රාවණා රජ

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ලෝකයට “මමී” හෙවත් නරක්‌ නොවන සේ සිරුරු පවත්වා ගැනීමේ විද්‍යාව දායාද කළේ රාවණ අධිරාජ්‍යයා විසින් ප්‍රගුණ කරනු ලැබූ ආයුවේදය හෙවත් ආයුෂ වර්ධන විද්‍යාවයි. රාවණ ඉතිහාසායේ ඉපැරැණි මූලාශ්‍ර ග්‍රන්ථයක්‌ වන්නේ සිව රජුගේ අහස්‌තල බෙදීම හා හෝරාශාස්‌ත්‍රයයි. ඒ අනුව තාරකා විද්‍යාවේ ආරම්භයද ඉපැරැණි හෙළයන්ගේය. ඔවුහුද ශ්‍රී රාවණාට ප්‍රථම මෙරට සිටි මහා සිව රජුගේ පරපුරේ ආදිතමයෝය. එබැවින් මෙරට රාජවංශයේද නොයෙක්‌ රජුන් සිව යන්න පෙළපත් නමක්‌ ලෙස භාවිත කළහ. (උදා:- මුටසිව, මහාසිව) සිව රජුද ආදි හෙළයෙකි. එබැවින් රාවණ රජු සිවස්‌තෝත්‍රය රචනා කළ අතර එය අද දක්‌වා හින්දූන් හා ඉන්දියානු දෙමළ ජනයා සිව දෙවි වන්දනාවට යොදාගනිති. එසේම පුරාණයේ ලක්‌ ජනතාව අතර ප්‍රචලිතව පැවැති රාවණ මන්ත්‍රයක්‌ මෙසේය.

    “ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්”

