භූත සන්නිවේදන ක්‍රම....(18+)

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    භූත සන්නිවේදන ක්‍රම....(18+)

    භූත සන්නිවේදන ක්‍රම....

    ස්වයන් ලේඛන ක්‍රමය....

    පුරාණ චීන වැසියන් මළවුන් සමග අදහස් හුවමාරු කර ගැනීමට ස්වයන්ලේඛන ක්‍රමය (Automatic writing ) යොදාගෙන තිබේ..කඩදාසියක් මත පෑනක් කෙලින් අල්ලා ගෙන කල්පනා වලින් සිත නිදහස් කරගෙන සිටිමෙන් පෑන එහේ මෙහේ ගමන් කිරීම ඇරබේ...මෙය ස්වයන්ක්‍රිය පේෂිමය චලනය නමින් හැදින්වේ...මෙහිදී මළ ගිය කෙනෙකුට ආරාධනා කිරීමෙන්'කුරු‍ටු ගෑවෙන දේ' වලින් අකුරු අදෙන බව නිරීක්ෂණය කළ හැකිය.මෙය ස්වයන් ලේඛනය වේ..
    19 වැනි ශතවර්ෂයේ අග භාගයේදි බටහිර වැසියන් අතර මෙම ක්‍රමය ජනප්‍රිය විය..ප්ලැන්ෂේට්(planchette] නම්වූ මෙම ක්‍රමයට අගල් හයක් පමණ හෘද්‍යාකාර ලෑල්ලකට 'රේසර්' බෝල තුනක් සවි කොට පැන්සලක් ගසා එම ලෑල්ල මත කිහිප දෙනෙකු ඇගිලි වලින් ස්පර්ශ කරමින් සිටින විට මෙම ලැල්ල බෝල මත පහසුවෙන් ගමන් කරන අතර පැන්සලෙන් කඩදාසියක යම් යම් දේ ලියවේ.....

    විලියම් ෆූල්ඩ්(william fuld) නම් ඇමෙරිකානුවා විසින් අකුරු සහ "ඔව්" "නැහැ" සටහන් කල බෝඩ් එකක් යොදාගැනිමෙන් හා පැන්සල ඉවත් කිරීමෙන් හෘදයාකාර ලැල්ලට ඒ ඒ අකුරු වලට යාමට සලස්වා ඉක්මනින් පණිවිඩ ලාබා ගේනීමේ ක්‍රමයකට මේය සන්වර්ධනය කරන ලදී. 'ඔව්' යන්නට ප්‍රන්ශ භාෂාවෙන් සහ ජ්ර්මන් භාෂාවෙන් 'වී'(oui) සහ 'ජා'(ja) යනුවෙන් බැවහැර වේ..මෙම වචන එක්කාසු කොට මෙය වීජා බෝර්ඩ් (ouija-board ) යනුවෙන් අද ප්‍රචලිතයි..


    ප්ලැන්ෂෙට්........

