එළකිරි භූත කොටුව.........

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේක තිබුනේ අද. අලුත් නිව්ස් එකක්.

    මේක අලුත් නිව්ස් එකක්.



    ත්‍රිවිල් එකට නැග අතුරුදන් වෙන
    සුදු ඇඳගත් කාන්තාව


    අත්තනගල්ල ගෝනගල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් සුදු ඇඳගත් අත්භූත කාන්තාවක් හේතුවෙන් භීතියට පත්ව තිබෙනවා.මේ හේතුවෙන් සවස හයෙන් පසුව එම ප්‍රදේශය ජන ශුන්‍යයවන බව වාර්තා වනවා.එම ප්‍රදේශයේ කිහිප දෙනෙකු මෙම කාන්තාව දැක තිබෙන අතර ඒ අතර අත්භූත අත්දැකීම් ලද අයද වෙයි.​

    සිද්ධියට මුහුණ පෑ ත්‍රි රෝද රථ රියදුරන් එම අත්දැකීම විස්තර කොට තිබුනේ මෙසේය.​

    සුදු හැඳගත් ගැහැණු ළමයෙක් ත්‍රිවිලයට අත දමා නවත්වා ඇති අතර ත්‍රිවිලය නැවැත්වූ පසු ඇය එයට ගොඩ වී ඇත්තේ ත්‍රි රෝද රථ රියදුරාගේ උරහිසටද අතක් තබාගෙනය.ටික දුරක් ගොස් බලන විට එම කාන්තාව අතුරුදන්වී ඇති බවත් තමාගේ උරහිස ඉස්සීමට නොහැකි බවත් ත්‍රි රෝද රථ රියදුරන් කිහිපදෙනෙකුටම දැනී ඇත.​

    තවත් එක ත්‍රිරෝද රථ රියදුරෙකු මෙම අත්භූත කාන්තාව සිය රථයේ නංවාගෙන ටික දුරක් යනවිට තුරුදන් වී තිබේ.නැවත ඔහු ගෙදර පැමිණ ස්නානය කරන විට නිවසේ ජාල ටැංකිය අසලින් එම කාන්තාව මතුවී ඇත.​

    කෙසේ නමුත් සිද්ධියට මුහණ පෑ පුදගලයන් මෙම සිදුවීමෙන් කම්පනයට පත්වී ඇති අතර මේ අතර කට කතාද සීග්‍රයෙන් පැතිරගොස් තිබේ.​

    ප්‍රදේශවාසීන්ගේ භීතිය තුරන් කිරීම සඳහා පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර මහතාගේ අදහස වන්නේ මෙය මිනිසුන් අස්තානයේ බියකිරීමට ගොතන ලද කතාවක් බවයි.​

