තාරකා විද්‍යාවේ අපූරුව සහ විශ්වයෙන් බිදක

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තාරකා විද්‍යාවේ අපූරුව සහ විශ්වයෙන් බිදක

    මේක මම ලිව්වෙ thread එකක comment එකක් විදියට.
    ඒකට තව කරුණු එකතු කරල අනිත් අයටත් දකින්න thread එකක් දැම්ම ඔන්න
    කට්ටිය bump or comment දාගෙන යන්න
    තේරුන්නැත්නම් කියන්න මම පුළුවන් තරම් පැහැදිලි කරන්නම්



    තාරකා විද්‍යාවේ අපූරුම ඡායාරූපය


    1024px-Hubble_ultra_deep_field_high_rez_edit1.jpg

    Hubble Ultra Deep Field ඡායාරූපය
    මෙහි විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් සදහා මෙහි පිවිසෙන්න

    ඔබ මේ ඉහළින් දකින ඡායාරූපය ලොව එතෙක් මෙතෙක් වැඩිම පරිශ්‍රමයක් දරමින් ගන්නා ලද අපූරුතම ඡායාරුපය වන Hubble Ultra Deep Field ඡායාරූපයයි.
    මේ ඡායාරූපය විශ්වයෙහි ගැඹුරටම ගන්නා ලද ඡායාරූපය ලෙස හැදින්වේ. (deepest image of the universe ever taken).

    මේ ඡායාරූපයේ විශේෂත්වය වන්නේ මෙහි පෙනෙන වස්තු සියල්ලක්ම වාගේ මන්දාකිණි වීමයි (galaxies).
    එක් ඡායාරූපයකට මන්දාකිණි මෙතරම් විශාල සංඛාවක් ඡායාරූප ගතකළ එකම අවස්ථාව මෙයයි.
    (මෙතරම් ඵලදායී නොවුනත් අනෙක් මෙවැනි ප්‍රයත්න :
    Hubble Deep Field , Hubble Deep Field South සහ GOODS)

    මන්දාකිණියක් යනු අප සූර්යයා / ඉර (sun) වැනි තරු බිලියන ගණනක පොකුරක්/එකතුවක් බව ඔබ දැනටමත් දන්නවා ඇති.
    අප ජීවත්වන මන්දාකිණිය වන ක්ෂිරපථය (the milky way) අප ඉර වැනි වූ තවත් තරු
    බිලියන 300~400 අතර ප්‍රමාණයක් ඇති මධ්‍ය ප්‍රමාණයේ මන්දාකිණියකි.
    සමහර යෝද මන්දාකිණි වල තරු ට්‍රිලියන 100 පමණ (බිලියන 100,000) අඩංගුවේ.
    එලෙසම අපිට නිරීක්ශණය කළ හැකි විශ්වයේ (observable universe)
    මන්දාකිණි බිලියන 170කට වැඩි ගණනක් ඇතැයි පැවසේ.
    මේ විස්තර සදහන් කරන ලද්දේ විශ්වය කොතරම් විශාලද යන්න සහ මන්දාකිණි ගැන හැදින්වීමක් කිරීමටයි.
    දැන් අප නැවතත් හබල් ඡායාරූපය ගැන සලකා බලමු.