    “ඕම් සරවණ භව සිද්ධම් සිද්ධි බල වරම්”
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    වර්තමාන රාගල (රාවණගල) රාවණා යුගයත් අයත් පැරැණි නටබුන් පවතින තවත් ප්‍රදේශයකි. එහි ඇති රාවණ පබ්බත විහාරය හා එම ප්‍රදේශය වර්තමානයේ නිදන් සොරුන් අතින් සීග්‍රයෙන් විනාශ වෙමින් පවතී. රාවණගල ප්‍රදේශ සැලකිය යුතු වන්නේ හෙළයන්ගේ නිජභූමිය සේය. සිවුහෙළයන්ගේ රාජ්‍ය ලාංඡනය වූ සිංහයා සංකේතය මහා රාවණා අධිරාජ්‍යයාගේ රාජකීය සංකේතය විය. ඈත යුගයේ විසූ කේසර නම් සිංහ විශේෂය එයට පදනම් වී ඇත. කේසර යනු සූර්ය රශ්මිය හා ශක්‌තිය නිරුපණය කරන ප්‍රබල ගුප්ත විද්‍යාත්මක සංකේතයකි. සිංහ ලාංඡනයේ නිර්මාතෘද ශ්‍රී රාවණයෝය. රාවණා රජුගේ රුව ඇතුළත් ධජය රාවණ යුගයෙන් පසු ලංකා ධජය බවට පත්විය. එය ක්‍රමයෙන් ප්‍රාදේශීය කොඩියක්‌ බවට පත්වීම මෙරට රජ පරපුරේ ඇදවැටීමත් සමග සිදු වූවකි. දෙවැනි රාජසිංහ යුගයේ රන්දෙණිවලදී ලන්දේසින් ඓතිහාසික පරාජයකට ලක්‌ කළ කොස්‌මෝ විෙ-සේකර මුදලිතුමාගේ පරපුරේ ධජය එය විය. වර්තමානයේ ඛඔඔE සතුරන් පරාජය කිරීමේදී රාවණ පරපුර ඉදිකළ ශ්‍රී යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂපති ශ්‍රී රාවණ දේවාලයේ ගල් පුවරුවේ කොටා ඇති රාවණ ධජයේ අනුහසද බලපාන්නට ඇත. මෙය කුරුණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්‌ථානයේ ආසියාවේ විශාලතම ශෛලමය බුදුපිළිමය පිහිටන ගල් තලාවේම ස්‌ථාපනය කර තිබේ. රාවණ ධජයට සූර්යාලෝකය වැටීමෙන් ලංකා ආක්‍රමණිකයන්ට ඉමහත් විනාශයක්‌ සිදුවන වෙසමුණි ධජය නම් (වෙසමුණි ධරණිවත) පුස්‌කොල පොතේ සඳහන්ය.
    නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට්‌ සමූහාණ්‌ඩුවට අයත් කල්මිකියාවේ පිහිටි රාබ්ක්‌නැ ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්‍ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ”මංගර දෙවියන්ගේ වාහනය වුණු කුළු මීමාගේ නම ‘කදිර’- දවසක් කදිර උස්සන්ගොඩ තිබෙන වළේ නාන්න බැහැල තියෙනවා. ඒ වෙලාවෙ මංගර දෙවියො කිව්වලූ කදිර ගොඩ කදිර ගොඩ කියලා. ඒ කියන්නේ කදිරට ගොඩ එන්න කියලා. අද ‘කදිරගොඩ’ කියලා නම හැදිල තියෙන්නේ එම මංගර දෙයියො නිසා.-”
    උස්සන්ගොඩට යනෙන සංචාරකයන්ට බෙලිමල් වතුර විකුණන බබී නෝනා විජේසූරිය (77) මහත්මිය අප සමඟ එලෙස පැවසූවේ උස්සන්ගොඩ රතු පස් භූමියේ ආවාටයක් වැනි වළක් පිළිබද ජනප‍්‍රවාදයක එන කතාවකි. අතීතයේ උල්කාපාතයක් පතිත වූ ස්ථානයක් ලෙසද ඇතැමෙක් විශ්වාස කරති.
    උස්සන්ගොඩ වනාහි කොළඹ - හම්බන්තොට මාර්ගයේ අමිබලන්තොටට සමීපව පිහිටි කළමැටිය අභය භූමියේ හෙක්ටයාර 111 ක් ක පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති ප‍්‍රදේශයකි.
    කළමැටිය අභය භූමියෙහි ඉහළින් පිහිටා ඇති ප‍්‍රදේශය අතීතයේ සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය. සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වන උස්සන්ගොඩ අද ජනප‍්‍රවාද රැුසකටද උරුමකම් කියන දිවයිනේ පිහිටි සුවිශේෂී ම පොළෝ තලයකින් සමන්විත පාරිසරික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දුර්ලභ උරුමයකි.
    උස්සන්ගොඩ පිළිබඳ ජනප‍්‍රවාද, පුරාවිද්‍යාත්මක නටඹුන් මෙන්ම සාහිත්‍යගත තොරතුරු ද රැසක් වෙයි. ඉන් සමහරක් මෙම භූමියේ පවතින සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් බිහි වී ඇත. නමුත් ඇතැම් ජනප‍්‍රවාද පවසන්නේ අතීතයේ සිදු වූ වෙනත් සිදුවීම් නිසා මෙම භූමිය සැකසුණු බවකි.
    අතීතයේ දී රාවණ රජුගේ ”දඬු මොණරය” නැමති ගුවන් යානාව ගොඩ බට බිම උස්සන්ගොඩ යැයි තවත් කතාවක එයි. ඉන්දියාවේ රාම කුමරුගේ බිරිය සීතා දේවිය පැහැර ගෙන පැමිණි ”දඬු මොණරය” එලෙස ගොඩ බස්සවා ඇතැයි ප‍්‍රදේශවාසීන් අතර ජනප‍්‍රවාදයක් පවතියි. එයට අනුව මෙම භූමිය නිර්මාණය වී ඇත්තේ එම අනුහසිනි.
    කහ කුරුලූ සංදේශයේ මෙන්ම බලි තොවිල්, මංගර හෑල්ල, මහසොහොන් සමයම, දෙවොල්මඩු ශාන්ති කර්මයේ ද උස්සන්ගොඩ පිළිබඳ සඳහන් ව ඇත. එකල සිටම අවධානයට ලක් වූ ප‍්‍රදේශයක් ලෙස උස්සන්ගොඩ හඳුනාගත හැකිය.
    එකල උස්සන්ගොඩ ඉතා අනුහස් සහිත බිමකි. ඊට ඇතුළු වන අයට උණ රෝගය වැළඳුණු බව ප‍්‍රදේශවාසීන්ට අදත් මතකය. එම නිසා උස්සන්ගොඩට කිසියම් අද්‍රෘෂ්‍යමාන බලයක් ඇති බවට විශ්වාසයක් පවතී.
    උස්සන්ගොඩ රජ මාලිගයක් ඉදි කොට තිබී ඇත. එය මානාභරණ නැමති රජතුමාට අයත් වූවකි. මහ මුහුද විසින් බිලි ගනුලැබ ඇති ”පරෙයිගල” නැමැති ස්ථානයේ එම රජ මාලිගය ඉදි කොට තිබුණි. එහි ගල් කණු ආදී නටඹුන් තමා කුඩා කල දී දුටු බව බබි නෝනා විජේසූරිය මහත්මිය අප සමග ප‍්‍රකාශ කළේ දැන් ඒවා මුහුද බත් වී ඇති බව ද සඳහන් කරමිනි.
    පරෙයිගල පිහිටි එම රජ මාලිගයේ සිටි මානාභරණ රජතුමා යුද්ධයකට ගොස් ඇත. තමා ජයග‍්‍රහණය කළහොත් සුදු කොඩියක් ද, මිය ගිය හොත් කළු කොඩියක් ද රාජ පුරුෂයින් විසින් රැුගෙන එනු ලැබ ඇති බව රජු සිය භාර්යාවන් සත් දෙනාට පවසා ගොස් තිබේ. අනතුරුව යුද්ධය ජයග‍්‍රහණය කොට පැමිණෙන රජු සිය භාර්යාවන්ට විහිළුවක් කිරීමට සිතා තමා මිය ගිය බව හඟවමින් කළු කොඩියක් ඔසවා ගෙන යාමට අණ කොට ඇත.
    ඒ බව දුටු භාර්යාවන් සත් දෙනා උස්සන්ගොඩ අසලින් මුහුදට වැටුණු වලවේ ගෙඟ් අතුගංගාවක් වන ”කොටි ආර” නැමති ඇළ දිගේ ඉහළට ගමන් කොට සිය දිවි නසා ගත්හයි ජනප‍්‍රවාදයක වෙයි. (මෙවැනි ජනප‍්‍රවාද දිවයිනේ ස්ථාන ගණනාවකම වෙයි)
    භාර්යාවන් සත් දෙනා ආභරණ ආදිය ගලවා තබා ගඟට පැන්න ස්ථානය අද ”ආභරණ ඇල්ල” ලෙස හඳුන්වයි. එහෙත් එක් බිසවකගේ පණ බේරා ගැනීමට එම ප‍්‍රදේශයේ සිටි රොඞී කුලයේ පුද්ගලයකුට හැකි වී ඇත. ජල පහරට ගසාගෙන යන රජ බිසවක් වෙත කුල්ලක් දමා ඇය ගේ දිවි බේරා ගැනීමට එම පුද්ගලයා සමත් විය. පසුව එම රජ බිසව ඔහුගේ බිරිය බවට පත් කර ගැනුණි. උස්සන්ගොඩට නුදුරු ”රොඞී මෑල්ල” ට එම නම ව්‍යවහාර වන්නේ ඉහත කී ජනප‍්‍රවාදය නිසායැයිද පැවසේ.
    උස්සන්ගොඩ බිමෙහි ඇත්තේ තද රතු පැහැති පස් ස්ථරයකි. එය හෙක්ටයාර් ගණනාවක් පුරා පැතිර පවතී. උස්සන්ගොඩ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ වසර මිලියන 15 කට පමණ ඉහත දී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම සුවිශේෂී භූමිය නිර්මාණය වී ඇති බවකි. පිළිස්සීම නිසා රතු පැහැ වූ පස ද උණු වූ පාෂාණ ද ඒ සඳහා සාක්‍ෂි සපයයි. උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැක ගත හැකිය. ඒවා ඉතා බරැුතිය. ගිනි කන්දකින් පිටාර ගලා නිසොල්මනේ සිටින ලාවා වැනිය. පස පිළිබඳ පර්යේෂණ පවත්වන විශේෂඥයන්ගේ අවධානය ඒ කෙරේ යොමු වූයේ රතු පස්, සුවිශේෂී පාෂාණ නිසාය.
    රතු පස් නිසාමදෝ මෙහි ශාක නොවැඬේ මෙම භූමිය පුරා පිහිටි කටු වන ලැහැබ කතරක පිහිටි ක්‍ෂෙම භූමියක අසිරිය ගනියි. මෙම අපූරු භූමියෙහි ශාක පැළවන්නේ නැත. නමුත් සුළඟ ආදියෙන් එම සුවිශේෂී රතු පස් මත වෙනත් පස් ස්ථර තැන්පත්වීමෙන් කළමැටිය අභය භූමියේ ඇති කරඹ, පතොක්, එරමිණියා ආදී ශාඛ ශුෂ්ක පරිසරයට ඔරොත්තු දී සිටින ඒවා තැනින් තැන වන ලැහැබක් සේ විටෙක දිස්වෙයි. උස්සන්ගොඩ එක් අර්ධයක් කෙළවර වන්නේ මහ සයුරෙන්ය. එය ඉතා ශීඝ‍්‍ර ලෙස මුහුදු රකුසාට බිලිවන ප‍්‍රදේශයකි.
    ඉතිහාසයේ සිදුවීම් රැසකට මෙන්ම ජනප‍්‍රවාද රැසකට ම තෝතැන්නක් වූ උස්සන්ගොඩ අද ලෝක උරුමයක් වැනිය. දෙස් විදෙස් සංචාරකයෝ ඒ වෙත පැමිණෙති. උස්සන්ගොඩට යාමට ඇති තාර හෝ කොන්ක‍්‍රීට් හෝ නොදැමූ පාර වැසි දිනවලට ජලය පිරුණු වළවල් බවට පත් වෙයි. එවා සැකසීමට පියවර ගැනීම බලධාරීන්ට බාර ය. අනෙක් අතට ඒ වෙත යනෙන ඇතැම් සංචාරකයන් ද එම මා හැඟි උරුමය මත පොළිතින්, මත් පැන් බෝතල්, ආදිය දමා නොයෑමට තරම් අවංක විය යුතුය.
    අනාගත පරපුර උදෙසා කළමැටිය අභය භූමියේ සුප‍්‍රකට උස්සන්ගොඩ දෝතින් තිළිණ කළ හැකි වන්නේ එවිටය.
     