    planchette%20bottom2.jpg


    planchettes.jpg


    side2.JPG


    අගල් 6 ට අඩු ප්‍රමාණයේ දිගකින් හෘදයාකාර හැඩයකට කපා ගත් ලෑල්ලක් මේ සදහා යොදා ගැනේ,සම්ප්‍රදායානුකූලව මෙසේ දැක්වුවාට එය හෘදයාකාර හැඩයක්ම විය යුතු නැත.මෙම ලෑල්ලේහි එක් පැත්තක පාද තුනක් සවි කොට එහි අග 'රේස්ර්' බෝල තුනක් ර්දවා ඇත. පැන්සලක් ස්වි කිරීමට සිදුරක් ඇති අතර මෙය මේසයක් මත තැබීමෙන් ලෙහෙසියෙන් එහෙ මෙහෙ චලනය කළ හැකිවේ.මේසය මත හිස් කඩදාසියක් තැබීමේන් හා පැන්සල නිසි ලෙස සැක්සීමෙන් කඩදාසිය මත ලියෑවීමට පිළියෙල කල හැකිය..
    දැන් රාත්‍රිකාලයේ මෙම පරීක්ෂණය අත් හදා බැලිය හැක.සුදුසු නිශ්ශබ්ද කාමරයක් පිළියෙල කර ගන්නේ නම් වඩා හොදයි.සුලු වෙලාවක් නිශ්ශබ්දතාවයේ ඉන්න,කල්පනා වලින් හා සිතුවිලි වලින් සිත නිදහස් කර ගන්න.භාවනානුයෝගීව සුලු වෙලාවක් සිටිය හැකිනම් වඩාත් යහපත්වේ.
    දැන් මේ ලෑල මත යන්තම් ස්පර්ෂවන සේ ඇගිල්ලක් හෝ දෙකක් තබා මළ ගිය කෙනෙකුට ආරාධනා කරන්න,නම කියා හෙමින් අඩගසන්න,අපට උදව් කරන්න පැමිණෙන්න යැයි කියන්න,සැක කීරීම් හා විශේෂයෙන් හාස්‍ය දේ නොකියන්න,සුලු වෙලාවකින් හෘදයාකාර ලැල්ල චලනය වීමට පටන ගනී,එසේ නිදහසේ චලනය වන්නට ඉඩ හරින්න,අත ඉවත නොගන්න,අතේ ඇගිලි හැරෙන්නට කිසි තැනක් කිසි දෙයක් ස්පර්ශවීමට සැලැස්වීම නොකල යුතුයි.වැලමිට හැකි තරම් තිරස්ව (හරහට) තබා ගෙන ගැනීමෙන් ලෑල්ලේ චලනය ප්‍රමාදව සහ හෙමින් සිදුවේ,කීප දෙනෙක් ඇගිලි තබා ගෙන හිදීමද හොදය,ඉතින් ඔබේ හිතමිත්‍රාදීන්,නෑයින් භූතාත්ම වල නොමැතිනම් නොපැමිණෙනවා ඇත,,දින දෙකතුනක් මේ අත්හදා බැලීම කොට සාර්ථක නූන හොත් ඹ්නෑම භූතාත්මයකට පිවිසෙන්නැයිද,අපහට උදව් කරන්නැයිද,ඉල්ලීම් කරන්න,ලෑල්ල චලනය් නොවන්නේ නම් හෙමින් සීරුවේ කඩදාසියේ හැකිපමණ වෘත්තාකාර ගමන් මගක ලෑල්ලක චලනය කරන්න,යම් යම් අවස්ථාවල ලෑල්ල හෙමින් හෙමින් වෘතයෙන් පිට පැන යන අවස්ථා ඔබට දැනෙනු ඇත,,මෙසේ ටික වේලාවකින් සම්පූර්ණයෙන්ම ඔබේ වෑයමින් ' නිදහස්ව ' ලෑල්ල චලනය වන්නට පටන් ගනී,බිය නොවන්න,පැය භාගයකට වැඩි කාලයක් මේ සදහා ඔබ යොදාගෙන ඇත්නම්, ඊළග දීනයේ මෙය නැවත කරන්න,එවිට පහසුවෙන්ම ලෑල්ල චලනය වෙයි,,
    දැන් වැදගත් ප්‍රශ්න අසන්න,පළමු කොට "ඔබේ නම කුමක්දැයි" කාරුණිකව අසන්න,නම ලියවෙනු ඇත,එය සමහර විට පැහැදිලි නොවන්නට පුලුවන,මෙය ඉවසීමෙන් ක්‍රමක්‍රමයෙන් අභ්‍යාස කළ යුත්තක් බැවින්, තර්ක කරමින් යම් යම් නිගමනයන් කරා එළඹිමට යෑමෙන් වැළකී දිගින් දිගටම අභ්‍යාසයන්හී යෙදෙන්නේ නම් ඔබ වටිනා තොරතුරු සහ අත්දැකීම් ලබා ගැනීමට සමතෙකු වනු ඇත,පර්යේෂණ වනාහි වැරදි වැරදි යන ගමනක් බැවින් සැම අත් දැකීමක්ම සටහන් කර ගැනුමට මතක තබා ගන්න,මෙය පසුව කෙරෙන පර්යේෂණ සදහා ඉතා ප්‍රයෝජනවත්ය,,


    වීජා බෝඩ් (ouija-board )

    154t34p_lkv_l.jpg


    ouija-board-c.jpg


    board.jpg


    සිනිදු විශාල ලෑල්ලක (අඩි 1 * අඩි 11/2) A සිට Z දක්වා අකුරුත් 1 සිට 9 දක්වා ඉලක්කම් ලියා ගැනීමෙන් මේ වීජා බෝඩ් එක පිළියෙල කර ගත හැක,ආරුක්කුවක් හැඩයට පේළි දෙකකින් යුක්ත වන හැටියට අකුරු ලියා ගත හැකිය " Yes " සහ "NO" යනුවෙන් ද එහි ලොකුවට ඇදගන්න,යට සදහන් කළ ප්ලැන්ෂේට් උපකරණයේ පන්සල ඉවත් කර මෙම ලැල්ල මත තබා පළමු පරීක්ෂණය මෙන් භූතාත්මයකට ආරාධනා කරන්න,,,අඩගසන්න නොව ආරාධනා කරන්න,,මෙහිදී ලියවෙනවා වෙනුවට හෘදයාකාර ලෑල්ල අකුරු දෙසට ඇදීයන අයුරු නිරීක්ෂණය කළ හැකිය,,,,

