ගුඩ් මොර්නින්ග් කස්ටියටම.....ඔන්න කීව වගේම හරියට 4 වෙද්දී අපි ආව, කෝ ඔයාල ලෑස්තිද?
ආ...එන්න සමීරපුත ඇතුලට, අපිත් මේ ඔක්කොම ලෑස්ති කරන බලන් හිටියේ ඔයාල එනකන්, එහෙමනම් ආයේ තවත් පරක්කුවෙන්න ඕනේ නැනේ මෙහ්න්මම බදු ටික දාගෙන යමු නේද?
ඔව් අන්කල් එහෙම හොඳයි නේද? ස්කුල් ටයිම් එකට කලින් කෑගල්ලයි අවිස්සාවේල්ලයි පහු කරගත්තේ නැත්නම් හම්බ වහක් වෙන්නේ, දන්නවනේ ඉතින් trafic එක?
අපෝ ඔව් පුතා එකනම් ඇත්ත තමයි, මාත් ඉස්සර ඔෆිස් යද්දී කෑගල්ල පහු කරගන්න තමයි උදේම යන්නේ, ඔය ටවුමේ ට්‍රැෆික් එකක් නැති වෙලාවක් නැනේ,
එකනම් ඇත්ත අන්කල්, කාගේද අන්කල් මේ බැග් දෙක පුදුම බරක්නේ තියෙන්නේ, ගල් පටෝලද මන්ද?
ආ...ඔය පුතා මේ අපේ දුවගේ බැගස්නේ, දන්නේ නැත්ද ඉතින් ඕවගේ නැති දෙයක් නැතුව ඇති, අපිට වගේ නෙවේනේ බවලත් උදවියට ගමනක් යද්දී අල්මාරියෙන් බගයකුයි කුස්සියෙන් බගයකුයි අනිවාර්යෙන්ම ඕනනේ, ඕක හොඳයි තව, ඇන්ටිගේ බැග්ස් දෙක ඉස්සුවනම් ඔයා වාහනීට දාගන්නත් බෑ කියනවා, ඒ තරමට බර,
එක තමයි අන්කල් හරියට නිකන් මාස ගානක් නවතින්න යනවා වගේ,
එහෙනම් හරි නේද අන්කල් සේරම බැගේජස් ටික දාගත්ත නේද? අපි යමු නේද?
එහෙනම් යන නේද ඇන්ටි බැග්ස් ටික දාල ඉවරයි.
ආ...හරි පුතා මම පොඩ්ඩක් දොරවල් ජනෙල් ටික ආයේ සැරයක් බලල එන්නම්, එතකන් ඔයා වාහනේ හරවාගෙන එහෙම තියාගන්නකෝ...
හරි එළකිරිස් ඇන්ටි, මේ දිලිනියෝ නගිනවද දැන්වත් ඇවිල්ල තවත් හැරි හැරී ඉන්නේ නැතුව පරක්කු උනා, කොන්දත් රිදෙනවා මගේ මෙයාගේ බඩු පටවල,
ආ...හා...මල්ලි තමුසේ තවම හරියට කරගැහුවේ නෑ මෙයාගේ බරට,
අපෝ මේ වගේ එකකටනම් රටම ලියල දෙනවා කීවත් කරගහන්නේ නෑ මමනම්,
අනේ වදෙමයි ලෝකේ ඉන්න අන්තිම කොල්ල උනත් මටත් එපා,
ඔන්න ඉතින් පටන් ගත්ත තුන් දෙනා, අනේ මන්ද මේ ලමයිනම් කවද වගකීමකින් වැඩ කරයිද කියල,
තරහ ගන්න එපා සුරම්‍ය, ට්‍රිප් එකක් යද්දී විනෝදෙන් යන්න එපයි,
අනේ මන්ද අනෝමා විනෝදෙ තමයි, මේ තුන් දෙනා එකට හිටියොත් එතන රණ්ඩුවක්, හරියට පොඩි ළමයි වගේ,