෴♥ යොවුන් මාරුතේ ♥෴

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-1.jpg



    [FONT=&quot]
    දිගත් පළලත් යොදුන් ගණනින්[/FONT]

    [FONT=&quot]කියන්නට බැරි සාගරේ[/FONT]
    [FONT=&quot]මහා ජල කද ගැඹුර මෙතෙකැයි[/FONT]
    [FONT=&quot]මනින්නට බැරි සාගරේ[/FONT]
    [FONT=&quot]ඈත් සිතිජේ අන්ධකාරේ[/FONT]
    [FONT=&quot]දහස් සුවහස් රුවන් මිණිමුතු[/FONT]
    [FONT=&quot]ගොදුර ගිල ඇති සාගරේ[/FONT]

    [FONT=&quot]තාලෙට ගායනා කරන ඒ ගීය එක්කම මූදු පුත්තු නාට්‍යය පටන් ගත්තා. දියෝනිස්ගෙ චරිතෙට ඉන්න මං ලෑස්ති වෙලා හිටියෙ මාළුකාරයෙක්ගෙ ඇදුමකින්.. වේදිකාව ඉස්සරහම තියෙන පේළියෙ පුටුවකට වෙලා අපේ තාත්තත් සර් එක්ක මේක බලනවා කියලා දන්න නිසාම මං ෆුල් ගැම්ම ගත්තා.. එයාගෙ එකම පුතා වෙච්ච හිරූෂ දෙනුවන් දුනුවිලගෙ වැඩ කොහොමද කියලා දුනුවිල අධ්‍යයක්ෂකතුමා හරියටම දැනගන්නෙ අද තමයි..[/FONT]

    “[FONT=&quot]කවිය ඉවරයි.. පලයං.. පලයං..[/FONT]”

    [FONT=&quot]වේදිකාවෙ තිරයක් අස්සට වෙලා ඔත්තු සපයන්න හිටපු ප්ලූටොයි මාවයි මගේ අයියට රගපාන්න හිටපු මතීෂවයි ඉස්සරහට තල්ලු කරා..[/FONT]

    [FONT=&quot]අපි දෙන්නට තිබුණෙ ඔරුව දියත් කරගෙන මුහුදු යන්න.. මං වැරදිලාවත් ඉස්සරහා පේළිය දිහා නොබලා යන්තං ගොඩ දාගත්තා..[/FONT]

    [FONT=&quot]මගේ ඊළග වාරෙ එනකල් මං වේදිකාවෙ කොණකට වෙලා සරා හෙවත් අපේ සමාධිගෙ රංගනය දිහා බලන් හිටපු එක.. කෙල්ල නං සුපිරි විදියට ඒක කලා.. කිසිම ඇදක් කුදක් නෑ..[/FONT]

    “[FONT=&quot]ෂුහ්.. බලපංකො.. ඇග කිළිපොලා යනවා..[/FONT]”

    [FONT=&quot]සමාධිගෙ ඇක්ටින් දිහා බලන් ඉදපු අපේ චමිලයා මගේ කණට කෙදිරි ගෑවා.. මොනව උනත් උගේ කතාව ඇත්ත..[/FONT]

    “[FONT=&quot]හිරූ.. දැන් උඹේ ඇක්ටින් ඉවරයි.. ආ.. චේන්ජ් කරගනින්..[/FONT]”

    [FONT=&quot]ජවනිකා සේරටම ඉදලා මගේ පාට් එක ඉවර උනාට පස්සෙ ප්ලූටො මගේ ඩෙනිමයි, ටී ෂර්ට් එකයි ගෙනත් දුන්නා..[/FONT]

    “[FONT=&quot]දැන්ම එපා බං.. කට්ටියම එකට චේන්ජ් කරගමු..[/FONT]”

    “[FONT=&quot]එකට.. උඹට පිස්සුද..? දැන් එක පහු වෙලා.. ඔන්න ඕක ඇදගනින්..[/FONT]”

    [FONT=&quot]මං මාළු කිටක් ගහලා ඉන්නවා දකිද්දි ප්ලූටොට ලැජ්ජ හිතිලද මංදා.. උගේ වදෙන් බේරෙන්න බැරි කමට මං ඇදුම් අරන් කරේ දාගත්තා..[/FONT]

    “[FONT=&quot]කිව්වම අහලා ඕක ඇදපංකො..[/FONT]”

    “[FONT=&quot]මොකක්ද බං මේ මළ වදේ..?[/FONT]”

    “[FONT=&quot]ඕඩියන්ස් එකට වල්ග තරුවක් පාත් වෙලා..[/FONT]”

    [FONT=&quot]පාත් වෙච්ච වල්ග තරුව මොකක්ද කියලා කිව්වෙ නැති උනාට කොල්ලට පැණි හිනාවක් නං ගියා.. ඒ හිනාව යට මොකක් හරි අටමගලයක් තියෙනවා..[/FONT]

    “[FONT=&quot]පුතා.. චමිල.. ඔය හිරූෂ පුතාට එන්න කියන්න..[/FONT]”

    [FONT=&quot]නාට්ටිය සම්පූර්ණම ඉවර උනාට පස්සෙ සර් අපේ බඩාට කතා කරන සද්දෙ ඇහුණා.. සර් ඔය මට එන්න කියන්න ඇත්තෙ එදා අපේ තාත්තට මාව අදුන්වලා දෙන්න බැරි උන නිසා ඒ වැඩේට වෙන්න ඇති.. මමත් ඉදිරියටම යව් හෙලයිනි කියලා පපුව ඉස්සරහට දාගෙන සර් ළගට ගියා.. මෙන්න බොලේ අපේ තාත්තත් එක්කම නෙතුෂිත් ඉන්නවා.. එහෙනං ප්ලූටො කියපු වල්ග තරුව මෙයා වෙන්න ඇති..[/FONT]

    “[FONT=&quot]මිස්ටර් දුනුවිල.. කොහොමද අපේ දියෝනිස් ළමයගෙ රංගනය..?[/FONT]”

    [FONT=&quot]සර් මගේ උරහිසට අතක් තියලා තාත්තගෙන් අහද්දි මං ඉක්මනට බිම බලාගත්තා.. නැත්තං මගේ ඇස් දෙක වැඩේ කරනවනෙ..[/FONT]

    “[FONT=&quot]නියමයි.. මාරසිංහ ළගත් ටැලන්ට්ස් තියෙන කට්ටියක් ඉන්නවනෙ..[/FONT]”

    [FONT=&quot]යකඩෝ.. අපේ තාත්තා ඒ නොකිය කිව්වෙ මට රගපාන්න ටැලන්ට් එකක් තියෙනව කියලද..? මාරයිනෙ..[/FONT]

    “[FONT=&quot]මෙයාව තමයි මං අර එදා..[/FONT]”

    “[FONT=&quot]ආ.. මට මතකයි.. කොහොමටත් අපිට මෙයා ගැන කතා කරන්න දවසක් එයි..[/FONT]”

    [FONT=&quot]සර් කියන්න හදපු කතාව අපේ තාත්තා පටස් ගාලා යට ගැහුවා.. බලාගෙන යනකොට මං හිතුවටත් වැඩිය අපේ තාත්තා මට සපෝට් වගේ..[/FONT]

    “[FONT=&quot]මේ කට්ටිය තමයි අපෙන් පස්සෙ මේ දේවල් බාරගන්න ඉන්නෙ.. නේද මිස්ටර් දුනුවිල..?[/FONT]”

    [FONT=&quot]මගෙයි නෙතුෂිගෙයි මූණු දෙකම දිහා බලලා සර් කියද්දි කෙල්ල බිම බලාගත්තා.. පුදුම ආඩම්බරයක් තියෙන්නෙ..[/FONT]

    “[FONT=&quot]හරි.. පුතා දැන් එහෙනං ගිහින් චේන්ජ් කරගන්නකො..[/FONT]”

    [FONT=&quot]ආඩම්බරකාරි දිහා තව සැරයක් හොරෙන් බලලා මම එතනින් කැපුණා..[/FONT]

    “[FONT=&quot]ඔයා අර නැට්ටිච්චි ළගට වෙලා මොනවද කලේ..?[/FONT]”

    [FONT=&quot]මෙන්න බොලේ කොහෙද ඉදලා පාත් උන යයෝමි එක පාරටම බුරන්න ගත්තා.. මං කවුරු ළගට වෙලා මොනවා කලත් එයාට මොකද..? අනික නෙතුෂි කියන්නෙ නයෝමි වගේ මස් පර්වතයක් නෙමෙයි.. සුපිරි සූකිරි බෝලයක්..[/FONT]

    “[FONT=&quot]මේ හලෝ.. තමුසෙ අනුන්ගෙ වැඩ වලට හොට නොදා ඉන්නවද..? නෙතුෂි තමුසෙ වගේ නැට්ටිච්චියක් නෙමෙයි..[/FONT]”

    “[FONT=&quot]හහ්.. නැට්ටිච්චියක්.. මං..[/FONT]”

    [FONT=&quot]කෙල්ලගෙ වපර ඇස් දෙක උඩ ගිහින් එක පාරටම එයාව ගැහෙන්න පටන් ගත්තා..[/FONT]

    “[FONT=&quot]මචං චමී.. මහෙ වරෙන්..[/FONT]”

    [FONT=&quot]මං බයවෙලා චමිලට අඩගහද්දි කෙල්ල සෙම පෙරාගෙන බිම වැටිලත් ඉවරයි.. මේ මොකද බං මේ..[/FONT]

    “[FONT=&quot]අයියෝ.. නයෝමි.. ඇයි මේ..?[/FONT]”

    [FONT=&quot]සාමාධියි කෙල්ලො දෙතුන් දෙනෙකුයි නයෝමිව වටකර ගනිද්දි චමිල මාව වෙන පැත්තකට ඇදගෙන ගියා..[/FONT]

    “[FONT=&quot]උඹ මොනවද ඒකිට කලේ..?[/FONT]”

    [FONT=&quot]ඌ මුලින්ම ඇහුවෙ මහා නොසන්ඩාල ප්‍රශ්නයක්.. ඔය ඇතින්නට මං මොනවා කරන්නද..?[/FONT]

    “[FONT=&quot]මං කරපු ඇති මගුලක් නෑ.. කතා කර කර ඉද්දි ඒකිගෙ දත කට පූට්ටු උනා..[/FONT]”

    “[FONT=&quot]ඒකිට මීමැස්මොරේ තියෙනවලු බං..[/FONT]”

    “[FONT=&quot]මොනවා.. උඹ කොහොමද දන්නෙ..?[/FONT]”

    “[FONT=&quot]ඔය දැන් සමාධි කියාගෙන ගියේ..[/FONT]”

    [FONT=&quot]නයෝමිගෙ මොංගල් ගතිය ඇරුනම ඔය වගේ ලෙඩක් තියෙනවා කියලා මං දැනං හිටියෙ නෑ.. දන්නවනං පරිස්සමින් ආශ්‍රය කරනවනේ..[/FONT]

    “[FONT=&quot]හරි.. හරි.. දැන් ඒක හිතන්න එපා.. සර් වෑන් එකේ දාලා කෙල්ලව ගෙදර යවයි.. අපි යං..[/FONT]”

    [FONT=&quot]මං හොල්මන්වෙලා බලන් ඉද්දි ප්ලූටො ඇවිත් මාව ෂේප් කලා.. ඒත් මගේ හිතට නිකං හරි නෑ වගේ..[/FONT]


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-1.jpg



    08.png


    [FONT=&quot]නයෝමි පිට පිට දවස් තුනක්ම පන්තියට ආවෙ නෑ.. පංතියෙ ඉන්නකොට අනිත් අයටත් වදයක් උනාට ඒකි නැති උනාමත් පාර පාළුයි.. ඇදේට බලන්නවත් කවුරුවත් නෑ..[/FONT]

    “[FONT=&quot]සමාධි.. ඔයා නයෝමිලයි ගෙවල් දන්නවද..? එයා අදත් ආවෙ නැත්තෙ අමාරුද දන්නෙ නෑ..[/FONT]”

    [FONT=&quot]ඉවසලා බැරිම තැන මං සමාධිට යෝජනාව දාලා බැලුවා.. එයත් කැමති උනොත් අපි කට්ටියම ගිහින් නයෝමිව බලලා එන්න පුළුවන්..[/FONT]

    “[FONT=&quot]ගේ නං දන්නෑ.. අපි සර්ගෙන් ඇඩ්රස් එක ඉල්ලගෙන ගිහින් බලමු..[/FONT]”

    “[FONT=&quot]උඹලා දෙන්නා තනියෙම යන්නද හදන්නෙ..? අපිත් එනවා..[/FONT]”

    [FONT=&quot]අපි දෙන්නගෙ කුටු කුටුව ඇහුණ චමිලත් බලෙන්ම අපිට සෙට් උනා.. සමාධි ගිහින් සර්ගෙන් ඇඩ්රස් එක ඉල්ලපුවම සර් කිව්ව මරු කතාවක්...[/FONT]

    “[FONT=&quot]එදා මගේ වෑන් එකේනෙ ඒ ළමයා ගෙදරට ඇරලුවෙ.. අපේ ඩ්‍රයිවර් පාර දන්නවා.. යන්න කැමති අය අද හවසට වෑන් එකෙන්ම ගිහින් එන්න..[/FONT]”

    [FONT=&quot]සර් එහෙම කිව්වට පස්සෙ නයෝමිව එදා ගෙදරට එක්කගෙන ගිය ඇන්ටියි තව ගෑණු ළමයි කීප දෙනෙකුයි ගමනට එකතු උනා..[/FONT]

    “[FONT=&quot]මචෝ.. අද රෑට ගංගාරාමෙ පෙරහැර..[/FONT]”

    [FONT=&quot]ප්ලූටොට එකපාරටම පෙරහැරක් මතක් උනේ ඇයි දන්නෑ..[/FONT]

    “[FONT=&quot]ඒ කිව්වෙ චමීට අද අපි එක්ක එන්න වෙන්නෙ නෑ කියන එකද..?[/FONT]”

    “[FONT=&quot]ඒ මොකෝ මට යන්න බැරි..?[/FONT]”

    [FONT=&quot]පෙරහැරේ කතාව ඇහුනෙ නැති චමිලයා මගේ කතාවට මාර විදියට කලබල උනා..[/FONT]

    “[FONT=&quot]ඇයි මූ කිව්වෙ අද උඹට පෙරහැරේ කරඩුව වඩම්මවන්න යන්න තියෙනවා කියලා..[/FONT]”

    [FONT=&quot]මං ප්ලූටොව පෙන්නලා කියද්දි බඩාට මල පැන්නා.. ඌ මාසෙකින් බඩ අඩු කරගන්නවා කිව්වට දැන් මාසෙ කෑලිත් නෑ.. තාම ඇතා වගේ තමයි..[/FONT]

    “[FONT=&quot]මං හෙට ඉදලා හංදියෙ තියෙන ජිම් එකට යනවා..[/FONT]”

    [FONT=&quot]ඔය හෙට එන හෙටක් නෙමෙයි.. මූට බලාගිරි දෝසෙ..[/FONT]

    “[FONT=&quot]උඹලත් පොඩි එවුන් වගේනෙ බං.. මං කියන්න හැදුවෙ අපි මතීලාවත් සෙට් කරගෙන පෙරහැර බලමු කියලා..[/FONT]”

    [FONT=&quot]අපි දෙන්න පොඩි වලියක් දාගන්න හදද්දි ප්ලූටො නියම යෝජනාවක් කලා.. එළකිරි තමයි.. කාලෙකින් පෙරහැරක් බලන්න බැරිවුණා..[/FONT]

    [FONT=&quot]ස්ත්‍රී පරාණ හතර පස් දෙනෙකුයි අපේ තුන් කට්ටුවයි මතීෂයි, තාරුකයි සේරම සර්ගෙ වෑන් එකෙන්ම නයෝමිලගෙ ගෙදර ගියා.. නයෝමි වගේ පිස්සු කෝච්චියක් පදිංචි වෙලා ඉන්න ගෙදරත් ඒ වගේම ඇති කියලා හිතුවට වෑන් එක නතර උනේ තට්ටු තුනේ නවීන පන්නයේ ගෙයක් ඉස්සරහ.. පිස්සු හැදෙනවා.. ඒක හරියට හොටෙල් එකක් වගේ..[/FONT]

    [FONT=&quot]වෑන් එක නතර කලාට පස්සෙ ගේ ඇතුළෙ ඉදලා ප්‍රියමනාප ගෑනු කෙනෙක් එළියට ආවා.. එයානං නයෝමිගෙ කවුරුවත් වෙන්න බෑ.. ඊජිප්තුවෙ පාරාවො රජ බිසවගෙ වගේ අමුතුම ලස්සනක් ඒ මූණෙ තිබුණෙ..[/FONT]

    “[FONT=&quot]ඔය නයෝමිගෙ අම්මා..[/FONT]”

    [FONT=&quot]අපි හැමෝම පුදුම වෙලා මූණට මූණ බලද්දි එයා නයෝමිව ඇරලන්න ආපු ඇන්ටි ඉස්සරහට ගියා.. ඒ කැත කෙල්ලට මෙච්චර ලස්සන අම්මෙක් ඉන්නවා කියලා හිතන්නවත් බෑ..[/FONT]

    “[FONT=&quot]පුතාලා සේරම ගෙට එන්න..[/FONT]”

    [FONT=&quot]කට්ටිය ඇන්ටි දිහා කන්න වගේ බලාගෙන ඉද්දි එයා අපිට ගෙට අඩගැහුවා.. පුහ්.. ගේ ඇතුළ එළියටත් වඩා ගතියි.. බලන් යද්දි නයෝමි සුපර් ලක්සරි ලයිෆ් එකක් ගෙවන කෙල්ලෙක් නෙ..[/FONT]


    “[FONT=&quot]ආන්ටි කෝ.. නයෝමි ගෙදර ඉන්නවද..?[/FONT]”


    [FONT=&quot]සමාධි අපි අහන්න බලාගෙන ඉදපු ප්‍රශ්නෙ ඇන්ටිට යොමු කලා.. එයා ගේ ඇතුළෙ පැත්ත බලලා ආපහු අපේ ඉස්සරහට හැරුනෙ ලොකු රහසක් කියන්න වගේ..[/FONT]

    “[FONT=&quot]එයා නිදි.. මං තව ටිකකින් කතා කරන්නම්.. ඔයාලා එදා නාට්ටිය පෙන්නපු දවසෙ නයෝමිව ඉක්මනට ගෙදර එව්වට ගොඩක් ස්තුතියි.. එයා නිතරම අසනීප වෙනවා..[/FONT]”

    [FONT=&quot]ඇන්ටි අපිට ස්තුති කලාට එයාව ඉක්මනට වෑන් එකේ දාලා ගෙදර එව්වෙ අපේ සර්.. හරිනං ස්තුතිය යන්න ඕනෙ එයාට..[/FONT]