    හෘදයාකාර ලෑල්ල වෙනුවට අගල් දෙකක් පමණ විෂ්කම්භයෙන් යුත් සුමට ප්ලාස්ටික් පියනක්ද ලෑල්ල වෙනුවට සුදු පාට කාඩ්බෝර්ඩ් එකක් (අඩි 1 * අඩි 1)අකුරු ඇද ගැනීමට යොදා ගත හැක..
    දැන් පියන මත ඇගිල්ලක් හෝ දෙක්ක තබා භූතාත්මයකට ආරාධනා කරන්න,කරුණාකර ඔබ පැමිණියා දැයි අසන්න,පියන "Yes " ඇති දෙසට චලනය වන්නේ දැයි බලන්න,පිළිතුර වශයෙන් "ඔව්" හෝ "නැහැ" ලැබෙන පරිදි වැදගත් ප්‍රශ්න යොමු කරන්න,,විහිලුවකට නොගන්න,,ප්‍රශ්න ඇසීමේදි යම්තම් ශබ්ද නැගෙන සේ කීම ප්‍රමාණවත් වේ,පිළිතුරු පියනේ චලනයෙන් ලබ ගන්න,පිළිතුරු සදහා නම්-ගම් ඇතිවිට පියන නමේ හෝ ගමේ අකුරු පිළිවෙලට චලනය වේ,,එකින් එක අකුරු වලට යද්දී තව කෙනෙකු විසින් එය කඩදාසියක සටහන් කිරීම මැනවි..


    සටහන් කිරීමේ පිළිවෙත්....

    01.සෑම පරීක්ෂණයක් සදහාම දිනය යොදන්න,,,,
    02.ආර්ම්භක වෙලාව යොදන්න,,,,,,
    03.අවසන් කළ වෙලාව යොදන්න,,,,,
    04.පරීක්ෂණය සදහා සහභාගී වූවන්ගේ නම් ලියන්න,,,,,

    05.ප්‍රවේහක(mediums )වැනි විශේෂිත පුද්ගලයෙකු පැමිණ සිටියේ නම් ඔහුගේ හෝ ඇයගේ නම
    සටහන් කරන්න,,,,,,
    (ප්‍රවේහක කියන්නේ කෙටියෙන් කිව්වොත් භූතාත්ම සමග පණිවිඩ හුවමරු
    කරන්නන්)

    06.පරීක්ෂණය කළ පිලිවෙල සටහන් කරන්න,,,
    07.ලබ ගත් අත්දැකීම්,නිරීක්ෂණ සටහන් කරගන්න,,,,
    08.දුෂ්කරතා හා බලපොත්තු නැති සිදුවීම් සටහන් කරගන්න,,,,,
    09.සාර්ථක අසාර්ථක සෑම පියවරක්ම සටහන් කර ගන්න,,,,
    10.සෑම වාර්ථාවක්ම සුරක්ෂිත කර ගන්න,,,,,


    නිගමනයන් සදහා සෑහෙන කලක් මෙසේ කල බව අවධාරණයෙන් කිව යුතුය,,,,,,

    (සැලකිය යුතුයි :-සාමාන්‍ය අදුරේ සිට මේ පරීක්ෂණය සිදු කරන විට සමහර විටගැටලු වලටද මුහුණ පාන්නට ඉඩ තිබේ,,,තමා දුෂ්කරතාවයට පත්වීමටත්,බියට පත්වීමටත්,තද බාධා කිරීම් හා "ආවේශවීම්" පුද්ගලයන්ට ඇතිවීමටත් ඉඩ ඇත.එබැවින් මේ සදහා ප්‍රවීණ ප්‍රවේහකයින්(mediums ) මනෝ විද්‍යායින් හෝ අධිමානසික ගවේශකයින්ගේ පාලනය යටතේ හෝ ඉක්මනින් එම උපදෙස් ලබ ගැනීමට හැකි වාතාවරණයක් යටතේ කරන්නේ නම් මැනවි..(.කුඩා ලමුන් අද්හදා නොබලන්න..)(විනෝද උත්සව වැනි අවස්තා වලදී විනෝදාශ්වාදය පතා මෙහි දැක්වෙන අභ්‍යාස නොකිරීමට වගබල ගැනීම ඔබගේ යහපතට හේතු වේ)

    ආරක්ෂිත පියවරවල්.......