    ඉහත ඡායාරූපයෙන් පෙන්වන්නේ අපගේ අවකාශයෙන්/අහසෙන් මිලියන 13න් පංගුවක කොටසක්
    වැනි ඉතාම කුඩා ප්‍රදේශයක 10,000 කටත් වැඩි මන්දාකිණි ගණනක් එක ලගින් ලගින් පවතින ආකාරයයි.
    මේ බොහොමයක් මන්දාකිනි අපේ මන්දාකිනියෙ ඉදන් ආලෝක වර්ෂ බිලියන 13~ කට වඩා ඈතින් තියෙන ඒවායි.
    එනම් මෙහි පෙනෙන මන්දාකිණි වලින් එන ආලෝකය මෙම ඡායාරූපය ලබාගත් හබල් අභ්‍යාවකාශ දුරේක්ශය වෙත ලගා වීමට අවුරුදු බිලියන 13~ ගතවී ඇත
    .
    වෙනත් අයුරකින් පැවසුවහොත් මේ අපිට පේනෙන්නේ එම මන්දාකිණි මීට අවුරුදු බිලියන 13~ කට කලින් නිකුත් කරනලද ආලෝකයයි.
    එනම් මේ අප දකින්නේ විශ්වය ආරම්භයේ තිබූ මන්දාකිණි රාශියකි. එසේ පැවසීමට හේතුව පහත දැක්වේ.
    විශ්වයෙහි වයස අවුරුදු බිලියන 13.8 වෙතැයි විද්‍යාඥයින් ගණන බලා ඇත.
    මෙම මන්දාකිණි පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ බිලියන 13 සිට 13.4 පමණ ඈතින් නම්
    තාමත් මේවායේ වයස අවුරුදු මිලියන 400~800 පමණක් විය යුතුය. (13.8 - 13 = 0.800)
    විශ්වයෙ සම්පූර්ණ වයස සමග බැලූ විට එක බොහෝ කුඩා අගයකි. එසේ ගත් විට බොහෝ ලාබාල අවදියේ පවතින මන්දාකිණි මෙයින් ඡායාරූපයට නගා ඇත.
    කාලය ආපස්සට ගොස් ඡායාරූප ගත්තාක් බදු වූ මෙම ක්‍රියාව අපි සරල
    උදාහරණයකින් තේරුම් ගැනීමට බලමු.
    අප ලගම තරුව වන ඉර (සූර්යයා) ගැන පහත තිබෙන උදාහරණය කියවන්න.

    ආලෝකයේ වේගය යනු විශ්වයේ වේගවත්ම දෙය ලෙස තවමත් පිළිගනී.
    ආලෝකෙට උවද වේගයක් ඇත.
    ආලෝකය කොතරම් වේගවත් උවද ඉරෙන් නිකුත් වන ආලෝකය අපිට ඒමට විනාඩි 8 ගතවේ.
    වෙන විදියකින් පැවසුවහොත් ඉරේ සිට පෘථිවියට දුර ආලෝක විනාඩි 8ක් හෙවත් 150,000,000 km කි.
    (ආලෝකයේ වේගය ආසන්න වශයෙන් තප්පරේට 300,000km).
    තවත් පැහැදිලි කළහොත්..
    දැන් අප දකින ඉර එලිය ඉරෙන් නිකුත්වී විනාඩි 8 ගත වී ඇත ,
    ඉර එකවර නැති උවහොත් පෘථිවියේ සිටින අපිට ඉරේ එලිය නැති වීමට විනාඩි 8 පමණ ගතවේ.
    මේ ආකාරයෙන් ගත් විට ඉහත සදහන් කළ මන්දාකිණි වලින් එන ආලෝකය එසේ එහි සිට මෙහි පැමිනීමට අවුරුදු බිලියන ගාණනක් ගතවේ.
    එමනිසා අප අද දකින්නේ එයින් අදට අවුරුදු බිලියන ගණනකට පෙර නිකුත් කල ආලෝකයයි.
    අද මෙම මන්දාකිණි කුමන ස්ථානවල කෙලෙස තිබේද යන්න අපට දැනගැනීමට හැකියාවක් නැත. කුමක් නිසාදයත් අද එම මන්දාකිනි වලින් පිටවන ආලෝකය අපට පැමිණිමට නම් වර්ෂ බිලියන ගණනක් ගතවන බැවිනි.