    “[FONT=&quot]ඔයාලට මං දෙයක් කියන්නම්.. ඒත් මේක අහලා නයෝමිට වෙනසක් අගවන්නෙපා කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා..[/FONT]”

    [FONT=&quot]ඇන්ටි එයාගෙ ලස්සන ඇස්වලට කදුළු පුරවගෙන කියන්න හැදුවෙ මොකක් උනත් ඒක අපි නයෝමි ගැන නොදන්න දෙයක් වෙන්න ඕනෙ.. මං ප්ලූටොගෙ අත තදට අල්ලගෙන පුටුවට හේත්තු උනා.. ප්ලූටොගෙ ඇග ඒ වෙලාවෙ ඇත්තටම ප්ලූටො ග්‍රහලෝකය වගේ කූල් වෙලා..[/FONT]

    “[FONT=&quot]අපි අද මේ තත්වෙ හිටියට ඉස්සර බොහොම දුප්පත් වෙලා හිටියෙ.. අපිට මුලින්ම හම්බවුන දුව අංගවිකලයි.. එයා.. එයා අවුරුදු දෙක හමාරක් යද්දි නැති උනා.. ඊට පස්සෙ තමයි අන්කල්ටයි මටයි නයෝමිව හම්බ උනේ.. එයා පුංචි කාලෙ ඉදලම අපට වඩා හැඩ රුව වෙනස්.. ඒ වගේම වපරයි..[/FONT]”

    [FONT=&quot]ඇන්ටි හැඩරුව වෙනස් කියන එකෙන් අදහස් කලේ නයෝමි එයාලට වඩා හුගක් කැතයි කියනෙක වෙන්න ඇති.. අපේ කට්ටියත් කිසි සද්දයක් බද්දයක් නෑ පෝය දවසෙ බණ අහනවා වගේ සැදැහැ සිතින් ඇන්ටි දිහා බලන් ඉන්නවා.. මමත් ඉතින් කට වහන් හිටියා...[/FONT]

    “[FONT=&quot]එයාට කැපී පෙනෙන රෝග තත්වයක් නැති උනාට එයා පුංචි කාලෙ ඉදල අනිත් ළමයින්ට වඩා වෙනස්.. ඕනෙ කෙනෙක්ට කරදරයක් උනොත් මගේ දුව ඒ අය ළගටම වෙලා උදව් කරනවා.. හිගන්නෙක් හරි බඩගිනියි කිව්වොත් එයාගෙ කෑම එක ඒ මනුස්සයට දෙනවා.. තමන්ගෙ ළග තියෙන සල්ලි එයා වැඩිපුර වියදම් කරන්නෙ අනිත් අය වෙනුවෙන්..[/FONT]”

    [FONT=&quot]අපිට නයෝමි හම්බඋන මුල්ම දවස මතක් උනා. එයා එදත් කලේ ඇන්ටි කියපු දේම තමයි.. අපිට බඩගිනියි කිව්වා විතරයි බලෙන්ම එක්කගෙන ගිහින් කන්න අරන් දුන්නනෙ..[/FONT]

    “[FONT=&quot]ඒ විතරක් නෙමෙයි.. නයෝමි අපේ පවුලට වාසනාව ගෙනාවා.. එයා ඉපදුනාට පස්සෙ අපි බලාගෙන ඉද්දි දියුණු උනා.. අන්කල්ගෙ බිස්නස් සේරම සරු උනා.. ඒක අදටත් එහෙමයි.. ඒත්.. ඒත් නයෝමි ටික ටික ලොකු වෙද්දි එයාගෙ වෙනසක් තේරුණා.. එයා වෙලාවකට පොඩි ළමයෙක් වගේ.. කිසි දෙයක් ගැඹුරට හිතන්නෙ නෑ.. අපි ටිකක් සැරෙන් කතා කලොත් එයාට මී මැස් මොරේ හැදෙන්න පටන් ගත්තා..[/FONT]”

    [FONT=&quot]ඇන්ටි කතාව අතරමග නතර කරලා කදුළු පිහිදා ගත්තා.. එයා ආපහු කතාව පටන් ගත්තෙ ස්ර්වන්ට් අපිට ලොකු ට්‍රේ එකක තියලා බීම වීදුරු ටිකක් ගෙනත් දීලා ගියාට පස්සෙයි..[/FONT]

    “[FONT=&quot]මං ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ වේදිකා නාට්ටිවල එහෙම රගපාලා තියෙනවා.. ඒ ෆොටෝ දැකලා නයෝමිටත් රගපාන්න ඕන උනා..[/FONT]

    [FONT=&quot]එයාගෙ පෙනුමත් එක්ක, එයාගෙ අසනීපෙත් එක්ක එයාට ඒක කරන්න බෑ කියලා තේරුම් ගන්න එයාට පුළුවන් උනේ නෑ.. අවුරුදු ගාණක් තිස්සෙ ඩ්‍රාමා ක්ලාස් යන්න ඕනෙ කිය කිය ඉදලා බේරගන්න බැරි තැනම තමයි අපි එයාට ඔයාලගෙ ක්ලාස් එකට යන්න ඇරියෙ.. ඩ්‍රයිවර් එක්ක කාර් එකේ යන්න කියලා අන්කල් කිව්වත් එයාට ඕන උනේ අනිත් ළමයි වගේ බස් එකේ යන්න..[/FONT]”

    [FONT=&quot]මට ඒක අහලා පුදුම හිතුනා.. අපි මෙච්චර කල් නයෝමි ගැන මොනතරම් වැරදියටද හිතාගෙන හිටියෙ.. මේතරම් දේපල තියාගෙන නිහතමානී විදියට හිටපු ඒ කෙල්ලව අපි ගණන් ගත්තෙ නෑ.. බලාගෙන යද්දි නයෝමිට නෙමෙයි අපිටයි මෝංගල්..[/FONT]

    “[FONT=&quot]මං මේ මෙච්චර වෙලා කියපුවා නයෝමිට කියන්න එපා.. ඔයාලා හැමෝම පංතියෙ එකට ඉන්න නිසා මේ ගැන දැනගෙන ඉන්න එක හොදයිනෙ.. ඉන්නකො මං දුවට කතාකරගෙන එන්නං..[/FONT]”

    [FONT=&quot]අපිට කල්පනා කරන්න දෙයක් ඉතුරු කරලා ඇන්ටි පඩිපෙළ නැගලා උඩට ගියා..[/FONT]

    “[FONT=&quot]නයෝමි පව් නේද මල්ලි.. අපි හිතාගෙන හිටියට වඩා එයා ගොඩක් හොද කෙනෙක්..[/FONT]”

    [FONT=&quot]සමාධි මගේ දිහා බලලා කියද්දි මං ඒ මූණට එබිලා බැලුවා.. කෙල්ලගෙ ඇස්වල කදුළු පිරිලා.. [/FONT]

    “[FONT=&quot]එදා අපේ බයික් එකට හැප්පෙන්න ගිහින් අපි බැනපු වෙලෙත් ඒකි අපිට කන්න අරන් දුන්නනෙ.. ෂිට්.. මට ඇඩෙන්න වගේ..[/FONT]”

    [FONT=&quot]චමිලත් ඥාව් හඩකින් උගේ සෝකය ප්‍රකාශ කරා.. බලාගෙන යද්දි නයෝමි මාර වාසනාවන්තයි.. ඒකි හදිස්සියෙ අසනීප උන එකෙන් පංතියෙ හැමෝගෙම ආදරය අනුකම්පාව දිනාගන්න පුළුවන් උනානෙ..[/FONT]

    “[FONT=&quot]ආ..නේ.. ඔයාලා දැන්ද ආවේ..? මට ටිකක් නින්ද ගියා..[/FONT]”

    [FONT=&quot]නයෝමි පඩිපෙළ බැහැගෙන අපේ පැත්තට එද්දි ළමයි හැමෝම පළවෙනි පාරට දැක්කා වගේ එයා දිහා බලන්න ගත්තා.. කොටින්ම කියනවා නං මමත් බැලුවෙ ඒ විදියට තමයි.. අප්පා මෙයාගෙ අම්මා දැන් කියපු දේවල් අහලා ඔළුව මඤ්ඤං වෙලානෙ..[/FONT]

    “[FONT=&quot]ඇයි ඔයාලා ඔහොම බලන්නෙ..?[/FONT]”

    [FONT=&quot]සමාධි ළග තිබුණ හිස් පුටුවකින් ඉදගෙන නයෝමි එහෙම අහද්දි මට හිනත් ගියා.. හරිනං අපියි ඒක අහන්න ඕන.. බාගෙට නිදිමතේ වපර ඇහෙන් අමුතු තාලෙට බලද්දි අපෙත් නට් ලූස් වෙනවා..[/FONT]

    “[FONT=&quot]ඔයාට දැන් හොදයිද නයෝමි..?[/FONT]”

    [FONT=&quot]ප්ලූටො අහද්දි නයෝමි ඔව් කියන්න වගේ ඔළුව හෙලෙව්වා.. ඒකි තාම බාගෙට නිදිමතේද කොහෙද..[/FONT]

    “[FONT=&quot]ඉතිං ඇයි ක්ලාස් ආවෙ නැත්තෙ..? අපි හිතුවා ඔයා එයි කියලා..[/FONT]”

    “[FONT=&quot]මං වැගේ නැට්ටිච්චියෙක් ක්ලාස් එන එක වැඩක් නැහැනෙ.. මං ආපහු එන්නෑ..[/FONT]”

    [FONT=&quot]ඒ කතාවට මගේ ඇස් දෙක උඩ ගියා.. ඒ කියන්නෙ නයෝමි ක්ලාස් ඇවිත් නැත්තෙ එදා මං නැට්ටිච්චියක් කියලා කියපු එකටද..?[/FONT]

    “[FONT=&quot]කවදු කිව්වෙ ඔයා නැට්ටිච්චියක් කියලා..?[/FONT]”

    [FONT=&quot]සමාධි, නයෝමිට යෝකර් පන්දුවක් එල්ල කලා.. ඒකට උත්තරේ ලැබුනොත් මේ හිරූෂයා නොකවුට්.. ඒත් නයෝමි මුකුත්ම කිව්වෙ නැතුව බිම බලාගත්තා.. කෙල්ලගෙ කම්මුල් දිගේ කදුළු බලාගෙන යනවා මං දැක්කෙ ගොඩක් වෙලාවකට පස්සෙ..[/FONT]

    [FONT=&quot]ඇන්ටි කිව්වා වගේ නයෝමිව ආශ්‍රය කරන්න ඕනෙ බොහොම පරිස්සමින්.. පුංචි වචනයක් ගැන මෙයා මේ තරම් දුර හිතයි කියලා මං හිතුවෙ නෑ..[/FONT]

    “[FONT=&quot]මට සමාවෙන්න නයෝමි.. එදා මං ඒක හිතලා කියපු එකක් නෙමෙයි.. ප්ලීස් ඔයා පංති එන්න..[/FONT]”

    [FONT=&quot]මං එහෙම කියද්දි ළමයි හැමෝම පුදුම වෙලා වගේ මගේ දිහා බැලුවා.. මොකද එදා වෙච්ච ඒ කතාව අපි දෙන්නා ඇරෙන්න කවුරුත් දැනගෙන හිටියෙ නෑ..[/FONT]

    “[FONT=&quot]නෑ මං ආපහු එන්නෑ.. ඔයාලා මුල ඉදලම මාව රැවැට්ටුවා..[/FONT]”

    [FONT=&quot]මේ කෙල්ල ගේමටමයි කතාව.. අපි කවදද එයාව රැවැට්ටුවෙ.. මේ කතා අපිට වගේම අනිත් අයටත් ප්‍රෙහෙලිකාවක්..[/FONT]

    “[FONT=&quot]ඇයි ඔයාලා මට මුල්ම දවසෙ කිව්වෙ ඔයාලට විසි හයයි කියලා.. ඉතිං මං හිතුවා ඔයාලා කට්ටියම මට වඩා වැඩිමල් කියලා.. ඒත් ඔයාලා ඒ ලෙවල් කරලා තියෙන්නෙ ගිය අවුරුද්දෙලු..[/FONT]”

    [FONT=&quot]ගම කනවා.. සදාදර නයෝ සියළු විස්තර හොයාගෙන.. දැන් ඕක වහන්න කවුරුවත් බොරු කියන එකේ තේරුමක් නෑ..[/FONT]

    “[FONT=&quot]කවුද ඔයාට ඒවා කිව්වෙ..?[/FONT]”

    [FONT=&quot]ඒ ප්‍රශ්නෙ අහද්දි මට සමාධි ගැනත් පුංචි සැකයක් තිබුණා.. මොකද ඉතිං එයා දැක්ක දවසෙ ඉදලම අපට කතා කලේ මල්ලි කියලනේ..[/FONT]

    “[FONT=&quot]මං දැනගත්තෙ කුමාරසිංහ සර්ගෙනුයි, දුනුවිල සර්ගෙනුයි..[/FONT]”

    “[FONT=&quot]මොකක්..?[/FONT]”

    “[FONT=&quot]ඔව්.. එදා ඔයාලා මුහුදු පුත්තු රගපාන වෙලාවෙ සර් ඔය ගැන කතා උනා..[/FONT]”

    [FONT=&quot]රණ්ඩුවට උනත් කෙල්ල දුන්නෙ හොද ඔත්තුවක්.. අපේ තාත්තා සර් එකක් අපේ වයස ගැන කතා උනේ මොකටද..? සමහර විට අපේ රහස එළිවෙලාද දන්නෑ.. එහෙමනං ඉතිං අපි පැස්බරා හැංගුණා වගේ ඔළුව විතරක් අස්සෙ ගහගෙන ඉන්න එක තේරුමක් නෑ.. මුළු පශ්චාත් භාගයම අනිත් එවුන්ට පේනවා ඇති..[/FONT]

    “[FONT=&quot]හරි.. හරි.. වෙන දවසක නිදහසේ රණ්ඩු වෙමු.. ඔයා හෙට ඉදලා පංති එන්නකො..[/FONT]”

    [FONT=&quot]වැඩේ දුර දිග ගියොත් නයෝමි අදත් සෙම පෙරාගෙන වැටෙයි කියලා වෙන්න ඇති චමිල කතාව යට ගැහුවා.. ඒක හොදයි.. නැත්තං මතීෂලා තාරුකලා ඉස්සරහා අපේ සායම යනවා..[/FONT]

    [FONT=&quot]අපි නයෝමිලගෙ ගෙදරින් පිට වෙන්න කලින් සමාධි අනික් ගෑනු ළමයි එක්ක එකතු වෙලා නයෝමිව පංති එන්න කැමති කරව ගත්තා..[/FONT]


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-1.jpg


    09.png


    [FONT=&quot]අපි පෙරහැර බලන්න තියෙන නිසා ඉක්මනට ගෙදර ඇවිත් බණ්ඩයියත් එක්ක ඉක්මනට උයන්න ගත්තා.. වෙනදට නං වැඩිපුරම බණ්ඩයියා උයන්නෙ තනියම.. ඒත් අද එයාටත් පෙරහැර බලන්න ඕන වෙලා..[/FONT]

    “[FONT=&quot]මචං මේ ලූණු ටික සුද්ද කරලා දීපංකො..[/FONT]”

    [FONT=&quot]මං පොල් ගාන ගමන් ලූණු වට්ටිය චමිලගෙ දිහාට තල්ලු කලා.. ඌ ලූණු ගෙඩි වල උඩයි යටයි පිහියෙන් කපලා අතේ පුංචිම ඇගිල්ලෙන් ලූණු ගෙඩිය කොනිත්තනවා..[/FONT]

    “[FONT=&quot]මොකක්ද බං ඔය කරන්නෙ..?[/FONT]”

    “[FONT=&quot]ලූණු ගෙඩියෙ පොතු අරිනවා..[/FONT]”

    “[FONT=&quot]ඉතිං ඔය ඇගිල්ලෙන්..[/FONT]”

    “[FONT=&quot]මේකෙ විතරනේ බං නියපොත්තක් තියෙන්නෙ..[/FONT]”

    [FONT=&quot]ඌ මුළු අතම දිග ඇරලා පෙන්නුවා.. කතාව ඇත්තනෙ.. අනිත් ඇගිලි සේරමගෙම නියපොතු ටික ගෙවෙන්නම කාලා.. ඒත් පුංචි ඇගිල්ලෙ විතරක් තරමක් දිගට නියපොත්ත වවලා..[/FONT]

    “[FONT=&quot]මොකද ඒක විතරක් නොකා තියෙන්නෙ..?[/FONT]”

    “[FONT=&quot]ඇයි බං.. හදිස්සියකට කන්න ඕනෙ උනා.. ඉතිං ඒකට නියපොත්තක්වත් තියෙන්න එපැයි..[/FONT]”

    [FONT=&quot]මූ මේ නියපොත්ත තියන් ඉන්නෙ එහෙ මෙහෙ කසන්න.. වැඩේ කියන්නෙ මූ ඒකෙන් කොහෙ කොහේ කසනවද දන්නෙ නෑ.. ඈ..ක්කා.. මීට වඩා හොදයි ලූණු ටිකත් අපිම සුද්ධ කර ගත්තනං..[/FONT]

    “[FONT=&quot]බේබි.. ලෙට්ටකොච්චි වගයක් ඇති.. හදලා ගන්නද..?[/FONT]”

    [FONT=&quot]ඒ කතාවට ලූණු සුද්ද කර කර හිටපු බඩා කලබල උනා..[/FONT]

    “[FONT=&quot]අපෝ.. බණ්ඩයියෙ මගේ කටේ තුවාලත් ඇවිත්.. කෝච්චි නං හදන්න එපා.. දැවිල්ල කන්න බෑ..[/FONT]”

    [FONT=&quot]මේ රටහරකා ලෙට්ටකොච්චි අදුරන්නෙ නෑ.. ඌ හිතන් ඉන්නෙ ඒකත් කොච්චි මිරිස් ජාතියක් කියලා.. බණ්ඩයියත් හිනාවෙලා ලෙට්ටකොච්චි ටික ෆිජ් එකෙන් එළියට ගත්තම චමිල පුදුම උනා..[/FONT]

    “[FONT=&quot]කවුද බං දන්නෙ මේ කොට්ටං කොලයක් වගේ ජාතියකට කොච්චි කියනවා කියලා..[/FONT]”

    “[FONT=&quot]ඔය ඇති බණ්ඩයියෙ.. තව ජාති හැදුවොත් පෙරහැර බලන්න පරක්කු වෙනවා..[/FONT]”

    [FONT=&quot]වෑංජය දෙකක් විතර හදලා අපි කුස්සියෙ ජරමරේ ඉවර කරලා දැම්මා.. දැන් ගිලලා යන එකයි තියෙන්නෙ..[/FONT]