    • Like
    Reactions: danlix

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    රාවණා රජු පිළිබඳව විවිධ වූ කථා ඈත ගම්වල ජනතාව අතර තවමත් ඇත්තේ ය. මේ ඇතැම් පුරාවෘත්ත එම ගම්වල යම් යම් ස්ථාන හා බැඳී පවතී. මේ කියන්නට යන කතාව ද එසේම ය. මෙහි කොතරම් දුරට සත්‍යතාවක් ඇද්ද යන්න අපි නොදනිමු. එහෙත් මේ ස්ථානයේ ඇති අරුම පුදුම බවත්, සුන්දරත්වයත්, නිසාම මෙතැන ආරක්ෂා කරගත යුතුය යන්න පිළිබඳව වගකිවයුත්තන්ට කියන්නටත්, දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත සිත මේ කෙරෙහි යොමු කරවීමේ අරමුණ ඇතිව අපි මෙය ඔබට කියන්නෙමු.

    මේ අතීත කතාවයි, ඒ කතාව අපට කීවේ පණ්ඩිතයාකුඹුර ගමේ ධර්මසේන,

    “රාවණා රජ්ජුරුවෝ සීතා කුමරිය පැහැරගෙන ඇවිත් ලංකාවේ තැනින් තැන සඟවා තබාගෙන ඉඳලා තියෙනවා. රාවණා රජු සොරා ගෙන ආ සීතා කුමරිය සොයන්නට ලංකාවට ආවේ ‘හනුමාන්’ නම් වානර රජු. ඔහු දවසක් සීතා කුමරිය සොයමින් යන අතරේ රාවණා රජු ඔහු දුටුවා. ඒ වනවිට සීතා කුමරිය හිටියේ දියපහරක් අද්දර. රාවණා රජු කල්පනා කළා හනුමාන් සීතා දුටුවොත් ඔහුට ඇය දෙන්නට සිදුවන බව. ඒ නිසා ඔහු කපටි කමක් කරන්නට සිතා සීතා රෙදිකඩකින් වසා දැමුවා.

    ඉන්පසුව රාවණා රජු හනුමාන්ට කිව්වලු සීතා කුමරියට බෝවන කුෂ්ට රෝගයක් තියෙනවා. ඒ රෝගය සුවකිරීමට නම් දඹදිව ඇති ගරුඬ පාෂාණයෙන් කෑල්ලක් ගෙනැල්ලා දෙන්න කියලා. හනුමාන් එසැනින් ම ඉන්දියාවට ගිහින් තිබෙනවා. නමුත් ඔහු ගරුඩ පාෂාණය ගෙනෙන විට සීතා හෝ රාවණා රජු එහි දකින්නට ඉඳලා නැහැ. හනුමාන් ගරුඬ පාෂාණය ඒ දියපහර අද්දරම දමලා ගිහින් තියෙනවා.

    ඔය අතර රාවණා රජු ඊට ඈතින් පෙනෙන කඳු උඩ තිබෙන ගල්ලෙන් පංචයේ (ගල්ලෙන් පහක) සීතා කුමරිය සඟවා තබා තිබෙනවා. අදටත් මේ ගමේ අය අතර තිබෙන විශ්වාසයක් තමයි සුව නොවන කුෂ්ට රෝගයක් තිබුණොත් ඊට ප්‍රතිකාරයක් ලෙස ගරුඩ ගල් කෑල්ලක් දෙහි ඇඹුලෙන් උරච්චි කර ගෑවහම රෝගය සුවවෙනවා කියන එක.

    මේ කතාව බොහෝ පැරැණිය. එහෙත් අතීතයේ සිට පැවත එන ගරුඩ පාෂාණය සහිත දියපාර නම් තවමත් නිරුපදුිතව අපට දැකගැනීමට හැකි ය.

    කොහේද මේ ගරුඩ පාෂාණය හෙවත් ගරුඬගල තිබෙන්නේ? ඔබේ හිතට කුතුහලයක් ගෙනෙනු ඇත.

    නුවරඑළියේ සිට රාගලට ගිය අපි රාගලින් මන්ත්‍රිතැන්න හරහා වැටී ඇති මාවතේ ගමන් කළෙමු. කැරට්, බීට්, අල, ගෝවා ආදී වගාබිම් මැදින් ද තේවතු, මැදින් ද යන ගමන බෙහෙවින් සොඳුරුය, මධ්‍යහනයේ වුව ද සීතලෙන් ආරක්ෂා වීමට උඩු කබා හැඳගනිමින් එළවළු පාත්තිවල යුහුසුළුව වැඩ කරන ගැහැනුන් පිරිමින් ගේ දසුන අපූරු ය. අපි රාගල සිට කිලෝමීටර් තුනක් පමණ ගියෙමු.

    “මෙතැනින් එහා නම් යන්න බැහැ. පේනවනේ පාරේ හැටි”

    අපට මඟ පෙන්වන්නට ගිය මන්ත්‍රීතැන්නේ මේනක ධර්මප්‍රිය හා ධර්මදාස මැසිවිලි නඟති.

    එතැන් සිට කිලෝමීටර් එක හමාරක් පමණ අප ගියේ ත්‍රිරෝද රියකිනි.