    300px-NGC_4414_%28NASA-med%29.jpg


    මෙතරම් පරණ මන්දාකිනි වල ඡායාරූප ගැනීම සදහා විද්‍යාඥයන් උත්සාහ ගන්නේ විශ්වයේ ආරම්භ සහ එකල පැවති තත්වය පිළිබදව තව තවත් අධ්‍යයනයේ යෙදීමටයි.
    කලින් පැවසූ පරිදි ඉහත ඡායාරූපයේ ඇති මන්දාකිණි විශ්වය ඇතිවී අවුරුදු මිලියන 400~800 අතර කාලයකට පසු පවතින ආකාරය දිස්වේ.
    ආලෝක වර්ෂ බිලියන 13.8 ක කාලය සමග බැලූ විට එම අගය සුලු ප්‍රමාණයකි.
    මෙතරම් මන්දාකිණි විශාල සංඛ්‍යාවක් එකලග තිබීමට හේතුව නම් එකල විශ්වය එකට කැටි වී තිබීමයි.
    එකල විශ්වයේ තිබූ මන්දාකිණි කාලයත් සමග එකිනෙකින් වේගයෙන් ඈත්වී යන අතර
    ගෙවුන අවුරුදු බිලියන 13ට පසු අද පවතින තත්වයට මේවා දුරස් වී ඇත.
    විශ්වයේ ඇතිවීම පිළිබද වාදයක් වන big bang theory නම් වූ වාදයෙන් මෙය හොදින් පැහැදිලි කරයි.
    වැඩි දෙනා පිළිගන්නා, නවීන පරීක්ශණ මගින් සනාත කළ අපේ බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළ විශ්වය තැනුන ආකාරය එම වාදයෙහි සදහන් වේ. මේයින් කියවෙන ආකාරයට විශ්වය මුල් ටාවදියේ ඉතා අධික ඝනත්වයක් තිබූ
    ඉතාමත් අධික උෂ්ණත්වයෙන් යුතු ඉතා ඉක්මනින් ප්‍රසාරණය වෙමින් පවතින වස්තුවකි.
    අදටත් විශ්වය ප්‍රසාරණය වෙමින් පවතී.
    සෑම
    තරුවක්ම සෑම මන්දාකිණියක්ම තප්පරයට කිලෝමීරට සිය දහස් ගණන් වේගයෙන් එකිනෙක ඈත් වෙමින් පවතින බව සොයාගෙන ඇත.

    241px-Universe_expansion2.png

    මහා පිපිරුමෙන් පසු විශ්වයේ අකණ්ඩ විස්තාරණය

    800px-CMB_Timeline300_no_WMAP.jpg



    Hubble Ultra Deep Field ඡායාරූපය ගත් ආකාරය ගැන කතා කළහොත්
    මේ ඡායාරූපය ගෙන ඇත්තේ හබල් අභ්‍යාවකාශ දුරේක්ශය භාවිතයෙන් වාර 800 කදි
    පමණ වරින් වර විවිද තරංග ආයාම සහ සංවේදක යොදා ගනිමින් ඡායාරූප ගෙන
    ඒවා සියල්ල
    පරිගණක ආශ්‍රයෙන් එක් පින්තූරයක් බවට පත් කිරීමෙනි.

    තප්පර මිලියනයකට සමාන කාලයක් විශ්වයේ අන්තිම කොන් වලින් එන

    ආලෝකය එකතු කර ඩිජිටල් සෙන්සර් (digital censor) වලට එකතු කරමින් මෙම
    ඡායාරූපය නිර්මාණය කරල ඇත.
    ඉතාමත් විශාල පරිශ්‍රමයක් දරා මාස ගණනක කාලයක් වැයකර ලබාගත් මෙම
    ඡායාරූපය නවීන විද්‍යාවෙ ජයග්‍රහනයක් විදියට සැලකේ.
    :baffled:



    විශ්වයේ අපිට හිමි තැන

    දැන් අප විශ්වයේ අපිට හිමි ස්ථානය සහ එහි විශාලත්වය ගැන සලකා බලමු. පහත රූපසටහන යොදාගෙන කරනලද විස්තරයක් සැකවින් පහලින් දක්වා ඇත.

    2000px-Earths_Location_in_the_Universe_JPEG.jpg

    විශාල රූපයක් සදහා මෙහි පිවිසෙන්න

    1) අපේ ග්‍රහලෝකය - පෘථිවිය (Earth)
    විශ්කම්භය 12700 km පමණ.

    2) අපේ සෞරග්‍රහ මණ්ඩලය

    හිරු, ග්‍රහලෝක, බුද වැනි අර්ධ ග්‍රහලෝක 200 පමණ සහ ග්‍රහක ට්‍රිලියන ගණනක් අඩංගු වේ.
    අලෝක වර්ෂ 4 පළලකින් යුතුයි.


