හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    නිසසල හදවත සසලව කලැබේ ගත සිත අවිවේකයි
    රසිකාමිනියේ මටම නොතරෙන එකම රහස මේකයි
    එකම රහස මේකයි ............
    දහසක් දෙන මැද රස තැන් මුසු උන ගී තනු ලිය වෙනවා
    මියුලස් පරදන ඔබේ ඇස් අබියස මගේ දිව ගොත වෙනවා
    තෙරපෙන සිතුවිලි පටලැවී පිබි පිබි මුවගින් ගිලිහෙන්නේ
    එහි නැති අරුතක් වදන් වැලක් මිස ඇයි මා ගොළු වන්නේ
    ඇයි මා ගොළු වන්නේ ...........
    නිසසල හදවත සසලව කලැබේ ගත සිත අවිවේකයි
    රසිකාමිනියේ මටම නොතරෙන එකම රහස මේකයි
    එකම රහස මේකයි ............
    එකම රහස මේකයි ............
    සැතපෙන යාමේදී යටි සිත අවදිව ඔබ සිහි ගන්නනවා
    කුටියෙහි රස රැස රුව දිව මන් ලෙස හසරැල් නංවනවා
    දෙසවන් සනහන ඒ ලෙන්ගතු හඩ දෙසවන වෙත එද්දෙන්
    දෙනයන කල පින් දෙනයන පියවන ඔවු මට පල දෙද්දෙන්
    නිසසල හදවත සසලව කලැබේ ගත සිත අවිවේකයි
    රසිකාමිනියේ මටම නොතරෙන එකම රහස මේකයි

    එකම රහස මේකයි ............

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    සිත පාරනවදෝ ආශාවන් ඔබ මනසින් වෙන්වී මා දවමින්
    සිත පාරනවදෝ .........ආශාවන් ඔබ මනසින් වෙන්වී මා දවමින් .......
    මන මන්දිර දෙදරා ඇද හැලුනා අයි මදුවියේ ගොළු වී අද මුවගින්
    සිත පාරනවදෝ ආශාවන් ඔබ මනසින් වෙන්වී මා දවමින් ..........

    සද ඉහිරුණු පිනිමල් උයන අරා දුර ඇතට ඇසුනා කදුළු අරා
    ඔබ කාටද කොදුරා හිතට හොරා මේ දෑතින් මිදුනා සසර පුරා
    සංවේගය ඉවසා ඉම්ද කෙසේ
    ගිම්හානය නැවතී මා හද පෙලා
    සිත පාරනවදෝ ආශාවන් ඔබ මනසින් වෙන්වී මා දවමින්

    කදු බැවුම අන්ද්දර පුංචි පැලේ ඔබ කාටද පිපුනේ කුමුදු මලේ
    මම දොතම දිගු කර නෙළුව මලේ පෙති ගිලිහි සුළගට විසිර ගියේ
    අපි එක තැන වලලෙමු පිය ලදුනේ අවසානය දක්වා මා එනවා
    සිත පාරනවදෝ ආශාවන් ඔබ මනසින් වෙන්වී මා දවමින්

    සද ඉහිරුණු පිනි මල් උයන අරා දුර ඇතට ඇසුනා කදුළු කතා
    ඔබ කාටද කොදුරා හිතට හොරා මේ දෑතින් මිදුනා සසර පුරා
    සංවේගය ඉවසා ඉම්ද කෙසේ ගිම්හානය නැවතී මා හද පෙලා
    සිත පාරනවදෝ ආශාවන් ඔබ මනසින් වෙන්වී මා දවමින්
    මන මන්දිර දෙදරා ඇද හැලුනා අයි මදුවියේ ගොළු වී අද මුවගින්

    onna kibulo mama asama ekak meka vicharaya karapan ubala dennagen ekek (hamnathota anathaya unath kamak naha):rofl::lol::lol:

    :eek::eek: otuwata makkai une mei ? :sorry::sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න මේ ගීතය, මාගේ හදවත ඉතා ම දැඩි ලෙස ප්‍රලය කළ ගීතයක්..............



    පිටස්තරයා............

    කසුන් කල්හාර තනුව නිර්මාණය කරමින් ගයන, උපුල් ශාන්ත සන්නස්ගල ගේය පද රචනා කල මේ ගීතයේ මා ප්‍රලය කරන අනිත් කරුනු වන්නේ රොක් ශ්‍රව්‍යචාරයකට දැඩි ලෙස බැදුනු එහි සංගීතයයි.එසේ ම කසුන් එය ගයන මනහර වූ, මනෝරම්‍ය වූ ගායන විලාශයයි.
    ආදරයේ ඇති දෙබිඩි බව මනහර ලෙස දක්වන මේ ගීය, සකියනි, ඉඩ ලැබුණු වහාම විචාරයකින් එකලු කොට ඔබ හමුවට ගෙන එමි.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මුලින්ම එලකිරිය තුලට මෙවන් අදහසක් කාවෑද්දවූ දනුශ්ක සොයුරාටද එය ජීවත් කරවූ අපේ දත්කිබුලා සහෝදරයාටද සසිලිට් සහෝ දරයාට පින්ක්පෙන්තර්, යූසර් 52 තෝමියන් ගෝරා වෑන්නන්ටද හිස නමා ආචාර කරසිටිනව..

    ඒවාගේම මේ නූල පටන් ගෑනිම පිලිබදව අපේ දොස්තර මහත්තයට සිතූතිවන්තවෙනව වගේම සුබ පෑතුම් එක් කරනව..