    [FONT=&quot]ඇදගෙන කරගෙන පාරට බැහැපු අපිට බගදි මතීෂලව සෙට් උනා.. උන් දෙන්නත් දැන් අපිත් එක්ක ෆුල් ෆිට්.. ඕන ගමනක් යන්න කියන පරක්කුව විතරයි..[/FONT]

    “[FONT=&quot]අපරාදෙ බේබි මේ පයින් ගාටන්නෙ.. ලොකු මහත්තයා වෑන් එක ඕනෙද කියලත් ඇහුවා..[/FONT]”

    “[FONT=&quot]පිස්සුද බණ්ඩයියෙ.. ගෑණු ළමයි වගේ වෑන්වල ගිහින් පෙරහැර බලන සිරිතක් තියෙනවද..? මෙහෙම යද්දිනෙ ගති..[/FONT]”

    “[FONT=&quot]බේබිලට නං කාරි නෑ.. ඒත් මොකක් හරි උනාම ලොකු මහත්තයා ගොඩ වෙන්නෙ මගේ කරට..[/FONT]”

    [FONT=&quot]මෙයාගෙ කරට ගොඩ වෙලා උප්පු යන්නයෑ.. බණ්ඩයියටත් වෙලාවකට පිස්සු..[/FONT]

    “[FONT=&quot]මචං හිරූ.. මට උඹලගෙ මේ බණ්ඩයියව දැකලා පුරුදුයි වගේ..[/FONT]”

    [FONT=&quot]ගොඩක් වෙලා කල්පනා කර කර ආපු තාරුක එහෙම කියද්දි මාව උඩ ගියා.. ඇත්තනේ.. එදා ෂූටින් බලන්න ගිය දවසෙ බණ්ඩයියා අපේ තාත්තත් එක්ක ඉන්නවා තරුකලා දකින්න ඇති.. දැන් ඉතිං ගම කනවා..[/FONT]

    “[FONT=&quot]ඔය කොහෙදි හරි උඹලා දකින්න ඇති.. මෙයා හිටපු ගමන් පොට් මාරු කරනවා.. වෙලාවකට යුරේනස් ළගට.. වෙලාවකට නෙප්චූන් ළග..[/FONT]”

    [FONT=&quot]ප්ලූටොගෙ නෙප්චූන් කතාව අහලා මතීෂයි, තාරුකයි ෆුල් චූන් වෙලා.. උන් දෙන්නා ඒ පාර ප්ලූටොගෙන් සෞරග්‍රහ මණ්ඩලේ විස්තර අහන්වා..[/FONT]

    “[FONT=&quot]ප්ලූටොට උප ග්‍රහයෙක් නැද්ද..?[/FONT]”

    “[FONT=&quot]ඔය අහන්නෙ හදක් නැද්ද කියලනේ..? ඉන්නවා.. ඉන්නවා.. චාරෝන් කියලා එකෙක් ඉන්නවා.. හැබැයි උගෙ හාවෙක් නෑ..[/FONT]”

    [FONT=&quot]තාරුයි, මතීෂයි මුගෙන් ප්ලූටො ගැන අහන්න ගියොත් මූ ප්ලූටොට ගොඩබැහැපු පළමු මිනිස් ජීවියා වගේ එළිවෙනකල් නයි අරියි.. මූට ප්ලූටො හොයාගත්ත අවුරුද්ද මතක තිබුණට අම්මගෙ උපන්දිනේවත් මතක නෑ.. දවසක් ඉස්කෝලෙ ෆෝම් එකක් පුරවන්න ටීචර් අම්මගෙ උපන්දිනේ අහද්දි මූ කිව්වා තාත්තගෙන් අහලා කියන්නම් කියලා..[/FONT]

    “[FONT=&quot]පුදුම සෙනගක්නෙ බං ඉන්නෙ.. මේ හරියෙ ඉදලා බලන එක ලේසි නෑ..[/FONT]”

    [FONT=&quot]චමිලයා හතර වටේට ඇන්ටනාව දාලා කියපු කතාව ඇත්ත.. සෙනග පිරිලා හිටියා විතරක් නෙමෙයි.. වැඩිපුරම ඇවිත් හිටියෙ සුද්දො.. සුද්දො කිව්වෙ මේ මාළු ලෑල්ලෙ ඉන්න සුද්දො නෙමෙයි.. විදේශිකයො..[/FONT]

    “[FONT=&quot]අපි මේක බලන්න ආවට මේක නාට්‍ය වලට අදාල වෙනවද හිරූ..[/FONT]”

    [FONT=&quot]මෙච්චර පෙරුම් පුරලා හිර වෙලා මෙතනට ආවට පස්සෙයි තාරුට ඕක මතක් වෙලා තියෙන්නෙ.. අදාලා නොවුණා කියලා මොකෝ ආපහු හැරිලා යන්නයෑ..[/FONT]

    “[FONT=&quot]අන්න අර හරියෙ ටිකක් සෙනග අඩුයි වගේ.. තාප්පෙකුත් තියෙනවා.. යමං..[/FONT]”

    [FONT=&quot]පෙරහැර යන පාර දිගේ ගොඩක් දුර ඇවිදගෙන ගිහින් අපි සෙනග අඩු හරියකට සෙට් උනා.. තාප්පෙත් ටිකක් උස නිසා ඒකට නැගගත්තා නං නිදහසේ බලන්න පුළුවන්..[/FONT]

    “[FONT=&quot]හිරූ.. උඹ උසයිනේ.. නැගලා බලපං තැන හොදයිද කියලා.. වීදුරු කටු.. යකඩ දැල්.. එහෙම ගහලා නෑ නේද..?[/FONT]”

    “[FONT=&quot]අම්මේ ඔව්.. හොදට බලපං.. පස්ස හිල් උනොත් එහෙම වැසිකිලි ගියාම දෙතුන් පොලකින්ම යයි..[/FONT]”

    [FONT=&quot]අපේ කට්ටිය විවිධ අදහස් ප්‍රකාශ කරන අතරෙ මං තාප්පෙට ගොඩ උනා.. ඔය කියන විදියෙ අතුරු ආබාධ මුකුත් නෑ.. තාත්පෙ ෆුල් ක්ලීන්.. අපි එකා දෙන්නා අමාරුවෙන් නැග ගත්තට චමිලයවයි, බණ්ඩයියවයි උඩට ගන්න ලේසි නෑ.. චමිලව උඩට අදින්න ගිහින් තාප්පෙ උඩ නැගලා හිටපු මතීෂයා බිමට වැටුණා.. බැරිම තැන අපි කට්ටියම බිමට බැහැලා ඒ දෙන්නව නග්ගලා හිටියා.. නැත්තං පෙරහැර ඉවර වෙනකල්ම බඩාව උඩට අදින්න වෙනවා..[/FONT]

    “[FONT=&quot]බේබි පරිස්සමට අල්ලගන්න ඕං..[/FONT]”

    [FONT=&quot]බණ්ඩයියා තාප්පෙ උඩ ඉදගෙනත් වෝනිං දෙනවා.. මේ මනුස්සයා ඇවිත් තියෙන්නෙ පෙරහැර බලන්න නෙමෙයි.. මාව පරිස්සර කරන්නද කොහෙද..?[/FONT]

    “[FONT=&quot]මේ වගේ හයේ හතරෙ අලියෙක්ට මොකද බණ්ඩයියෙ බේබි කියන්නෙ..? එතකොට බේබිලට කියන්න දෙයක් නැතිවෙනවනේ..[/FONT]”

    [FONT=&quot]මතීෂටයි තාරුටයි මේ බණ්ඩයියා ගැන මාර කුතුහලයක් තියෙන්නෙ..[/FONT]

    “[FONT=&quot]ඉතිං මං මේ පුංචි කාලෙ ඉදලා හදපු දරුවා නොවෑ..[/FONT]”

    [FONT=&quot]ඒ පාර තාරු ආපහු කල්පනා කරන්න පටන් ගත්තා.. මට පේන්නෙ වැඩේ වන වෙනව වගේ..[/FONT]

    “[FONT=&quot]ඔන්න පෙරහැර එනවා..[/FONT]”

    [FONT=&quot]කස පුපුරණ සද්දෙ ළග ළගම ඇහෙද්දි තාරුලගෙ ප්‍රශ්න ඇහිල්ලත් නතර උනා විතරක් නෙමෙයි එහෙ මෙහෙ රංචු ගැහි ගැහි හිටපු සෙනග සේරම මුළු සංචේන්ද්‍රියම පාරට දික් කරගත්තා.. මේක නං කොච්චර බැලුවත් එපා වෙන පෙරහැරක් නෙමෙයි.. ඒ තරං ලස්සනයි..[/FONT]

    [FONT=&quot]කොයි තරම් නැටුම්, විශේෂාංග තිබුණත් මං බලන්න ආසම උනේ අලින්ව, සමහර අලි පැටව් ආවෙ තාලෙට නට නට.. සද්දත්න ඇගක් තිබුණ ලොකු අලියෙක් ඈත ඉදලම ආවෙ මාර දැගලිල්ලකින්.. මට නං ඌ ආපු විදිය වැඩිය දිරෙව්වෙ නෑ.. ඌ ටික ටික කිට්ටු වෙද්දි පාර අයිනටම වෙලා හිටපු මිනිස්සු පිටිපස්සට උනා.. ඒත් අපි තාත්තෙ උඩ නිසා හෙල්ලෙන්න විදියක් නෑ..[/FONT]

    “[FONT=&quot]හිරූ හයියෙන් තාප්පෙ අල්ලගනිං..[/FONT]”

    [FONT=&quot]ප්ලූටොට ඒක කියලා කට ගන්න හම්බ උනේ නෑ ඒ අලියා උගේ දිග හොඩ චමිලයගෙ දිහාට දික් කලා.. මං දැක්කෙ මගේ ළගින් කකුල් දෙකක් උඩ යනවා විතරයි.. උනේ මොකක්ද කියලා තේරුණේ පස්සෙ.. අලියගෙ හොඩවැල දැක්කා විතරයි අපේ අලියා බයවෙලා උඩ කරණමක් ගහලා.. ඌ පිටිපස්සෙ තිබුණ වත්ත ඇතුළට පෙරලිලා වැටිලා..[/FONT]

    “[FONT=&quot]යකෝ.. මගේ කොන්ද..[/FONT]”

    “[FONT=&quot]ඌ ඒ කොහෙ ඉදන්ද බං කෑගහන්නෙ..? මොකද උනෙ..?[/FONT]”

    [FONT=&quot]මතීෂලා කොච්චර අවධානයෙන් පෙරහැර බලලද කියනවනං බඩා වැටෙනවා දැකලවත් නෑ.. දැන් ඉතිං බල්ලෙක් ඇවිත් මූට භක්ෂණය කරන්න කලින් උඩට ඇදලා ගන්න වෙනවා..[/FONT]

    “[FONT=&quot]ඉක්මනට මාව ගනිං බං.. මේක අදුරු ගුහාවක් වගේ..[/FONT]”

    [FONT=&quot]බඩාගෙ කරච්චලෙන් බේරෙන්න බැරි තැන මමත් ඒ වත්ත ඇතුළට පැන්නා.. නැත්තං මූව උඩට තල්ලු කරන්න කවුරුවත් නෑනෙ..[/FONT]

    “[FONT=&quot]මෙහෙ බල්ලො නෑ වගේ.. පුදුමයි..[/FONT]”

    [FONT=&quot]කිව්වත් වගේ බල්ලො නැතුව ඇති තමා.. නැත්තං මෙලහකට ඌගේ, ඌරු මස් වල රස බලලා.. විනාඩි දෙක තුනක ගේමක් දීලා අපි ආපහු තාප්පෙට නැගගත්තා..[/FONT]

    “[FONT=&quot]දැන් ඉවර වෙන්න ළග ඇති නේද..? අපි යමු බං.. මගේ කොන්ද නෑ වගේ..[/FONT]”

    [FONT=&quot]මූට කොන්දක් නෑ කියලා අපි දන්නෙ අද ඊයෙයෑ.. චමිල කොච්චර ගෙදරිගෑවත් අපි කට්ටිය බිමට බැස්සෙ පෙරහැර ඉවර උනාට පස්සෙ.. මූ නිසා මේ තරම් වටින පෙරහැරක් නොබලා ඉන්න පුළුවන්යෑ..[/FONT]

    “[FONT=&quot]මේ වෙලාවට නං බස් නැති වෙයි.. සෙනගත් ඉන්නවනේ.. අපි පයින් යමු..[/FONT]”

    [FONT=&quot]පාර පුරාම ඉන්න ලස්සන කෙල්ලො දිහා බල බල ප්ලූටො මරු යෝජනාවක් කලා.. බඩා ඇරුනම හැමෝම ඒකට කැමති උනේ උඩ පැනලා.. උඩ පැනලා කිව්වට බණ්ඩයියා නං උඩ පැන්නෙ නෑ.. වෙන දෙයක් නිසා නෙමෙයි.. සරම වැටෙයි කියලා..[/FONT]

    [FONT=&quot]අපි කට්ටිය පාරෙ විකුණන්න තිබුණ සාර විට එහෙම අර ගෙන කන ගමන් ටික දුරක් පයින් ආවා..[/FONT]

    “[FONT=&quot]මචං මේ පැත්තෙන් ෂෝට් කට් එකක් තියෙනවා..[/FONT]”

    [FONT=&quot]හරස් පාරක් පෙන්නලා මම කියද්දි කට්ටිය කිසිම කතාවක් නැතුව ඒ පාරට හැරුණා.. මහ රෑ වෙලා නිසා පාර සෑහෙන්න පාළුයි..[/FONT]

    “[FONT=&quot]මේ පාර කොහෙටද හිරූ යන්නෙ..?[/FONT]”

    “[FONT=&quot]මේක කොහේටවත් යන්නෑ බං.. මං දන්න දවසෙ ඉදලා මේක මෙතනම තමයි තියෙන්නෙ..[/FONT]”

    [FONT=&quot]මගේ උත්තරේට මතීෂට හිනා ගියා..[/FONT]

    “[FONT=&quot]අන්න මචං මරු බඩුවක්..[/FONT]”

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]පාරේ තුන්මං හන්දියක් ළග දාලා තිබුණ තොවිල් තටුවක් පෙන්නද්දි චමිලයා කුලප්පු වෙලා වගේ වට පිට බැලුවා.. ඌට කොන්දෙ අමාරුව අමතක වෙලා..[/FONT]

    “[FONT=&quot]කෝ.. කෝ.. කොහෙද ඉන්නෙ..?[/FONT]”

    “[FONT=&quot]කවුද..?[/FONT]”

    “[FONT=&quot]දැන් උඹ කියපු බඩුව.. කෝ එයා..?[/FONT]”

    [FONT=&quot]බඩා මේ ගාල කඩාගෙන හොයලා තියෙන්නෙ වෙන බඩුවක්..[/FONT]

    “[FONT=&quot]මං පේනනුවෙ මෙන්න මේක..[/FONT]”

    [FONT=&quot]මං පාර අයිනෙ තිබුණ තොවිල් තටුව ඇල්බීසියා කෝටු ටිකත් එක්කම උස්සලා ගත්තා..[/FONT]

    “[FONT=&quot]බේබි.. මොලේ නරක් වෙලාද..? විසි කරන්න ඔය ජරාව.. ඕවයෙ මොන හොන හූනියං හියෙනවද දන්නෙ නෑ..[/FONT]”

    “[FONT=&quot]මේක ගෙදර ගෙනියන්නෙ නෑ බණ්ඩයියෙ.. අපි කාට හරි තෑගි දීලා යං..[/FONT]”

    [FONT=&quot]මං තාරුලට ඇහැක් ගහලා පාරේ දාලා තිබුණ කෙහෙල් කොට වගයක් පෙන්නුවා.. අපේ දෙතුන් දෙනා කාරණාව තේරිලා වගේ ඒ ටික උස්සලා කරට ගත්තෙ බණ්ඩයියව තවත් බය කරන්න හිතාගෙන..[/FONT]

    “[FONT=&quot]මේන් මේක අපි මේ ගෙයක් ඉස්සරහින් තියාගෙන යං.. එයාලට ඕන කරන දෙයක් තිබ්බොත් උනේට කන්නෙ නැතෑ..[/FONT]”

    [FONT=&quot]පාරට කිට්ටුවෙන්ම තිබුණ ගෙදරක දොරක් ඉස්සරහින් මං ඒක තිබ්බා.. දැන් මාරු.. උදේට දොර අරින මිනිහට ෂුවර් එකටම උණ ගැනෙනවා..[/FONT]

    “[FONT=&quot]බේබි ඕවා ඒ හැටි හොද විහිළු නෙමෙයි..[/FONT]”

    [FONT=&quot]මේ මනුස්සයා හැම දේටම චුරු චුරු ගානවා ඤාව්වෙක් වගේ.. අපරාදෙ මෙයාව ගෙදර දාලා එන්න තිබුණෙ..[/FONT]

    “[FONT=&quot]ඔය දෙක තුනක් ඔය ඉස්සරහ ගෙවල් වල දොරවල් වලට හේත්තු කරලා යං.. උදේට දොර අරින එකාගෙ ඇග උඩට කෙහෙල් කොටයක් පෙරලෙද්දි මාර චූන් එකක් දැනෙයි..[/FONT]”

    [FONT=&quot]කියන පරක්කුවට කට්ටිය වැඩේ කරලත් ඉවරයි.. උදේ පාන්දර මේ ගෙවල් වල මිනිස්සු දොරවල් අරින වෙලාවට හැංගිලා හරි බලන් හිටියා නම් මාර ආතල් එකක් ගන්න තිබ්බා..[/FONT]

    “[FONT=&quot]මේ මිනිස්සු ගතියට මල් හිටවලනෙ..[/FONT]”

    [FONT=&quot]ප්ලූටො කිව්වා වගේම ලොකු වතු තියෙන මිනිස්සු මාර ලස්සනට ගාඩ්න් එක හදලා.. ඒවයෙ තිබුණ සමහර මල් ගස් ගොඩක් වටින ඒවා.. බණ්ඩයියා වචනයක්වත් කියන්න කලින් අපි කට්ටිය ඒ මිදුල් වල තිබ්බ පෝච්චි කීපයක් උස්සලා පාරට ගෙනාවා..[/FONT]

    “[FONT=&quot]ඒ පාර ඕවා හොරෙන් ගෙනියන්නද හදන්නෙ..? ගුටි කාලා නතර උනොත් ඇති..[/FONT]”

    [FONT=&quot]බණ්ඩයියා පිස්සු කියවනවා.. මේ ගෙවල් වල මිනිස්සු මෙලහට ලී ඉර ඉර නිදියනවා ඇති.. අනික අපි මල් පෝච්චි ඉස්සුවෙ හොරෙන් ගෙනියන්න නෙමෙයි..[/FONT]

    “[FONT=&quot]මේ ටික ඉස්සරහ වත්තෙ තියපං.. ආ..[/FONT]”

