මුලින්ම දැනෙන්නේ දැඩි දුකක්...
හේතුව දෙවැනි නූල පටන් අරගෙනත් පිටු 6k, ගියාට පස්සේ තමයි මම දැක්කේ.
එත් එකට හේතුව මගේම වැරැද්ද කියල මම දන්නවා...
කොහොම වුනත් දැකපු ගමන්ම තියෙන ගීතය නම් දත් කිඹුලා සහෝදරයා, අවන්කවම කියනවා නම් මම ඇහුවෙත් අදමයි...
මම සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීත ගොඩක් අහල තියෙනවා.. නමුත් මේක නම් අහල තිබුනේ නැත.
හැබැයි අහපු ගමන් හිත යන අර්ථවත් ගීතයක්..
ඊළඟට සාස්ලිට් සහෝදරයාගේ ගීතය....
මේක නම් පුදුම ගීතයක්....
මේක කොච්චර මගේ ජීවිතේට සම්බන්දද කියනවා නම්, ඔබ දාල තිබුන visual එක දිහා පොඩ්ඩක්වත් බලන්නේ නැතුව මම ගීතය විතරක් ආයෙත් ඇහුව....
මොකද මගේ කතාව මට ඇති නිසා....
අමුතුවෙන් එයට රූප රචනා අවශ්‍ය නැත.
කෙටියෙන් කියනවානම් මට හිතෙන්නේ බොහොම සරල කෙල්ලෙක් සහ කොල්ලෙක් අතර ඇති වුන ආදරය අන්දරයක් මින් කියවෙන බවයි. එකම දෝෂය නම් කොල්ලා සල්ලි තියෙන තැනක සහ බොහොම හික්මුන කමක් තියෙන කෙනෙකු වීම විය හැක. කෙල්ලගේ සිතේ තිබුන ආදරේ පොඩ්ඩක්වත් තේරුම් නොගත්ත කෙනෙක්ද විය හැක.. නැතහොත් කොල්ලා අමුතු ගති තියෙන කෙනෙක්විය හැක...
මට 100% විශ්වාසයි මේ සින්දුව විතරක් කැසට් පටියක ගහල 2002 මට දීපු ............. වුනත් හිතන්න ඇත්තේ එහෙමයි....
එත් ඉතින් ඔබ කියනා පරිදි මේ පද වල ඇතුලට ගියොත් වෙනස් අරුතක් තියෙනවා කියල මේ වෙනකොට මටත් තේරිලා තිබුනා...
හැබැයි මට නම් සහෝදරයා ඔබ කියනා පරිදිම ලොකු වෙනසක් අර පද පේලි දෙක අතර නොපෙනෙයි.
එකට හේතුව දැන් මම මෙම ගීතය දකින්නේ
පද රචකයා හීනෙන් වත් හිතපු අදහසකින් නොවෙන නිසා..
මට දැන් දැන් මේ ගීතය ඇහෙන කොට මතක් වෙන්නෙම ජයසේන ජයකොඩි ගේ අරලියමල් ආරාමය පොත් සෙට් එකේ රාහුල හමුධුරුවන්ගේ චරිතය වීමයි..
එතකොට ඔය කියන පද පේලි දෙකේ අරුතය මෙහෙම ගන්න පුලුවන්ද මන්ද..
මගෙන් මිදුන ලොව ඔබට මිහිරි නම් එය සැපකි... මෙය ලෝකෝත්තර සැපය විය නොහැකිද...???
ඔබට ලංව දුක බෙදා ගන්න බැරි කම දුකකි.... මෙම පෘතග්ජන කෙල්ල කොහොම නම් ඒ සැපයට ලං වෙන්නද......?
මෙවැනි බැඳුම් දහනු බැරි ලෝකය සිර ගෙයකි.... කිදීම දිනක අපේ ඉතිහාසයේ මෙවැනි බැඳුම් පිළිගෙන නොමැත. නමුත් අනන්තවත් සිදුවී ඇත....
එවන් ලොවක මෙම හමුවීම වාවන්න අමාරු වීම අරුමයක් නොවේ....
එම අරුතෙන්ම ගන්නවා නම් පළමු පද පේලි ටිකටද අර්ථය දේවිය හැකියයි සිතේ...
නමුත් ඔබ පවන පරිදි මෙය නම් පති ගොඩකට සිත යොමු වෙන නමුත් නියමාකාර තේරුමක් ගත නොහැකි පටලවිල්ලක්මය..
මෙම ගීතය මෙතනට යෙදුවුවාට ගොඩක් ස්තුත්යි..!!!