    512px-Solar_System_size_to_scale.svg.png



    3) ප්‍රාදේශීය තරු වලාව (Local Interstellar Cloud)

    අපේ ලගම තරුව හිරු/ඉර සහ තවත් තරු කීපයක් සහ වායු සහ දූවිලි වලාවන් ඇතුලත්වේ.
    ආලෝක වර්ෂ 30 පළලකින් යුතුය.
    අහසේ දීප්තිමත්ම තරුව Sirius සහ අපේ ලගම තරුව
    Proxima Centauri
    යන තරු මෙහි පිහිටා ඇත.


    3.1) ප්‍රාදේශීය තරු බුබුල (Local Bubble)

    අපේ තරු වලාව ඇතුලු තරු වලාවන් රාශියකින් සෑදුනු ප්‍රාදේශීය තරු බුබුල
    (Local Bubble)
    ආලෝක වර්ෂ 215-815 අතර පළලක් ඇත.


    4)අපේ මන්දාකිණිය වන ක්ෂිරපථය (Milky Way Galaxy)
    600px-Milky_Way_Arch.jpg


    තරු බිලියන 300~400 සමන්විත වේ.
    අප ප්‍රාදේශීය මන්දාකිනි පොකුරෙහි දෙවන වැඩිම තරු ගණනක් අඩංගු සහ
    විශාලත්වයෙන් දෙවනි මන්දාකිණිය අපගේ මන්දාකිණියයි.
    විශාලත්වය/පළල ආලෝක වර්ෂ 100,000කි.


    4.1) ක්ෂිරපථය සහ පරිවාරක මන්දාකිණි පන්තිය (Milky Way subgroup)

    විශාලත්වය ආලෝක වර්ෂ මිලියන 1.5කි.
    පරිවාරක කුඩා මන්දාකිණි 20 පමණ ක්ෂිරපථයට අයත් වේ.
    මෙම පරිවාරක මන්දාකිණි තරු මිලියන 20ත් බිලියන 30 අතර ගණනක් අඩංගු මන්දාකිණි වේ.
    අපට ලගින්ම පිහිටි මන්දාකිණිය ලෙස දැන් පිළිගැනෙන Canis Major Dwarf
    මන්දාකිණිය ද මෙහි අඩංගු වේ.
    ක්ෂිරපථයෙහි උප මන්දාකිණියක් වන මෙහි තරු බිලියනයක් ඇතැයි ගණන් බලා
    ඇත.


    5)ප්‍රාදේශීය මන්දාකිණි පොකුර (Local Group)

    640px-Local_Group.svg.png


    අප ප්‍රාදේශීය තරු පොකුර මන්දාකිණි 47 කින් සමන්විත වේ.
    විශාලත්වය ආලෝක වර්ෂ මිලියන 10කි.
    මෙහි ඇති විශාලතම මණ්දාකිණිය වන්නේ ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටයයි
    (චක්‍රාවාට යනු සර්පිලාකාර මන්දාකිණි වලටයි).
    එය අපිට ලගින්ම පිහිටි සර්පිලාකාර චක්‍රාවාටයයි (එහෙත් ලගම ඇති මන්දාකිණිය නොවේ).
    ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටයේ තරු ට්‍රිලියනයක් පමණ අඩංගු වන අතර තවත් පරිවාරක
    මන්දාකිණි 19 කින් පමණ සමන්විත වේ.
    අපගේ මන්දාකිණිය දෙවන විශාලතම මණ්දාකිණියයි.
    තෙවැන්න Triangulum චක්‍රාවාටයයි.



    6)Virgo සුපිරි තරුපොකුර (Virgo Supercluster )

    අප ප්‍රාදේශීය මන්දාකිණි පොකුර ඇතුලු මන්දාකිණි පොකුරු සහ තරු කැටිති
    (galaxy groups and clusters) 100 කින් පමණ සමන්විත ඉතා විශාල කොටසකි.
    මෙයට නිශ්චිත හැඩයක් නොමැත.
    විශාලත්වය ආලෝක වර්ෂ මිලියන 110 කට වඩා වේ.
    මෙය විශ්වයේ පවතින මෙවැනි මිලියන ගණනක් වූ සුපිරි තරු පොකුරු වලින් එකකි.



