් අමතක කරන්නෑ.."
මූට ප්ලූටෝව මතකෙට ආවම අමුතු බහුශ්‍රැත වචන තමයි කටට එන්නෙ.. නයෝමියි, සමාධියි ඒවා අහලා මූණට මූණ බලාගෙන හිනාවෙනවා..
ප්ලූටොව හොයගත්තු ක්ලයිඩ් ටොම්බෝවත් හිතන්න නැතුව ඇති ලංකාවෙ හාදයෙක් කවද හරි ඒ අයිස් ගුලියට මේ තරම් ආදරේ කරයි කියා..
"අපේ බස් එක එනවා.. අපි යන්නං.."
කෑලි හලාගෙන ආපු ෆුල් ඔප්ෂන් බස් එකක නැගලා කෙල්ලො දෙන්නා මාරු උනා.. අපි තුන්දෙනාට නගින්න උනෙත් කට කපලා සෙනග පටවන් ආපු බස් එකක.. අපි පිටිපස්සෙ දොරෙන් නැගලා පස්සෙම සීට් එකට කිට්ටු උනා..
"මචං ඔය සීට් එකේ කට්ටිය ඉස්සරහ හන්දියෙන් බහිනවා.. හෙමීට එන්ටර් වෙයන්.."
චමිල නැග්ග ගමන් වටිනා කියන ඔත්තුවක් දුන්නා.. අපි හිර වෙවී එතනටම වෙලා හිටියෙ ඉදගන්න බලාගෙන.. චමී කිව්වත් වගේම දෙතුන් දෙනෙක් නැගිටිද්දි අපි කට්ටිය පෙරළගෙන ඉදගත්තා..
"අම්මෝ ඇති යංතං.. මං ඇදේට හිටගෙන හිටියෙ.."
ප්ලූටො කොණටම වෙලා අපිටත් ඉඩ දුන්නා.. ඔන්න ඉතිං අපිත් යාංතමට ගියයි කියමුකො.. කරුමෙට හෝල්ට් දෙකක් යද්දි තරමක් වයසක ආච්චි කෙනෙක් නැගලා අපි ගාවම හිටගත්තා..
"ඔය පිටිපස්සෙ මල්ලිලා ළං වෙලා මේ අම්මටත් ඉඩ ටිකක් දෙන්න.."
කොන්දා මාමා මුළු බස් එකටම ඇහෙන්න බෙරිහන් දෙනවා.. මමයි චමිලයි කකුල් ළං කරගෙන පොඩ්ඩක් එහෙ මෙහෙ වෙද්දිම ආච්චි පටස් ගාලා අපි දෙන්නා මැද්දෙන් ඉද ගත්තා.. ඇත්තම කියනවනං එතන තව මනුස්සයකුට ඉදගන්න තරම් ඉඩක් තිබුණෙ නෑ.. ආච්චි ඉදගත්තෙ අපේ කකුල් උඩ.. ප්ලූටො තව තව ජනේලෙ අයිනට චප්ප වෙද්දි ආච්චි ටික ටික පස්සට වෙලා හරි බරි ගැහුණා.. මගේ දණිස් පොල්කටු දෙක එකට ගෑවෙන තරම් තද වෙලා තිබුණෙ.. මං එහෙට මෙහෙට දගලද්දි ආච්චිට එහා පැත්තෙ හිටපු චමිල මගේ මූණට එබුණා..
"වට් හැපන්ඩ් මචං..?"
චමිලගෙ කතාව ආච්චිට ඇහුණා විතරයි එයාගෙ යකා ටොප් ගියර් එකටම නැග්ගා..
"හහ්.. වට්ටපං මචං.. වට්ටපංකො බලන්න තොපිලා දෙන්නා මාව.. මං බොලාගෙ අඩු කඩනවා.."
මොකද බොලේ මේ..? මේ මනුස්සයා වලිගෙ පාගගෙන චමිලගෙ 'වට් හැපන්ඩ්' ආච්චිට ඇහිලා තියෙන්නෙ වට්ටපං කියලා.. කඩ්ඩ නොදන්නව නං කට වහගෙන ඉන්න එපැයි.. අනේ මන්දා මේ මනුස්සයගෙ කොණ්ඩෙ පැහිලා තියෙන්නෙ පීනසේටද කියලා..
"උඹ නිසා මං තව පොඩ්ඩෙන් අර ආච්චිගෙන් ගුටි කනවා.."
බස් එකෙන් බැස්සා විතරයි මං චමිලයට බැන්නා.. තව ඩිංගෙන් කන්න වෙන්නෙ අර නණ කැඩිච්ච කුඩෙන්..
"උන්දෑ උතුර, දකුණ මාරු කරගත්තට උඹ මට දෙහි කපලා හරියනවද..?"
"ඔව් ඉතිං උඹට දෙහි කපලා හරියන්නෑ කියලා මං දන්නවා.. ඔය ඇගේ සයිස් එකට ඔරොත්තු දෙන්න නං ජම්බෝල ගෙඩියක්වත් කපන්න වෙනවා.."
මගේ කතාවට ප්ලූටො උඩ පැන පැන හිනා උනා..
"උඹේ කටට මසුරන් දාන්න විටනවා හිරූ.."
"හරි හරි.. උඹලට ඔහොම හිනාවෙන්න වෙන්නෙ තව ටික දවසයි.. ඊට පස්සෙ බලමුකෝ.."
එතන ඉදලා ගෙදරට එනකල්ම චමිලයා වචනයක්වත් කතා කරේ නෑ..
ටික දවසක් යද්දි ක්ලාස් එකේ හිටපු නයෝමියි, සමාධියි අපි තුන්දෙනා ඒක මාර ෆිට් උනා.. වයස ගැන කවුරු මොන විදියට හිතුවත් අපේසෙට් එකේ හිටපු බාලම එවුන් ටික අපි.. ඒ නිසා කෙල්ලො දෙන්නව ආශ්‍රය කරන්න අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණෙ නෑ..
"ළමයි ඔයාලා කැමති නැද්ද ෆිල්ම් එකක් ෂූට් කරනවා බලන්න..?"
දවසක් උදේම සර් වටිනා කියන ප්‍රශ්නයක් ඇහුවා.. ඒ වගේ චාන්ස් එකක් එනකල් ළමයි ටික සැදී පැහැදී බලාගෙන හිටියෙ..
"අනේ.. මං ආ...සයි සර්.."
අපේ නට් එක නයෝමි පැනපු ගමන් උත්තර දුන්නා.. මම නං ඕවා ඇති වෙනකල් දැකලා තියෙනවා.. ඒත් මෙතන ඉද්දි බෝඩ් කාරයා වගේ ඉන්න ඕන..
"රයිට්.. අපි හෙට උදේම යමු ෂූට් එකක් බලන්න.. මගේ හිතවතෙක් මේ කිට්ටුව ෂුටින් දාගෙන තියෙනවා.."
බුද්ධ ගජ්ජයයි වදන් කවියයි පාඩම් කරලා ඇතිවෙලා හිටපු මට ඒ කතාවට නං සතුටක් ඇති උනා.. ඒ කියන්නෙ හෙට දවස යංතං ෂේප්.. එහෙම හිතලා සතුටු වෙන්න හැදුවට අද දවසනං ෂේප් උනෙ නෑ.. සර් 'මුහුදු පුත්තු' වේදිකා නාට්‍යයේ පිටපත හැමෝටම බෙදලා ඒකෙ දෙබස් පාඩම් කරන්න දුන්නා..
"මේවට තමයි බං සුද්ධ සිංහලෙන් ඉල්ලං කෑම කියලා කියන්නෙ.."
"ඒ මොකෝ එහෙම කියන්නෙ..?"
"උඹලගෙ තාත්තගෙ නාට්ටියක හරි ෆිල්ම් එකක හරි කෑල්ලක් ඉල්ලගෙන කරලා පාඩුවෙ ඉන්නෙ නැතුව උඹේ තනියට ඩ්‍රාමා ක්ලාස් ඇවිත් කවියි, දෙබසුයි පාඩං කරන්න උනා.."
චමිලයා කතා කරේ හරියට ඌ මට ඕනවට ආවා වගේ.. ඉස්සර ඉදලම ටීවි එකකට හොම්බ දා ගන්න මූට පුදුම උණක් තිබුණෙ.. බැරිම තැන මං අපේ තාත්තට කියලා මිනිහව බිස්කට් ඇඩ් එකකට දැම්මෙව්වා.. ඌට ඇගේ සයිස් එකට කරන්න පුළුවන් එකම දේ ඕකනේ..
*****************************
පහුවෙනිදා උදේ පංති යන්න ලෑස්ති වෙද්දිම තාත්තා කෝල් කලා.. එයාට අද හදිස්සි වැඩ වගයක් තියෙනවා කියලා බණ්ඩයියව ගෙනියන්න ඕනෙලු.. අද කඩෙන්වත් කනවා කියලා හතලා මං බණ්ඩයියව යවලා චමිලයි, ප්ලූටොයි එක්ක පංති ගියා..
ෂූටින් තියෙන්නෙ ළග කියලා කිව්වට සර් එතනට යන්න බස් එකකුත් ගෙනැත්.. කොහොමටත් තිස් පහක් විතර යන්නත් ඉන්නවනෙ..
"සර්.. කොහෙද ෂූටින් තියෙන්නෙ..?"
කට්ටිය වල්පල් කියවද්දි මං සර්ගෙන් ඇහුවා.. නැත්තං එදා චමිලයගෙ කතාව වගේ කොළඹට චුට්ටක් එහා මහනුවරද දන්නෙ නෑනෙ ෆිල්ම් එක කරන්නෙ..
"ඒක තියෙන්නෙ පුතා වාද්දූවෙ.. බීච් සයිඩ් එකේ.."
"අපරාදෙ සර්.. ඔය කතාව ඊයෙ කිව්වනං නාන්න රෙඩි වෙලා එනවනෙ.."
ප්ලූටො කියද්දි මටත් මතක් උනේ ඒකම තමයි.. හැබැයි නානවා කිව්වා විතරයි සමාධිගෙ සුදු මූණ ඇඹුල් වෙලා ගියා.. මේකි සමහර විට නාන්නෙ පරණ අවුරුද්ද සදහා ස්නානය කරන දවසට විතරද මංදා..
"කට්ටිය සේරම රෙජිස්ටර් එකේ සයින් කරලා බස් එකට නගින්න.."
මං පිටිපස්ස හැරිලා බලද්දි ප්ලූටො සමාධි එක්කයි, චමිල එක්කයි, නයෝමි එක්කයි කතා කර කර බස් එක පැත්තට එනවා.. ඉස්සර චමිලට වහකදුරු වෙලා හිටපු නයෝ දැං හිතට අල්ලලා ගිහින්ද කොහෙද..
"හිරූ වරෙන් වරෙන්.. වාද්දූව පොඩි දුරකුත් නෙමේනෙ.. අපි සින්දුවකට සෙට් වෙමු.."
අපේ කට්ටිය වතුර බෝතල්, පෑන්, පැන්සල් පෙට්ටි එහෙම එළියට ඇදලා මියුසික් දෙන්න ලෑස්ති වෙනවා.. සර් හිනාවෙලා ඉදගත්තා මිසක් වැඩේට බකට් අදින්න ආවෙ නෑ..
"ස්ත්‍රී පාර්ශවය මොකද කියන්නෙ..? අපි ගෑණු පිරිමි බෙදිලා ගීතයෙන් ගීතය කරමුද..?"
පංතියෙ හිටපු අන්කල් කෙනෙක් ලස්සන ඇන්ටි කෙනෙක් දිහා බලලා ඇහුවා..
"හරි.. ඕන විදියකට අපිත් ලෑස්තියි.. නේද දුව..?"
ඇන්ටි සමාධිගෙ අතිනුත් අල්ලගෙන නැගිට්ටා.. අපේ රටේ ගෑණු මාර ෆෝවර්ඩ්නෙ බලාගෙන යද්දි.. ඒ විතරක් නෙමෙයි ඒ ඇන්ටිම අර අන්කල්ට කිව්වා 'අ' යන්නෙන් සිංදුවක් කියන්න කියලා..
"ඈ.. තාරකාවී..
මේ.. රාත්‍රියේ.."
අන්කල්කාරයා එයාටම හරියන සිංදුවක් කියලා ඉවර කලා විතරයි ප්ලූටෝ මැදට පැන්නා..
"අන්කල් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.."
"අහන්න පුතා.."
"මේ තරම් කන්න දේවල් තියෙද්දි ඈ මොකද තාර කෑවේ..?"
"ඒ කිව්වෙ..?"
අපේ ප්ලූටොගෙ ප්‍රශ්නෙ අන්කල්ට එක පාරටම තේරුණේ නෑ.. ඒත් සමාධිටනං පටස් ගාලා හිනා ගියා..
"ඇයි දැන් අන්කල්මනෙ කිව්වෙ ඈ තාර කාවි කියලා.."
"ආ.. මේකනෙ පුතා ඕක රෑ දොගොඩහරි ජාමෙ වෙච්ච දෙයක්නෙ.. කළුවරට පේනනෙ නැති නිසා එයා කන්න ඇති.."
මූ මේ ගොන් ප්‍රශ්න අහලා ඒවට හරියන ගොන් උත්තර ගන්නවා.. ඒ කතාව නතර කරලා අපි කෙල්ලන්ට 'ස' යන්න දුන්නා සින්දුව කියන්න..
"සද මිදුලට එනවා..
ඇගෙ වත සිහිවෙනවා.."
අර ඇන්ටි සින්දුව පටන් ගද්දිම මට වෙන කතාවක් මතක් උනා.. දවසක් කොල්ලෙක් හැන්දෑවෙ මිදුලට වෙලා ඔය සින්දුව දාගෙන ඉද්දි ආච්චි කෙනෙක් ගේ ඇතුළෙ ඉදලා කෑ ගැහුවලුනෙ 'පුතේ ඔය දොර ජනෙල් වහලා දාලා ගෙට වරෙන්.. නැත්තං ඔය සද ගේ ඇතුළටත් එයි' කියලා.. ඒත් ඔය කතාව මං මෙතන කියන්න ගියේ නෑ.. කිව්වනං කට්ටිය හිතයි මටත් ප්ලූටොට වගේ පිස්සු කියලා..
ගීතයෙන් ගීතය නැගලා යද්දි අපේ ප්ලූටො තව මල්ලිලා දෙතුන් දෙනෙක් එක්ක නටන්න පටන් ගත්තා.. ඒ උනාට ඩ්‍රයිවර් අයියා ආපු වේගෙට අපි පැය බාගෙන් වාද්දූවෙ..