     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka

    svpslpa

    Junior member
  • Aug 15, 2008
    95
    20
    18
    මේ ලඟ...........
    ගොඩාක් හොඳ වැඩක් ඔයාලා කරන්නේ,මම හරි ආසයි මේ දේවල් ගැන දැනගන්න,ඒත් මේ වගේ අමනුෂ්‍ය බලපෑමක් නිසා අවුරුදු 20 තිස්සේ මගේ අම්ම දුක්විදිනවා,කොයිතරම් දේවල් කලත් එයාව අපිට ගලවගන්න බැරිවුනා,අන්තිමට අද මගේ අම්ම ජීවත් වෙන්නේ අංගොඩ මානසික රෝහලෙන ලැබෙන බෙහෙත් පෙතිවල බලයෙන්,මට අවුරුදු 5 තමා අම්ම පලවෙනි වතාවට අසනීප වෙලා තියෙන්නේ ඊට කලින් එයාට එහෙම දෙයක් වෙලා නැහැ,තොවිල් 3 මහා ගිහි පිරිතක් සාංගික ධානයක් දිලවත් අම්මව සුව කරගන්න අපිට බැරිවුනා.එදා පටන් අද වෙනකම් අම්මා බෙහෙත් වල පිහිටෙන් ඉන්නවා,එයාව සුව කරගන්න අපි නොගිය දේවාලයක් පල්ලියක් පන්සලක් ලංකාවේ නැති තරම්.දෙවියන්ගෙන් පිහිටක් ලැබුනේ නැති අපිට අන්තිම විසදුම වුනේ එයාව අංගොඩ මානසික රෝහලේ නතර කරන්න.අම්මව ඇඳක ගැටගහලා තියෙත්දී මට මං ගැනම ලොකු කලකිරීමක් දැනුනේ මමත් මගේ නංගිත් වෙන කිසිම දරුවෙක් විදපු නැති තරම් දුක්වින්දා.අදටත් අපිට කිසිම සැනසීමක් නැහැ.දොස්තරලා පිළිගන්න ලැහැස්ති නැහැ අමනුෂ්‍ය කොට්ටාෂ්‍යක් ඉන්න බව.එයාලා කියන්නෙම මගේ අම්මට පිස්සු කියල.ඒත් අම්ම හැසිරෙන විදියට අම්මගේ ඇඟ තුල අමුතු ශක්තියක් තියෙන බව අපිට තේරෙනවා.ඒ ශක්තිය හරිම බලවත්,දේවාලයකට ගියත් අම්මගේ දිෂ්ටිය අයින් කරන්න එයාලට බැහැ.දැන් අවුරුද්දකට කලින් එක රෑක ආයෙත් අම්ම දිෂ්ටි වුනා එදා අම්ම කියුව රෑ 12 වෙන්න කලින් තාත්තගේ ලේ හොල්ලනවා කියලා,ඉතින් අපි හුගාක් බය වුනා ඒක නිසා අම්මව ඉක්මනට දේවලයකට එක්ක ගිය ඔයාලා දන්නවත් ඇති දෙමටගොඩ ගුවන්පාලම ලග තියෙන ලුනාවේ දේවාලය අන්න එකටයි අම්මව එක්ක ගියේ.ලොකු කපු මහත්තය හිටියේ නැහැ පොඩි කොල්ලෙක් තමයි හිටියේ,එයා අම්මට මතුරන්න ගත්ත ඒත් අම්ම එයාව ගණන් ගන්නෙවත් නැහැ හිනහ වේවි ඉන්නවා,,ඒ කොල්ලට තේරුණා අම්මව මෙල්ල කරන්න එයාට බැරිබව.එයා කියුව වතුර ටිකක් මතුරලා දෙන්නම් අම්ම ගොඩක් කලබල කලොත් එක පොවන්න ඊට එහා දෙයක් එයාට කරන්න බැහැ කියුව.මොනවා කරන්නද ගෙනිච්ච විදියටම අම්මව ආපහු ගෙදර ගෙනාවා.අම්ම තනියෙන් තියන්න බැරි නිසා තාත්තත් අම්ම ගාවින් හිටිය හරියටම රෑ 12 අම්ම වතුර ඉල්ලලා තාත්තාගෙන් තාත්ත අම්මට අර මතුරපු වතුර විදුරුවක් දීලා,අම්ම එක බිලා අපිට ටිකක් එහාට යන්න කියලා වීදුරුව පොලවේ ගැහුවා.කියුවත් වගේම රෑ 12 ඒ විදුරු කටුවක් විසිවෙලා ඇවිත් තාත්තගේ දනහිස ලග කැපුනා,ඒත් අම්මව අපිට පාලනය කරන්න බැරි නිසා එයාව අපි ඇඩ්මිට් කළා,ඔය පුංචි සිදුවිමක් විතරයි.අදටත් ඔය දේවල් අපේ ගෙදර සිදුවෙනවා.මේ දේවල් ලියුවේ කවුරු හරි මේක කියවන කෙනෙක් මගේ අම්මව සුවකරගන්න අපිට පිහිටවෙයි කියලා හිතලයි.අද ගොඩාක් අය සල්ලි අරන් මිනිස්සුන්ව රවට්ටනවා.අපි ඒ වගේ කට්ටඩි 3 දෙනෙකුට අහුවුනා.එයාලට බැරිවුනා මගේ අම්මව සුවකරන්න.ඔයාලා දන්නා කවුරු හරි ඉන්නවනම් මට කියන්න.දැන් මගේ අම්මට වයස 54 එයාව ජිවත් කරවන්නයි අපිට ඕන.කවුරු හරි කෙනෙක් අපිට මගපෙන්වනවා නම් එයාට හුගාක් පින්.මේක කියවලා විහිලුවකට අරන් මාව අපහසු තාවයකට පත් කරන්න එපා.පුළුවන් කෙනෙක් අපිට උපකාරී වන්න....:(:(:(