    7)Pisces-Cetus සුපිරි තරු පොකුරු සංකීර්ණය (Pisces-Cetus Supercluster Complex)

    අපගේ සුපිරි තරු පොකුර වන Virgo සහ තවත් සුපිරි තරු පොකුරු 60 පමණ අඩංගු
    සංකීර්ණයකි.
    ආලෝක වර්ෂ බිලියනයක් දිග ආලෝක වර්ෂ මිලියන 150 පමණ පළල ඉතාමත්
    විශාල ප්‍රදේශයකි.

    575px-Nearsc.gif


    8) අපට ගවේශනය කළහැකි විශ්වය
    (observable universe)

    ආලෝක වර්ෂ බිලියන 90කට වැඩි ප්‍රදේශයක ව්‍යාප්තවූ මන්දාකිණි බිලියන සිය
    ගණනක් අඩංගු අපට කුමන හෝ අයිරකින් අධ්‍යායනය කළහැකි විශ්වයයි.
    දැනට විශ්වයේ පවතින බවට හදුනාගත් විශාලතම ව්‍යුහය මෙයයි.
    මීටත් එහා ඇති විශ්වය අපට නිරීක්ශනය කළ නොහැක්කේ තවමත් එතරම් දුර සිට පෘථිවිය වෙත ආලෝකය පැමිණ නැති බැවිනි
    .:nerd:
    විශ්වය ඇතිවී දැනට වසර බිලියන 13.7 පමණ වේ.
    විශ්වයේ දැනට සොයාගෙන ඇති වේගවත්ම දෙය ආලෝකයේ වේගයයි.
    මේ නිසා යමක් ආලෝකයේ වේගයෙන් ගමන් කළද විශ්වයේ වයස වන වර්ෂ බිලියන 13.7ක් තුළ
    ගමන් කළ හැක්කේ ආලෝක වර්ෂ බිලියන 13.7 ක දුරකි.
    එහෙත් විශ්වයේ විස්තාරණය හේතුවෙන් අපට ආලෝක වර්ෂ බිලියන 47 පමණ දක්වා ඈතින් ඇති වස්තූන් ගවේශනය කළහැකි බව විද්‍යාඥයින් සොයාගෙන ඇති අතර සරල හේතුව පහතින් දක්වා ඇත.
    දැනට අප දකින යම් වස්තුවක් ආලෝක වර්ෂ බිලියන 13 ඈතින් ඇත්නම්
    අප දකින්නේ එයින් මීට අවුරුදු බිලියන 13 කට කලින් නිකුත් කර ආලෝකය වේ.
    (ආලෝකය එහි සිට මෙහි ඒමට අවුරුදු බිලියන 13 ගත වේ)
    වර්තමානයේ එය ඇත්තේ කොහෙදැයි ගතහොත්
    විශ්වයේ විස්තාරණය නිසා තවත් ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈතට විස්තාරණය වී තිබීමට හැකියාව ඇත.
    මේ නිසා අපට අධ්‍යනය කළහැකි විශ්වය ආලෝකවර්ෂ බිලියන 13.7 ට වඩා කීප ගුණයකින් වැඩි අගයකි.
    ඔබට මෙය වටහා ගැනීමට අපහසු නම් නැවත ඉහත අපගේ සූර්යයා පදනම් කරගෙන මවිසින් සදහන් කරනලද උදාහරණය සහ අන්තර්ජාලයේ මෙවැනි ලිපි බලන්න.

    350px-Observable_Universe_with_Measurements_01.png



    read more :
    http://en.wikipedia.org/wiki/Universe
    http://en.wikipedia.org/wiki/Observable_universe

    http://en.wikipedia.org/wiki/Galaxy

    http://en.wikipedia.org/wiki/Hubble_Ultra_Deep_Field

    http://en.wikipedia.org/wiki/Earth's_location_in_the_universe

    http://en.wikipedia.org/wiki/Milky_Way_Galaxy

    http://en.wikipedia.org/wiki/Virgo_Supercluster

    http://en.wikipedia.org/wiki/Local_Bubble

    http://en.wikipedia.org/wiki/Solar_System

    http://en.wikipedia.org/wiki/Local_Interstellar_Cloud

    http://en.wikipedia.org/wiki/Milky_Way_subgroup

    http://en.wikipedia.org/wiki/Kuiper_belt



    .....
    [FONT=&quot]©geethq [/FONT]