"ළමයි ඔයාලා පොතක් අරගෙන බහින්න.. එතන වැඩ කටයුතු කෙරෙන විදිය ගැන මම පැහැදිලි කරලා දෙන්නම්.. ඒවා සටහන් කර ගන්න.. චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන පාඩම කරද්දි ඒ දේවල් වැදගත් වෙයි.."
සර් බහින්න කලින් ළමයින්ව දැනුවත් කලා.. මම බෑග් එකේ තිබුණ නෝට් බුක් එකයි පෑනයි සාක්කුවෙ දාගෙන චමිල එක්ක බැස්සා.. ළමයි සේරම ටික බැහැලා ආවම සෙට් එක පේන දුර තියලා සර් ආපහු දේශනේ දුන්නා..
"ඔයාලට නොකිය මේ එක්කගෙන ආවෙ ලංකාවෙ අංක එකේ ඉන්න අධ්‍යක්ෂකවරයෙක්ගෙ චිත්‍රපටියක් බලන්න.. නම කිව්වොත් ඔයාලා හැම කෙනෙක්ම එයාව දන්නවා.."
ඒ වචන ටික ඇහුණා විතරයි මට නිකං ඕක්කාරෙට ආවා වගේ.. සර් එතකොට මේ ඇවිත් තියෙන්නෙ අපේ තාත්තගෙ අලුත් ෆිල්ම් එක කරන තැනටද..?
"මචං හිරූ.. ගම ඊටින් වගේ.. අර බලපං වතුර බෝතලේකුත් උස්සගෙන සෙට් එක පැත්තට යන්නෙ කවුද කියලා.."
චමිල මගේ කණට කරලා කුටු කුටු ගාද්දි මගේ දර්ශන පථයට කෙලින්ම අහුවුනේ අපේ බණ්ඩයියව.. දැන් නං ඉතිං හොදි ඕන්නෑ.. අපේ තාත්තත් ඔතන මොකක් හරි අට්ටාලයක් උඩට වෙලා දිලිසි දිලිසි ඇති..
"කට්ටිය වැඩිය සද්ද නොකර යමුකො මගෙත් එක්ක.."
සර් පරණ තොප්පියකුත් දාගෙන පෙරමුණ ගත්තා.. මට නං ඇවිදගන්න කකුල් දෙකත් පණ නෑ වගේ.. අපේ තාත්තා මාව දැක්කට නං අවුලක් නෑ.. ඒත් මං හේමන්ත දුනුවිලගෙ පුතා කියලා සර් දැනගන්නවට මං කැමති උනේ නෑ..
මගේ වාසගමත් දුනුවිල කියලා සර් කිව්වොත් අපේ තාත්තත් කියයි ඔව් මේ අපේ පුතන්ඩියා කියලා.. එහෙම උනොත් මේ අසරණ හිරූෂයා බොරු කාරයෙක් වෙනවා.. ළමයි සේරම මාව පහුකරගෙන යද්දි මං හිටපු තැනම බලාගෙන හිටියා..
"ඇයි මල්ලි බයවෙලා වගේ..? මොකක් හරි ප්‍රශ්නයක්ද..?"
ප්ලූටොයි, චමිලයි සර්ත් එකක්ම ඉස්සරහට යද්දි සමාධි ඇවිත් ඇහුවා.. ප්‍රශ්නයක්නම් තමයි.. ඒත් ඒක කොහොම කියන්නද කියන එක තමයි ලොකුම ප්‍රශ්නෙ..
"මට ටිකක් ඇගට හරි නෑ වගේ සමාධි.."
ඒකිට අක්කා කියන්න දිව නැමෙන්නෙ නැති නිසා මං නම කියලා කතා කරා..
"ඇයි ඔයා උදේ හොදට හිටියනේ.."
ඇයි යකෝ.. උදේ හොදට හිටියට මට දැන් ලෙඩක් හැදෙන්න බැරිද..? සමහර මිනිස්සු හොදට කතා කර කර ඉන්න ගමන් හග් ගාලා පපුව අල්ලගෙන කූරියා ගහන්නෙ..
"හේමන්ත දුනුවිල සර්ගෙ ෆිල්ම් එකක් කරන්නෙ.. ඒක දැක්කම ඔයාගෙ ලෙඩේ හොද වෙයි.."
මෙයා පිස්සු කියවනවා.. ෆිල්ම් එක කරන්නෙ හේමන්ත දුනුවිල නිසා තමයි මට ලෙඩේ හැදුනෙ..
"හපොයි බේබි.. මං කී පාරක් කෝල් කරාද..? කෝ ඔය ෆෝන් එක වැඩ කරන්නෙ නෑ නොවෑ.."
හිතපු නැති වෙලාවක බණ්ඩයියා මගේ ළගට දුවගෙන ආවා.. මං සාක්කුවෙන් අරන් ෆෝන් එක දිහා බැලුවෙ ඒ වෙලාවෙ.. කිව්වත් වගේ ඒක තාම ඕෆ්..
"ලොකු මහත්තයා පණිවිඩේ කියපු හැටියෙ මං..."
"ෂ්.."
මං ටක් ගාලා කතාව නැවැත්තුවා.. ඇයි දෙයියනේ මෙතන ඉන්නෙ අපි දෙන්නා විතරයෑ.. සමාධි හොල්මන් වෙලා වගේ බණ්ඩයියයි මගෙයි දිහා බලන් ඉන්නවා.. මං සමාධිට හොරෙන් බණ්ඩයියට ඇහැක් ගහලා වැඩේ ෂේප් කරා.. නැත්තං මිනිහා මෙතන වන කරනවා.
"අපි යමු සමාධි අර පැත්තට.. එන්න.."
මං සමාධි එක්ක ගිහින් හිමීට කට්ටිය අතරට රිංග ගත්තා.. සර් අපේ තාත්තා එක්ක බර කතාවක්.. නළු නිළියො තැන් තැන් වල ඉදගෙන කතාව.. ඔහොම වටපිට බලාගෙන යද්දි මං දැක්කෙ ඇස් පිනා යන මනරම් දසුනක්.. ලස්සනම ලස්සන පොඩි කෙල්ලෙක්.. මේ පොඩි කිව්වට අවුරුදු දහ අටක විස්සක විතර කෙල්ලෙක් මුහුද පැත්තට වෙන්න වාඩි වෙලා කෝල් එකක් ගන්නවා.. එයා ඇදගෙන හිටියෙ හාමුදුරුවරු සිවුර අදින ටයිප් එකේ ගවුමක්.. ඒ කිව්වෙ එක උරහිසක් එළියෙ..
"ඔය තමයි බේබි මේ කතාවෙ ප්‍රධාන නිළිය.."
මගේ ඇස් තිබුණ දිහා බලලා බණ්ඩයියා කිව්වා.. ඒ කියන්නෙ මේ මනුස්සයා ආපහු පස්සෙන් ඇවිත්.. සමාධිත් මගේ ළගටම වෙලා හිටියට එයාගෙ සුදු මූණ ගොඩක් නොසන්සුන් පාටයි..
"මට වෙලාවට ඔයාව තේරෙන්නෑ මල්ලි.."