    අඩු තරමින් දෙතුන් දෙනකු වත් සහභාගී කර ගන්න,,,ටික කලක් පුහුණු වූ පසු තනියම කළ ද ප්‍රශ්නයක් ඇති නොවේ,,එක් අයෙකුට ආවේශ වීමක් වුවහොත් ඊට බිය නොවී "කරුණාකර එම ආත්මය ඉවත් වන්නැයි"කාරුණිකා ඉල්ලීමක් කරන්න,,,එසේ ඉවත් නොවන්නේ නම් "ඔබට කුමක් අවශය දැයි" අසන්න...ඉ‍ටු කල හැකි දෙයක් නම් ඉ‍ටු කරන්න,,ආවේශය ඉවත් වේ,,බිය කරු දේවල් ඉල්ලයි නම් "කරුණාකර අපිට කරදර නොකර ඉවත් වන්නැයි කියන්න".....අවශ්‍යනම් අපට පින් දිය හැකි බව කියන්න.....ඊට ප්‍රතීචාරය දැක්කුවහොත් සුවපත් වේවායි,සුබ පතන්න,,ආවේශය ඉවත්වේ.....
    විශේෂයි :- සීලාචාර ගති පැවතුම් ඇති අයට කරදර ඇති නොවේ,,,,,,,


    එළිය ඇති තැනක පරීක්ෂණය සිදු කරන්න,,ප්‍රවීණයෙකුගේ උපදෙස් පතන්න,,අපේ අත් දැකීම් අනුව දස දෙනෙකුගෙන් එක් අයෙකුට පමන "ආවේශ වීමේ "ප්‍රවණතාවක් ඇති බැවින් එය අස්වාභාවික තත්වයක් නොවේ,,,මෙම පරීක්ෂණ ස්වභාවයේ එක් නිරීක්ෂිත තත්ත්වයක් සේ සලකා කටයුතු කිරීම මැනවී...සෑම ගෙන් වීමකින් පසුව සුබ පතා අවසන් කරන්න මතක තබා ගන්න,,,,,පරුශ වචන,,,අකාරුණික වචන කියන්න එපා,,,බිය සිතෙනවා නම් අත්හදා නොබලන්න...භූතාත්ම අප අවට් සෑම තැනකම සිටින බව මතක තබා ගන්න,,ඔවුනට අදෘශ්‍යමාන ශරීර ඇති බැවින් අපගේ ප්‍රකෘතී ඇසට නොපෙනේ...එබැවින් ඔවුන් එළවා දැමීමට උත්සහා කිරීම නිශ්ප්‍රයෝජන වැඩකී...

    Ouija-Board-Necklace-500x485.jpg


    පොත පත ඇසුරෙන් උපුටා ගැනුනි,,අනේ යහලුවනේ,,ඔයලගේ අවබෝධය සදහා තමයි මම මේක පණ දාගෙන ලිව්වේ...කවුරුත් මෙක අත්හදා බලන්න යන්න එපා..මොකද මම කැමති නෙහ කවුරුත් අමාරුවෙ වැටෙනවට,,මෙවගේ දේවල් තියෙනවා කියල දැන ගත්තාම හොදටම ඇති..මතකයිනේ හොදට අවබෝධ කර ගන්න,,අනවශ්‍ය විදිහට අත්හදා නොබලන්න...අහිතකර ප්‍රතිඵල අත්විදින්නට සිදුවෙයි,,,මෙය අපිට නොපෙනෙන ලෝකයයි,,,මහන්සි වෙලා ලිවුවේ රේප් rep ටිකකුත් දීලා යන්න,,,
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචං
    යන්න ඕන නම් ලේ වගේ ඒවා ඉල්ලනවාලු නේ සමහර වෙලාවට ඒ වෙලාවට මොකෝ කරන්නේ :shocked::shocked:

    තැන්ක්ස් විස්තර වලට
    මට නම් මේක කරන්න ආසා හිතුනේ නෑ බං.. :(
    මං කළුවරටයි හොල්මං වලටයි බයයි.. :P:P
    :lol::lol::lol: :confused:
     

    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    අපිත් ඕක කලා බන්, හැබැයි මෙලෝ වැඩක් උනේ නැහැ..
    භූතයාට උඹේ රෙද්ද පල්ලෙන් වැක්කෙරුන හුජ්ජ ගඳ දැනෙන්න ඇති බන්! අප්පිරිය හින්දා එන්නෙ නැතුව ඇති:lol:
     

    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    මහන්සි වෙලා ලිවුවේ රේප් rep ටිකකුත් දීලා යන්න,,,
    :lol:

    සිරාද බන් ? හික්ස්.. මම මේ ටික පොතක කියවලා තියෙනවා. උඹ මහන්සිවෙලා ලියනවා කියන එකයි මහන්සිවෙලා ටයිප් කරනවා කියන එකෙයි වෙනස දන්නැද්ද ?