    අද තමා මේ පොස්ට් එක දැක්කේ, අම්මව එක්ක යන්න මොරටුවේ හොරේතුඩුවේ නුගේ දේවාලයට (ඉරිදා හෝ බදාදා )පරණ ගාලුපාරේ පාලම පහුවුනාම තියන බස් හෝල්ට් එකෙන් බැහැල අහන්න. එහෙම නැත්නම් පොල්ගස්ඕවිට සුදර්ශනාරාමයට (අගහරුවදා හෝ සෙනසුරාදා ) එතන ඉන්න රොෂාන් චාරුන්ද සාමි තුමා හමුවෙන්න. දුරකථන අංකය ඕනෙනම් මට PM කරන්න
     

    svpslpa

    Junior member
  • Aug 15, 2008
    95
    20
    18
    මේ ලඟ...........
    මචන්, මමත් සෑහෙන්න මේ සබ්ජෙක්ට් එකේ ඉන්න එකෙක්. අවුරුදු 55 කියල සුවර් නැතත් පොඩි උන් ලොකු වෙච්ච ගමන් මාත් මහන වෙන්න තමා හිතාගෙන ඉන්නෙ. විශ්ව යතාර්තය මොකක්ද කියල මාත් සෑහෙන්න හොයනව, ඒ වගෙම සෑහෙන්න දේවල් හොයගෙනහ් තියෙනව.
    මෙන්න අර උඹ හොයන පොතේ විස්තර.
    මේ වෙබ් සයිට් එකේ ඔක්කොම විස්තර තියෙන්වා. මේ ඩොක්ටර් දැන් කලුබෝවිල ඉස්පිරිතාලෙ ඩොක්ටර් කෙනෙක්. මම දැන ගත්ත විදියට ජාති සෝතාපන්න කෙනෙක්. කරුනු නොදැන බැනල ආර්ය උපවාදයක් එහෙම සෙට් කරගන්න එපා.
    මෙන්න වෙබ් සයිට් එක.
    http://quantumpsychophysical.com/

    පොතේ නම මනෝ කාය, මරණය හා සසර ප්‍රගමනය, පොත් තුනක් තියෙනව. මම අද ඉන්නෙ මේ ත්‍රෙඩ් එකේ 27 පිටුවෙ, පස්සෙ කවුරු හරි මේ විස්තර දාලද දන්නෙත් නැහැ.

    පස්සෙ තව විස්තර දාන්නන්. එලකිරි එකට මම අලුත් නොවුනට, රෙජිස්ටර්ඩ් මෙම්බර් කමට අලුත්.

    ඔය කියන පොත්තුනම දැන් පොත් සාප්පුවල තියනවා
    මනෝ කාය කර්මය හා මායා ලෝකය
    මනෝ කාය මරණය හා සසර ප්‍රගමනය
    මනෝ කාය විශ්ව යථාර්තය හා තදනුබද්ධ මිත්‍යාව
    දොස්තර සනත්දේව මුරුතැන්ගේ
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth



    මෙහෙමයි සීන් එක උඹට කවදාවත් මේ සම්භන්දව හරි උත්තරයක් හොයාගන්න බැරිවෙයි:no::no:...... මොකද මේවා පිළිබඳ පර්යේශන කරන්න හෝ පැහැදිලිව ඔප්පු කරන්න සාක්ශි කාලඟවත් නෑ........ අනික, "මචං මම අද හොල්මනක් බලන්න යනව වරෙන් යන්න" කියල හොල්මන් බලන්නත් බෑ...:growl::growl:.... මේ සියල්ල අහඹු සිදුවීම්.... මම මේ සම්භන්දව පර්යේශන කරන කාලෙ තාක්ශණය හරි නොදියිනුයි.... මොබයිල් ෆෝන් එකත් ගඩොලක් සයිස් ඇති...... දැන් වගේ හදිස්සියට අටවගෙන කැමර ෆෝන් එකක්වත් ඒකාලෙ තිබුන් නෑ..... අනික් කාරනය ඔය මොන ලබ්බ තිබුනත් හොල්මනක් දැක්කහම තියෙන පන බයට ඔය එකක්වත් මතක් වෙන් නෑ:shocked:.... ඒත් සිද්දිය හොඳහැටි මතකයේ තියෙනව.......(දැක්කනේ අද එකෙක් දාල තිබුන කතාව....... ඌ ඕක මෙතන දාපු නිසා කවුරුත් හිනාවෙන් නෑ;).... ඒත් වෙන කාටහරි කිවුවොත් පිස්සුද බං කියල අහයි........ ඌටත් ඉතින් යකත් දැකල කටයි අනික් එකයි වහන් ඉන්නයිවෙන්නෙ....... පෙන්නන්න සාක්ශි නැති නිසා......)