    ඒවගේම මා හිතවත් සසිලිට් සහෝදරයාට මේනූල හාද එක්වී ඔබගේ දෑනුම බෙදාදීම පිලිබදව ස්තූතීවනතවෙනව..
    ජය ශ්‍රී

     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    පිස්සු පුසා;12780625 said:
    අනේ කොහොන් හරි සුනිල් සර්ගේ මගේ සිහිනය මට දකින්න කියන සින්දුවේ තේරුම හොයල දෙනවද

    ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
    සුරත් සහන එලි දැල්වෙයි දෙනුවන් මිනි පානේ
    ලඹ දුනු සපු දුනුකේ මැද පිපුන එකමයායේ
    ඇවිදිමු පිනි පබළු වැටෙන සිහිලැල් සඳ පානේ
    :nerd::nerd:


    අනේ මචන් ඉක්මනට දාපල්ලා..පිස්සු පුසගේ මෝල කුලප්පු වෙලා වගේ..:lol::lol::lol:


    ඒ කොහොම වෙතත්, මේ උත්සාහය මම සෑහෙන්න අගය කරනවා..මේ වගේ නුල් "ස්ටිකි" වෙන්න තරම් වටිනවා ...
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    මුලින්ම දැනෙන්නේ දැඩි දුකක්...
    හේතුව දෙවැනි නූල පටන් අරගෙනත් පිටු 6k, ගියාට පස්සේ තමයි මම දැක්කේ.
    එත් එකට හේතුව මගේම වැරැද්ද කියල මම දන්නවා...
    කොහොම වුනත් දැකපු ගමන්ම තියෙන ගීතය නම් දත් කිඹුලා සහෝදරයා, අවන්කවම කියනවා නම් මම ඇහුවෙත් අදමයි...
    මම සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීත ගොඩක් අහල තියෙනවා.. නමුත් මේක නම් අහල තිබුනේ නැත.
    හැබැයි අහපු ගමන් හිත යන අර්ථවත් ගීතයක්..

    ඊළඟට සාස්ලිට් සහෝදරයාගේ ගීතය....
    මේක නම් පුදුම ගීතයක්....

    මේක කොච්චර මගේ ජීවිතේට සම්බන්දද කියනවා නම්, ඔබ දාල තිබුන visual එක දිහා පොඩ්ඩක්වත් බලන්නේ නැතුව මම ගීතය විතරක් ආයෙත් ඇහුව....
    මොකද මගේ කතාව මට ඇති නිසා....
    අමුතුවෙන් එයට රූප රචනා අවශ්‍ය නැත.

    කෙටියෙන් කියනවානම් මට හිතෙන්නේ බොහොම සරල කෙල්ලෙක් සහ කොල්ලෙක් අතර ඇති වුන ආදරය අන්දරයක් මින් කියවෙන බවයි. එකම දෝෂය නම් කොල්ලා සල්ලි තියෙන තැනක සහ බොහොම හික්මුන කමක් තියෙන කෙනෙකු වීම විය හැක. කෙල්ලගේ සිතේ තිබුන ආදරේ පොඩ්ඩක්වත් තේරුම් නොගත්ත කෙනෙක්ද විය හැක.. නැතහොත් කොල්ලා අමුතු ගති තියෙන කෙනෙක්විය හැක...
    මට 100% විශ්වාසයි මේ සින්දුව විතරක් කැසට් පටියක ගහල 2002 මට දීපු ............. වුනත් හිතන්න ඇත්තේ එහෙමයි....
    එත් ඉතින් ඔබ කියනා පරිදි මේ පද වල ඇතුලට ගියොත් වෙනස් අරුතක් තියෙනවා කියල මේ වෙනකොට මටත් තේරිලා තිබුනා...
    හැබැයි මට නම් සහෝදරයා ඔබ කියනා පරිදිම ලොකු වෙනසක් අර පද පේලි දෙක අතර නොපෙනෙයි.
    එකට හේතුව දැන් මම මෙම ගීතය දකින්නේ
    පද රචකයා හීනෙන් වත් හිතපු අදහසකින් නොවෙන නිසා..
    මට දැන් දැන් මේ ගීතය ඇහෙන කොට මතක් වෙන්නෙම ජයසේන ජයකොඩි ගේ අරලියමල් ආරාමය පොත් සෙට් එකේ රාහුල හමුධුරුවන්ගේ චරිතය වීමයි..
    එතකොට ඔය කියන පද පේලි දෙකේ අරුතය මෙහෙම ගන්න පුලුවන්ද මන්ද..
    මගෙන් මිදුන ලොව ඔබට මිහිරි නම් එය සැපකි... මෙය ලෝකෝත්තර සැපය විය නොහැකිද...???
    ඔබට ලංව දුක බෙදා ගන්න බැරි කම දුකකි.... මෙම පෘතග්ජන කෙල්ල කොහොම නම් ඒ සැපයට ලං වෙන්නද......?
    මෙවැනි බැඳුම් දහනු බැරි ලෝකය සිර ගෙයකි.... කිදීම දිනක අපේ ඉතිහාසයේ මෙවැනි බැඳුම් පිළිගෙන නොමැත. නමුත් අනන්තවත් සිදුවී ඇත....
    එවන් ලොවක මෙම හමුවීම වාවන්න අමාරු වීම අරුමයක් නොවේ....

    එම අරුතෙන්ම ගන්නවා නම් පළමු පද පේලි ටිකටද අර්ථය දේවිය හැකියයි සිතේ...
    නමුත් ඔබ පවන පරිදි මෙය නම් පති ගොඩකට සිත යොමු වෙන නමුත් නියමාකාර තේරුමක් ගත නොහැකි පටලවිල්ලක්මය..
    මෙම ගීතය මෙතනට යෙදුවුවාට ගොඩක් ස්තුත්යි..!!!
     

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    මාගේ අදහස් ද මේ හුයට එක් කිරීමට සියලු දෙනාගෙන්ම අවසර පතමි....
     
    • Like
    Reactions: urajdrlk