    [FONT=&quot] සියලුම හිමිකම් ඇවිරිණි[/FONT]

    [FONT=&quot] වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්[/FONT]

    [FONT=&quot] මෙහි පලකර ඇති ඡායාරූප වල [/FONT]
    [FONT=&quot] අයිතිය ඒවායේ නියම අයිතිකරුවන් සතුය[/FONT]
    [FONT=&quot]www.elakiri.com[/FONT]

    [FONT=&quot]මාගේ අනෙකුත් thread[/FONT]

    Tablet Computers (tabs, ipads, touch pads..) ගැන දැනගමු
    Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)
    Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)

    [FONT=&quot]rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?[/FONT]

    [FONT=&quot]Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු[/FONT]

    [FONT=&quot]ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු[/FONT]

    [FONT=&quot]ටෙරාබයිට් 6ක් (6TB) ගබඩාකළහැකි HVD ( Holographic Versatile Disc)[/FONT]


    [FONT=&quot] ..................................[/FONT]
    [FONT=&quot] .................[/FONT]
    :rofl:

    ප්‍රතිචාර හොඳ නම් විශ්වය, තරු , මන්දාකිණි, නෙබ්යුලා වගේ දේවල් ගැන තව දාන්නම් :)
    මමත් සෑහෙන ආස කරන විෂයක් මේක.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹනම් පට්ට ඩයල් එකක් බන්... හැමෝම මෙහෙම වෙනවන්ම් කොච්චර හොදද..??
    අපේ වැඩිපුර ඉන්නෙ කොපි පේස්ට් (රෙප් හිගන්නො....)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ බන් එක පාරට රිප්ලයි දාන්නෙ නැතුව ඕක කියපන්කො හොදට :P අමාරුවෙන් ලිව්වෙ :rofl:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    විශ්වයට සීමාවක් තියෙනවද බං...??:confused: එහෙනම් එතනින් එහාට මොනාද තියෙන්නේ....:baffled:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    විශ්වයට සීමාවක් තියෙනවද බං...??:confused: එහෙනම් එතනින් එහාට මොනාද තියෙන්නේ....:baffled:
    හොද ප්‍රශ්නයක් :D
    ඕක තමයි විද්‍යාඥයො ඉරාගෙන හොයන්නෙ
    විශ්වයෙ විශාලත්වය අඩුම තරමින් observable universe එකේ size එක
    ඒ කියන්නෙ ආලෝක වර්ෂ බිලියන 90 පළල අවකාශයක්
    ඊට එයා මොනවද තියෙන්නෙ කියල ලොවෙත් හොයන්න බෑ :( මොකද ආලෝකෙ වේගය නිසා ඔක්කොම bottleneck වෙනව :D
    ලිපිය කියෙව්ව නම් මම ඒක පැහැදිලි කරල ඇති.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පිටසක්වල ජීවීන් ඉන්නවද නැද්ද :P
    අනන්තවත් ඉන්නව
    තරු බිලියන ගණන් තියෙන මන්දාකිණි බිලියනයන ගානක් තියෙනව
    ඒවයි ඕනෙ තරන් අපිට වඩා අඩු වැඩි වශයෙන් දියුණු ජීවීන් ඇති. උනුත් අපිව හොයාගන්න බැරුව හොට බිම ඇනං ඉන්නව ඇති :P scumbag ligh speed limitation එක තියෙනකන් සොරි තමා
    අර stargate වගේ තාක්ශණයක් හොයාගත්ත දවසක මොකක් හරි කරන්න පුළුවන් වෙයි ටිකක් හරි
    නැත්නම් ලගම තියෙන තරුවට යන්නත් ආලෝකෙ වේගෙන් අවුරුදු 4 යන්න වෙනව :P
    ආලෝකෙ වේගෙ තියා අමාරුවෙන් ශබ්දෙ වේගෙ පහුකරගන්නෙ අපේ අයියල ලොල්