    [FONT=&quot]අපි කට්ටිය මිදුල් වල තිබුණ පෝච්චි මාරු කලා.. මේ ගෙදර ඒවා එහා ගෙදරටයි.. ඒ ගෙදර ඒවා මේ ගෙදරටයි..[/FONT]

    “[FONT=&quot]හෙට මේ ගෙවල් වල ගෑණු කෙස් වලු පටලව ගනියි..[/FONT]”

    [FONT=&quot]කේන්ති ගිහින් වගේ ඔරවගෙන හිටපු බණ්ඩයියට හිනා යනවා මං දැක්කා.. එයාටත් සමහර විට කොලු කාලෙ කරපුවා මතක් වෙන්න ඇති.. ඒ හරස් පාර පුරාවටම තිබුණ ගෙවල් වලට නානාප්‍රකාර අකරතැබ්බ කරලා අපි මහ පාරට සේන්දු උනා.. පාර අයිනෙම තිබුණ බැංකුවක මුර අන්කල් කෙනෙක් කට ඇරගෙන නිදි..[/FONT]

    “[FONT=&quot]බලපංකො අර මනුස්සයා මුර කරන ලස්සන..[/FONT]”

    [FONT=&quot]කිව්වත් වගේ මිනිහගෙ දිව බුරියෙ ගෑවෙනවා.. ඒ තරම් නින්ද සැරයි..[/FONT]

    “[FONT=&quot]අනේ බේබි ඒ මනුස්සයට පාඩුවෙ ඉන්න ඇරලා අපි යමු.. මොනව හරි උනොත් ලොකු මහත්තයගෙන් මට විසුමක් වෙන්නෙ නෑ..[/FONT]”

    [FONT=&quot]බණ්ඩයියගෙ ගෝරණාඩුව නිසා ඒ මුර අන්කල්ට මොනවා හරි කරන්න හිතට ආපු අදහස මං අතෑරලා දැම්මා..[/FONT]

    “[FONT=&quot]උඹලගෙ තාත්තා දැන් ඇහැරලා බලන් ඇති නේද..?[/FONT]”

    [FONT=&quot]මතීෂ ඒක ඇහුවෙ බණ්ඩයියා ලොකු මහත්තයෙක් ගැන මතක් කරපු නිසා වෙන්න ඇති..[/FONT]

    “[FONT=&quot]අපොයි ඔව්.. මුගේ තාත්තා හරි වසයි.. දැන් පරක්කු උනා කියලා අපිටත් එක්ක බනියි..[/FONT]”

    [FONT=&quot]මතීෂයි තාරුයි අපේ ගෙදර එන එක නතර කරන්න ඕන නිසා ප්ලූටො අදත් බොරුවක් කියලා මගෑරියා..[/FONT]


    Mathusambandai.gif

    PDF.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-1.jpg


    10.png


    [FONT=&quot]අපි නයෝමිලගෙ ගෙදර ගිහින් ආවට පස්සෙ එයා ආපහු පන්ති ආවා.. ළමයි හැමෝම එයාට සැලකුවෙ වෙනදට වඩා ආදරෙන්.. එයත් ඉස්සරට වඩා වෙනස් වෙලා.. මුලදි අයියෙ කිය කිය වද දුන්න ඒකටත් හරියන්න දැන් කට පුරෝලා මල්ලි කියනවා..[/FONT]

    “[FONT=&quot]අද ඒ ලෙවත් ප්‍රතිඵල එනවලු නේද..?[/FONT]”

    [FONT=&quot]අපි පන්තියට ගොඩ උන ගමන්ම නයෝමි දුවගෙන ඇවිත් ඇහුවා.. ඒ ලෙවල් ලියන්න නංගියෙක්වත් මල්ලියෙක්වත් නැති එයා මොකටද ඒ ගැන හොයන්නෙ..?[/FONT]

    “[FONT=&quot]ඇයි ඔයත් මේ පාර ඒ ලෙවල් කලාද..?[/FONT]”

    [FONT=&quot]ප්ලූටො නෝන්ඩියට වගේ කෙල්ලගෙන් අහද්දි ඒකි ඇඹරෙන්න ගත්තා.. මං නං එදා සීන් එකෙන් පස්සෙ නයෝමිට විහිලුවටවත් දෙයක් කියන්න බයයි..[/FONT]

    “[FONT=&quot]මට නෙමෙයි.. සමාධිට දැනගන්න ඕන වෙලා තියෙන්නෙ..[/FONT]”

    [FONT=&quot]සමාධි ඒ ලෙවල් කලේ අපිටත් කලින්නෙ.. එයාට මොකටද ප්‍රතිඵල..[/FONT]

    “[FONT=&quot]අපේ නංගි මේ පාර ඒ ලෙවල් කලා.. අද රිසාල්ට් ඉන්ටර්නෙට් එකට දාලලු.. මං බලලා එන්නම්..[/FONT]”

    [FONT=&quot]පොත් ටික ඩෙස් එක උඩට දාපු සමාධි ඇදුම් මාරු කරන්නෙත් නැතුව ආපහු පාරට බැස්සා..[/FONT]

    “[FONT=&quot]මචං අර රංගනය ගැන ප්‍රැක්ටිකල් පාඩමට ඇවිත් ඉන්නෙ මිස්ටර් දයාරත්න..[/FONT]”

    [FONT=&quot]බඩා මට වැලමිටෙන් ඇනලා පෙන්නුවෙ දක්ෂ ප්‍රතිභාපූර්ණ නළුවෙක්ව.. මනුස්සයා පහුගිය අවුරුදු කීපයෙම දක්ෂතම නළුවා සම්මානය අරගත්තා.. ඒත් මං බැලුවෙ ඔය කියපු නළුවා දිහා නෙමෙයි සමාධි ගිය පාර දිහා.. අපිට වඩා වැඩිමල් උනත් කෙල්ල මගේ මුළු හිතම පිස්සු වට්ටලා..[/FONT]

    “[FONT=&quot]සමාධි දවසක් කිව්වා නේද එයාට සහෝදර සහෝදරියො නෑ කියලා.. එතකොට ඔය කියන නංගි කවුද..?[/FONT]”

    [FONT=&quot]මං මගෙන්ම අහගත්තා.. මේක මාර පටලැවිල්ලක් නේ..[/FONT]

    “[FONT=&quot]සමහර විට අදුරන පුංචි අම්මා කෙනෙක්ගෙ දුවෙක් වෙන්න ඇති.. උඹ පැණි පෙරයි කියලා නොකියා ඉන්න ඇත්තෙ..[/FONT]”

    “[FONT=&quot]නංගිත් මේකි වගේම ලස්සන ඇති නේද බං..? බලපංකො මේකිගෙ උනත් ෆිගර් එක.. පට්ට නේ..[/FONT]”

    [FONT=&quot]ප්ලූටොයි, චමිලයයි දෙන්නම සමාධිගෙ නොදන්නා නංගි ගැන කියවන්න පටන් ගද්දි සර් පන්තියට ආවා.. එයා ආවෙ චමිල පෙන්නපු දයාරත්න කියන නළුවත් එක්ක..[/FONT]

    “[FONT=&quot]අද ඔයාලට පාඩම කරන්නෙ දයාරත්න සර්.. එයා රංගනය ගැන, කටහඩ පාලනය ගැන මටත් වඩා හොදට දන්නවා..[/FONT]”

    [FONT=&quot]දයාරත්න සර් ගැන ලොකු වර්ණනාවක් දීපු අපේ සර් පිටිපස්සෙ තියෙන පුංචි කොරිඩෝවෙ පුටුවක් තියලා ඉදගත්තා..[/FONT]

    “[FONT=&quot]සමාධි තාම ආවෙ නෑනෙ බං..[/FONT]”

    [FONT=&quot]පාඩම පටන් අරන් පැයකට විතර පස්සෙ මං ප්ලූටොට කි්වවා..[/FONT]

    “[FONT=&quot]ඒකි රිසාල්ට් බලලා ඒක කියන්න ඔය කියපු නංගිලගෙ ගෙදර යන්න ඇති.. අනික සමාධි නෑ කියලා උඹට අවුලක් නෑනෙ.. මෙන්න මේ පාඩම අහගනිං..[/FONT]”

    [FONT=&quot]කිව්වත් වගේම රංගනය ගැන ඉගෙනගන්න ඕන අයට මාරසිංහ සර්ගෙ පාඩම් වලට වඩා දයාරත්න සර්ගෙ පාඩම් වටිනවා.. ළමයි සේරම වෙනදට වඩා උනන්දුවෙන් සර් දිහා බලාගෙන, මං නිකමට වගේ තව එක පාරක් පිටිපස්ස හැරිලා දොර දිහා බැලුවා.. මං දැක්කෙ මගේ ඇස් දෙකට අදහාගන්න බැරි දර්ශනයක්..[/FONT]

    [FONT=&quot]ඈත කොරිඩෝවෙ හිටපු මාරසිංහ සර් සමාධිව තුරුල් කරගෙන ඉන්නවා.. මට පුදුමයක්, තරහක්, කලකිරීමක් වගේ හැම දෙයක්ම හිතට දැනුණා.. මං දැක්ක සීන් එක වෙන කවුරුවත් දැක්කෙ නෑ.. හැමෝම හිටියෙ පාඩම අහගෙන..[/FONT]

    [FONT=&quot]පුංචි බෝනික්කෙක් වගේ අහිංසක විදියට හිටපු සමාධි මේ තරම් ජරා කෙල්ලෙක් කියලා මං හිතුවෙ නෑ.. මේකිට ලැජ්ජාව කියන එක ගෑවිලවත් නෑද්ද.. අනික තාත්තා කෙනෙක් වගේ ඉන්න සර් එක්ක ඔය විදියට ඉන්නෙ.. ඊටත් මේ තරම් ළමයි තොගයක් ඉන්න ප්‍රසිද්ධ ස්ථානයක..[/FONT]

    “[FONT=&quot]මොකද උඹ හීනෙන් බය වෙලා වගේ..?[/FONT]”

    [FONT=&quot]චමිල මගේ වැළමිටට අනිද්දිම තමයි මං පියවි සිහියට ආවෙ.. ඒත් මං දැකපු දේ කටක් ඇරලා කාටවත් කියන්න බෑ.. කිව්වත් කවුරුවත් විශ්වාස කරන එකක් නෑ..[/FONT]

    “[FONT=&quot]මචං මට ගෙදර යන්න ඕනෙ..[/FONT]”

    [FONT=&quot]මගේ කතාවට බඩා පුදුම උනා.. ඌ බලන්න ඇති මට වැහුණ යකා මොකාද කියලා..[/FONT]

    “[FONT=&quot]මට පේන්නෙ කෙල්ල ආවෙ නැති එකට උඹ අප්සට් ගහලා වගේ.. උඹ ඒකිට ලව්ද..?[/FONT]”

    [FONT=&quot]සර් ඉන්නව කියලා ගාණක්වත් නෑ වගේ චමිලයි, ප්ලූටොයි දෙන්නම මගේ දිහාට හැරුණා.. සමාධි ගැන මගේ හිතේ මොකක්දෝ නොතේරෙන ආදරයක් තිබුණා තමයි.. ඒත් මේදැන් ඇස් දෙකට දැකපු දේ නිසා ඒ දේ නැත්තටම නැතිවෙලා ගියා..[/FONT]

    “[FONT=&quot]හිරූ.. ඇත්තටම මොකද උනේ කියපං.. මං මේ සීරියස් අහන්නෙ..?[/FONT]”

    “[FONT=&quot]මට ඉඩ චුට්ටක් දෙනවද..?..[/FONT]”

    [FONT=&quot]ප්ලූටොගෙ ප්‍රශ්නෙට මං උත්තර දෙන්න කලින් සමාධි ඇවිත් බලෙන්ම වගේ මගේ පැත්තෙන් ඉදගත්තා.. මට නං ඒ මූණ දිහාවත් බලන්න හිතුනෙ නෑ.. ඒත් චමිලයා කෙල්ල එක්ක කතාවට බැස්සා..[/FONT]

    “[FONT=&quot]කොහොමද නංගිගෙ ප්‍රතිඵලේ..?[/FONT]”

    “[FONT=&quot]පාස්.. ඒ තුනයි..[/FONT]”

    [FONT=&quot]ඕනකමින් කන්දුන්නෙ නැතුවට කෙල්ලගෙ කටහඩ අමුතු වෙලා කියලා මට දැනුණා.. හරියට නිකං අඩලා වගේ.. මං ලාවට වගේ හැරිලා බැලුවා.. ඒ ඇස් රතුවෙලා.. සමහර විට මාරසිංහ සර් නරක යෝජනාවක් කලාද දන්නෙත් නෑ.. ඔය වගේ දේවල් මේ ක්ෂේත්‍රයෙ ඕනතරම් වෙනවනෙ.. ඒත් මං දන්න තරමින් සර් එහෙම නරක කෙනෙක් නෙමෙයි.. එයා අපිට උනවත් කතා කරන්නෙ පුතේ දුවේ කියලනේ..[/FONT]

    [FONT=&quot]එතකොට මං දැකපු දේ.. ඒක බොරුවක් වෙන්න බෑ.. චිත්‍රපට ටෙලිනාට්‍ය වගේ දේවල ප්‍රධාන චරිතෙ ගන්න ඕනවට නිෂ්පාදක, අධ්‍යක්ෂකවරු ළගට බලෙන්ම යන අය ගැනත් අපේ තාත්තා කියලා තියෙනවා.. සමාධිත් ඒ වගේ කෙනෙක්ද..?[/FONT]

    “[FONT=&quot]හිරූ.. එක්කො පාඩම අහපං.. නැත්තං ගෙදර පලයං.. දැන් උඹව සර්ට මීටර් වෙනවා..[/FONT]”

    “[FONT=&quot]ඔව් බං.. මේ වගේ තැනක ඉදගෙන ඉන්නවට වඩා ගෙදර යන එක සැපයි..[/FONT]”

    [FONT=&quot]මං සමාධිට වදින්නත් එක්ක හින්ට් එකක් ගැහුවා..[/FONT]

    “[FONT=&quot]මොකක්ද ඔය තුන්වෙනි පේළියෙ යන කසු කුසුව..? පාඩමට සම්බන්ධ ප්‍රශ්නයක්ද..?[/FONT]”

    [FONT=&quot]මෙච්චර වෙලා සර් පන්තියෙ හිටියා නේද කියලා මට මතක් උනේ ඒ වෙලාවෙ.. සර් තුන්වෙනි පේළියෙ කියලා ඇදින්නුවට කෙලින්ම බලන් හිටියෙ මගේ දිහා.. මං ඒ ඇස් මග ඇරලා බිම බලාගත්තා..[/FONT]

    “[FONT=&quot]මං තොට කිව්වා.. දැන් ඉතිං දීපංකො උත්තර..[/FONT]”

    [FONT=&quot]චමිලයා වෙලාවකට සර්ටත් හපන්.. උගෙන් බැනුම් අහගෙන මං හිටියෙ ඉන්ටර්වල් එක වෙනකල් විතරයි.. ළමයි කෑමට එළියට ගිය වෙලාවෙ මං සර්ලටවත් නොකියා පොත් ටිකත් අරන් එළියට ආවා.. ඒත් මං ආවෙ චමිලවයි, ප්ලූටොවයි පංතියෙ තියලා.. දයාරත්න සර් වගේ කෙනෙක්ගෙන් ඉගෙනගන්න දේවල් මට නැතත් උන් දෙන්නට වැදගත් වෙයිනෙ..[/FONT]

    [FONT=&quot]මං පන්තියෙන් ආවත් මගේ හිත හරි ගියේ නෑ.. අපේ තාත්තගෙ වැඩ වලට සම්බන්ධ නොවී මං මාරසිංහ සර් ළගට ගිහින් කලෙ මහ ගොන් කමක්.. ආපහු පංති යනවද නැද්ද කියලා මට දෙපාරක් හිතන්න ඕන උනා.. ඒ නිසාම මං සෙවනට ගියේ නැතුව කෙලින්ම ගියේ අපේ ගෙදර..[/FONT]

    “[FONT=&quot]අනේ.. බේබිව දැක්ක කල්.. නිතරම ඇවිත් යන්නං කියලා ගියාට මොකෝ පළාතකවත් නෑනෙ..[/FONT]”

    [FONT=&quot]මාව දැක්ක ගමන් යසෝ අක්කා බර බරේ දැම්මා.. ඒත් ඉතිං අම්මා වගේ ඉන්න මේ මනුස්සයට මොකක්වත් කියන්න මගෙ දිව නැමුණෙ නෑ..[/FONT]

    “[FONT=&quot]කෝ බේබිගෙ යාළුවො.. අර මහත බේබියි.. හදේ බේබියි..?[/FONT]”

    [FONT=&quot]කොච්චර අප්සට් මූඩ් හිටියත් යසෝ අක්කගෙ කතාවට මට හිනා ගියා.. එයා ප්ලූටොට තවත් ලේසි නමක් දාලා.. ප්ලූටො ග්‍රහලෝක ගැනම නැතත් ඌ නිතරම කතා කරන්නෙ පෘථීවියෙන් එපිට දේවල්නෙ.. ඉතිං ඒ නමත් මැච් වෙනවා..[/FONT]

    “[FONT=&quot]උන් දෙන්නා පන්ති ගිහින්.. මට යසෝ අක්කව බලලා යන්න හිතුනා.. ඒකයි ආවෙ..[/FONT]”

    [FONT=&quot]එහාගෙ හිත සුව පිණිස උත්තර දීලා මම කාමරේට රිංග ගත්තා.. මං ගෙදර නොහිටියත් යසෝ අක්කා කාමරේනං නියමෙට අස් කරලා තියෙනවා.. කිසිම ඇදක් කුදක් නෑ..[/FONT]

    [FONT=&quot]ඇගපත හෝදලා සැහැල්ලු ඇදුමකුත් දාගෙන මං කුස්සියට ආවා.. අම්මා මට කිරි කෝපි එකක් හදලා දුන්නා..[/FONT]

    “[FONT=&quot]ගොඩක් දවසකින් මං අම්මගෙ කිරි කෝපි එකක් බොන්නෙ.. බණ්ඩයියගෙ කෝපි එක නම් ඒ තරම් රස නෑ..[/FONT]”

    [FONT=&quot]අම්මට පොඩි බටර් පාරකුත් දාලා මං කෝපි එක අතට අරන් එක හුස්මට බීලා දැම්මා..[/FONT]

    “[FONT=&quot]කෝ අම්මා, තාත්තා..? ෂූටින්ද..?[/FONT]”

    “[FONT=&quot]නෑ පුතා.. මේ ටිකේම ගියේ නෑ.. ඔය ඉන්නෙ කාමරේට වෙලා..[/FONT]”