    “මේ ගමේ කෙනෙක්ට ලෙඩක්, හැදුණොත් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි රෝහලකට රැගෙන යන එක. පාර අබලන් නිසා යන්න අමාරුයි. ත්‍රිරෝද රථ වල යට ගල්වල වදිනවා. ඒත් අමාරු ලෙඩෙක් ගෙනියන කොට පුළුවන් තරම් ඉක්මනට රෝහලට යන්නයි බලන්නේ.”

    අසීරු මඟේ ත්‍රිරෝද රථය ධාවනය කරමින් සඳරුවන් පවසයි.

    අපි ඔහු හා කිලෝමීටර් එකහමාරක් පමණ ඔබ්බට ගියෙමු.

    ගරුඬ පාෂාණය නැරඹිමට පැමිණි අය එයට හානිකරන අයුරු

    එතැන් සිට අපි ගරුඩගල සොයා පා ගමනින් ගමන ඇරැඹුවෙමු. දුර්ලභ ඖෂධ වර්ග මෙන් ම වටිනා දැව ශාඛයන්ගෙන් හෙවණ වූ මඟ ඇත්තේ නිසොල්මන් බවකි. පරිසරය බෙහෙවින් නිහඬ ය. පාළු ය. පල්ලම් බසිමින් ගිය අපි එක්තැනකදී මඟ නතර වුනෙමු. එතැන බෙහෙවින් ලිස්සන සුළු ය. රූස්ස ගසක අත්තක එල්ලී පහළට බසින්නට අපි උත්සාහ දැරුවෙමු. වේලාව සවස තුනහමාරට හතරට පමණ ඇත. එහෙත් ඒ අවට පරිසරය බෙහෙවින් අන්ධකාරය. ඈතින් හඹා වැටෙන දියඇල්ලේ හඬත් රැහැයියන්ගේ හඬත් පරිසරයේ ඇති නිසලතාව බිඳ දමයි. බිඳී යන ඒ නිසලතාව මැදින් ඇසෙන්නේ ගලකින් ගලකට ගසන හඬකි.

    තෙතබරිත පාරේ ගිය අපි ගරුඩ පාෂාණය සහිත දියපහරට ළංවුණෙමු. ගමනේ දුෂ්කරතාව එතැනින් නිමා විය. නෙතට හසුවූයේ අපූරු පාෂාණ තලාවක සොඳුරු බවකි. එහෙත් එහි සුන්දරත්වය බිඳිමින් සිතට ආවේ සියුම් කනගාටුවකි.

    “ඕක තමයි වෙලා තියෙන දේ. මේක බලන්න යන එන අය ගල කඩාගෙන යනවා. කාලෙකට කලින් හාමුදුරුවෝ කෙනෙකුත් මෙතන මහා පරිමාණයෙන් ගල කැඩුවා. ඒත් කවුරුවත් ඒ ගැන අවධානයක් යොමු කළේ නැහැ. පත්තරවල මේ ගරුඩගල ගැන ගියාට පස්සේ ක්‍රමයෙන් මෙතැනට එන පිරිස වැඩිවෙලා තියෙනවා.”

    මන්ත්‍රීතැන්න ගමේ මේනක පවසන්නේ කනගාටුවෙනි. ගරුඩ පාෂාණය ඔවුන්ගේ ගමට ආඩම්බරයකි. ශ්‍රී ලංකාවේ හැරුණ විට මෙවැනි නිල් ගරුඩ පාෂාණයක් දැකිය හැක්කේ ඉන්දියාවේදී පමණක් බව ඔවුන්ගේ මතයයි.

    අප එහි යනවිට ද දේශීය සංචාරක දෙපිරිසක් ම එහි පැමිණ සිටියහ. ගරුඩ පාෂාණය තෙමාගෙන වැටෙන දියපහර බෙහෙවින් සීතලය. එමෙන් ම පරිසරය ද සිහිලැල්ය. අපේ ගමේ පවුල් එකසිය විස්සක් විතර ජීවත් වෙනවා. රාගල ඉඳලා ගරුඬ ගල ගාවට කිලෝමීටර් දහයක් විතර එන්න ඕන. මන්ත්‍රීතැන්න ගම පහුකරලා ආවට පස්සේ පණ්ඩිතයාකුඹුර ගමට තමයි මේ නිල්ගරුඬ ගල අයිතිය තිබෙන්නේ. මෙතැනට එන්න තවත් පාරවල් දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ වලපනේ, රුපහා පාර හරහා.

    අනෙක් පාර තියෙන්නේ උඩුපුස්සැල්ලෑව හරහා. කොහොම වුණත් එතැනට යන්න ළඟම පාර තමයි රාගල මන්ත්‍රීතැන්න හරහා පාර. මේ දියපාර පටන් ගන්නේ පණ්ඩිතයා කුඹුර ඉහළ කොටසින්. දියපහර ගලාගෙන යන්නේ රූපහා ඔය හරහා මහවැලි ගඟට. මේ පාෂාණයේ විවිධ පාට වර්ග තිබෙනවා. අපිට පැහැදිලිවම දකින්න පුළුවන් පාට වර්ග කිහිපයක් ම තිබෙනවා. කිරිපාට, සුදුපාට, තදකොළ පාට, කළු පාට හා රෝස පාට ඒ අතර වෙනවා. මේක ගැන තවමත් හරියට සොයා බැලීම් කෙරිලා නැහැ. නමුත් මේ කලාපය රක්ෂිත කලාපයක්. මේවගේ දුර්ලභ ගනයේ පාෂාණයක් අපේ ගම ආශ්‍රිතව තිබෙන එක අපිට ලොකු ආඩම්බරයක්. නුවරඑළියට බොහෝ සංචාරකයෝ එනවා. ඒ එන අයට මෙතැන බලන්න එන්න පුළුවන්. ඒත් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි හරිහමන් මාර්ගයක් නැතිකම.”

    පණ්ඩිතයාකුඹුර ගමේ ආරියපාල පවසන්නේය.

    ගම්මුන්ට ඇති ලොකුම අඩුපාඩුව ගමට හරිහමන් පාරක් නොමැතිකම ය. එහෙත් ගරුඬ පාෂාණය බැලීමට කැමැත්තෝ ඒ දුෂ්කර ගමන කෙසේ හෝ පැමිණෙති. එසේ පැමිණි කෙනෙකි. එස්.එම්. නයනා.