සමාධි මගේ ඇස් දෙක දිහා කෙලින්ම බලාගෙන ඒක කියපු විදියට මාව හොල්මන් වෙලා ගියා.. ඒත් මෙයා මේ හැම වෙලාවෙම මල්ලි කියලා කියන එක තමයි ඊටත් වඩා දිරවන්න අමාරු..
"ඇයි මට හැම වෙලාවෙම මල්ලි කියන්නෙ..? මට නම කියලා කතා කරන්න සමාධි.."
"ඔයාලට විසි හයයි කියලා නයෝමිට බොරු කලාට මට බොරු කරන්න බෑ. ඔය තුන්දෙනාම මට වඩා බාලයි කියලා මම දන්නවා.."
මෙයා හරියට අවුරුදු පහක් හයක් වැඩිමල් ගානට තමයි කතාව.. විසි එකයි කියන්නෙ අපිට වඩා අවුරුද්දයිනෙ වැඩි..
"හරි හරි.. අපි වයස ගැන පස්සෙ කතා කරමුකො.. එන්න සර් කට්ටියටම කතා කරනවා.. අර.."
සමාධි සර් ඉන්න පැත්තට අත දික් කලා.. පිස්සු හැදෙනවා.. ටී ෂර්ට් එකකුත් ගහලා කැප් එකකුත් දාගෙන හිටපු අපේ තාත්තා සර් එක්ක කතාව..
"ඔයා යන්නකො.. මං තව ටිකකින් එන්නම්.."
තාත්තටයි සර්ටයි එක සැරේ මූණ දෙන්න බැරිකමට මං සමාධිව විතරක් යවලා එතන තිබුණ පොල් ගහකට හේත්තු උනා.. හැබැයි ඒකම විතරක් නෙමෙයි හේතුව.. මේ කෝල් කර කර ඉන්න පුංචි සුරංගනාවිගෙ දිහා නිදහසේ බලන් ඉන්නත් හිතට ලොකු ඕකමක් තිබුනා..
"මචං හිරූ.. උඹ මෙහෙම සයිඩ් ගහලා ඉද්දි සර් සැක කරනවා.. අනික අන්කල්ට පේන්න නැති උනාම එයා හිතයි උඹ ක්ලාස් කට් කරලා කියලා.. අන්තිමට අන්කල් අපිව ඒ ගෙදරිනුත් එළවයි.. ඒ නිසා ගිහින් පොඩ්ඩක් පිටිපස්සට වෙලා ඉදපං.."
මං පාවි පාවි හිටපු කල්පනා ලෝකෙ බිදලා දාලා එතනට ආපු චමිලයා මට දේසනයක් දුන්නා.. හැබැයි ඉතිං උගෙ කතාවෙන් ගත යුතු යමක් තියෙනවා.. ඒ නිසා මං ඌ එක්කම සර් හිටපු පැත්තට කිට්ටු කරා..
"ඔන්න දුනූ ඔයාගෙ ඊළග ෆිල්ම් එකේ මේන් රෝල් එකට හරියන කොල්ලෙක් මගේ පංතියෙ ඉන්නවා.. මිනිහා දක්ෂයා.."
ළමයි ටිකත් වට කරගෙන සර් තාත්තා එක්ක කතාව..
"කෝ ඒ හාදයා..? දැන් ඇවිත් ඉන්නවද..?"
"හිටියා.. හිටියා.. ඔයත් කොල්ලට කැමති වෙයි.. මොකද මිනිහගෙ වාසගමත් දුනුවිල.."
යටිපතුල් සීතල වෙලා යද්දි මං අඩි දෙකක් විතර පස්සට ගිහින් බඩත් අල්ලගෙන පාත් වෙලා බොරු ඔක්කාර ගතියක් පෙන්නුවා.. මගේ ඇක්ටින් පාර කොහොමද කියනවනං මගේ 'ඕග්..' සද්දෙට ළමයි බයවෙලා.. චමිලයි, ප්ලූටොයි දුවලා ඇවිත් මාව වත්තං කර ගද්දි මං අනිත් අයට හොරෙන් ප්ලූටොට ඇහැක් ගැහුවා..
"පුතා ඔයාට අසනීපද..? අනේ දරුවො මෙයාව බස් එකෙන් වාඩි කරවන්න.."
මගේ අති විශිෂ්ඨ රංගනය දැකලා සර් ෆුල් අප්සට් ගිහින්..
"සර් එයා උදෙත් කිව්වා ඇගට හරි නෑ වගේ කියලා.."
ප්ලූටොගෙ උරහිසට වරු වෙලා බස් එක පැත්තට යද්දි මට ලාවට වගේ සමාධිගෙ කටහඩ ඇහුණා.. එහෙනං කෙල්ලත් වැඩේ සීරියස් අරගෙන..
"මචං දැන් ඔය බඩ අතෑරපං.. කවුරුවත් පේන්න නෑ.."
බස් එක කිට්ටුවටම ආවම ප්ලූටො මාව අතෑරියා..
"උඹට නං බං නෑගි එන නළුවා සම්මානෙ දෙන්න වටිනවා.. ඒ තරං සිරා ඇක්ටින් පාර.."
චමිලත් හිනාවෙවී ප්ලූටොට සෙට් උනා.. ඒත් මගේ හිත නං තාම අප්සට්.. තව පොඩ්ඩෙන් සර් ගම කනවනෙ..
"උඹ වෙලාවට බඩ අල්ලන් පාත් උනේ.. තව නූලෙන් සර් උඹව අන්ලක්ට පෙන්නනවා.. අන්කලුත් කට අරියනං උඹේ පටි හතම රෝල්.."
"අපේ තාත්තා කලිනුත් කිව්වනෙ බං සර් ඇහුවොත් එයා ඇත්තම කියනවා කියලා.. මං වැඩිපුර බයඋනේ ඒකයි.."
"ඒක නෙමෙයි බං වැඩේ කියන්නෙ.. සර් අපිට නොකිව්වට දැනටමත් උඹව මේන් රෝල් එකට සිලෙක්ට් කරගෙන ඉවරයි වගේ.."
ඇත්තටම සර් එහෙම කිව්වා නේන්නං.. ඒ කියන්නෙ පටන් ගත්ත ස්ටෙප් එකෙන්ම මගේ ප්ලෑන සාර්ථක වෙලා.. මට කොහොමටත් ඕන උනේ අපේ තාත්තගෙ නම විකුණගෙන නැතුව ස්වාධිනව තැනකට එන්නනෙ..
"හිරූ.. අන්න බණ්ඩයියා දුවගෙන එනවා.."
ප්ලූටො කිව්වත් වගේම බණ්ඩයියා හැටට හැටේ දාඩියත් පෙරාගෙන අපි ඉන්න පැත්තට එනවා..
"බේබි.. කොහොමෙයි දැන් අපේ බේබිට..?"
මනුස්සයා බොහොම කලබලෙන් ඒක අහපු විදියට මට දුකත් හිතුනා.. එයා ඇත්තටම හිතන්න ඇති මට ලෙඩක් කියලා..
"මූට ඇති අමාරුවක් නෑ බණ්ඩයියෙ.. මේ ඉන්නෙ සිකුරු තරුව වගේ බැබළි බැබළි.."
ප්ලූටො අහසෙන්ම උපමාවක් අරගෙන බණ්ඩයියට කාරණේ පැහැදිලි කලා.. ආඩිය දාලා තිබුණ ඒ මූණට ලස්සන හිනා පොදක් ආවෙ ඒ කතාව ඇහුවට පස්සෙ..