    [FONT=&quot]අපේ තාත්තා දවස් ගානක් කොහේටවත් නොගිහින් කාමරේට වෙලා ඉන්නවා කියලා මං ඔය ඇහුවමයි.. එක අතකට එයා ගෙදර ඉන්න එක හොදයි.. මට මාරසිංහ සර් ගැන විස්තර ටිකක් තාත්තගෙන් දැනගන්න පුළුවන්.. මං සද්ද නොකර තාත්තගෙ ඔෆිස් කාමරේට එබිලා බැලුවා.. එයා කැරකෙන උස පුටුවෙ වාඩිවෙලා ඔළුවත් හේත්තු කරගෙන ඉන්නවා.. සමහර විට නිදිද මං දා..[/FONT]

    “[FONT=&quot]තාත්තේ..[/FONT]”

    [FONT=&quot]මගේ කටහඩ ඇහුණ ගමන්ම එයාගෙ ඇස් ඇරුණා.. ඒ කියන්නෙ තාත්තා නිදි නෑ.. එහෙමනං මොකක් හරි වෙන ප්‍රශ්නයක් වෙන්න ඕන..[/FONT]

    “[FONT=&quot]පුතා කොයි වෙලාවෙද ආවෙ..?[/FONT]”

    “[FONT=&quot]දැන් ටිකකට කලින් තාත්තා..[/FONT]”

    “[FONT=&quot]ඇයි අද පංති ගියේ නැද්ද..? කෝ බණ්ඩාරලා..?[/FONT]”

    “[FONT=&quot]පංති තියෙනවා.. මං ගියේ නෑ.. බණ්ඩයියා එහේ ගෙරද..[/FONT]”

    “[FONT=&quot]හ්ම්..[/FONT]”

    [FONT=&quot]තාත්තා තව ප්‍රශ්න පත්තයක් විතර අහයි කියලා බලන් හිටියත් එයා වෙන මුකුත්ම ඇහුවෙ නැතුව ඔළුව වැනුවාඤ.. මේක නං ලෝක පුදුමයක්..[/FONT]

    “[FONT=&quot]සුදු පුතා.. මෙහෙන් ටිකක් ඉදගන්න.. මට ඔයා එකක් කතා කරන්න දෙයක් තියෙනවා..[/FONT]”

    [FONT=&quot]තාත්තගෙ ප්‍රශ්නෙ මොකක් උනත් ඒකට මං සම්බන්ධ නෑ කියලා මට ඉවෙන් වගේ දැනුණා.. අනික එහෙම උනා නං තාත්තා මට මේ තරම් ආදරෙන් කතා කරන්නෙත් නෑ.. ඒක නිසා මං පුරුධ ධෛර්යය අරගෙන තාත්තාගෙ ඉස්සරහ පුටුවෙන් ඉදගත්තා..[/FONT]

    “[FONT=&quot]කොහොමද පංතියෙ වැඩ කටයුතු..? මාරසිංහ හොදට උගන්නනවනෙ..?[/FONT]”

    “[FONT=&quot]ඔව් තාත්තා වරදක් නෑ..[/FONT]”

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]තාත්තා ඔළුව වටේ අත දාන්නෙ කොහෙ අල්ලන්නද දන්නෑ.. මාරසිංහ සර් ගැන කතාවක් මෙතනට අදාලා නෑ.. ඒත් ඉතිං කාරණේ තාත්තගෙ කටින්ම පිටවෙනකල් මං ඉවසා වදාරගෙන හිටියා..[/FONT]

    “[FONT=&quot]පුතාට මතකද මගේ ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය..? අර මං එදා ඔයාලගෙ ඩ්‍රාමා එක බලන්නත් එක්කගෙන ආවෙ..?[/FONT]”

    [FONT=&quot]ඔය කියන්නෙ නෙතුෂි ගැනනෙ.. මට එකපාරටම මතක් උනා කියලා අගවන්නෙ නැතුව ටිකක් කල්පනා කලා..[/FONT]

    “[FONT=&quot]අර සුදු පුංචි කෙල්ල..[/FONT]”

    [FONT=&quot]තාත්තා තවත් විශේෂණ එකතු කරනවා.. ඔච්චර කියන්න දෙයක් නෑ.. ඔය ආඩම්බරකාරිව මං නොදන්නවයෑ..[/FONT]

    “[FONT=&quot]ඔව් තාත්තා මට ලාවට වගේ මතකයි.. ඉතිං..?[/FONT]”

    “[FONT=&quot]ඒ ළමයව මං සෑහෙන අමාරුවෙන් හොයාගත්තෙ.. ස්ටේජ් ඩ්‍රාමා වල එහෙම ඉදලා හොද ටැලන්ට් එකක් තියෙන කෙල්ලෙක්.. අනික සිනමාවට අලුත් මූණක්නෙ..[/FONT]”

    [FONT=&quot]මෙයා හදන්නෙ මට නෙතුෂිව බන්දලා දෙන්නද දන්නෑ.. නැත්තං මොකටද මේ තරම් එයාගෙ ගුණ කියන්නෙ..?[/FONT]

    “[FONT=&quot]ඒත් පුතා.. මං කීයටවත් හිතුවෙ නෑ මෙහෙම දෙයක්..[/FONT]”

    “[FONT=&quot]ඇයි තාත්තා මොකක්ද වෙලා තියෙන්නෙ..?[/FONT]”

    “[FONT=&quot]ඒ ළමයගෙ චරිතෙ මං හිතපු තරම් හොද නෑ..[/FONT]”

    [FONT=&quot]මට ඒ කතාව අදහාගන්න බැරිවුණා.. අද නං පුදුම දවසක්.. උදේ සමාධි මාරසිංහ සර්ට තුරුළු වෙලා ඉන්නවා දැක්කා.. දැන් තාත්තා නෙතුෂි ගැනත් ඒ වගේම දෙයක් කියන්න හදනවා..[/FONT]

    “[FONT=&quot]එයාගෙ නරක පිංතූර වගයක් ඉන්ටර්නෙට් එකේ දාලා කියලා මට ඊයෙ පෙරේදායි කෝල්ස් ආවා.. මමත් ටිකක් විපරම් කරලා බැලුවා.. කතාව ඇත්ත..[/FONT]”

    “[FONT=&quot]ඒත් තාත්තා ඒ ෆොටෝ ඇත්තට හදපුවද, බොවට හදපුවද කියලා හොයලා බැලුවෙ නැද්ද..? මේ කාලෙ මඩ ගහන්නත් ෆොටෝ ෂොප් වලින් ඔය වගේ ඒවා හදනවා..[/FONT]”

    “[FONT=&quot]ඔයා දන්නවනේ පුතා මං එහෙම ආවට ගියාට තීරණ ගන්නෑ කියලා.. මං මේ ටිකේම කලේ එයා ගැන හොයන එකම තමයි..[/FONT]”

    [FONT=&quot]එදා ලුම්බිණියෙදි මං දිහා බලලා ආඩම්බර විදියට ගස්සලා ගිය කෙල්ලගෙ මූණ මට ආපහු මතකෙට ආවා.. එයා ඒ වගේ දෙයක් කලා කියලා හිතන්නවත් අමාරුයි.. ඒ ලස්සන මූණට තිබුණ ලෝභකමට මං එයාව නිර්දෝශි කරලා හිත හදාගන්න හැදුවට තාත්තා හැමදේම නූලට හොයාගෙනද කොහෙද..[/FONT]

    “[FONT=&quot]ඒ ළමයගෙ සාමාන්‍ය ඇදුම් පැලදුම් උනත් හරිම අසංවරයි කියලා තමයි දන්න අය කියන්නෙ.. ඒත් මට ඒ දේවල් වැදගත් උනේ නෑ.. මට ඕන උනේ එයාගෙ ඇතුළෙ සැගවිලා හිටපු නිළියව ඉස්මතු කරගන්න..[/FONT]”

    “[FONT=&quot]හරි තාත්තෙ.. දැන් ඒ කතාව වැඩක් නෑනෙ.. ඒ දේවල් වෙලා ඉවරයි.. ඔය ඉන්ටර්නෙට් සීන් එකට අමතරව එයාගෙ වෙන මොනවද තියෙන ප්‍රශ්න..[/FONT]”

    “[FONT=&quot]එයා නළුවො කීපදෙනෙක් එක්කත් සම්බන්ධකං පවත්වනවා කියලා අපේ ආර්ට් ඩිරෙක්ටර්ට ආරංචියිලු.. ඒත් මං නං ඒවා විශ්වාස කරන්නෙ නෑ පුතා..[/FONT]”

    [FONT=&quot]නෙතුෂි ඒ වගේ කෙල්ලෙක්නං සමාධි මාරසිංහ සර් එක්ක සෙට් උනා වගේ එයා අපේ තාත්තා එක්ක සෙට් වෙන්න හැදුවෙ නැද්ද දන්නෑ..[/FONT]

    “[FONT=&quot]මෙයාව තව දුරටත් අපි ළග තියාගන්නවද කියලා මට ආපහු හිතන්න වෙලා.. ඒ නිසා මං ෆිල්ම් එකේ වැඩ ටිකකට කල් දැම්මා..[/FONT]”

    “[FONT=&quot]මේ ෆිල්ඩ් එකේ හොද අය වගේම නරක අයත් කාලෙන් කාලෙට බිහි වෙනවා කියලා තාත්තමනේ දවසක් මට කිව්වෙ..[/FONT]”

    “[FONT=&quot]ඔව් පුතා ඒක ඇත්ත.. ඒ විදියෙ නරක අය ඉන්නෙ කීපදෙනයි.. ඒත් සමාජය වෙලාවකට අපි දිහා බලන්නෙත් අර වපර ඇහෙන්..[/FONT]”

    [FONT=&quot]තාත්තා වපර ඇහැ ගැන මතක් කරද්දි මට නයෝමිව මතක් උනා.. එයානං හැමෝම දිහා බලන්නෙ වපර ඇහෙන්.. මොකද ඉතිං එයාගෙ ඇහැ කොහොමත් වපරනේ..[/FONT]

    “[FONT=&quot]තාත්තා මාරසිංහ අන්කල් එහෙම කොයි විදියෙ කෙනෙක්ද..?[/FONT]”

    [FONT=&quot]අද දැක්ක සීන් එකෙන් මට එයාට සර් කියලා කියන්නත් හිතුනෙ නෑ.. ඒකයි මං ඉස්සර පුරුද්දට අන්කල් කිව්වෙ..[/FONT]

    “[FONT=&quot]මාරසිංහ ඉතිං ඉස්සර ඉදලා මගේ හිතවතා.. එයා උනත් ඔය විදියෙ වැඩ වලට කවදාවත් අනුබල දෙන්නෑ.. හරි ජෙනුයින් මනුස්සයා..[/FONT]”

    [FONT=&quot]මාරසිංහගෙ ජෙනුයින්කම ගැන මං නොදන්නවයෑ.. තාත්තගෙ කෙස්ස පැහුනෙ පීනසේටද මංදා..[/FONT]

    “[FONT=&quot]ඇයි පුතා කවදාවත් නැතුව ඔය වගේ කතාවක් ඇහුවේ.. ඔයාට මාරසිංහ සර් ගැන මොනව හරි කිව්වද..?[/FONT]”

    “[FONT=&quot]ඔව් තාත්තා.. ඒ වගේ දෙයක් තමයි..[/FONT]”

    [FONT=&quot]මෙච්ච දේ මොකක්ද කියලා කෙලින්ම නොකියා මං වහෙං ඔරෝ පාරක් දාලා බැලුවා..[/FONT]

    “[FONT=&quot]ඇහෙන් දැකලා කණෙන් අහනකල් දෙයක් විශ්වාස කරන්නෙපා පුතා.. මාරෙව මං රෙකමන්ඩ් කරනවා..[/FONT]”

    [FONT=&quot]ඉතිං දෙයියනේ.. මමත් ඇහෙන් දැක්කා නේන්නං.. මොකෝ මගේ ඇහේ හොටුද..?[/FONT]

    “[FONT=&quot]ඒත්.. මට ආපහු පංති යන්න හිතෙන්නෑ තාත්තා.. මං අදත් වේලසන ආවෙ ඒකයි..[/FONT]”

    [FONT=&quot]බොරු කියලා පංති කට් කරනවට වඩා ඇත්තම කියන එක ශරීර සෞඛ්‍යයට හොදයි කියලා කවුද කියලා තියෙනවනේ.. ඒ නිසා මං තාත්තට ඇත්තම කිව්වා..[/FONT]

    “[FONT=&quot]මං ඔයාට දෙයක් හරියට ඉගෙනගන්න කිව්වා මිසක් පංති යන්න කියලා බල කලේ නෑනෙ.. ඔයාමයි ඒ තීරණේ ගත්තෙ.. තව මාස දෙකක් විතරනේ තියෙන්නෙ.. ඒ නිසා මං කැමතියි ඔයා ඔය පාඨමාලාව සම්පූර්ණ කරනවනං..[/FONT]”

    [FONT=&quot]ඔව් ඉතිං.. තාත්තට වැඩ පෙන්නන්න හිතාගෙන ගියා තමයි.. කවුද හිතුවෙ මෙහෙම දෙයක්..[/FONT]

    “[FONT=&quot]මං තව ටිකක් හිතලා බලන්නම් තාත්තා..[/FONT]”

    [FONT=&quot]කතාව එතනින් ඉවර කරලා මං පුටුවෙන් නැගිට්ටා.. ඒත් තාත්තා නං තාම කල්පනා කරලා ඉවර නැද්ද කොහෙද.. එයා ආපහු පුටුවෙ දිගාවෙනවා මං දැක්කා..[/FONT]


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Ela ela machan, thawa tikak daapan hetath balanna :D

    ela machan :)


    [FONT=&quot]එල මචන්
    ඉතුරු ටිකත් දාපන්
    [/FONT]

    බොහොම ස්තුතියි මචංලා.. ඉක්මනින් ඉතුරු ටිකත් දාන්නම්.. හෙට වෙනකොට බොහෝ දුරට ඉවරවෙයි.. :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-1.jpg


    11.png


    ස[FONT=&quot]මාධිගෙයි, මාරසිංහ සර්ගෙයි සිද්ධියෙන් පස්සෙ මං දවස් ගාණක්ම පංති ගියේ නෑ.. දවස් දෙක තුනක් ගෙදරට වෙලා හිටියත් බඩාගෙයි, ප්ලූටොගෙයි වදෙන් බේරෙන්න බැරිම තැන මං සෙවනට ගියා.. පුංචි කැලයකින් වටවුන මැටි මාලිගාවක් ඇතුලෙ තනිවෙලා ඉද්දි හිතට දැනුනෙ පුදුම නිස්කලංක ගතියක්..[/FONT]

    “[FONT=&quot]උඹ දැන් අදත් පංති යන්න එනනෙ නැද්ද..? මොනවද බං.. දඩයක්කාරයගෙ බෙල්ට් එක වගේ ඒකටම ඇලි ඇලී ඉදලා මෙහෙම කරන එක හරිද..?[/FONT]”

    [FONT=&quot]ප්ලූටො පංති යන්න ලෑස්ති වෙලා එළියට බහින්න හදද්දි පුරුදු අදෝනාව දැම්මා.. ඌ කියපු දඩයක්කාරයගෙ බෙල්ට් කතාවට මට හිනා.. මිනිහා කියන දඩයක්කාරයා අහසෙ තියෙන තරු රටාවක්.. ඒකෙ ඉන හරියෙ එක පෙළට තරු තුනක් තියෙනවා.. අපි තුන්දෙනත් ඒ වගේ කියලා තමයි ඌ නොකියා කිව්වෙ.. මේවා දන්න මිනිස්සු හිතයි ප්ලූටොට මෝල් කියලා..[/FONT]

    “[FONT=&quot]එහෙනං ඈවරයි.. දෑවරයි.. බඩ සුද්දයි.. නිවාරණයි.. අපි ගියා.. [/FONT]

    [FONT=&quot]චමිලයත් පහුගිය ටිකේ මට බැනලම කට රිදිලද කොහෙද ටටා පාරක් දාලා යන්න ගියා.. ඩබලම ගියාට පස්සෙ මං බණ්ඩයියා එක්ක කතාවට වැටුණා..[/FONT]”

    “[FONT=&quot]බණ්ඩයියා.. දැන් අපේ තාත්තගෙ ෆිල්ම් එකේ වැඩ එහෙම කොහොමද..?[/FONT]”

    [FONT=&quot]නෙතුෂි ගැන තාත්තා කියපු කතාව ඇත්තද බලන්න මං පොඩි ට්‍රයි එකක් දීලා බැලුවා.. ඒත් හරියයිද කියන්න බෑ.. බලමුකෝ..[/FONT]

    “[FONT=&quot]ඉස්සර එහෙ ඉද්දිනං ලොකු මහත්තයගෙ හැම වැඩකටම මාත් ගියා තමයි බේබි.. ඒත් මෙහෙ ආවයින් පස්සෙ හුග දොහකින් යන්න බැරි උනානෙ.. බේබිත් ඒ ගැන දන්නව නෙව..[/FONT]”

    “[FONT=&quot]දන්නවා.. දන්නවා.. ඒත් ඉතිං දවසක් දෙකක් ගියානෙ.. කොහොමද ඒකෙ අලුත් නළු නිලියො දෙන්නා..?[/FONT]”

    “[FONT=&quot]ආ.. අර පොඩි මහත්තයා නං පංකාදුයි.. ඒත් ඉතිං බේබි තරම් ලස්සන නෑ.. බේබි රගපෑවා නං ඔයිට වඩා ලස්සනට කරයි.. මට තාමත් මතකයි අර ඇඩිල්ල..[/FONT]”

    [FONT=&quot]යන්නෙ කොහෙද ඇහුවම මල්ලෙ පොල් වගේ උත්තරයක් තමයි බණ්ඩයියා දුන්නෙ.. එයා තාමත් මගේ ඇඩිල්ලක් ගැන කියනවා.. ඕක මං පුංචි කාලෙ ෆිල්ම් එකකට ඉද්දි වෙච්ච සිද්ධියක්..[/FONT]

    [FONT=&quot]ඒකෙ තිබුණෙ මමයි මගේ තාත්තට රගපාන නළුවයි විතරක් ගෙදර ඉන්නකොට කට්ටියක් ඇවිල්ලා මගේ තාත්තට ඉන්න නළුවට ගහන සීන් එකක්.. මට තිබුණෙ ඒ දිහා බලාගෙන හයියෙන් අඩන්න.. ඒත් ඉතිං කට්ටිය ගැහුවෙ මගේ ඇත්ත තාත්තට නෙමෙයිනෙ.. කොහෙවත් යන මිනිහෙක්ට ගැහුවට මට මොකෝ කියලා මමත් හිනාවෙවී බලන් හිටියා.. කවුරු මොන විදියට කිව්වත් මං ඇඩුවෙ නෑ..[/FONT]