    “මම දැන් පදිංචිවෙලා ඉන්නේ නුවර. අපේ අම්මගෙ ගම කරඳගොල්ල. මම පුංචි කාලේ මෙතැනට ඇවිත් තියෙනවා. එතකොට මගෙ වයස අවුරුදු නවයයි. දැන් මගෙ වයස අවුරුදු තිස් අටයි. ඉස්සර මෙතැනට එන්න හරිම අමාරුයි. අඩිපාරක් විතරයි තිබුණේ. අපි පොඩි කාලේ එනකොටත් එක එක්කෙනා මේක කඩාගෙන යනවා. ඒ කාලේ මීට වඩා ගරුඬ ගල තිබුණා. මම නව වතාවක් විතර මෙතැනට ඇවිත් තියෙනවා. මගෙ දුවට අවුරුදු නවයයි. මේ පාර මගෙ දුවත් ආවා. මේ පරිසරය හරිම සිහිලැල් මං මෙතැනට හරිම ආසයි. ඒ හින්දමයි ගමන අමාරු වුණත් ගමට ආවහම මෙතැනට ගොඩවෙලා යන්නේ.”

    ගරුඬගල බලන්නට යන කවුරුත් පාහේ නිතර දෙවේලේ එහි යාමට කැමැති ය. විශේෂයෙන් ම ප්‍රදේශයේ කොලු කුරුට්ටන් නිතර එහි ගැවසෙති. ඔවුහු තම ගමේ සම්පත රැක ගැනීමට මෙන් ගරුඬගල බැලීමට යන අයගේ පසුපසම යති. මේ නිසා සීතල ජලයේ වුව ද දවසට දෙවරක් තුන් වරක් පැන නෑමට ඔවුහු මැලි නොවෙති. අපත් සමඟ මඟ පෙන්වන්නට ගිය අසංක, උෂින්, ඉසුරු තිදෙනා ද එසේ ම ය.

    ගමේ අය කවුරුත් එක හඬින් කරන්නේ එකම ඉල්ලීමකි. හැත්තෑ හැවිරිදි ආර්.එම්. ධර්මසේනගේ ද ඉල්ලීම ඒක ය.

    “මම පුංචි කාලේ ඉඳලම ඔතැනට යනවා. පුංචි කාලේ අපි යද්දී අඩි පාරක් තිබුණේ. මේ ගරුඬ පාෂාණය ආරක්ෂා කරගන්න; ඒක තමයි වැදගත් ම දේ. අපේ ගමට ඒක ආඩම්බරයක්.

    සවස පහ හය වන විට පරිසරය අන්ධකාරයට හැරෙයි. ඈත නම නොදන්නා කඳු පේලි මීදුමින් වැසී ගොස් ය. කාලයක් තිස්සේ කැලයෙන් වැසී තිබූ පණ්ඩිතයාකුඹුර ගම හා ඒ අවට ගම්මාන හඳුනාගෙන තිබූ නිල් ගරුඬ ගල ක්‍රමයෙන් ජනාකීර්ණ වන්නට පටන් ගෙන ඇත. හෙට අනිද්දා වනවිට එහි යන එන පිරිස වැඩිවේවි. ඉදින් කරන්නට එක ඉල්ලීමක් ඇත. මේ දුර්ලභ පාෂාණය හා ඒ ආශ්‍රිත දියපහර බොහෝ වටින්නේ ය. එය සුරැකීම එහි යන එන හැමගේ ම වගකීමයි.
     
    • Like
    Reactions: sanath ekanayake

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ශ්‍රි ලන්කාවේ විසු රාවණා රජතුමා රාමන් රාවණ මහ සන්ග්‍රාමයෙන් මියගිය බැව් රාමායනය පවසනා නමුත්,රාමගේ හී පහරින් සිහි මුසපත් වු රාවණ රජුගේ දේහය නුවර එළිය දිස්ත්‍රික්කයේ
    "මහ කුඩුගල කදු" මුදුනේ සුරක්ශිතව තැන්පත් කර ඇති අතර, එම සිරුර ගන්ගා නම් ගගේ දිය බිදකින් යම් දිනෙක තෙමන අතර ඉට පසු රාවණා රජුට නැවත සිහි ලැබෙන බවත් දීර්ඝතම සිහිමුර්ජාවෙන් සිහි ලැබු රාවණා රජ තෙමේ භාවනා කීරීම පිණිස හිමාල වනයේ මහා දභගස් අරණට... යන බවත් ඉපැරණි පුස්කොළ ග්‍රන්තයක සදහන්වේ.

    මෙම පුවතේ සත්යය අසත්තාවය කොතෙනෙක්දැයි අපි නොදනිමි.
    දැනට සියවස් පහකට පමණ පෙරලියා ඇති මෙම පුස්කොළ සටහන ඉට පෙර ලියා තිබුණ රන් පතී ඊරුවලින් උපුටාගත් බැව් එම පුස්කොළ සටහනේ සදහන් කර ඇත.
    රාවණා රජතුමාගේ රාජකීය රන් මිරිවැඩිසගල නුවර එලියේ හක්ගල කද්බැවුමෙ පතොක් උයන මැද ඉතා ගවුරවනීය ලෙස තැන්පත් කර ඇති බැවත්, එය නයි පෙණ හතකින් ආරක්ෂිත ලෙස තැන්පත් කළේ විභිෂණ රජු විසින් බවත්ද එහි සදහන්ය. රාවණා දේහය සොයා ගැනීමට ප්‍රථම මෙම රන් මිරිවැඩි සගල අවුරුදු 95 ක මහල්ලෙක් විසින් සිය හිස මුදුනක තබාගෙන පැමින ශ්‍රි දේහය අසල තැබිය යුතු බවත් එම පතිරුවල වැඩිදුරටත් සදහන්වේ.

    හග්ගල තිබෙන මෙම රන් මිරිවැඩි සගල නිධානය ලබා බැනීම සදහා කිසිදු බිලිපුජාවක් ඕන නැතිබවත්, එයට සහාභගි වන තැනැත්තා මස් මාන්ෂ බක්ෂණයෙන් තොර වයස අවුරුදු 50 ඉක්ම වු පුද්ගලයෙක් විය යුතු බවත් එහි සදහන්වේ.
    මේ සියල්ලටම පෙර හක්ගල කදු මුදුනේ තුන්මන් හන්දියේ ගල් කුලක සගවා තිබෙන"පසින්ගල් මාණික්කය" ගත යුතුව ඇත. එම මාණික්කය අතට ගත යුත්තේ මුලින්ම රාවණ ආකර්ෂණ මන්තරයෙන් 1108 වරක් ජප කර සුවද දුම් අල්ලා රතු මල් දමක් එම ගිරිකුළ අසල තබා පුද පුජා කළ යුතුය.එවිට සෙයිලමය මන්ජුසාව විවුත වනු ඇත.අනතුරුව රක්ත වර්ණ පට පිළියෙන් දැත් වසාගෙන එම ගෝලාකාර පසින්ගල් මැණික අතට ගෙන මල් යහනාවක් මත තබා නැවත රාවණ ආකර්ෂණ මන්ත්‍රයෙන් ජප කළ යුතුය. මෙම කටයුතු සදහා බිලි පිදිම සම්පුර්ණයෙන්ම තහනම්ය.
    රාවණා දේහය සොයා ආරම්භ කිරිමේ පළමුවැනි පියවර වී ඇත්තේ මෙම පසින්ගල් මැණික සොයා ගැනීමයි. එය කිසිවිට නිධන් හොරුන්ට කළ නොහැකි ක්‍රිරියාවක් වන්නේ අටසිල් සමාදන් වූ පිරිමි පුද්ගලයින් 108 දෙනෙක් සුදූ මල් වට්ටි එක බැගින් ගෙන කරණීයමෙත්ත සූත්‍රය ස්ජ්ජායනා කරමින් ලග්ගල කදු තරණය සදහා ඇසළ පසළොස්වක දිනය පිටත් විය යුතු බැවිනි.