"ඒත් මට හිතුණා බොරුවක්ද කියලත්.. ඒ උනාට බේබි බඩ අල්ලගෙන දගලපු තාලෙට මට හීන් දාඩියත් දැම්මා.."
"රගපෑම මුගේ ජානවල තියෙනවනේ බණ්ඩයියෙ.. කොටින්ම මුන්ගෙ අම්මට මූව හම්බවෙලා තිවෙන්නෙ අන්කල් කරපු ෆිල්ම් එකක ෂුටින් බල බල ඉන්න වෙලාවකලුනෙ.."
මගේ උපත ගැන මමවත් බණ්ඩයියවත් නොදන්න දෙයක් චමිලයා පණ්ඩිත විදියට කියලා දැම්මා.. එහෙම කියනවනං උන්ගෙ අම්මට ඌව හම්බවෙලා තියෙන්නෙ යගුලිය විසි කරද්දි වෙන්න ඇති.. ඒකනේ මූට පාටයි සයිස් එකයි අඩුවක් නැතුව පිහිටලා තියෙන්නෙ.. අපි හතර දෙනා මහ සද්දෙට හිනා වෙවි කතා කර කර හිටපු තැනට සර් එනවා දැක්ක නිසා මං ආපහු පොඩි ඇඩ් එකක් දානන් ගත්තා..
"මොකද දරුවො එකපාරටම උනේ..?"
සර්ගෙ ප්‍රශ්නෙට මටත් කලින් උත්තර දුන්නෙ චමිල..
"සර් හිරූ ඊයෙ කොත්තු රොටියක් කාලා.. ඒකට බඩ අප්සට් වෙලා.."
මූත් අතාරින්නෙ මාර නයි තමයි.. දැන් බණ්ඩයියා බලයි අපි කොහොමද රෑ එයාට හොරෙන් කොත්තු කෑවෙ කියලා.. හිනා යන්න ආවත් සර් මෙතනින් යනකල් ඉවසා වදාරන්න වෙනවා..
"එතන සෙට් එකේ තව කියලා දෙන්න දේවල් ටිකක් තයෙනවා. ඔයාට වැඩි අමාරු නැත්තං මං මේ දෙන්නගෙන් කෙනෙක්ව එක්කං යන්නං පුතේ.. එතකොට ඔයාලටත් අහගන්න පුළුවන්නෙ.."
හා කියලා මං බොහොම අමාරුවෙන් ඔළුව වනද්දි සර් චමිලයවත් ඇදගෙන ආපහු ගියා..
"මට නං ඇහුනෙ සර් මේක අවුට් ඩෝ ෂූටිං එකක් කියලා කියපු ටික විතරයි බං.."
ප්ලූටො සර් යන දිහා බලාගෙන නහයෙන් අඩනවා..
"බේබි.. ලොකු මහත්තයා මාව හොයයි දැන්.. මං විගහට ගිහින් එන්නං.."
අපි ළග හිටපු බණ්ඩයියා එකපාරම වයින් කරපු කුරුමිණියා වගේ දුවන්න ගත්තා.. දැන් ඉතිං පාඩමත් නෑ ෂූටිං බලන්නත් නෑ.. බඩ උලාගෙන ඉන්නයි තියෙන්නෙ..
"අපරාදෙ හිරූ.. අතන හිටියා නං අර සිවුර ඇදගෙන හිටපු සූකිරි කැටේ දිහාවත් බලන් ඉන්න තිබුණා.."
මූ මේ මතක් කලේ ප්‍රධාන නිළියව.. ඒකිනං ඇත්තටම සූකිරි කැටයක් තමයි..
"මටත් දැන් තමයි බං හිතෙන්නෙ මේ ක්ලාස් ගානෙ බඩගාන්නෙ නැතුව ඔය ෆීල්ම් එකට ජොයින්ට් වෙන්න තිබුණ නම් කියලා.."
ඈතින් පේන කට්ටිය දිහා බලන් ඉද්දි මට ඉබේටම වගේ කියවුණා.. ඒ කතාවෙන් ප්ලූටො අන්දුන් කුන්දුන් උනා..
"මොන වසල කතාවක්ද බං ඒ..? උඹ කිව්ව නිසානෙ අපිත් ක්ලාස් ආවෙ.. දැන්නං පිස්සු කෙලින්න හදන්නෙපා.."
"මේක පිස්සුවක් නෙමෙයි බං.. අපේ තාත්තා ඔය දැන් ෂූට් කරන ෆිල්ම් එකේ මේන් රෝල් එකට තමයි මාව ගන්න හැදුවෙ.. මමත් ගොනා වගේ බෑ කිව්වා.. ඒත් බලපංකො මෙයා පාට්නර්ට හොයාගෙන තියෙන කෑල්ල.."
"ෂිට්.. උඹත් බලාගෙන යද්දි එළ හරකෙක්නෙ.. දැන් කවුද ඕකෙ කොල්ලා..?"
"දන්නෑ බං.. කවුරු උනත් මොකෝ දැන් පෙරහැර ගිහින් ඉවරයි නේ.."
මගේ සෝක ජනක කටහඩ හින්දාමද මන්දා ප්ලූටො ආපහු ඒ ගැන ඇහුවෙ නෑ.. මමත් චැප්ටර් එක ක්ලෝස් කරලා දැම්මා..
ෂූටිං බලන්න ගිය දවසෙන් පස්සෙ මං ක්ලාස් ගියාට වැඩිය සර්ට මූණ දුන්නෑ.. ඒකට හේතුව තමයි මාව ගොඩක් අගය කරන මේ මනුස්සයගෙ මූණ දිහා බලාගෙන බොරුවක් කරන්න බැරිකම.. මං එහෙම හිතුවට මාසයක් විතර යද්දි සර්ගෙ හොදම ගෝලයා උනේ මම.. එයා මාව කණ්ඩායමේ නායකයා විදියට නම් කෙරුවෙත් ඒ නිසාමයි.. ඒත් මට නං ඒක මහ වදයක් උනා.. ඇයි දෙයියනේ හැම වැඩකටම හිරූෂ.. හිරූෂ.. හිරූෂ..
"අපි බලන සතියෙ මුහුදු පුත්තු ඩ්‍රාමා එක කරමු.. අපිට මෙහෙ ස්ටේජ් එකේම කරන්න පුළුවන්.. හිරූෂ පුතා කණ්ඩායම ලෑස්තියිනෙ..?"
සර් සුපුරුදු විදියට ප්‍රශ්නෙ දැම්මෙ මට.. මමත් තදයා වගේ ඔව් සර් කියලා ඔළුව වැනුවට මොකෝ දියෝනිස්ගෙ චරිතෙට හිටපු මමවත් තාම දෙබස් ටික පාඩම් කරලා නෑ.. හැබැයි අමාරුවෙන් හරි පාඩම් කරගන්න ඕනෙ.. මොකද සරාගෙ චරිතෙට ඉන්නෙ සමාධිනෙ..
"දැන් කට්ටියට දෙබස් පාඩංද..?"
මං කිරිමැටි ගිලපු කිඹුලා වගේ උත්තරයක් නොදීම අනිත් කට්ටිය දිහා බැලුවා.. උන් ටික මං වගේම ඇඹරෙනවා..
"ඔන්න එදාට දෙබස් මතක තියාගෙන හොදට කරන්න ඕනෙ.. මං හේමන්ත දුනුවිල මහත්තයටත් ඒක බලන්න එන්න කිව්වා.."
සර් ඒක කියද්දිම චමිලයි ප්ලූටොයි කතාවෙලා වගේ මගේ මූණට එබුණා..
"බලපං.. රහස් රකින් එක කොච්චර අමාරු වැඩක්ද කියලා.. එක බොරුවක් වහන්න තව බොරු දාහක් කරන්න වෙනවා.."
ප්ලූටොගෙ කතාවට උගේ කටේ රුපියල් දාහක් ඔබන්න වටිනවා.. මොකද ඒ කතාව අමූලික ඇත්තක්නෙ..
"උඹට එදාටත් කොහේ හරි රිදෙන්න ගනීද..?"
චමිලයා ඒක ඇහුවෙ මහා චාටර් විදියට.. පිස්සු හැදෙයි.. සමාධි වගේ බොනික්කියක් එක්ක රගපානන් තියෙන මේ චාන්ස් එක මං කීයටවත් නැති කරගන්නෑ.. තාත්තා බැරි නම් ඕන කෙනෙක් ආපුදෙන්.. මට රගපාන්න බෑ කියලා කවුරු හරි හිතනවා නම් මං එදාට තමයි උන්ට පාඩමක් උගන්නන්නෙ..
"ඔන්න බලපං බං එදාට තමයි මිස්ටර් හේමන්ත දුනුවිලට මගේ ඇක්ටින් පාර දැකලා බඩ කොරවෙන්නෙ.."
මං ටිකක් සද්දෙට ඒක කිව්වෙ වටේ පිටේ උන්ටත් ඇහෙන්න.. අපේ ඩබල විතරක් නෙමෙයි සමාධියි, නයෝමියි දෙන්නත් පටස් ගාලා මගේ දිහාට හැරුණා..
"මෙහෙම දෙබස් පාඩම් කරලා විතරක් වැඩේ ගොඩදාගන්න බෑ.. දවසක යමං හොද වේදිකා නාට්ටියක් බලන්න.."
මට නිකමටවත් මතක් නොවුණ වැදගත් කාරණයක් ප්ලූටො මතක් කළා..
"රා..යිට්.. එළකිරි අයිඩියා එක.. ඒත් කොහෙද හොද වේදිකා නාට්ටි තියෙන්නෙ..?"
මං ටිකක් කල්පනා කරලා බැලුවා..
"මං දැක්කා ලුම්බිණි රගහලේ සික්ස් තර්ටි ෂෝ වගයක් දාලා තියෙනවා සතිය පුරාම.."
අපේ කතාවට හොරෙන් ඇන්ටනාව දාගෙන හිටපු සමාධි මගෙ මූණට එබිලා ඒක කියපු තාලෙට මගේ හද කිළිපොලා ගියා.. ඒත් ඉතිං මේක ක්ලාස් එකනෙ.. සේරටම වඩා ඒකි මට අක්නේ වෙන්නෙ..
"එහෙනං අපි අද හවස ෂෝ එකට සෙට් වෙමුද..?"
"ෆිට් තමා.....යි.."
අපි කට්ටිය පහක් දාලා වැඩේ කන්ෆර්ම් කරගත්තා..
ගෙදරදි බණ්ඩයියටත් කාරණාව පැහැදිලි කරලා අපේ තාත්තටත් කෝල් කරලා විස්තරේ කියලා අපි තුන්දෙනා නමෝ විත්තියෙන් හවස එළියට බැස්සා.. උදේ පාන්දර පංති ගිහින් දවල් වෙලා ගෙදර එනවට වඩා මේ වගේ වෙලාවක එළියට බැස්සම සොමිය වැඩියි.. ඉර බහින වෙලාව ළංවෙලා නිසාද මංදා පාරෙ ගිය හැම ලේලම මට පෙනුණෙ තැඹිලි පාටට..
"අද තියෙන ෂෝ එක මොකක්ද හිරූ..?"
චමිල පාරෙ ගිය තඩි සයිස් කෙල්ලෙක්ට ඇහැක් ගහන ගමන් මගෙන් ඇහුවා..
"මම කොහොමද බං දන්නෙ..? පෙන්නන මගුලක් බලලා එමු.."
මට තද උනා කියලා දැනුණ නිසා ඌ වෙන මුකුත්ම කිව්වෙ නෑ..
"මචං.. නිකම්ම ඉදගෙන ඕක බලන්න ගියොත් සොරි වෙනවා.. හපන්න මොනව හරි අරන් යමු.."
පළවෙනි බස් එකෙන් බැහැපු ගමන්ම චමිලයා ආපහු උගේ හැකර කට ඇරියා.. ඒත් පාර එහා පැත්තෙ මහා විසාලෙට බැබලි බැබලි තිබුණ ස්විට් හව්ස් එක දකිද්දි නං ඒ කතාවට විරුද්ධ වෙන්න මට හිතුණෙ නෑ.. අපි තුන්දෙනා කතාවක් නැතුවම පාර පනින්න හැදුවා.. ඉස්සරනම් අපිට කියටලා දිලා තියෙන්නෙ පාර මාරු වෙන්න කලින් වම බලන්න, දකුණ බලන්න, නැවතත් වම බලන්න කියලනෙ.. අපිත් ඉතිං විනය ගරුක ළමයි විදියට ඔය කියලා තියෙන හැම පැත්තක්ම බලලා පාරෙ බාගයක් මාරු උනා.. ඉතුරු බාගෙට වාහන එන්නෙ අනිත් පැත්තෙන්නෙ කියලා බැලුවට ඒ පැත්තෙ කිසිම වාහනයක් නෑ.. අපි ඒ ටිකත් පනිද්දි කණ ගාව හෙණ ගැහුවා වගේ හෝන් සද්ද ඇහෙන්න ගත්තා.. යකෝ බැලින්නං ඒ බාගෙන් වාහන එන්නෙ කලින් ආපු පැත්තෙන්නෙ..
"කාලා වරෙන්කො.. මේක දැන් වන් වේ ද කොහෙද..?"
මං කියද්දි තමයි අපේ මෝඩ ජෝඩුවටත් ගොනාට වගේ තේරුණේ.. ඒත් ඉතිං මක්ක කරන්නද..? බණ්ඩා කොළඹ ගියා වගේ අපි පැනලා ඉවරනෙ..
"වම බලලා දකුණ බලලා පනිද්දි මිනිය තමයි දැන් උස්සන්න වෙන්නෙ.. මේ පාරවල් වැඩි හරියක වාහන යන්නෙ එක පැත්තකින් විතරනෙ.."
මෙච්චර වෙලා හෝන් උඩ නැගගෙන සද්ද දාපු ඩ්‍රයිවර් මාමලා අත දික් කරලා මව් ගුණ ගයද්දි ප්ලූටෝට හෙමීට කියවුණා.. අපි ඒ කතාව අමතක කරලා ස්වීට් හවුස් එකට පය තිබ්බා..
"මෙතනනේ මචං මරු බඩු තියෙන්නෙ.."
පාට පාටින් පැකට් කරලා තිබුණ රස කැවිලි දිහායි ඒවා විකුණන්න හිටපු නංගිලා දිහායි බලද්දි මගේ කටටත් බ්‍රේක් නැති උනා.. නම නොදන්න නාට්ටියක් බලනවට වඩා හොද නැද්ද මේ වගේ තැනක පැයක් දෙකක් හිටගෙන ඉන්න එක..
"මොනවා හරි ගනිං.."
චමිල මාව තල්ලු කලේ ලස්සන කෙල්ලෙක් හිටපු පැත්තට.. ඒකිගෙ කම්මුල් දෙක බූන්දි පාටයි.. තොල් දෙක ජුජුබ්ස් කෑලි දෙකක් වගේ..
"නංගි මට උම්මා පැකට් එකක් දෙන්න.."
මගේ කතාවට කෙල්ලගෙ ඇස් දෙක මුංගුලි දෙකක් තරමට ලොකු උනා.. චමිලයයි ප්ලූටොයි පිටි පස්සෙන් ඉදගෙන මට සප් එක දෙනවා..
"මොකද හලෝ බයවෙලා..? ඇයි උම්මා නැද්ද..?"
"තමුසෙට පිස්සුද..?"
කතාකරගන්න පුළුවන් උන ගමන්ම කෙල්ල හෙන ගැන්සි ටෝක් එකක් දුන්නෙ.. මෙහෙමද මුන් පාරිබෝගිකයන්ට කතා කරන්නෙ..
"චී.. චී.. නංගි හරිම කැතයි.. මොකක්ද ගිය ඉස්කෝලෙ..?"
ඉස්සරහට ආපු අපේ බඩා කෙල්ලට සයිස් එක දානවා.. උගේ සද්දන්ත ශරීරෙට ඒකිගෙ රැස් ටිකක් බැස්සා..
"එහෙම ඒවා නෑ.."
ඒකිත් ගේම අතාරින්නැති පාටයි.. ඇයි යකෝ මේ ඇස් දෙකට පෙනි පෙනි බොරු කියනවනෙ.. ඕවා තමයි මට දිරවන්නෙ නැත්තෙ..
"නංගි මේ.. ගේමට බහින්න කලින් සාමෙන් අහන්නෙ.. දෙනවද නැද්ද..?"
මං ඇගිල්ල ඒකිගෙ මූණට දික් කරද්දිම කැෂියර් එකේ කොල්ලා අපි ළගට ආවා..
"ඇයි මල්ලි මොකක්ද ප්‍රශ්නෙ..?"
"මෙයා මේ බඩු තියාගෙන නෑ කියනවා.."
"මොනවද ඔයාලට ඕනෙ.."
"කිසස්.."
අරකිගෙ ඇස් දෙක ඒ පාර නං කොණ්ඩ කැවුම් දෙකක් විතර එළියට පැන්නා.. අපේ ඩබල හිනා වෙද්දි අර කැෂියර් කොල්ලම ගිහින් කිසස් පැකට් එකට බිල දාලා අරන් ආවා..
"හලෝ මේ.. අනිත් දවසෙවත් බඩුවල නම් දැනගන්නවා සිංහලෙන්.. මොකද මේක ලංකාව.."
කිසස් පැකට් එක කෙල්ලගෙ මූණට දික් කරලා කියාගෙනම මං එළියට බැස්සා..
"මොනවද බං ඔය පොඩි දේට උඹ අතන දාපු ඇඩ් එක..?"
ප්ලූටො උගේ සද්ගුණවත් භාවය ප්‍රකාශ කරන්න හදනවා. අපි නොදන්න මොණරතැන්න..
අපි තුන්දෙනා ලුම්බිණි රගහල ළගට යද්දි නාට්ටිය පටන් ගන්නත් කිට්ටුයි.. අපි දඩිබිඩි ගාලා හෝල් එකට එන්ටර් උනා..
"මචංලා උඹලා දෙන්නා මගේ ළගම හිටපං හරිද..?"
හෝල් එකේ කළුවරට ඇතුල් උනා විතරයි චමිලයගෙ ස්ත්‍රී පුරුෂභාවය මාරු වෙලාද කොහෙද.. නැත්තං මූ මේ වගේ නංගි ටෝක්ස් දෙයියෑ.. අපි චමිලව මැද්දෙන් දාලා දෙපැත්තෙන් වාඩි උනා..
"මේ.. හිරූෂ නේද..?"
මේ අඩ අදුරෙ මගේ එහා පැත්තෙ හිටපු බුවාමාව අදුරගෙන.. ඒත් මට මිනිහගෙ මූණ පැහැදිලි නෑ..
"අදුරන්න බැරිද..? මං ක්ලාස් එකේ මතීෂ.."
අප්පට සිරි.. දැන් තමයි මීටර් උනේ.. මේ අපේ පංතියෙ ඉන්න අපේ වයසෙම කොල්ලෙක්.. ඒත් මූ දන්න තරමට තනියම ඉන්න පොරක් නෙමෙයි.. මූටත් ඉන්නවා අගසව් කෙනෙක්..
"කවුරු එක්කද ආවේ..?"
"වෙන කවුද ඉතිං.. මගේ ෆිට්එක තාරු එක්ක.."
ඔව්නෙ.. මිනිහගෙ යාළුවගෙ නම තාරුක.. පංතියෙදි නම එල්ලගෙන ඉන්න එක වදයක් උනාට ඒ වැඩේ නිසා කට්ටියව ඉක්මනට මතක හිටිනවා.. මං චමිලටයි, ප්ලූටෝටයි මතීෂලව පෙන්නුවා..
"ඕකනේ මචං කියන්නෙ ඕන කුණු ගොඩක් බේරුවල් බොක්කෙදි සෙට් වෙනවා කියලා.. දාපං පහක්.."
කට්ටිය එකාට එකා කතා කරලා ෆිට් උනා.. ඔය අතරෙම තමයි නාට්ටිය පටන් ගත්තෙ.. අපි නාට්ටිය බලන එකයි කතාව දාන එකයි බැලන්ස් එකේ කරන් ගියා..
"කාපං මචං.."
ප්ලූටො උගේ ළග තිබුණ කිසස් පැකට් එක මගේ පැත්තට මාරු කලා.. මමත් එකක් කටේ දාගෙන මතීෂ දිහාට හැරුණා..
"මතී.. ඕනෙද..?"
"මොනවද බං..?"
"උම්මා එකක්.."
ස්වීට් හවුස් එකේ කෙල්ලට දාපු ටෝකම මම නිකමට මතීෂට දාලා බැලුවා.. මිනිහා විනාඩියක් විතර යනකල් සද්දයක් නෑ.. ඌට ලැජ්ජ හිතුනද මංදා..
"එපා බං.."
ඒක ඌ කිව්වෙ ටිං ටිං වොයිස් එකකින්..
"ඇයි ඒ..?"
"මට උම්මා දෙන්න ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.."
යකෝ බලහල්ලකො මුගේ කැත හිත.. මූ හිතුවද දන්නෑ අපි එල් එල් එස් කියලා.. දෙන්න හිතයි හොම්බ ස්ටිකර් වෙන්න..
"උඹට ඒ වගේ උම්මා එකක් දෙන්න තරම් මේනියාවක් මට නෑ.. ඉදා කාපං.."
මං කිසස් පැකට් එක බලෙන්ම උගේ අතට දුන්නා.. අදුරෙ අතපත ගාලා වැඩේ මීටර් උනාම මතීෂට වගේම තාරුකටත් හිනා ගියා..
"මට අර සුදු කෑල්ල දැකලා පුරුදුයි.."