    [FONT=&quot]අන්තිමට මාව අඩවන්න තාත්තා බණ්ඩයියව තකහනියක් ගෙදර යවලා මගේ රේසින් කාර් එක ගෙන්නෙව්වා.. තාත්තා මට පේන්නම මගේ රේසින් කාර් එක වෙන පොඩි ළමයෙක්ට දුන්නා විතරයි මං ඇඩුවෙ බිම පෙරළි පෙරළි.. තාත්තට ගහද්දි නෙමෙයි තාත්තෙක් මැරුණමවත් ළමයෙක් ඒ තරම් අඩන්නෙ නැතුව ඇති.. අන්තිමට මගේ ඇඩිල්ල නැවතුනේ තාත්තා කට් කියලත් පැය එකහමාරකට පස්සෙ විතර..[/FONT]

    “[FONT=&quot]මොකෝ බේබි තනියෙම හිනාවෙන්නෙ..?[/FONT]”

    “[FONT=&quot]මටත් බණ්ඩයියා කියපු ඒ ඇඩිල්ල මතක් උනා..[/FONT]”

    “[FONT=&quot]නලවගන්න බැරිකමට අර ළමයගෙන් ආපහු කාර් එක අරන් දුන්නා විතරයි බේබිගෙ ඇඩිල්ල නැවතුනා.. ඒ දරුවා අඩන්න ගත්තා..[/FONT]”

    [FONT=&quot]මතක් කරනවා නං ඔය වගේ සීන් කොච්චර තියෙනවද.. ඒත් මං ආවෙ මෙයා එක්ක අතීතාවර්ජනයක යෙදෙන්න නෙමෙයිනෙ.. නෙතුෂි ගැන කතා කරන්න..[/FONT]

    “[FONT=&quot]ඒක නෙමෙයි බණ්ඩයියෙ.. ඔය තාත්තා ෆිල්ම් එකේ අළුත් නිළිය කොහොමද..? අර උරහිස් එළියෙ දාගෙන ගවුමක් ඇදන් හිටියෙ..[/FONT]”

    “[FONT=&quot]ඔය අහන්නෙ අර සක්කරවට්ටම ගැන නේද..? මූණ කට හැඩට තියෙද්දි මමත් හිතුවා කාගෙ හරි සීදේවි දරුවෙක් කියලා.. හපෝ.. ගන්න දෙයක් නෑ.. කිසිම විලිසංගයක් නෑ..[/FONT]”

    “[FONT=&quot]ඒ මොකෝ බණ්ඩයියෙ..?[/FONT]”

    “[FONT=&quot]මොකෝ අහන්නෙ.. උරහිස් විතරක් නෙමෙයි හැමදාම කොහෙ හරි එළියෙ දාගෙන ඉන්නෙ.. ඒකට මොකෝ රැස්පොට් එක බලන්න එපැයි..[/FONT]”

    [FONT=&quot]ගෙදර ඉන්න යසෝ අක්කගෙවත් රැස්පොට් බලන්නෙ නැති බණ්ඩයියට කොහෙවත් ඉන්න කෙල්ලෙක්ගෙ රැස්පොට් බලන්න වෙලාද කොහෙද.. පව් අප්පා අසරණ මනුස්සයා..[/FONT]

    “[FONT=&quot]ඒ ළමයා නරක විදියට හැසිරෙන කෙනෙක්ද..?[/FONT]”

    “[FONT=&quot]සමහරුනං එයා ගැන එක එක දේවල් කතා උනාට මං වැඩිය කනකට ගත්තෙ නෑ.. ඒක නෙමෙයි.. බේබිට මොකටද ඒ දැරිවිගෙ හැසිරීම..?[/FONT]”

    [FONT=&quot]ඔනන් බණ්ඩයියටත් වැඩේ මීටර් වේගෙන එන්නෙ.. ඊට කලින් ෂේප්මන්ට් එකක් දාගන්න ඕන..[/FONT]

    “[FONT=&quot]නෑ.. මේ අපේ බඩාට දැන ගන්න ඕන වෙලා තියෙනවා.. ඒකයි ඇහුවෙ.. ඒත් එයා ඔය විදියනං වැඩක් වෙන්නෙ නෑ..[/FONT]”

    [FONT=&quot]මං අහස පොළව උහුල්නෙ නැති මසාවාදයක් දෙසා බාලා කාමරේට රිංගගත්තා..[/FONT]

    [FONT=&quot]දවසක් හවස ප්ලූටොයි බඩයි පංති ඇරිලා එන වෙලාව කිට්ටු වෙද්දි මං මිදුලට ඇවිත් ලී කොටයක් උඩ ඉදගෙන පාර දිහා බලාගෙන හිටියා.. ළග ඉද්දි මළ වදේ උනාට උන් දෙන්නා නැතුවමත් පාළුයි.. දැන් ගෙදර ආවා උනත් බඩා අනික් අතට ඇදුම් මාරු කරගෙන වාෂ්ප වෙයි.. ඌ දැන් සතියක දෙකක ඉදලම තනියම ටවුමෙ ජිම් එකට ගාටනවා.. රෑට කන්නෙත් වෙනදා කාපු එකෙන් බාගයයි.. කලින් පාන් රාත්තල දෙකට කපලා පෙති දෙකක් කාපු එක් දැන් කන්නෙ එක පෙත්තයි..[/FONT]

    [FONT=&quot]උගේ මේ සැබෑ වෙනසත් එක්ක පහුගිය ටිකේ රෑට ගෙනාපු පාන් ඉතුරු උනා.. දවස් දෙක තුනක් මේ විදියට ඉතුරු උන පාන් උදේට කුරුල්ලන්ට දාන්න කියලා බණ්ඩයියා කුස්සියෙ අරන් තියලා.. ඒත් වැඩේ කියන්නෙ ඒ පාන් උදේට අතුරුදහන්.. ඒ ගැන හොයද්දි නං බඩා කිව්වෙ රෑ මීයො කන්න ඇති කියලයි.. අපේ ගෙදර මීයො බෑග් එකේ ගැටේ ලිහලා ගානට පාන් පෙත්ත විතරක් කාලා නේද කියලා මං ප්ලූටොගෙන් අහද්දි බඩා නළලෙ අත ගහගන්නවා මං දැක්කා.. මීයා මොකාද කියලා ඒකෙන්ම තේරෙනවනේ..[/FONT]

    “[FONT=&quot]බේබි.. අන්න අර පෙරහැර බලන්න ගිය දරුවො දෙන්නත් මෙහෙ එනවා..[/FONT]”

    [FONT=&quot]කල්පනා ලෝකෙ හිර වෙලා හිටපු මාව බණ්ඩයියගෙ කතාවෙන් උඩ ගියා.. කිව්වත් වගේම චමිලලා එක්ක මතීෂයි, තාරුයි දෙන්නත් එනවා.. දැන් මොකද කරන්නෙ.. හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එළිපිට කියනවනෙ.. ඉතින් නටලම බලමුකො..[/FONT]

    “[FONT=&quot]මචං අද නං මගඇරගන්න විදියක් තිබුණෙම නෑ. උඹව බලන්න ඕනෙ කියලා බලෙන්ම ආවා..[/FONT]”

    [FONT=&quot]සෙවනෙ වටපිටාව දැකලා තාරුලා උතුර දකුණ මාරු වෙලා කැරකෙද්දි ප්ලූටො හෙමීට මගේ කණට කෙදිරුවා..[/FONT]

    “[FONT=&quot]හිරූ.. මේක තව්තිසාව වගේනෙ.. මාවලස්..[/FONT]”

    [FONT=&quot]මතීෂ විනාඩි දහයක් විතර බෙල්ලෙ පොට යනකල්ම හතර වටේ කැරකිලා කිව්වෙ මරු කතාවක්.. ඌ හරියට තව්තිසාවෙ ගිහින් තියෙනව වගේ..[/FONT]

    “[FONT=&quot]මචං ඇත්ත කියපං.. මේ උඹලගෙ ගේ නෙමෙයි නෙ.. උඹලා මොනවද මෙහෙ කරන්නෙ..?[/FONT]”

    [FONT=&quot]තාරුක හරියට ෂර්ලොක් හෝම්ස් වගේ අපේ කටින්ම බොරුව අල්ලගන්න හදන්නෙ.. ඒවා කොහෙද.. ඌට වඩා මං ගල් ටික්කෙක්.. ඌ පරීක්ෂණ.. නිරීක්ෂණ.. නිගමන වලට එළඹිලා ඇත්ත හොයාගත්තදෙන්.. ඒ වෙනකල් මං එක වචනයක්වත් කියන්නෑ.. ඒත් මට දැනුයි මතක් උනේ.. අපේ මෝඩ බඩා දැනටමත් කතාව බාගයක්වත් කියලද දන්නෑ..[/FONT]

    “[FONT=&quot]මුන්ගෙ තාත්තා හෙන නීතිකාරයා.. ඒ නිසා අපි මෙහෙ බෝඩ් වෙන්න පර්මිෂන් ගත්තා..[/FONT]”

    [FONT=&quot]ප්ලූටො වැඩේ ෂේප් කරයිද වන කරයිද මංදා..[/FONT]

    “[FONT=&quot]උඹට සනීප නෑ කියලා මේ දේනනා කිව්වා.. ඒක බොරුවක් නේද..?[/FONT]”

    “[FONT=&quot]ඒක බොරුවක් නෙමෙයි මතී.. මට ඇත්තටම මේ ටිකේ ටිකක් අසනීපයි.. ඒත්.. මං ආපහු පංති නොඑන්න තීරණේ කලා.. ඒකට හේතුව අසනීපෙ නෙමෙයි..[/FONT]”

    [FONT=&quot]මතීෂයි, තාරුයි වගේම අපේ ඩබලත් කතා නැතුව මගේ වටේට ඉදගත්තා.. මං පංති නොයන හේතුව උන්ටත් දැනගන්න ඕන ඇති.. ඒත් මං කොහොමද ඒක කටක් ඇරලා කියන්නෙ..[/FONT]

    “[FONT=&quot]සර් මේ ටිකේම උඹව ඇහුවා. උඹ නැති එකට එයා අප්සට්.. ඒ විතරක් නෙමෙයි තව දෙන්නෙක් උඹව ආදරෙන් මතක් කලා..[/FONT]”

    “[FONT=&quot]ඒ කවුද..?[/FONT]”

    “[FONT=&quot]සමාධියි, නයෝමියි.. උන් දෙන්නත් උඹට බොක්කෙන්ම ලව් වගේ..[/FONT]”

    [FONT=&quot]මුගේ කට කොටියම කන්න එපැයි මේ කියන නොසන්ඩාල කතා වලට.. කෙල්ලො දෙන්නෙක්ම මට ලව් ලු.. සමාධිගෙ ලව් එක ගැන නම් මොනවට කියනවද.. එයා මට විතරයෑ සර්ටත් ලව්නෙ..[/FONT]

    “[FONT=&quot]බේබිලා ගෙට ඇවිත් තේ කහට ඩිංගක් බොන ගමන් කතා කරන්න..[/FONT]”

    [FONT=&quot]බණ්ඩයියා කතා කරන සැනින් චමිලයා නැගිටලත් ඉවරයි.. ඌට මොනවා ඇහුනෙ නැතත් කන බොන කතා හොදට ඇහෙනවා..[/FONT]

    “[FONT=&quot]මේක මාර පොට් එකක්නෙ.. හරියට නයෙක්ගෙ හුඹහකට රිංගුවා වගේ..[/FONT]”

    “[FONT=&quot]අර කොහෙදෝ මන්දා තියෙනවා මේ වගේ හදපු තියටර් එකකුත්.. මං දවසක් ඒකට ගියා වගේ මතකයි..[/FONT]”

    [FONT=&quot]මතීෂලව කරකවලා අතඇරියා වගේ.. මට මතක් උනේ ප්ලූටොයි, බඩයි මුලින්ම මෙහෙ ආපු දවස.. උන් දෙන්නත් මේ විදියටම උණ විකාරෙන් කියෙව්වනේ..[/FONT]

    “[FONT=&quot]උඹල මෙහෙ බෝඩ් වෙලා නේද ඉන්නවා කිව්වෙ.. රෙන්ට් එක කීයද..?[/FONT]”

    “[FONT=&quot]මාසෙට දහ දාහයි..[/FONT]”

    [FONT=&quot]මටත් කලින් චමිලයා පැනලා දුන්නා..[/FONT]

    “[FONT=&quot]මෙතන ඊටත් වඩා වටිනවා බං.. කාමරම කීයක්ද බලපංකො.. අපි පස්දෙනා දෙදාහ ගානෙ ෂෙයා කරමු.. අපිත් එනවා මාසයක් විතර උඹලා එක්ක ඉන්න..[/FONT]”

    [FONT=&quot]මේවා තමයි දිට්ඨධම්ම වේදනීය කම්ම කියන්නෙ.. ඇස් පනාපිට පව් පල දෙනවා... තාත්තා හැම තිස්සෙම කියන්නෙ සෙවන පූජාසනයක් වගේ තැනක්.. පරිස්සමින් පාවිච්චි කරන්න කියලා.. මුන්ට කොහොමද ඒවා කියන්නෙ..[/FONT]

    “[FONT=&quot]මෙහෙ කට්ටිය වැඩි වෙනවට අයිතිකාරයො කැමති නෑ.. අපිත් මේක ගත්තෙ බොහොම අමාරුවෙන්..[/FONT]”

    [FONT=&quot]මං මතීලට කිව්වෙ බොරුවක් නෙමෙයි.. ඒත් බඩල රිවස් එකට යන පාටක් නෑ..[/FONT]

    “[FONT=&quot]කාමරත් ගොඩක් තියෙන එකේ අපි දවසකට දෙකකටවත් එන්නං.. අයිතිකාරයො දැනගන්නෙ නෑනෙ එතකොට..[/FONT]”

    [FONT=&quot]මාව බලන්න කියලා චමිලලා එක්ක ආපු ඩබල මං දිහා හැරිලවත් බලන්නෙ නැතුව ගේ දිහා බලලා යන්න ගියා.. ඒ ගිය විදියෙන්ම කියන්න පුළුවන් අද හෙටම උන් දෙන්නා ඇදුම් පොට්ටනියත් උස්සගෙන ආපහු එන විත්තිය..[/FONT]

    “[FONT=&quot]උඹලා දෙන්නා මොකක් හරි ප්ලෑන් එකක් කල්පනා කරපං.. මං ගිහින් බඩ බස්සගෙන එන්නං..[/FONT]”

    [FONT=&quot]මතීලා ගිහින් පැය කාලක් යන්න කලින් චමිලයත් කැපුනා.. ඌ මතීලව එක්කගෙන ඇවිත් වැඩේ වන කරලා දැන් යනවා අපිට ප්ලෑන් කල්පනා කරන්න කියලා.. අනේ මෙහෙමත් යාළුවො..[/FONT]

    “[FONT=&quot]මතීයි, තාරුයි මොනව උනත් හොද කොල්ලො දෙන්නා.. තවත් බොරු නොකර ඔන්න ඔහේ ඇත්ත කියලා දාපං..[/FONT]”

    [FONT=&quot]ප්ලූටො එක්ක පැයකට වඩා කතා කරලත් ඌ අන්තිමට දුන්නෙ ඔය උත්තරේ.. ඇත්ත කියන්න ඔය තරම් ආසාවක් තියෙනවානං මං පංති ගිය මුල්ම දවසෙ ඇත්ත කියනවනෙ.. මෙච්චර තටමන්න ඕනයෑ..[/FONT]

    “[FONT=&quot]දැන් මුකුත් කියන්න ඕන නෑ.. මං කොහොමත් ආපහු පංති එන්නෙ නෑනෙ..[/FONT]”

    “[FONT=&quot]ඔන්න.. ඔන්න.. ආපහු පටන් ගත්තා.. තව සති කීයද බං.. මේ කෝස් එක ඉවර කරන්න තියෙන්නෙ.. ඒකවත් කවර් කරපං..[/FONT]”

    “[FONT=&quot]ඒ ගැන හිතන්න දෙයක් නෑ.. මං මගෙ තීරණේ වෙනස් කලා.. මං අපේ තාත්තගෙ ෆිල්ම් එකකින්ම ආපහු ෆීල්ඩ් එකට එනවා.. ඒක නම්බුයි..[/FONT]”

    “[FONT=&quot]ඇයි උඹ කටුස්සෙක් වගේ පාට මාරු කරන්නෙ..? මාරසිංහ සර්ගෙ ෆිල්ම් එකකින් ආවොත් උඹට නම්බු නැද්ද..?[/FONT]”

    [FONT=&quot]ප්ලූටො අති දක්ෂ ලෙස කණා මුට්ටිය බින්දා.. මාරසිංහ සර්ගෙ ෆිල්ම් එකක රගපාලා මගේ නම්බුවත් නැති කරගන්න මට ඕන නෑ..[/FONT]

    “[FONT=&quot]උඹත් වෙලාවට අහස වගේ.. හැම දේම හිතේ හංගගෙන හදිස්සි තීරණ ගන්නවා.. ඕන මගුලක් කරගනිං..[/FONT]”

    [FONT=&quot]ඌ ඕන මගුලක් කරගනිං කියලා දමල ගහලා ගියාට මං කොහෙමද ඒක කරන්නෙ.. දැක්ක ගමන් හිත ගියේ කෙල්ලො දෙන්නටයි.. එක්කෙනෙක් සමාධි.. ඒකි මට වඩා වැඩිමල් කිව්වා.. දෙවනි කෙල්ල නෙතුෂි.. එයා තනිකරම බ්ලූ ෆිල්ම් එකක් වෙලා.. මුලදි නරකයි කියලා හිතං හිටපු නයෝමි විතරයි වැදගත් කෙල්ලෙකුට ඉන්නෙ.. ඒත් ඉතිං එයත් බොම්බෙ ලුකින් කල්කටානෙ.. මේ අසරණ හිරූෂයගෙ නළලෙ මල්සරා මුකුත්ම කොටලා නැද්ද කොහෙද.. [/FONT]


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-1.jpg


    12.png


    “[FONT=&quot]ඔන්න හිරූ උඹගෙ හැංගිමුත්තම ඉවර වෙන්නයි යන්නෙ.. දැන් උඹට ඇත්ත කියන්න කාලෙ ඇවිත්..[/FONT]”

    [FONT=&quot]දවසක් චමිල පංති ඇරිලා ගෙට ගොඩ උනේම මේක කියාගෙන.. මොකක්ද දන්නෑ වෙලා තියෙන්නෙ..[/FONT]

    “[FONT=&quot]අපිට හෙට අනිද්දා දිහාට පංති ඇරිලා සර් එක්කම ගෙදර එන්න පුළුවන්..[/FONT]”

    [FONT=&quot]ඒ පාර ප්ලූටොත් මාව කරකවනවා.. මුන් දෙන්නා කියන කිසි දෙයක් මට නං තේරෙන්නෙ නෑ..[/FONT]