    මෙම පසින්ගල් මැණික සමන් මල් යහනක තබා රාවණා ආකර්ෂණ මන්තරයෙන් ජප කරන විට රාවණාගේ රන් මිරිවැඩිසගල ලබා ගන්නා ක්‍රමයත්, මෙම මාණික්කය රත්නය තුළින් පෙනෙන බැව් සිද්ධ රාජ පති ඉ රුවල සදහන්ව තිබේ.
    රාවණා අදිරාජයාගේ රන්,රීදි,මුතු මැණික් සතර මහ නිදානයද රාවණාගල(වත්මන් රාගල) කන්දේ සෙයිලම මන්ජුසාවක් තැන්පත් කර ඇත.එම නිදානයේ වස්තුව තැන්පත් කර ඇත.එම නිදානයේ වස්තුව එක් පුද්ගලයකුගේ පරිබෝජනයට පත් නෝකළ යුතු බවත් එම වස්තුව රෝහණ ප්‍රදේසයේ,සබරගමුවේ සහා මදයම කදුකරයේ සන්වර්දන කටයුතු සදකා යෙදිය යුතු බැව් පැවසේ,මෙම පුස්කොළ ග්‍රන්තයේ සදහන් බෝහෝ කරුණු මිනිසෙකුට කළ නොහැකි දෙවල් ලෙස එක්වරම පෙනී යන නමුත් එහි සත්තයක් ඇත.
    නමත්, කවරදා හෝ යම් දිනක කෙසේ හෝ මෙම කරුණු සිදුවනු ඇතැයි සිද්ද රාජ පත් ඉ රුවල පැවැසේ.
    වර්ෂ දහස් ගණනකට පෙර යුද්දයෙන් මියගිය රාවණා රජතුමාට නැවත පණ ලැබීම විස්වාස කළ නෙහැකි කතාවකි. නමුත්, රාවණ රජතුමා කිසිදිනක කිසිවෙක් අතින මියනොයෙන බවට මහ බ්‍රහ්මයාගෙන් වරලත් එකම මනුෂයා බැව් අප අමතක නොකළ යුතුය.රාවණ දේවත්වයට සමීප වු මිනිසෙකි.

    "රාම - රාවණ මහා සන්ග්‍රාමයේදී සිදුවී තිබෙන්නේ රාවණා රජු මියයැම නොව විෂ හී සැරයෙන් සිහිමුර්ජාවීම බවත්,රාවණා නැවත පණ ලබන්නේ මහා බ්‍රාහ්මයාගේ ආශිර්වාදයෙන් බවත් සිද්ද රාජ පත් ඉ රුවල සදහන් වී තිබේ. රාවණා රජු යුද්දයෙදි මිය නොගිය බැව් සදහන් කරන රාවණ කතා පුස්කොළ ග්‍රන්තයද පවසන්නේ රාම රාවණා ගැටුමෙන් රාවණා මිය නොගිය අතර සිහිමුර්ජා වු රාවණා සිරුර මහකුඩුගල ගිරි ශිඛරයේ සෙයිලමය මන්ජුසාවක තැන්පත් කළ බවකි".
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    දාර්ශනික අදහස්‌වලින් පරිපූර්ණ වූ වේද වේදාංශ, බ්‍රාහ්මණ, උපනිශද් හා වීරකාව්‍යවලින් පෝෂණය වූ රටකි ඉන්දියාව. ජාතියක්‌ හැටියට එක්‌වන්ව නැගී සිටීමට ඔවුනට අනුබලයක්‌ වී ඇත්තේ වීරකාව්‍යයි. මහාභාරතය, රාමායනය ඔවුන්ගේ සාහිත්‍යයට එක්‌වී ඇතතේ වීරකාව්‍ය වශයෙනි. වීරකාව්‍යයන් ලෙස ප්‍රසිද්ධ කථා අතර රාම - රාවණ, කුරු - පාණ්‌ඩව හා සුර - අසුර වැනි කථා තුළින් නින්දිතයා පරාජයට පත්වෙන අතර වීරයා ජයග්‍රහණය කරයි. අසාධාරණය වෙනුවෙන් සටන් වදින වීරයාගේ කථාවෙන් ඉන්දියානු ජාතිකයා තුළ මහත් අභිමානයක්‌ ඇති කෙරේ. ඔවුන් අපරාජිත ජාතියක්‌ බවට පත් කෙරේ.

    රාමායනය පැරණි කෘතියක්‌ හැටියට වැදගත් වූවත් වීරකාව්‍යයක්‌ හැටියට අපට වැදගත් වන්නේ නැත. කුමක්‌ හෙයින්ද, ශ්‍රී ලාංකික රාවණා පිළිබඳ තොරතුරු නොදැන රාමට අත්පුඩි ගැසීම අපට තරම් නොමැති බැවිනි. ශ්‍රී ලාංකිකයාට පැරණි වීර කාව්‍ය සාහිත්‍යයක්‌ නොමැත. තිබුණත් ඒවා වැළලී ගොසිනි. අපට යම්තම් හෝ අභිමානයක්‌ ඇතිවන්නේ දුටුගැමුණු රජතුමාගේ කථා ප්‍රවෘත්තියෙනි. විජයගෙන් පැවත එනවා යෑයි විශ්වාස කරන අපට යක්‌ෂගෝත්‍රිකයන්ගෙන් පැවත එන රාවණා නින්දිතයෙකි. සීතාව දූෂණය කළේ යෑයි රාමායනයේ බැරිවීමකින් හෝ සඳහන් වූවා නම් රාවණ අපට සල්ලාලයෙකි. වරක්‌ බුදුන්වහන්සේ ලක්‌දිවට වැඩම කළ අවස්‌ථාවේ අසංවර යක්‌ෂ ගෝත්‍රිකයන් පෙළහර පා දමනය කොට ගිරි දිවයිනට පන්නා දැමූ බවක්‌ සඳහන් වෙයි.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    විජය ලංකාදීපයට පැමිණ මෙහි ජනාවාස ඇති කොට කෘෂිකාර්මික රටාවකට හුරු පිරිසක්‌ බිහි කළ බවත් ඒ වන විට ලංකාවේ ආදි වාසීන් වන යක්‌ෂගෝත්‍රිකයන් පහත් චර්යාවල යෙදෙමින් දඩයම වෘත්තියක්‌ කොට ජීවත් වූ බවත් බොහෝ අයගේ මතයයි. විජය ඇතුළු පිරිස උසස්‌ කොට තැකීමත් සමග ශ්‍රී ලාංකික අනාර්යයන් හෙවත් යක්‌ෂ ගෝත්‍රිකයන් පිළිබඳ තොරතුරු ඓතිහාසික ග්‍රන්ථවලින් මග හැරී තිබීම කනගාටුවට කරුණකි.

