අයෙ නං එන්ඩ එපා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයෙ නං එන්ඩ එපා

    රෑ තුන්යම කවි දහසක් සිතට එන වෙලේ........
    ගෙන පෑනක් ලියනට මම සොයමි කොපි කොලේ.....
    ලයිට් එකක් දාගන්නට කම්මැලි වේලේ.....
    ෆෝන් එකේ ටෝච් එකෙන් කියනෙමි ආලේ...........

    පාසලේදි හමුවී මුදු සිනහව සැළුව........
    ඉදහිට මට මුනගැහිලා විහිළුද කෙරුව.......
    පාසලේම එළිය වෙලා නිති සැරිසැරුව.....
    මටත් නොවේ යාළුවෙක්ට ඈ ලව් කෙරුව......

    නිදහස මගේ හිරගෙදරක සිර කරලා.......
    අසහනෙ හදේ තව තව ඔප් නංවාලා......
    සැනසුම කොහෙද පෑල දොරින් පිටවීලා.....
    ඔබ නැති ලොවක මොන සැපතද තනිවීලා.....

    ලස්සෙට කොඩිය දාගෙන ඉස්සර උන්නේ......
    ඉස්සරහටත් එහෙමයි ඉන්නට උන්නේ........
    තිස්සෙම ඔයා ගැනමයි සිත යොමු කෙරුවේ.....
    උසස් පෙලත් ඒ හින්දයි කෙල වූවේ...............

    පැනලා යමුකො හදපානේ ඔබ කීවා......
    බොලද වදන් තව තව මොනවද කීවා.......
    හන්දියෙ පාන්දර වරුවක් පිනි බෑවා.....
    එලි ‍වැටුනහම ආපහු ගෙදරම දිව්වා......

    සල්ලි ඉවර වෙනකං ටොපි ගෙනවිල්ලා.....
    කැන්ඩොස් එකත් හැදුවේ මං ණය දීලා......
    ශේප් එකේ ලයින් පාර සෙට් වීලා.......
    බූට් තියා ගියාද මා හැරදාලා..............

    ගන්න පඩිය දැන්නං හොදටෝම ඇත.....
    චොකලට් නිසා දියවැඩියා හැදෙන් නැත.....
    අව්වේ ඉදලා සුදු හම කළු උනේ නැත......
    ඔබ නැති කල දැං මට තනිකමක් නැත.....

    ඕල්ඩ් ඇරැක් එක පොඩ්ඩක් කැරකෙනවා........
    රිට්ස් එකෙං මට නං සොමියක් එන‍වා.........
    වැදුනම ඉබේටම දැං කවි කියවෙනවා......
    බොතලෙ නිසා හැමදා නත්තල් එනවා.........:rolleyes::dull:

    කෙල්ලන් නිසා කොල්ලන් මිය යන්න එපා........
    දත් ගලවලා ඕකුං පැන යන්න එපා.......
    හීනෙං වත් ඇවිත් මට වද දෙන්ඩ එපා.........
    පින් සිදු වෙනවා ඔබ ආයෙත් එන්න එපා.......!!!!!:rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තනිකඩ හිතට එන ඈ සිත අරක් ගෙන
    වැහිකඩ ලෙසින් යයි ආලය ගලා ගෙන
    ඉඳිකඩ වැවෙන වල් පඳුරට ගනන් ගෙන
    ඈ කට පියන් යයි පස්සත් ගසාගෙන
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තනිකඩ හිතට එන ඈ සිත අරක් ගෙන
    වැහිකඩ ලෙසින් යයි ආලය ගලා ගෙන
    ඉඳිකඩ වැවෙන වල් පඳුරට ගනන් ගෙන
    ඈ කට පියන් යයි පස්සත් ගසාගෙන
    :rofl: