මේ තියෙන්නෙ ලෝකයේ කෙනෙකුට ඉතාමත්ම කලාතුරකින් වැලදෙන්න පුලුවන් අමුතුම ආකාරයේ ආබාධ කීපයක්...
Mysterious case of Natalie Adler
Natalie Adler ඕස්ට්‍රේලියාණු ජාතික තරුණියක්...ඇයට වැලදී තියෙන්නෙ ලෝකයේ ඉතාමත්ම කලාතුරකින් කෙනෙකුට වැලදෙන්න පුලුවන් ආබාධයක්..එනම් ඇය අර්ධ වශයෙන් අන්ධ භාවයට පත්වීම..හරියටම කියනවනම් දවස් හයකින් දවස තුනක් ඇයගේ ඇස් නොපෙනී යනවා...මෙහිදී ඇයගේ ඇස් එක්වරම වැසී යනවා ඉන්පසු ඇයට දින තුනක් යනතුරු ඇස් අරින්නට නොහැකි වෙනවා....ඇයට මෙය මුලින්ම ඇතිවී තිබෙන්නේ වයස 11 දී පමණ..සිය ගනන් වෛද්‍යවරුන් ඇය පරීක්ෂා කලත් තවමත් ඔවුන්ට මේ සදහා නිවැරදි ප්‍රතිකාරයක් සොයාගැනීමට ලැබී නෑ....
Man with Vulcan blood
2005 වසරේ St Paul’s රෝහලට පාදයක ඇතිවූතුවාලයක් සදහා ප්‍රතිකාර කිරීමට ඇතුළු වූ අවුරුදු 42 පුද්ගලයෙකුගේ පාදයෙන් රතු පැහැති රුධිරය වෙනුවට කොල පැහැති රුධිරය වහනය වී තිබෙනවා...පසුව සොයාගත් අන්දමට මෙය sulfhemoglobinemia නම් ඉතාමත්ම දුර්ලභ තත්වය ලෙස හදුන්වන්වා....
Girl who laughed nonstop
Xu Pinghuiචීනයේ ජීවත්වන අවුරුදු 12 ක ගැහැනු ලමයෙක්...ඇයට ඇති ආබාධය නම් වයස මාස අටේ සිටම නොනවත්වා සිනාසීමට පටන් ගැනීම...ඇයට කතා කිරීමේ හැකියාව නැති අතර..කල හැකි එකම දේ සිනාසීම පමණයි....වෛද්‍යවරුන්හට තවමත් මෙයට නිවැරදි හේතුවක් සොය ගැනීමට නොහැකි වී ඇති අතර තවමත් පරීක්ෂණ පවත්වනවා....
The girl who doesn’t age
ඉහත රූපයේ සිටින ළමයා අභිරහස් රෝගී තත්වයකින් පීඩා විදිනවා...රෝගී තත්වය තමයි ඇයගේ වයසට ගැලපෙන ආඅකාරයට වර්ධනයක් සිදු නොවීම...ඇය පසුගිය ජනවාරි මාසයේ දී 17 වැනි වියට පා තැබුවා....ඇයගේ උස අගල් 30 ක් වන අතර බර කිලෝ ග්‍රෑම් 7.3.....ඇය තවමත් මාස 9-12 ක ලමයෙකුට සමාන බව පැවසෙනවා...

Last edited:



