රාවණා රජ

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ක්‍රි:පූ 2554 සිට ක්‍රි:පූ 2517 දක්වා ලංකාවේ රාජ්‍යත්වය හෙබවූ [1] රාවණා රජ යනු කවු ද? ඉතිහාසය තුල රාවණා හට ඉතිරි වී ඇති හිඩැස කුමක් ද? ඔහුට සත්ය වශයෙන් ම හිස් දහයක් [ඔලු 10ක්] සහිතව සිටියේද? ඔහුගේ වාහනය ලෙස සැලකෙන දඬුමොණරය යනු කුමක්ද? ඔය ආදී අති විශාල ගැටලු ගණනාවක් ඉතිහාසය තුල අපට විසඳා ගන්නට බැරිව තිබේ. සමහරවිට රාවණා යනු අතීත මනු ගති පිළිබඳ අපට ඉතිරි වී ඇති එකම සංකේතය වන්නටත් පුළුවන.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    සිංහලේ රාජාවලියේ එන මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක, මහාබාලි, රාවණා ආදී වශයෙනුයි. මේ තිදෙනා අතුරින් රාවණා පිළිබඳව පවතින තොරතුරු ඉස්මතුවන්නේ ඉන්දියානු සාහිත්‍යයේ සඳහන් වන රාවණා තුල පවතින තාක්ෂණික හා යුධ බලය නිසාවෙන්මයි. සාහිත්‍යයේ සඳහන් වන පරිදි, රාවණා හට හිස් දහයක් සහ අත් ගණනාවක් පවතිනවා යැයි කීමෙන් පෙනීයන්නේ, ඔහු තුල තිබූ විවිධාකාර දේ කිරීමට තුබූ නිපුණ තාවය මිස සැබෑ ලෙසම ‍හිස් දහසක් තිබුණා යන්න නොවේ. එනමුදු අවසානයේ දී මේ තරම් දක්ෂතා තිබූ රාවණා රාමාගෙන් පරාජයට පත් වෙයි. ඉන්දියානු ජනතාව අදටත් "දීපාවාලී" ලෙස සමරන්නේ අර ඉහත කියූ රාවණාව රාමගේ යටතට ගැනීමයි. රාවණා හා රාම පිලිබඳව පවතින අරුමැසිවාදී සංස්කරණ අතුරින් වාල්මිකී ගේ රාමායනය යන ග්‍රන්ථය ප්‍රධාන තැනක් ගනියි.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    පෙලපත