    යක්‌ෂගෝත්‍රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක්‌ වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්‌ථ වංශය වශයෙනි. නැව් තාක්‌ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්‌ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්‌කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්aaaනට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    කේවේසස්‌ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ.

    "ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක්‌ සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්‌ථා රක්‌නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්‌ෂීර කේමවැ මිනිමිහි දේශේ"

    ඔදැතිය උපුල්වන් ගිරිදෙස්‌ රකුන්පති ඊ බලපති වී

    ඔදැතිය රකුන්ගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී

    ඔදැතිය නීලගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී

    ඔදැතිය කාවස්‌ලාභ රකුන්පති ඊ බලපති වී

    ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී

    ඔදැතිය වාලුක දෙස්‌ රකුන්පති ඊ බලපති වී

    ඔදැතිය අග්නිදෙස්‌ රකුන්පති ඊ බලපති වී

    ඔදැතිය විලෝපාදි දෙස්‌ රකුන්පති දෙස්‌ බලපති වී
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්‌ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක්‌ තිබිණි. එකක්‌ වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්‌ථ වංශයයි. දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්‌ත මහගිරි යක්‌ෂ සෙන්පතියාගේ පාලන ප්‍රදේශයයි. යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්‌න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය. කවිලාශි අග්නිපාලී දේවිය පුණ්‌න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්‌දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය. එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්‌න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්‌දිවට වැඩම කළහ. මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්‌කම නමින් ප්‍රසිද්ධියට පත්විය.

    යක්‌ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්‌කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක්‌ දෙරණේ පය තැබූ ස්‌ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය. මෙය ලක්‌දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්‌වීම නිසා මේ ස්‌ථානය පූජනීය ස්‌ථානයක්‌ බවට පත්විය. පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්‌ථානය අදටත් අප්‍රකටව පවතී. වරිග පූර්ණිකාවට අනුව බුදුන්වහන්සේ වාලුකා දේශය, වැලිවෙහෙර (විල්පත්තුව), ගිරිදේශය, නීලගිරිය, රකුන්ගිර යන ස්‌ථානවලට වැඩම කළේය. නීලගිරියේදී උන්වහන්සේ විෂකුම්භණ සූත්‍රය දේශනා කළහ. එය ශ්‍රවණය කළ කවිලාශ අග්නිපාලී දේවිය අරහත් ඵලයට පත්වුවාය. මෙම රහත් මෙහෙණිය මීමථ කඳුර අද්දර ආරාමයක්‌ කොට වැඩ විසුහ. රත්නාවලී රහත් මෙහෙණිය නමින් ප්‍රසිද්ධියක්‌ ඉසුලු මෙම මෙහෙණින් වහන්සේ ලංකාවේ භික්‌ෂූ භික්‌ෂුණී සාසනය පිහිටුවීමට මූලිකත්වය දැරූහ.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    නීලගිරියේ බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ ස්‌ථානය තම ගෙල පැළඳ සිටි මුතු මාලය තැන්පත් කොට විෂකුම්භණ නම් චෛත්‍යයක්‌ කවිලාශිපාලී මෙහෙණිය විසින් ඉදි කරන ලදී. මෙම විෂකුම්භණ නම් චෛත්‍යය අදත් මානෑකන්දේ නටඹුන් අතර දක්‌නට ලැබේ.

    රකුන්ගිරට වැඩම කළ බුදුන්වහන්සේ එහිදී ගිරිභද්‍ර සෙන්පතියාගේ මිථ්‍යා මත දුරු කොට ධර්ම දේශනා කළහ. බුදුන්වහන්සේ මෙම ස්‌ථානයේ ද ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළහ. සච්චභද්ද ගිරිය නමින් ප්‍රසිද්ධ වූයේ මෙම ස්‌ථානයයි. සත්නාගිර හෙවත් රකුන්ගිර සිට උපුල්වත් ගිරියට වැඩම කළ බුදුන්වහන්සේ එහි වස්‌ කාලයක්‌ වැඩ විසුහ. යක්‌ෂ ගෝත්‍රිකයො බුදුන්වහන්සේට වැඩ සිටීමට ලෙනක්‌ පූජා කළේය. දඹුලු විහාරයේ අදත් ඒ ලෙන නිරුපද්‍රිතව පවති. මූලින්ම බුදුන් වහන්සේට පූජා කළ විහාරය දඹුලු විහාරයයි. ඒ බව සනාථ කෙරෙන සෙල් ලිපිය පහත දැක්‌වේ.

    ගෞතම ශ්‍රමණේ බඩගරික අනද තෙරශ, පුණ තෙරශ, පුස තෙරශ අගමාගත ලෙන මනස දසන නම අගත අනගත වතුදශ ශගස (උපුටා ගැනීම - අපට අහිමි වූ අපේ උරුමය මුකලන්ගමුවේ පඤ්ඤානන්ද හිමි)

    කවිලාශිපාලි රහත් මෙහෙණියට දියණියන් දෙදෙනෙකි. ඔවුන් නම් මහාපාලි, සෘෂිපාලි යන දෙදෙනාය. ගිරිභද්‍රගේ අභාවයෙන් පසු ගිරි දේශයේ පාලිකාව බවට පත්වූයේ මහපාලී කුමාරියයි. ඇය කවිලාශිපාලි මෙහෙණිය පිරිනිවන් පෑ විට එම ස්‌ථානයේ කුඩාවට චෛත්‍යයක්‌ ඉදිකොට බුහුමන් දැක්‌වූවාය. පසුව දුටුගැමුණු රජු එම චෛත්‍යය විශාල කොට බැඳ රත්නමාලී යන නම තැබූවේ කවිලාශිපාලී මෙහෙණියට කරන ගෞරවයක්‌ හැටියටය. රත්නමාලි චෛත්‍යයේ ඉදි කිරීමද යක්‌ෂ ගෝත්‍රිකයන් හා බැඳී පවතින බව මෙමගින් තහවුරු වේ.