    “[FONT=&quot]කියන දෙයක් තේරෙන්න කියපං බං..[/FONT]”

    “[FONT=&quot]මේකයි සිද්ධිය.. සර් අද කියලා දුන්නා ෆිල්ම් ව ලොකේෂන් තෝර ගන්න විදිය.. නළු නිළියන්ට ලොජ් වෙන්න තැන් හොයන විදිය..[/FONT]”

    [FONT=&quot]ඊට පස්සෙ මෙන්න කියපි බස්නාහිර පළාතටම තියෙන හොදම ලොජ් එක ගැන.. ඒක චිත්‍රපට අධ්‍යක්ෂක හේමාල් දුනුවිලගෙ නිර්මාණයක්ලු.. නළු නිලියො විසි පහකට උනත් ඉන්න පුළුවන්ලු.. වටපිටාව වගේම ලොජ් එකත් ලස්සනයිලු.. කියන ඕනම කරන දේ නොකියා ප්ලූටොයි බඩයි වැල් වටාරම් කියවනවා.. මට තද උනා..[/FONT]

    “[FONT=&quot]ඔය ඇති.. ඉස්සර වෙලා කියපං සර් මෙහෙ එනවා කිව්වද කියලා..[/FONT]”

    “[FONT=&quot]එනවා කිව්වදත් අහනවා.. හෙට හරි අනිද්දා හරි පංතියෙම ළමයි ටිකත් කැන්දගෙන එයි.. හැංගෙන්න බිත්තර කට්ටක්වත් හොයලා තියාගනිල්ලා..[/FONT]”

    [FONT=&quot]දැන් ඉතිං ගම කනවා.. මේ වැඩෙන් අපි සර්ට නැතත් මතීෂටයි, තාරුකටයි අහුවෙනවා.. වැඩේ වන වෙන්න කලින් මෙනාවා හරි කරන්න වෙනවා..[/FONT]

    “[FONT=&quot]සර් එන්නෙ හෙටද අනිද්ද කියලා ෂුවර් එකටම කියන්න පුළුවන්ද..?[/FONT]”

    “[FONT=&quot]උඹත් අහන්නෙ මාර කතා තමයි.. එහෙම අහන්න ගියොත් සර් නිකම්ම සැක හිතයි..[/FONT]”

    [FONT=&quot]හරි.. මං තාත්තට කියලම මේක විසදගන්නම්කො.. තාත්තට සීන් එක කියලා මේ දවස් දෙක තුන ගෙදර ගිහින් නවතිනවා.. එතකොට ඉවරනෙ.. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මතීෂලා මෙහෙට ඇවිත් ගිය එක..[/FONT]

    “[FONT=&quot]චමී මගේ ෆෝන් එක අරන් දියන්.. අපි මේ ටික අදම විසදගමු..[/FONT]”

    [FONT=&quot]මේ ප්‍රශ්නෙ විසදගන්න වෙන විදියක් නෑ.. ඒ නිසා මං මුලින්ම තාත්තට කතා කරලා මේ ටිකේ එහේ නවතින්න පර්මිෂන් ගත්තා.. දැන් තියෙන්නෙ අනිත් ප්‍රශ්නෙ..[/FONT]

    “[FONT=&quot]උඹලා දෙන්නා කැමතිද මං පංති නොඑන්න තීරණේ කරපු ඇත්තම හේතුව දැනගන්න..?[/FONT]”

    [FONT=&quot]මං ඒක කිව්වා විතරයි චමිලයි, ප්ලූටොයි මූණට මූණ බැලුවා.. මුන් බලන්න ඇති හේතුව අහලත් කිව්වෙ නැති මං බලෙන්ම ඒක කියන්න හදන්නෙ ඇයි කියලා..[/FONT]

    “[FONT=&quot]මතීෂටයි, තාරුටයි කෝල් එකක් දීලා කියපං.. උන් දෙන්නත් හැමදාම අහන්නෙ එන්නැත්තෙ ඇයි කියලනේ..[/FONT]”

    “[FONT=&quot]යකෝ උන්ට කියන්න කලින් අපිට කියලා ඉදපං.. අපිනේ උඹගෙ අගසව් දෙන්නා..[/FONT]”

    “[FONT=&quot]ඒක හරියන්නෙ නෑ.. උන් දෙන්නටත් කිව්වොත් විතරයි හෙට උන් මෙහෙ එන එක නතර කරන්න පුළුවන්..[/FONT]”

    [FONT=&quot]මම කියන හරුවෙ මොකක්ද කියලා තේරුණේ නැතත් ප්ලූටො මතීලට කෝල් කරලා පණිවිඩේ කියලා කිව්වා..[/FONT]

    [FONT=&quot]උද් දෙන්නව ආවෙ කරුවල වැටීගෙන එන වෙලාවෙ.. ආපු ගමන් ඩබල මාතෘකාවට බැස්සා.. චමිලයි, ප්ලූටොයි උනත් ඇස් කන් විදාගෙන හිටියෙ මම කියන දේ අහගන්න..[/FONT]

    “[FONT=&quot]මුලින්ම කියන්න ඕනෙ මේක අපි පස්දෙනා අතරෙ විතරක් තියෙන රහසක්.. ඕකේ.. මට මේ දෙන්නා වගේම උඹල දෙන්නවත් විශ්වාස නිසයි මේක කියන්න ගෙන්නුවෙ..[/FONT]”

    [FONT=&quot]මං තාරු දිහාට ඇගිල්ල දික් කරලා කියන්න ඌ ඒ දේ හොදට තේරුණා වගේ ඔළුව වැනුවා.. මතීෂත් මහපටගිල්ල උස්සලා ෆිට් එකක් දැම්මා..[/FONT]

    “[FONT=&quot]උඹලා සමාධි ගැන මොකද හිතන්නෙ..?[/FONT]”

    [FONT=&quot]එදා වෙච්ච දේ පොල්ලෙන් ගැහුවා වගේ කියනවට වඩා මේ හතර දෙනාගෙන් අදහස් විමසලා ඉන්න එක හොදයි..[/FONT]

    “[FONT=&quot]ෂා.. ඒකිද.. ඒකි නියම පිණි ජම්බු ගෙඩියක්නෙ..[/FONT]”

    [FONT=&quot]බඩා සුපුරුදු ලෙස කට්ටියටම කලින් උගේ කට අරිද්දි මට තද උනා..[/FONT]

    “[FONT=&quot]මං අහන්නෙ ඒකිගෙ රූප සොබාව නෙමෙයි.. ඒකි ලස්සන කෙල්ලෙක් කියලා ඇස් කන් තියෙන ඕනම එකෙකුට පේනවා.. මං අහන්නෙ ගතිගුණ.. නිකං ගෙස් කරලා කියපං..[/FONT]”

    “[FONT=&quot]උඹේ අර කෑල්ල වගෙ නෙමෙයි.. සමාධිගෙ ගතිගුණ නං එළකිරි.. හොද හැදියාවක් තියෙන කෙල්ලෙක්..[/FONT]”

    [FONT=&quot]තාරු කියපු කෑල්ල කතාව මොකක්ද දන්නෙ නෑ.. මං ඒක අහද්දි ඌ දුන්නෙ මරු උත්තරයක්..[/FONT]

    “[FONT=&quot]අර ලුම්බිණියෙ ෂෝ එක බලන්න ගියපු වෙලේ උඹ පැණි හැළුව නෙතුෂිද කවුද කියන්නෙ.. අන්න එයා.. ඒකිගෙ වැඩ කිඩ ගැන ඉන්ටර්නෙට් එකෙත් දාලා තියෙනවා.. චාටර්..[/FONT]”

    [FONT=&quot]තාරුලා කියනල්ම ඒ කතාව ප්ලූටොයි, චමිලයි දැනන් හිටියෙ නෑ.. එදා තාත්තා ඔය විස්තරේ කිව්වත් මට ඒ ගැන කියන්න අමතක උනා..[/FONT]

    “[FONT=&quot]හරි අපි ඒ ගැන වෙනම වෙලාවක කතා කරමු.. ඒක මෙතනට අදාල වෙන්නෙ නෑනෙ..[/FONT]”

    “[FONT=&quot]හරි උඹත් දැන් අපිට කියනවා කියපු කාරණේ කෙලින්ම කියපංකො.. උඹ නොඑන්න හේතුව සමාධිද..?[/FONT]”

    [FONT=&quot]මතී කල් යල් බලා උත්තරේ කටටම දීලා ප්‍රශ්නෙ ඇහුවා..[/FONT]

    “[FONT=&quot]හේතුව කොණක සමාධිත් ඉන්නවා.. ඒත් මේක උඹලා හිතන විදියෙ ප්‍රශ්නයක් නෙමෙයි..[/FONT]”

    [FONT=&quot]මුන් හිතාගෙන ඉන්නෙ මේක ආදරේ ගැන ප්‍රශ්නයක් කියලා.. සමාධි ගැන විශේෂ හැගීමක් හිතේ තිබුණට මේක වෙන දෙයක්නෙ..[/FONT]

    “[FONT=&quot]සමාධිගෙයි, මාරසිංහ සර්ගෙයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා..[/FONT]”

    “[FONT=&quot]මොනවා.. හිරු.. උඹ මේ හොද සිහියෙන්ද කතා කරන්නෙ..?[/FONT]”

    [FONT=&quot]මතීලට වගේම අපේ ඩබලටත් උතුරු දකුණ මාරු උනා.. හතර දෙනාම මගේ දිහා බලාගෙන හිටියෙ මුල්ලේරියාවෙන් පැනලා ආපු එකෙක් දිහා බලනවා වගේ..[/FONT]

    “[FONT=&quot]උඹලට මතකද මං අන්තිමට පන්ති ආපු දවස..?[/FONT]”

    “[FONT=&quot]ඒක කොහෙ මතක තියෙන්නද බං.. උඹ මාසෙකින් විතර පංතියෙ පළාතෙ ආවෙ නෑනෙ..[/FONT]”

    “[FONT=&quot]අර ඒ ලෙවල් රිසාල්ට් බලන්න කියලා සමාධි පංතියෙන් එළියට ගියේ.. අර දයාරත්න සර් මුලින්ම අපිට උගන්නන්න ආවෙ.. අන්න එදා..[/FONT]”

    “[FONT=&quot]හරි.. හරි.. පොඩ්ඩක් මීටරේට ආවා.. ඉතිං සීන් එක කියපං..[/FONT]”

    [FONT=&quot]කතාව අහගන්න හතර දෙනාටම තිබුණෙ පුදුම තදියමක්..[/FONT]

    “[FONT=&quot]එදා පාඩම පටන් අරන් පැයක් විතර ගියාට පස්සෙත් කෙල්ල ආවෙ නෑනෙ.. මං කීප සැරයක්ම වට පිට හැරිලා බැලුවා උඹලා දේනනට මතක ඇතිනෙ..[/FONT]”

    [FONT=&quot]මං ප්ලූටොයි චමිලයි දිහා බලලා අහද්දි ඩබල ගල් බිල්ලො දෙන්නෙක් වගේ කතා නැතුවම ඔලු ගෙඩි දෙක වැනුවා.. වෙන වෙලාවක නං ඒ ඇක්ෂන් එකට මට හිනා යන්නත් තිබුණා.. ඒත් දැන් මගේ මූඩ් එක වෙනස්..[/FONT]

    “[FONT=&quot]මං එක පාරක් හැරිලා බලද්දි දැකපු දේ කිව්වොත් උඹලා විශ්වාස කරන එකකුත් නෑ.. එවෙලෙ සමධි..[/FONT]”

    “[FONT=&quot]ඔව්.. ඉතිං..[/FONT]”

    “[FONT=&quot]සමාධි කොරිඩෝව කෙලවරේ හිටපු මාරසිංහ සර්ට තුරුලු වෙලා ඉන්නවා දැක්කා..[/FONT]”

    “[FONT=&quot]න්හෑ..[/FONT]”

    [FONT=&quot]ඒ කතාව අහලා චමිලයි, මතීෂයි පුටුවෙන් නැගිට්ටවිලා.. උන්ට ඒක විශ්වාස නැතුව ඇති.. ඒත් තාරුක නං එකපාරටම බර කල්පනාවකට වැටුණා..[/FONT]

    “[FONT=&quot]හිරූ.. උඹ ඒක කියද්දි මට නයෝමි කියපු කතාවක් මතක් උනා..[/FONT]”

    “[FONT=&quot]මොකක්ද..?[/FONT]”

    “[FONT=&quot]එයා කිව්වා සමාධි දවස් දෙක තුනක්ම සර්ගෙ වෑන් එකෙන් ඇවිත් බහිනවා දැක්කා කියලා..[/FONT]”

    [FONT=&quot]තාරු කිව්වෙ මං හීනෙන්වත් හිතපු නැති කතාවක්නෙ.. එහෙනං මේක සෑහෙන දුරට ගිය ප්‍රශ්නයක් වගේ..[/FONT]

    “[FONT=&quot]මට නං මේ අහන දේවල් විශ්වාස කරන්නත් අමාරුයි බං.. කවුරු කිව්වත් සමාධි නරක කෙල්ලෙක් කියලා මං නං පිළිගන්නෑ..[/FONT]”

    [FONT=&quot]ප්ලූටො තවත් කෙල්ලව සුද්ද කරනවා.. මං ඇස් දෙකට දැකපු දේ ඌත් දැක්කනං ඒක අගේට විශ්වාස කරයි..[/FONT]

    “[FONT=&quot]එදා ඒ සීන් එකෙන් පස්සෙ මට සමාධිව වගේම සර්වත් අප්පිරියා උනා මතී.. අපි ඉගෙනගන්න ආවෙ මේ වගේ ජරා මනුස්සයෙක්ගෙන්ද කියලා මට හිතුණා.. ඒකයි මං පංති නොඑන්න තීරණේ කලේ..[/FONT]”

    “[FONT=&quot]එහෙම හිතන්න එපා හිරූ.. අපිට ඒ මනුස්සයගෙ පුද්ගලික දේවල් වැඩක් නෑනෙ.. අපි ආවෙ ඉගෙන ගන්න.. මොනවා නැතත් මිනිහා ඒ ටික ටොප් එකට කරනවනෙ.. ඒ නිසා අඩුම ගානෙ මේ ඉතුරු දවස් ටිකවත් පංති ඇවිත් ඒක කම්ප්ලීට් කරපං..[/FONT]”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]මතීෂ කිව්වෙ එදා මට තාත්තා කියපු දේම තමයි.. ඒත් මට හිත හදාගෙන ආපහු පංති යන්න බෑ..[/FONT]

    “[FONT=&quot]බෑ බං.. මට මේ සිද්ධියෙ ඇත්ත නැත්ත ඉක්මනටම දැනගන්න ඕනෙ.. එතකල් මං පංති එන්නෙ නෑ..[/FONT]”

    “[FONT=&quot]රායිට්.. එහෙනං අපි උම එක්ක ඕන ගේමකට.. අපි මේ සීන් එක හොයාගමු..[/FONT]”

    [FONT=&quot]අපේ කට්ටියගෙ කතා, ඥාන කතා වලටත් වඩා ෆිට්.. ඔන්න ඔහොමනේ යාලුවො උනාම ඉන්න ඕන.. නැද්ද මං කියන්නෙ..?[/FONT]

    “[FONT=&quot]සර් හෙට හවස කොහෙද මංදා ලොජ් එකක් පෙන්නන්න එක්ක යනවා කිව්වා.. අපි ඒ වෙලාවට ක්ලාස් එකෙන් ඩීටේල්ස් හොයාගමු..[/FONT]”

    [FONT=&quot]මං කියන්න හදපු දේ මට කලින් තාරුක කිව්වා.. ඒ කියන්නෙ ලොජ් එක බලන්න යන ගමන මිස් කරන්න උන් දෙන්නා කැමතියි.. අනික ඉතිං ඔය ලොජ් එකේ මොනවා අලුතෙන් බලන්න තියෙනවද.. බඩල දැන් ඉන්නෙත් ඒ කියන ලොජ් එක ඇතුලෙමනෙ..[/FONT]

    “[FONT=&quot]බේබිලා ඉදලා කාලා යන්න.. දැන් රෑත් වෙලා..[/FONT]”

    [FONT=&quot]අපි විශේෂ රහස් සාකච්ඡාවක් ඉවර කරද්දි බණ්ඩයියා කෑමත් ලෑස්ති කරලා..[/FONT]

    “[FONT=&quot]කාලා කොහෙ යන්නද බණ්ඩයියෙ..? අපි අද යන්නෙ නෑ.. හෙට උදේ කෙලින්ම ක්ලාස් යනවා..[/FONT]”

    [FONT=&quot]එහෙනං දෙන්නා ඇවිත් තියෙන්නෙ නවතින්නත් බලාගෙන.. දැන් ඉතිං එලවන්නයෑ.. උන් දෙන්නට කන්න දීලා නිදිකරවන්න තියෙන්නෙ..[/FONT]

    “[FONT=&quot]හෙට අපිට මොනවද කරන්න තියෙන්නෙ හිරූ.. ඒ ප්ලෑනත් දැන්මම ගහමු..[/FONT]”

    [FONT=&quot]තාරුක මටත් වඩා වැඩේට උනන්දුයි.. සමහර විට මිනිහගෙ හිතෙත් සමාධි ගැන අදහසක් තිබුණද දන්නෙත් නෑ..[/FONT]

    “[FONT=&quot]උඹලා පුළුවන්නං ළමයින්ගෙ ඩීටේල්ස් තියෙන අර ලොකු ෆයිල් එක උස්සපං.. අපිට එතකොට පුළුවන් සමාධිගෙ ෆෝම් එකෙන් එයාගෙ ගේ තියෙන පොට් එක හොයාගන්න..[/FONT]”

    “[FONT=&quot]උන්ගෙ ගේ කොහේ තිබුනම අපිට මොකෝ බං..[/FONT]”

    [FONT=&quot]මං තාරුට ප්ලෑන් එක විස්තර කරද්දි චමිලයා ආපහු මැද්දට පැන්නා.. ඌට නං කට පියාගෙන ඉන්නම බෑ..[/FONT]

    “[FONT=&quot]අපි බලමු සමාධි ඉන්නෙත් සර් ඉන්න පැත්තෙමද කියලා.. එතකොට අර වෑන් එකේ ආපු හේතුව හොයාගන්නත් පුළුවන්..[/FONT]”

    “[FONT=&quot]උඹ දැන් ඒවා කරලා මොනාද ඔප්පු කරන්න හදන්නෙ.. සමාධි, සර්ගෙ ස්පෙයාර් වීල් එක කියලද.. නැත්තං ඒ දෙන්නා අතර සම්බන්ධයක් තියෙනවා කියලද..?[/FONT]”

    [FONT=&quot]ප්ලූටො හරහටමයි කතාව.. ඌ මොනවා කිව්වත් මේකෙ ඇත්ත නැත්ත දැනගෙන මිසක් මං නං නවතින්නෙ නෑ..[/FONT]