ස්ටේජ් එකේ හිටපු නිළියට ඇගිල්ලක් දික්කරන ගමන් චමිල කිව්වා.. ඇත්තමයි.. ඒ මූණෙ තිබ්බෙ හරිම හුරු පුරුදු ගතියක්.. ඒත් කවුද කියලා මීටර් වෙන්නෑ..
"ඔය අර හේමන්ත දුනුවිලගෙ ෆිල්ම් එකේ ප්‍රධාන නිළියනෙ.. අපි එදා ෂූටිං බලන්න ගියේ.."
තාරුක පටස් ගාලා කෙල්ලව අදුර ගත්තා.. මුන්ට නාට්ටියක දෙබසක් මතක තියාගන්න බැරි උනාට කෙල්ලන්ගෙ මූණු නම් හොදට මතකයි.. අනේ කාලේ වනේ වාසේ කිව්වලු..
මේ කෙල්ල එහෙනම් වේදිකා නාට්ටි වල රගපාලා පුරුද්දක් තියෙන කෙනෙක් වෙන්න ඇති.. ඒකනේ අපේ තාත්තා මේන් රෝල් එකටම තෝරගෙන තියෙන්නෙ.. ෆිල්ම් එකෙ ප්‍රධාන නිළිය මෙයා කියලා දන්නවා නං මං තාත්තා කතා කරපු වෙලේ ඔය ෆිල්ම් එකට යනවනෙ.. මට එදා වගේම අදත් ඒ ගැන පොඩි දුක්ක හිතුණා..
අපි නාට්ටිය බැලුවට වැඩිපුරම අවධානය යොමු කලේ කතාවට නෙමෙයි.. නළු නිලියන්ගෙ රංගනය, කටහඩ පාලනය, එයාලා ස්ටේජ් එකේ ඇවිදින විදිය වගේ ගොඩක් දේවල් අපි නෝට් කලා.. අපි තුන්දෙනා වගේම මතීෂයි තාරුකයි දෙන්නත් ඇවිත් තිබුණෙ ඒකටමයි..
"ඔන්න එහෙනං ඒකත් ඉවරයි.."
කතාවට මොලෝ අවධානයක් නැතුව අර කෙල්ලගෙ මූණ දිහා බලාගෙන ඉද්දි ස්ටේජ් එක අදුරු වෙලා තිර වලින් වැහුණා..
"මචං මට අර කෙල්ලගෙ නම හොයාගන්න ඕනෙ.."
මං හයියෙන් කියද්දි අපේ සෙට් එක මගේ දිහා බැලුවෙ පුදුම වෙලා..
"උඹට මොකාද ඒ පාර වැහුණු යකා.. මෙන්න මෙහෙ වරෙන් යන්න.."
හතර දෙනා එක පොරේට මාව පාර පැත්තට අදිනවා.. ඒත් මට යන්න හිතුනෙ නෑ..
"උඹලා විනාඩියක් ඔහොම හිටපං.. මං පටස් ගාලා එන්නම්.."
කට්ටියව එතන දාලා මං අඩියට දෙකටස්ටේජ් එක පිටිපස්සෙන් තියෙන පඩිපෙල පැත්තට ගියා.. යද්දි කෙල්ල එතන කවුද වැඩ කරන කෙනෙක් එක්ක කතාව.. මාව යාන්තං දැක්කා විතරයි ඒකි හෙන අහංකාර විදියට ගස්සලා යන්න ගියා.. පුහ්.. පුදුම උෂ්ණයක්නෙ තියෙන්නෙ.. හරි නංගි මං දවසක ඔය රැස් බස්සන්නංකො.. මම කොහොමත් බටර් පාන් වලට වඩා දයියා මිරිස් වලට ආසයි..
"කාවද හොයන්නෙ..?"
කෙල්ල එක්ක කතා කරපු මිනිහා එක පාරටම මගේ දිහාට හැරුණා..
"අයියෙ දැන් මෙතන ඉදලා ගියේ පවනි මිස් නේද..?"
"නෑ.. ඒ මිස්ගෙ නම පවනි නෙමෙයි නෙතුෂි.."
රායිට්.. වැඩේ ගොඩ.. මගේ කණා ප්‍රශ්නෙට මිනිහා අහු උනා.. දැන් ඉතිං මෙතන ඉන්නෙ ලොලිපොප් කන්නයෑ.. මං බොහොම දුක හිතෙන හිනාවක් දාලා එතනින් මාරු උනා..
"ආ.. උඹ ආවද..? අපි හිතුවා කෙල්ල උඹව රාත්‍රී බෝජන සංග්‍රහයට අරන් කියලා.."
මාව දැක්ක ගමන් චමිල් පල් ටෝකක් දැම්මා..
"පිස්සු හැදෙයි.. නෙතූ එහෙම කෙල්ලෙක් නෙමෙයි බං.."
"මොකා.. නෙතූ..?"
"ඔව්.. නෙතුෂි.."
මං ඒක කිව්වෙ කෙල්ල බලෙන් ළඝට ඇවිත් අතේ එල්ලිලා නම කියපු විදියට.. ප්ලූටොයි, චමිලටයි මාර පුදුමයි.. කෙල්ල ඉස්සරහ මං බලු උන හැටි මුන් දැක්කෙ නෑනෙ..
"උඹ නං සිරා පොරක් මචං.."
මං අහක බලාගෙන කොලර් එක උස්සන ගමන් පාරට ආවා..
"බස් තියෙයිද මංදා..?"
මතීෂ පාර ළගට ආවෙ එහෙම කියාගෙන.. ඒත් අපිටනං ප්‍රශ්නයක් නෑ.. පාරෙ ඕන තරම් බස් තියෙනවා.. මතීෂලට බස් නැති උනොත් කරන්න වෙන්නෙ උන් පාරෙ තියලා ගෙදර යන එක.. එහෙම නැත්තං අපිටත් උන් එක්කම පාරෙ ඉන්න වෙනවා.. ඇයි ඉතිං මතීෂවයි, තාරුකවයි සෙවනට අරන් ගියොත් අපිත් එක්ක සෙත්තපෝච්චි වෙනවනෙ..
"හයිලෙවල් එකේනං ඕන තරම් බස් තියෙනවා.. එතනින් එහාට ත්‍රී වීල් එකකවත් යමු.."
මුන් දෙන්නව හයිලෙවල් එකේ බැරිනං ලෝ ලෙවල් එකේ හරි ගෙදර යවා ගන්න බලන්න ඕනෙ..
"උඹලා ගාව වීල් එකක යන්න සල්ලි තියෙනවද..?"
"ඔව් මචං බඩු හෑව්.."
තාරුක ඩෙනිමෙ පිටිපස්සෙ පාක්කුවට තට්ටු කරලා එහෙම කියද්දි තමයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවෙ.. උන් දෙන්නට දෙයියනේ කියලා බස් එකක් ආවට පස්සෙ අපිත් බස් එකකට නැග ගත්තා..
"හිරූ.. පාවෙන පීරිසියක් තිබුණා නම් ආතල් එකේ යන්න තිබුණා නේද..?"
ප්ලූටොටත් එන්නෙ පට්ට අදහස්.. ඌයි මායි විතරක් හිටියනං පීරිසියක යන්න තිබුණා.. ඒත් අපේ බඩා.. ඌට හරියන්නෙ පාවෙන බැරල් පියනක් වගේ දෙයක් තමයි..