    එබැවින් රාවණා පරපුර බෞද්ධ සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වූ ශේ්‍රෂ්ඨ ජාතියක්‌ බව පිළිගන්නට සිදුවේ.


    ත්‍රිපිඨකවේදී පණ්‌ඩිත ශාස්‌ත්‍රපති
    පූජ්‍ය මැනෑවේ විමලරතන හිමි
     

    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    නවතම කරුණු අනුව සීතා දෙවියත් රාවණාගේ සොයුරියක් ලෙස ඇතැමුන් කරුණු දක්වයි

    භද්‍රජි මහින්ද ජයතිලකගේ "රාවණ්නාපුවත" ට අනුව රාවණාගේ දුවක්.....නිවුන්නු තමයි ඉපදිලා තියෙන්නේ...පලමුව දුවෙක් හම්බ උනොත් සියල්ල විනාසවෙලා අන්තිමට කලු පැල්ලමක් විතරයි ඉතිරි වෙන්නේ කියලා වෙලාසනම රාවනා දැනගෙන හිටියලු....එ විදිහටම දුව තමයි හම්බ උනේ....පුතා (ඉන්ද්‍රජිත්) හම්බ උනේ දෙවෙනියට....එ දුවව රාවනා පිටමන් කලා රහසෙම...ජනක රජ්ජුරුවන්ට හම්බ උනේ එ දුවව තමයි.... :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙළයන් ගේ මුතුන් මිත්තා ලෙස අපට උගන්වා ඇත්තේ විජය වේ.
    නමුත් මම ඒ පිළි නොගනිමි. හොරක්, මංපහරන්නෙක්, සල්ලාලයෙක් සහ ස්ත්‍රී දූෂකයෙකු ගෙන් අප -එනම් හෙළයන්_ පැවතෙන්නේ නැත.
    මා විශ්වාස කරන ලෙසට මාගේ ආදීම මුතුන් මිත්තා මහා බලි නම් අසුරයාණන්ය. අප ඒ පරපුරේ වරුග උරුමකරුවෝ වෙමු.
    මගේ කළු හම ද, හෙළ බව ගැනද මම ආඩම්බර වෙමි. මා ගැන දන්නා අය මේ ගැන දන්නවා ඇත. මා බොහෝ විට හදුන්වා ගන්නේ "මම යකෙක්" කියාය. ඒ මගේ පිය පරපුරේ උරුමය යක්ඛ ග්‍රෝත්‍රික වන බැවිනි.
    ඔබේ ලිපියට පින් ළමයා.......!!
    එය වැදගත්........!!!!
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ශ්‍රී ලංකාවේ රාවණා රජු සමග යුද වැදි රාවණා රජු ඝාතනය කළ රාම කුමරු උතුරු ඉන්දියාවෙන් පැමිණි ක්‍ෂත්‍රියෙක්‌ නොව සුපිරි ග්‍රහලෝකයක්‌වූ පරනිම්මිත වසවර්ති දෙව් ලොව සිට මනු ලොව ආක්‍රමණය කළ මාර දිව්‍ය පුත්‍රයා යෑයි එක්‌ පැවිදි පඬි හිමි රුවනක්‌ දිගු කලකට පෙර මා සමග පවසා ඇත. එම නාහිමි දැනට අපවත් වී වදාළ ඇති බැවින් එම ශ්‍රේෂ්ඨ පඬිවරයාගේ නම මෙහි සඳහන් නොකරමි.

    බෞද්ධාගමේ මාර දිව්‍ය පුත්‍රයා ලෙස හැඳින්වෙන්නේ අන් කිසිවෙක්‌ නොව අද පිට හින්දු බැතිමතුන් රාම නමින් හඳුන්වන පිට සක්‌වල යුද විරුවා බවට සැක නැත.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ශ්‍රී ලංකාවේ රාවණා රජු සමග යුද වැදි රාවණා රජු ඝාතනය කළ රාම කුමරු උතුරු ඉන්දියාවෙන් පැමිණි ක්‍ෂත්‍රියෙක්‌ නොව සුපිරි ග්‍රහලෝකයක්‌වූ පරනිම්මිත වසවර්ති දෙව් ලොව සිට මනු ලොව ආක්‍රමණය කළ මාර දිව්‍ය පුත්‍රයා යෑයි එක්‌ පැවිදි පඬි හිමි රුවනක්‌ දිගු කලකට පෙර මා සමග පවසා ඇත. එම නාහිමි දැනට අපවත් වී වදාළ ඇති බැවින් එම ශ්‍රේෂ්ඨ පඬිවරයාගේ නම මෙහි සඳහන් නොකරමි.

    බෞද්ධාගමේ මාර දිව්‍ය පුත්‍රයා ලෙස හැඳින්වෙන්නේ අන් කිසිවෙක්‌ නොව අද පිට හින්දු බැතිමතුන් රාම නමින් හඳුන්වන පිට සක්‌වල යුද විරුවා බවට සැක නැත.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    කිසිදු මිනිසෙක්‌ අතින් සිය මරණය සිදු කළ නොහැකි ලෙස මහා බ්‍රහ්මයාගෙන් වර ලබා ඇති රාවණා රජතුමා උතුරු ඉන්දියාවේ අයෝධ්‍යාහි රාමගෙන් මරණය ලැබූ බැව් පැවැසීම පරස්‌පර විරෝධී කතාවකි.

    රාවණා රජතුමා දෙව් ලොවට ගොස්‌ දෙව්වරුන් පරාජය කළ බවත්, දෙවිවරුන්ගේ ප්‍රධානියාවූ ඉන්ද්‍ර රාවණාගේ පුත් මේඝනාද විසින් සිරභාරයට ගත් බැවින් එදා සිට මේඝනාද ඉන්ද්‍රජිත් ලෙස අපර නාමයෙන් හැඳින්වූ බවත් රාමායන කාව්‍යයේ විස්‌තර කර ඇත. රාවණා රජතුමා ග්‍රහ ලෝකවල ජීවීන්ට තදබල තර්ජනයක්‌ වූ බැව් රාමායනය කියයි.

    එම නිසා රාම කුමරුන්ගේ ආක්‍රමණය පිටසක්‌වල ජීවීන්ගේ කුමන්ත්‍රණයක්‌ ලෙස උපකල්පනය කළ හැක.