    “[FONT=&quot]අපි මොකක් හරි දෙයක් ඔප්පු කරගන්නං.. උඹ දෙයියනේ කියලා බඩාත් එක්ක පංති පලයං..[/FONT]”

    [FONT=&quot]මං ඒක කිව්වෙ ප්ලූටොට ඇහැක් ගහන ගමන්.. එතකොට මට තාරුවයි, මතීෂවයි විතරක් ගමනට හවුල්කරගන්න පුළුවන්නෙ.. ඒක තේරුනා වගේ ප්ලූටොත් බොරුවට ඔරවලා කාමරේට ගියා..[/FONT]

    [FONT=&quot]උදේ කට්ටිය පංති ගිය ගමන් මං බණ්ඩයියා එක්ක එකතු වෙලා ගේ අස් කලා.. එහෙ මෙහෙ දාලා තිබුණ අපේ ඇදුම් සෙරෙප්පු එහෙම සේරම එක කාමරේකට දාලා දොරත් වහලා දැම්මා.. දැන් තියෙන්නෙ අත්‍යවශයි දේවල් ටික විතරක් අරගෙන ගෙදර යන එක.. චමිලටයි, ප්ලූටොටයි පංති ඇරිලා සෙවනට එන්නෙ නැතුව අපේ ගෙදර එන්න කියලා මං කල් තියාම දැන්ම් දීලයි තිබුණෙ..[/FONT]

    “[FONT=&quot]බේබි.. මං මෙහෙ ඉන්නං.. මාරසිංහ මහත්තයා ආවොත් එන්නෙ ලොකු මහත්තයට දැනුම් දීලනෙ.. ඉතිං ගේ දොර පෙන්නන්න උනත් කෙනෙක් ඉන්න එපෑය..[/FONT]”

    [FONT=&quot]බණ්ඩයියා කියන කතාවත් ඇත්ත.. සමහර විට තාත්තම කෝල් කරලා බණ්ඩයියට කියයි ගේ පෙරලලා පෙන්නන්න කියලා.. අනික එදා ෂූටිං බලන්න ගිය වෙලේ උනත් බණ්ඩයියා අපේ තාත්තා ළග කැරකි කැරකි ඉන්නවා සර් දැක්කනෙ.. ඒ නිසා එයා මෙහෙ හිටියම අවුලක් වෙන එකක් නෑ.. බණ්ඩයියටත් අපේ ප්ලෑන් එක විස්තර කරලා මං ගෙදර ගියා.. දැන් තියෙන්නෙ ඊළග අදියර.. ඒකට තාරුගෙන් කෝල් එකක් එන්න ඕනෙ..[/FONT]

    [FONT=&quot]ගෙදර ගිහින් කාලා බීලා අම්මයි, යසෝ අක්කයි එක්ක කයියක් දාගෙන ඉද්දි තාරුක කෝල් කරා.. එතකොට දෙකට විතර ඇති..[/FONT]

    “[FONT=&quot]හිරූ.. සර් කට්ටියව අරන් පිටත් උනා.. අපි ඉන්නෙ තාම ක්ලාස් එකේ.. උඹ වරෙං..[/FONT]”

    [FONT=&quot]එහෙනං බඩලම මං කිව්වා විදියටම බොරුවක් කියලා ගමන මග ඇරලා.. ඔන්න ඔහොමයි ෆිට් කොල්ලො උනාම ඉන්න ඕනෙ.. මම තත්පරේට දෙකට ඇදුමක් දාගෙන පාරට ආවා.. බස්වල ගාටන්න ගියොත් වැඩේ පරක්කු වෙනවා.. ඒ නිසා හොදම වැඩේ වීල් එකක යන එක..[/FONT]

    “[FONT=&quot]ඉක්මනට වරෙං.. වැඩිවෙලා මෙතන ඉන්න බෑ.. සික්කලා බලන් ඉන්නවා..[/FONT]”

    [FONT=&quot]මාව දැක්ක ගමන් මතීෂයා පංතිය ඇතුළට ඇදගෙන ගියා.. කාලෙකට පස්සෙ ආවත් මට මෙතන දැන් හොදට හුරු පුරුදුයි..[/FONT]

    “[FONT=&quot]කට්ටිය මොකේද ගියේ.. වාහනයක් ආවද..?[/FONT]”

    “[FONT=&quot]නෑ බං.. ඔය කියන තැන එච්චර දුර නෑලු.. කට්ටිය බස් එකක ගියේ..[/FONT]”

    [FONT=&quot]ඔව් ඉතිං දුර නෑ නේන්නං.. අපිත් හැමදාම පංතියට එන්නෙ යන්නෙ බස් එකේනෙ.. මතීෂවයි, තාරුකවයි මේ විදියට රවට්ටන එක ගැන මට වෙලාවකට දුකත් හිතුනා.. උන් දෙන්නා හිතාගෙන ඉන්නෙ මං මේ වැඩේ නිසාම උන්ව අද නතර කර ගත්තා කියලා.. මට ඕන උනේ ඩබල කට්ටියත් එක්ක සෙවනට යන එක නතර කරන්නනෙ..[/FONT]

    “[FONT=&quot]උඹලා මොනවා කියලද නතර උනේ..?[/FONT]”

    “[FONT=&quot]අපි දෙන්නා කිව්වා හදිසි මළගෙයක් වෙලා එහෙ යන්න තියෙනවා කියා.. එතකොට සැක හිතන්නෙ නෑනෙ..[/FONT]”

    [FONT=&quot]වැඩේ සාර්ථකව ක්‍රියාත්මක වෙලා.. මං තාරු දුන්න ෆයිල් එක ඉක්මනට අරගෙන පෙරලලා බැලුවෙ ඉතුරු වැඩ ටිකත් ඉක්මනට ඉවර කර ගන්න..[/FONT]

    “[FONT=&quot]අපි දෙන්නා මෙච්චර වෙලා ඕක පෙරලලා බැලුවා බං.. ඒත් සමාධිගෙ ෆෝම් එකක් හොයන්න නෑ..[/FONT]”

    [FONT=&quot]මතීෂ කිව්වත් වගේම මමත් පිටුවෙන් පිටුව පෙරලුවත් කෙල්ලගෙ ෆෝම් එක හම්බ උනේ නෑ.. මට පේන්නෙ ආපු වැඩේ අසාර්ථක වෙයි වගේ..[/FONT]

    “[FONT=&quot]කොහෙන්ද බං ෆයිල් එක ඉස්සුවෙ..? සර් ළග තිබිලද..?[/FONT]”

    “[FONT=&quot]හිතං හිටියෙ එහෙම කරන්න තමයි.. ඒත් සර් එයාගෙ ෆයිල් දෙකකුයි පොතකුයි තියලා ගියා.. කොහොමටත් එයා යන්න කලින් ආපහු මෙතනට එනවනෙ..[/FONT]”

    [FONT=&quot]ෆයිල් එක තිබුණ තැනින්ම තියන්න කියලා මං තාරුට දුන්නා.. දැන් වෙන විදියකින් සමාධිගෙ විස්තර හොයන්න වෙනවා..[/FONT]

    “[FONT=&quot]සේරටම කලින් මෙතනින් යමු බං.. නැත්නම් සර්ට අර මිනිහා ගින්න දෙයි..[/FONT]”

    [FONT=&quot]තාරු එතන ඉදපු ආරක්ෂන නිලදාරියා පෙන්නලා කිව්වට මිනිහනං ඉන්නෙ අවට ලෝකෙ වෙන දේවල් ගැන අවධානෙන් නෙමෙයි.. ඒ කොහොම උනත් මෙතන තව වෙලා ඉන්න එකේ තෙරුමක් නෑනෙ.. ඒ නිසා අපි තුන්දෙනා ෂේප් එකේ එතනින් කැපුණා..[/FONT]

    “[FONT=&quot]දැන් මොකද කරන්නෙ හිරූ.. සමාධි ඉන්න තැන කවුද දන්නෙ..? අඩු ගානෙ සර්ලගෙ ගේ තියෙන තැනවත්..[/FONT]”

    “[FONT=&quot]සර්ගෙ ගේ තියෙන්නෙ නං අතුරුගිරියෙ පැත්තෙ කියලා මං දන්නවා.. ඒත් හරියටම තැන දන්නෙ නෑ..[/FONT]

    “[FONT=&quot]අද නයෝමි පංති ආවද..? එහෙම නැත්තං සමාධි..[/FONT]”

    “[FONT=&quot]සමාධි ආවා.. එයා කට්ටිය එක්කම ගියා.. ඒත් නයෝමිට මේ ටිකේ අසනීපයි කියලා ආවෙ නෑ..[/FONT]”

    [FONT=&quot]තාරුකගෙන් ඕන විස්තරයක් ඉක්මනට ගන්න පුළුවන්.. ඒත් අපේ චමිලයා ආවනං මේ තරං සපෝට් එකක් ලැබෙන්නෙ නෑ..[/FONT]

    “[FONT=&quot]එහෙනං අපි නයෝමිගෙ අසනීපෙ බලන්න යන විදියට එහෙ යං.. එතකොට කෙල්ලගෙන් විස්තර ටිකක් හොයාගන්න පුළුවං..[/FONT]”

    “[FONT=&quot]ඕකේ.. වෙන දෙයක් කරන්න නෑනෙ දැන්..[/FONT]”

    [FONT=&quot]අපි තුන්දෙනා නයෝමිලගෙ ගෙදර යන පාර දන්න නිසා අවුලක් වුනේ නෑ.. එදා ගියපු ඒ විසාල මාලිගාවට අපි අදත් බොරුවක් කියාගනෙ ගොඩ වැදුනා..[/FONT]

    “[FONT=&quot]අනේ ඔයාලා.. ඒත් හිරූෂ මල්ලි ඇයි මේ දෙන්නා එක්ක..?[/FONT]”

    [FONT=&quot]අපිව දැක්ක ගමන් නයෝමි හිනා වේගෙන දුවගෙන ආවා.. මේකිටනං කිසිම ලෙඩක් තියෙන පාටක් නෑ..[/FONT]

    “[FONT=&quot]එන්නකො.. ගෙට ගිහින් කතා කරමු..[/FONT]”

    [FONT=&quot]එයා ගෙට ඇතුල් උනේ පොඩි එකෙක් වගේ මගේ අතින් ඇදගෙන.. නයෝමිගෙ අම්මා දැක්කානං මොනව හිතයිද මංදා.. ලැජ්ජාවෙ බෑ..[/FONT]

    “[FONT=&quot]ඔයාට අසනීපයි කියලා මේ දෙන්නා කිව්වා.. අපි පස්දෙනාම එන්න කියලා හිටියෙ.. ඒත්.. චමිලව මග ඇරුනනෙ..[/FONT]”

    [FONT=&quot]නයෝමිට ආපහු බොරු කරලා රවට්ටන්නෙ නෑ කියලා හිතාගෙන හිටියට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ.. එයාගෙ ලෙඩ බලන්න ආවා වගේ කිව්වම කෙල්ල හරි සතුටු උනා..[/FONT]

    “[FONT=&quot]ඔයා ඇයි පංති එන එක නතර කලේ..? එදා මට නතර වෙන්න දෙන්නෙ නැතුව ඔයා අද නතර වෙලා..[/FONT]”

    [FONT=&quot]වපර ඇස් දෙකෙන් හතර වටේ බල බල නයෝමි ඒක කියපු විදියට මට දුකත් හිතුනා.. ඇත්තටම මේ කෙල්ල වෙලාවකට පොඩි එකෙක් වගේ..[/FONT]

    “[FONT=&quot]මං පංති නාවට ඔයාලා අමතක කරේ නෑනෙ.. ඒකනේ ඔයාට අසනීපයි කිව්වම බලන්න ආවෙ..[/FONT]”

    [FONT=&quot]ඔය විදියෙ වැල් වටාරම් ටිකක් ගහලා ඔළුව වටේ විතරක් නෙමෙයි මුළු ඇග වටේම අත දාලා අන්තිමට අපි නහයට ළං උනා..[/FONT]

    “[FONT=&quot]ඇයි ඔයාලා සමාධි ඉන්න තැන හොයන්නෙ..?[/FONT]”

    [FONT=&quot]නයෝමිත් ලේසි පාසු බඩවක් නෙමෙයි.. අපි අහපු දේට උතත්ර දෙන්න කලින් එයා තව ප්‍රශ්නයක් ඇහුවා..[/FONT]

    “[FONT=&quot]නෑ මේ හිරූෂ කාලෙකින් ආව නිසා සමාධිලගෙ ගෙදර යන්න ආසයි කිව්වා..[/FONT]”

    “[FONT=&quot]මං නං හරියටම තැන දන්නෙ නෑ.. ඒත් ඉන්නවා කියල කිව්වෙ නං අතුරුගිරිය පැත්තෙ..[/FONT]”

    [FONT=&quot]ඔය එන්නෙ ඕනම කරන දේවල්.. එතකොට සමාධි සර්ගෙ වෑන් එකේ එන එකට සාධාරණ හේතු තියෙනවා.. දෙන්නම ඉන්නෙ එකම පැත්තෙ..[/FONT]

    “[FONT=&quot]ඔයාට බැරිද නයෝමි අපට පොඩි උදව්වක් කරන්න.. බැරිද සමාධිගෙ ඇඩ්රස් එක හොයලා දෙන්න.. එතකොට අපිට ඔයාව බලන්න එනවා වගේ එයාව බලන්නත් යන්න පුළුවන්.. හැබැයි අපිට කියලා කියන්නෙ නැතුව වැඩේ කරලා දෙන්න ඕනෙ..[/FONT]”

    [FONT=&quot]නයෝමිට බොරු බටර් පාරකුත් ගාලා මං කියද්දි කෙල්ල ටිකක් වෙලා කල්පනා කලා..[/FONT]

    “[FONT=&quot]ඇයි ඉතිං ඔයාලට ඉල්ලන්න බැරි..?[/FONT]”

    “[FONT=&quot]අපි ඉල්ලුවම ගතියක් නෑනෙ ළමයො.. මේ ආව වගේ අහම්බෙන් ආවමනෙ එයා උනත් පුදුම වෙන්නෙ..[/FONT]”

    “[FONT=&quot]හරි.. මං ඉල්ලලා දෙන්නං.. හැබැයි ඔයාලා එහෙට යන දවසට මාවත් එක්කගෙන යන්න ඕනෙ..[/FONT]”

    “[FONT=&quot]අයියෝ ඕක්ත වැඩක්ද..? ඔයා ඒ උදව්ව කරනවනං අපි ඔයාව අපේ ගෙරද උනත් එක්ක යන්නංකො..[/FONT]”

    [FONT=&quot]නයෝමිගෙ අම්මා එක්කත් කතා කරලා එහෙන් තේත් බීලා අපි පාරට ආවා..[/FONT]

    “[FONT=&quot]මචං මට මතක විදියට සර් ඉන්නෙත් අතුරුගිරියෙ.. එදා සර්ගෙ ඩ්‍රයිවර් ඒ වගේ කතාවක් කියනවා මට ඇහුණා..[/FONT]”

    [FONT=&quot]තාරුක හොද රගපාන්න නෙමෙයි සී අයි ඩී එකට යවන්න.. මිනිහා පොඩි පොඩි දේවල් උනත් හොදට නෝට් කරනව පොරක්..[/FONT]

    “[FONT=&quot]ඔව් බං.. මටත් ඒ වගේ කතාවක් සර් මට දවසක් කිව්වා.. ඒත් දැන් ඕවා ගැන කතා කරන්න බෑනෙ.. නයෝමි, සමාධිගෙන් ඇඩ්රස් එක හොයාල දීපු දවසට අපි ආපහු වැඩේ පටන් ගමු..[/FONT]”

    [FONT=&quot]මං එහෙම කිව්වෙ දැන් ගෙදර යන්න හිතාගෙන.. කොහොමත් අපි නයෝමිලගෙ ගෙදර හිටපු කාලෙ ඇතුළත සර් වැඩ ඉවර කරගෙන පංතියට යන්න ඇති..[/FONT]

    “[FONT=&quot]එච්චර කල් යන්නෙ නෑ.. නයෝමි අනිද්දට පංති එනවා කිව්වා.. එයා එදාට ඕක ඉල්ල ගනියි..[/FONT]”

    “[FONT=&quot]හරි එහෙනං.. ඊට පස්සෙ ඒ ගැන හොයලා බලමු.. උඹලා දැන් පලයල්ලා. මං හින්දා දවස නාස්ති කරගත්තට තෑන්ක්ස්..[/FONT]”

    [FONT=&quot]වැඩේට බැහැලා කැපවෙලා හිටපු තාරුගෙ පිටටත් තට්ටුවක් දාලා මං කිව්වා..[/FONT]

    “[FONT=&quot]පිස්සුද හිරූ.. මේක උඹගෙ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි.. අපේ සර් එහෙම කෙනෙක් නම්... අපේ පංතිය ඇතුළෙ එහෙම දේවල් වෙනවනං ඒක හොයල බලන එක අපේ යුතුකම.. ඒකමයි අපි දෙන්නා කැමැත්තෙන් මේ ගේමට බැස්සෙ..[/FONT]”[FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මතීෂ ඒ ටික කිව්වෙ බොක්කෙන්මයි.. උන් දෙන්නා චමිලයි, ප්ලූටොයි වගේම හොද යාලුවො දෙන්නෙක් කියලා අද ඔප්පු උනා..[/FONT]

    “[FONT=&quot]ඒත් උඹලා දෙන්නට මං නිසා ලොජ් එකට යන්නත් බැරි උනානෙ.. සොරි මචං..[/FONT]”

    “[FONT=&quot]අයියෝ.. ඒකද අවුල.. ඒක ගැන හිතන්න එපා.. චමිලලා අද ගිය නිසා තැන දන්නවනෙ.. අපි පස්දෙනා වීක් එන්ඩ් එකක ගිහින් ඒ ප්ලේස් එක බලලා එමු..[/FONT]”

    [FONT=&quot]ඩබල බස් එකට නැගේගෙ එහෙම කියාගෙන.. උන් දෙන්නා ගියාට පස්සෙ මමත් ගෙදර ආවා.. ඒ වෙද්දි බණ්ඩයියත් ඇවිත්.. ඒත් චමිලයි, ප්ලූටොයි තාම නෑ..[/FONT]

    “[FONT=&quot]බේබිලා අද මෙහෙ එනවා කියපු නිසා මමත් එහෙ දොර ජනෙල් වහලා දාලා මෙහෙ ආවා.. අද හවස එහෙදි හරි වැඩක් තමයි උනෙ..[/FONT]”

    [FONT=&quot]බණ්ඩයියා ගෙදර ආපු ගමන් මගේ ඇගේ ලේ පුච්චනවා.. කියන දෙයක් කෙලින්ම කියන්නෙ නැතුව..[/FONT]


    Mathusambandai.gif