    මවගේ පියා - සුමාලි රජ
    මව ‍- පුෂ්පොත්කටා කුමරිය
    පියාගේ පියා - පුලස්ති ඉසිවරයා
    පියා - වෛශ්‍රව ඉසිවරයා
    බිරිඳ - මන්දෝදරී කුමරිය
    පුතා - මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්
    සොයුරන් - වෙශණ,කුම්භකර්ණ , විභීෂණ , කරන් සහ දූෂණන් (නිවුන්)
    සොයුරිය - සුපර්ණකා
    මාමණ්ඩිය - කාළනෙමි ඉසිවරයා
    රාවණා රජුයේ රාජ්‍ය ධූරාවලිය ගැන අධ්‍යයනය කරන විට පොළොන්නරුවේ සිටියා යැයි කියන මහා ඍෂි පුලස්තිගේ වැඩි මහලු පුතා වන වෙසමුණි හෝ වෛශ්‍රවනගේ පුතා, එනම් පුලතිසි ඍෂිවරයාගේ මුනුපුරා වූ කුවේර යි. කුවේර යනු වෙසමුණිගේ පළමු විවාහය වූ, ඉල්ලාවිලා දේවිය ගේ දරුවා විය. පසුව වෙසමුණි ගේ දෙවැනි විවාහය ලෙස කේශිණී පත්විය. කේශිණීට වෙසමුණි ට දාව දරුවන් පස් දෙනෙකු ලැබිණි. ඔවුන් රාවණ, විභීශණ, කුම්භකර්ණ, හේම සහ පුෂ්පික නම් විය.
    කාලය ගත වෙත්ම කුවේර, තම පියරජතුමා වූ වෙසමුණි ගේ අභාවයෙන් පසුව සාමකාමීව රට පාලනය කලේ ය. මේ අතර කුවේරගේ දෙටු සහෝදරයා වූ රාවණා තම බලවත් කම ඉහළ යත්ම, ලංකා රාජ්‍ය පිළිබඳ ව සිත් පහළ විය. පසුව, රාවණා ලංකා රාජ්යටයත්, එහි පිහිටි "ආලකමන්දාවත්", කුවේරගේ අහස්යානය වූ "පුෂ්පිකයත්" තමාට අවැසි බව දැන්වීය. මින් ඉතා කෝපයට පත් වූ කුවේර, රාවණාව ඉහත යෝජනාව ද ප්‍රතික්ෂේප කර පලවා හැරීය. එනමුදු ලෙහෙසියෙන් පරාජයට පත් වන්නට තරම් ලාමක නොවූ රාවණා ස්වකීය ඥාතීන් වූ ‍යක්ෂ ගෝත්රිපකයන්ව කුවේරට විරුද්ධව මෙහෙයවා ලංකා රාජ්යෙය සියතට ගැනීමට සමත් විය. තවද කුවේරගේ ධනය, මාළිගය සහ අද දඬුමොණරය ලෙස හැඳින්වෙන " පුෂ්පිකය" ද සියතට ගන්නට සමත් විය.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    නවතම කරුණු අනුව සීතා දෙවියත් රාවණාගේ සොයුරියක් ලෙස ඇතැමුන් කරුණු දක්වයි
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    සිවු හෙළය නොහොත් සිංහලය

    ඇතැම් ප්‍රකෘතිමත් අතීත වාර්තා පවසන පරිදි, සිංහල ජාතියෙහි උපත සිදුවී ඇත්තේ ප්‍රධාන පෙළපත් හතරක් මුල් කරගෙනයි. ඒ යක්ඛ, නාග, දේව සහ රාක්ෂ යන සිවු පෙළපතයි. එනයින් ගත්කල සිවුහෙළය යනු හිරු දෙවියන්ට වැදුම් පිදුම් කල එකම රටක එක කොඩියක් යටතේ පාලනය වූ රාජ්යියක් බව නොරහසකි. තවද, හිරු සඳු සහිත රාවණ කොඩිය ලංකාවේ පැරණිත ම කොඩිය ලෙස ද සැලකෙයි. දැනට පවතින සිංහ කොඩි සංකල්පය මෙරටට ආවේ මෙයට ශතවර්ශ 25 කට පෙර පැමිණි විජය කුමරුන් සමඟිනුයි.
    රාවණා විසින් තමන් බලයට පැමිණි වහාම, ඉදිකලා යැයි කියන තම මවුපියන් සිහිකර තැනූ දෙවොල, අතීතයේ මලවුන් වන්දනාව යක්ඛ ගෝත්රිය තුල තිබූ බවට සලකුණක් ලෙස හඳුනා ගන්නට පුළුවන. මේ දෙවොල පන්ඩුකාභය රජු දවස බොදු ආගමික ස්ථානයක් බවට පත් කල බවට සැළකෙයි. පන්ඩුකාභය රජු යනු, යක්ඛ ගෝත්රකය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වූ රජ කෙනෙක් බව ඉතිහාසයේ සඳහන් වෙයි. මෙම ස්ථානය අද වන විට “ඉසුරුමුණිය” ලෙස හඳුන්වන බවට සැලකෙයි.
     