    ඔයාගෙ කියමන හරි ප්‍රසිද්ද කියමනක්..... නමුත් ඒ දේ හරි හෝ වැරදි කියන්න මට බෑ.... නමුත් කටවහරෙන් එනමේව ගොඩක් දුරට සත්‍ය වෙන්න ඉඩකඩ වැඩියි.......


    ඒත් කරුමෙ කියන්නෙ මම රාක්ෂ ගණයේ.:yes:...... ඇත්තටම මට මුලදි මේ හොල්මන් සීන් පෙනුන් නෑ....... මම පොඩිකාලෙ ඉඳන් විවේක වෙලාවට ආරණ්‍ය හාමුදුරුවන්ගෙන් කමටහන් අරන් තදින් භාවනා කලා........ පස්සෙ පස්සෙ
    මේ සීන් ටිකෙන් ටික දැනෙන්න පේන්න ගත්ත...... ඒත් අන්තිමට මම හිතුව මම නොපෙනෙන ලෝක එක්ක ඉඳල ඉල්ලන් කනවට වඩා පෙනෙන ලෝකෙ ජීවත් වෙන එක ඇඟට ගුනයි කියල.:dull:........ මම මේ කියන දේ වැරදියට ගන්න එපා..... භාවනාව නිවැරදිව කලොත් ඕනම කෙනෙකුට ගොඩක් දුර යන්න පුලුවන්:yes:...... ඒත් මට ඒ සඳහා පූර්ණ කාලීනව කැපවෙන්න වෙලා තිබුන් නෑ:(..... මට තේරෙන විදියටනම් ඕනම කෙනෙක්ට හිත දියුනුකිරීමෙන් මේ දේ බලාගත හැකියි.......
    උත්තරය පැහැදිලි යැයි සිතමි......


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Bump.png
     

    btasitha

    Member
    Nov 28, 2010
    13
    1
    0
    Gampaha
    රොබොට් අයියේ වැඩේ නියමයි .

    මම අයි නූල කියවලා
    ඉවර කලේ .

    අපි දිගටම භූත කොටුවත් එක්ක .
     
  • Apr 27, 2012
    195
    21
    18
    දවස්‌ 3ක් එකදිගට කියවලා යන්තම් නූලේ කෙළවරකට ආවා :confused: ...ඇත්තටම රොබොට් අයියේ මේක නිසා මං ගොඩක් දේවල් ඉගෙනගත්තා.මං විතරක් නෙමෙයි මේක කියවපු හැම කෙනෙක්ම මේකෙන් ගොඩක් අලුත් දේවල් දැනගන්න ඇති...තවත් ඉස්සරහට මේක කරගෙන යන්න මං අයියටත් අනික හැමෝටමත් හදවතින්ම සුභ පතනවා..... :yes::yes:
     
    Last edited:

    ravindu999

    Member
    Apr 20, 2012
    5
    0
    0
    හොල්මන් කථාව කෙසේවෙතත් අන්තිම ටික නම් ගොඩක් වටිනව..
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    වැදගත් පොතක් ගැන ත්‍රෙඩ් එකක් දාල තියෙනවා අපේ එළකිරි සහෝදරයෙක්. යක්කු භූතයෝ ගැන උනන්දුවක් දක්වන අය කියවල බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1421965


    නියම පොත ක් ප්‍රසන ගොඩකට මේකේ පිළිතුරු තියනවා . හැමෝම කියවනවානම් වටිනවා . පොතේ අවසානයේ පිටු අඩුයිද?