    • Like
    Reactions: akozlov68

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    එල පොස්ට් එක
    11.gif
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ආලකමන්දාව



    ආලකමන්දාව, විත්‍රකූට නොහොත් වත්මන් සීගිරිය
    ආචාරිය ලාල් සිරිනිවාස් හා මිරැන්ඩෝ ඔබේසේකර යන මහත්වරුන් පවසන පරිදිරාවණා පිලිබඳ වූ ඉතිහාස හා භූගෝලීය තොරතුරු එක් රැස් කර බලන කල පශ්චාත් ඓතිහාසික පුරාවිදු සංධිස්ථානයක් වන සීගිරිය යනු මීට ශත වර්ශ 50 කට ඉහත දී සාදන ලද රාමායනයේ එන රාවණා ගේ අර්ධ සොහොයුරා වූ කුවේර විසූ ආලකමන්දාව ද? යන ගැටළුව මතු වෙයි.
    රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ "මායා දන්නාව" නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු (වෙසමුණි) ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමයෙහි දී එය හැඳින්වූයේ චිත්රණකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව "විභීශණ" රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාවට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන් වෙයි. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු (ක්‍රි.පූ.437-367) හට රජකම ලබාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක් ලෙස සඳහන් වේ. ඒ පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බවට සැලකෙයි.
    මෙයට අමතරව, රාවණා වතෙහි කියැවෙන ලෙසට, පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්‍රයා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්‍රකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ද ඉන් පැවතෙන්නියක් නිසාවෙන් ය. කස්සප රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්‍රතිසංස්කරණය කළ හා පවත්වාගෙන ගිය එකම රජතුමා ද වෙයි. චිත්තකූටයේ (පසුව සීගිරියේ) ඇති ලෝකප්‍රකට බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළය ගැන බවට විශ්වාස කළ හැකි ය. එහි ඇති නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්රයය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්රත වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන් වේ.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    දඬුමොණරය




    අද දවසේ බොහෝ අයගේ අවධානයට ලක්වන පුෂ්පිකය හෙවත් දඬුමොණරය යනු රාවණාගේ නිල රථය ලෙස සැලකේ. දැවයෙන් නිම කරන ලද මෙහි ඉන්ධන සඳහා භාවිතා වූයේ රසදිය බවත් දියමන්තියක් ආධාරයෙන් එම රසදිය උණු කිරීමෙන් දඬුමොණරය පණ ගැන්වූ බවට සඳහන්. තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය හෙවත් වත්මන් සීගිරිය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙයි. සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන් වේ.
    පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්. තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්‍රමානයක් චිත්‍රණය කර තිබුණත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙයි. කුමක් වුවත් රාවණා හෝ කස්සප නිසා හෝ චිත්තකූට හා ආලකමන්දාවෙන් හැඳින්වෙන සීගිරිය ලොව පැරණිතම බලකොටු මාලිගාව වීම වලකන්නට නම් බැහැ.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    අංගම් ශාස්ත්‍රය

    රාවණා රජු සමය වන විට අංගං ශාස්ත්‍රය කොටස් 7කින් යුක්ත වූ අතර එම යක්ෂ ගෝත්රිගක සටන් ක්‍රම 7ට තවත් කොටසක් එකතු කිරීමට රාවණා සමත් වේ. අදටත් රාවණා සෙල්ලම් යනුවෙන් හැඳින්වෙන රාවණා රජු විසින් දියුණු කරන ලද සටන් ශිල්ප ක්‍රම අංගම්පොර සටන් කලාව තුළ දක්නට ලැබේ. මෙවැනි අන්තිම එකතු කිරීමක් ලෙස සීතාවක යුගයේ දී පළමුවන රාජසිංහ රජ හොවත් ටිකිරි කුමාරයා විසින් අංගං ශාස්ත්‍රයට “ඉලංගක්කාර” නැමැති කොටස සැලකේ.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    Rawana_statue_in_england.jpg

    ඌව වෙල්ලස්ස කැරැල්ලේදී සියලු සටන් ශිල්පීන් මාරගල කන්දේ භූගත රාවන දෙවොලේ දී පුද පූජා පැවැත්වූ රාවණා දෙවියන්ගේ කිරිගරුඩ ප්‍රතිමාව